මීට අවුරුදු එකහාමාරකට විතර කලින් දිග පර්ස් එකක් ගත්තේ කාරණා කීපයක් මුල් කරගෙන. දෙකට නවපු පර්ස් එක්ක ප්‍රමාණය ලොකු නිසා සාක්කුවට දැම්මම බස්රථයේ හෝ ඔෆීසියේදී ඉඳගන්න ගියාම කරදරයි. අනිත් එක එය කොන්දේ ආබාද ඇති වෙන්න හේතු වෙනවා කියලා මම කොතැනක හෝ කියවා තිබුණා. අනෙක් කාරණය තමයි මුදල් වලට වෙන හානිය. මුදල් නවන්නේ නැති වුණොත් ඒවා පාවිච්චි කරන්න පුළුවන් කාලය වැඩියි. ඒ වගේමයි විවිධ කාඩ් වර්ග වලට හානි නොවී තබා ගන්නත් මේක ඉවහල් වෙනවා. මීට අමතරව ඔය බිල්පතක්, කුඩා ප්‍රමාණයේ ලියුමක් වැඩිය කරදරයක් නැතිව ගෙනියන්නත් මේක හොඳයි.
ඕනෑම දෙයක හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවනේ. මේක තියෙන ලොකුම අඩුපාඩුව තමයි, සමහර කලිසම් සාක්කු වලට මේක දැම්මම වැඩි කොටසක් එලියට ඇවිත් තියෙන එක. මේක මට ඒ හැටි කරදරයක් නොවුනට බලාගෙන ඉන්න අයට ප්‍රශ්නයක් බව මට තේරුණේ මේක පාවිච්චි කරපු මේ කාලෙට මේක වැටෙන්න යයි, එහෙමත් නැත්නම් පික් පොකට් ගහයි කියලා අනතුරු අගවපු ප්‍රමාණය නිසා. මේ කාරණය හින්දම තමයි මට හිතුනේ අපේ රටේ මිනිස්සු වෙනස් කියන කථාව ඇත්ත කියලා. මොකද සාපේක්ෂව ආසියාවේ වෙනත් රටවල් එක්ක ගත්තම ලංකාවේ මිනිස්සු අවංකයි. කලින් අනතුරු අඟවන්නේ සමහරවිට මිතුරන් වුවත්, නන්නාඳුනන බොහේ දෙනෙකුත් මේ වෙත්දී මට ඒ බව දැනුම් දීලා තියෙනවා. ඒ ගැන අහන සෑම වතාකවම මට අපේ රට ගැන පුංචි ආඩම්බරයක් ඇති වෙනවා.
නමුත් ලංකාව පොකට් ගැහිල්ල අඩුම රටක් නෙවෙයි. මේ වනවිටත් මේවා සිදු නොවෙනවා කියන්න බෑ. කෙලින්ම පොකට් එකට ගහන්නේ නැති වුණත් වෙනත් ක්‍රම වලින් සාක්කුවට බහින ක්‍රම අනන්ත අප්‍රමාණව වාර්තා වනවා. මේ බොහෝ තැනක කාන්තා පාර්ශවය කෙළවරක ඉන්නවා. ඔය ගෑණු පරාණයක් දැක්ක ගමන් මුළු ලෝකෙම අමතක වෙන මහත්වරුන්ට පොකට් කාරයෝ හොඳ පාඩම් උගන්වනවා. එහෙම නැතිව තමන්ගේ පාඩුවේ මනෝ පාරක් ගහගෙන යන අයටත් මේ වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදු වෙනවා.
