මේ මාතෘකාව දුටු විට ඔබේ සිතේ ඇති වන ප්‍රහේලිකාව වටහා ගැනීමට අපහසු නැත. මාර්තු මාසයේ උසස් පෙළ විභාගයක් සාමාන්‍යයෙන් නොපැවැත්වෙන බව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු දනී(එහෙත් එක් වසරක කුමන හෝ කාරණයක් මත අප්‍රේල් නිවාඩුවේදී උසස් පෙළ විභාගයක් පැවති බව සිහින් මතකයක් ඇත). නමුත් මා අද සටහන් තබන්නට යන්නේ වර්තමානයේ හෝ පසුගිය වසර කිහිපය ඇතුලත සිදු වූ සිදුවීමක් නොව මීට කලකට පෙර මා උසස්පෙළ හදාරන යුගයේ මගේ අත්දැකීමකි. ඒ එම වසරේ ජූලි මාසයයි. එය වුවත් අද හෙළි කිරීමට තරම් ඥානාන්විත කරුණක් නොවන බව ඔබට පැහැදිලි කරුණකි. මේ වනවිට එම වසරේ උසස්පෙළ විභාගයට මුහුණ දුන් අයගේ දුවා දරුවන්ද සරසවි වරම් ලබන්නට කාලය වී හමාරය. කෙසේ නමුත් එම ප්‍රශ්නපත්‍රය පිට වීමේ සම්පූර්ණ වගකීම මා සතු වන නිසා එය මෙසේ ලියා තැබීමට වටිනා කරුණකි.
මෙය මාගේ මතකයේ තිබුණ කරුණක් බව ඊයේ දහවල් කාලය වනතුරු මට නොදැනින. එම මතකය අවදි වන්නට හේතු වූයේ මගේ කාර්යාල මිතුරියක් දිවා විවේකයේ පැවසූ අගනා කතාවක් නිසාය. අවුරුදු පහක් පමණ වයසැති ඇගේ කුඩාම දියණිය අපගේ කාර්යාලය ඉදිරිපිටම ඇති අන්තර්ජාතික පාසලට අනුබද්ධ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැඳවීමට රැගෙන යාම අගේ දෛනික චර්යාවේ කොටසකි. එවැනි අවස්ථාවක ඇගේ කන වැකුණු ඔපාදුපය ඉතා රසවත් කතාවකි. ඒ තම නිවසේ කිරීමට කිසිදු රාජකාරියක් නොමැති, මෙවැනි පාසල් වල ගේට්ටු මුර කරන මව් වරුන්ගේ සංගමය හා දොඩමළු වන්නට ලැබුණු අවස්ථාවක කන වැකුණු නැවුම් ප්‍රවෘතියක් නිසාය. ඇයට නම් මේ ඕපාදූප ගෙන දුන්නේ ප්‍රීතියකි. ඒ ඇය මෙහි යාවජීව සාමාජිකාවක් නොවන හෙයිනි. ඇගේ කන මේ ප්‍රවෘත්තිය තබා ඇත්තේ එතැන දෛනිකව රස්තියාදුවේ යෙදෙන මවකි. එම ප්‍රවෘත්තිය මෙසේය; අවරුදු පහක් පමණැති මේ කුඩා දරුවන්ට වාර විභාගයක් පවත්වන බවත්, එක් පන්තියකට ඊයේ සිංහල ප්‍රශ්න පත්‍රය පැවැත්වූ බවත්, අද ඔවුන්ගේ දියණියන්ගේ පන්තියට විභාගය පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍රය ඊයේ දුන් එකම වීම නිසා සමහර දරුවන්ට එයින් වැඩි ලකුණු ගන්නට අවස්ථාව උදා වී ඇති බවත්ය. ඊයේ පන්තියට "ර" යන්නනේ වචන ලියන්නට දී ඇති බවත්, එම ප්‍රශ්න පත්‍රය ඡායාස්ථ පිටපත් කර සමහර මවුවරුන්ට ලබා දී ඇති නිසා මේ ගැටලුව ඇති වී තිබෙන බවය.
