Thursday, August 8, 2013

වැඩියෙන්ම කොටන බස් රූට් එක මොකක්ද ?

1956 ආණ්ඩුව බස් ජනසතු කළා කියලා අපේ තාත්තා කියනවා මම අහලා තියෙනවා. ඒ කියන්නේ ලංගම ඇති වෙන්න කලින් තිබ්බ පුද්ගලික බස් සේවේ. ඊට පස්සේ යලින් පුද්ගලික බස් සේවාවක් පටන් ගන්නේ 1977 ආණ්ඩුව. එහි වරදක් දකින්න බෑ. මොකද ලංගමට විතරක් මේ කාරිය කරන්න බැරි නිසා හොඳ පුද්ගලික සේවාවක අවශ්‍යතාව ඒ කාලේ තිබ්බා. මුලින් පටන් ගත්ත කාලේ නම් මිනිස්සු කැමැත්තෙන්ම ඒ බස් වල නැගලා ගමන් බිමන් ගියා. ඒත් ටික කාලයක් ඒවායේ යනකොට මිනිසුන්ට ප්‍රයිවෙට් බස් එපා වුණේ පොල් පටවනවා වගේ පැටවිල්ල සහ කොන්දොස්තරගේ විධානයට අනුව ව්‍යායාම කරන්න සිද්ද වෙච්ච නිසා. 

මට මතකයි ඉස්සර ඉසුසු එල්ෆ් කියලා පොඩි වෑන් ජාතියක් තිබුණා. ඒ වගේ බස් එකක ගිහින් බහින කොට ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා ඒ බස් වල ගිය අය දන්නවා. මේ ප්‍රයිවෙට් බස් එක්ක ඇති වෙච්ච උප සංස්කෘතිය තුල ඇති වෙච්ච් වචන මාලවකුත් තියෙනවා. ඒ වගේ වචනයක් තමයි කොටනවා කියන්නේ. මේවාගේ තේරුම් ලංකාවේ කාටවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කපාගෙන යනවා කියන්නෙත් ඒ වගේ තවත් වචනයක්. ජැක් ගහනවා කියන්නෙත් ඒ වගේම එකක්. තවත් ඕනෑ තරම් ඇති.

මොනවා වුණත් අද මම කියන්න යන්නේ කෙටිල්ල ගැන. ඊට කලින් මේ බස් අංක ගැනත් යමක් කියන්න ඕනේ. මේ ලංකාවේ වගේ බොහෝ රටවල බස් අංක විදියට භාවිතා වෙන්නේ ඉලක්කන් තුනේ මේ අංක. මම දවසක් ඩිස්කවරි එකේ බලාගෙන හිටියා වැඩසටහනක් ඒකෙ කිව්වේ ප්‍රථමක(Prime Numbers. මතකනේ අර එකෙනුත් ඒ ඉලක්කමෙනුත් බෙදෙන අංක) සංඛ්‍යා පාවිච්චි කරන බස් අංක වඩා සාර්ථකයි කියලා. ඒගොල්ලෝ සාර්ථක කියන්නේ ආදායම පැත්තෙන්. මගියාගේ පැත්තෙන් සාර්ථක වෙන්නේ මොන අංකද කියලා හොයලා බලන්නත් වටිනවා.

කෙටීම ගැන මගේ මතකයට ආවේ, මට නැවතත් බත්තරමුල්ලේ කාර්යාලයට සේවයට වාර්තා කරන්න සිද්ද වෙච්ච නිසා. දැන් 163 බස් එකේ තත්වය ටිකක් හොඳයි. ඉස්සර වගේ නෙවෙයි. 2005-2007 කාලෙත් මම මේ බස් ඒකෙම ගියා. එතකොට කෙටුව කෙටිල්ලට මට මේක එපා වෙලා තිබුණේ. කිසි දවසක වෙලාවට ඔෆිස් යන්න බැරි වුණා. දැන් ඔවුන්ට පැයක් ඇතුලත මේ ගමන නිමා කරන්න අවශ්‍යයි කියලා නීතියක් දාලා. ඒක නිසා ටිකක් හොඳයි. ඒ වුණාට ඔවුන් පුරුදු විදියට විනාඩි 45ක් කොටලා ඉතිරි ටික යනවා හැල්මේ. මේ බස් මාර්ගය ප්‍රමාද වෙන්න තවත් හේතුවක් තමයි පටු පාර සහ කඳු. ඒ නුගේගොඩ සිට පිටකෝට්ටේ දක්වා කොටසේදී.

