Thursday, January 3, 2013

ඔබේ නම සහ බ්ලොග් එකේ නම .....

පොඩි කුමාරිහාමිගේ නිර්නාමික ලිපිය සහ කමෙන්ට් කියවත්දී තමයි මට මේ අදහස ආවේ. සමහර බ්ලොග් වලට සහ ඒවාගේ රචකයා භාවිතා කරන ආරූඩ නාමය පිලිබඳ ඇති වෙච්ච් සංවාදයේදී මට හිතුන දෙයක් තමයි සිංහලෙන් ලියන හැම දෙනාගෙන් මේ ප්‍රශ්නේ අහල බලන්න. මොකක්ද ප්‍රශ්නේ ? ඇත්තටම ප්‍රශ්න දෙක


  1. ඔබේ බ්ලොග් අඩවියට නම යොදා ගත්තේ කුමන අරමුණකින්ද ? ඒ නම ගැන ඔබ සෑහීමකට පත් වෙනවද ? නම වෙනස් කලයුතු යයි ඔබට සිතුනාද ?
  2. ඔබ භාවිතා කරන අන්වර්ථ නාමයෙහි තේරුම කුමද ?

පින්තුරය ගත්තේ : true-meaning-of-names.com
කැමති අය විස්තර කරන්න කමෙන්ට් එකක් විදියට. ඊට පස්සේ මට එක් එක් කෙනා ගැන ඇති වෙච්ච අදහසුත් කියන්නම්. මේක අපූරු සංවාදයක් වෙයි කියලා මට හිතෙනවා. 













ප.ලි.

මගේ නම හදා ගත්ත විදිය දැන්වීමක් සහ ජාතක කතාවක්.
බ්ලොග් එකේ නම හදා ගත්ත විදිය : ආරම්භක සටහන

205 comments:

  1. මුලින්ම පාවිච්චි කලේ අම්බලම කියලා. පස්සේ මටම හිතුනා ඒ නම මෙලෝ රහක් නැති නමක් කියල. ඒ කාලේ ජොබ් එක කලේ සේල්ස් රෙප් කෙනෙක් විදියට. මුදලාලිලා රෙප් මහත්තයා කියල කතා කරන නිසා ඒ නමම දාගත්තා බ්ලොග් ලෝකෙටත්

    ReplyDelete
    Replies
    1. ඔයාගේ නම දැක්කම නම් තේරුම යනවා. තමන්ගේ රැකියාවත් නම වගේම හංගන යුගයක භය නැතිව තමන්ගේ ජොබ් එක මොකක්ද කියල කියන එකට රේප් මහත්තයාට සහ මාරයාට මගේ ප්‍රණාමය.

      Delete
    2. //රේප් මහත්තයාට//

      හප්පේ :ඩි

      Delete
    3. 'රෙ', 'රේ' වී ඇත :))

      Delete
    4. දැනුයි දැක්කේ. සමාවෙයන් රෙපෝ.

      Delete
    5. හයියෝ සංසාරේ ... ඔන්න රේප් මහත්තය එනවා .. ඔය කෙල්ලව ගෙට ගං !
      :)

      Delete
    6. මදැයි..සුදීක රේප් මහත්තෙකුත් හොයාගෙන...හි හී

      Delete
    7. අප්පට සිරි රේප් මහත්තය නේද? ඉක්මනට ලෑලි කෑල්ලක් වත් බැඳගනිල්ලා...ට.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    8. @ Dude

      ලෑලි කෑල්ලක් ලග නැත්නම් ඉක්මනට Dudesira ගැජට් එක හරි එල්ලමු...

      Delete
    9. http://www.facebook.com/photo.php?fbid=3556067494256&set=a.1310109746716.2045850.1049785475&type=1&theater
      ඕන් සාක්කි ඔය සයිබර් සිහින අවුරුදු උත්සවේ අවුරුදු කුමාරයා පස්සෙ රේප් මහත්තයා පන්නන්නෙ මක්කටැයි ?
      අපි නොදනී මුළු ලොවම දනී... :-D

      Delete
    10. මේකා කොල්ලෝ රේප් කරන එකෙක්ද කොහෙද?

      Delete
    11. මොනාද සුදීක අයියේ කරන්නෙ..

      අපේ කම්පැනියෙ බොසා කෝල් එකක හිටියෙ මේක මම කියවනකොට මට බකස් ගාලා හිනාගියා.. මිනිහා හිතුවෙ මිනිහට හිනා උනා කියලා.. අයියෝ..

      Delete
    12. පොඩි ටයිපිං මිස්ටේක් එකක් මල්ලි.

      Delete
    13. ආව ගමන්ම දැක්ක එක පට්ටයි , හැහැහැ , තවමත් හිනාඅ යනවා ,
      රේප් අන්කල් , :D

      Delete
  2. මදෑ කොළා...

    ම‌ෙග් එකේ නම් මම කලින් දාලා තිබ්බා බ්ලොග් එකට නම දාපු හැටි.. දැං ඒක ඒ තරම් අදාළ නැති නිසා අයින් කළා...

    ඉස්සර මට බ්ලොග් එකට රිංගන්න හම්බුනේ රෑ වෙලා, අම්මාගේ කඩේ වැඩ කරලා ආවට පස්සෙ.. යක්කු ගස් නඟින වෙලාවට... ඒක ඉතිං හිරු නැති වෙලාවනේ.. ඒක නිසා හිරු නැති හෝරාව කියලා දැම්මා..

    මට නම නම් වෙනස් කරන්න හිතුනේ නෑ..ඒත් Description එක වෙනස් කළා දවස තිස්සෙම මේකේ එල්ලිලා ඉන්න හමුබුනාම... හි හි

    හිරු කියන්නේ මගේ නමේ කෑල්ලක්.. අනිත් එක හිරු නැති හෝරාවට පායන හිරු කියන අරුතෙන් තමයි ඒ නම දැම්මෙ.. ඔච්චරයි ඒ කතාව... හි හි...

    මම බ්ලොග් එක පටන් ගන්න හේතුව මං ලියලා තියෙනවා එක තැනක...

    හිරු ගැන ටිකක්...

    ඔන්න ඕකේ අන්තිම ඡේදේ මං බිලොග් එක පටං ගත්ත හේතුව තියෙනවා... අදටත් මං අතින් ලියවෙන හැම වචනයක්ම ඒ මතකයේ ශක්තියෙන් තමයි ලියවෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මගේ පොස්ට් එක වටිනා එකක් කියල මට හිතෙන්නේ මේ වගේ සැඟවුණු කාරණා එලියට එත්දී.

      Delete
    2. සුදීක අයියා Research කරන්න හරි ආසයි කියලා මං දන්නවානේ.. හි හි

      Delete
    3. නැත්නම්. පුදුම ආසාවක් තියෙන්නේ. සමහර ඒවා කරන්න හරි බයයි. මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙයි කියලා.

      Delete
  3. මම මුලින්ම දැම්මේ නම් "අළුබඳුන" කියලා එකේ Description එක උනේ "දුකෙහි සතුටෙහි අවශේෂය කියලා".ඒත් පස්සේ ඒ බ්ලොග් එක මකල දාල මම හැදුව ඝනකම් අඳුර කියන එක . ඒක ටිකක් අමුතු නමක් නිසා මටත් ආස හිතුනා . මේ මානවක කෑල්ල මම අවුරුදු ගානකට කලින් ටැබූ ගේ එකේ කොමෙන්ට් කරන්න හදපු wordpress acount එකේ නම ඊට පස්සේ අන්තිම පේලියට ලිව්වා ඒ නමින්ම.

    මානවක කියන්නේ ඉතින් තරුණයා කියන එකනේ :P

    ReplyDelete
    Replies
    1. මානවක කිව්වහම මගේ මතකයට එන්නේ පද මානවක.

      Delete
    2. මට මතක් වෙන්නේ මඝ මානවක .

      Delete
    3. මට මැවුනේ කොණ්ඩෙ පැත්තට පීරපු අහිංසක කොල්ලෙක්.. බැලූවාම මං හරි... හි හි..

      හැබැයි සුදීක අයියේ ඊයේ මම දැනගත්ත විදියට ගොඩක් අයව මං මවාගෙන තියෙන විදිය ( physical appearance) ගොඩක් දුරට හරි ව‌ෙග්... හි හි... ( ඒ උනාට මං ආසම ඔය දාගෙන ඉන්න ප්‍රොෆයිල් ෆොටෝ එකෙන් මනුස්සයාව මවාගන්න. .ඒක හරි ලේසියි... හි හි)

      Delete
    4. ඔබේ රතු රජරට ගැනත් කියන්න.

      Delete
    5. හිරූ ඔයාගේ බ්ලොග් එකට නම දාන්න තිබ්බේ "හි හි" කියලා. ඔයා සිනාසී තර වෙනවා මට හිතෙන විදියට.

      Delete
    6. ඉස්සර මම හිනාවීගෙනම හිටපු කෙනෙක් සුදීක අයියේ.. දැන් හිනාවෙන්නේ ඔය හි හි යෙන් විතරයි... ඕක මගේ හිතින්ම එන දෙයක්.. නැතුව මං හිතලා දාන එකක් නෙවෙයි...

      Delete
    7. අන්න දැක්කනේ මගේ නමේම තියනවා අහිංසකයි කියලා..අයෙත් ඉතින් ගෑනු මනුස්සයෙක් කිව්වා කියන්නේ ඕක බොරුවක් වෙන්න බෑ...

      මාතලන් අයියාගේ විග්‍රහයට අනුව නම් මානවක කියන්නේ මා+නවක නැත්තන් මම අලුත් කියන එක.ඒ කියන්නේ හැමදාම අලුත් ෆ්‍රෙෂ් කියන එක.

      අන්තිමේදී බලන කොට මානවක කියන්නේ අහිංසක සදාකාලික තරුණයෙක් :D

      Delete
    8. ඕක මාන+වක වෙන්න බැරිද ? මාන කියන්නේ මිම්ම, ඉම වගේ තේරුමක්. වක කියන්නේ වක්‍රාකාර. එතකොට වක්‍රාකාර ඉමක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ රවුම් අන්තයක්. හරියට අර සෙනසුරු ග්‍රහයාගේ තියෙන වළලු වගේ.

      Delete
  4. හිරු නමනම් හොරකම් කරන්න ගොඩාක් අය දැඟළුවා ඒ වගෙම තවත් පිරිසක් චිත්ත වලට කඩේ ගියා .. එවා මට නම් අමතක නොවෙයි.. දඟලපු අය්යලත් නෑ ඒ බ්ලොගයෙ නමස් වෙනස් කරලා... මම පටන් ගන්න කොට මට හිරු නම කියනන්ට හුව එනමුත් එහි එලියක් කාට හරි දිමට පුළුවන් විම ගැන සිතුනා..
    ඉතින් මගෙන ගොඩදෙනෙක් අදහස් ගන්නවා.. මට නම්. නම් ඛාණ්ඩයක් ඇත..
    ප්‍රධාන නම නම් ගයාන් පෙරේරා / ඉරිෂියාකාරයා / දඟයා / හිරු .. තවත් නම් ඇත ප්‍රධාන වශයෙන් මෙසෙ සදහන් කටලමි...

    මාගේ මේ නහ එනම් හිරු නොහොත් හිරු එළිය ගැන මට අදටත් සතුටුවෙන්නට පුළුවන........෴

    ReplyDelete
    Replies
    1. මේක දැක්කම මට අහපු කතාවක් මතක් වුනා.ඒ කතාව ඊළඟ පොස්ට් එක විදියට දාන්නම්.

      Delete
  5. අපොයි ගොඩක් වැදගත් දෙයක් නම් තමා.

    මමනම් විශේශ හේතුවක් කියලත් නෑ.

    ආරක්ශාකාරීව software දෙන්න හිතා ගත්ත හින්ද seppuwa කියල ගන්න හැදුව. ඒ වෙද්දිත් තිබ්බ හින්ද වැඩේ හරි ගියෙ නෑ.

    ඊලඟට pettiya.blogspot.com කියල වැඩ ආරම්බ කලා.

    මුලදිනම් මගෙ නමින්ම කෙරුව. ටිකක් කරදර ආව හින්ඳ නම වෙනස් කරා. ((ඕන කෙනෙක්ට මම ගැන හොයා ගන්න ඕනවටත් වඩා ඉඩ දීල තියෙනව))

    pettiya යේ ලොක්ක හින්ඳ "පෙට්ටියේ අධිපති" කියල. හිකිස්ස්


    පෙට්ටිය නැති උනාට පස්සෙ MyTechGate පටන් ගත්ත. තාමත් "පෙට්ටියේ අධිපති" තමා. හැබැයි නම අගට හරස්කඩ කියල දාන්න උනා G+ වලින් අවුලක් ඇවිත්

    ReplyDelete
    Replies
    1. මමත් හොයන්නේ නැතිව ඇවිද්ද පය ...... කියල දා ගත්තට මොකද ඊට කලින් ඇවිද්දපය කියල එකක් තිබිලා තියෙනවා. නමුත් මගේ නම වෙනස්. අනිත් එක බ්ලොග් එකේ ලිපිනයත් awiida-paya. මොනවා වුනත් ඒ අය ලියලා තියෙන්නේ පොස්ට් දෙකයි. ඒත් ගොඩ කාලෙකට ඉස්සර. නම් වලට ආරවුල් පවා ඇති වෙච්ච බව තේරෙනවා කමෙන්ට්ස් බලාගෙන යත්දී.

