Sunday, March 17, 2013

සීතල දිවිල්ල

සීතල යුද්දය..... සීතල ගණන්කාරයෝ.... මේ වගේ හිතුවොත් මේ ලිපියේ මාතෘකාව මොන වගේ තේරුමක් ගනීද ? සීතල යුද්දය කියන්නේ අර බෙදෙන්න කලින් තිබ්බ රුසියාවයි ඇමරිකාවයි අතර අවි වලින් නොකෙරුනත් වචන වලින්, තමන්ගේ හැකියාව ගැන පාරම් බාමින් කරපු යුද්ධය. මෙන්න මේ වගේ ඒවාට අපි කියන්නේ සීතල යුද්ධය කියලා. එතකොට සීතල ගණන් කාරයා ... වැඩිය චන්ඩිපාට් නොදා තමන්ට අවශ්‍ය දේ කරගන්නා අයට තමයි මේ යෙදුම යොදන්නේ. මේ දෙවර්ගයම ඇත්තටම අප්‍රසන්නම කොට්ඨාශ. මොකද කෙලින් එන්නේ නැතිව කොලේ වහලා ගහන ගැහිලි වලට තමයි මේ යෙදුම් දෙක යොදා ගන්නේ.

නමුත් සීතල දිවිල්ල මේ ජාතියේ එකක් නොවෙයි. මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් මෙය කියවන කී දෙනෙකුට මේක තේරෙයිද? කූල් රනින්(Cool Running). මම හිතන්නෑ ඔබට හරියටම මේක තේරුනා කියලා. ඇත්තටම කූල් රනින් කියන්නේ එක්තාර ක්‍රීඩාවකට යොදා ගන්නා උපකරණයකට ඒ ක්‍රීඩකයෝ යොදපු නම. උපකරණය කියන්නේ හතර දෙනෙන්ක් වාඩි වෙලා යන බාත් ටබ් එකක් වගේ ඔරුවකට.  පින්තුරයක්ම දාන්නම් නැත්නම් තවත් වචන 1000ක් වියදම් කරන්න වෙනවා.
පින්තුරය ගත්තේ : www.petergreenberg.com
දැන් තේරෙනවා නේද මොකක්ද උපකරණේ නැත්නම් යාත්‍රාව කියලා. හරි මේ කතාව කොහොම පටන් ගන්නද කියලා මට හිතා ගන්න අමාරුයි. නමුත් අද ටී.වී. එකේ බලන්න දෙයක් නැතිව චිත්‍රපටියක් බලන්න ඕනේ කියලා රිමෝට් එක අතට අරගෙන චිත්‍රපට චැනල් ටික පෙරලගෙන යනකොට ඒකෙ විස්තරේ තියෙනවා දැක්කා සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච චිත්‍රපටයක් කියලා. ඉතිං මගේ එක පිස්සුවක් තමයි මේ සත්‍ය කතා පදනම් කරගෙන හදපු චිත්‍රපට එකතු කරන එක. මම ගාව දැනට 10ක් විතර තියෙනවා. 


මේ චිත්‍රපටයේ නමත් කූල් රනින්. ඔලිම්පික් මීටර් 100 සඳහා ජමෙයිකාවෙන් සුදුසුකම් ලබනවා කියන්නේ මොන තරම් අමාරු වැඩක්ද කියලා අහන්න ඕනේ උසේන් බෝල්ට් වගේ කෙනෙකුගෙන්. එහෙම බැරි වෙච්ච් තරුණයෙක් තමයි ඩෙරිස් කියන්නේ, ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා ඔහුටත් මේ දේම සිදු වුනේ. ඉතිං ඩෙරිස්ට  හමු වෙනවා ඔහුගේ පියාගේ හොඳම මිතුරෙක් අර්වින් ඔහු දෙවරක් 1968 සහ 1972 බොබ්ස්ලෙඩ් කියන ක්‍රීඩාවේ සීත ඔලිම්පික් රන් පදක්කම් ලාභියා. එහෙත් ඔහු ජැමෙයිකාවට වෙලා ඉන්න වෙන්නේ ඔහු එම ක්‍රීඩාවේදී කරපු හොරයක් අසු වීම නිසා. ඔහු ජැමෙයිකාවේ සූදුපොලක් පවත්වාගෙන යනවා. ඩෙරිස්ගේ දවස් ගානක පෙරැත්ත කිරීම මත ඔහු කැමති වනවා ඔවුන්ට බොබ්ස්ලෙඩ් ක්‍රීඩාවේ පුහුණුකරු වන්නට.

