Thursday, January 9, 2014

පහේ ශිෂ්‍යත්ව විවාදය අස්සේ හමු වූ ජෝන්ස් ජේල් ජර්නල් බ්ලොග් අඩවිය John's Jail Journal found during Grade V Scholarship Debate

අවුරුදු කිහිපයක පටන් දේශීය රුපවාහිනී නාලිකා නැරඹීම සහමුලින්ම අත් ඇර දමා තිබෙන මා, අද දින(2014. රාත්‍රී දහයට දේශීය නාලිකාවක් බලන්නට තීරණය කරන්නේ අපේ රටේ පාසල් සිසුන්ට අතිශය වැදගත් මාතෘකාවක් ඔස්සේ රජයේ ඇමති වරයෙක් සහ රජයේම පළාත් සභා ඇමති වරයෙක් අතර පවත්වන ලද විවාදයට සවන් දීමටය. දේශීය නාලිකා නැරඹීම අත් හැර ජාත්‍යන්තර නාලිකා නැරඹීමට බොහෝ සාධාරණ හේතු මා ඇතුලු බොහෝ පිරිසකට ඇත. එසේම ජාතික පාසල් තරගය අතහැර ජාත්‍යන්තර පාසල් වලට ළමුන් යොමු කරන කණ්ඩායමේ කෙනෙකු හැටියට ඒ සඳහාද සාධරාන හේතු බොහොමයක් අපට ඇත. මගේ දරුවා සම්බන්ධයෙන් මේ කරුණ මට වැදගත් නැතත්, නිදහස් අධ්‍යාපනය ලැබූවෙකු වශයෙන්(අධ්‍යාපනය සහ සෞඛ්‍යය නිදහස් රටවල් දහයක් ඇති බව උදය ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය. ඒ ආර්ජෙන්ටිනාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය,  නොර්වේ, ස්කොට්ලන්තය,  බ්‍රසීලය, ජර්මනිය,     ලිබියාව සහ ශ්‍රී ලංකාව).

නින්දත් නොනින්දත් අතර මේ වාදය නරඹමින් සිටින අතරම පී.අයි.පී.(PIP) මගින් නැෂනල් ජෝග්‍රෆික් නාලිකාවේ යන මගේ ප්‍රියතම වැඩසටහනක වන "බැන්ග් අප් එබ්‍රෝඩ්" නමැති වැඩසටහනද නරඹන අතරය. (පී අයි පී යනු නාලිකා දෙකක වැඩසටහන් එකවර නැරඹිය හැකි පහසුකමකි.  එමගින් තිරයේ විශාලව එක් නාලිකාවක්ද, තිරයේ කෙලවර හතරින් කැමති තැනක තවත් නාලිකාවක්ද දර්ශණය කල හැක. කැමති නාලිකාවක හඬට ඇහුම්කන් දීමටද පුළුවන. මා කලේ ප්‍රධාන තිරයේ නැෂනල් ජෝග්‍රෆික් සහ කුඩාවට වාදයද, වාදයේ හඬද තබා ගැනීමයි. වාසනාවකට එන්.ජී.සී. හී ඉංග්‍රීසි උප සිරස දර්ශණය විය). ශිෂ්‍යත්ව වාදය බොහෝ දෙනෙකු නරඹන්නට ඇති නිසා මා "ජෝන්ගේ සිරගත සටහන් " නොහොත් ජෝන්ස් ජේල් ජර්නල් ගැන සටහනක් තබන්නම්. 