පොකට් කාරයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා බොර දියේ මාලු බාන කණ්ඩායමක් තමයි, ප්‍රයිවෙට් බස් කොන්දොස්තරලා. මට මතකයි මම මුලින්ම 1990 කොළඹ ආපු කාලේ පිටකොටුවෙන් බස් එකට ගොඩ වෙනකොටම බස් කොන්දොස්තරලා නිතර දිව මතුරක් වගේ කියන වචන පේලිය
මේ පර්ස් එක ගැන කියන්න ඇවිත් පික් පොකට් කතා ගැන කියන්න වුණානේ. 2010 දී මම මැලේසියාවට ගිය වෙලාවේ මගේ ජංගම දුරකථනයට සිම් එක දාගන්න අතරතුරේ මගේ පර්ස් එක අමතක වුණා. ඒ කේ.එල්. සෙන්ට්‍රල් කියන දුම්රිය ස්ථානයේ තියෙන සාප්පු සංකීරණයේ. ආපහු ලැබෙනකොට ඩොලර් 600 ක් විතරක් අරගෙන තිබුණා. මොනවා වුණත් මට කෝච්ච්යේ යන්න, දවල්ට කන්න සල්ලි ඉතුරු කරන්න හොරා කාරුණික වෙලා තිබුණා. මම ඒ ගැන මගේ මැලේසියානු මිතුරත් සමග කී විට ඔහු මට යූටියුබ් වීඩියෝ බර ගණනක් පෙන්නුවා මැලේසියාවේ සිදු වන පොකට් ගැසීම් සහ මංකොල්ල කෑම් ගැන. ඔවුන් සාමාන්‍යයෙන් සංචාරකයන් ගැවසෙන ස්ථාන වලට යන්නේ නැති බවත් සඳහන් කළා. ඔහු මට කලින් මුණගැසී තිබුණානම් කියා සිතුණා.
අපේ අසල්වැසි ඉන්දියාවත් ඒ වගේ. නමුත් මුම්බායි නගරය කෙනෙකුගේ පසුම්බියක් ලැබුණොත් නැවත ලබා දීමට කැමති අය වෙසෙන නගරයක් බව සමීක්ෂණ වලින් හෙලි වෙලා තියෙනවා. මමත් මුම්බායි ගිය නිසා ඒකෙ පොඩි ඇත්තක් ඇති කියලා හිතෙනවා. නමුත් ඉන්දියාවේ මසන කලිසම් වල ඇතුලත පොකට්ටුවක් තිබීමෙන් එහි තරම තේරුම යනවා.
රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව වගේම ෆොර්බස් සඟරාවත් මේ ගැන පර්යේෂණ කර තිබෙනවා. රීඩර්ස් ඩයිජෙස්ට් මගින් ඔවුන් පර්යේෂණය කරන නගර වල මුදල් පසුම්බි දහයක් බිම දමා එහි හිමිකරුගේ ලෙස දුරකථන අංකයක් සටහන් කර අයිතිකරු අමතන ප්‍රමාණය මගින් සමීක්ෂණය කර තිබෙනවා. යුරෝපයේ නගර අතරින් ලිස්බන් නගරය එයින් නරකම තැනට පත්වූ අතර හෙලින්සිංකි නගරය හොඳම තැනට පත් වී තිබෙනවා. මෙහි ආසියාව ගැන සඳහනක් නෑ. නමුත් සමීක්ෂණ ප්‍රතිඵල මගින් අවසන් තීරණයකට එන්න අපහසුයි. මෙය 100% සාර්ථක නොවන බව මා විශ්වාස කරන්නේ හොඳම නගරයේ වෙනත් දස දෙනෙකු සහ නරකම නගරයේ වෙනත් දස දෙනෙකු තෝරා ගත්තා නම් ප්‍රතිඵලය වෙනස් වන බව පැහැදිලි නිසා.
කෙතරම් ආර්ථික අහේනියක සිටින රටක් වුවත්, ලංකාවේ අපේ අයගෙන් බහුතරය අනුන්ගේ දෙයක් ලබා ගන්න අකමැති බව පහුගිය අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයකදී මා තේරුම් ගත්තේ, මගේ පොකට්ටුව ගැන අනතුරු ඇඟවූ ප්‍රමාණය සහ පිටකොටුව වැනි ජනාකීර්ණ තැන් වලත් නිතර සැරිසරා ලබා ගත් අත්දැකීමෙන්. මේ ලිපිය ලියන්න ආරම්භ කල සඳුදා උදේ වරුවෙම ඉහත රූපයේ පෙනෙන ආකාරයට මගේ පොකට්ටුව දැක මට දන්නා නොදන්නා තිදෙනෙක් පැය කාලක් ඇතුලත එය පෙන්වා දුන්නා. එය මා තුල ඇති කලේ ඉතාම හැඟුම්බර ගරුත්වයක්. ඒ මගේ රටේ පුරවැසියන් ගැන. ලෝකයේ මේ තරම් අනුන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙන ජාතියක් නැතිව ඇතැයි කියන හැගීම මට ඇති වුණේ පොඩි ආඩම්බරයකුත් එක්ක. ඉතිං "අපේ රටේ මිනිස්සු වෙනස් නැද්ද ?"