"රයන්නෙන් වචන ලියන්න දුන්නම ඉතින් රට කියලා ලියනවා ඇරෙන්න මේ පොඩි ළමයි රඹුටන් කියලා ලියනවාද ?"
යනුවෙන් එම මව වැඩිදුරටත් පවසා ඇත. මගේ මිතුරිය පවසා ඇත්තේ තම දියණියට අකුරු ඉගෙන ගැනීමට නොහැකි වුවත් කමක් නැත යන්නයි.
ඒ අතුරු කතාව නොලියාම සිටින්නට බැරි නිසා මෙහි සඳහන් කලේ, මා පවසන්න යන කතාවට මුලාරම්භය එමගින් ලැබුණු නිසාය. උසස් පෙළ විභාගය ලියන්න සතියකට දෙකකට කලින් පවත්වන මේ විභාගය ලියන්න ඉදිරිපත් වුයේ මගේ පන්තියේ සිවු දෙනෙකි. අනෙක් අය එය මග හැර සිටියාද, නැතිනම් මෙමගින් මානසිකත්වය අවුල් වේ යයි බියෙන් එයට මුහුණ නොදුන්නාද, මුදල් හිඟකම නිසා අමතක කර දැමුවාද යන්න පිලිබඳ නිසි මතකයක් මට නැත. නමුත් එම කාරණා තුනම අඩු -වැඩි වශයෙන් ඊට මුල් වූ බව සඳහන් කල යුතුය. ටෙරන්ස් නමැති මගේ මිතුරා ඉන් තුන්වන කාරණය නිසා එම විභාගයට මුහුණ නොදුන් බව නම් මම සහතිකවම දනිමි. අතුරු කතාවක් වුවත්, ටෙරන්ස් ගැන යාම සටහනක් කල යුතුමය. ඔහු සාමන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවේ, අප පාසල අසලම පිහිටා ඇති කටුකුරුන්ද විදුහලෙනි. උසස් පෙලට කළුතර මහා විද්‍යාලයට එකම දිනයක මමත්, ටෙරන්ස් සහ තවත් කිහිප දෙනෙකු ඇතුලත් වූයෙමු. එතැන් පටන් ටෙරන්ස් මගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙකු විය. එනිසාම ඔහුගේ ගෙදර දොර විත්ති සහ ආගිය තොරතුරු බොහොමයක් හෙතෙම මා සමග පැවසූවේය.
ටෙරන්ස් ජීවත් වූයේ කටුකුරුන්ද නමැති කොළඹ - ගාලු පාරේ කළුතර නගරය පසු කළ ගමන්ම හමුවන අර්ධ නාගරික මංසන්ධිය වටා ගොඩනැගුනු ප්‍රදේශයේය. මතුගම පාර, ගාලු පාර සමග එක් වන්නේ කටුකුරුන්ද හන්දියේදීය. මේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන්ද, සිංහල කිතුණු බැතුමතුන්ද, මුස්ලිම් ජනතාවද සම සමව වාගේ සහජීවනයෙන් වාසය කරති. ඉඳහිට ගැටුමක් ඇති වුවත්, එකිනෙකා හඳුනාගෙන, එකිනෙකා සමග මිශ්‍රව මෙහි ජනතාව වෙසෙති. මගේ මිතුරා තරමක් දිළිඳු පසුබිමක් ඇති අයෙක් බව වටහා ගන්නට, ඔහු ලඟින් ඇසුරු කල මා හට තේරුම් ගැනීමට වැඩි කලක් ගත නොවීය. හැකි අයුරින් ඔහුට සහනයක් කරන්නට මා මෙන්ම බොහෝ දෙනෙකු ඉදිරිපත් විය. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කිරීමට මෙන්ම නැරඹීමට හෙතෙම දක්වන ලද කැමැත්ත අප දෙදෙනා සමීප කරන්නට හේතු විය. ටෙරා සැබවින්ම අවිහිංසකකි. ඔහුගේ නිතරම සිනහාබර මුහුණ සහ ප්‍රියමනාප කථාව ඊට සාක්ෂි සැපයීය. නමුත් ඊට යටින් ඇති ටෙරාගේ දුක්ඛිත කථාව ඇසට කඳුළු නන්වන්නකි. නමුත් ක්‍රිකට් සහ පාපන්දු ඔහුගේ සතුට සහ ජීවන බරටද පිටිවහලක් සපයා තිබුණි. සෙනසුරාදා පැවැත්වෙන ටිල්නි ද සිල්වා ගුරුතුමාගේ අමතර පන්තියට ඔහු එන්නේ දහඩිය පෙරාගෙනය. ඒ උදේ වරුවේ කටුකුරුන්දේ හෝ පයාගල පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගයක් විනිශ්චය කිරීමෙන් අනතුරුවය. මුළු ඉරිදා දිනයම තරග විනිශ්චයට කැප කරන ටෙරන්ස් තම ක්‍රීඩා කිරීමේ ආසාව ආයාසයෙන් යටපත් කර ගන්නේ ඒ සඳහා ලැබෙන ගාස්තු මගින් තමන්ගේ අමතර පන්ති ගාස්තුව පියවීමට යොදා ගන්නා උදාර පරමාර්ථයෙනි. මා ඉතසිතින් ටෙරාට සරසවි වරම් පැතුවද, එකල පැවතී වාතාවරණයත් සමග අප පන්තියෙන් සරසවි වරම් ලබන්නට සමත් වූයේ එක් අයෙකි.
අජිත් මහින්ද, චන්දන, ජනක සහ මා කළුතර අධ්‍යාපන කාර්යාලය මගින් පවත්වන දිස්ත්‍රික් මට්ටමේ වාර විභාගයට මුහුණ දුන් සිව් දෙනාය. අප හතර දෙනෙකුට විභාගය පැවැත්වීම ඉතා පහසු කටයුත්තක් නිසා එකල අපට සිප්සතර කියාදුන් ගුරුවරුන්ටද මහත් අස්වැසිල්ලක් විය. මාලදිවයිනේ ඉගැන්වීමේ රැකියාවන් කල ගුරුබවතුන් දෙදෙන්ක්ම මට හමු වුයේ මේ විදු පියසේය. නන්දාවතී ගුරු මහත්මිය(මෙනෙවිය) අපගේ ඉංග්‍රීසි ගුරුවරිය වශයෙන් කාලයක් අප හා කුළුපග වී සිටියද, ප්‍රනාන්දු ගුරු මහතා එහි ව්‍යවහාරික ගණිත ගුරුවරයා වශයෙන් අප හා එක් වූයේ අවසාන් මාස කිහිපයේය. ඒ වනවිටත් ඔහු ප්‍රදේශයේ දස්කම් දැක්වූ ගුරුබවතෙක් විය. නමුත් ඔහුගේ හිඩැස පිරවීමට ධර්මලතා ගුරුතුමිය අප හා එක්වූවද, ඇයගේ විෂයපථය වූයේ රසායන විද්‍යාවයි. මුලදී ඇයට අමාරු ගණන් සාදා පෙන්වීමට මා සහ චන්දන සමත් වූ අවස්ථා තිබුණි. ඇයද අපගෙන් විමසන්නට තරම් නිහතමානී විය. අපේ පන්තිභාර ගුරුවරිය වූ ඇයට අප හැර යන්නට වූයේ ප්‍රනාන්දු ගුරු මහතාගේ ආගමනයත් සමගය. මටනම් ඔහුගේ ඉගැන්වෙම් රටාව හෝ ඇගයීම එතරම් දිරවූයේ නැත. ඔහු අපගෙන් ඉතා වේගවත්ව ගැටළු විසඳීම බලාපොරොත්තු වූ අතර අතැඹුලක් සේ ඇති ගණිත ගැටළු කළුලෑල්ලේ ලියාගෙන යන්නේ යන්ත්‍රයක් පරිදිය. එම විභාගයේ ප්‍රශ්නපත්‍රය ඇගයු ඔහු මගේ මානසික මට්ටම ඉතා පහලට දමන ආකාරයේ ප්‍රකාශයක් කළ අතර මා එය තඹ දොයිතුවකටවත් මායිම් නොකළේ මා පිලිබඳ හොඳ තක්සේරුවක් මා තුල තිබූ නිසාය. අනෙක් අතින් මා පුද්ගලික අධ්‍යාපනය ලැබූ නන්දසිරි ගුරු මහතා ඒ වනවිටත් මා ගැන ඉතා ඉහළින් ඇගයීම් කර තිබූ නිසාය.
