මගේ බ්ලොග් අඩවියේ තේමා පාඨය විදියට "රාජකාරි ගවේෂකයාගේ මතකසටහන් ......" කියලා දා ගත්තට, ඒ හැටියට රාජකාරී ගමන් වලදී මුහුණ දීපු අත්දැකීම් බෙදාගන්න බැරි වුණා. එක අතකට එක දිගටම එහෙම රාජකාරිය පිලිබඳ දේ ලියන්න ගියානම්, කියවන ඔබට එය නීරස වෙන්නත් තිබුණා. මොනවා වුනත් හිතපු තරමටම ලියාගන්න බැරි වුණා. මට වෙලාවකට හිතෙනවා බ්ලොග් එක ආරම්භ කරපු අරමුණු වලින් මම පිට ගියාදෝ කියලා. ඒ වුණත් ලැබෙන ප්‍රතිචාර අනුව, ලියන දේ ඔබ කැමැත්තෙන් කියවනවා කියා හිතෙනවා. මොනවා වුණත් අද ලියන්න යන්නේ රාජකාරි අත්දැකීමක්.
බ්ලොග් එක පටන් ගත්තට පස්සේ කිහිප වතාවක් අදාළ කතානායකයන්ගේ නම්, ගම සඳහන් වීම නිසා පොඩි-පොඩි නොහොඳ නෝක්කාඩු ඇති වූ අවස්ථා නැත්තේ නෑ. නමුත් මගේ අත්දැකීම් මට ඕන විදියට ලියන්න බැරිද ? කියලා මට වෙලාවකට හිතෙනවා. කෙසේ නමුත්, අපිට මේවා රසයක් ගෙන දුන්නත් සමහරු තමන් කරදරයක වැටුන දේ ප්‍රසිද්ධ වෙනවට කැමති නෑ. මේ කාරණය නිසා මම එක පොස්ට් එකක් අන්පබ්ලිෂ් කරලා දැම්මා. ඒ නිසාම අපි කතානායකයාගේ නම්ගම් පොඩ්ඩක් වෙනස් කරමු. එතකොට ඒ කෙනාට කෙලින්ම ඇඟිල්ල දික් කරන්න බෑ. නමුත් විස්තර වෙන සිද්ධිය අනුව නම් මේ කවුද කියන්න අපේ ඔෆිස් එකේ අයට ටොයිස් වැඩක්.
හොඳයි අපි ඔහුට ජයසිංහ යයි කියමු. ජයසිංහ කියන්නේ මා සමග එකම දෙපාර්තමේන්තුවේ වැඩ කරන ඉතාමත් ජේෂ්ඨ සේවකයෙක්. නමුත් කිසිම දිනක ඔහු කිසිවෙකුට මේ ජේෂ්ඨ කම් පෙන්වන්න ආවේ නෑ. මේකට හේතුව විදියට බොහෝ දෙනෙක් කිව්වේ ඔහු වැඩට ඒ තරම් දක්ෂ කෙනෙකු නොවුන බවයි. නමුත් ඔහුට පවරන වැඩේ කෙසේ හෝ කරගන්නට වග බලා ගන්නවා.
මේ කියන කාලේ බැංකුවේ මගේ අත්දැකීම අවුරුදු තුනක් විතර ඇති. ඒ කාලේ මම ශාඛා පරිගණකගත කරන කණ්ඩායම් වලට එක් වීමට කෙතරම් කැමැත්තෙන් සිටියත්, එවකට අපේ අංශ ප්‍රධානියා වෙච්ච ගුණසේකර උන්නැහේ මා එක්ක තිබුණු පුද්ගලික කෝන්තර නිසා ඒ සඳහා මාව නොයොදන්න වග බලා ගත්තා. එහෙම ගමනක් ගියාම ලැබෙන ගමන් වියදම් වලින් භාගයක් විතර තමයි වියදම් වෙන්නේ. ඉතිං පඩියයි අතිකාල දීමානවයි ඉතුරුයි. සමහරු මේවා එකතු කරලා වාහන පවා ගත්තා. ඒ කාරණය නිසාම ගුණසේකර උන්නැහේට විවිධ පඬුරු පාක්කුඩම් දෙන්නත් මේ වැඩේටම සෙට් වෙලා හිටිය සමහරු වග බලා ගත්තා. සමහර කාන්තා පාර්ශවයේ අය මානසික අල්ලස් දෙන්න පටන් ගත්තා. ඉතිං වැඩිකාලයක් ඉන්න පුළුවන් තැන වලට මාව නොයවන්න ගුණසේකර උන්නැහේ වග බලා ගත්තා. මගේ හිතමිතුරන් මා ඉල්ලා සිටියත් මා යැව්වේ නෑ. බොහෝ විට මෙවැනි ගමනක් බැංකුවේ වාහනයකින් ගමන් ගත්තත්, එවැනි කණ්ඩායමක් ගිය පසු දෙවැනි හෝ තුන්වැනි සතියේ මැද දිනක මා යවන්නට ඔහු පෙළඹුණා. රටවටා ඇවිදින්න තිබූ කැමැත්තත්, මගේ පියා විසින් ඒ පිලිබඳ මට ලබා දුන් උනන්දුවත් බසයේ හෝ එවැනි තැනකට යන්නට මා පෙළඹුවා.
තවත් එවැනි දවසක සෙංකඩගල ශාඛාවට යා හැකිදැයි මගෙන් විමසා සිටි මොහොතේ, දෙවරක් නොසිතා මා කැමැත්ත පල කළා. ඒ වනවිටත් බස් එකේ ගමන මට යම් ආශ්වාදයක් ලබා දුන්නා. සුපුරුදු පරිදි පසුදා උදෑසන මා නුවර බලා පිටත් වුණා. එය සාමාන්‍ය ගමනක්. සටහන් කලයුතු කිසිවක් සිදු වුවේ නෑ. නුවරට මා ලඟා වනවිටත් නගරය කාර්යබහුල වී තිබුණා. චීන අවන්හලක් වැනි තැනකින් නිවාඩු පාඩුවේ උදෑසන අහාරය ගත් මා, මගේ ඊළඟ ඉලක්කය වූ සෙංකඩගල සොයා යා යුතුව තිබුණා. මේ වනවිටත් උදෑසන නවයයි තිහ පසු වී තිබූ නිසා, ත්‍රී රෝද රථයකට ගොඩ වී, මා සෙංකඩගලට ගෙන යන ලෙස ඉල්ලා සිටියා. මිනිත්තු දහයක- පහළොවක ඇවෑමෙන්, වියලි-නැගගෙන යන කන්දක ත්‍රීරෝද රිය නතර කල රියදුරු, මේ සෙංකඩගල ප්‍රදේශය යයි පැවසුවා. මා එලියට බැස හාත්පස බැලුවත්, කිසිදු ආයතනයකට අයත් ගොඩනැගිල්ලක් දකින්න ලැබුණේ නෑ. කළහැකි කිසිවක් නොමැති වූ විට, ඉතාමත් කලාතුරකින් භාවිතා කරන මගේ ජංගම දුරකථනය ගෙන මේ වනවිටත් සෙංකඩගල ශාඛාවේ සිටින උපුල් වෙත දුරකථන ඇමතුමක් ඇල්බා ගත්තා.