      Delete
  6. තනියම ඉගනගන (සිංහල කොටන හැටි පවා)අමාරුවෙන් බ්ලොග් හත අටක් හදලා අන්තිමට අටමගල කියලා එකක් හැදුවා .හුටා කලින් එහෙම එකක් තිබිලා.

    මම පවුලට කියුවා බලන්ඩකෝ අනේ අටමගල කියලා එකක් තියනවා , හොද නමක් කියන්ඩකෝ කියලා

    අටමගලක් බැරිනං ඕන අටම්පහුරක් දාගන්ඩ අනේ මට වැඩ තියනවා කියලා මේකි කියපි

    අඩේ එළ නමනේ කියලා දැම්මා අටම්පහුර කියලා

    පස්සේ කාලයක සුම්මා තමයි කියුවේ නමේ තේරුම , පිලිවලක් නැති නිර්මාණය වගේ තේරුමක් කියලා.

    නමට යටින් තියන එකට අමාරුවෙන් අටවාගත්ත අහන්දා , එහෙම්ම දැම්මා .

    ReplyDelete
    Replies
    1. මේක හරියට ෆොක්ස් වැගන් කාර් එක ඩිසයින් කළා වගේ වැඩක්. :)

      Delete
    2. කිව්වා කියලා හිතා ගනින්

      Delete
    3. ඒක කලේ දැකලා. මේක කලේ හිතලා.

      Delete
    4. හැබැයි ඩිසයින් කරද්දීම කිව්වලු 'without the bush' කියලා. අටම්පහුරටත් ඒ උපදේශය ලැබුනද දන්නේ නෑ.මම අහිංසකයා.


      අසමි දකිමි සොයමි ලියන විචාරක



      Delete
    5. අඩේ , ඒ නම ආව හැටි මරු , :D

      Delete
  7. මට ලියන එව්වා මෙලෝ රහක් නැ ගැලපීමක් නැ කැතම කැතයි ඒක හින්දා අහක බලන් ගහපු කොත්තුව කියලා දැම්මා ඒක වැඩිය කවුරුත් කියවන්නේත් නැ ඒ වුනාට මට හිතුනාම මම ලියනවා :ඩ්

    ReplyDelete
    Replies
    1. සොරි මට නෙමේ මම

      Delete
    2. ෂා ! ඒක හොඳ තේරුමක් තියෙන නමක්. ගිහින් බලන්න ඕනේ. සමහරවිට මට ලස්සනට පෙන්න පුළුවන්.

      Delete
    3. //වැඩිය කවුරුත් කියවන්නේත් නැ ඒ වුනාට//

      ඇයි බං අපි කියවන්නේ

      Delete
  8. අල්ලලා යන පෝස්ට් එකක් (මරු අයිඩියානෙ සුදිකයාටත් එන්නෙ....)

    මගේ බ්ලොග් එකට "ප්‍රහාරය" කියන නම දැම්මෙ මගේ ජීවිතයම සටන්කාමී නිසයි....
    දෙවන උප ශීර්ශයේ "මිනිසකු විනාශ කළ හැකිය-පරාජය කළ නොහැකිය" කියන වාක්‍ය දැම්මෙ....මහල්ලා සහ මුහුද නවකතාවේ සමස්ථය එකට කැටිකළ තනි වාක්‍ය ඇසුරිනුයි.(මගේ පැත්තෙන් මාව බාගෙට මැරුවත් පරාජය බාරගෙන නැති නිසා ඒක එතනට හරියටම ගැලපෙනවයි කියලා හිතුනා)

    ReplyDelete
    Replies
    1. බලන්න සුමිත්. මම මේ ප්‍රශ්න දෙකට උත්තර වෙන පොස්ට් දෙකක් දාලා. මෙහෙම එක පොස්ට් එකක් තිබ්බම මුළු බ්ලොග් අවකාශෙටම එකයි.

      Delete
    2. // "මිනිසකු විනාශ කළ හැකිය-පරාජය කළ නොහැකිය" //

      සුමිත්, මේකට මම මාරම කැමතියි.. හැබැයි ප්‍රහාරය අකර්මණ්‍ය වෙලා තියන එක ගැන නම් කණගාටුයි සහ විරෝධය..

      Delete
    3. සුමිත් අයියට මෙහෙම කිව්වම දුවලා ගිහින් ජන කවි ටිකක් හොයල පොස්ට් එකක් දායි... හි හි

      Delete
  9. මේ එළකිරි වැඩේට අත ගහපු එක ගැන පළමුවෙන්ම මගේ ස්තුතිය :ඩි

    මම නම් ලියන්න කලින් ටික කාලයක් කියවපු කෙනෙක්. ඒ හින්දා නමක් හිතද්දී අමාරුත් උනා. හිතෙන හිතෙන නම කාට හරි තියනවා. අන්තිමට පහන්යාය කියලා දාගත්තේ බ්ලොග් එකෙන් මම දන්න පොඩි පොඩි දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න අදහසක් තිබුන නිසා. හරියට පහනකින් තවත් පහන් ගොඩක් දල්වන්න පුළුවන් වගේ. "පහනින් පහන් සිය ගණනක්" කියලා යටින් දා ගත්තෙත් ඒකයි.

    "සයුරි" කියන නම ගැන කිව්වොත් ඒක මම දැක්කේ පත්තරේක තිබිලා. දැකපු වෙලාවේම පුදුම ආසාවක් හිතුනා. කවදාහරි මට කෙල්ලෙක් ලැබුනොත් ඒ නම දානවා කියලත් හිතාගෙන හිටියා හිහි. ඒකට කල් තියන හින්දා බ්ලොග් එක ඒ නමෙන් ලියනවා කියල හිතුව. ඔන්න ඔහොමයි උනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මගේ දුවට අහල්‍යා කියල දාමු කියල යෝජනාවක් තිබ්බා.

      Delete
  10. තරියා (කොල්ලංට තරියා කෙල්ලංට තරී) කියන්නේ මට අපේ ගැන්සියේ උං (කෝචිචියේ) කියපු නම..
    මුල් කාලේ ඒකියන්නේ මගේ පළවෙනි බ්ලොගේ ලිවුවේ මට වෙච්ච සීන් කෝන්..
    ඉතිං මගේ සීන් තියෙන නිසා තරියාගේ බ්ලොග් කෙරුවාව කියලා ලිවුවා..
    පළවෙනි එකට කෙල වෙලා ගියයිං පස්සේ පටං ගත්තු එකේ බ්ලොග් කෑල්ල ලොප් කරලා තරියාගේ කෙරුවාව කියලා ලිවුවා..
    තරියා මුල් නම අබේසිංහ කියන වාසගම අබේ කියලා කෙටි කරලා (ටීචස්ලා කතා කරපු නම) තරියා අබේ කියලා මාව හදුන්වා ගත්තා...
    අබේ කෑල්ල ආවම ජපනෙක් කියලා හිතයි කියලා හිතුන නිසා පස්සේ කාලෙක අබේ කෑල්ල හලලා තරියා නමිං බ්ලොග් අවකාසේ කරක් ගහනවා...
    ඔන්න ඕකයි මගේ විස්තරේ..
    හරි සරලයි... සුගමයි...

    ReplyDelete
    Replies
    1. තරියා අබේ කියන එකේ පොඩි රිදම් එකකුත් තියෙනවා. හා හා ලඳේ වගේ ... D

      Delete
    2. තරියා කියන නම් ඉස්සර මට පේන්නෙම වෙන රියෙක් වගේ..

      Delete
    3. ඇයි බං හරී කියන නම...

      Delete
    4. ඒ බන් තරිය අබේ කියන එක සු දී ක කිඉවත් වගේ රිදම් එකක් තියෙනව්නේ

      Delete
  11. මම නම් මුලින්ම හැදුවේ ටෙස්ට් කරන්න. අරමුණක් නැතිව. එකනේ මගේ නමෙන්ම සයිට් URL තියෙන්නේ මගේම නමින් නේ. පස්සේ මම දාගන්න හැදුව අන්වර්ථ නාමයක්. මට පොඩි කාලේ ඉඳන්ම කට්ටිය කියන්නේ කිටියා කියලා. ඒ මිකක්හරි උනාම මියාව් කියන පුරුද්දක් තිබුන නිසා පොඩි කාලේ. දැනටත් මගේ හාමිනේ කියන්නෙත් කිටි කියලනේ. ඒක දාන්න හැදුවා බැහැ කවුද අරගෙනලු. පූසා කියලා බැලුව එකත් අරගෙන හරියන්නේ නැති තැන. අපේ තාත්තට යාළුවො කට්ටිය ෆිට් එකට කතාකරන්නේ කෝරලේ මහත්තයා කියලා. මටත් පොඩි කෝරලේ කියල කියන්නේ පස්සේ ඔන්න ඕක දාගත්තා. වැඩිය සිංහල දැනීමකුත් තිබුනේ නැහැනේ ඒ දවස් වල කොහොම හරි වැඩේ අල්ලලා ගියා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් පොඩි කෝරලේ හා !

      Delete
  12. ඉස්සෙල්ලම මේ පැත්තට ගොඩ වෙද්දි නියම පෝස්ට් එකක්..

    මම නම් වර්ණ කියලා දා ගත්තේ ජිවිතේ වෙනසක් හොයන් යන්න මේක පටන් ගත්ත හන්දා.. ඇත්තටම මේකත්‍ එක්ක මගේ ජිව්තේ මේ වෙද්දි වර්ණ ගැන්විලා.. මං ඉතින් ලියන්නේ මගේ ඇත්ත නමින්මනේ..

    ReplyDelete
  13. මේක මරු ලිපියක් සුදීක..

    මම "සෙන්නා" වුනේ මගේ මගේ වාස ගමේ කෑල්ලක් අරගන. ඉස්සර මට සමහර යාලුවො එහෙම අමතලා තියනවා.. ඒ අර්තයෙන් ගත්තම මම 100% කම් නිර්නාමික නෑ..

    බ්ලොග් එක "කුරුන්ද " වුනේ නම්, නම් කිහිපයක්ම අත්හද බලලා හරි යන එකක් නැතිම තැන ( සමහර හරි ගිය ඒවා කලින් දාලා ) වත්ත පිටිපස්ස තිබුන කුරුඳු කැලේට කියන නම දැම්මා.. මට පස්සෙ හිතුනා මේක වෙනස් කළානම් හොඳයි කියලා.. ඒත එතකොට පරක්කු වැඩියි.. මොකද මම URL එකත් හදලා තියෙන්නෙ ඒ නමින්මයි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් කුරුඳු කැලේ සෙන්නා වෙන්න තිබුණා. නිකං නෙල්ලි කැලේ බුරියා වගේ.:)

      Delete
  14. බ්ලොග් එකක් පටන් ගන්න කලින් අවුරුද්දක් විතරම වගේ මං කරේ බ්ලොග් කියෝපු එක. ඊට පස්සෙ මොනා මොනා හරි කුරුටු ගාල තියන්න බ්ලොග් එකක් තිබ්බොත් හොඳයි කියල හිතිල තමයි බ්ලොග් එකක් ලියන්න ගත්තෙ. මුලින්ම හිතුන ‘අදහස්‘ කියල නම දාන්න. ඒත් එක දවසක නින්දත් නොනින්දත් අතර ඉන්න වෙලාවක ඔළුවට ආපු ‘පරිකල්පන‘ කියන නම ඊට වඩා හොඳයි කියල හිතුන. ගූගල් සර්ච් එකක් කරල බැලුවම ඒ නමින් වෙන සිංහල බ්ලොග් එකක් නොතිබ්බ නිසා ‘පරිකල්පන‘ කියන නම පාවිච්චියට ගත්ත. ඔන්න ඔහොමයි උනේ :)

    ReplyDelete
    Replies
    1. පරිකල්පන කිව්වහම නිකං සම්භාව්‍ය ගතියක් දැනෙනවා.

      Delete
    2. හික්ස්... මංනෙ දන්නෙ මගේ බ්ලොග් කෙරුවාවෙ තරම. නම ඔහොම උනාට ලියන්නෙනං සම්භාව්‍ය මාතෘකා ගැන නෙවෙයි.

      Delete
  15. මේ පෝස්ට් එකට වැටෙන කමෙන්ට්ස් ටික ඉතා වැදගත් වේවි අනාගතයේ පවා.

    මගේ කේස් එක නං මෙහෙමයි.

    කතන්දර කියන්න කතන්දර බ්ලොගේ හැදුවා. ඒවා කියන්න කතන්දරකාරයා කියලා චරිතයකුත් ඔහු වචා තවත් චරිත කිහිපයකුත් නිර්මානය කළා.

    සියල්ල ඇසූ, දුටු, අත්විඳි ඒවා!