මගේ මතකය නිවැරදි නම් එය සිකුරාදා දිනයකි. මේ වනවිට එක් ප්‍රශ්ණ පත්‍රයකට අප මුහුණ දී තිබුණි. එදින අපට නියමිතව තිබුණේ ශුද්ධ ගණිතය විෂයයි. විභාගය ලියන හතරදෙනාට අමතරව පන්තියේ සියළුම දෙනා නොවරදවා පාසැල් පැමිණීය. එය බොහෝ දෙනාගේ ජීවන පුරුද්දකි. අප හතර දෙනා නියමිත වෙලාවට පැමිණෙන තෙක් අප රසායන විද්‍යා ගුරුතුමිය වූ සොයිසා මහත්මිය, සිව් දෙනෙකෙකුට සෑහෙන පාසලේ කුඩාම මුල්ලක සාදා තිබූ විභාග කාමරයට වී සිටියාය. බොහෝවිට මුහුණේ සිනහවක් දකින්නට නැති ඇය, ඒ දිනවලදී අප දුටු විට මුවගට සිනහවක් නගා ගත්තේ, පාසල නිමවී තම දරුවන් නිවසට පැමිණෙන විට බලා සිටින මවක මෙනි. වැඩි කථාවක් නැතිවම අප අසුන් ගෙන අවසන් වීමට ප්‍රථම ඇය ප්‍රශ්න පත්‍රය අපගේ මේස මත තබා
"මේක ඒලෙවල් වලට කලින් තියන අන්තිම විභාගේ නිසා හරියට ලියන්න, කොපි කලොත් වැඩක් වෙන එකක් නෑ"
යනුවෙන් පවසා ශාලාවෙන් පිටවී ගියාය. ඉන්පසු අපට කථා නොකර සිටීමට උගහටය. ඒ අප වෙත ලබා දී තිබුණේ ඇයගේ විෂයම වූ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය බැවිණි. ඇය ශාලාවේ නොමැති වුවත් ඉතා පහත් හඬින් කතා කරන්නට අප වග බල ගත්තේ, එතැනින් යන වෙනත් ගුරුවරයෙකු නිකමට ගොඩ වුවහොත් ඇතිවන තත්වය දන්නා නිසාය. තවමත් අපට උසස් පෙළ විභාගයේ ඇතුල්වීම්පත ලැබී නොමැති නිසා මේ දිනවල සියළු සිසුන් ඉතා විනීතව හැසිරෙන ආකාරය ගුරුවරුන්ගේද විමතියට හේතු විය. මේ වනවිට පාසලේ නොසන්ඩාල වැඩ කිහිපයක්ම(විමල්ගේ වික්‍රමය තව ලිවීමෙට බොහෝ දේ ඇත) සිදු කර ඇති නිසා අප කෙරේ ගුරුබවතුන් දැක්වූයේ එතරම් හොඳ ආකල්පයක් නොවේ.
"මචං අද තියෙන්නේ පියෝ පේපර් එක නේද ?" කෙනෙකු විමසීය.
"ඔන්න ඔහේ ලියපන් බං" තවත් කෙනෙකු පැවසීය.