නමුත් ලංකාව පොකට් ගැහිල්ල අඩුම රටක් නෙවෙයි. මේ වනවිටත් මේවා සිදු නොවෙනවා කියන්න බෑ. කෙලින්ම පොකට් එකට ගහන්නේ නැති වුණත් වෙනත් ක්‍රම වලින් සාක්කුවට බහින ක්‍රම අනන්ත අප්‍රමාණව වාර්තා වනවා. මේ බොහෝ තැනක කාන්තා පාර්ශවය කෙළවරක ඉන්නවා. ඔය ගෑණු පරාණයක් දැක්ක ගමන් මුළු ලෝකෙම අමතක වෙන මහත්වරුන්ට පොකට් කාරයෝ හොඳ පාඩම් උගන්වනවා. එහෙම නැතිව තමන්ගේ පාඩුවේ මනෝ පාරක් ගහගෙන යන අයටත් මේ වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදු වෙනවා.
පොකට් කාරයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා බොර දියේ මාලු බාන කණ්ඩායමක් තමයි, ප්‍රයිවෙට් බස් කොන්දොස්තරලා. මට මතකයි මම මුලින්ම 1990 කොළඹ ආපු කාලේ පිටකොටුවෙන් බස් එකට ගොඩ වෙනකොටම බස් කොන්දොස්තරලා නිතර දිව මතුරක් වගේ කියන වචන පේලිය
"ඔය සාක්කු පර්ස් පරිස්සම් කර ගන්න" කියලා.මේක ඇහුන ගමන් අපි බය වෙලා කලබල නැතුව බස් එකට ගොඩ වෙනවා. එතකොට කොන්දොස්තර මහත්තයාට එයාගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මිනිහා ටිකට් කඩන ගමනුත් ක්‍රමානුකූලව කට්ටිය එහාට මෙහාට අඩුක් කරන්නේ මේ තියරිය පාවිච්චි කරලා. මෑතකදී නම් අර විල්බට් අඹතලාව කියන අපේ කාලයේ කවියාගේ කවි නිර්මාණයක් බස් එකේ ඉස්සරහ දොර ළඟ අලවලා තියෙනවා.
අපහට සිදු වේය ලොකු ලොකු දඩ | කන්න |
සෙසු හැම දෙනා හට සිදු වේ | තෙරෙපෙන්න |
ඔබගේ පොකට්ටුව ඉඩ ඇත නැති | වෙන්න |
පාපුවරුවේ නොසිට කරුණාකර පස්සට | යන්න |
අපේ අසල්වැසි ඉන්දියාවත් ඒ වගේ. නමුත් මුම්බායි නගරය කෙනෙකුගේ පසුම්බියක් ලැබුණොත් නැවත ලබා දීමට කැමති අය වෙසෙන නගරයක් බව සමීක්ෂණ වලින් හෙලි වෙලා තියෙනවා. මමත් මුම්බායි ගිය නිසා ඒකෙ පොඩි ඇත්තක් ඇති කියලා හිතෙනවා. නමුත් ඉන්දියාවේ මසන කලිසම් වල ඇතුලත පොකට්ටුවක් තිබීමෙන් එහි තරම තේරුම යනවා.
රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව වගේම ෆොර්බස් සඟරාවත් මේ ගැන පර්යේෂණ කර තිබෙනවා. රීඩර්ස් ඩයිජෙස්ට් මගින් ඔවුන් පර්යේෂණය කරන නගර වල මුදල් පසුම්බි දහයක් බිම දමා එහි හිමිකරුගේ ලෙස දුරකථන අංකයක් සටහන් කර අයිතිකරු අමතන ප්‍රමාණය මගින් සමීක්ෂණය කර තිබෙනවා. යුරෝපයේ නගර අතරින් ලිස්බන් නගරය එයින් නරකම තැනට පත්වූ අතර හෙලින්සිංකි නගරය හොඳම තැනට පත් වී තිබෙනවා. මෙහි ආසියාව ගැන සඳහනක් නෑ. නමුත් සමීක්ෂණ ප්‍රතිඵල මගින් අවසන් තීරණයකට එන්න අපහසුයි. මෙය 100% සාර්ථක නොවන බව මා විශ්වාස කරන්නේ හොඳම නගරයේ වෙනත් දස දෙනෙකු සහ නරකම නගරයේ වෙනත් දස දෙනෙකු තෝරා ගත්තා නම් ප්‍රතිඵලය වෙනස් වන බව පැහැදිලි නිසා.
