Friday, June 1, 2012

දැන්වීමක් හා ජාතක කතාවක්


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සියළුම වැසියන් වෙත කෙරෙන කාරුණික නිවේදනයයි. 2012 ජනවාරි පළවනදා සිට 2012 මැයි 22 දක්වා "ඇවිද්ද පය" යන මාගේ බ්ලොග් එකේ නාමයෙන්ද, 2012 මැයි23 සිට අද දක්වා (නොදැනුවත් කම නිසා) "අමුතු ඉලංදාරියා" යන නාමයෙන්ද පෙනී සිටි මා අද සිටි "සුදික" යන මගේ  නම් වල මුලකුරු එකතු කර සාදන ලද අන්වථ නාමය මදක් වෙනස් කොට "සුදීක" යන නමින් පෙනී සිටින බව කරුණාවෙන් දැනුම් දෙමි. මේ දිවයින පත්තරේ ගාමිණි සුමනසේකර මහතා ගාසු ලෙසත් කරුණාදාස සූරියාරච්චි මහතා කසුරි යනුවෙනුත් සුන්දර නිහතමානි මැල් මහතා මානි යන්න භාවිතා කිරීම අනුකරණයකි. එහෙත් මේ ගලිවරයන් අසලින්  තැබුවහොත් මා ලුලිපුට්ටෙක් බවද කිවයුතුය.  මින් ඉදිරියට සුදීක යන නමින්  බ්ලොග් ලිපි ලියන බවත්, අනෙකුත් අයගේ බ්ලොග් සඳහා කමෙන්ට් පල කරන බවත් ඉතා කාරුණිකව දන්වා සිටිමි.  මා මෙසේ කලින් කලට (පලින් පල ) නම් වෙනස් කිරීම නිසා යම් අපහසුතාවක් මාගේ බ්ලොග් අඩවිය කියවන ඔබහට හෝ මා කියවා කමෙන්ට් කල යම් බ්ලොග් අඩවියක කිසිවකුට සිදු විනි නම මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි. මින් පසු ඔබගේ බ්ලොග් පොස්ට් එකක හෝ කමෙන්ට් එකක මා ගැන සඳහන් කරනවා නම් " සුදීක " යන නාමයෙන් අමතන ලෙස තවදුරටත් ඉල්ලා සිටිමි. මා මෙසේ නම් වෙනස් කරන්නේ හුදෙක් මාගේ ලාභ ප්‍රයෝජනයකට නොව මාගේ නොමේරූ කම නිසා සිදු කරන්නට යෙදුනු යම් යම් දුර්වලතා මග හරවා ගැනීමටය.


මා අතින් සිදුවූ පලවෙනි වැරැද්ද ලෙස මා දකින්නේ බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට මත්තෙන් අනෙක් අය ලියූ බ්ලොග් අඩවි යම් කාලයක් නොකියවීමයි. එසේ වූවානම් මෙතනට දැමිය යුතු නාමය එක වරම තෝරා ගන්න ට තිබුනි. ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොවීම නිසාම මා ඒ සඳහා "ඇවිද්ද පය" යන මාගේ බ්ලොග් අඩවියේ නාමයම භාවිතා කරන ලදී. එහෙත් එහි යම් අඩුපාඩුවක් ඇති බව මට හැඟී ගියේ මා ගැන යමෙකු සඳහන් කරන විට "අන්න ඇවිද්ද පය  කියල තියෙනවා" වගේ වාක්‍යක් දුටු විටයි. ඉන් පසුව සිහින සැණකෙලියේදී මට හමුවූ අයගේ නම් හා බ්ලොග් අඩවි අතර වෙනසක් ඇති බවද දැනුනා. ඉතිං "ක්‍රියාවෙන් අවුබෝධය" ක්‍රමයට පවත්වන් ආ මගේ බ්ලොග් අඩවිය යම් යම් අවස්ථාවන්හිදී බොහෝ වෙනස්කම් වලට භාජනය කරන ලදී. බ්ලොගර් තීම් සිය වතාවකට වඩා මාරු කරන්නට නැත. අර විජට් එක  මේ විජට් එක එහෙට මෙහෙට දම දමා වෙනස් කර කර බලා අන්තිමට තිබූ  බ්ලොගර් තීම් එකෙහි ජනප්‍රිය ලිපි කාලීනව වෙනස් වනවා යන්න සඳහන් කර තිබුනත් එය එසේ සිදු නොවෙන බව ටික කාලයක් යත්දී තේරුම් ගියත්, හරි හමං තීම් එකක් නොමැති කමින් තිබෙන එකම තිබෙන්නට හැරියා. මේ කාලයේදී මගේ සිත් ගත් සමහර තීම් මාරු කල පසු ඒවායේ යම් යම් අඩුපාඩු නිසා විනාඩි කිහිපයක් ඇතුලත මාරු කර දමන්නට සිදු වුනා. 