    ReplyDelete
    Replies
    1. සියල්ලෝම අදහස් දැක්වුවොත් ඉතා වටිනවා.

      Delete
  16. සු.දී.ක. ඔබ මැදියම පසුවී 1.30 ට නිදාගෙන නැවත උදේ 5.00 ට අවදිවෙලා නේද?

    ඒක නං එච්චර හොඳ දෙයක් නෙමේ රජෝ!

    ReplyDelete
    Replies
    1. ඊයේ මම හවස 5.00 සිට රාත්‍රී 8.45 වන තෙක් ගැඹුරු නින්දක් ලැබුවා. එක සාමාන්‍යයෙන් කරන දෙයක් නොවෙයි. මම 12.00 නිදියලා 5.00 ඇහැරින කෙනෙක්. ඉතිං බලනකොට ඊයේ පැය 1.30ක් වැඩියෙන් නිදාගෙන. බොහොම ස්තුතියි මතක් කර දීම ගැන.

      Delete
  17. බ්ලොග් ගැන නොදන්න කාලේ, එක එක වෙලාවට හිතට එන සිතුවිලි කොහෙ හරි ලියන්න ඕනේ කියන අදහස තිබ්බා, ඒත් කවදාවත් ඕක කරගන්න නම් බැරි උනා. මගෙ බ්ලොග් එකට "රඟහල" කියන නම දැම්මේ විලියම් ෂේක්ස්පියර් ගේ කියමනක් ඇසුරින්, ජීවිතය කියන තේරුම ඇතුව. ඒකම තමා ටැග් ලයින් එක විදිහට තියෙන්නෙ.. "ජීවිතය රඟහලකි, අපි එහ රඟන නළු-නිළියෝ වෙමු" කියලා. දැන් හිතෙනවා මගෙ පරිවර්තනය පොඩ්ඩක් අවුල්.. රඟහල වෙනුවට 'රඟමඬල' වගේ උනා නම් වඩා හොඳයි කියලා. ප්‍රොෆයිල් නම නම් ඉතින් මගේ නමේ කොටසක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. රඟහල දැන් ඇත අඩ අඳුරේ ...

      Delete
  18. මගේ බ්ලොග් එකේ නම සහ අන්වර්ථ නම දෙකම එකයි. ඒ හන්දා එක පිලිතුරක් තමා දෙන්ට වෙන්නේ...:)

    විදේශයක හැදී, වැඩී හිටියත් ලංකාව, ඒවගේම උඩරට අපේ ගම් පලාතේ මිනිසුන්ගේ හැසිරීම කතාබහ, චාරිත්‍ර, මගේ හිත තදින් ඇද ගත්තා. එයාලා ඒවා ඉදිරියට ගෙනියන්ට කරන වෙහෙසත් දැනුනා. මමත් ඒ අයගෙන් කෙනෙක් නේද කියලා හිතුන හන්දා තමයි මම 'පොඩි කුමාරිහාමි' කියන නම පාවිච්චි කලේ.

    එය වෙනස් කිරීමේ කිසිම අදහසක් නෑ. මම ඇත්තෙන්ම පොඩි කුමාරිහාමි කෙනෙක් විදියටයි මම දකින්නේ. හේතුව ගමේ ගියාම මම ඒ චරිතය සම්පුර්ණයෙන් කරන හන්දා.

    උඩරට මිනිස්සු ටිකක් ලජ්ජාවට , බයට හැදුනු අය කියලා මට හිතෙනවා. උයද්දි, බත් නිමෙන්ට වට්ටිවල දාලා පොඩි කරන හැටි, කොස් මාලුවක් හද්න කොට ඒක හැඳි ගාන හැටි, මුං ඇට නියඹලාවක් හදන හැටි, අලුවා කපන හැටි, ලජ්ජාවෙන් කතා කරන හැටි. කියන්ට ගොඩක් දේවල්. මේක උඩරටට ඇදීමක් එහෙම නෙමෙයි. උපන් ගමට ආදරේ හන්දා ලිය උනු දෙයක්...:)

    අනිකුත් ගම්වල අයටත් මෙහෙමම හිතෙනවා ඇති. ගමෙන් දුර හන්දා අපි වැඩිපුර ගමට ආදරේ ඇති. කොහොම උනත්, මගේ ප්‍රතිරූපය පොඩි කුමාරිහාමිම තමයි. ඒ නමට මම ආදරෙයි.:D

    ReplyDelete
    Replies
    1. එතකොට මම ඔයාගේ පොස්ට් එකේ ඔයා ගැන කියපුවා හරි.

      Delete
    2. එතකොට පොඩ්ඩි ඇත්තටම කුමාරිහාමි කෙනෙක් නෙමේද ? මම හිතන් හිටියෙ එහෙම්මමයි කියලා..

      Delete
    3. පොඩ්ඩි ඇත්තටම කුමාරිහාමි කෙනෙක්.:)

      ඒත් ඉතින් අනුන්ගේ ගෙවල්වල ඇවිත් ඕවා කියන්ට ගිහින් නිර්නාමිකයන්ගෙන් බැට කන්නේ මොකටද කියලා කට වහගෙන හිටියා.:D

      Delete
  19. මගේ නම සුසන්ත රෝහණ. නමුත් මම මහවෙදනා කියන නම පාවිච්චි කළේ හේතුවක් ඇතිව. ඒ පුරාණ සෙල් ලිපිවල මහවෙදන කියලා ලියවිලා තියන්නේ එක්කො සෞඛ්‍යය ඇමති හෝ වෛද්‍යවරුන්ගේ ප්‍රධානිය වගේ අර්ථයකින්. මේ නම තිබෙන සෙල් ලිපි කීපයක්ම හමුවෙලා තිබෙනවා. මගේ රැකියාව ආයූර්වේද වෛද්‍යවරයෙක්, පර්යේෂකයෙක්, දේශකයෙක්, ලේඛකයෙක් වගේ නොයෙක් පැති වලට විහිදිලා තියන එකක් වුනාට මම කැමතිම වෘත්තිය තමයි වෙදකම. අන්න ඒ නිසාත් මගේ යුතුකම ආයූර්වේදය ප්‍රචාරය කිරීම නිසාත් තමයි මම බ්ලොග් ලියන්න එනකොට මහවෙදනා කියන නම පාවිච්චි කළේ.

    ReplyDelete
    Replies
    1. එය සේවාවක් වෙදැදුරුතුමනි.

      Delete
  20. මාව නම් වෙනියා කියලා බුකියෙ ඉන්න ගොඩක් අය දන්නවනෙ..සයිබර් සිහින් අවුරුදු උලෙලෙදිත් දැන හඳුනා ගත්තනෙ..මම අවුරුදු ගානක් කියෙව්වා මිසක් ලිව්වෙ නෑ..ලියන්න ඕනි කියලා හිතුවහම දාන නම මොකද්ද කියලා හිතුවා කාලයක්..කෙටි කතා එක්ක මගේ ජීවිත අත්දැකීම් , එදිනෙදා මූන දෙන්න වෙන දේවල් ලියනවා කියලා හිතුවහම මට බ්ලොග් එකට චරිත දෙකක් ඕනි උනා. එකක් වෙනී..එදිනෙදා දකින , අහන දේ හිත අස්සෙන් පෙරිලා එනකොට එන දේ ලියන..අනෙකා ලියන්නා..අනේ ඌ නම් විඳින වදයක්..ඌට සිද්ද වෙන්නෙ කවදක හරි වෙනියව මරන්න..වෙලාවක මේ දෙන්නම එකාද මන්දා ? දෙන්නා වෙනස් , ඒත් එකාමයි..මන් සබරගමුවෙ..දන්නවනෙ මහබඹාට මූණු දෙකක් තොඉයෙන්නෙ ඇයි කියලා..බ්ලොග් අවකාශෙ තව සයිබර් ලියන්නා ඉන්නවා එයා දැන් ලියන්නෙ නෑ..ඒ නිසා මන් තමා ටික දෙනෙක් දන්න ලියන්නා..

    ReplyDelete
    Replies
    1. මල්සරා කියන නම කව්රුත් තාම පාවිච්චි කරනේ නෑ නේද ?

      Delete
    2. ආහ් තව එකක් මතක් වුණා. ඔලු දෙකේ බුරුවා. බුරුවා කිව්වේ වෙනියට නොවෙයි.

      Delete
    3. මම වෙනියට නමක් යෝජනා කරන්න කැමතියි. "බේකරියේ පාන් පෙට්ටිය".

      Delete
  21. සරත් කියන්නේ මගේ මුල් නමෙක් කෑල්ලක්. ලංකාප්‍රිය කියන්නෙ මම ලංකාවට ආදරේ හින්දා.. ලියන්නේ මට හිතෙන් දෙවල් එඩිට් නොකරම.. ඔන්න මගේ රහස එලි කලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබ ප්‍රියජන පුද්ගයෙක්.

      Delete
    2. හුටා! මම හිතාගෙන හිටියේ සරත් අයියගේ ඇත්ත නම සරත් ලංකාප්‍රිය කියලනේ අද වෙනකම්..

      Delete
    3. මමත් එහෙමයි

      Delete
  22. මම මහරගම පිළිකා රෝහලට ඉස්සෙල්ලාම ගියේ මගේ දරුවත් අරගෙන. ඔක්තෝබර් 5 මගේ උපන්දිනේ වගේම අපේ INTAKE ENLISTMENT DATE එක. ඒකට සමගාමීව අපේ මැරිච්ච බැචාල දෙන්න සිහිකරලා අපි මහරගමට දානයක් ඔක් 8 ලෑස්ති කලා. ඒත් මට ඔක් 4වෙනිදා ඉදලා එතන පදිංචිවෙන්නවුනා. එදා ඉඳලා අද දක්වා මම ඒ ඉස්පිරිතාලෙන් ඉගෙනගන්නවා. ඒකයි මගෙ බ්ලෝග තක්සලාවක් වූ ඉස්පිරිතාලය වෙන්නෙ. ඒක නිසාම මගේ බ්ලෝග් එක ස්ලෝ. මගේ ගාව තියනවා නොකියා 2730 ෆෝන් එකක් සිංහල සපෝට් තියන. ඒකෙන් කමෙන්ට් කරන්න පුළුවන්. පෝස්ට් බෑ. මගට යන කාලය තුල තමා බ්ලෝග් බැලෙන්නෙ. ඒත් මම මැරෙන්න කලින් මගේ අහිංසක කොල්ලා ජීවිතේ ජයගත්තහැටි ලියලා තියනවා. මගේ බ්ලෝග නවකතාවක්නම් තාම PROLOGUE එක විතරයි ලියලා තියෙන්නෙ.
    මගේ ඇත්ත නම අකලංක.

    ReplyDelete
    Replies
    1. අකලංකගේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් කීපය හරිම සංවේදියි... කතාවක්ම නොවන බව දන්න නිසත්, ඔය තරම් නොවුනත් පොඩියට ව‌ෙග් මමත් ඔය අත්දෑකීම වින්ද බව මතක නිසාත් ( මගේ මල්ලි අසනීප උන නිසා පොඩි කාලේ..) මට ඒ කතාව හරි සමීපයි...

      Delete
    2. මමත් කියවල තියෙනවා. ඉතාම සංවේදීයි.

      Delete
    3. mamath eka follow kara.matath tiyenawa oya wage athdekeemak.math eka liyanna inne.


      Nisupa

      Delete
  23. "ටිකක් හිතන්න" කියල දාපු නම හොදයි කියල හිතෙනවා..... මුලින් පටන් ගත්ත බ්ලොග් එක ඩිටෙක්ට් කරාට පස්සෙ නම වෙනස් නොකර එඩ්‍රස් එක විතරක් වෙනස් කරා...නම මගේ නමම තමයි....

    ReplyDelete
    Replies
    1. ටිකක් හිතන්න - ගොඩක් ලියන්න.

      Delete
    2. සතියකට සැරයක් ලියනවා...

      Delete
  24. මට නම් බ්ලොග් එක පටන් ගද්දී ඒකට ගැලපෙන නමක් හොයා ගන්න බැරි උනා. ඒත් මම ලියන්න අදහස් කලේ මගේ ගැන. මගේ ජීවිතේ ගැන. මම හරිම විවෘත කෙනෙක් නිසා බොක්කෙ තියෙන දේත් එළියට දමන කෙනෙක්. හිතේ එකක් තියාගෙන ..තව එකක් ලියන්න මට බෑ. හරිම නිදහසේ මට හිතෙන දේවල් එළියට දමන්න මට ඕනෑ. ඒ නිසාම මම මගේ නම ( ඇත්ත නම ) ළිහිණි කියන එකත් එක්ක " ළිහිණිගේ ජීවිතය " කියලා බ්ලොග් එකට දැම්මේ.මට නම් තුනක් තියෙනවා. ඉතින් මුල් නම ළිහිණි.. ( තාරුකා නම නම් දෙවෙනි සහ තුන්වෙනි නම් වලින් අකුරු එකතු කරලා හදපුවා ) මම ඉන්නෙ මගේ ඇත්ත නමින්..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එකක් පොඩිකුමාරිහාමි ගේ පොස්ට් එකටත් දැම්මොත් හොඳයි. මොකද ඒ සන්වදෙට ඔයාගේ අදහස් වැදගත්. මෙන්න ලින්ක් එක

      නිර්නාමික - පොඩිකුමාරිහාමි

      Delete
  25. 1. මට හිතෙන හැටි - ඔව් මට හිතෙන දේවල්නෙ ලියන්නෙ.
    HeyDude මේක ඕනැම සහෘදයෙකුට අමතන්න පුලුවන් වචනයක්. හුඟක් පළල් යෙදුමක්
    මගේ ඩෙනිම: මගෙ ප්‍රියතම ඇඳුම. Never goes out of fashion ඉතින් මගෙ ප්‍රියතම බ්ලොගට ඒ නම් යෙදුවට අවුලක් නෑනෙ.