ඊට පෙර "බැන්ග් අප එබ්රෝඩ්" ගැනද වචනයක් කිව යුතුය. මෙම වැඩසටහනින් බොහෝ විට පෙන්වන්නේ නොකළ වරදකට සිරගත වූ හෝ නිවාස අඩස්සියකට පත් වූ අයගේ සත්‍ය අත්දැකීම් ඇසුරෙන් කරන ලද  නිර්මාණයකි. එය අතරවාරයේ බොහෝ විට එම අත්දැකීම් ලද තැනැත්තා කථා කරන අතර ඔහු/ඇය මුහුනදුන්නාට සමාන සිදු වීම් පෙළක් නිර්මාණය කර පෙන්වයි. එදින එහි පෙන්වන ලද වැඩසටහන යම් සිර කඳවුරක් බව පැහැදිලි විය. නමුත් ඔවුන්ගේ උපසිරසේ "Jonh's Jail Journal" යන්න දිස් වූ වහාම මා කලේ එය ගූගල් කිරීමයි. මොහොතකින් මා ඔහුගේ බ්ලොග් අඩවිය තුලට ගියෙමි. ඔහු බ්ලොග් කරණයට පිවිස ඇත්තේ 2004 සැප්තැම්බර් බව පැහැදිලි විය. එම බ්ලොග් අඩවියට අලුතෙන් ගොඩවන්නන් වෙනුවෙන් වෙනමම සටහනක් ඔහු තබා ඇත. එම කෙටි සටහන මෙසේයි
ෂෝන් අට්වුඩ්
දුෂ්ඨ ෂෙරිෆ් වරයෙකු වූ ජෝ ආපයියෝ විසින් පාළනය කරන ලද ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ, ෆීනික්ස් හී උපරිම රැකවරණය සහිතව පැවති මැඩිසන් මාවතේ සිරගෙදර  තත්වය නිරාවරණය කිරීමේ අදහසින් මා ජෝන්ස් ජේල් ජර්නල් ආරම්භ කලේ 2004 දීය. ගොල්ෆ් පැන්සලක් බ්ලොක්-ගල් බිත්තියේ හෝ යකඩ දොරෙහි ඌරච්චි කර උල් කරගෙන තැබූ සටහන් සතිඅන්තයේ මා බැලීමට පැමිණෙන මගේ නැන්දා වූ ඈන් හොර රහසේ සිපිරිගෙයින් පිටතට රැගෙන ගියාය. එංගලන්තයේ උන් මගේ දෙමව්පියන් මේ සටහන් අන්තර්ජාලයට එකතු කරන ලදී. එම බ්ලොගය ජාත්‍යන්තර මාධයන්හී අවධානය දිනා ගත අතර මැඩිසන් වීදියේ සිරගෙදර වසර කිහිපයකින් පසුව වසා දමන ලදී. 
එහි සිටි ෂෙරිෆ් ජෝ තවමත් මැරිකෝපා නමැති ප්‍රාන්ත සිරගෙවල් සහ පහසුකම් පද්දතියේ  ප්‍රධානියා වේ. ඔහුගේ විවේචකයන් ඔහු හඳුන්වන්නේ මරණයේ සුරදූතයා ලෙසය. ඒ ඔහු පාළනය කරනු ලබන සිර ගෙවල් වල සිදු වන අසාමාන්‍ය මරණ සංඛාව පමණක්
ෂෙරිෆ් ආර්පයියෝ
නිසා නොව, ඔහුගේ ගාඩ්වරුන් ඒ සඳහා පොළඹවන්නේ රැඳවියන් මරා දැමීම පිලිබඳ වගකීම ෆෙඩරල් උසාවිය දරනවා යන මතය ඔවුන්ට ඉඟි කරමිනි. 
මා එහි සිරගතව සිටි කාලයේ රැඳවියන් සිය ගණනක් බලා ගැනීම සඳහා ගාඩ් නිලධාරීන් දෙදෙනෙකු පමණක් යොදවා තිබූ අතර, ඔවුනට වඩා වැඩි පාළන බලයක් මෙක්සිකන් මාෆියාව වැනි  කල්ලි වලට තිබුණි. හිසවල් වැසිකිලි වල යකඩ දොරවල් වල ගසන හඬවල් මට පුරුදු වී තිබූ අතර එම ශරීරයන් එහා මෙහා විසි කරන හඬවල්ද සුලබ විය.

 එම සිරගෙදර ආරක්ෂක කැමරා වල සටහන්ව තිබූ එවැනි මරණයක් පිලිබඳ වීඩියෝවක් මෙම සටහනට පහලින් ඇත. 

ඔහු විසින් තබන ලද සටහන් තුනක් එහි උදෘත කොට ඇත. ඒ අතුරින් එහි තත්වය විස්තර වන නමුත් හිරිකිත බවින් අඩුම සටහන මා මෙසේ ඉදිරිපත් කරන්නම්