කෙතරම් ආර්ථික අහේනියක සිටින රටක් වුවත්, ලංකාවේ අපේ අයගෙන් බහුතරය අනුන්ගේ දෙයක් ලබා ගන්න අකමැති බව පහුගිය අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයකදී මා තේරුම් ගත්තේ, මගේ පොකට්ටුව ගැන අනතුරු ඇඟවූ ප්‍රමාණය සහ පිටකොටුව වැනි ජනාකීර්ණ තැන් වලත් නිතර සැරිසරා ලබා ගත් අත්දැකීමෙන්. මේ ලිපිය ලියන්න ආරම්භ කල සඳුදා උදේ වරුවෙම ඉහත රූපයේ පෙනෙන ආකාරයට මගේ පොකට්ටුව දැක මට දන්නා නොදන්නා තිදෙනෙක් පැය කාලක් ඇතුලත එය පෙන්වා දුන්නා. එය මා තුල ඇති කලේ ඉතාම හැඟුම්බර ගරුත්වයක්. ඒ මගේ රටේ පුරවැසියන් ගැන. ලෝකයේ මේ තරම් අනුන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙන ජාතියක් නැතිව ඇතැයි කියන හැගීම මට ඇති වුණේ පොඩි ආඩම්බරයකුත් එක්ක. ඉතිං "අපේ රටේ මිනිස්සු වෙනස් නැද්ද ?"
අපේ රටේ මිනිස්සු වෙනස් තමයි. ඔය වගේ අනතුරු ඇඟවීම් කරන කට්ටිය මටත් හම්බවෙලා තියෙනව. හැබැයි හැම මනුස්සය ගැනම ඔය විදියට හිතන්න ගියොත්නං ඔය පර්ස් එක නැතිවෙන්න තියෙන අවස්ථාව වැඩිවෙනව.
ReplyDeleteඔව්. ඔව්. මම බොහොම සිනා මුසුව ස්තූති කරනවා. අපේ ඔෆිස් එකේ අයටනම් කියන්නේ "මේ පර්ස් පාවිච්චි කරණ අය මේකේ සල්ලි දාන්නේ නැති බව පොකට් කාරයෝ දන්නවා" කියලා.
Deleteඇත්තටම ලංකාවේ මිනිස්සු වෙනස්, සාරි අදින්න පටන් ගත්ත කාලේ සාරි පොට පැටලිලා වෙන්න තියෙන අනතුරු කිහිපයක්ම වලක්ව ගන්න පුලුවන් උනේ, දන්න අයට වඩා නොදන්න අය ඒ ගැන දැනුවත් කරපු නිසා.
ReplyDeleteවෙලාවකට කරදරයක් වගේ නේද ?
Deleteඒ කියන්නෙ මමත් හොද ළමයෙක්. මොකද මමත් සුදීකට ඔය පර්ස් එක ගැන කියලා තියෙනවා දැකපු දවස් වලම.
ReplyDeleteඔය වගේ ලේසියෙන් ගන්න පුලුවන් දෙයක් හොරකන් කරන්නේ නැහැ, වටින දෙයක් තියෙනවනම් එහෙම දාගෙන යන්නෙ නැහැ කියන උපකල්පනයට ඇවිල්ලා.
ඔය ඉන්නේ කට්ටිය.
Deleteමම මෙහෙම කතාවක් අහලා තියනවා.කොන්දොස්තරලා පොකට්කාරයන්ගෙන් පරෙස්සම් වෙන්න කියලා කියන්නේ පොකෙට් කාරයාගෙන් ගානක් අරගෙනලු.එහෙම කෑ ගැහුවම අපි ටක් ගාලා ඇත දාලා බලනවනේ අපේ purse එක තියනවද කියලා.එතකොට එක පොකට්කාරයා note කරගන්නවා.එතකොට එයාගේ වැඩේ ලේසි වෙනවනේ
ReplyDeleteමම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
ඔයා ටෙක්නික්ස් දන්නවා එහෙනං
Deleteඇත්තටම සුදීක අයියෙ ඔය අත්දැකීම මටත් තිබුනා. දිග පර්ස් එකක් පාවිච්චි කරපු ටික දවසට සෑහෙන්න ප්‍රමාණයක්, කොටින්ම බස් එකේ යත්දි නන්නාදුනන අය පවා කියනවා.