    2.henryblogwalker හෙන්රි මගේ ඇත්ත නම්. මට ඒ තරම්ම හැංගෙන්න අවශ්‍යතාවයක් දැනුනෙ නෑ මම දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී, සහ අනුන්ට මඩ ගහන් පෝස්ට් ලියන්න අදහස් නොකරන නිසා. බ්ලොග්වෝකර් කියන නම් විස්තර කරන්න අවශ්‍ය නෑනෙ. මම හිතන්නෙ ඒක අර්ථාන්විත නමක් කියලා.
    ඩූඩ්. මේ නම් හුඟ දෙනෙක් වරදවා තේරුම් ගන්නවා ජේත්තු කාරයා කියලා. මම පස්සෙ හොයා බැලුවාම මධුර ඩික්ෂනරියෙ තියෙන්නෙ ඒ තේරුම විතරයි. නමුත් ඩූඩ් කියන වචනය ඊට වඩා හෘදයාංගම තේරුමක් තියෙන පුළුල්තේරුමක් ඇති සරළ වචනයක්. මේක අවශ්‍යනම් Urban Dictionary එකේ බලන්න. මචං, බුවා, පොර, අඩෝ, ඒයි වගේ ඔක්කොම අදහස් මේකෙ ගැබ් වෙලා තියෙනවා සිංහලෙන් නම්.

    මම බ්ලොග් වලට දාලා තියෙන නම් සහ මගේ අනවර්ත නාම වලට මම කැමතියි. වෙනස් කරන්න හිතුනෙ නැත්තෙ ඒවා හොඳට හිතලා බලලා දාපු නම් නිසායි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඩුඩ් කියන එක බඩී කියනවා වගේ එකක්.

      Delete
    2. මටත් ඩූඩ් කිව්වම එන්නේ ඔය මචං, ඒයි, වාතයක් නොවෙන ලෙංගතු කෙනෙක් වගේ තේරුමක් හිතට... එතකොට ඩුඩ් අයියා කියන එක ගැලපෙන්නේ නෑ කියලා මතක් වෙනවා.. ඒත් දැං හෙන්රි අයියා කියනවට වඩා ඩුඩ් අයියා කියන එක මට පුරුදු වෙලා නිසා මං එහෙමම කියනවා... හි හි

      Delete
    3. @සුදීක: ඔව් සුදීක, බඩී කියනවා වගෙත් තමයි.
      @ හිරූ: වාතයක් නොවන ලෙංගතු කමක් කියන එක ඇහුවාමයි. ඒකත් මරු අර්ත දැක්වීමක්. ඕනෙ එකක් කියන්න හිරූ
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    4. ඔය වචනේ ඩියුඩ්, ඩිව්ඩ්, කියලත් කියනවා නේද? (උච්ඡාරණය) මම දන්නා තේරුම නම් ජේත්තුකාරයා කියන එකයි. කොහොමටත් හෙන්රි ජේත්තුකාරයෙක් බව බ්ලොග් එකේ දාන පින්තුර වලින් පෙනෙනවා. :D

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. අර කට ඇරන් නිදා ගත්ත එක වගේද?

      Delete
    6. මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඔයතුනෙන් කියවන්ඩ ඕනෙ මොකක්ද කියන එකයි.. කියවන්ඩ ගියාම පරණ එකක් දකිද්දි ඉතින් $%^#^U$%U

      Delete
  26. මගේ පෙලපත් නාමය කෙටිකරල තමයි Raj කියල බ්ලොගෙට නම දැම්මේ හැබැ තාරුණ්‍යයේ අවකාශය කියල උද්‍ර පාඨයක් දාගත්තේ තරුණ කම නොමියෙන දෙයක් බැවින් සහ දෙයක් ලියන බොහෝ වෙලාවට තාරුණ්‍යයට අමතන්න තියෙන කැමැත්ත නිසා මොකද තාරුණ්‍ය පිරි සෑම හදවතක්ම හරි අපූරුයි නේව ඒ බොකුවල කුනු අවමයි හික්ස්

    ReplyDelete
    Replies
    1. රාජ් ආශ්‍රය කරාම අන්තිම වාක්‍යයේ සත්‍යය වැටහෙනවා.

      Delete
  27. Praසන්ன කියල ප්‍රෝපයිල් එක හදාගෙන කොමෙන්ට් කරපු හින්ද ඒ නමටම ලටපටයක් එකතු කරල තමයි බ්ලොගේ නම හදාගත්තෙ. බලපුවහ සෝරෝවටත් ලටපටයක් තියෙනව.

    මගේ එකනං දැං ලටපට වෙලානෙ තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔයාගේ එක වෙනස් කර ගන්න හැබෑ ලටපට කියලා.

      Delete
  28. මේක හරිම ලස්සන පෝස්ටුවක්....කාගෙ කාගෙත් ජාතකේ දිග ඇරිලා තියෙනවා නියමෙට...

    මගේ බ්ලොග ගැන කියනවානම්... බ්ලොග් එකට නමක් දාන්න හිත හිතා ඉන්නකොට මට මතකෙට ආවෙ නිහාල් නෙල්සන්ගෙ සින්දුවක්...

    සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ
    අහපන් රියල් කථා ගුණෙ අයියගෙ කාමරේ
    හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සොමි පුරේ...
    මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ...

    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ...
    මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ...

    ඔන්න ඔය ගීතයේ ගුණෙ අයියගෙ කාමරේ කියන වචන පේළියත්, හවසට හවසට සැට් එක ඒකරාශී වෙලා පොඩි කයියක් දෙකක් ගහලා මිත්තරයො විනෝද වෙන අදහසත් ඇතුව තමයි සිරාගෙ කාමරේ කියලා නම දැම්මෙ...ඇහින් දැකලා නැති වුනත් දැන් කාමරයට එන යන හැමෝම මගේ මිතුරො නොවැ... මට බොහෝ අය කියලා තියෙනවා ඒ නම දැක්කම මේකෙ තියෙන්නෙ මොනවද කියලා බලන්න කුතුහලයක් ඇති වෙනවා කියලා...

    සිරා කියන්නෙ මගේ වාසගමේ කොටසක්....

    ReplyDelete
    Replies
    1. වැලි ගල් කටු හැඳි නෑ මගේ වැඩ රාත්තලේ ...

      Delete
  29. පෙර පිනකට මට විදෙස් සංචාරවල යෙදෙන්න අවස්ථාව ලැබූණා. මේ චාරිකා ඇසුරින් තමා මම මගේ නමින්ම පෙනි සිටින ගමන් මේ බ්ලොගය ඇටෙව්වේ. ඉතින් ලොකේ වටේ යන අරුත අරන් සමකය වටේ කියල නම දාගත්තා. අද නං චාරිකා වලට අමතමර විවිධ අංශ බ්ලොගට ඇතුළත් කරලා තියනවා. ඒත් සමකය කියන නමට මං කැමතියි.

    ReplyDelete
    Replies
    1. සමකය වටේ - හැටට හැටේ

      Delete
  30. මන් මේ කල්පනා කරේ මොනවද කියන්නේ කියල...

    ReplyDelete
  31. බොරු මොකටද?
    මගේ අදහස් වැඩ කරන විදිය ගණන් හදන විදිය හැම දෙයක්ම රොබෝකෙනෙක් වගේලු..(මිත්‍ර සමාගම තමයි එහෙම කියන්නේ..) කාලෙකදි මටත් තේරුණා සීන් එක ඇත්ත තමා කියල.. ඉතිං ඒකට අදාල වෙන විදියට බ්ලොගේට දාගත්ත..

    ReplyDelete
  32. Replies
    1. rakusa kiyala damme neththe ai danne.

      Delete
    2. මාරයා කියන්නේ හැම කෙනා ගැනම මතක කෙනෙක් ආයිබෝවන්ඩ.

      Delete
  33. මම නම් ඉතින් හිතල මතල වැඩ කරන කෙනෙක් නෙමෙයිනෙ. මගෙ නම් වලට බුකිය තමයි සම්බන්ද. මම මුලින්ම බුකියට ගියෙ දේශයේ ශක්තිය කියන නමින්. එතකොට නම් දැන් වගේ ෆේක් එව්ව තිබුනෙ නෑ. මගෙ යාලුවො මට කතා කලේ දේශ් කියල. ඉතින් බ්ලොග් වලට කමෙන්ට් කරන්න හිතාගෙන බ්ලොගර් එක හදනකොට දේශ් කියලම දැම්ම. ඒ ගමන්ම කැහිල්ලට වගේ පේජ් එකකුත් හැදුව. දේශයේ ශක්තිය කියලම. ලියන්නෙ නැති උනාට එහෙම එකකුත් තියනව. ඒකෙ තියන දේවල් නම් නමට කිසිම සම්බන්දයක් නෑ.

    ReplyDelete
    Replies
    1. අවංක හෙළිදරව්වක්.

      Delete
  34. මේක නියම අවසථාවක් මට නම්. මොකද බ්ලොග් කියවන හුගක් එව්වෝ හිතන් ඉන්නේ රතු රජරට කියුව හැටියේ මූ නම් ජෙප්පෙක් කියලයි.නමුත් ඇත්තටම මට නම ජවිපේ සමඟ මොනම ආකාරයකවත් සම්බන්ධයක් තිබුණේ නෑ. නමුත් සමාජවාදය ගැන යම් යම් එකගවීම මට තියෙනවා.මගේ ගම රජරට ප්‍රදේශයට සම්බන්ධයිනේ. හෞතික වශයෙන් මම දැන් ගමෙන් ඈත්වෙලා උන්නත් ආත්මීයව මට මගේ ගම සහ එහි මිනිස්සුත් එක්ක බිඳිය නොහැකි සම්බන්ධයක් තියෙනවා.
    රතුරජට කියන්නේ මම ලියපු කවිපොතක නමක්. ඒ කවි පොතේ බෝහෝ කවි ලියවුණේ කර්කශ වියළි එහෙත් සරු මහපොළවක ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවීතවල වෙහෙසකර බව, ඛේදනීය බව , සදාකාලික පරාජයය ගැනයි. ජීවිතයම යටකරන්නේ කුඹුරට. ඒ සඳහා වෙන මහන්සිය මම ඇත්දැක තියෙනවා. මට හිතුණා බැලූ බැලූ අත තිබෙන්නේ රතුපාට නේද කියලා.
    උදාවෙන හිරු, ඒ එළියෙන් දීප්තිමත්ව බැබළෙන ගලා යන දියපහරවල්, ඒ දියවර බෙදාගන්නට රතුවූ හදවතින් හා ගතින් කෝපයෙන් දබර කරන එකම පොකුරේ මිනිසුන්, අඩදබර නිසා ගලායන රතුම රතු ලේ, ඒ ලේ මතින් පැහෙන ගොයම් කරල්, ඒවා කපාගන්නට වෙන මහන්සියේදී ගලායන දහඩිය බිංදු, අස්වැන්න විකුණා අතට ගන්න මොණර කොළ. ,,ඇසිල්ලක් ගතවෙන්නට මත්තෙන් ඒවා ණයට හිලව් වීමෙදී ඇසේ කොණක හිරවීඉ ගලා නොයන කදුළු මේ සියල්ල රතු පාටයි නේද,,,,,, බැලූ බැලූ අත දකින්න තියෙන්නේ ඒ රතුපාට නේද කියලා මට හිතුණා. මම රතු රජරට ලියන්නට පටන්ගත්තේ ඒ විදිහට. අද මම මොනවා ලිව්වත් මට මගේ උපන් ගමත් එක්ක තියෙන ආත්මීය තදන්තර බැදීම මගේ බ්ලොග් පිටුව පෙරළන වාරයක් පාසාම මට සිහිවෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ ඇත්ත නම ඕනෙනෑ සුදීක. දන්නෝ දනිති.

      Delete
    2. මේක ජවිපෙට එහා ගිය විප්ලවීය ප්‍රකාශනයක්. මා ඔබට කියන්නේ ශ්‍රී ලාංකීය සියැටල් කියලා.

      Delete
    3. රතු රජරටගේ බ්ලොගයේ පින්තූරේ ගහකොළ කලුසුදු කරලා මහපොලවට යන්තං ලා රතක් දීලා තියෙද්දි මම හිතුව රතු රජරට කියන්නේ රජරට වියලි පොළවෙන් ගොඩ නැගුණු නමක් කියලා. මමත් රජරට කාලයක් හිටියා. ඒක නෙමෙයි ඔය කවිපොත කොහෙද ගන්න තියෙන්නේ?