මා හැරෙන්නට අනෙක් තිදෙනාම රසායන විද්‍යා විෂයට ඇලුම් කළ නිසා ගුරුතුමියට වසං කර එම ප්‍රශ්න පත්‍රයට ලිවීමට ඒකමතිකව තීරණය කළෙමු. අපට ලබා දී තිබුනේ පළමු ප්‍රශ්න පත්‍රයයි. දැන් සියල්ලන්ගේම සිත් ප්‍රීති ප්‍රමෝදයෙන් උතුරා ගොසිනි. හේතුව සඳුදාට පෙර මෙය දිස්ත්‍රික්කයේ අනෙක් අය අතට පත් කළ හැකි බැවිණි. උදෑසන එකොළහමාර වන විට සියලු දෙනා පිළිතුරු බැඳ අවසාන වී තිබූ නිසා උත්තර පත්‍ර එකතු කරගත් සොයිසා මහත්මිය පිටව ගියාය. තවත් වෙලාවක් නොගෙන මමත් ජනකත් පාසලෙන් පිට වීමු. මට ගෙදර එනතුරු ඉස්පාසුව නොතිබිණි. ඒ අලුත්ගම මහ විදුහලේ බොහෝ සිසුන් ප්‍රමාණයක් මගේ මිතුරන් වූ බැවිණි. ඩන්කන් කුලසේකර මහතාගේ රසායන විද්‍යා පන්තියට අලුත්ගම මහා විද්‍යාලයේ සියල්ලන්ම වගේ පැමිණේ(ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා කියවන්න). එහෙත් මෙය මා කා අත තබම්ද ? යන ගැටලුව මගේ සිතේ ඇති කළේ ප්‍රහේලිකාවකි. "හරි අලුත්ගම බස් හෝල්ට් එකේ හමු වන පළමු කෙනාට දෙනවා" යනුවෙන් සිතාගෙන ජනේලයෙන් පිටතට දෑස් යොමා ගතිමි.
අලුත්ගමදී කිසිවකු මුණ නොගැසිනි. මේ විභාග දිනයන් නිසා කවුරුත් රස්තියාදුවේ යන්නේ නැත. බොහෝ දෙනා තම නිවෙස් වලට වී පොත් පත් සමග කාලය ගත කරයි. අලුත්ගම සිට බෙන්තරට ඇති කිලෝ මීටර් එකහමාරක දුර පයින් යෑම මට කජු කනවා වගේ වැඩකි. වටපිට සිරිය නරඹමින් පාළම අසලට පැමිණෙන මා, පාළම ළඟදී මද විවේකයක් ගන්නේ මද්දෙදූව නමැති පාලම දෙක අතර පිහිටා ඇති කුඩා දූපත මතය. එහිසිට ගං කලපුවේ දෙපස කොහේ හෝ වේගයෙන් ගමන් ගන්නා බෝට්ටුවක් හෝ එයට අමුණා ඇති කඹයක එල්ලී දිය කපාගෙන යන විදේශිකයෙකු දෙස බලා සිටින්නට මම පුරුදු වී සිටියෙමි. අද එසේ රැදී සිටින්නට මගේ හිත ඉඩ නොදුන්නේ මගේ මිතුරකු අත මෙම ප්‍රශ්න පත්‍රය තබා ඔහු මවිතයට පත් කරන තුරු ඉස්පාසුවක් නොවූ බැවිණි.
නිවසට පැමිණ බත් පිඟාන අහුරට දෙකට කා, කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් දමාගෙන, ප්‍රශ්න පත්‍රය හතරට නවා සාක්කුවේ දමාගත් මා පාපැදියට ගොඩ වී හැල්මේ පෑගුවේ ලෙනාඩ්ලාගේ(විජේ අංකල්ගේ ඉංග්‍රීසි - පියාගේ රස කතාවකි) නිවසටය. බයිසිකලය නිවස ඉදිරිපස නතර කර ගෙට ගොඩ වූ මා, එහි සිටි ඔහුගේ මවගෙන් ලෙනාඩ් සිටින තැන අසා, ඔහු සිටින කාමරයට ගොඩ වීමි. ඒ වනවිටත් නළල රැලි ගන්වාගෙන ගණනක් දෙස යොමු වූ දෑස්ව ඔහු බලා සිටියේය. මා අසලට යනවිට හිස ඔසවා මද සිනහවක් මුවේ රඳවාගෙන මදෙස බලනවාත් සමගම මා සාක්කුවට අත අවා ප්‍රශ්න පත්‍රය ගෙන උවමනාවකට නැතිව ඔහුගේ මේසයට විසි කළේය.