ජැමෙයිකාව කියන බටහිර ඉන්දීය දුපතට තියෙන්නේ ලංකාවේ අපේ දේශගුණයමයි. ඉතින් කොහෙද හිම වැටෙන්නේ. ඔවුන් බොබ්ස්ලෙඩ් එකක් වගේ හදා ගත්ත ඩක්කුවක කඳු පල්ලමක පුහුණු වීම් කරනවා. එය පෙරලිලා පොලිස් රථයක වදිනවා. එතනින් ජාම බෙර ගත්තත් මොවුන්ට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙනවා. කැනඩාවේ කැල්ගරි නුවර පැවැත්වෙන සීත ඔලිම්පික් තරගාවලියට යන්න නම් ඩොලර් 184,000 ක් සොයා ගන්න වනවා. මුලින්ම අර්වින් එහි ක්‍රීඩා ඇමති වරයා මුණ ගැහෙනවා. ඔහු තරයේ විරුද්ද වනාව අඩුම තරමින් මේ තරග වලට ඉදිරිපත් වනවාටත්. 
පින්තුරය ගත්තේ : http://news.betinternet.com
ඔවුන් මුදල් හොයා ගන්න විවිද දේ කරනවා. පාරේ ගීත ගයනාව, හෑන්ඩ් ෆයිට් කරනවා. කාන්තාවන්ට හාදු ලාබා දී මුදල් එකතු කරනවා. මේ කිසි දෙයකින් ඔවුන්ට ඩොලර් 100ක් වත් එකතු කර ගන්න බැරි වනවා. මෙහි ක්‍රීඩකයන් හතර දෙනාගෙන් කෙනෙක් (ජුනියර්) පොහොසතෙකුගේ පුතෙක්. ඔහු තම කාරය විකුණූ මුදල් ගෙන එනවා. එහෙත් ඩෙරිස් ඊත තරයේ විරුද්ධ වනවා. එහෙත් ඔහුගේ මේ ඉලීමට අවසානයේ අවනත වෙනවා. අනෙක් ක්‍රීඩකයින් දෙදෙනාගෙන එකෙක් කුකුල් කේන්ති කාරයෙක්. ඔහුගේ ඇඟට අත තබනාවටත් ඔහු කැමති නෑ. ඔහු නිතරම කියන දෙයක් තමයි "ඩෝන්ට් ටච් මී" කියන එක.

ඔවුන් කැල්ගරි වලට ලඟා වනවා. මුලින්ම ඔවුන්ට සීතල වත් උහුලා ගන්න බැරි වනවා. නමුත් ඔවුන්ට හොඳ දරා ගැනීමේ ශක්තියක් තිබෙනවා. අර්වින් බොහොම වෙහෙසක් ගෙන ඔවුන්ට බොබ්ස්ලෙඩ් යාත්‍රාවක් හොයා ගන්නවා. එය පුහුණුවීම් සඳහා භාවිතා කරන්නක්. මේ රථය සහ කළු සමක් ඇති ඔවුන් සැමගේ උසුළු විසුළු වලට ලක් වනවා. වැඩියෙන්ම ඔවුන්ව විහිලුවට ගන්නේ නැගෙනහිර ජර්මන් කණ්ඩායමේ නායකයා. මෙම තරගාවලියට සහභාගී වීමට නම් ඔවුන් විනාඩි දෙකකට අඩුවෙන් මෙම තරගය නිමා කල යුතු වනවා. මුලින්ම ඔවුන්ට බොබ්ස්ලෙඩ් එකට පැන ගන්න පවා බැරි වනවා. නමුත් ඔවුන් තප්පර 59.4 කින් එම තරග වටය නිමා කර සුදුසුකම් ලබනවා අවසාන කණ්ඩායම වශයෙන්. 