නුවර නගරය කිසිදු කම්මැලි කමකින් තොරව කාලයක් ගත කිරීමට ඉතා වැදගත් ප්‍රදේශයකි. වසරේ සෑම කාලයකම විදේශිකයන් ගැවසෙන, නිතර ජනතාව එහා මෙහා යන, කාර්‍යබහුල නගරයක් වන නිසාම එහි පවතින විවිධත්වය, කොළඹට සාපේක්ෂව ඇති පිරිසිදුකම සහ එදා පටන්ම පැවතී ශාන්ත සිසිල් පරිසරය කෙනෙකු තුල ඇති කරන්නේ ප්‍රසාදයකි. අහර ගැනීමට නුවර නගරයේ තරම් ළඟ-ළඟ විවිධ මට්ටම් වල හෝටල් සහ ආපන ශාලා ඇති ස්ථානයක් සිතා ගත නොහැක. අප මෙහි සිටි සති දෙකක කාලය තුල එකම ස්ථානයකින් දෙවරක් ආහාර ගත්තා මතක නැත. විවිධ ස්ථාන තෝරා ගනිමින් අපි ඉතා රසවත් සහ පිරිසිදු ආහාර නුවරදී රස වින්දෙමු. මුදල් පිලිබඳ ප්‍රශ්නයක් හෝ ඉතිරි කිරීම පිලිබඳ උවමනාවක් අප තිදෙනා තුලම නොවීම සතුටට කරුණකි. මෙවැනි ගමනකදී එක් අයෙක් හෝ හෝ මසුරු ලක්ෂණ පෙන්වූවා නම් මේ සතුට වියැකී යනු ඇත.
සෙංකඩගල ශාඛාව ගැනද යමක් සඳහන් කල යුතුය. මගේ වෘත්තීය දිවියේදී දුටු හොඳම ශාඛා කළමනාකරු යයි කිවහැකි නවරත්න මහතා එය ඉතා මැනවින් පවත්වාගෙන ගියේය. සියලුම දෙනා ඉතා සමගියෙන් එකම පවුලේ අය මෙන් සේවයේ නියුතු විය. ඔවුන් සතියකට අතිකාල කලේ දින දෙකකි. එහි දෙවැනි නිලධාරියා ලෙස එවකට උන් බොනිපස් පෙරේරා මහතා අද මහජන බැංකුවේ නියෝජ්‍ය වරයෙකි. සියළුම සේවක මහතුන්ගේ මේසය අසල ඔවුන්ට අවශ්‍ය වන ලිපිද්‍රව්‍ය මනාව සකසා තිබුණි. කිසිවකුට තම මේසයෙන් ඉවත් වී වෙනත් තැනකට ගමන් කිරීමේ අවශ්‍යතාවක් නොවිණි. නිතරම් "අක්කා / අයියා" යන ලෙන්ගතු ආමන්ත්‍රණ වලින් එකිනෙකා අමතන මේ සේවක පිරිස නම් කිසිදින අමතක කල නොහැක. මෙම ස්ථානයේ පිරිසිදු කම මෙන්ම ක්‍රමවත් බව පවත්වා ගැනීමේ ගෞරවයෙන් වැඩි කොටස සුනිල් නමැති හත්වැනි ශ්‍රේණියේ සේවකයාට හිමි විය යුතුය.
ජයසිංහ අප දෙපාර්තමේන්තුවේ කාගේත් වාගේ බයිට් එකකි. නමුත් කිසිදින කෝප නොගන්නා චරිතයක් වීය. එහෙත් ඔහු මට එක් දිනක් කෝපයෙන් අමතා ඇත. නමුත් ඔහු හොඳ මිතුරෙකි. ඔහුගේ කථා ශෛලිය ඉතාමත් වෙනස්ය. ඔහු කථා කරන්නේ ඉතා වේගයෙන් මුත් රහසින් අමතන අයුරකිනි. එවකට අප දෙපාර්තමේන්තු ප්‍රධානියා වූ කුමාරපතිරණ මහතා ඔහුට විහිලුවට
අප නුවර ගතකල එක් දිනක සවස තේ පානය සඳහා යාමට තැනක් විමසන විට
පසුව අප මෙය අපේ කාර්යාලීය මිතුරන් සමග පැවසු පසු ජයසිංහට කවුරුත් එස්.පී.ඒ.ජී. හෙට්ටි යනුවෙන් අමතනු ලැබීය.

"උඹට පිස්සුද බං. ටවුමේ ඉඳලා පයින් යන දුර. ටවුමට ඇවිත් කෝල් කලානම් ඉවරනේ"යනුවෙන් පවසා සිටියා. මා නැවතත් නගරයට පැමිණ, ඔහුගේ ගාස්තුව වූ රුපියල් එකසිය පනහා ගෙවා දැම්මා. ඉන්පසු උපුල් ලබාදුන් උපදෙස් අනුව, පයින්ම ශාඛාවට ලඟා වුවා. මහජන බැංකුවේ අපිට මේ වගේ වරදින ස්ථාන කිහිපයක්ම තිබෙනවා. කන්කසන්තුරේ ශාඛාව පිහිටුවා තිබෙන්නේ යාපනය නගරයේ, රැජින වීදිය ශාඛාව, මහ බැංකු බෝම්බ පිපිරීමෙන් පසු ඩී.ආර්. විජේවර්ධන මාවතට ගෙන ආවේ රැජින ශාඛාව ලෙස නම් කරමින්. නුවරවැව ශාඛාව තිබෙන්නේ අනුරාධපුරයේ. කෙසේ නමුත් කෙනෙකුට දෙයක් පිලිබඳ නිසි අධ්‍යයනය ලැබෙන්නේ වැරදීම් තුලින් යන්න මා ඉතා ඉහළින් අදහන ධර්මයක්. එසේ මා වැරදීම් තුලින් ඉගෙන ගත් දේ නිසා වෙනත් අය වාසි අත් කරගෙන තිබෙනවා. ඒ මා හැමවිටම අන් අයත් සමග මේ දේ බෙදා ගන්නා නිසා.