"ඇයි උඹ අරගෙන ආවේ. මම හවස ඒ පැත්තේ එන්න හිටියේ පේපර් එක ඉල්ලා ගන්න. කොහොමද ලේසිද ?"
"දිග ඇරලා බලපන්කො"
එය දිග හැර බැලූ ඔහු
"අද පියෝ නේද තියෙනවා කිව්වේ"
"ඔව්. උඹලගේ ඉස්කෝලේ පියෝ දෙන්න ඇති. ඒත් අපිට දුන්නේ කෙමිස්ට්‍රි"
අප දෙදෙනාට සිනහව නතර කර ගන්නට බැරි විය.
"මචෝ. මේක මම දුන්නා කියන්න එපා. කට්ටියත් එක්ක හෙමිහිට බලපන්"
මම නැවත ගෙදර ආවෙමි. සඳුදා උදේ ප්‍රශ්නපත්‍රයට මුහුණ දීමට අප විභාග ශාලාවට වී බලා සිටින විට, සොයිසා ගුරු මහත්මිය වෙනුවට එහි ආවේ විදුහල්පති තුමාගේ පියන් වරයාය.
"අන්න කට්ටියට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා"
එය අප බලාපොරොත්තුවෙන් සිටි තත්වයකි. මේ වනවිට අලුත්ගම මහා විද්‍යාලයේ දැන්වීම් පුවරුවේ නිවැරදි පිළිතුරු සහිත ප්‍රශ්න පත්‍රය අමුණා ඇති බව දැනගන්නට ලැබිණි. ඉරිදා හවස වනවිට එම ආරංචිය ලැව් ගින්නක් සේ පුනරීක්ෂණ පන්ති වල පැතිරී තිබිණි. අප සිව් දෙනා එකිනෙකාගේ මුහුණු බලා තුෂ්නිම්භූතව විදුහල්පති තුමාගේ කාර්යාලට වාර්තා කළෙමු. එහි යනවිට හැඩූ කඳුලින් සිටින සොයිසා ගුරු මහත්මිය දැක, අප තුල ශෝකයක් ඇති විණි.
"ආ ... මෙගොල්ලොද කට්ටිය. මට කියන්න හතරදෙනාගේ ගම්"
මුලින්ම ඉදිරිපත් වූ අජිත් මහින්ද සහ චන්දන "කළුතර" ලෙස පිළිතුරු දුනි.
"මේ දෙන්නගෙන් වෙන්න බෑ මිස්. කියමු බලන්න අනිත් දෙන්නා"
"මම බේරුවල" යනුවෙන් ජනක පැවසීය. "මම බෙන්තර"
"හරි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් තමයි යන්න ඇත්තේ. ඔය ළමයි නොදන්නවා වෙන්න බෑ. අද දෙන්න තිබුන ප්‍රශ්න පත්තරේ ගිය සිකුරාදා දීලා තියෙන්නේ. මේ ළමයි කාටද එක දුන්නේ. බෙන්තර කෙනා කියමු බලන්න"
"සර්... මම අපේ ගෙවල් ගාව යාලුවෙක්ට දුන්නා. එයා අම්බලන්ගොඩ ඉස්කෝලේ යන්නේ"
"හා ... අනිත් කෙනා කියන්න බලන්න"
"සර් මම කාටවත් දුන්නේ නෑ"
"එතකොට කාගෙන්ද මේක යන්න ඇත්තේ. හරි මේ ළමයි දැන් යන්න පන්තියට. මම අධ්‍යක්ෂක තුමාට කියන්නම්"
කතාව එසේ නිමා වුවද, මා ලබා දුන් ප්‍රශ්න පත්‍රය පිටපත් කර බෙදා නොදී, එය දැන්වීම් පුවරුවට යැව්වේ කවුරුන්ද යන්න අදටත් ගැටලුවකි. අදත් මා වරදක් කල බව මගේ සිත කියයි.