කෙටිල්ලට ඉතාම ප්‍රසිද්ධ තවත් බස් රූට් එකක් තමයි 255 කොට්ටාව - ගල්කිස්ස. මම ජීවිතේටම එකම එක වතාවයි ඒ බස් මාර්ගේ ගිහින් තියෙන්නේ. ඒකෙන් මේ කියන කථාව මම තේරුම් ගත්තා. අපේ ලයනල් කියලා මිත්‍රයෙක් කියපු කතාවක් මතක් වුණා මේ බස් මාර්ගේ සම්බන්ධව. මේ බස් එකේ ගිය සරසවි ශිෂ්‍යයෙක්, ගමනාන්තයෙදී ඩ්‍රයිවර් මහතාගෙන් අහලා තියෙනවා
මේ ඉක්මන් ඩොට් එල්කේ කියන එක දැක්කම හිනා යන්නේ නෑ නේද ?

"උඹේ අම්මා ඉස්සර ඉබ්බෙක් එක්ක යාලු වෙලා හිටියද ? " කියලා. එහෙම කියලා එතන ඉන්න නම් නැතිව ඇති.

කෙටිල්ල ගැන තවත් ප්‍රසිද්ධ බස් මාර්ගයක් තමයි කැලණිය - කොහුවල. කොටනවා කියන්නේ හොඳ එකෙන්ම කොටනවා. මේ වගේ තවත් බස් රූට් ඕනෑ තරම් ඇති ලංකාවේ. මේ සටහනේ අරමුණ අන්න ඒවා අපේ කමෙන්ට් කරන අයගෙන් දැනගෙන හෙළිදරව් කරන එක.  

91 comments:

  1. Replies
    1. ඇයි මම මේ ලඟදි ගියා යාලුවෙක්ගෙ තාත්තගෙ මලගෙදරක. 164 රූට් එක. සපුමල් උයන යන බස් එක. කෙටිල්ල කියන්නේ එහෙමත් කෙටිල්ලක්. තව ඕනෙ තරම් ඇති රූට් නම්. අංක 177 කොල්ලූපිටිය ඉඳන් කඩුවෙල දක්වා බස් එක. ඒකත් එහෙමයි. හැබැයි මේ ලගකදි නම් ගියා එකපාරක් ඉක්මනටම ගියා.ලන්ඩන් වල ට්‍රෑම් කාර් සේවයත් ඔහොමලු.මං අහල තියෙනවා ජපානේ බස් එක යම් තැනක් පහුකරන්න යෙදිල තියෙන්නේ 10.00 ට නම් 10.00 වෙනකොට ඒ තැනට සේන්දු වෙනවලු. මං හිතන්නේ ලංගම බස් අඩුකමේ විපාක තමයි මේ. මගෙ අදහසේ හැටියට නම් CTB බස් තිබුනා නම් මෙහෙම කොට කොට යන්නේ නැහැ. මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා අපි හිතන් නැති. ඔය බස් එකක වැඩ කරන්නෙත් දුප්පත් අහිංසක එදා වේල හොයාගන්න දත කන මිනිස්සු. හයියෙන් ‍ගියත් හෙමින් ගියත් බනින එක බනිනවානෙ. අපි හැමෝමත් එක්ක බනින්නෙම ඩ්‍රයිවර් මහත්තයටයි කොස්දොස්තර මහත්තටයි. ඔවුන්ත් දඟලන්නේ අපි වගේම දරු පවුල් නඩත්තු කරන්න. ඒකට හොඳට කට කපල සෙනඟ ගන්න ඕන නිසා තමයි මේ ඔක්කොම.

      Delete
    2. ඔය ජපානේ මතක් කළාම මට මතක් වුණේ එහෙ හිටිය කෙනෙක් කියපු කතාවක්. ජපානේ බස් රූට් බදු දෙනකොට ලාබ ලැබෙන බස් රූට් පහකුයි, පාඩු ලැබෙන ඒවා පහකුයි දෙනවලු. අර කව්වා වෙලාවට කිවා තැන බස් එක තියෙන්න ඕනේ නීතියත් තියෙනවලු. එතකොට පාඩු ඒවාගේ අලාභය, ලාභ ඒවාගෙන් කවර් කරන්න පුළුවන්.

      Delete
    3. ට්‍රේන්/බස් නියම වෙලාවට කියල වැඩක් නැත.