නුවර නගරය කිසිදු කම්මැලි කමකින් තොරව කාලයක් ගත කිරීමට ඉතා වැදගත් ප්‍රදේශයකි. වසරේ සෑම කාලයකම විදේශිකයන් ගැවසෙන, නිතර ජනතාව එහා මෙහා යන, කාර්‍යබහුල නගරයක් වන නිසාම එහි පවතින විවිධත්වය, කොළඹට සාපේක්ෂව ඇති පිරිසිදුකම සහ එදා පටන්ම පැවතී ශාන්ත සිසිල් පරිසරය කෙනෙකු තුල ඇති කරන්නේ ප්‍රසාදයකි. අහර ගැනීමට නුවර නගරයේ තරම් ළඟ-ළඟ විවිධ මට්ටම් වල හෝටල් සහ ආපන ශාලා ඇති ස්ථානයක් සිතා ගත නොහැක. අප මෙහි සිටි සති දෙකක කාලය තුල එකම ස්ථානයකින් දෙවරක් ආහාර ගත්තා මතක නැත. විවිධ ස්ථාන තෝරා ගනිමින් අපි ඉතා රසවත් සහ පිරිසිදු ආහාර නුවරදී රස වින්දෙමු. මුදල් පිලිබඳ ප්‍රශ්නයක් හෝ ඉතිරි කිරීම පිලිබඳ උවමනාවක් අප තිදෙනා තුලම නොවීම සතුටට කරුණකි. මෙවැනි ගමනකදී එක් අයෙක් හෝ හෝ මසුරු ලක්ෂණ පෙන්වූවා නම් මේ සතුට වියැකී යනු ඇත.
සෙංකඩගල ශාඛාව ගැනද යමක් සඳහන් කල යුතුය. මගේ වෘත්තීය දිවියේදී දුටු හොඳම ශාඛා කළමනාකරු යයි කිවහැකි නවරත්න මහතා එය ඉතා මැනවින් පවත්වාගෙන ගියේය. සියලුම දෙනා ඉතා සමගියෙන් එකම පවුලේ අය මෙන් සේවයේ නියුතු විය. ඔවුන් සතියකට අතිකාල කලේ දින දෙකකි. එහි දෙවැනි නිලධාරියා ලෙස එවකට උන් බොනිපස් පෙරේරා මහතා අද මහජන බැංකුවේ නියෝජ්‍ය වරයෙකි. සියළුම සේවක මහතුන්ගේ මේසය අසල ඔවුන්ට අවශ්‍ය වන ලිපිද්‍රව්‍ය මනාව සකසා තිබුණි. කිසිවකුට තම මේසයෙන් ඉවත් වී වෙනත් තැනකට ගමන් කිරීමේ අවශ්‍යතාවක් නොවිණි. නිතරම් "අක්කා / අයියා" යන ලෙන්ගතු ආමන්ත්‍රණ වලින් එකිනෙකා අමතන මේ සේවක පිරිස නම් කිසිදින අමතක කල නොහැක. මෙම ස්ථානයේ පිරිසිදු කම මෙන්ම ක්‍රමවත් බව පවත්වා ගැනීමේ ගෞරවයෙන් වැඩි කොටස සුනිල් නමැති හත්වැනි ශ්‍රේණියේ සේවකයාට හිමි විය යුතුය.
ජයසිංහ අප දෙපාර්තමේන්තුවේ කාගේත් වාගේ බයිට් එකකි. නමුත් කිසිදින කෝප නොගන්නා චරිතයක් වීය. එහෙත් ඔහු මට එක් දිනක් කෝපයෙන් අමතා ඇත. නමුත් ඔහු හොඳ මිතුරෙකි. ඔහුගේ කථා ශෛලිය ඉතාමත් වෙනස්ය. ඔහු කථා කරන්නේ ඉතා වේගයෙන් මුත් රහසින් අමතන අයුරකිනි. එවකට අප දෙපාර්තමේන්තු ප්‍රධානියා වූ කුමාරපතිරණ මහතා ඔහුට විහිලුවට
"ජයසිංහ උඹගේ බුද්ධ ශාසන අරමුදලේ ප්‍රෝග්‍රෑම් එකෙන් ක්‍රිස්තියානි අරමුදලට සල්ලි යනවා කියන්නේ ඇත්තද ?"යනුවෙන් පවසා මහා හයියෙන් සිනාසේ.
අප නුවර ගතකල එක් දිනක සවස තේ පානය සඳහා යාමට තැනක් විමසන විට
"අද බකේ හවුස් එකෙන් තේ බොමු"යනුවෙන් ජයසිංහ පවසන්නේ අප දෙදෙනා මොහොතක විමතියකට පත් කරමිනි. තවත් තත්පර ගණනකදී ඔහු මේ පවසන්නේ බේක් හවුස් ආපන ශාලාව බව පැහැදිලි වූ විට අප දෙදෙනාට සිනහව නවත්වා ගත නොහොකිය විය. ඔහු අනුව යමින් අපි එහි ඉහල මාළයට ගොස් තේ සඳහා කෙටි ආහාර ඇනවුම් කර, එය ලැබෙන තුරු මෙනූ පත දෙස දෑස් යොමු කළෙමු. මෙනූ පතේ එක් අයිතමයක් ළඟ තම ඇඟිල්ල නතර කරගත් ජයසිංහ ඔහුට සුපුරුදු විසුළු මුත් පහත ස්වරයෙන්
"මොනවද බං මේ එස්.පී.ඒ.ජී. හෙට්ටි කියන්නේ ?"ඒ සමගම රජ කාලයේ සේවකයෙකු මෙන් සුදු ඇඳුමින් සැරසුණු සේවකයා අප ඇනවුම් කල කෙටි කෑම ගෙනෙන ලදී. අප සිනහව නවත්වාගෙන කෑමට සැරසිණි. කිසිම වෙනසක් නොමැතිව ජයසිංහ පෙස්ට්‍රියක් තම පිඟාන මත තබා ගෑරුප්පුව සහ පිහිය ආධාරයෙන් බොහොම අමාරුවෙන් ආමාශගත කරන්නේ මිස්ටර් බීන් සිහිපත් කරමිනි. අප දෙදෙනා කෑම හමාර කර තේ බොන තුරුත් ඔහු එම පෙස්ට්‍රිය සමග ඔට්ටු විය. එයින් භාගයක් කුඩු ස්වරූපයෙන් පිඟාන මත විසිරී ඇතත් ඔහු අත අරින්නේ නැත.