      Delete
    4. මට නම් කවදාවත් හිතුනේ නෑ රතුරජරට කියන්නේ ජෙප්පෙක් කියල මොකද කියනවා නම් බොහොමයක් ජෙප්පෝ සමාජය දිහා බලන්නේ පාට කන්නාඩියකින් නිසා.රතු රජරට කියන තැන එහෙම නෙවෙයි ගොඩක් සංවාද ශීලී කතා කරන්න දේවල් තියන තැනක්.

      Delete
    5. කරුමෙට මගේ බ්ලොග් රෝල හරියට අප්ඩේට් වෙන්නේ නෑ. එහෙම නොඑන එකක් තමයි රතු රජරට.

      Delete
  35. මේ වැඩේ නම් මරු වැඩක්. සෑහෙන්න දේවල් දැන ගත්තා.

    මම ගැන නම් කියන්න දෙයක් නෑ. 2006දි සිංහලෙන් ලියන්න ආසාව නිසා ලියන්න පටන් ගත්තා. ඉස්කෝලේදි අපි ලියපු බිත්තිපුවත් පත මතක් වෙලා තමා නම දැම්මේ.. කාලයක් අන්තර්ජාලයේ අපේ බිත්තිය කියල නම දාගෙන ඉඳල පස්සේ ඒක මගේ බිත්තිය කියල වෙනස් කලා මම ඇර වෙන කවුරුත් ලියන්නෙ නැති නිසා.

    ආදර්ශ පාටේ නම් එදා ඉඳන් එකම තමා. ඔය බිත්තිවල කුනුහරුප ලියන උන් මට පේන්න බෑ වගේ, මගේ බිත්තියෙත් කුනුහරුප ලියන්න එපා කියල කියන්නයි මට ඕනේ උනේ.

    වැඩි විස්තර මම මෙන්න මේ පෝස්ට් එකේ ලියල ඇති. http://biththiya.blogspot.com/2011/08/5.html

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කාලේ ATM යන්ත්‍රයේ රිසිට් එක පිටුපස පුංචි පත්තරයක් ලිව්වා 4 x 4 කියලා. මෙන්න මේ පොස්ට් එක දැම්මේ එක ගැන

      රටටම රහසක් වු ලංකාවේ පළමු සිංහල බ්ලොග් එක ...

      Delete
  36. මට කුඩා කාලයේ ඉඳලම තිබෙන පුරුද්දක් තමයි යම් කිසිවක් ඉගෙනගැනීමේදී ප්‍රශ්න ගොඩාක් ඇසීම. මේක මගේ දෙමවුපියන්ට, යාලුවන්ට, ගුරුවරුන්ට කරදරයක් වූ අවස්ථාත් තිබුනා. නමුත් මගේ හිතේ යම් කරුණක් තහවුරු වෙනතුරු මම ප්‍රශ්න අහනවා. එක දක්ෂකමක්ද දුර්වල කමක්ද කියලා මම හිතන්න යන්නේ නැහැ. නමුත් ඒ හේතුව නිසාම බොහෝ දේවල් පළමුවැනි වතාවේදීම නිවැරදිව කරන්න හැකිවූ අවස්ථා මගේ ජීවිතයේ සෑහෙන්න තියනවා. අහලා බලලා හොයලා කටයුතු කිරීම ගැන හිතලා තමයි 'අසමි දකිමි සොයමි' කියලා නම දැම්මේ. විමසීම් කරන මිනිහා නිසා 'විචාරක' කියලා දැම්මා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ඔය ජාතියේම එක්කෙනෙක්.

      Delete
  37. මාතලන්.. ඒ කියන්නේ
    මා + තලන් ඒ කියන්නේ
    "මාව තලන්න" කියන එක..
    ඒ කියන්නේ
    "මාව මසාජ් කරන්න" කියන එක
    අනේ මට ලැජ්ජයි වගේ අයියෝ......

    ReplyDelete
    Replies
    1. සිකේයියා...මේ බවක් නොදැන මේ නාකි අපිත් මේ මනුස්පයාව ආශ්‍රය කලා නොවැ...:-D

      Delete
    2. ඒකත් ලේසි වැඩක් නෙවෙයි බලපුවාම..හි හි

      Delete
    3. නරකද ඔය කතාව පොලීසියක් ඉස්සරහට ගිහිං කිව්වොත් ?

      Delete
    4. ඒක නෙමේ ඇයි හොරෙක් මංකොල්ලකාරයෙක් කියල කියාගන්නේ?

      Delete
    5. හයියෝ... තා මරන් නෝනේ .. :ද

      Delete
  38. මටනම් ඕනේ උනේ ඉතාමත් කෙටි නමක් යොදන්න එයට හේතුව ඉක්මනින් ඕනෙම කෙනෙකුට මතක හිටින එක වගේම සර්ච් කරන්න ලේසි වීම ඒ කරුණු කාරනා හිතේ තියාගෙන නමක් තෝරනකොට මගේ නමින්ම කොටසක් යොදාගෙන චමී4යු කියන නම හොදයි කියල හිතුනා..

    ReplyDelete
    Replies
    1. චමී4යූ කියන එක හොඳයි chami4u කියන එකත් හොඳයි, හැබැයි මැද දාලා තියෙන ~ අකුර හැම කෙනාටම හොයා ගන්න අමාරුයි.

      Delete
  39. මගේ වාසගම කෙටිකරලා තමයි බණ්ඩා කියලා දා ගත්තේ.. මට සමහරැ කතා කරන්නේ බණ්ඩා කියලා.. සයිබර් ගම්මානයේ මගේ ගෙපැල කතාවනං කොහෙන් ආව එකක්ද මන්දා. ඒ නමට ලගින් යන ඇදුමක් අන්දන්න මූලිකවම හේතු උනේ සදරුගේ පෝස්ට් එකකට ලැබුන රිප්ලයි එකක් නිසා.

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන්නේ කෝපි කඩේ යන වෙලාවට දාන හෝකන්දර බණ්ඩා මහතාව.

      Delete
  40. ගොඩක් දේවල් දැනගත්තා සුදීක..ස්තුතියි මේ අදහසට..

    මම බ්ලොග් එක පටන් ගත්තෙ,එදිනෙදා මට හමුවන (අහන්න දකින්න කියවන්න ලැබෙන) ලස්සන අපූරු දේ ගැන අනිත් අයත් එක්ක බෙදාගන්න හිතාගෙන..ඒ නිසා වෙන්නැති මම ගොඩක් සංකීර්ණ දේ නොලියන්නෙ..
    රූ කියන්නෙ මගේ නමේ මුල් අකුරු දෙක..මම දැකපු ලස්සන දේ කියන අර්ථයෙන් තමා රූ සිරිනි කියන නම හැදුවෙ..

    ඒත් තාම සිරිනි කියන එකේ හරිම තේරුම නම් හොයාගන්න බැරිවුනා..:)

    ReplyDelete
    Replies
    1. සරල දේට තමයි වැඩි ඉල්ලුම. මේක වැඩිම දෙනෙක් එකතු වෙලා ලියපු බ්ලොග් පොස්ට් එක වෙනවා.

      Delete
    2. රූ කියන්නෙ අකුරු දෙකක් බව දැනගත්තෙ අදයි.. මෙච්චරකල් මම හිතන් හිටියෙ එක අකුරක් කියලා..

      Delete
    3. බලාගෙන ගිහාම හරී කියන කතාවෙත් ඇත්තක් තියනවා..මෙච්චර කල් මම වැරදියටනේ හිතාගෙන ඉඳලා තියෙන්නේ අයියෝ..!!

      Delete
    4. ඔව් මම හිතන්නේ බොහෝ දෙනෙක් මේක එක අකුරක් කියලා තේරුම ගන්න ඇති.

      Delete
  41. ශම්මි කියන්නෙ මගේ ඇත්ත නම නෙවෙයි වුනාට,මගේ තාත්තගේ පවුලේ අය මට පොඩි කාලේ කතා කරේ ඒ නමින්,දැනටත් කීප දෙනෙක්ම ඒ නමින් තමයි කතා කරන්නෙ..ඕක මගේ බලධාරියා දැනගත්තු දවසේ ඉදන් එයත් ඒ නමින්මයි කතා කරන්නෙ...මගේ බ්ලොග් එකේ නම් නම් දාලා දුන්නෙ මගේ බලධාරියා,එයා තමයි බ්ලොග් එක හදලා ඔයාට හිතෙන ඕන දෙයක් ඔයා ලියන්න කවුරු නැතත් මම එනවා කියලා කිව්වේ...ඒ නිසා මම හේතුවක් දන්නෙ නෑ..එයා ආස නිසා වෙන්න ඇති.. සිහින ක්ෂිතිජය කියන එක දැම්මෙ නම් ඇයි කියන්න දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. සිහිනත් අල්ලන්න බෑ ක්ෂිතිජයත් අල්ලන්න බෑ. ඔයාට කාටවත කිට්ටු වෙන්න බෑ කියන එක මට හිතෙන්නේ එයා කියල තියෙන්නේ.

      Delete
  42. මම බ්ලොග් ගැන මොනවත් දන්නේ නැති කාලේ නිකමට ඉද්දි කවියක් ලියවුනා. ලංකාවෙන් පිටත හැමෝගෙන්ම වෙන් වෙලා ඉද්දි ලියවුන කවියේ අන්තිමට ලිය වුනා අසරණයෙක් ය කියල. පස්සේ කාලෙක බ්ලොග් එක හදද්දී "අසරණයා" කියන නම දාල බ්ලොග් එක පටන් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවට පස්සේ 'අ' යන්න ගලෝමු.

      Delete
  43. මන්නම් ඉතින් ඔන්න මගේ ඇත්ත නමින්ම තමයි බ්ලොග් ලියන්නේ ,ප්‍රොෆයිල් පින්තුරේ විතරයි පූසෙක් හිනාවෙන මූනක්‌ දාගෙන ඉන්නේ ,

    මුලින් ලියන්න පටන්ගත්ත බ්ලොග් එකට නමක් දාන්න කල්පනාකරලා මගේ නමින්ම හසරැල්ලක් කියලා දැම්මා ,2011 පටන්ගත්තට හරියට ලිපි ලියන්න ගත්තේ 2012 නොවැම්බර් ඉදලා,

    මගේ අනිත් බ්ලොග් එක පටන්ගන්න හිතුනේ මාරයාගේ මාතර උන්දලාගේ කෙරුවාව පොස්ට් ඒකෙන පස්සේ ,ඉතින් ඒක අපේ ගම මාතර කියලා නම් කළා ,

    කොහොම උනත් මං ඉතින් රාජකාරිය ඉවරවෙලා ගෙදර ඇවිත් පුලුපුලුවන් වෙලාවට ලිපියක් දෙකක් දානවා

    ReplyDelete
    Replies
    1. කන්තෝරුව කන්තෝරුව අපි වැඩ කරන ....

      Delete
  44. මෙතුවක් කමෙන්ට් කරපු ඔක්කොගෙම විස්තර කියෙව්වා..

    මට නම් අනිත් අය මේ නම් පාවිච්චි කරලා තියෙනවාද? නැද්ද? කියලා සැළකිලිමත් වෙන්න ඕන උනේ නෑ.. මොකද?
    සිංහල බ්ලොග් පටන්ගත්තෙ මමනෙ.

    ReplyDelete
    Replies
    1. //මේ විදිහට කීපයක් ලියාගෙන යන අතරෙ මම අනික් බ්ලොග් නොසෑහෙන්න කියෙව්වා. එතකොට තමයි මට තේරුනේ මේ බ්ලොග් ලෝකෙ තෝරු මෝරු අතර මම මොන පඟර නැට්ටෙක්ද කියලා. අනිත් අයත් එක්ක බැලුවම මගේ දැනුම රුපියල් අස්සෙ අලුක්කාල් ගහනා වගේ කියලා හිතුනා. මොකෙක්වත් හීනලන්ත කතාවලින් ප්‍රයෝජනයක් ගන්නේ නැති බවත් ඒ වගේ පඬි වදන් දෙන්න තරම් මට දැනුමක් නෑ කියලා හිතිච්ච නිසාත් හීනලන්තෙ කතා නැවතුනා. ඒත් ඉතින් තාමත් මේක 'හරීගේ හීනලන්තය'. තාමත් මගේ පින්තූරෙ මුලින්ම දාපු පින්තූරෙමයි.

      ඉතින් ඔය 'හරීගේ හීනලන්තය' කියන බ්ලොගේට අදට අවුරුදු දෙකයිලු. ඉතින් අවුරුදු දෙකක් පුරා මේක කියෝපු කමෙන්ට් කරපු නන් අයුරින් සහයවුනු හැමෝටම ස්තුතියි. ඒකට තමයි මේ විශේෂ මුද්‍රණය.

      හැබැයි 'සිංහල බ්ලොග් පටන් ගත්තේ කවුද?' කියන එක මමත් දන්නෙ නෑ.