2004 ජුලි 13
 හදිසියෙන් එකපිට-එක එන ශෝකාන්තයන් මෙම සටහන තැබීමට මගේ සිත මට බල කර සිටී. පහුගිය සති අන්තයේ මා සිටින මහලේ සිරකරුවන් දෙදෙනක් සියදිවි හානිකර ගැනීමේට උත්සාහ ගන්නා ලදී. එක් අයෙක් බැල්කනියෙන් බිමට පනින ලද මුත් ජීවිතය හානි නොවීය.  අනෙකා ගෙල වැල ලා ගෙන මිය යාමට උත්සාහයක යෙදින.  එසේ තිබියදී මධ්‍ය-මට්ටමේ ආරක්ෂාවක් යටතේ පැවති කොටසක රැඳවියකු නාන කාමර ඇති පෙදෙසෙහි මිය ගොස් තිබුණි. සිරකරුවන් බොහෝවිට මෙම පෙදෙසෙහිදී පහරදීමට හේතුව, ආරක්ෂක කැමරා මගින් එය ආවරණය නොවන නිසාය. බලධාරීන් එම මියයාම පිලිබඳ හේතුව සඳහන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙහි පිටත උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 114 කි.  අපගේ හිරකූඩු වලට කාන්දු වන වායු දහරාවන් දැනෙන්නේ හෙයාර්ඩ්‍රයර් එකකින් එන උණුසුම් වායු දහරාවක් ලෙසය. දිවා - රාත්‍රී දෙකෙහිම අපගේ  ඇඟවල් දහදියෙන් පෙඟුණි. දහදියෙන් තෙත් වූ කඩදාසි මත ලිවීම අපහසුය. වැඩි දෙනෙකුට දැන් සමේ රෝග සහ දද සෑදී ඇති අතර ඒවා නිරන්තර කැසීමක් සිදු වේ. මගේ සිරුර දහදියෙන් පෙඟීම නිසා කසන විට නියපොතු අස්සේ සම් කැබලි එකතු වේ. මෙසේ දහඩිය වෑහීම සහ කැරපොත්තන් කරන යටිපතුල් කිචි කැවීම අතර නින්ද පහසු කාර්යයක් නොවේ. ඊයේ රාත්‍රියේ එක පසකට ඇලවී නිදා සිටි මගේ කණ දහදියෙන් පිරුණු විට මා හිස හැරවූ පසු දහදිය මුහුණ දිගේ ගලන්නට විය. මා ඇහැරුණේ තැතිගන්මකිනි. එය හරියට මගේ කම්මුල කිසිවකු අතගාන ලෙස දැනිණි. 
 වරක් මා ගාඩ්වරයකුගෙන් පරිපාළනය මේවාගෙන් ඉවත් වී සිටින්නේ කෙසේදැයි ඇසූ විට, ඔහුගේ පිළිතුර වුයේ "මෙහි සිදුවනදේ ගැන ලෝකයාට දැනුමක් නෑ" යන්නයි.
 ළමා කාලයේදී මා අපාය කෙසේදැයි සිතින් මවා ගතිමි.  එහි ඇති ගල්ගුහා වල ශාප ලද්දන් හිරවී ඇත, වදහිංසා පමුණුවා ඇති ඔවුන් පිච්චී ඇත. විස්තර කල නොහැකි උරගයින් එම ශරීර වල ඇදීයාම මා සිතින් මවා ගෙන ඇත. එහෙත් මා කිසිදිනක මිනිසුන්ගේ ද්වේශසහගත ස්වභාවය මිහිමත නැවත නිර්මාණය වේ යයි සිතින් මවාගෙන නැත. 
ඔහු ජෝන් නමින් මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ, සත්‍ය වශයෙන්ම්  අන්වර්ථ චරිතයක් වීමේ අවශ්‍යතාවකින් බව පැහැදිලිය. ලෝකයාට මේ තොරතුරු ලබා දෙන්නේ ඔහු යයි ඔවුන් දැන ගත්තානම්, වැඩිකලක් ජීවත් වීමට අවස්ථාව අහිමි වන්නට තිබුණි. ඔහුගේ සත්‍ය නාමය වන්නේ ෂෝන් අට්වූඩ් ය. සැබෑ අත්දැකීම් කැටිකොටගත් මෙම බ්ලොග් අඩවියට ගොඩ වන්නට ඔබටත් හැකියි. එහි ලිපිනය වන්නේ

http://jonsjailjournal.blogspot.com/

මානව හිමිකම් ගැන කථා කරන අය මේවා නොදකීද ?

43 comments:

  1. මං ඕක බැලුවා වගේ මතකයි.. අනේ මන්ද ඉංගිරිසි විකාරයි නෙව. ඒකෙන් මතක නෑ..

    ඔයා ඉතිං ලෝකේ පුරාම යතුර ඔබල අරන් එන ඒවා හරි රහයි..