පින්තූරය ගත්තේ : http://clementinedaily.com |
පසුව අප මෙය අපේ කාර්යාලීය මිතුරන් සමග පැවසු පසු ජයසිංහට කවුරුත් එස්.පී.ඒ.ජී. හෙට්ටි යනුවෙන් අමතනු ලැබීය.
කැපිලි කෙටිලි වලට ලංකාවේ කට්ටිය කොහොමත් කප් ගහලනේ ඉන්නේ ,
ReplyDeleteඑක දිගට අවරු ගානක් කියෙව්වත් ඔන්න අද තමයි ඉස්සෙලම කමෙන්ට් එකක් දැම්මේ
බොහොම ස්තුතියි තරිඳු. තවත් බොහොම දෙනෙක් ඉන්නවා මේ වගේ අඳුනා ගන්න ලැබීම් සතුටක්.
Deleteඉඳලා ඉඳලා දාපු "ඔයාගෙ පළවෙනි එක" ඇත්තටම "අද පලවෙනි එක වෙලා". සතුටුයි ඈ.
Deleteබොහොම අමරුවෙන් හිත එකග කරගෙන මේකත් දැම්මේ ,අවන්කවම සතුටුයි
Deleteපව් අනේ ඒ මනුස්සයා :) යාපනේ බැංකුව මහජන කන්කසන්තුරේ තිබ්බට මොකෝ අනේ, මාතර බත්කඩේ හඳේත් තියෙන්නේ ..
ReplyDeleteඕක මොකක්ද, චයිනීස් රෙස්ටොරන්ට් ලංකාවෙ තියෙන්නෙ. :D
Deleteදවසක් මම දැක්කා කොස්ගොඩ පැත්තේ බස් හෝල්ට් එකක ගහලා තියෙනවා මෙම ස්ථානයේ තිබූ බස් නැවතුම මීටර් 100 පසුපසට ගෙනගොස් ඇත කියලා.
Deleteමේක කියවද්දි මට මතක් උනේ අපි පොඩිකාලෙ බලපු කන්දෙ ගෙදර ටෙලි නාට්‍යයෙ මල්කුමාරි ගමේ ඇවිත් ගෑරුප්පුවෙන් කොස් ඇට කන දර්ශනේ සුදීක අයියෙ..
ReplyDeleteඑතකොට නේද අර ජයදේව අහන්නේ පපඩම් හෝ මුරුංගා කන්නේ කොහොමද කියලා ?
Deleteපව් අප්පා...දැන් සමහර කෑම ජාති සුද්දොත් අතින් කන කාලේ නේ...:)
ReplyDeleteනැත්නම්. මිනිහා එහෙම කලේ ලොකුකමට නෙවේ. එතැන තියෙන ක්‍රමයට හැසිරෙන්න අවශ්‍ය නිසා. කී දෙනෙක් මෙහෙම කරන්න ගිහින් කරදරයට පත් වෙනවද ?
Deleteඅපේ කාර්යාලයකත් ඔය වගෙම චරිතයක් හිටියා. පව්.. ඔක්කොගෙම හිනාවට ලක් උනේ නැති තැන. මිට්සුබිශි එයාට මුසුබුසු.. දුව ලැබ් ඇසිස්ටන්ට් උනාම කිව්වෙ ලබ්බයිසන් කියල.. කොච්චර කිව්වත් මිනිහට ඒක හදාගන්න උවමනාවක් තිබ්බෙ නෑ. ආ.. අපේ කැන්ටිමේ තිබ්බා මාළු බීෆ්ස්ටේක්.. (මාළු බිස්ටේක්)
ReplyDeleteඅපේ කෙනාට බැරි කමටම නෙවෙයි ටිකක් හාස්‍යයක් එක් කරන්න කරපු දෙයක්.
Deleteගුණසේකර වගේ ගඳයෝ හුඟක් තැන් වල ඉන්නවා සුදීක.
ReplyDeleteඋඹ දන්නවද අපේ දූපතේ ඉස්කෝලවල් තුනක් ස්ටාෆ් එකේ තෝරාගත්ත පිරිසක් මේ පාර PD එකට ලංකාවේ කොළඹ සහ නුවර ඉස්කෝලවලට යන්න සෙට් වෙලා. ලොක්කා ඇහුවා මගෙන් මමත් යන්න කැමතිද කියලා. මං කිව්වා බං බෑයි කියලා.
මගේ අකවුන්ට් එකත් තිබ්බේ රැජිණ වීදිය ශාඛාවේ. ඒකට හේතුව නන්දේ අයියා කියලා අපේ යාලුවෙක් ඒකෙ වැඩ කිරීම. අර බලු බෙටි කේස් එක වුනෙත් අන්න ඒ බැංකුවේ.
ඒ ගැනනම් කියලා වැඩක් නෑ. මිනිහා පෙන්ෂන් ගිහිං මම ඉන්න තැනට ආවා වැඩක් කරගන්න. මම බොහොම උනන්දුවෙන් කරලා දුන්නා. මේ ළඟදිත් මට හමු වුණාම, හොඳින් කතා කළා.
Deleteමොකක්ද බලුබෙටි කතාව ?
ඒ ගැනනම් කියලා වැඩක් නෑ. මිනිහා පෙන්ෂන් ගිහිං මම ඉන්න තැනට ආවා වැඩක් කරගන්න. මම බොහොම උනන්දුවෙන් කරලා දුන්නා. මේ ළඟදිත් මට හමු වුණාම, හොඳින් කතා කළා.
Deleteමොකක්ද බලුබෙටි කතාව ?
THOSE COOL SECURITY DUDES
Deleteබලං ගියපුවම බැංකුවලටත් තියෙනවනෙ හොඳ චාරිකා දිවියක්.