ඊළඟ දිනයට ඔවුන් සූදානම් වීමට ප්‍රථම ඩෙරිස් නිතරම සුවිට්සාර්ලන්ත කණ්ඩායම උදාහරණයකට ගැනීම අනෙක් අයගේ විවේචනයට ලක් වනවා. අප ජමෙයිකානුව අපි ජැමෙයිකානු ක්‍රමයකට මෙය කරමු කියා අනෙක් අය ඔහුට ඒත්තු ගන්නනවා. දෙවෙනි දවසේ ඔවුන්ට ජැමෙයිකානු ඇඳුමක් සහ ඔවුන්ගේ බෝබ්ස්ලෙඩ් එක ජැමෙයිකානු වර්ණ වලින් අලංකාර කර ගන්න ලැබෙනවා. ඒ පුහුණුකරු අරවින්ගේ උත්සාහ නිසා. පළමු දින රාත්‍රියේදී ජර්මන් කණ්ඩායමට බාර් එකකදී මෙම කණ්ඩායමේ ඩෙරිස් හැර අනෙක් තිදෙනාට සිදු වනවා. අර කුකුල් කේන්ති කාරයා(බ්රෙනර්) ජුනියර්ව දිරිමත් කරනවා ශක්තිමත්ව නැගී සිටින්න. එතනින් පසු තමයි ඔවුන් නියම කණ්ඩායමක් ලෙස වැඩ කරන්නේ. කොහොමත් ශාරීරික පුහුණුවේදී ඔවුන් ඉන්නේ ඉදිරියෙන්. දෙවෙනි රවුමේදී ඔවුන් සියල්ලම් පුදුමයට පත් කරමින් තප්පර 56.2 කදී තරගය නිමා කරමින් 8 වන ස්ථානය ලබා ගන්නවා. 

තුන්වන දිනයේ උදෑසන ජුනියර්ගේ කෝටිපති පියා ඔවුන්ගේ හෝටලයට පැමිණෙනවා. ඔහු ආපසු යන්නට බල කලත් ජුනියර් ශක්තිමත්ව නැගී සිට ආපසු යාම ප්‍රතික්ෂේප කරනවා. මේ අතර ඔවුන් තරගාවලියෙන් ඉවත් කල බව නිවේදනය කරන ලියුමක් අර්වින් අතට පත් වෙනවා. ඔහු කෙලින්ම එම මණ්ඩලය සිටින ශාලාවට කඩා වැද තමන් කල වරදට ඔහුගේ කණ්ඩායමෙන් පාලි නොගන්න ලෙස ඉල්ලා සිටිනවා. අවසානයේ ඔවුන් ජමෙයිකානුවන්ට තරග කරන්න අවස්ථාවල ලබා දෙනවා. මෙවර ඔවුන් තරගයට එනවිට ඔවුන්ට හොඳ පිළිගැනීමක් ලබා දෙනවා. හැම දෙනාම ජම්යිකාවට සහයෝගය පල කරනවා. තුන්වන දිනයේදී ඔවුන් බෝබ්ස්ලෙඩ් එකට ගොඩ වීම, පළමු කඩයිම පසු කරන කාල අනුව එම ක්‍රීඩාවේ ලෝක වාර්තාවට හිමිකම් කීමට බොහෝ ඉඩ තිබෙන බව පැවසුවත් අවසානයට මීටර් කිහිපයක් තබා ඔවුන්ගේ රථයේ එක් පීල්ලක් ගැලවී ගොස් ඔවුන් පෙරළෙනවා. ටික වෙලාවකින වාහනය කරේ තබාගෙන ඔවුන් තරගය නිමා කරනවා. 

ඒ දැක ඔවුන්ට මුලින්ම අත්පොලසන් දෙන්නේ නැගෙනහිර ජර්මානු කණ්ඩායමේ නායකයා. අන්තිමේදී එහි සිටින සියලු දෙනාගේ අත්පොලසන් මැද ඔවුන් තරගය නිමා කරන්නේ ජපානයේදී ඔලිම්පික් තරගයක මෙවැනිම දෙයක් කල ලංකාවේ කරුණානන්ද සිහි ගන්වමින්. ඔවුන්ට අත්පොලසන් දීමට ජුනියර්ගේ පියාද එකතු වනවා. ඔවුන් ජැමෙයිකාවට යන්නේ ජාතික වීරයන් ලෙස. ඊළඟ වසරේ ඔවුන්ට තෝරාගැනීමකින් තොරවම සීත ඔලිම්පික් වලට සහභාගී වන්න ලැබෙනවා. 

පින්තුරය ගත්තේ http://wikipedia.org

අවසාන තරගයට පෙරදින පුහුණුකරුගෙන් ඔහු කල රැවටීම ගැන ඩෙරිස් විමසු විට පුහුණුකරු පවසන්නේ 

"A gold medal is a wonderful thing, but if you're not enough without it, you'll never be enough with it."

www.wikipedia.org ඇසුරෙනි.

