කොන්ක්වෙස්ට් ඔෆ් පැරඩයිස් කිව්වම ඔබට පුංචි ආධුනික ගතියක් දැනුනත්, ගීතය වාදනය කරොත් එය ඔබට සමීපම ගීතයක් බව වැටහේවි. මේ දිනවල බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන විස්සයි20 ලෝක කුසලානයේ හැම තරඟයකට ප්‍රථම මේ ගීතය වාදනය වනවා. සමහරවිට මේ වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේදීත් තරඟයට පෙර වාදනය වන්නට ඉඩ තිබෙනවා. බොහෝවිට 2015 ක්‍රිකට් ලෝක කුසලානයේදී මෙය වාදන වීමට ඉඩ තිබෙනවා. මේ ගීතය තරග සංවිධායකයින්ගේ සිත් මේ තරම් ඇද බැඳ ගන්නට පාදක වෙච්ච හේතුව මොකක්ද ?
ඊට කලින් තවත් එක වතාවක් එහෙනම් ගීතයට ඇහුන්කම් දීලම ඉමු.
1992 දී තිරගත වූ රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ Conquest of Paradise චිත්‍රපටයට වැන්ගේලිස් නමැති ග්‍රීක සංගීතඥයා නිර්මාණය කල තේමා ගීතයයි. එය බොහෝ රටවල ගීත දර්ශක දිග් විජය කරන්නට සමත් වූවා. එය බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තයේ ගීත දර්ශකයේ පළමු තැනට එන්නට සමත් වූවා. නමුත් බ්‍රිතාන්‍ය ගීත දර්ශකයේ එයට ලැබුණු ඉහලම ස්ථානය අංක 33. ජර්මනිය පුරා එය ජනප්‍රිය වීමට විශාල වශයෙන් බලපෑවේ එරට බොක්සිං ක්‍රීඩක හෙන්රි මාස්ක් එය ඔහුගේ තේමා ගීතය ලෙසට භාවිතා කිරීම නිසාය.
එය නවසීලන්තයේ රග්බි ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ කිහිපයක්ම තම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරග වලදී වාදනය කරනවා. කෘසේඩර්ස්, විඩ්නස් වයිකින්ග්ස් ඒ අතරින් විශේෂයි. කෘසේඩර්ස් කණ්ඩායමට ආවේනික නගරය වූ ක්‍රයිස්චර්ච්හී මෙය නොනිල තේමා ගීතය ලෙස සැලකෙනවා.
2011 අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාංයෙදීත් මේ ගීතය තරගයට පෙර වාදනය කරන්න සංවිධායකයින් කටයුතු යොදා තිබුණා. කණ්ඩායම් දෙකෙහි ජාතික ගීයට ප්‍රථම එය වාදනය වනවා. 2010 අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාංයෙදීත් එය යොදා ගත්තා.
2011 අල්ට්‍රා-ට්‍රේල් ඩු මොන්ට් බ්ලෑන්ක් නමැති මැරතන් තරගයේ කිලෝ මීටර් 150ක් තරගය අවසන් කලපසු මෙම ගීතය වාදනය කළා. එය එන්ගඩින් ස්කීමැරතන්(ලිස්සායාමේ) තරගය ආරම්භය සටහන් කිරීමටද භාවිතා කළා.
එම ගීතය බොහෝ ගායකයන් පිරිසක් විසින් ගායනා කර තිබෙනවා. බ්ලේක්, ක්ලාවුස් ශුල්ස්, ෆ්‍රී ද ස්පිරිට්, ද වියානා සිම්පනික් ඔකෙස්ට්‍රා ප්‍රොජෙක්ට්, ජෝන් විලියම්ස් සහ බොස්ටන් පොප් ඔකෙස්ට්‍රා(1996), ඩේලයිට්(1997), ඩනා විනර්(2002), ද ටෙන් ටෙන්ර්ස්(2004) සහ රිඩියාන්(2009).