      Delete
    4. ජපනා පෙරේත එකයි අවුල. බෝතලෙන් මිලි 30 ක් ඉතුරු කරනවනේ.. අත වෙව්ලන එකට..

      Delete
    5. 158 තමා කප් එක ගහන්නෙ. මේ බස් එක යද්දි නාකි ආච්චිලත් දූ..වගෙන ඇවිල්ලා බස් එකට නගිනවා...

      Delete
    6. ලන්ඩන්වල ට්‍රෑම් සර්විස් එකක් තියෙනවද දමිත්?

      Delete
  2. 689 (හෝකන්දර - නුගේගොඩ) ඔය වගේමයි කියල මතකයි.. එකේ මාර්ගයත් මරු... දෙල්කද ගාවදී highlevel පාර පෙන්නලා අයෙත් වෙන කොහෙද රොන්දයක් යනවා...කොකෙත් හොඳ පැත්තක් තියෙනවා. ඒකාලේ හිටපු couple මේ බස් එකට කැමතියි මොකද ඕනේ තරම් වෙලා තියෙනවා..ඉතින් මේකේ ලව් කොනේර් එකට තියෙන්නේ හොඳ ඉල්ලුමක්..

    ReplyDelete
    Replies
    1. කිව්වම මතක් වුණේ. අර දෙල්කඳ තියෙන පාලම ගාවින් උඩහමුල්ල පැත්තට යනවා නේද ?

      Delete
    2. හරියටම හරි.

      Delete
  3. 255 ටත් අර වගේ නීතියක් ඇවිත් තියනවා දැන් ටික කාලෙක ඉදන්, විනාඩි 55 න් ඉවර කරන්න ඕනේ කියලා. ඒත් කොටන එක නම් තාම තියනවා. ඒ වගේම තමයි 154 අඟුලාන - කිරිබත්ගොඩ එකයි, 183 පානදුර - නුගේගොඩ බස් එකයි දෙකම කොටන්න ප්‍රසිද්ධ ඒවා.

    ReplyDelete
    Replies
    1. ඒ නීති එන එකනම් හොඳයි. ඒත් ගමනේ මුල හරිය කොටනවා.

      Delete
  4. 255 ගල්කිස්ස -කොට්ටාව බස් එකේ මාත් එක දවසක් ඇවිත් තියනවා . එදාට පස්සේ ආයේම ඒ රූට් එකේ ආවෙම නෑ .

    ReplyDelete
    Replies
    1. ඒකටනම් හොඳක් කියන කෙනෙක් නෑ.

      Delete
  5. මම ජීවීතේට ගිහින් නැති උනත්, මම අහලා තියෙන විදියට, දරුණුම කෙටිල්ල තියෙන බස් එක 155 - මට්ටක්කුලිය - රත්මලාන බස් එකලු. එක පැත්තකට යන්න පැය 3-4 ක් විතර යනවලු. කොළඹ ඉඳලා පරණ පාරේ ගාල්ලට යන වෙලාව.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ 155 මට්ටක්කුලිය සොයිසාපුර බස් එක

      Delete
    2. @මින්

      කොහෙද බං මෙච්චර කල් ගිහින් හිටියෙ.. :)

      Delete
  6. මම කියන්න ආවා විතරයි මාතලං දීල තියේනේ.. කරුමෙක මහත ඒක රත්මලානටම දික් කරල මට්ටකුලියේ එක. අන්තිම කොටන බස් එක ඒක තමා. ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බා, ටවුන්හෝල්, ඉබ්බන්වල, ඉදල දිගටම කෙටිල්ලක් තියෙන්නේ.. මමත් හිතන්නේ රසටම කොටන්නේ ඕක 155 කියල තමා..

    ReplyDelete
    Replies
    1. 112 කොටහේන මහරගම නම් පට්ට.. පැය 4ක විතර නින්දක් දාගෙන යන්න පුළුවන් දැන් කොහොමද කියල දන්නේ නැ..

      Delete
    2. මෙන්න මෙහම කවියක් මම අහලා තියෙනවා පුංචි කෝච්චිය ගැන

      පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
      පය හතරට එක හැතක්මේ වේගෙන්
      නැග්ගම දෙන්නා කොළඹින්
      ළමයා හම්බ වෙයි ඔපනායකින්

      Delete
  7. යකෝ ඇයි මත්තෙගොඩ පිටකොටුව.... ආසවෙ බෑ ඒ බස් එකේ යන්න... පිටකොටුවෙන් 10.00 නැග්ගම 1.00 වෙනකොට කොහොම හරි කරල මත්තෙගොඩින් බැහැගන්න පුලුවන්....