ReplyDeleteනැත්නම් 1995-2004 විතර වෙනකම් මම කලේ රස්සාවට ට්‍රිප් යන එක.
Deleteඅපි නම් ඕකට කිව්වේ බ්‍රාන්ච් විසිට් කියලා. ඇත්තටම නුවර හෝටල් හරිම පිරීසිඳුයි. කෑමත් උණු උණුවේ තියෙනවා. බොහෝම රසයි. පරණ අය කියන්නේ නුවර ටවුන් එක ඒ කාළේ ඉඳන් එහෙමමලු. අනික ඉතින් රෑ එකොළහ වෙනකන් ඇරලා තියෙන බාර් දෙකක්ම තියෙන එකම ටවුන් එකත් නුවරම වෙන්න ඕන.
ReplyDeleteබ්‍රාන්ච් විසිට් කියන එක අපේ යුනියන් එක අයිති කරගෙන තියෙන වචන සෙට් එකක්. විසිට් කිව්වම නිකං බලන්න යනවා වගේනේ. අපි ගිහිං සමහර තැන් වල මාසයක් හමාරක් ඉඳලත් තියෙනවා. ඒ නිසා වෙන්න ඕනේ අපේ දෙපාර්තමේන්තුවේ අය මේ වචන යොදා නොගත්තේ. ඉතිං මමත් එහෙම කලේ නෑ.
Deleteමරු කතාව
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
මේ කාලේ ෆෝරම් නැගලා යන්නේ නෑ කියන එකයි මගේ විශ්වාසෙ. ට්‍රයි එකක් දීලා නග්ගලා ගන්න බලන්න.
Deleteඅද නං වැරදි ගමකට... ඈ...
ReplyDeleteමේ එකක් ...
මහතා අද මහජන බැංකුවේ නියෝජ්‍ය වරයෙකි. ///// ???? නියෝජ්‍ය කව්ද අප්පා...
නුවර වැව පැත්තට වෙන්න නාගරික ලක්ෂන ඒ කියන්නෙ වැඩිය ජනාවාස තියෙන පැත්තක් නෙවී හින්ද වෙන්න ඇති නුවර වැව කියල නම දාල ඒක අනුරාධපුරයට ගෙනාවෙ... අනුරාධපුරේ ඉදන් ටිකක් දුරයි හැබැයි නුවර වැව පැත්තට නේහ්...
අපි කොහෙ හරි ගිහින් කාට හරි කාඩ් එකක් ගැහුවෙ නැත්තජ ඒතක නිකං ඇග කහනව වගේ වැඩක් නෙව අප්පා... නැද්ද මං අහන්නෙ
අනෙම් මහේෂ් මම සාම්නාධිකාරි කියන වචනය ටයිප් කරා. ලැප් එකේ ටච් පෑඩ් එක පොඩ්ඩක් ටච් වුනොත් මුළු වචනයම හයිලයිට් වෙලා කැපිලා යනවා. ඒ වගේමයි ගූගල් ඉන්පුට් ටූල් එකත්. ඔන්න ඒ ටික නිවැරදි කළා. වැඩේ තියෙන්නේ මේක කොටා ගන්න මම මාර ෆයිට් එකක් දුන්නා.
Deleteදෙකම සථානයකින් දෙවරක් එකම ස්ථානයකින් දෙවරක් විය යුතුයි.
ReplyDeleteනුවර වැව කිව්ව ගමන් ඔලුවට එන්නේ නුවරනේ?
ඒ පි ඒස් ඡි හෙටිටි කියන්නෙ මෙනවාටද අයියන්ඞි ඇත්තටම මට තෙරැනේ නැ.
නිවැරදි කරන්නම් සංජීව. මේ සටහන හත් අට වතාවකට කඩලා ලිව්වේ. වැරදි බලන්නත් වෙලාවක් නෑ. ඊයේ ලියලා ඉවර වුණු ගමන් පොස්ට් කළා.
Deleteබොහොම ස්තූතියි. SPAGHetti
පේස්ට්‍රියක් ගෑරුප්පුවෙන් කාපු මනුස්සයෙක් ගැන ඇහුවමයි.
ReplyDeleteදැං සුද්දොත් ලංකාවට ආවට පස්සෙ බත් කන්නෙ අතින්.
ඉතිං මිනිහ පස්සෙ දවසකවත් S P A G HETTI කෑවෙ නැද්ද.
පස්සේ මතක් වුණේ දවසක වෙඩින් එකකදී ගෝවා සැලඩ් එකක් කාවා නූඩ්ල්ස් කියලා.
Delete//ඒ වුණත් ලැබෙන ප්‍රතිචාර අනුව, ලියන දේ ඔබ කැමැත්තෙන් කියවනවා කියා හිතෙනවා.// හැක් හැක්. ඔන්න වැරදුන තැන..යකෝ උඹව ඇන්දුවම ලස්සනට ඇදගන්න එකට අපි මොනව කරන්නද?
ReplyDeleteඅපි නං දාපු එකක් අයින් කරාම කියන්නේ ඩ්‍රාෆ්ට් එකට තල්ලු කරනවා කියලයි..
අපේ එකෙකුත් කාලයක් චීනස් රෙස්ටුරන්ට් වලින් ෆ්‍රයිඩ් රයිස් කෑවේ කට්ට සම්බල් එක්ක.. (චිලි පේස්ට්)
මාතලං කිව්ව වගේ බං මේවට කියනනේ බ්‍රාන්ච් විසිට් කියල නෙමෙයිද??
අනේ නිකං පලයන් බං යන්න. උඹ හරියට කථා කරන්නේ කප් ගහපු බ්ලොග් කාරයෙක් වගේනේ.
Deleteඔයා හිතං ඉන්නේත් එහෙමද මෙයා.. හැක්.. වලි නං වලි.. මාත් කැමතියි මොකද කාලෙකින් බැරි උනා වලියක් අඹරගන්න.. කොහේද මොකක් හරි කිව්වම ඉස්සර වගේ නෙමෙයි උඹ ලිස්සල යනව නේ බං.. හැක්...
Deleteඑහෙම ලිස්සලා යන නිසා හැම තිස්සෙම කෙළින්න හිතන්නත් එපා.