36 comments:

  1. මමත් කුල්රනින් කරලා අවේ සති දෙකකට කලින්, එකත් අමුතුම අත් දැකීමක්, ඒ වගේම ඔය ෆිල්ම් පිස්සුවත් ඒ වගේමයි, මන් දැන් වෙනම හර්ඩ් එකක් අරන් ෆිල්ම් එකතු කරනවා, මේකත් හොයාගෙන බලන්න හිතුන ඔයාගේ විස්තරය බැලුවම,
    ස්තුතියි සු.දී.ක.අයියා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් බලන්න කිසිම කම්මැලි කමක් ඇති වෙන්නේ නෑ. මේකේ ටිකක් කොමඩි වගේ ගතියකුත් තියෙනවා.

      Delete
  2. අපේ චිත්‍රපටි කාරයන්ට මල්ගස් වටේ දුව දුව ඉන්නැතුව, කරුණාරත්න ගැන ෆිල්ම් එකක් හදන්න තිබුනා.. සේපාලගෙ කතාවත් ෆිල්ම් එකකට මරු.. කොහෙද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කරුණානන්ද, සේපාල ඒකනායක කියන කතා දෙකට හොලිවූඩ් චිත්‍රපටි හදනවනම් හොඳයි.

      Delete
  3. ලස්සන ෆිල්ම් එකක් වගේ. හොයාගෙන බලන්ට ඕනි. ගොඩක් ඔයවගේ ෆිල්ම්ස්වලින් බොලිවුඩ් ෆිල්ම්ස් නම් හැදෙනවා. ඒත් එහෙම හැදෙන සිංහල ෆිල්ම්ස් නම් දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕනෑම ක්‍රීඩා කන්ඩායමක් දිරිමත් කරන්න මේක නියමයි.

      Delete
    2. අර චක් ඩේ කියන්නේ මේකට හදපු එකද දන්නෑ ?

      Delete
  4. මෙන්න සම්පූර්න කතන්දරේ ගීයෙන්.. මගේ ප්‍රියතම ගීයක්.....

    http://www.youtube.com/watch?v=gIqLsGT2wbQ

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍රපටයේ මේ ගීතය ඇතුළු ගීත 12ක් තියෙනවා කියලයි විකිපීඩියා කියන්නේ. මමත් මේ ගීතයට හරි කැමතියි.

      Delete
  5. මේක කියවගෙන එද්දී මටත් මතක් වුනේ කරුණානන්ද ක්‍රීඩකයා ව.
    //ඔවුන් බොබ්ස්ලෙඩ් එකක් වගේ හදා ගත්ත ඩක්කුවක කඳු පල්ලමක පුහුණු වීම් කරනවා.// අපේ පැත්තේ කොල්ලෝ දෙතුන් දෙනෙක් හෙන පල්ලමක ඔන්න ඔහොම කරත්තයක් වගේ එකක් පැද්දා ටික දවසක්. උන්ගේ හොඳ වෙලාවට අනෙක් පැත්තෙන් වාහනයක් නම් අවේ නෑ එක දවසක වත්. :D

    ReplyDelete
    Replies
    1. එහෙමද ? ඒ කොල්ලන්ට දෙවි පිහිටයි.

      Delete
  6. මේකනම් කොහොමහරි බලන්නම ඕනි.

    ReplyDelete
    Replies
    1. මේක ගියේ "Z Studio HD" කියන චැනල් එකේ. සමහරවිට ආයෙත් වතාවක් යයි. මම බලන්න පටන් ගත්තේ විනාඩි 10ක් විතර ගියාට පස්සේ.

      Delete
  7. විස්තරේ හැටියටනං නියම ෆිල්ම් එකක් වගෙයි.
    ලංකාවෙත් මේ වගේ ඕන තරං කතා තියෙද්දි මොනවට මේ තේරුමක් නැති සිංහල චිත්‍රපටි හදනවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මල් ගස් වටේ 2යි, ෆයිට් 2යි, සිංදු තුනයි වගේ වට්ටෝරු සන්කෘතියකට හදන ඒවා තමයි මෙහෙ ජනප්‍රිය.

      Delete
  8. බලද්දි මට තියෙන පිස්සු ටික සේරම සුදීක අයියටත් තියෙනවා නේ... හි හි....