ReplyDeleteඅපේ රට ගැන ඒ වෙලාවටනම් ආඩම්බරයි.
මේකත් හරියට අර ඉදිරියෙන් පොලීසිය ඉන්නකොට ලයිට් ගහනවා වගේ වැඩක්. තව කෙනෙක් අමාරුවේ වැටෙනවා දකින්න අකමැති කමට තමයි එහෙම කියන්නේ.
Deleteඅර කවිය යට ඇම් ඇම් ඕගනයිසේශන් කියලා ගහල තිබුනා නේද? මට මතක විදියට ඔය ස්ටිකර් එකේ හාවා හරි හාවාගේ පිංතූරයකුත් තිබුනා.
ReplyDeleteඔව්. ඔව්. දැන් නම් සීනුව කියන තැන ජේ.වී.පී. සීනුව ගහපු ඒවත් තියෙනවා.
Deleteඕකත් ඉතින් වෙනස් වෙන්න පුළුවන් නේද ? අපේ රටෙත් කොච්චර පික් පොකට් ගහන මහත්වරු, නෝනලා ඉන්නවද ?
ReplyDeleteබොහොම සුළුතරයක්. අපේ ගමේ ඉන්නවා කෙනෙක් දවසක් මිනිහගේ පොකට් එකට ගැහුවම, පොකට් ගස්සවන ලොක්කට කියලා පර්ස් එක හොයා ගත්ත. ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. මිනිහා ටිකක් කයිවාරු කාරයා.
Deleteමේ කතාවනම් ඇත්ත වෙන්න ඇති සුදීක . මොකද මගෙත් පොකට් ගහපු පර්ස් එකක් පොකට් ලොක්කගෙන් ආයෙමත් ගෙනත් දෙන්න පුලුවන් උනා මගේ යාලුවෙකුට .
Deleteකතාව ඇත්ත මටත් පාරෙ යද්දී ගොඩක් අය කියලා තියෙනවා පුතා පර්ස් එක එලියට අවිල්ලා මහත්තයා මහත්තයගෙ සල්ලි වගයක් වැටුනා ඒ වගේ ඒවා අනිත් පැත්තත් හැබැයි ටිකක් ඒ වගේම තමා ඒ වුනාට බහුතරක් හොදයි සංස්කෘතියත් එක්ක ආපු දෙයක් කියලයි මගේ විශ්වාසය අපේ saxskrut
ReplyDeleteඅපේ මිනිස්සු කාට හරි උපකාර කරන්න නම් උපතින්ම කැමතියි.
Deleteසුදීක, මේ ගැජට්, බැජට් අයින් කරලා බ්ලොග් එක ටිකක් සිම්පල් කළොත් නරකද ? හරිම අමාරුයි මේකෙ ස්කොරල් කරන්න. විශේෂයෙනම් ටච් පෑඩ් එකෙන්... පොඩ්ඩක් පල්ලෙහාට ගත්තම ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන ගාවට ගිහින් තමා නතර වෙන්නේ.. ආයෙ උඩ එනවා බොරු...
ReplyDelete//සුදීක, මේ ගැජට්, බැජට් අයින් කරලා බ්ලොග් එක ටිකක් සිම්පල් කළොත් නරකද ? හරිම අමාරුයි මේකෙ ස්කොරල් කරන්න. // මටත් එසේමයි.
Deleteමම පහුගිය කාලේ චන්දනගේ බ්ලොග් එක පීරුවා අර ස්ක්‍රෝල් බාර් එක පරණ පොස්ට් වලටත් දා ගන්න. ඒත් හම්බ වුණේ නෑ. මම මේ දවස් වල නම් ජාලගත වෙන්නේ බොහොම අඩුවෙන්.
Deleteස්ක්‍රෝල් බාර් එක කිව්වෙ මේකද සුදීක අයියෙ ?
Deletehttp://chandanadm.blogspot.com/2013/03/scrolling-effect-to-blogger-link-list.html
බොහොම ස්තුතියි මලේ. හෙට වැඩේට බහින්නම්.
Delete'countryman' kiyanne game gode udawiyata neda?
ReplyDeleteමධුරේ ගැහුවම එන්නේ ඔය තේරුම් තමයි. ගූගල් සර්ච් එකක් කරන්න "countrymen synonyms" කියලා එතකොට මේකට කියන තව තේරුම් එනවා. හැබැයි බරසාර වචනයක්.