Deleteපාත්තරේ හියර් :D
Deleteහෙනහුරා වෙයාර් ??? :D
Deleteසෙන්නා , නෝ පාත්තරේ.. පත්තරේ මෙයා !! හෙනහුරා නලලේ :D
Deleteවලි එපා..අපි බයයි
Deleteඅපිටත් බ්‍රාන්ච් විසිට් තියෙනවා අවුරුද්දතට එක පාරක් විතර. දැන් ඉන්න තැන විසිට් එක 1 1/2 විතර. ටික දුරකට හැදුනා. හැබැයි ආයෙත් ලග තැනකටම විසිට් එක ඉල්ලුවාම කසී කරදරයක් නැතුව අනුමත කරලලු .... ලූ
ReplyDeleteහෙක් ... හෙක්.. හෙක්...
Deleteමම කල්පනා කරන්නෙ ගුණසේකරලයි උන්ට ගොට්ට අල්ලන පෙඳයොයි බලන් ගියාම හැම තැනකම ඉන්නවා නෙ.
ReplyDeleteජයසිංහ නම් පව් වැඩේ. :D
ගුණසේකරලා කොහෙද නැත්තේ ? වැඩේ තියෙන්නේ ජයසිංහ කිසිදාක විහිලු කරලා වට්ටන්න බෑ. ඌ ටිකක් ගියාම අපිට හිනා වෙනවා.
Deleteබැරිවෙලා වත් මැදමහනුවර කියලා බ්‍රාන්ච් එකක් තිබ්බනම් යන්න වෙනවා කොනටම , අපි මහනුවර ට්‍රේනිං ඉන්න කාලෙනම් කෑවේ "දඩොන්" එකෙන් (The Don)
ReplyDeleteතව බොහොමයක් තියෙනවා ඉවාන්. මම දන්න ටික තමයි මේ. ඔව්. ඔව් . මද මහනුවර හරිය පහු කරන් නම් ගිහිං තියෙනවා.
Deleteසාමාන්‍යයෙන් ඔයාට වැරදුනා වගේ පාරක් නගරයක් වැරදුනාට මැරෙන්නේ නැහැනේ. ජී.පී.එස්. තාක්ෂණය එන්න කලින් යුද්ද කාලේ සිතියමක් බලාගෙන භූමියේ ගමන් කළාම සතුරාගේ ගෙදර පිළිකන්නට තමයි යැවෙන්නේ. මොකද ඒ රජකාලේ සිතියම් සහ ඇත්තටම භූමිය අතර විශාල වෙනස්කම් තියනවා. හොඳ වෙලාවට පිළිකන්නේ ඉඳලා ප්‍රභාකරන්ගේ පවුලගෙන් ගුටි නොකා බේරුනේ.
ReplyDeleteඔව්. ඇත්තටම අපිට නම් කාලය විතරයි වරදින්නේ. අර කබඩි වල වගේ සතුරෝ දැකලා වට කළානම් තමයි වැඩේ. මට ඔහොම ඒවා වෙනවා හීනෙන්. යුද්දේ තියෙන තැන් වල ඉන්නවා වගේ පේනවා. නමුත් හිර වුණ ගමන් සිහියට එනවා. මෙහෙම වෙන්න විදියක් නෑ කියලා. ටක් ගාලා ඇහැරෙනවා. ඇත්තටම විචාරක තුමා යුද්දේ හීනෙන් දකින්නේ නැත්ද ? දැන්.
Deleteමොකක්දෝ පූරුවේ පිනක්, ඇත්තටම පූරුවේ පිනක් නිසා එවැනි දේවල් හීනෙන් පෙනෙන්නේ ඉතාම කලාතුරකින්.
Deleteඑහෙම පේන අයත් ඇති.
Deleteකොච්චියේ සරසවි උයනට ඇවිත් station එක ට එහා පැත්තෙ තියෙන දුක්මුසු එකෙනුත් කාලම බලන්න....(සුදු අයියා ගේ දුක්මුසු එක තාම තියේ යයි සිතමි)
ReplyDeleteහොඳයි සස ඇවිත් බලන්නම්. ඔය වගේ ඔත්තු ලැබුණොත් එලවන සිරිතක් මගේ තියෙනවා.
Deleteඒ පි ඒස් ඡි හෙටිටි
ReplyDeleteබිපෙසි
උඹට හිනා ගියා කියන්නේ ඉතිං හරිම තමයි.
Deleteමොකක්ද බිපෙසි.. ? රාජ් ඕක නිතරම පාවිච්චි කරණවා මම දැකලා තියනවා..
Deleteබිම පෙරළෙමින් සිනාසීම.
Deleteමාත් ඕක දැනං හිටියේ නෑ. හුගක් අයගෙන් ඇහුවා අන්තිමට බ්ලොග් කප්පිත්තෙත් තමා කියල දුන්නේ..
Deleteඑහෙමද ? එහෙනම් "බඅසි" තමා ගොඩක් ඔබින්නේ...
Deleteඑහෙම ජොබ් එකකට මාත් ආසයි
ReplyDeleteකොහොම එකකටද ? ජයසිංහගේ වගේද ?
Deleteබැංකුවකට පැන ගන්න පුලුවන් හැබැයි එලියට එනකොට අල්ලනවා
Deleteසැක් කැරපොත්තෝ හොදි එක්ක කොත්තුවක් කනවා වගේ ඔය එකක් වත් වැඩක් නෑ :D
ReplyDeleteමමත් දවසක් කාලා ඉවර වෙලා තව ටිකක් බෙදා ගන්න ගියාම කරපොත්තෙක් ඉන්නවා දැක්කේ. ඌව අයින් කරලා නිකං හිටියා. නැත්නම් ගෙදර අනිත් අය කන එකක් නෑනේ.
Deleteගෑරුප්පුවෙන් පෙස්ටි කොහොම කෑවද මන්දා .. මටනම් අතින් කන්ඩත් බැහැ ඇගපුරා හලාගන්නේ නැතුව..
ReplyDeleteමේක කෑවම කියන්න බෑ. හරියට කොකා නරියාගේ ගෙදරින් සුප් බිව්වා වගේ.
Deleteෙහට්ටි නම් නියමයිෙන්
ReplyDeleteඔයාට නම් හම්බ වෙනවත් ඇති පාරේදී.
Delete'බකේ හවුස්' එකේ වල බැහැපු කාලෙ මතක් උනා. ඕකෙ උඩ තිබුනා පොඩි කාමරයක්, බැල්කනි එක අයිනෙ. ඔතෙන්ට තමයි කස්ටිය හවසට සෙට් වෙන්නෙ. ලයිම් ප්ලේන්ටියයි ගෝල්ඩ් ලීෆ් එකයි නැගලා යනවා. අපිටම හරියන වේටර් අන්කල් කෙනෙකුත් හිටියා. හවස් වෙනකොට කස්ටියම 'වැටට' සෙට් වෙනවා.