      ආයෙමත් //

      Delete
  45. මුල ඉඳන් අගටම පෝස්ට් එකටත් වඩා කොමෙන්ට්ස් වලින් සෑහෙන දැනුමක් ලැබෙන විදිහට කියවපු අපූරුම පෝස්ට් එක මේකද කොහෙදෝ.. :D සෑහෙන රස වින්දා..

    මටත් තියෙන්නෙ අන්වර්ථ නමක් හින්දා ඒ ගැනත් කියන්නම්කො.. :D
    මුලින්ම බ්ලොග්ස් කියවලා අදහස් පලකලේ හා හා පුරා කියල බ්ලොග් එකක් ලිව්වෙ මගේ සැබෑම දෙවෙනි නමින්..මොකද මූණු පොතේ කිවිඳියක් විදිහට ඒ නමින් තමා සෑහෙන පිරිසක් මාව දැනගෙන හිටියෙ..දැන් ඒ බ්ලොග් එක දිහා මමවත් නොයන තරම..

    ඒත් ටික කාලයක් යද්දි හිතුණු දෙයක් තමයි මිනිස්සු අඳුනන අයට අදහස් දක්වන්නෙ මූනිච්චාවට බව..ඉතින් මට ඕන වුණා හිතේ තියෙන දේවල් තිරයකට මුවා වෙලා ලියන්න..එක සැරේටම හිතට ආපු නම තමා මකුළු පැංචි..

    එක පාරටම එහෙම මතක් වෙන්න හේතුව ඉස්සර අපේ ගෙදර බාත් රූම් එකේ හිටිය තරමක් ප්‍රමාණයෙන් විශාල මකුළුවෙක් ගැන මගේ අත්දැකීම වෙන්නෝනැ..අපේ අම්මා හරිම බයයි ඌට..වතුර ගගහ එළවන එකමයි වැඩේ..මමත් ඌට බයයි..ඒත් කවදාවත් වතුර ගහල එලෙව්වෙ නෑ..

    හොදට හිතල බැලුවොත් ජීවත් වෙද්දි කීප දෙනෙක් හැරුනම අපි බොහොම දෙනෙක් මකුළුවො වගේ වෙන්න ඕන කියලයි මට හිතුනේ..සමාජය අනන්තවත් අපි හදන දැල් කඩල බිඳල දානවා..ඒ වගේම වත්පොහොසත්කමක්..බලපුලුවන්කාරකමක්..සිත් දිනා ගැනීමේ ලොකු වාසනාවක්..ලස්සනක්..විශාල ප්‍රතිරූපයක් නැත්නම්..ඒ වගේ කෙනෙක්ට සමාජය නොදැනුවත්වම හෝ දැනුවත්වම කරන කෙනිහිලිකම් බොහොමයි..

    මකුළුවා කියන්නෙත් ඒ තරම් සිත් ඇදගන්නා සුලු සතෙක් නෙවෙයි..බොහොම වෙලාවට කිසිම හානියක් නොකරම අපි මකුළුවට බයයි..ඒත් මකුළුවා කියන්නෙ හරි ධෛර්යයවන්ත සතෙක්..ජීවිතය වෙනුවෙන් සටන් කරන සතෙක්..කී වතාවක් දැල කඩල දැම්මත් ආයෙ ආයෙත් හරිම පරිපූණ විදිහට ඒක ගොඩනගන සතෙක්..බ්ලොග් එකේ ලියන්න ඕන කළෙත් මගේ ජීවිතය හින්දමයි ඒකටත් මකුළු පැංචිගේ වියමන කියල දැම්මෙ..මොකද මට ඕන වුණෙ මකුළු පැංචියෙක් වගේ ජීවිතේට මූන දෙන්න..මකුළු දැලක් වගේ ජීවිතය වියන්න...

    ඒත් දැන් බ්ලොග් ලෝකෙ ගොඩක් අය මට කියන්නෙ ''මංචි'' කියලයි..සමහරු අහනවා මම මංචි බිස්කට් කන්න පෙරේතද කියලත්.. :D
    ඒත් ඒක හැදුණෙ ගූගල් බස් පදින්න ගිහින් වෙච්චි සංතෑසියක් හන්දයි..මුලින්ම බස් පදින්න ගියාම කට්ටිය රොක් වෙලා විස්තර අහනවනෙ..එතනදි තමා මාරයා..සිරකරුවා..බීට්ල්..ඩිලාන්..සිහින..කණියා...සිරකරුවා..වැපා..හසී..හස එකී මෙකී නොකී සෑහෙන පිරිසක් එකතු වෙලා මකුළු කියන එකෙන් 'ම'යන්නයි...පැංචිගෙන් 'ංචි' කෑල්ලයි එක්කහු කරලා 'මංචි' කියල දැම්මෙ..දැන් ඉතින් මකුළු පැංචි කියල කතා කරන්නෙ බොහොම අඩු පිරිසක්...ගොඩක් අය කියන්නෙ මංචි..මකුළි...මකුලිච්චි...ඔන්න ඕව තමා..කොටින්ම මාත් මට කියාගන්නෙ මංචි කියලනෙ...හික්ස්... :D


    ReplyDelete
    Replies
    1. පැකුළු මංචි....
      \\ || //
      \\oo//
      ==##==
      // ||\\
      // || \\

      Delete
    2. බොලේ මෙන්න තව නමක් හදල.... :O

      Delete
  46. පොඩ්ඩි අක්කගේ පෝස්ට් එකෙන් මේ පැත්තට ආවේ මොකක්ද මේ අළුත් වැඩේ බලන්න....

    මම ගැමියා

    ඉස්කෝලෙ චිත්‍ර අඳින්න ගිහින් චිත්‍ර ගුරුතුමීගෙන් අහගත්තු කතාවක් නිසයි එදාම හවස කොහෙවත් යන කට කැඩිච්ච කෙලි අම්මන්ඩියෙක් කියපු කතාවක් නිසයි ඉස්කෝලෙයි පන්තියෙයි රෙජිස්ටර් වුනා ගැමියා යන නමින්...

    බ්ලොග් කියන කියන දේ මට පෙන්නලා කියලා දුන්නේ දිලීප පොඩි පුතු කියලා බ්ලොගක් ලියපු අපේ ඉස්කෝලෙ මල්ලි කෙනෙක් ඒ 2009 විතර... එයා පෙන්නපු ඒ බ්ලොග් බලලා මටත් හිතුනා ලියන්න ඒත් සින්ඩි ගැනවත් අනික් පබ්ලිසිටි ගැනවත් දැනුමක් නැති නිසා අවුරුදු දෙකකටම මගේ බ්ලොගට ලැබුනේ එකම එක කොමෙන්ටුවක් විතරයි...

    හිතපු තරම් කික් එකක් නැති නිසා ඒ වැඩේ අල්ලලා දැම්මා ඒත් පස්සෙන් පහු ලිනක්ස් ගැන හොයද්දි

    ප්‍රවීන් ඉන්ද්‍රනාම
    ශාකුන්තල

    අයියලගේ බ්ලොග් කියවලා සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා වගේම ඒ බ්ලොග් වල තිබුනු කොමෙන්ට් හරහා

    සුළැඟිල්ල
    හිස් අහස
    ලියන්නා

    වගේ බ්ලොග් හම්බුනා කියවන්න... ඒ ලියන විලාසය මට සෑහෙන්න තදින් හිතට වැදුනු නිසා එක ලිපියක් නෑර ඒ බ්ලොග් තුනම කියවන්න ගත්තා... හිස් අහසේ අයියාගේ අත්දැකීම් ලියලා තිබුනු රසවත් බව නිසාම මටත් හිතුනා මගේ අත්දැකීම් ලියන්න ඕන කියලා ඉතින් පටන් ගත්තා ආයෙමත් ගැමියාගේ පත් ඉරුව යන නමින්.... හැබැයි මුලින්ම තිබුනු ගැමියාගේ පත් ඉරුව කියන බ්ලොග් එක ඩිලීට් කරලා තමා ආයෙම පටන් ගත්තේ....

    මගේ කාඩ් එක ගැමියා නිසාත් නගරයක ගැමි පරිසරයක හිටිය නිසාත් මට හිතුනේ පුස්කොල පොතක් කියවන ගැමියෙක්ගේ රූපයක් දාලා වැඩේ පටන් ගන්න එහෙම පොටෝ නොලැබුනු නිසා තමා දැන් තියෙන මේ රූපේ දාගත්තේ.... නිර්ණාමික වෙන්න හිතුවත් බුකියේ බ්ලොග් ලියන නම විතරක් දැම්මා....

    මේ නම කවදාවත් වෙනස් කරන්න කිසිම අදහසක් නෑ ඒ වගේම තමා මේ දාපු නම සුලභ නොවන නිසා ලොකු වෙනසක් තියෙනවා කියලා හිතෙනවා....

    ඒ වගේම තමා මෙහෙම මාතෘකාවක් අල්ලලා පෝස්ට් එකක් දැමීම නියම වැඩක්....

    තව එකක් තමා චීත්තයක්ද සරමක්ද කියලා නෑ සාධාරණය වෙනුවෙන් ඕනැම වෙලාවක මම කතා කරනවා වගේම බ්ලොග් ලෝකේ කාගෙවත් දේපලක් නොවන නිසා තමන්ට කැමති ඕනෑම නමක් පාවිච්චි කරන්න වගේම ඕනෑම දෙයක් ලියන්නත් හැකියාව තියෙනවා කියලත් ප්‍රකාශ කරන්න කැමතියි... මොන දේ කලත් කිව්වත් මගෙ හිතේ කිසිම කහටක් නෑ :D

    ReplyDelete
    Replies
    1. මේක බ්ලොග් ලියන්නන්ගේ සුහද හමුවක් වගේ.

      Delete



  47. මට නම් එච්චර තේරුමක් හිතලම නෙමේ නෙළුම් විල සිහියට ආවේ . බ්ලොග් එක හදපු දාම පාසලට යන මග තියෙන නෙලුම් විලේ මල් පිපෙන්න ඔන්න මෙන්න කාලේ බව දුටුවා . මැයි කියන්නේ මෙහෙ මල් පිපෙන කාලේ . හරිම සතුටක් ඇති වුනා ඒ දවස්වල ''බින්දි ද ජන්ගල් ගර්ල් ''කියන සිරිස් එක බල බල හිටියේ . ඒ නම දාගත්ත . විනාඩි දහයක් වගේ කාලයක් තමා ඔය දෙකටම ගතවුනේ . එච්චර දිගට ලියන්න හිතන් පටන් ගත්තෙත් නැහැ . අනික එක වැඩක් දිගට කරන්න බැරි කමක් මට තියෙන නිසා වැඩිය ලියයි කියල විශ්වාසයක් තිබුනෙත් නැහැ . පස්සේ කල්පනා වුනේ බින්දි කියල මට ඉස්සර මිතුරියකුත් හිටියා . නළලේ තිලකෙටත් කියන්නේ ඒ නම . කොහොම හරි ඒ නම් දෙකම මට වාසනාව ගෙනාව .

    ReplyDelete
    Replies
    1. බොහෝ අයගේ ආරම්භය අර්මුනකින් තොරව අරඹලා තියෙන්නේ.

      Delete
  48. මම කියෙව්ව මිසක් මීට කලින් මේ බ්ලොග් එකට කමෙන්ට් දාල නෑ.මේකටනම් කමෙන්ට් කරන්න හිතුන :). මගේ බ්ලොග් එක "රෝස කැළේ " කියල පටන් ගත්තෙ හේතු දෙකක් නිසා පුංචි කාලේ අපේ අම්මල අපිට කියන්නෙ අපිව රෝස කැළෙන් ගෙනාව කියලනෙ. ඒ වගේම රෝස කැළේ මල් වගේම ක‍ටුත් තියනවනෙ, ඔය ගැන හිතල නම දැම්ම. රෝස කැළේ ඉන්න කෙනා ඉතින් රෝස කුමාරියෙක් වෙන්න එපැයි. :)

    ReplyDelete
  49. මම නම් ඉතින් නිර්නාමික හෝ වෙනත් නම්වලින් ලියන්නෙ නෑ මොකද මම ලියන හැම අකුරක් වෙනුවෙන්ම මම පෙනීහිටින නිසා. "අස්වැන්න" කියලා යෙදුවේ අනාදිමත් කාලයක සිට රජරට වැසියේ බතින් බුලතින් ස්වයං පෝසිත වුනේ මත්ගෙ දාඩිය මහන්සියෙන් උපයාගත් බවභෝග සතා සීපාවටත්, කුරුලු පාලුවටත්, දැසිදස්සන්ටත්, නැදැ සනුහරේටත් කොටසක් වෙන්කරලා තමන්ග‍පෙවුලේ නඩත්තුව වෙනුවෙන් ඉතිරිකරගත් කොටසත් වෙන්නෙන් උපයාගත් ආදායමක් විදියට.