    ReplyDelete
    Replies
    1. හැබැයි 138 හොඳ බස් රූට් එකක්. මමත් කොළඹින් එනකොට නගින්නේ නා මත්තේගොඩ බස් වල.

      Delete
  8. >>"උඹේ අම්මා ඉස්සර ඉබ්බෙක් එක්ක යාලු වෙලා හිටියද ? "<<
    පට්ටම ඇහිල්ල.

    ReplyDelete
    Replies
    1. අහපු එකාගේ අම්ම හාවෙක්ද කොහේද??? හැක්

      Delete
    2. තාත්තා වෙන්න ඕනේ මට හිතේ.

      Delete
  9. ඔය වගේම කොටන තව එකක් තියෙනවා අංකය මතක නෑ ...... මොරටුව-මහරගම රූට් එක එක මොරටුවේ ඉදන් මැලිබන් හන්දියට ඇවිත් ඊලග බස් එක එනකම් එතන ඉන්නවා අපි ඔකේ යනකලේනම් අපිට පුල් ආතල් ........

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ. පුළුවන් නම් අංකය මතක් කරන්න.

      Delete
  10. 255 ගැන නම් කතා කරල වැඩක් නැහැ... උන් කැම්පස් එක ගාව කන්ද උඩ බස් එක නවත්තගෙන හොල්ල හොල්ල ඉන්නව ඊලඟ බස් එක කන්ද පහලින් පේනකල්... ඒකටම හරියන මෝල්පෙ-කටුබැද්ද බස් එක... මුන්ට තේරෙන්නෙ නැහැ, කවුරුවත් කොටන්නෙ නැතිව ගියා නම් ඔය යන මිනිස්සු ප්‍රමාණයම ඒ බස් වල යනවා, උන්ගේ ඩීසලුයි අපේ වෙලාවයි ඉතිරියි කියන එක...
    මට්ටක්කුලිය බස් (155) කොටන්නෙ මරදානට එනකල් විතරයි වගේ මතක... එතනින් එහාට ඔය හැම බස් එකම තියෙන නිසා උනුත් එක්ක තරඟෙට වගේ යන්නෙ...

    ReplyDelete
    Replies
    1. අර වැස්ස වෙලාවට දිව්වත් පයින් ගියත් තෙමෙන ප්‍රමාණය වගේ

      Delete
  11. ප්‍රයිවට් බස් සංස්කෘතියෙන් සමාජගත වෙච්ච තව වචනයක් තමයි මාටියා ගැහිල්ල.

    ReplyDelete
    Replies
    1. මාටියා ගැහිල්ල පටං ගත්තෙ සීටීබී එකේ හිටිය මාටිං කියන කොන්දොස්තර කියලයි මතක.

      Delete
    2. හොඳ වෙලාවට මාටියා ගැහුවේ. වෙන නමක් තියෙන එකෙක් ගැහුවා නම් තමා වැඩේ

      Delete
  12. මටනං එපාම උනේ අවිස්සාවේල්ලෙ ඉඳල රත්නපුරට එන බස් එකක නැගල.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒකත් උඹේ බ්ලොග් එක වගේ ඇති ෂුවර් එකට.

      Delete
  13. අනුරධාපුර ඉදලා කුරුණෑගලට ක්ලාස් යන්න නැගාහම හරියටම පැය 3 ක් යනවා තේ බොන්නත් එක පාරක් නවත්ටනවා.DS ගුණසේකර තමයි ඒ ක්‍රමය වෙනස් කරයේ දැන් කුරුණෑගලට පැය 1යි විනාඩි 30. කෙටුවොත් පිටිපසයන් එන එයාලගෙම අනිත් බස් එක ඉස්සර කරලා යනවා

    ReplyDelete
    Replies
    1. DS ගුණසේකර අනුරාධපුරේ බස් එකකදී වාදයකට පැටලිලා මගියෙක් විදියට. පස්සේ කිව්වලු මේ රූට් එකේ ඒ.සී. දිවිල්ල නතර කරනවා කියලා. මිනිහා ඒ ආ ගමන තමයි.

      Delete
    2. ඒ කතාව ඇත්ත. AC Bus නැවත්ටුව විතරක් නෙමයි අනිත් බස් කාරයන්ට බස් දුවන හැටිත් කියලා දුන්නා.DS බස් එකක ඩර්යිවයි, ගෝලයයි දෙන්නම හොද අදායමක් ලබනවා. ගොඩක් මිනිස්සු අනිත් බස් වලට නගින්නේ නැතුව බලාගෙන ඉන්නවාDS BUS එකක් එනකන් හිටගෙන ගියත් සැපයි කියලා.