Deleteපොකැට් එකට එළිපිට නොදැනෙන්න ගහන්නේ රජය.
ReplyDeleteමගේ ක්‍රමය වෙනස්. පොකැට්ටුව දමන්නේ පැති සාක්කුවක. තවමනම් කව්රුත් පොකැට් ගසා නැහැ.
වෙළෙන්දොත් ගහනවා නේද ?
Deleteඅපේ ඔෆිස් එකෙත් ඉන්නවා කෙනෙක් පැති සාක්කුවේ දමන. වැඩේ තියෙන්නේ මම දා ගත්තොත් බස් එකේ කෑ ගහයි මගේ පොකට් එකට ගහලා කියල. මොකද සල්ලි කිව්වා ගමන් අත යන්නේ පස්සට නේ.
මටනම් ඔය ලොකු පසුම්බියක් wallet නැතුව බැහැ. මුදල් වලට අමතරව තව නොයෙකුත් කඩදාසි කොළ, හැඳුනුම්පත, අර කාඩ් මේ කාඩ්, ඔක්කොම දාන්න පුළුවන් පතන්දර 'පෝර්ස්' එකක් මම පාවිච්චි කරන්නේ. හොරෙකුට ගන්න බැහැ ඒ තරම් තදින් සාක්කුවට හිරවෙලා තියෙන්නේ. (මම පොදු වාහන වල යන්නේ අඩුවෙන් නිසා කයිය ගහනවා)
ReplyDeleteහැබැයි මම දෙවරක් පික්පොකට් කාරයන්ට අහුවෙලා තියනවා. අද මහේ වොලට් එකේ පොඩි සටහනක් දාපු කොලයක් තියනවා මෙන්න මෙහෙම.
'ඔබ මේ පර්ස් එක සොරාගත්තානම් ඒ ඔබේ දක්ෂකමය මගේ දුර්වලකමය.
ඔබට මේ පර්ස් එක යම් තැනක තිබී හමුවූවා නම් ඒ ඔබේ විමසිලිමත් බව නිසාය මගේ නොසැලකිලිමත් බව නිසාය.
මෙහි ඇති මුදල් ඔබ ගන්න. ඒ මුදලින් කොටසක් වැයකර මෙහි ඇති සියලු ලියකියවිලි පහත දැක්වෙන ලිපිනයට එවන්න. හැකිනම්, කැමතිනම්, පහත දැක්වෙන අංකයට දුරකථන ඇමතුමක් දෙන්න මම පෞද්ගලිකව පැමිණ කිසිදු පැනයක් නොවිමසා ලියකියවිලි පමණක් බාරගනිමි. එම ලියකියවිලි ඔබට ආසන්නතම තැපැල් හලේ තබා මට දුරකථන ඇමතුමක් දීම වුවද සෑහේ.'
උන් දන්නවා ඇම දිගේ ගියාම බිලී පිත්තක් කෙලවරේ තියෙනවා කියලා. ඒ නිසා විසි කරන එක තමයි කරන්නේ. මම හමුදාවේ කෙනෙකුගේ හැඳුනුම්පත් පිටවීමේ අවසරපත්, ඒටීඑම් කාඩ් තියෙන පොඩි පොකට්ටුවක් ඇහින්දා. කිසිම දුරකථන අංකයක් තිබුණේ නෑ. ජාතික හැඳුනුම් පතේ තියෙන අංකයට ටෙලිග්‍රෑම් එකක් ගැහුවා. පස්සේ මට කෝල් කළා මාන්කුලම් ඉන්නේ සති දෙකකින් හමු වෙන්නම් කියලා. අද ඒක ලැබුණොත් ලියුමක් තමයි යවන්න වෙන්නේ.
Deleteමම නම් තාම පාවිච්චි කරන්නේ පරණ ජාතියේ එකක් තමයි.. මට නම් පහසු ඒක..
ReplyDeleteලීරා කොළ වල සයිස් එක කොහොමද ? අපේ දෙදාහා වගේ ඒවා නැතිද ?
Deleteකතන්දරේ කෙසේ වෙතත්.., මට නම් දිග වොලට් එක කාන්තා ගතිය ඉස්මතු කරලා පෙන්වනවා.. වොලට් එකේ සල්ලි සහ කාඩ් පත් විතරක් දා ගත්තාම් හොඳටෝම ඇති..