    අපේ සිංහල භාෂාවේ කොයිතරම් වචන තියෙනවද

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි අයෙකුට ගොඩනගාගත් නමක් තිබෙන නිසා, එය වාසිදායකයි. බොහෝ නවකයන් සිතන්නේ ඔවුන්ට පිළිගැනීමක් නොලැබෙනු ඇති කියායි. එනිසා වන්නට ඕනේ ඔවුන් අන්වර්ථ නාම භාවිතා කරන්නේ. අනෙක් කාරණය තමයි කියන්න අවශ්‍ය බොහෝ දේ නොබියව ප්‍රකාශ කරන්න ඇති අවස්තාව. ඔබටත් මටත් ඒ අවස්තාව නෑ.

      Delete
  50. සාපෙලින් පස්සේ ලියන්න මාර ආසාවක් ඇති උනා. ඒත් මම පවුලෙ ලොකු එකා හන්දා කලා විශයන් හැදෑරීමේ ආසාවට විරාම ලකුනක් තිබ්බා. ඒත් ඒකාලෙ බන්දුල පද්මකුමාර මහත්තයා කරපු (දැන්නම් බොළඳයි කියලා හිතෙන ) පත්තරවලට ලියුවා. .අන්තිමට කොම්පියුටර් ජීවිතෙට බැස්සට පස්සේ ලියන අඳින හැකියාව යට ගියා . පහුගිය 2011දි මම කවි ලියපු පරන අතීත මතකයක් නැවත අහම්ම්බෙන් මතක් උනා. ආයෙත් මගෙ පරන කවි පොත පෙරලුවා. අවුරුදු 17කට පස්සේ හිතුනා ආයෙත් ලියන්න. ඉස්සර ලස්සනට අකුරු ලියන පෑනත් මගේ අතට නුහුරුයි. බ්ලොග් එකක් ලියන්න හිතුන මගේ බ්ලොග් එකේ කතා හුඟකට පුරුකක් උන සිරිල් ඒ මොහොතෙ උන්න මගෙ ඉස්සරහ එයාගේ මල්ලිත් එක්ක දුරකතන සංවාදයක. මිනිහා කතාකලේ එයාගේ ආච්චිගේ පෙට්ටියක තිබුන මොනවදෝ ගැන. ආච්චිගෙ පෙට්ටිය මම ආතම්මගෙ පෙට්ටගම කලා. මම ලොකු ජෝන් උන හැටිනම් මගේ බ්ලොග් එකෙ වෙනම පෝස්ට් එකක දාලා ඇති මෙන්න ඒ ලින්කුව

    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. //ඊට දින කීපයකට උඩදී "සවුදන් ජෙමා" චිත්‍රපටිය රූපවාහිනියෙන් ප්‍රචාරය විය. අදමෙන් ටෙලි නාට්‍ය එදා නොවූ බැවින් චිත්‍රපටයක් විකාශනය වූ පසු ඒ ගැන පසුවිපරම් කිරීමෙ පුරුද්දක් රූපවාහිනිය බලන්නන් තුල විය.

      ජෙමාගෙ ලියුම නිසාවෙන් මට පසු දින සිටම නමක් පට බැදුනි. මුල් දින කීපයතුල "ජෙමා" කියුවත් පසුව ජෙමා "ජෝනා" බවට ඉබේම පත්විනි. …මගෙ ලොකු මලයා මාසමග නිරතුරුවම සිටි නිසා ඔහු "පොඩි ජෝන්" ලෙසත් මම "ලොකු ජෝන්" ලෙසත් බස් රථය තුල ප්‍රසිද්ද විය. ඉන් වසර තුනකට පසුවමගෙ බාලම මලයාද නාලන්දාවට ඇතුලත් කරන ලදි. ඔහු "ජිල් ජෝන්" විය //

      Delete
  51. මම නම් දාලා තියෙන නම ගැන දැනට සෑහීමකට පත් වෙනවා මොකද මම අලුතෙන් බ්ලොග් එක පටන් ගත්තු නිසා සමහරවිට අනාගතයේදී වෙනස් වේවි........මොකද මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හැම දෙයක්ම වයසට සමානුපාතිකව වෙනස් වෙන නිසා.....

    මගේ නමේ කොටස් දෙකක් තියෙනවා වාසගම හැර...... ඒ කොටස් දෙකේ මුල් අකුරු තමයි මගේ බ්ලොග් එකේ නම විදියට යොදලා තියෙන්නේ ......

    ඉඩ තියෙන වෙලාවක මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න.....

    http://kdgesatahana.blogspot.com/

    ReplyDelete
  52. හොඳයි අපි ඇවිත් බලන්නම්.

    ReplyDelete
  53. මගේ බ්ලොග් එකට නම දැම්මේ මගේ නම රු යන්නෙන් පටන් ගන්න නිසත්.මගේ යාළුවගේ නම හි යන්නෙන් පටන් ගන්න හින්දත්.අනික අපි පොඩ්ඩක් හිතුවක්කාර නිසා ඒක බ්ලොග් එකට දැම්මා.මම කලින් ලිව්ව බ්ලොග් එක "රුෂ්ගේ කෙරුවාව"ඒක හිතට හරි ගියේ නෑ.අනික දිවත් අප්සට් යනවා.
    http://hithru.blogspot.com/
    හිතුවක්කාර පන්හිඳ

    ReplyDelete
    Replies
    1. මගේ මතකය නිවැරදි නම් මේ දෙවෙනි රූ. දෙදෙනක් එකතු වී බ්ලොග් කරන එකත් අපූරු වැඩක්.

      Delete
    2. ඇත්තෙන්ම ඒක ඇත්ත නෙමේ යාලු..අපි දෙන්නා බ්ලොග් දෙකක් කරනවා.මම ඒ නම දැම්මේ යාලුවටත් එක්ක :)

      Delete
    3. ඔයා හොඳ යාලුවෙක්.

      Delete
    4. මම අන්තිමට යාළුවට ගෙදර ඉන්න නැති තත්වයකුත් ඇති කරා කිව්වනං හරියටම හරි නේ

      Delete
  54. විශාල රැස්වීම් ශාලාවක්.... හැමෝම වාඩිවෙලා ඉන්නවා තමන්ගෙ වාරය
    ආවාම එක එක්කෙනා නැගිටලා තමන් ගැන ස්වයං හැඳින්විම කරනව...
    ෂා! මොනතරම් අපූරු අදහසක්ද මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නෙ..
    මට දැනුනෙ එහෙම....

    තව ප්‍රමාද වෙලා හරි බ්ලොග් ලොකයේ දැවැන්තයො එහෙම මේ
    රැස්වීමි ශාලාවට ඇතුල්වෙයි කියල සාමාන්‍ය ජනතාව වුන අපි දෑස් අයා
    බලාගෙන ඉන්නවා...ඒ අයගෙ ඇතුලාන්තය දැකගන්නට..

    මම බ්ලොග් කියවන්නෙක් ඒත් අටවගත්තු බ්ලොගයක් දූවිල් බැඳිල ඔහේ තියෙන නිසා මං ගැන කිව්වොත්
    මුලින්ම පටන් ගත්තෙ "වැලිමැඬිය" (Desertfrog) කියල.
    (නමින් එහෙම එකෙක් ඉන්නව වගෙ දැනුනට) එහෙම සතෙක් නෑ මම හිතන්නෙ
    නිමල් පෙරේරා වෙච්චි මගෙ නමේ මුල් කොටසත් පසුව එල්ලගත්ත. වෙනස් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
    සවුදියෙ රියාද් වල රැකියාවට ඇවිත් අවුරුදු ගානක්ම ගෙවිල ගිහිල්ලත්
    මෙහෙන් චුතවෙලා ලංකාවට යන්න තවම පිලිවෙලක් වුනේ නැතිකම හේතුවෙන් වැලිකතරටම ගෙම්බෙක් වගේ වුන නිසා ඒ නම හොඳයි කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. නිමල් ඔයා උඩින් කියල තියෙන දේවල්ම තමයි මටත් දැනුනේ. හැබැයි ඒ වගේ එකක් ක්‍රියාත්මක කරන්න මම මෙතනට ආධුනික වැඩිද කියල මට හිතෙනවා. මොකද හැමෝම යන බ්ලොග් එකක් වුනා නම් මීට වඩා බොහෝ දෙනෙක් මේ රැස්වීමට සහභාගී වෙනවා. ඔයාගේ කාන්සිය මට තේරුම් ගන්න පුළුවන්. එහෙම කෙනෙකුට මේ වගේ දෙයක් කියවල කාන්සිය නිවා ගන්න පුළුවන් නම් ඒක ලොකු සතුටක්.

      Delete
    2. //ඒ වගේ එකක් ක්‍රියාත්මක කරන්න මම මෙතනට ආධුනික වැඩිද කියල මට හිතෙනවා.//

      මේං මෙයා ආධුනිකයෙක්ලු... හොඳට තියෙයි...මෙයාට ආධුනිකය කිව්වොත්...

      Delete
  55. අළුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තට 'බට්ටි' කියන නමින් මීට කළින් "අන්තිම පේළිය"ට ලිවුවා. ඒ නම ම යොදා ගෙන මගේ බ්ලොගය' බට්ටිගේ නිවහන' ලෙස නම් කළා. ඇත්තටම බ්ලොග් එකක් ලියන්න අදහසක් මගේ තිබුණේ නැහැ.ඒකට හේතුව ඔය බ්ලොග් කෙරුවාව ගැන මේ ලෝකේ සසරක් මම නො දැන සිටීම. ඒත් දවසක් මගේ මහත්තයා ගෙදර අවිත් කිවුවා එයා බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත බව.ඒකටම මටත් ලිපි ලියන්න කියලා මට කිවුවා. එතකොට ඒක අච්චාරුවක් වෙනවාය කියන අදහසක් මට තිබුණේ. ඒ නිසා මාත් ඊට කිහිප දිනකට පස්සේ මගේම කියල බ්ලොග් එකක් පටන් ගත්තා.


    දැන් මාසයකට ටිකක් වැඩියි.

    'බට්ටි' කියන නම මට කලින් බ්ලොග් ලෝකෙට ඇවිත් තිබුණත්, මාව දන්නා අයට පුරුදු නම ම මගේ බ්ලොග් එකට පාවිච්චි කරන්න මම තීරණය කළා.මට කළින් බ්ලොග් ලෝකෙට ආපු බට්ටි යේ, මේක දකලා අමනාප වෙන්න එපා ඔයාගේ නම පාවිච්චි කරනවාය කියලා. මට ඒ නම අත් අරින්න පුළුවන් කමක් නෑ. ඒක මගේ මහත්තයා දාපු නමක් නිසා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම සාමෙන් සමාදානෙන් වැඩ වෙනවා නම් ඒක ලොකු දෙයක්.

      Delete
  56. මේ ලියන්නේ මගේ පලවෙනි බ්ලොග් එක නොවන නිසා ඒ පලවෙනි දෙවෙනි තුන්වෙනි, හතරවෙනි , බ්ලොග් ගැන නම් දාපු විදි නම් මතක නැ.... මේකට මම මුලින්ම නම දැම්මේ සදරුගේ ලෝකය කියලා උනත් (සදරු ගැන නොදැන)පස්සේ ඒ සදරු ට එක හරි මදි (අපි පොඩි මිනිස්සුනේ) වගේ කියලා හිතිලා දේවා ගේ අවවිය වෙලා ඔන්න දැන් දේව් ගේ අඩවිය විදිහට ලියාගෙන යනවා ... දැන් නම් රාජකාරි පරිසරයේත් බ්ලොග් එක නිසාමද කොහෙද භාවිතා වෙන්නේ ඔය දේව් කියන නමම තමා...... ඔන්න ඔහොමයි එක උනේ....

    ReplyDelete
    Replies
    1. අපේ ඔෆිස් වල අයනම් බොහොම ටික දෙනෙක් තමයි මගේ බ්ලොග් එක බලන්නේ. එනිසා මෙතන යොදාගෙන තියෙන නමවත් ඒගොල්ලෝ දන්නේ නෑ.

      Delete
  57. පිස්සු හැදුනා කට්ටියගෙ අදහස් දැකලා...හරිම ආසා හිතුන.

    මම නම් බ්ලොග් වලට ආවෙ හිස් අහස ලියන සඳරුගෙ ආටිකල් එකක් ලක්බිම පත්තරේ දැකල...! මගේ මුල්ම පෝස්ට් එකේ ලියල ඇති.
    හරියට ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්වත් නැතිව කාඩ් දදා කියෙව්වා..හිස් අහසෙ ඉන්න අයගෙ තැන් වලටත් ගිහින් කියෙව්ව...ඔන්න ඔලුවට ගැහැව්ව ලියන්න ඕන කියල. හැබැයි බ්ලොග් කියන්නෙ මොකක්ද කියල කිසි කෙනෙක් දන්නෙ නෑ අපේ පැත්තෙ..දැනටත් එහෙමයි..! තනියම ඉගෙන්නගත්ත.

