Tuesday, June 4, 2013

ඔබ ඉන්නේ නිදිමතෙන්ද ? එහෙනම් BBC යේ මුහුණු පරීක්ෂාවට මුහුණ දෙන්න

ඊයේ රෑ කුමක් කරම්දෝ කියන මානසිකෙන් පරිඝනකය ඉදිරියේ වාඩි වී සිටි මා කෙටි නින්දකිට වැටී ඇහැරුණේ තිගැස්මකිනි. එහෙම කෙටි නින්දකින් පසු මට ලේසියට නින්ද නොයන බව අත්දැකීමෙන්ම දනිමි. එහෙත් "අද කලින් නිදා ගන්න ඕනේ" යන සිතුවිල්ලත් සමග නැවතත් පරිඝනකය දෙස නෙත් යොමු කල මට අටමා  එවූ පණිවුඩය නිසා තවත් මිනිත්තු 10ක් පමණ අටමා සමගත්, ඉන් පසුව රණා  නොහොත් රසික නානායක්කාර සමග තවත් මිනිත්තු 45ක් පමණත් ගත කලෙමි. එහෙත් නිදිමත පහව ගියේ නැත ඉන් පසුව මා නැවතත් බ්ලොග් පොස්ට් එකක් ලියන්න පටන් ගත්තද ? ඒ සඳහා අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි නිසා වැඩේ අත්හැර දමන විට රාත්‍රී එක පසුවී මිනිත්තු හතළිහක් පමණ ගත වී තිබුණි. මා යහනේ ඉඩ ඇති තැනකට ගොඩ වුවද, නින්ද ලඟා වන්නට ඇත්තේ අඩුම වශයෙන් රාත්‍රී දෙකට පමණය.  

ඒ අනුව මා අද නිදාගෙන තිබෙන්නේ (ඔව් අද තමයි ඊයේ දවසට නිදාගෙන තියෙන්නෙත් ඊයේ උදේ නේ) පැය හතරකි. මෙය මට හොඳටම ප්‍රමාණවත්. නමුත් මගේ හිතට ඒ තරම් සතුටක් නොතිබුණේ ලියමින් සිටි සටහන අවසන් කර ගන්නට බැරි වීම ගැනය. නින්ද අඩු වීම ගැන මා කොහෙත්ම තැකීමක් කරන්නේ නැත. කලින් මගට ලියූ සටහනක් නැවත ලියනවා කියන්නේ, හරියට භාගෙට බත් කා පැයකින් පමණ ඉතිරි කොටස කනවා වගේ වැඩකි. එහෙම මග නැවතූ සටහන් හතරක්ම ඇත. සමහර ඒවා අවසන් කරන්නට පැයක වෙහෙස ප්‍රමාණවත් වුවත් ඒවාට අත තබන්නේ සුදීක නොවේ. 

මෙහෙම ඉන්නා අතරේ අද උදේ පැමිණි ඊ-මේල් පනිවුඩයක කියවුනේ 
මුහුණු හඳුනා ගැනීමේ පරීක්ෂණය : එය ඉතා රසවත් එකකි. ඇමෙරිකාවේ FBI ආයතනය තම සේවාකයන් පුහුණු කිරීමේදී මෙයට බොහෝ සමාන පරීක්ෂණයක් යොදා ගනී.  ඔවුන් තවමත් එය සිදු කරනවා යයි මා විශ්වාස කරන අතර, මේ පරීක්ෂණයද ඔවුන් සිදු කරනු ඇතැයි මගේ විශ්වාසයයි. 
මුහුණු හඳුනා ගැනීමේ පරීක්ෂණය
ඔබට කෙතරම් හොඳින් මතක තබා ගැනීමට හැකිදැයි මෙමගින් පරීක්ෂා කරයි.  මෙය කොටස් දෙකකින් යුක්තය. පළමු කොටස, සහ දෙවන කොටස. මෙම කොටස් දෙකේදීම මුහුණු 12ක ඡායාරුප තත්පර 4 බැගින් දර්ශන තිරය මත දිස් වේ. පළමු කොටස සහ දෙවන කොටස අතර ඔබට කැමති නම් විවේකයක් ලබා ගත හැක. දෙවන කොටස අවසානයේ පරීක්ෂණය ආරම්භ වේ.
එහිදී පරිඝණක තිරය මත එම ඡායාරූප 24 සහ තවත් ඡායාරූප 24 ක් අහඹු ලෙස දර්ශණය කරයි (ඒ කියන්නේ ඡායාරූප 48 ක්). එයින් ඔබ දුටු පළමු කොටසේ හෝ ඔබ දුටු දෙවන කොටසේ ඡායාරුප ඔබ හඳුනා ගත යුතුයි. ඊට අමතරව ඔබ නොදුටු ඡායාරුප වෙනමම හඳුනා ගත යුතුයි. 
එම ඡායාරුප 48 දර්ශණය කල විගස ඔවුන් ඔබගේ ලකුණු තිරය මත සටහන් කරයි. මගේ ප්‍රතිඵල පහල පින්තුරයෙන් බලා ගන්න.
පෙන්වන ලද ඡායාරුප 24න් 22ක් නිවැරදිව මා හඳුනාගෙන තිබේ. 