චීන ටෙලි මාලාවක් වූ සොල්ජර් සොර්ටී(2007) සහ බොලිවුඩ් චිත්‍රපටයක් වූ කොයිලා(1997) එය තේමා ගීතය ලෙස භාවිතා කළා. මීට අමතරව දමිළ චිත්‍රපටයක් වූ සුන්දර පුරුසන්(1996) ද මෙම ගීතය භාවිතා කළා.
ඡායාරූපය සහ තොරතුරු www.wikipedia.org ඇසුරෙනි.
____________________________________________
මේ ගීතය අසන සෑම විටකම මට ජයග්‍රාහී හැගීමක් ඇති වනවා. ඔබට එය දැනුණේ කොහොමද ?
අද එය විශ්ව ගීතයක් බවට පත් වී හමාරයි. එහි තේරුම හෝ වචන ගැන උනන්දු නොවී ඒ ගයුම රස විඳින්න ලෝකය පුරා විවිධ භාෂාවන් කථා කරන ජනයා එකතු වන්නේ විශ්මයජනක ආකාරයකට.
සිය ගණනක පිරිසක් විසින් සංගීතය සපයමින් ගායනා කරන අකාරය පහල සබැඳියෙන් බැලීමට හැකියි.
මේ ගැන ලිවීමට මා දිරිමත් කල සුභාෂ් හේවාවිතාන මගේ මිතුරාට විශේෂ ස්තූතිය.
මමත් අද ඕක්ස් ගැන එෆ්.බී එකේ දැම්මා, :)
ReplyDeleteඔයා කියනකම් මම දැක්කේ නෑ.
Deleteඇත්තටම බොක්කටම වදින සින්දුවක්නේ
Deletethanks විස්තරේට, ඒ වගේම ලින්ක් එකට, මේක කියවන්න ගද්දිම මතක් උනේ 1996 වසරේදී වර්ල්ඩ් කප් එකට හදපු සින්දුව
ReplyDeleteඔයා කියන්නේ මේක වෙන්නැති
Delete1996 ලෝක කුසලානය දිනාගත් මොහොතේ වාදනය වූ ගීතය
මේ ගීතය ඇහෙද්දී නිකම් පපුව අමුතු රිද්මෙකින් වැඩ කරනවා වගේ එකක් වෙනවා
ReplyDeleteඒක කොච්චර ඇහුවත් අමතක වෙන්නේ නෑ.
DeleteIn noreni per ipe,
ReplyDeletein noreni cora;
tira mine per ito,
ne domina.
සුදීක කියලා තියෙන්නේ ඇත්තයි. ජයග්රාහී හැඟීමක් ඇතිවෙනවා ඉබේටම... :)
ඔය වචන ටික බලාගෙන අර සිංදුව කියන්න පුළුවන් එකනේ වැඩේ. එතන තියෙන්නේ ඔය වචන ටිකේ ඡායා මාත්‍රයක් විතරයි.
Deleteබලල අහද්දී තමා හොදටම දැනෙන්නෙ.
ReplyDeleteස්තුතියි විස්තරයට.
මේ වගේ එකක් අමතක වෙලා යන්න කලින් සටහනක් දැමීම වටිනවනේ.
Deleteකොහොමත් සමහර ගීත වලට භාෂාමය ගැටළුවකින් තොරවම මිනිස්සු ප්‍රිය කරනවනෙ.
ReplyDeleteඒවා ටික කාලෙකින් විශ්ව ගීත බවට පත් වෙනවා.
Deleteඔව් දැන් තමයි දැනෙන්නේ පොඩි ජයග්‍රාහී මෙව්වා එකක් දැනෙනවා
ReplyDeleteජය වේවා!!
නැතිනම්.
DeleteMamat ahuwa, lassanyi,,,
ReplyDeleteමේකේ වරදක් කියන කෙනෙක් නැති තරම් මල්ලි.
Deleteතැන්කුයි..