ඉන් පසු මගේ ස්වරූපයට ගැලපෙන නියම නම, ඒ කියන්නේ මා අමුතු විදියට හිතන අයෙක් වූ නිසා, "අමුතු ඉලංදාරියා" යන්න භාවිතා කරන බව මගේ 50වෙනි පෝස්ට්  එකේදී සඳන් කලා ඔබට මතක ඇති. ඒ සඳහා කමෙන්ට් එකක් එක් කල කතාන්දර මගෙන් විමසා ඇත්තේ මා පොත කියවා තිබේද ? යන්නයි. එහි ගැඹුර මා තේරුම ගත්තේ හොඳින් පොත් කියවන මාගේ මිතුරියක් මේ බ්ලොග් පොස්ට් එක කියවා මගෙන් එම ප්‍රශ්ණයම ඇසීමෙන් පසුවයි. එම කතාවෙහි සිටින තරුණයා "ගේ " අයෙක් බව පැවසූ විට මට ඉතා ලජ්ජාවක් ඇති විය. ඉතිං ඒ මොහොතේම මා මේ නම වෙනස් කල යුතු බව ඉඨා ගත්තා. කෙනෙක් තම ජීවිත කාලයේදී මෙහි පළමු පරිච්චේදයේ සඳහන් ආකාරයේ දැන්වීමක් පත්තර වල පල කර නම් වෙනස් කරන්නේ නොවැලැක්විය හැකි හේතුවක් නිසාමය. එසේ මටද නොවැලැක්විය හේතුවක් උදා වූ නිසා මෙසේ නම් වෙනස් කරන්න සිදු වුනා. 

පොසොන් පෝයත් ළඟටම ඇවිත් නිසා මගේ පියා මා කුඩා කාළයේ පැවසූ ජාතක කතාවක් මෙහි සටහන් කර තබන්නම්. එකල අප බෝධිසත්වයෝ අලි ආත්මයක් ලබා පන්සීයකට වැඩි ඇත් රංචුවක නායකයාව උන්හ. ඉතිං මේ ඇත් රංචුව ජලය සඳහා එක් විලකට යාමට පුරුදුව සිටින ලද අතර, නායකයා ඉදිරියෙනුත් සෙසු ඇත්හූ වයසේ අනුපිළිවෙලට එකා පිටුපස එකා ඉතා සංවර ගමනක යෙදෙමින් මෙම විල වෙත ලඟා වී තම පිපාසය සන්සිඳුවා ගන්නට යෙදුනහ. මෙම අලි ඇතුන් අතර ටික කාලයකදී සංවාදයට තුඩු දුන් කාරණයක් විය. ඒ එම ඇත් රංචුවට අයත් කුඩා ඇත් පැටවුන් අතුරුදහන් වන බවයි. පසුව ඔවුන් මෙම කාරණය ඔවුන්ගේ නායක ඇත් රජු වෙත දන්වන ලදුව පසුව සෙසු ඇතුන්ට ඉදිරියෙන් ගමන් ගන්නා ලෙසත් තමා පසුපසින් පැමිණෙන බවත් දන්වන ලදී. මෙසේ ගමන් ගත් පලමු දිනයේදීම විල අසල එක්තරා තැනකදා දැවැන්ත කක්කුට්ටේක් හිඳ අප බෝසත් ඇතුගේ කකුලෙන් අල්ල ගන්නට තැත් කරද්දී බෝසත් ඇතුන් එල්ල කරන ලද පා පහරින් එම කකුළුවාගෙ අන්ඩ කැඩී අසල ගම්මානයකට විසි වී ගියේය. 


ඉන්පසු ඒ ගමේ මිනිසුන් එක කකුළු අන්ඩ වේලා සුද්ද පවිත්‍ර කොට, එහි සිලින්ඩරාකාර භාහුව වැනි කොටසින් බෙරයක් තනන ලද අතර එය වාදනය කල විට සදෙව්ලොවට පවා එහි හඬ ඇහුනේළු. එරටෙහි රජතුමාටද මේ හඬ ඇසී රාජ පුරුෂයන් යවා එම බෙරය රජ වාසල වෙත ගෙන්වා වාදනය කොට පසුව එහි හඬට වශී වූ රජ තුමා එය රාජකීය වස්තුවක් බැවින් එයට මැණික් ඔබ්බවා රන් ආලේප කර හැඩ ගන්වන ලෙස් අණ කරන ලදුව, එසේ වැඩ දැමූ බෙරය වාදනය කල කල්හී එය "බල් - බල්" හඬක් නැංවීය. 

එම ජාතක කතා වස්තුවේ සරල හරය ඔබ ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඔපවත් කරන්න ගියහොත් එහි තිබෙන ගුණාත්මක බව හෝ එහි මූලික හරය විනාශ වී යන්නේය, යන්නයි.