ඔවුන් නිවැරදිව පවසන ආකාරයට දිගුකාලීනව නින්ද අඩු අයට මෙම කොටස් වලට වෙන් කිරීම හොදින් කල නොහැක. මා එහි නොපෙන්වූ ඡාරූප සියල්ල නිවැරදිව හඳුනා ගත්තද, මේ වෙන් කිරීමේදී 86% ක දක්ෂතාවක් පමණක් පෙන්වා ඇත. ස්වප්න විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි පැය තිස්පහක්  නොනිදා සිටි අයෙකුට වුවද, හොඳ නින්දක් ලබන අයෙකු මෙන් මුහුණු හඳුනා ගත හැක. 

මොළයේ කෙටිකාලීන මතකය පාලනය කරන පෙදෙස අඩු නින්දක් මගින් සහ වයස්ගත වීම මගින් බාදා වේ. එනිසා නිරෝගී හැටපස් වියැති සාමාන්‍ය නින්දක් ලබන මහල්ලෙකුට, අවුරුදු විස්සේ පසුවන පැය තිස්හයක් නොනිදා සිටින තරුණයෙකුට සමානව මෙම පරීක්ෂණය දක්ෂව සිදු කල හැක. 


සැ.යු. : මෙවැනි පරීක්ෂණ වලට සහභාගී වනවිට එය අවංකම සිදු කොට ඔබ සිටින තැන අනාවරණය කර ගන්න. මේවයේ හොර කල හැකි ක්‍රමද තිබේ. 

මගේ නින්ද ගැන මීට වඩා සිතීමට සිදු වී ඇති බවද කනගාටුවෙන් යුතුව දැනමු දෙමි. 

50 comments:

  1. nidimaragena hari post ekak liyala apiwa danuwat karapu ekata istuti..
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ දිරිමත් කිරීම තමයි මාවා ඒ තත්වෙට ගෙනාවේ.

      Delete
  2. හොඳ ක්‍රමයක් තමා. මාත් කාලයක් ඔහොම නිදි අවදියෙන් උන්නා. දැන් නං යාන්තම් 8.30 වෙනකොට ඇඳේ. නැතුව බෑනෙව මිසිස් ඩ්‍රැකියත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මොනවද බං නැතුව බෑ කිව්වේ? (ජෝකයකි හොඳේ)

      Delete
    2. නැතුව බෑනේ. :)

      Delete
    3. 8.30 කියන්නේ උදේ වෙන්න ඇති. මොකද රෑ 8.30ට නිදාගන්න යන උන් ඉන්නවා කියලා මම අහලා නෑ පොඩිම බබාලා ඇරෙන්න. :D

      Delete
  3. මේක නම් ලංකාවට ගැලපෙයිද දන්නේ නෑ අපේ අය ඕකත් හොරකරයි :)හොඳ ක්‍රමයක් වගෙයි

    ReplyDelete
    Replies
    1. හොර කරොත් තමන්ටම.

      Delete
  4. මූණු අඳුනගන්න මට තියෙන දක්ෂකම නම් කියලා වැඩක් නෑ... මේ දකින මූණ මේ අමතකයි සමහර වෙලාවට... හැබැයි ෆිල්ම් වල නම් අලුත් මූණක් දැක්ක ගමන් මතක් වෙනවා අඩේ මෙයාව කලින් දැකලා තියෙනවා නේද කියලා.. ඉතිං නෙට් එක පීරලා හොයනවා මූ මොකාද කියලා... ( මට නලු නිලියන්ගේ නම් මතක හිටින්නේ නෑ කොහොමවත්) .... හි හි

    ReplyDelete
    Replies
    1. අර ටෙස්ට් එක දැන් කරලා බැලුවේ... 100% යි 75% යි.. නරක නෑ නේ.... හි හි...

      Delete
  5. සුදීකට තමංගෙ මූන මතක තියෙනවද දන්නෑ. :D

    ReplyDelete
    Replies
    1. අර දීල තියෙන ලිංක් එක වැඩකරන් නැත්තෙ මට විතරද?

      Delete

    2. http://www.bbc.co.uk/science/humanbody/sleep/tmt/instructions_1.shtml
      මෙම ලින්කුව භාවිතා කරමින් නැවත උත්සාහ කරන්න...

      Delete
    3. ඒක වැඩ කරන්නේ නෑ තමා

      Delete
    4. දැන් නිවැරදි කළා.

      Delete
  6. ඉතා ලගන්නා සුළු මෙව්වා එකක් නෙව සුදීක..මගේ පරීක්ෂණ වාර්තාව මෙසේයි..

    01.හඳුනා ගැනීම හැකියාව 96%
    02.මතකයේ දරා ගැනීමේ හැකියාව 78%

    03.පළමු කාණ්ඩයේ ඇති රූප 12න් 8 හඳුනා ගතිමි.
    04.දෙවන කාණ්ඩයේ ඇති රූප 12න් 10 හඳුනා ගතිමි.

    05.කිසිවකට ඇතුලත් නොවූ රූප 24 න් 24 ම හඳුනා ගත්තෙමි ..