ReplyDeleteවැල්කුම්.
Deleteසුපිරි මචෝ! මම ඔය සින්දුව ඇහුවෙ රග්බි ලෝක කුසලානයක් තිබුන කාලෙක. නැත්තං ඔලිම්පික් තරගාවලියක. සින්දුව මොකක්ද කියල හොයාගන්න බැරිව අවුරුදු ගනනාවක් හිටිය. වහාම බාගන්න ඔ්න. මම කැමති.........ම සින්දුවක්. භාෂාව, වචනයක්වත් දන්නෙ නැතත් මාර හැඟීමක් එන සින්දුවක්. බොහොම ස්තුතියි උඹට!
ReplyDeleteකියලා වැඩක් නෑ. ඕනෑම සිත් තැවුලකින් ඉන්න වෙලාවක අහලා හිත නිදහස් කර ගන්න පුළුවන් ගීතයක්. කලින් එහෙම වෙලාවක මම ඇහුවේ අමරදේව මාස්ටර්ගේ "අඩවන් වූ දෙනෙතින් ගලනා" ගීතය.
Deleteඔය වගේම හොයාගන්න බැරිවුන සින්දුවක් තියනව. පැරණි ඉංග්‍රීසි සින්දුවක්. ඒකෙ තනුව අර "මල්රේණු නටලා වැහි බින්දු වැටිලා...." කියන සින්දුව වගේ ටිකක්. පුළුවන් කෙනෙක් ඉන්නවද බලමු!
ReplyDeleteමල් රේණු එකේ ලින්ක් එකක් දාපං එතකොට අනිත් එක හොයා ගන්න පුළුවන්.
Deleteහොයාගත්ත. අහල බලපං
Deletehttp://www.youtube.com/watch?v=BwTphY_QMUo
මමත් මේ ගීතය ගොඩාක් කාලේක ඉදන් හෙව්වේ.
ReplyDeleteමම හිතුවේ මේක Gladiator එකේ ගීතයක් කියලයි.
දැන්නේ , දැනගත්තේ විස්තරේ !!
මේකේ පොඩි අද්භූත ගතියකුත් තියෙනවා.
Deleteඅපුරු දැනගැනීමක් සුදිකයියා.දැනගෙන හිටියේ නැහැ මේ සින්දුව ඇතුලේ තියෙන කතාව මෙයට පෙර.
ReplyDeleteමේ ගැන තියෙන විස්තරය බොහොම අඩුයි.
Deleteපහුගිය අවුරුද්දේ නිතරම අහපු ගීතයක්.
ReplyDeleteමම නම් වැඩියෙන්ම කැමති youtube awards වල මේ වර්ශන් එකට.
https://www.youtube.com/watch?v=2G2MCGmypaY
බලමුකෝ ඒකත් අහලා.
Deleteමතකද ඉස්සර old spice ඇඩ් එකට ගිය බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක... මම ඉස්සර පිස්සු වැටිලා හිටියේ.. පස්සේ එහෙමම අමතක වෙලා ගිහින් මේ ළඟදී දවසක මතක් වෙලා හොයල බැලුව.. ඔය වගේම මාර කික් එකක් තියෙන සිංදුවක්..
ReplyDeleteමම ඔය ඔලුව කචල් ගිය වෙලාවට මේ වගේ මියුසික් අහනවා.. මාර වෙනසක් ඇති වෙන්නේ..
මේ තියෙන්නේ
Carmina Burana ~ O Fortuna
https://www.youtube.com/watch?v=GD3VsesSBsw
ඒ මිෂන් ඉම්පොසිබල් එකේ තේමා ගීතය මට මතක හැටියට.
Deleteනෑ අයියේ මේ තියෙන්නේ මිෂන් ඉම්පොසිබල් එකේ මියුසික් එක
Deletehttps://www.youtube.com/watch?v=JtyByefOvgQ
මේ තියෙන්නේ පරණ old spice ඇඩ් එක
https://www.youtube.com/watch?v=6rbZr7YoqK0
ඔය old spice එකේ මියුසික් එක තමයි Carmina Burana ~ O Fortuna කියන්නේ..