ඉතිං අපට මෙමගින් උගත හැකි පාඩම් බොහේ වේ යන්න මගේ අදහසයි.   මගේ මරණය  ලියා පලකල Write to express, not to impress යන්නෙන්ද කියැවෙන්නේ මෙවැනිම කතාවකි. ඔබ පරිඝණක මෘදුකාංග නිෂ්පාදනය කරන්නේ නම් ඔබ මේ ගැන නිතරම සිහියෙහි තබා ගත යුතුය. 


මෙසේ විටින් විට නම, බ්ලොගර් තීම්, විජට් වෙනස් කරන මා චංචල පුද්ගලයකු යයි යමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මගේ මතකය නිවැරදි නම් කුමාරතුංග මුණිදාසයන් පැවසූ මෙම කවිය මෙහි සටහන් කර අදට නවතින්නම්. 

අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී - හිඟා කන්න බැරි වුන තැන ලගී ගයා මර ගී. 

ප:ලි: මා මේ කතාව විස්තර කලේ මාගේ පියා මට කියා දුන් ආකාරයටය. ඇත්තටම මේ  කර්කඨක ජාතකය  වේ. 

පින්තූරය ගත්තේ :  http://www.gutenberg.org


16 comments:

  1. නම වෙනස් කිරීම ගැටළුවක් නැත ඒත් ඒකට මේ ලිපිය නම් දීර්ග වැඩියි :)

    ReplyDelete
  2. //මා අතින් සිදුවූ පලවෙනි වැරැද්ද ලෙස මා දකින්නේ බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට මත්තෙන් අනෙක් අය ලියූ බ්ලොග් අඩවි යම් කාලයක් නොකියවීමයි.//

    මමත් එසේමය. දැන් වෙනසක් කිරීම පාඨකයා අමාරුවේ දැමීමක් යැයි සිතා එසේ නොකරමි.

    ජය !

    ReplyDelete
  3. @නිශාන් : මාතෘකාව කියවා නැති හැඩයි.

    @සෑම් : මුලින්ම මෙහි ආවාට හා කමෙන්ට් කලාට ස්තූත්යි. ඔයාගෙ බ්ලොග් එකෙ නම දැක්කාම මට මුලින්ම හිතුනේ මූ නම් මොනව හරි හදල විකුණන හාදයෙක් කියලයි. ඒත් පස්සේ කියවන් යත්දී තමයි තේරුනේ ලියන ඒවයි බ්ලොග් එකේ නමයි අතර කිසිම සම්බන්ධයක් නෑ කියලා.

    ReplyDelete
  4. මේ වගේ මුලින් නම් දාලා පස්සේ මහා ව්‍යාපාර වූ පසු නම් වෙනස් කල අයද සිටී. උදා : French Corner, salaaka

    පසුව නම් වෙනස් නොකල අය : SoftLogic

    සමහරවිට මේ නම් වෙනස් කිරීම් වලට වෙනමම හේතු ඇත.

    ReplyDelete
  5. මමද ඔය කුණ කෑවෙමි.... නම වෙනස් කිරීම ගැටලුවක් නැත...අලුත් නමට සුභ පැතුම්!!!

    ReplyDelete
  6. @මී ගොඩයා : බොහෝම ස්තූතියි.
    @ : බොහෝම ස්තූතියි.

    ReplyDelete
  7. ඉදිරි ගමනට සුබ පැතුම් මිත්‍රයා :)

    ReplyDelete
  8. මම නං සිරාවට post එක කියෙව්වෙ නැ මචං.. මෙලෝ දෙයක් නොතේරුන නිසා වෙන්න ඇති..

    ReplyDelete
  9. ඉදිරි ගමනට මගෙන් සුභ පැතුම්.එත් මම අහන්න හිටියේ මොකක්ද මේ අමුතු ඉලන්දාරියා කියන්නේ කියල. දැන් තිබුන ප්‍රශ්න ඔක්කොම විසඳුනා.

    ReplyDelete
  10. @Hasitha : බොහෝම ස්තූතියි.

    @කණියා: කියවන්නේවත් නැතුව කමෙන්ට් කලාට ස්තූතියි.

    @අසරණයා : එහෙනං හරිනේ. බොහොම ස්තූතියි.

    ReplyDelete
  11. ඒ නම හොදයි

    වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න ලිපිය බලන්න ආයෙත් එන්න.
    එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

    අටම්පහුර

    ReplyDelete
  12. ඒ නම හොදයි

    වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න ලිපිය බලන්න ආයෙත් එන්න.
    එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

    අටම්පහුර

    ReplyDelete
  13. @අටම්පහුර : මම ඔයාටත් නමක් යෝජනා කරන්නම්. "කන්දේ" කියන නම ඔයාට හොඳයි.

    ReplyDelete
  14. මම නම් අමුතු ඉලන්දාරියා කියන නමට වඩාත් කැමතියි, ඒක තරමක් කුතුහලය අවුස්සනව.

    අනික ඔය කියන අමුතු ඉලන්දාරි උනත් මේ සමාජයෙම කොටසක් බොහෝ දෙනා වපරැහින් බැලුවට

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ මම එහෙම කෙනෙක් නොවෙන එක.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...