ReplyDeleteමුලින්ම ඒ දෙක තමා දාන්නේ. පස්සේ පස්සේ ටික-ටික අරවා මේවා එකතු වෙනවා.
Deleteඔය දිග පර්ස් එක දැං කොල්ලො දාන්නෙ ඩෙනිමෙ ඉස්සරහ සාකුකවට... ඒකට ගාණට මැච් වෙනව... මාත් එහෙම දාල යූස්කරන හිංද දන්නව... ඒත් අනිත් කලිසම් වලට නං ඔය තියරිය හරියන්නෙ නෑ
ReplyDeleteමගේ එක කලිසමක් තියෙනවා. ඒකෙ දැම්මම සෙන්ටිමීටර් එකයි එළියේ තියෙන්නේ.
Deleteහොරුනම් පික්පොකට් නොගහුවත් සුදිකයියා කියලා තියෙනවා වගේ වෙනස් විදියේ පොකට් කාරයන්ට අහු වෙලා තියෙනවා ඇති තරම්.
ReplyDeleteඑකෙන්ම. ඕනෑ තරම්.
Deleteඅපහට සිදු වේය ලොකු ලොකු දඩ කන්න
ReplyDeleteසෙසු හැම දෙනා හට සිදු වේ තෙරෙපෙන්න
ඔබගේ පොකට්ටුව ඉඩ ඇත නැති වෙන්න
පාපුවරුවේ නොසිට කරුණාකර පස්සට යන්න
ඔය කවිය ගැන මටත් අවුලක් තිබ්බා. ඒ තමයි ඕකේ හතරවෙනි පේලිය තාලෙට (රයිම් වෙන්න) කියවන්නේ කොහොමද කියන එක. ඇත්තටම ඕකෙ තාලේ වැරදියි නේද?
"කරුණාකර දොර ලඟින් පස්සට යන්න" වගෙ වුනා නම්. 'පස්සට' වෙනුවට 'ඈතට' කියල හරි....
Deleteමට දවල් රිප්ලයි කර ගන්න බැරි වුණා ඔෆිස් එකෙන්. මටත් ඕක දකින හැම වතාවෙම ඔය අවුල පේනවා.
Deleteඅපේ රටේ අය කොහොමත් තමන්ටත් වඩා අනිත් අය ගැන සැලකිල්ලක් දක්වනවා නෙවැ , හැබැයි එක තකට ඒකත් නරක නැහැ වෙලාවකට... ,
ReplyDeleteමමත් දැන් අවුරුද්දකටත් වැඩි කාලේක ඉදන් පාවිච්චි කරන්නේ ඔය ජාතියේ පර්ස් තමයි ..ඉස්සරහා සාක්කුවේ දාපුවම ඔය ගැටලුව එන්නේ නැහැ හැබැයි ..
මමත් පුරුදු වෙන්න ඕනේ.
Deleteමගෙ පර්ස් එකත් සාක්කුවට ටිකක් තදයි. පර්ස් එකක් ගන්නෙත් සාක්කුවට දාල බලල තමයි. තවම නම් පොකට් ගැහිල්ලකට ගොදුරු වෙලා නෑ.
ReplyDeleteතව, මං පර්ස් එකේ දාන්නෙ නෑ සිම්, මෙමරි චිප් සහ කාසි. සිම්, චිප් කැඩෙනව පර්ස් වල දැම්මම. මගෙ ෆෝන් නම්බර් එක ලියපු කොලයකුත් දාල තියනව ඒකෙ.
මගේ පර්ස් එකේ සිම්.මෙමරි චිප් දාන්න වෙනම තැනක් තියෙනවා.
Deleteකො මන් කොටපුව
ReplyDeleteඅනේ අපි දන්නේ කොහොමද රජෝ.
Deleteමෙච්චර ලොකු වොලට් එකක් සාක්කුවේ දාගෙන ඉඳලත්, මට මේ පෝස්ට් එක නොපෙනුනු හැටි.... :D
ReplyDeleteමටත් එහෙමයි පොඩ්ඩි ... :)
Deleteමමත් ලියන්නං සුදික මල්ලි දිග පෝස් ගැන මතක් කලාට තුති...
මට නං මෙච්චර කාලෙකට ගහල නෑ ,පර්ස් එක තියෙන්නෙත් පස්සෙ සාක්කුවෙ මාව දැක්කම ගහල වැඩක් නැතිවෙයි කියල හිතෙනව ඇති.
ReplyDelete