    මටත් ලස්සන අතීත සිද්ධි ,රසව්ත් සිද්දි තියෙන නිසා කියන්න හිතුව.....කවුරුවත් ලඟින් වත් නොයන නමක් දාන්න හිතුව...අපේ ගෙදර(මම ඉන්නෙ මහ ගෙදර) බුදුපහන ලඟ වීකරල් පොකුරක් එල්ලල තියෙනව අපේ තාත්ත කුඹුරු කරන නිසා. මුලින් හිතුවෙ..වීකරල කියල දාන්න.. නමුත් වීපොකුර හොඳයි කියල හිතුන...මගේ නමත් ඒ විදියටම වීපොකුර කියල පාව්ච්චි කලේ නම් නොතේරුම් කමට ..!

    ප්‍රොෆයිල් එකට පින්තූරයක් ගන්න අර මුලින් කිව්ව වී කරල් ටික හරෝ..හරෝ ..පින්තූර 50ක් විතර ගන්න ඇති ඒත් හරි ගියේ නැහැ.පස්සෙ අන්තර්ජාලෙන් ගත්ත පින්තූරයක් තමා පාවිච්චි කරන්නෙ..!

    ටික දවසක් ලියාගෙන යනකොට ..අපේ ඩූඩ් අය්ය මට "වීය " කියල අමතන්න ගත්ත නිසා ඒ නම හොඳා කියල හිතුන..! සිංහල රාජ්....චීයා..කියල තිබ්බ.))

    ReplyDelete
    Replies
    1. ෂා කොයි තරම් අපූරු කතාවක්ද ඒක.

      Delete
  58. I'm impressed, I have to admit. Seldom do I encounter a blog that's equally educative and interesting, and without a doubt, you have
    hit the nail on the head. The problem is something not enough folks are speaking intelligently about.
    I'm very happy I stumbled across this in my hunt for something relating to this.
    Feel free to surf my blog ... herbal life products

    ReplyDelete
  59. අනීවාරතේ

    නමෝ විත්තියෙන් වැඩේ පටන් ගනිද්දිම "පෙරවදන" කියලා එකක් දාලා නමේ තේරුමත් දැම්මා.
    "සිංහල භාෂාවේ වැඩිය පේන්න නැති වචනයක් වන ,"අනීවාරතේ" යනු "නිකරුණේ" යන තේරුම දෙන වචනයකි හා හා පුරා පටන් ගත් මංගල බ්ලොගයට අනීවාරතේ නමක් යොදා ගැනීම මගේ මානසික තත්වය හොඳාකාරව හෙළිකරන සාධකයක් බවට ඔබ සළකනු ඇත .නමුත් මෙම බ්ලොගයට තේරුමක් ඇති නමක් සෙවීම අනීවාරතේ කාලය නාස්ති වෙන වැඩකි "

    ගැටයා
    මේ හන්තාන අඩවියේ ඉන්න කාලේ පාවිච්චි කරපු කාඩ් පත්‍රයයි

    ReplyDelete
  60. බයි ද වේ
    මරු අදහසක් සමඟ මරු පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. හැබැයි කොල්ලෝ ඔය නාහේ ඇඟිලි ගහන් ඉන්න එක දැක්කාම මට හිතෙන්නේ හිතුවක්කාරය කියල කියන්න.

      Delete
  61. තවත් කට්ටිය ඉන්නවා නම් ඉක්මනට අදහස් දක්වන්න. මට අනිත් පොස්ට් එක දාන්න.

    ReplyDelete
  62. අපි කියවන කට්ටිය හින්ද ඔන්න අපිට නම් මුකුත් කියන්න විදිහක් නැහැ මයේ හිතේ.......

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කියවන ඇයට තමයි මේක වැඩියෙන් වටින්නේ.

      Delete
  63. මම නම් ඉතිං ක්සැන්ඩරගේ කොළම කියල පටන්ගත්තේ 2010 කටාර් ඇවිත් සැහෙන බ්ලොග් ටිකක් කියවල ඉන්න අතරේ. මට හිතුන ඔය කාලේ ඇයි මම සිංහලෙන් බ්ලොග් එකක් ලියන්නේ නැත්තේ කියල. ඉතිං ඒ අදහස එක්ක මට හිතට දැනෙන දේවල් ටිකක් අකුරු වලට පෙරලලා තියන්න 2011 දී මම කොළමක් ලියන්න ගත්තා. නම දැම්මේ මගේ හිතේ තිබුණු නමක්.

    ක්සැන්ඩර් කියන නම මම ගොඩක් කාලයක් අන්වර්ථ නමක් විදියට පාවිච්චි කළා. කොහොමත් මම අන්තර්ජාලේ මගේ නියම නම භාවිතා කරන්න කැමති නැති කෙනෙක්. ඒ කරුණු කීපයක් නිසා. ඉතිං ඒ නමින්ම ලිව්වා. ඒත් පස්සේ ගුගල් දෙය්යෝ පිස්සුවක් කෙළලා මගේ නම මට ඇලෙක්සැන්ඩර් කේජ් විදියට වෙනස් කරන්න වුනා. මුලදී නම් කවි වගේම මගේ මතයන් ලියන්න අඩවිය භාවිතා කලත් පස්සේ මට හිතුනා මම ආසා විෂයයන් ගැන ටිකක් ලියන්න. ඒ තමා මම අන්තිම කාලේදී ලියපු ලිපි ටික. ඔන්න මගේ කතාව.

    අද ඇත්තම මුහුණෙන් හිටියත් මම ඇත්තම නමින් බ්ලොග් වල පෙනී හිටින්නේම නැති තරම්.(වැරදිලා ලොග් වුනේ නැත්තං)

    ReplyDelete
    Replies
    1. මොකද මල්ලී හැඟෙන්නේ?

      Delete
    2. මේ ජංජාලේ හැංගිලා ඉඳල මෙහෙම නම් එලි පිට හිටියොත් සොරි ම තමා කියලා හැංගිලා ඉන්නේ. :)

      Delete

  64. මම හිතන්නේ මට කලාතුරකින් කියවන්න ලැබෙන වටිනාම විදියේ පොස්ට් එකකට ලැබුන කොමෙන්ට් ටික , ගොඩක් අය ගැන දැනගන්න ලැබුන මේකෙන් ,

    මම ගැන කියනවා නම් 2010 ඉදල විතර බ්ලොග් එකක් ලියන්න මම ට්‍රයි කරා , කියෙව්වා අනිත් අයගේ ඒවා , වැඩියම නම් ප්‍රිය තාවය තියෙන්නේ තාක්ෂණික කාණ්ඩයේ බ්ලොග් අඩවි වලට මගේ .
    ඒ ඇරෙන්න නිතර දන්නා , බ්ලොග් එකට යන එන අයගේ බ්ලොග් කියවනවා ,

    පිටසක්වලයා (යසන්ත) ගේ බ්ලොග් එක දැකල තමයි මට නම් හෙනම ආසාවක් ආවේ , හැබැයි ඉතින් අවුරුද්දක් යනකම්වත් මට එකක් ලියා ගන්න බැරි උනා , මොකද කිවොත් මට ටෙම්ප්ලේට් එකක් හදා + තෝරාගන්න බැරි උන නිසා ,එකක් හදාගෙන යද්දී ආයේ බ්ලොග් එකක් ලියන අදහස අත්හැරිය ,

    කොහොමෙන් හරි අන්තිමේ හිතට ගැලපෙන ටෙම්ප්ලේට් එකක් හදා ගෙන ඉන්නකොට තමයි ගිය අවුරුද්දේ සයිබර් සිහින උළෙලට සහභාගී උනේ , ආව අයගේ සහෝදරත්වය නිසාම මේ පාර නම් අනිවාර්යෙන් එකක් ලියනවා කියල හිතාගෙන ගෙදර ඇවිත් හිතද්දී "හත් ඉලව්වේ මොනවද යකෝ මම ලියන්නේ ? "
    කවි ලියන්නද , කතා ලියන්නද , රිසර්ච් ලියන්නද , මට ඇහැකි ඒවාය ඔය . මම ගැන ලියන්න නම් කොමත් කැමැත්තක් තිබ්බේ නැහැ මට , සාමාන්යෙන් මගේ දේවල් ගැන අනිත් අයට කියල වැදගත් කමක් නෑ කියල හැගීමක් තියෙන නිසා තවමත් .

    සොෆ්ට්වෙයා ශෙයා කරන්න හිතුව - මෙලෝ රහක් නැති වෙයි , හැබැයි හිට්ස් වැඩි වෙයි .

    අන්තිමේ යසන්ත්යා ම අදහස දුන්න උබ සයිබර් ආරක්ෂාව ගැන දන්නවනේ ඒ ගැන ලියහන් කියල ,
    ඒ කීවට එකෙනුත් දන්නේ 5% විතර දෙයක් විතරයි , හැබැයි සයිබර් , පරිඝනක ආරක්ෂාව ගැන ලියන වෙන බ්ලොග් එකක් තිබ්බෙත් නැහැ , තවමත් (මම දන්නා හැටියට) .
    ඒ නිසා අවසානයේ අන්තර්ජාලයේ නොහික්මුණු වැඩ කරන්න ,
    නොහික්මුණු ඇසෙ සයිබර් අවකාශය බිහි උනා ,

    බ්ලොග් URL එක නම් වෙනස් කරන්න හිතලවත් නැහැ

    ReplyDelete
    Replies
    1. ලියන්න පටන් ගන්නකොට තියෙන අදහස නොවෙයි ටික කාලයක් යත්දී නියම පීල්ලට වැටෙනවා. ඒ කියන්නේ තමන්ගේ සැඟවුණු දක්ෂතා තියෙන අංශයට.

      Delete

    2. කොහොමෙන් හරි , මගේ දැනීම හැටියට කාලෙකින් බ්ලොග් අවකාශයේ අයට වටිනා පොස්ට් එකක් තමයි සුදික දා;අ තියෙන්නේ මේ ,

      උදා :
      මේ කොමෙන්ටුව වගේ ඒවා

      ඔබට ජය !

      Delete
    3. බොහොම ස්තුතියි.

      Delete
  65. Replies
    1. මුලින්ම කියන්නම් මගෙ නම මුහුණු පොතේ ඔබ දන්නා නමමයි.

      මම 2011 මැයි මාසෙ ලිවීම පටන්ගත්තත් කියැවීම සෑහෙන කලක සිටම කලා. මුලින්ම බ්ලොගේ නම් කලේ කවිකාරිගෙ කතන්දර ලෙසට. එවකට මම ශල්‍යකර්මයකින් පසුව සුවය ලබමින් සිටියෙ.

      මගේ මූලික අරමුණ මගේ ජීවිත කතාව ලිවීම. ඒ අතර වෙන දේවලුත් ලියැවෙනවා. මගෙ බ්ලොගේ නම වෙනස් කරන්නට යෙදුනේ ඇදුරුවරුන්ගේ වර්ජනය සිදුවූ සමයේ, නොයෙක් අයවලුන් හා අදහස් ප්‍රකාශ කිරීම් සිදුවු අවස්තාවේ ඇතිවු තත්වය මතයි. ඒ නිසාම දැන් මා අනෙක් අයවලුන්/ඇනෝවන් ඇවිස්සීම පිණිස යම් යම් දේ ලියනවා.

      Delete
    2. ඒක නම් නියම විනෝදාංශයක්.

      Delete
  66. මගේ බ්ලොග් එක ආගිය කතා. ඒක පටන් ගත්තේත් මගේ ඇත්තම නම වෙන හසිත කියන එකෙන්. තාමත් එහෙමමයි. මුලින් ආගිය කතා බ්ලොග් එකේ ලිව්වේ එදිනෙදා ජීවිතයේ මම අහන, දකින, විඳින දේවල්. ඒත් ඊටත් වඩා එහාට ගිහින් මම දන්න දේවලුත් හොයන දේවලුත් ඒ හරහා කියාදෙන්න මම උත්සාහ කරනවා...

    ඉතිහාසයට පුරාවිද්‍යාවට මම ආසා වගේම ඒක මගේ ක්ෂේත්‍රය නිසා සැඟවුණු අපේ උරුමය ගැන කතා කරන්න ඊ අටුවාව කියලාත් blog එකක් ලියනවා....

    ReplyDelete
    Replies
    1. ඊ(යා) අටුවාව අපි දන්නේ නෑනේ ? D

      Delete
    2. @ සු දී ක

      ඒකෙන් කතා කරන්නේ සැඟවුණු උරුමය ගැනනේ අයියා. මට පේන විදිහට ඒ blog එකත් සැඟවුණු උරුමයක් වෙලාද මන්දා :D

      මෙන්න ලින්ක් එකක්.....

      http://eatuwawa.blogspot.com/

      Delete
    3. මම නං හැංගිලා නෑ. ලියන දෙයක් එලිපිට ලියන්නේ.
      නියම පෝස්ට් එකක්නෙ දාල තියෙන්නෙ.

      මං නං බ්ලොග් එක ලියන්නේ අමතක වෙනවට. ඒකයි සටහන් පිටුවක් උනේ. දැන්නං බ්ලොග් එක අමතකම වෙලාද කොහෙද ලිවුවෙම නෑ.. :D

      ලිවීමේ වේගය බාගෙට බාගයක් අඩුවෙවී ගිහින් පෝස්ට් කවුන්ට් එක බැලුවම.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...