ReplyDeleteනවරත්න මහත්තයා ලඟකදී හම්බ උනා. දැහැමෙන් සෙමෙන් වාසය කරනවාලු!
ඔයත් දන්නවද නවරත්න මහත්මයා ?
Deleteකැන්ඩියන්,
Deleteඈ... යකෝ... උඹත් අපේ සෙට් එකේ පොරක්ද? අපෙත් ප්‍රියතම තැන, මෙනූ එක ඕක තමයි.
සුදීක,
ඔය ජයසිංහ ගැන කියනවනම්.. ඔකා කවදාවත් අපිව ගෙදරට එක්කන් ගිහිල්ලා නැහැ නේද? පාන්දර 2.00 ට ආවත් මගින් බහිනව.
කැන්ඩියන්,
Deleteඈ... යකෝ... උඹත් අපේ සෙට් එකේ පොරක්ද? අපෙත් ප්‍රියතම තැන, මෙනූ එක ඕක තමයි.
සුදීක,
ඔය ජයසිංහ ගැන කියනවනම්.. ඔකා කවදාවත් අපිව ගෙදරට එක්කන් ගිහිල්ලා නැහැ නේද? පාන්දර 2.00 ට ආවත් මගින් බහිනව.
//ඔයත් දන්නවද නවරත්න මහත්මයා ?//
Deleteනැතුව? මමත් 80 මැද කාලේ අවුරුදු තුනහමාරක් නුවර බැංකුවක කට්ට කෑවා. දැන් නවරත්න මහත්තයා අපේ 'project' එකකට ස්වේච්ඡාවෙන් උදව් කරනවා.
D.R.Alban
හපොයි...බේක් තමයි අපේ නිවහන..ගෙදර යන්නෙ නිදාගන්ට විතරයි. ඔතන ක්ලික්ස් කීපයක් තිබුනා. බැල්කනි ක්ලික්ස් දෙක තුනක්...පහල තට්ටුවේ බැංකු, කච්චේරි, ක්ලික්ස්..වැටේ ක්ලික්ස් හතර පහක්. හවසට 'පෙරන' ක්ලික්ස් එහෙමත් තිබුනා. පස්සෙ නළුවෙක් උන කරාටේ පොරකුත් ඒදව්ස්වල් වැටේ හිටියා. මතකද?
උදේ ආවට කමෙන්ට් බොක්ස් එක වැහිලා තිබුණා.ඇස්වාට්ටුවේ ඉන්න කාලෙ බකේ හවුස් අපෙත් ප්‍රියතම පොට් එකක් තමයි.
ReplyDeleteඑතන නිකං නාමමාත්‍රව තියෙනවා. කිසි ලකයක් නෑ.
Deleteඒක දැන් අනුර සේනානායක අරන් කියලා කොහෙද දැක්කා. ඒ නිසා කොහොමත් ලකයක් නැතුව ඇති.
Deleteඔය වගේ කාරනා වලට හිනහ වෙනවට දැඩි ලෙස විරුද්දයි.. :3
ReplyDeleteඕවා කියලා ජයාම හිනා වෙනවා. අපිට තියෙන්නේ බලන් ඉන්න.
Deleteසුපිරි කතාව..
ReplyDeleteපොර ඉල්ලන් කාලා නේද ?
ReplyDeleteනැහැ සෙන්නා. පොර කොයි වෙලාවෙවත් පරදින්නේ නෑ. හැම තිස්සෙම හිනා වෙච්ච ගමන්.
Deleteකොළඹට ආපු මුල් කාලේ මාත් බැස්සේ වැරදි halt වලින්, මට තාම මතකයි....ඊට පස්සේ තමයි.....හරියට යන්න ඉගෙන ගත්තේ. කාට උනත් නොදන්න පළාත් වලට ගියාම ඔහොම වෙනවා. ඒ වගේම තමයි ත්‍රි වීලර් කාරයෝ අපිව අන්දවන්නෙත්...ගාන කපා ගන්න.
ReplyDeleteඔව්. සමහරවිට මේ ත්‍රීවීලර් කාරයා දැනගෙන ඉන්න ඇති හරි තැන.
Deleteසුද්දෝත් හුඟක් කෑම දැන් අතින් කද්දී අපේ අයනේ ඔක්කොම ගෑරුප්පුවෙන් කන්න යන්නේ.. එහෙම වෙලාවට ඉතින් ඔය වගේ දේවල් වෙන එක පුදුමෙකුත් නැහැ..
ReplyDeleteඅපේ අය වරද්ද ගත්ත තැනක් ඕක. සුද්දොත් ඇති අරන් කන්න පුළුවන් තැනදී එහෙම කරනවා.
Deleteමමත් ඉතින් ආසම දෙයක් තමයි ඇවිදින් එක. ඒ උනාට මගේ කස්ටෝ ගොඩක් ඉන්නේ කොලබ වටේ නේ. එකෙක් දෙන්නෙක් ඉන්නවා ගාල්ලේ, උලපනේ වගේ පති වල. හැමදාම යන්න බැරි නිසා අවුරුද්දට එක පාරක්, දෙපාරක් විතර ගිහිල්ලා එනවා.
ReplyDeleteඒ වුණාට බලන්න අපේ මාරයා යන්න ඕනේ තැන් වලට තනියම හරි යනවා. තනිකඩව ඉන්නවා නම්, අතේ මුදල් ටිකක් ගවසේනව් වෙලාවට යන එක තමයි හොඳ.
Deleteතනිකඩව ඉන්නවා නම්....එතන තමා පොයින්ට් එක.
Deleteඇත්තටම මාරයා අයියා ගැන නම් පට්ට ජෙල අෆ්ෆා.....