      Delete
  14. Replies
    1. අපොයි ඔව් මම මහා රෑක බස් යන්නේ නැති වෙලාවක විතරයි ඕවයේ නැග්ගේ.

      Delete
  15. ඇයි අප්පා 170- 190... මං නං කාලෙකින් ගියේ නෑ... දවසක් අපේ තාත්තා බැන්නා 170 බස් එහෙක එකෙක්ට.. කොටනවා කොටනවා ඉවරයක් නෑ... බැන්නට පස්සේ මෙන්න මේකා තවත් ටිකක් කොට කොට යනවා... දැන් 190 මීගොඩ - කොටුව ලංගම දාලා තියෙන නිසා 170 උන්ගෙ කෙටිල්ල ටිකක් අඩුයි කියලා ආරංචියි...

    මට හිතෙන විදියට නං ඔය හැම එකාම කොටනවා... උදේ 8ට විතර මහරගමින් 125ක නැග්ගොත් පාදුක්කට යන්න පැය දෙකක් යනවා.. මට හිතාගන්න බෑ කොහොමද එච්චර හිමින් යන්නේ කියලා... පාදුක්කෙ ඉඳන් උදේට කොටුවට යනවා පැය දෙකෙන්- දෙකාමාරෙන්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිරූ මම ඔය දෙකත් මේ සටහනට දාන්න හිටියා, ඒත් මග ඇරුනා.

      Delete
  16. ලඟදිම මොනෝ රේල් එනවා . ඉන්න ඉන්න ටිකක් ඉන්න . එතකොට ඔක්කොම හරි .

    ReplyDelete
    Replies
    1. අනේ බලමුකෝ එහෙම වත්.

      Delete
  17. අපේ අක්කගේ පොඩි එකී දවසක් ඔය වගේ කොටන බස් එකකදී හය්යෙන් ඇහුවා ''ඇයි අම්මේ මේ බස් එක යන්නේ නැත්තේ '' අවුරුදු තුනක් විතර කාලේ. දුරගමන් බස් ඇරෙන්න අනික්වා සේරම එකයි.193 ක නැගල නැද්ද . දැන් මන්දා ඉස්සර නම් 154 ටිකක් හොඳයි. 135 නම් ගන්න දෙයක් නැහැ .

    ReplyDelete
    Replies
    1. 154 දෙමටගොඩ ගුවන් පාලම දාන්න කලින් ඉබේටම පමා වුණා. ළඟකදී ගියේ නෑ.

      Delete
    2. අනේ 154 හයියෙන් යන්න එපෝ..:D

      Delete
  18. බස් ගැන ලිපියක් ලියන්න මාත් හිතාගෙන ඉන්නව. මම ගෙදර ඉඳල වැඩට එන්නෙ කිමී 23ක් විතර දුර ගෙවාගෙන. මේ පාරෙ ට්‍රැෆික් නෑ. පාර කාපට්. ඒත් හරියට පැයක් යනව.

    ReplyDelete
    Replies
    1. පාරේ කාපට් නං කොහේද බං ඉක්මනට යන්නේ. කකුල පිහිදාන්න නවත්නන්න එපායැ..

      Delete
    2. අම්මෝ උබ දන්නා දේවල්

      Delete
    3. දේශකයගෙ කතාව තමා අද, දවසේ කියමන

      Delete
    4. ලියන්න රාජ්, කොයි තරම් ලිව්වත් මදි.

      Delete
  19. උඩ ඉඳල පහලටම බලපුවම කොටන්නේ නැති එක රූට් එකක්වත් නෑ කියලයි මට නම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ, එන්නකෝ තිස්ස-මාතර රූට් එකේ යන්න. ලේලන්ඩ් බස් යන්නේ ලම්බෝගිනි වගේ.

      Delete
    2. 176 කෙටිල්ල බොහොම අඩු එකක්. ඒ වගේමයි 138ත්. ඒ දෙකේම ඇති වෙන්න බස් තියෙනවා. අනික 138 මහරගම, කොට්ටාව, හෝමාගම වගේ නගරාන්ත තුනකට යනවා.

      ඔව් සුජියා ලේලන්ඩ් වලට පෙට්‍රල් පොඩ්ඩක් දාළලු යන්නේ.