මාත් හොය හොය හිටිය සින්දුවක් අයියෙ තෑන්ක්ස් :)
ReplyDeleteමේකට බොහෝ දෙනෙක් කැමතියි. නමුත් ඒ වෙලාවට අහලා අමතක වෙනවා. ඒ නිසයි මෙහෙම කතා කලේ.
Deleteඇත්තෙන්ම ජයග්‍රාහී හැඟීමක් එනවා. තියන ප්‍රශණ අමතක වෙනවා හෝ ඒවා සුළුදේවල්යැයි සිතුවිල්ලකුත් පහල වුනා. මට තියෙන්නේ කබල පෝන් එකක් නිසා, මේක රින්ගින් ටෝන් එක හැටියට දාගන්න අලුත් ෆෝන් එකක් ගන්නත් ඕනා කියලා හිතුනා. ඔය මට සිංදුව අහද්දි හිතුන දේවල්..
ReplyDeleteමම ඔය ගීතය මුලින්ම ඇහුවේ පුතාගේ පාසලේ තිබුන ගුරු දෙගුරු හමුවෙදි. ඔවුන් ඒක උත්සහවන්තයාට කරන්න බැරි දෙයක් නෑ කියලා පෙන්වන්න පෙන්වපු වීඩියෝ එකක පසුබිම් ගීතයට භාවිතා කරලා තිබුනා.
හරිම අපූරු සිංදුවක්. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් තමා. මේක හොඳම උදාහරණයක්.
රල නැගෙනව වගෙ හැගිමක් එන්නෙ නේද? මරු
ReplyDeleteකෝ මගේ කමෙන්ට් එක ?
ReplyDeleteහොඳයි..
ReplyDeleteමම වෙලාවකට හිතනවා සුදීක අයිය කියන්නේ ක්‍රීඩා පිලිබඳ විශ්ව කෝෂයක් වගේ මනුස්සයෙක් කියල
ReplyDeleteඕක කැලිප්සෝ ගැහුවනං කොහොම වෙයිද කියලා මට නිකමට වගේ හිතෙනවා !!!!
ReplyDeleteහාපෝ.... මේ පත්තර කාරයා ඇවිල්ලා මූඩ් එක කෑවා...!
Deleteඕක කැලිප්සෝ ගැහුවා නම් උඹ වගේ වාදකයෝ ඒකත් අනුභව කරනවා ආයේ දෙකක් නෑ
Deleteචැහ් !! සුදුස්සාට තැන නෑ කියන්නෙ ඕකනෙ !!
Deleteමටත් මතක් වුනේ 1996 ලෝක කුසලනේදී දිනුවම කියපු ගීතය . එක හැමදාම මතකේ තියෙයි වගේ
ReplyDeleteමයිල් ස්මයිල් වන සංගීතයක් නොවැ මේක
ReplyDeleteඔය වගේ අමුතු ජොලියක් තියන ස්වාහිලි වලින් කියන Baba Yetu සුදීක අහලා තියනවද?
ගීතය බොහෝ වර අහලා තිබුනත් අද තමයි මේ විස්තර ඇහුවෙ...පියානෝ වාදනය එක්ක යටින් ඇහෙන චෙලෝ හඩට තමයි මගේ හිත වැඩිපුරම යන්නෙ...චෙලෝව කියන්නෙ සම්භාව්‍ය බටහිර සංගීතයේ නැතුවම බැරි සංගීත භාණ්ඩයක්...හැගීම් හොදින් දනවන්න එහි නාදයට හැකියි.
ReplyDeleteඅහලා තිබුනාට කවදාවත් මෙහෙම හිතට අරන් ඇහුවේ නැහැ. ස්තූතියි සුදීක.
ReplyDelete