මචෝ කෝච්ච්යේ යන ගමන් උඩින් පල්ලෙන් කියෙව්වේ. පසුව කමෙන්ට් එකක් දමන්නං
ReplyDeleteරායිටෝ.
Deleteay umba comment ekak damme naththam hena gahanawada?
Deleteමෙන්න නලීන් පිටසක්වලින් ඇවිත්.
Deleteදැන් පුංචි ළමයින්ට අධ්‍යාපනේ පටවන්නේ පොඩි බරක් නෙමේ ඔළුවට..
ReplyDeleteපෝස්ට් එක කියවද්දී මතක් උනා අපේ කෙමෙස්ට්‍රි උගන්නපු මිස්ව, එයාගේ මුණ දැක්කම අපිට හැමදේම එපාවෙනවා,කොයිවෙලෙත් කල්පනා කරනවා ඈනුම් අරිනවා,පව් ,මේක කියවද්දී එයාව මතක් උනා. එදා ඔයාලා කොපි කලේ නැද්ද අනේ.?
අරෙහෙම පේපර් එකක් දෙන එක අමුතු සතුටක් හම්බෙන වැඩක් නේද ඒ කාලේ
මේ එක්කම අනිත් එවුන්ට තිබ්බ පියෝ පේපර් එක හොයා ගන්න අපිට බැරි වුණානේ.
Delete@ අපූර්වී;
Deleteනෙට් එකේ තියෙන හැම බ්ලොග් එකකටම comments දානවට වඩා නරකද මිනිහෙක් හොයාගෙන කසාද බැදගෙන දරුවෙක් හදාගෙන වැදගත් විදියට ඉන්න බැලුවනම්? මොකද බ්ලොග්ස් කියවන අයට ඔයාව පෙන්නේ නිකන් "කාගේත් ගෑනි " වගේ!
//"මේක ඒලෙවල් වලට කලින් තියන අන්තිම විභාගේ නිසා හරියට ලියන්න, කොපි කලොත් වැඩක් වෙන එකක් නෑ"// A/L පේපර් එක කියා අප මුලා කිරීම හෙලා දකිමි :D
ReplyDeleteඉතිං මේක ඒලෙවල් පේපර් එක්ක තමා මලේ.
Deleteසහයෝගෙන් පිට කසාගන්න ගියත් කරුමේ පළදෙනවා.
ReplyDeleteඅනේ අම්මපා. සහතික ඇත්ත.
Deleteදැන් මේ වටින් ගොඩින් ඇවිත් කිව්වෙ උසස් පෙල පේපර් එක පිටත් වුණු හැටිද. එතකොට කලින් ලිව්වෙත් ඒ පේපරේමද සුදීකයිය.
ReplyDeleteදෙකම උසස් පෙළ තමයි. වැඩේ තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ එක නොවුන එක.
Deleteතරහ ගන්න කාරි නැ අපේ ඉස්කෝලෙ එහෙම කතන්දරයක් තිබ්බෙනෑ සුදිකයිය
Deleteඇයි උඹ Chem paper එක දුන්න එකා ලඟ Maths paper එක තිබ්බේ නැත්තේ?
ReplyDeleteඌත් නොලියන එකෙක්. ඒ වුණාට යසට වැඩේ කොරලා තිබ්බේ. ඌනම් කිව්වේ වෙන කාගේද වැඩක් කියලා.
Deleteපේපර් එකක් පිටවෙලා නෙවේ, අනුමාන ප්‍රශ්නයක් ආවත් වහවැටිලා බලන කාලයක් ඒක. හැබැයි අර වැඩේ කෙරුවේ මොන බුරුවාද දන්නේ නෑ. අම්හර්ක් විට සිරා මීටරයක් වෙන්න ඇති තමන්ගේ ලකුණු අඩු වෙනවට බයවුණු
ReplyDeleteඔව්. එහෙම වෙන්නත් පුළුවන්. එතකොට මහන්සියෙන් කරන එකත් වතුරේ නේ.