    සුදීක අයියා බලලා තියෙනවාද Moneyball කියන එක... මට මතක විදියට එකත් සත්‍ය කතාවක් පදනම් කරගෙන හදපු එකක්... එතකෙට Gridiron gang, Longest yard.. ඔය දෙකත් ඒ වගේ කතා.. මම නම් 200 ගානේ දීලා ගත්ත සීඩී ඔය... හි හි

    මේකේ කොමඩි ගතියක් තියෙනවා නේ... දැක්කම හිනායන ජාතියේ නළුවෝ ටිකක් නේ ඉන්නේ... හොයාගන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඔයා කියන ෆිල්ම් තුනම බලලා නෑ. ඒත් මගේ කලෙක්ෂන් එකේ තියෙනවා

      No Man's Land,Defiance, Hotel Rwanda, The Interpreter, Blood Diamond, Pianist, Last King of Scotland
      වගේ ඒවා තව නම් මතක නැති ටිකකුත් තියෙනවා.

      Delete
    2. No Man's Land,Defiance, ඇරෙන්න අනිත් ටික බලලා තියෙනවා.. හැබැයි කලෙක්ෂන් එකේ නෑ... ගිය ටිකේ හින්දි පිස්සුවක් හැදිලානේ තිබ්බේ... හි හි...

      Delete
    3. ඒ දෙකත් හරිම ලස්සනයි. හම්බ වුනේ නැති වුනොත් කියන්න.

      Delete
  9. සුදීක අයියත් හොයාගන්න දේවල්

    ReplyDelete
    Replies
    1. මේක අහම්බෙන් දැක්කේ.

      Delete
  10. ඇත්තටම සුදීක අයියා වැඩි හරියක් දාන ලිපි තුලින් ඕනෑම කෙනෙකුට කරන්න යමක් හිතන්න පුළුවන් විදියට දැමි ම පිළිබදව සතුටු විය හැකිය.අපේ චිත්‍රපටි කර්මාන්තය දියුණු කර ගැනිමට මෙවැනි දේ පාදක කර ගත හැකිය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඒක නේද අපේ යුතුකම විය යුත්තේ?

      Delete
  11. හිත ඇත්නම් පත කුඩාද කියලා කිව්වාලු. සැබවින්ම ක්‍රීඩාව කියන්නේ ජයග්‍රහණයම නෙමේ කියන එක කරුණානන්ද වගේම මෙයාලත් ඔප්පු කරලාම පෙන්නුවා :)

    ReplyDelete
    Replies
    1. ඇත්තම සිද්දියට වඩා පොඩ්ඩක් වෙනස් කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ වුනත් කම්මැලි නැතිව බලන්න පුළුවන්.

      Delete
  12. ස්තුතියි සුදීක..ලස්සන විස්තරයට..
    චිත්‍රපටියේ අන්තිම ටික නොලීවා නම් හොඳයි කියලා හිතුනා..එතකොට කුතුහලය උපරිම කරලා රසිකයෙක්ගේ යුතුකම ඉටු කරන්න පුළුවන් වේවි..

    ReplyDelete
    Replies
    1. ඒත් මේක බලන්නම ඕනේ අය බලයි. අනිත් එක බලද්දී මේ කියපුවා අමතක වෙනවා.

      Delete
  13. මේ ෆිල්ම් එක එක පාරක් බැලුවා. ආයි බලන්න ඕන.

    ReplyDelete
  14. මමත් අසම කරන දෙයක් තමයි සත්‍ය කතා ඇසුරෙන් නිපදවපු චිත්‍රපට බැලීම. මේක හොයාගෙන බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එහෙනං අපි ඔක්කොම එක කාන්ඩේ.

      Delete
  15. oya apita dena dewal watinawa..
    mamat hoyagena balanawa.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න මේක බොහොම ජොලි එකක්.

      Delete
  16. දැන් ඉතින් ඔය ෆිල්ම් එක හොයපියකෝ.

    ReplyDelete
  17. Dude:
    අපි ඕක බැලුවා සුදීක අවුරුදු කීපයකට ඉස්සෙල්ලා. බ්ලොග් කොටන්නෙ නැති කාලෙ සෑහෙන්න නිදහස තිබ්බානෙ ටීවී බලන්න.

    ReplyDelete
  18. ස්තුතියි ඔබට...ෆිල්ම් එක download කළා.. බලන ගමන්..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...