    ReplyDelete
  7. ලින්ක් ඒක වැඩ නැතෝ

    ReplyDelete
    Replies
    1. දැන් හරි. ඒ එන error එකෙත් did you mean කියලා එන එක කිලික් කලත් හරි.

      Delete
  8. දැන් නම් කරලා බලන්න වෙලාවක් නෑ අද රෑට කරලා බලන්නං.

    ReplyDelete
    Replies
    1. ඒක කරන්න නෙවෙයි බං...මුහුණු හඳුනා ගැනීමේ පරීක්ෂණය කරන්න කියල සුදීක කියන්නෙ.

      Delete
    2. අහෝ...නලියෝ....

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සෙන්න හරියට නිදි මරනවා වගේ ?

      Delete
    2. මම ! අපෝ නෑ.. මම අඩුම පැය හයකවත් සුව නින්දක් අනිවාර්යයෙන් ලබනවා දවසකට..

      Delete
  11. මගේ පලවෙනි එකේ 95% දෙවැනි එකේ 85% ටිකක් හොඳි නේ.

    ReplyDelete
  12. Replies
    1. දෙවෙනි කොටසේ ලකුණු ගණන තමයි වැදගත්.

      Delete
  13. මටනම් දෙයියන්ගේ පිහිටෙන් මේ දකින මූණ තව ටිකකින් මතක නෑ. ආපෝ ඕක හින්දා මන් වෙලාවක නාන තරම්.... ටෙස්ට් එක කරල බලන්න ඕනි.

    ReplyDelete
  14. බලලා කියන්නම් කෝ

    ReplyDelete
  15. මගේ පළවෙනි එකට 100% දෙවෙනි එකට 70%

    කිසිම හොර බොරුවක් කරේ නෑ ඕං. :)

    ReplyDelete
    Replies
    1. දෙවෙනි එකේ ස්කෝර් එක තමයි වැදගත්.

      Delete
  16. මමත් පරිගණකයේ එල්ලෙනවා රෑ 9 ට විතර. නවත්වන්නේ රෑ 1.30 ට විතර. උදේට නම් 6 ට ඇහැරෙනවා. හැබැයි දවල් කෑමෙන් පස්සේ පැයක් විතර පුටුවේ නින්දක් ගහනවා.

    අර ටෙස්ට් එකේ මෙන්න මගේ ප්‍රතිඵල

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මටත් දවල්ට ටිකක් නිදිමතයි.

      Delete
  17. මම මෙ වගේ ටෙස්ට් එකක් කලින් දැක්කද කොහෙද. හැබැයි මේකත් කරලා බැලුවා.

    මෙන්න තවත් ප්‍රථිපලයක්!!!:)

    92%
    86%

    මට පෙනුනු දෙයක් තමයි අපි නොදැකපු අයව, අපි ඉක්මණින් ,හරියට අඳුන ගන්නවා අපි එයාලව දැකලා නෑ කියලා. අනිත් අයවත් අපේ මතකේ තියෙනවා. හරි තැනට දැමීම තමා අපහසු වෙන්නේ. ගොඩක් වෙලාවට, කෙනෙක් දැක්කාම 'මම මෙයාව කොහෙදි හරි දැකලා තියෙනවා' කියන මතකේ අපේ ඔලුවට එන්නේ ඒ හන්දා වෙන්ට ඇති.

    ලංකාවට ආපු වෙලාවක, සුදීක ඇත්තටම දැකපු වෙලාවක එහෙම වෙයිද දන්නේ නෑ.:D:D

    ReplyDelete
    Replies
    1. දැකලත් නොදැක්කා වගේ යයිද දන්නේ නෑ. මේ පින්තුරේ ඇර වෙන පින්තුරයක් අපි දැකලා නෑනේ. :)

      Delete
  18. 92% යි, 68% යි ඔන්න මගේ ගාන.

    ReplyDelete
  19. 79% 63%

    මමත් ඊයෙ රෑ බොහොම පොඩි වෙලාවයි නිදාගත්තෙ...ඒක මේකට බලපෑවද දන්නෙ නෑ

    ReplyDelete
  20. 150%
    200%
    hiks

    Ela thama.. Ok take your bed

    ReplyDelete
    Replies
    1. මේක අර අප්‍රිකාවේ රටක හිටපු ජනාධිපති, ජනාධිපතිවරණයේදී රටේ ලියාපදිංචි චන්ද ගණනට වැඩි චන්ද ගණනකින් දින්නා වගේ.

      Delete
  21. If You Saw It - 100%
    When You Saw It - 87%

    නරක නෑ නේද? ටෙස්ට් දෙක අතරේ විනාඩි 10 ගානේ ගත කරන්න වුනා පොඩි එකී වද දුන්න නිසා. හැබැයි කාලෙකට පස්සේ ඊයේ හොද නින්දක් ලැබුණා.

    ReplyDelete
  22. මාත් අඩුවෙන් නිදාගන්න කෙනෙක් නිසා මේක ටිකක් කරලා බලලා එක හොඳයි වගේ. ස්තුතියි අයියා අපිවත් දැනුවත් කළාට

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...