      Delete
  20. ගාල්ලෙ කරපිටිය බස් තියෙනව එකපාරටම රෙස් කරල ගියර් එක දාල එහෙම අරගෙන ආපහු එතනම ඉන්න.මල පනිනව ඉතින් දුවල ගිහින නගින අයට.

    ReplyDelete
    Replies
    1. මචං උබ ගාල්ලෙ එහෙනම් දෙන්න අත.මං හිතුවේ ගාල්ලේ බ්ලොග් කරුවො එකෙක් වත් නෑ කියලා..

      Delete
    2. අපෝ උඹල වගේ උන්ද ගාල්ලේ ඉන්නේ.. ස කෝ බ ළ ලෝ..

      Delete
    3. අනෙ සොරි මචන් මම ගල්ලෙ තමා එ වුනාට බ්ලොගක් ලියන්නෙ නෑ බන්.කියවනව විතරයි.අර රත්ගමය ඉන්නව.තව ගින් ඔය අදිදරයි.නවදෑලිහෙනයි මෙ පෑත්තෙ මම හිතන්නෙ.අඩො දෙශා සද්ද එපා හරිය

      Delete
    4. අත ඇරලා දාපන් බන් ඕක පොඩි එකා

      Delete
    5. බොලාගෙ නිකං සද්දෙ විතරයි. ‘වැඩ බැරි උනත් ගම ගාල්ලෙ‘ කියන්නෙ නිකංයැ.

      Delete
    6. එතකොට පොඩි-මෑන්. ඒකා තමයි ගාල්ලේ රජ.

      Delete
  21. 698..හෝමගම-කඩුවෙල....හෝමගමින් ප්‍රෙග්නන්ට් වුනොත් කඩුවෙලදී බබා හම්බවෙනවා.ඔය බස් එකේ මරු දෙබසක් ගියා දවසක්.වයසක බුවෙක් ඩ්‍රයිවර්.වල්ගම හන්දියේ බස් එක තියාගෙන ඉන්නවා වරුවක් විතර.මිනිස්සුන්ට මල.හිටපු ගමන් එලියේ හිටපු වෙන බස් එකක පොඩි කොන්දොස්තර කොල්ලෙක්"අන්න උඹට පන්සලේ හාමුදුරුවෝ නවතින්න එන්න කිව්වා"කියලා හැංඟුනා.ඔරොප්පුවෙලා හිටිය මිනිස්සු ඔක්කොටම හිනා.මූ අහනවා"ඇයි උඹලගේ අම්මා මේ දවස් වල ගෙදර ඇවිල්ලද හාමුදුරුවො මට එන්න කියන්නේ කියලා"බස් එකම ෆුල් හොල්මන්.

    ReplyDelete
    Replies
    1. 697ත් වැඩි වෙනසක් නෑ.

      Delete
    2. මචං රාජ්...ඒක අනිත් එක.හෝමගමින් ප්‍රෙග්නන්ට් වුනොත් කඩුවෙලට එනකොට හම්බුවෙන්න ඉන්න එකාව ඒ බස් එකේම ඉස්කෝලේ යවතැහැකි.

      Delete
    3. 174 හැමෝටම අමතක වුණා නේද ? හපොයි ඒකෙ කෙටිල්ල.

      Delete
  22. බලන්ගියාම වැඩි හරියක් බ්ලොග් කරුවො ඉන්නේ බස්නාහිර පළාතෙනෙ.දෙන්නයි පිට පලාත් වලින් ඉන්නේ.මොනවා වුනත් සුදීකයෝ උබට ස්තූතියි එක්කෙනෙක් ගාල්ලෙයි කියලා දැන ගත්තේ උබේ මේ වැඩෙන් තමා.

    මං ඉන්නේ ගාල්ලේ, ගාල්ල බද්දේගම 370 රූඩ් එකේ ගාල්ලේ ඉඳන් කිලෝ මීටර් 3ක් විතර කොට කොට ඇවිල්ලා ඊට පස්සේ පිඹගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. අපිත් බෙන්තර කොල්ලෝ හරිය. දැන් කොළඹ හිටියට. පොඩි මෑන් තමයි ගාල්ලේ බ්ලොග් රජ.

      Delete
  23. වෙන මොනාද A3 එකේ යන කොටුව-එයාර්පෝර්ට්(187) එකත් කොටනවා පට්ට කෙටිල්ලක් ඉගුරුකඩේට එනකම්.. ඊට පස්සෙ තමා ඌට මතක් වෙන්නෙ ආ යන්න ඕනා නේද කියලා..