Deleteමේක මේ ඉස්කෝලෙන් දීපු පේපර් එකක් නේද? මම හිතුවේ ඔරිජිනල් පේපර් එක කියල.
ReplyDeleteහැබැයි වැඩේ කියන්නේ අපි ඕ එල් කරද්දි ගනං පත්තරේ පිට වෙලයි කියල ආරංචි උනා. පස්සේ වෙන ඉස්කෝලේක ටීච කෙනෙක් (එයාගේ නංගිත් එක්ක මගේ අක්කා සම්බන්ධයක් තිබුනා) ගාව පළවෙනි පේපර් එකේ කොපියක් තිබිල මට දුන්නා. මට ඉතිං ගණං එච්චර අවුලක් නොතිබුන නිසා ගණං බැරි උන්ට මං ඒකට උත්තර හදල දුන්නා පිටේටනියට ගිහිල්ල. වැඩේ කියන්නේ පේපර් එක ලැබුනෙත් ගණං පේපරඑක දෙන්න තිබුන දවසට කලින් දා රෑ..
මේ ඉන්නේ කට්ටිය.
Deleteමේකට තනිකරම වගකියන්න ඕන බොලාට වැරදි පේපරේ දුන්න ටීචර්.
ReplyDeleteඇයි ඉතිං ලෙනාඩ්ගෙන් පියෝ පේපරේ ඉල්ල නොගත්තෙ.
ලෙනාඩ් ලිව්වේ නෑ. මට වෙන එවුන් හොයන් යන්න කම්මැලි කමට ඌට දුන්නේ. ඌත් නොලිව්වට පේපර් එක හොයාගෙන එන්නේ.
Deleteපේපර් එකක් පිටවුනා කියන්නේ ඉතිං ..ඒ කාලේ බොරුවක් වුනත් උද පැනලා බදාගන්නෙ , ඔය වගේම තමයි අනුමාන ප්‍රශ්න කේ එකත්
ReplyDeleteඅපි ඕලෙවල් කාලේ කෑවා කෑමක්. කියලා වැඩක් නෑ. ඒ ගණන් බලාගෙන හිටියා. ආවේ වෙන ගණන් වගයක්.
Deleteඅනේ අපේ කාලෙත් ඔහොම උනානං... මොනවා හරි ලියන්න තිබ්බා වාර විභාගෙට
ReplyDeleteහෙක්...හෙක්... හෙක්...
Deleteඉල්ලගෙන කැව නේ.ටිලිනිසර් සහ ඩන්කන් සර් කියන දෙන්නගෙම මමත් ක්ලාස් ගියා.
ReplyDeleteඩන්කන් සර් නම් අපේ ගෙවල් ළඟ පුද්ගලික හිතවත්තු.
Deleteශික් අපිට හම්බෙන්නේ නැනේ.. ඔහොම පේපර්.. :/
ReplyDeleteහම්බුන අය ප්‍රයෝජනයක් ගත්තෙත් නෑනේ.
Deleteමාර වැඩේනෙ ඒක. මටත් හිතෙන්නෙ හොඳට වැඩ පුළුවන් එකෙක් තමයි ඒක කරන්න ඇත්තෙ කියල.
ReplyDeleteඔව්. උන්ට මල පනින්නේ නැද්ද ? හොඳට පාඩම් කරලා දැනුම තක්සේරු කරගන්න තිබ්බ අවස්ථාව නැති වුණාම.
Deletemamat awit giya,
ReplyDeleteJayawewa
බොහොම ස්තුතියි සංජීව මලේ.
Deleteසොයිසා නෝනා ඇඬුවේ මොකේ....එයාගෙද වැරැද්ද?
ReplyDeleteඑයානේ කෙමිස්ට්‍රි පේපර් එක බෙදුවේ.
Deleteමට තේරුන්නෑ.. අපිට මේ ජාතියේ විභාග තිබ්බේ නෑනේ....!
ReplyDelete