ගල් කොල්ලෝ (විහිළුවට ).....තනිකඩ කම කියන්නේ, වෙනම අපූරු කතාවක්. ඒක ජීවිතයට කරන අසාධාරනයක්. පවුල් ජීවිතය හරිම විසිතුරු තැනක්. ඒ අපිට හරි පාට්නර් හම්බවුනොත්. තනිකඩයෙකුට වඩා ජීවිත අභියෝග විවාහකයෙකුට ලැබෙනවා. මම ඒක අත්වින්දා සහ රස වින්දා. ඒක වෙනම කතා කලයුතු විෂයක්. තමන් තමන් විය යුතුයි කියාම තනිකඩව ඉන්නවා නම්, ඒක ලොකු විහිළුවක්. ඔබ ඔබම වීම ඊට වඩා වෙනස්. මම මාරයා හෝ තවම්ත් තනිකඩව සිටිනා අයව ඉලක්ක කරේ නැහැ. විරාගයේ අරවින්ද කෙනෙක් වීම වෙනත් දෙයක්. ඒ අරවින්ද වෙනස් මානසික තත්වයක්. අඩෝ මම සීරියස් එකෙක් නෙමේ හොඳේ. මුකුත් හිතන්න එපා.
Deleteමම මාරයා ගැන ජෙලයි කිව්වේ රට වටේ නිසා. තනිකඩ කම මට ඉස්කෝලේ ඉදන්ම තිබිලා නැහැනේ. හින්දු ආගමේ උගන්වන විදිහට අපි ජිවිතේ අවධි හතරම ගත කලේ නැත්නම් ඒ ජිවිතේ සම්පුර්ණ වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ.
Deleteගල් කොල්ලා කියන නම රෙජිස්ටර් කරන්නෙපා ඔන්න ....
//ලැබෙන ප්‍රතිචාර අනුව, ලියන දේ ඔබ කැමැත්තෙන් කියවනවා කියා හිතෙනවා.// මෙන්න මේ ගැනයි මට කියන්න හිතුනෙ..අද ලිපියක් කියවලා ඇත්තම තත්වය ප්‍රතිචාරය විදියට දාන අය හරිම අඩුයි. තමන්ට හිතෙන දේ අවංකවම කියන්නෙ ඉතාම සීමිත පිරිසක්...ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනා මාතලන් විදියටයි මම දකින්නෙ..ඔහු ඉතාම නිර්භයව තමන්ගෙ අදහස කියනවා...ලිපියක අඩුපාඩු නිසි ලෙස විවේචනය නොකොට....පට්ටයි නියමයි කියන අය තමයි වැඩිපුර ඉන්නෙ...සමහරු ලිපිය කොහොමවත් කියවන්නෙ නෑ..
ReplyDeleteමමත් ලංකාව වටේම ගිහිල්ලා කරන්න පුලුවන් රැකියාවකට තවමත් ආසයි. නමුත් එහෙම යමක් ලැබුනෙ නෑ...ඒකට මගේ මලයා...කැමරාවත් අරගෙන ලංකාව වටේම යනවා...දෛවය තමයි.....
එක ලිපියකට වැටෙන ප්‍රතිචාර සියල්ල දෙස බැලුවම අපිට හිතා ගන්න පුළුවන් ඒ ගැන තිබෙන කැමැත්ත. අනිත් එක නිකම්ම කමෙන්ට් කරන දේවලුත් තේරෙනවා.
Deleteඔයාලා දෙන්නා දුලිප් සමරවීරයි තිලාන් සමරවීරයි වගේ. දුලිප් කොච්චර හොඳ දක්ෂ ආරම්භක පිතිකරුවෙක් වුනත් ශතකයක් ගහ ගන්න බැරි වුණා. එයාට ටෙස්ට් ගහන්න ලැබුණ කාලෙත් ඒකට බලපෑවා. තිලාන් ද්විත්ව ශතකයක් පවා වාර්තා කළා.
Deleteමේ සමරවීරලා සහෝදරයොද ? මම දන්නෙ නෑනෙ ඒ ගැන...දුලිප් ලියනගේ එහෙම හොදට මතකයි...වේග පන්දු යවන්නා...
Deleteඋබටත් ඉතින් කාටහරි කතන්දරයක් කියන්න තියෙනව නම් ඉතින් වෙන මොනවද නේ:D
ReplyDeleteඔය නුවර තියෙන ඩෙවොන් එකෙන් වගේම බේක්හවුස් එකෙනුත් කලා තියෙනවා.ඇත්තටම දෙකේම කස්ටම සර්විස් එකත් නියමයි.නුවර තියෙන ගොඩක් කෑම කඩ පිරිසුදුයි.රසයි
ReplyDeleteමම ත් ඩෙවොන් කාලා තියෙනවා, බකේ හවුස් දන්නේ නැහැ. මම ආසම වයිට් හවුස් එකට.
Deleteඒක දැන් අනුර සේනානායක අරන් කියලා කොහෙද දැක්කා. ඒ නිසා කොහොමත් ලකයක් නැතුව ඇති.
ReplyDeleteඅයියෝ.....සමහරු ගෑරුප්පු එක්ක දඟලන හැටි දැක්කාම දුක හිතෙනවා. එහෙම බැරිනම් ගෑරුප්පුවෙන් කන්න පුළුවන් කෑමක් ඕඩර් කරගන්න ඕන. නැත්නම් අතින් කන්න ඕන. කොහෙද.. රෝස්ට් චිකනුත් ඕන. ගෑරුප්පු පිහිත් හුරු නැහැ. විසිවෙන කෑලි අහුලන්න වෙන එකෙක්ව වැඩට දාන්න ඕන. සිම්පල් කේස් එකක් තියෙන්නේ....අතින් කඩන් කෑවා...අත හෝදගන්න පහසුකමක් ඉල්ලුවා. එහෙම බැහැ අපේ අයට...ඉඳිආප්ප කන්නත් ට්‍රයි එක ෆෝක් එකෙන්.
ReplyDeleteඅරු අයියේ, ඉඳි ආප්ප නම් තව ෆෝක් එකේ ඔතලා හරි කන්න පුළුවන්. තලප කන්නත් ෆෝක් එක ගන්න උන් ඉන්නවනේ..
DeleteDelhi Belly කියන ෆිල්ම් එකේ ෂොට් එකක් තියෙනවා පොෂ් පවුලක සෙට් එක අතුරුපසට කෙසෙල් ගෙඩිය කන්නෙත් ෆෝක් එකෙන් කපලා.
https://www.youtube.com/watch?v=YvRY1ripgPg
ගලේ...අනිත් කෙසෙල් ගෙඩි කන්නෙත් ෆෝක් එකෙන්ද දන්නේ නැහැ.
Deleteලෙල්ල ඕනේ නැත්නම් ඔන්න එහෙම කෑවට කමක් නෑ
Delete