    ReplyDelete
    Replies
    1. කොටුව හරියේදී රේස් දකිනවා.

      Delete
  24. 296 කොට්ටාව පිළියන්දල බස් එක ඔක්කොටම හපන්. එකෙ ඩ්‍රයිවර් කෙනෙක් පත්තරේ බල බල එලවනව මම දැකල තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගෙදරක ඉන්න මනුස්සයෙක් ලෑස්ති වෙලා එනකලුත් නවත්තගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. සමහරු බස් එක නවත්තලා, තෙත රෙදි කෑල්ලකින් ඇඟ පිහදාලා, බුලත් විටක් කාලා, ෆෑන් එක දාලා පිටිපස්සට එබිලා අනෙක් බස් එක එනකොට යන්න පටන් ගන්නවා.

      Delete
  25. 221 නිට්ටඹුව ගිරිඋල්ල බස් එක. මුල් කිලෝමීටර් 5 විතර කොටන කෙටිල්ල බලන්නම ඕනේ. පයින් යන්න පුළුවන් බස් එකට වඩා ඉක්මනට. ඉතුරු ටික නම් ඉතින් බුලට් එක වගේ තමා!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් කෙසේ වෙතත් දරු සම්පත් නම් ලැබෙයි ඔහොම ගියොත්.

      Delete
    2. ඕක නිට්ටඹුවේ ඉදන් එද්දි මීරිගම ඉදන් නම් ටිකක් ඉක්මනට එනවා. හැමදාම යන එන 152 (ගොතටුව / පිටකොටුව ) තමා මම දැකලා තියෙන හොදම කෙටිල්ල. නව ගොතටුවෙ ඉදන් දෙමටගොඩ හන්දියට එන්න කිලෝ මීටර් 5 යි ගානක්. ඒකට යනවා පැය භාගයක්

      Delete
  26. හපොයි ඔය කෙටිල්ල නං මේ රත්නපුරේ ගමේ බස් වලත් තියනවා ...ඊට පස්සේ රේස් යනවා ...අපි බොක්ක කූල් කරගෙන අනේ දැන් මැරෙයිද දැන් මැරෙයිද කියලා අල්ලගන්න තියන හැම තැනකින්ම අල්ලගන්නවා දත් මිටි කාගෙන ...

    "උඹේ අම්මා ඉස්සර ඉබ්බෙක් එක්ක යාලු වෙලා හිටියද ? :D :D

    ReplyDelete
    Replies
    1. මම ඉස්සර බලන්ගොඩ කොළඹ බස් එකක ඇවිත් තියෙනවා උදේ පාන්දර. උදේ පහට බලන්ගොඩින් ආවොත් 7.30 ට කඩුවෙල. කට කපලා සෙනග. බෙන්ඩ් එකක් ගන්නකොට පස්සේ ෆුට් බෝඩ් එක බිම ගෑවෙනවා ගින්දර විසි කරගෙන.

      Delete
  27. මිසිස් ඩ්‍රැකියා තියනවා වැඩියෙන්ම කොටන්නෙ 154 ලු. උං බොරැල්ලෙ ඉඳං දෙමටගොඩට යන්නත් පැයක් විතර ගන්නව (කාළකණ්නි හැත්ත).

    ReplyDelete
    Replies
    1. කාලකන්නි නොකියා වෙන මොකක් කියන්නද ?

      Delete
  28. 423 කළුතර - නෑබඩ, ගම්පහ - ජා ඇල,. ඉස්සර තිබුණ වැල්ලම්පිටිය - මහරගම... හොඳට කොටනවා

    ReplyDelete
    Replies
    1. අප්පේ සුමිත් දැක්ක කල්. බස් අඩුවෙන් දුවන මාර්ග වලට වෙන විකල්පයක් නැති නිසා ඉවසන්නම වෙනවා. වැල්ලම්පිටිය මහරගම මමත් අහලා තියෙනවා.

      Delete
  29. //වැඩියෙන්ම කොටන බස් රූට් එක මොකක්ද ?//

    දන්නේ නෑ හී හී....

    ReplyDelete
  30. මෙහෙමයි නේ සුදික අයියා දැන් ඔය love කරන කපල් එකකටනම් ඔය කෙටිල්ල ලොවෙත් නැහැ.කියලවත් කර ගන්න බැරි වැඩක් සමහර වේලාවට.ඒ වගේම එකේම අනෙක් පැත්තත් නැතුවම නෙමේ.

    ReplyDelete
    Replies
    1. අනිත් පැත්ත කිව්වේ ලව් නොකරන කපල් එකකට වෙන්ටෑ

      Delete
  31. පානදුර - මොරොන්තුඩුව 463 කියලා රූට් එකක් තියෙනවා (මම ඉන්නේ ඒ පාරේ). විනාඩි 40යි දෙන්නේ 13KM ගමනට, කවදාවත් ඒ වෙලාවට යන්නේ නෑ. පානදුරේ ස්ටෑන්ඩ් එකෙන් 6.00ට අද්දලා අවුට් ස්ටේෂන් ස්ටෑන්ඩ් එකේ 6.15 වෙනකම ඉන්නවා. වාද්දුවට(ඒ කියන්නේ ගමනෙන් බාගයක්) එද්දී 6.45යි. එතැන විනාඩි 10ක් විතර කොටලා ඉතිරි ටික විනාඩි 15ට ඇරලා යනවා.

    කන්ද නගින කොට බස් එකේ බ්‍රේක් එක පාගන් ඉන්න එකම රූට් එක... සමහර දාට උදේට මම අවිදිලා එනකොට බස් එක ඈත පාරේ යනවා. මම බස් එක පහු කරන් ඇවිදගෙන ගීය වතාවල් දෙක තුනකුත් තිබුනා. කොහොමද ස්පීඩ් එක කියලා හිතාගන්න පුළුවන්නේ.

    141 වැල්ලවත්ත - නාරාහේන්පිට
    365 කරාබුගස් හන්දිය - කොටුව
    183 පානදුර - නුගේගොඩ

    උඩ කමෙන්ට් වල එව්වට අමතරව තව කොටන රූට් කිහිපයක්.

    ReplyDelete
    Replies
    1. නියම අත්දැකීම් ටිකක්.

      Delete
  32. 119 - 689 - 259 - 168 - 153 - 117 - 183 - 212 මේ ඔක්කොම කොටන බස් රූට්

    ReplyDelete
    Replies
    1. කුෂිටත් නියම අත්දැකීම් සම්භාරයක් තියෙනවනේ.

      Delete
  33. විනාඩි 55න් යන්න කියලා නියම කරපු 718 නුවර ගම්පොල. පැය 1.30ක් යනවා. ඉස්සර විනාඩි 45න් ගියපු ctb පවා දැන් ඒ විදියට පැයට වඩා යනවා.
    අංක නුවරඑළිය නුවර ඒසී බස් තමයි නියම කෙටීම. පොඩි කඳු වලදිත් වංගුවල බ්‍රේක් කරලා 1 ගියරයට දාගෙන යන්නෙ. පැය 2.30 හොඳට යනවා. සමහරදාට පළමුවෙනි බස් එක නුවරින් යන්නෙ 6ත් පහු වෙලා. ඒත් කාලසටහනේ තියෙන්නෙ 5.10 කියලා. දකින දකින කෙනාව නංග ගෙන 10ක් විතර හිටගෙනත් යනවා. නුවරඑළිය කොළඹ ඒසී තියෙනවා හවස 5ට විතර ස්ටෑන්ඩ් ගහලා 7.20 සෙමි එක දකිනකන් නවත්තන් ඉන්නවා. ටිකට කඩන්නෙ මේ දැන් යන්න වගේ. පේරාදෙනියට ඇවිත් වෙන බස් එකක කොළඹ ගියත් ඉක්මන්.

    ReplyDelete
  34. දැන් මතක් උනේ අම්බලන්ගොඩ ඉදන් යනවා ඌරගහට බස් එකක්. ඒ බස් ජීවිතේට පැයට කිලෝමීටර් 20 ට වඩා ගිහින් නැතිව ඇති. ගාලු පාරේ එච්චර හිමින් කොහොම යනවද මන්දා ??

    ReplyDelete
    Replies
    1. මේ බස් එක ගාලු පාරෙන් යන්නේ ටික දුරක් නේද ?

      Delete
  35. 246 මිනුවන්ගොඩ මීගමුවත් ඔන්න ඔහොමලු..

    ඉස්සර මම කොළඹ ඉන්නකොට නැවතිලා හිටියේ කිරිබත්ගොඩ..පුංචි බොරැල්ලෙන් නැග්ගේ 193 බුස් එකක්ත..කීයට නගිනවද..කීයට යනවද මතකත් නැහැ...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...