    ReplyDelete
  2. ස්තුති ලිපිය වෙනුවෙන් ,, ඒ වගේම ස්තුති ශිෂ්‍යත්ව විවාදේ ගැන නොලියා ෂෝන් අට්වූඩ් ගේ කතාව ලිවිම ගැන .. මා ආසම කරන වර්ගයේ ලිපියක් ෂෙරිෆ් ජෝ ගැන මිට පෙර අවස්ථා දෙකකදී කියවා තිබුණි. ඒකාධිපතියෙක් වූ සිත්තරා හිට්ලර් ගැන මෙන්ම මොහු ගැනත් මට දැනෙන්නේ පිළිකුලක්

    ReplyDelete
    Replies
    1. මම දේශපාලනය ගැන ලින්නේ නැති තරම්. ඒත් කෙනෙකුට කියන්න පුළුවන් මේ හැම දෙයක්ම දේශපාලනය කියලා.

      Delete
  3. හිරකාරයන්ට නම් ගොඩක් රටවල ලැබෙන දඬුවම් දරුණුයි. විශේෂයෙන් අනෙකුත් හිරකරුවන්ගෙන් සිදුවන අතවර. ඒත් මේක කියෙව්වාම ඇඟ හිරිවැටෙනවා.

    ගිහින් බලන්ටයි යන්නේ සුදීක. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳ පොස්ට් එකක් හමු වුනොත් ලින්ක් එක දෙන්න.

      Delete
  4. මමනම් දැනට කිසිම රුපවාහිනී නාලිකාවක් බලන්නේ නැහැ. ලෝකයේ කුරිරු බව පෙන්වන මෙවැනි තොරතුරු බෙදා හාදා ගත්තට ස්තුතියි. මෙවැනි කුරිරු පුද්ගලයන් බිහිවීමට වගකිවයුක්තන් කවුද? යන්න ගැන රැදවුම් කදවුරකින් නිදහස්වු කෙනෙක්ගේ අදහසත් කියවන්න.

    ReplyDelete
    Replies
    1. හරි ඉඩ ලැබෙන විදියට බලමු. පේනවනේ මම දවසක් පරක්කුයි.

      Delete
  5. මේ කියන්නේ හිරගෙයක් ගන්නේ අප්පා .... මටනම් හිතෙන්නේ එක ඔය විදියට තියෙන එක හරි.... එතකොට තමයි මිනිස්සු අපරාධ කරන්න බය වෙන්නේ

    ReplyDelete
    Replies
    1. නමුත් මේ වැඩසටහනෙන් පෙන්වන්නේ අනුන් නිසා හිරගත වෙච්ච ය ගැන.

      Delete
  6. අපේ උන්දලා කියන ඒවා නැතිව මෙවැනි වැදගත් දෙයක් ඉදිරිපත් කලාට ස්තුතියි සුදික මල්ල..
    ඔය ගැන මා මිට පෙර දන්නවා..

    ReplyDelete
    Replies
    1. මා එම දේශපාලන වැඩසටහන නැරඹුවේ විනෝදාස්වාදය උදෙසා. නමුත් ඒ අතර හමු වූ මෙම බ්ලොග් කරුවා නම් වටිනවා.

      Delete
  7. අපේ බ්ලොග් අවකාශයේ නම් ඇනෝනිමස් සංකල්පය වැඩිපුරම භාවිත වෙන්නෙ කිසිම බලයක් නැති අනෙක් සහෝදර බ්ලොග් කාරයින්ගේ කුණු අදින්න.. ඒ කියන ඇනෝනිමස් සයිට් වලට අපි දේශපාලනික ලිපියක් දැම්මොත් එයාල ඒව ගැන වැඩිය බලන්නෙ නැහැ. මොකද එයාලට අවශ්‍ය ප්‍රබල නැති මේ හීන් හාල්මැස්සන්ට ගහල පොඩි කුහුඹු ආතල් එකක් ගන්න එකවිතරයි.
    මාත් මුලින් ඇනෝනිමස් ආවා. ඒත් ඊට වඩා ලොකු දෙයක් රියල් එකවුන්ට් එකෙන් කරන්න පුලුවන් කියල හිතුනා. ඒ නිසා ඇනෝ වැහෙන්න ඇරලා නියම නමටම බැස්සා..

    ReplyDelete
    Replies
    1. කෙලින් කතා කරන්න භය නැති කෙනෙකුට ඇනොනිමස් වැඩක් නෑ. නමුත් ජෝන්ට ඒ අවස්ථාවේ එය අත්‍යවශ්‍ය වුණා.

      Delete
  8. ඔන්න මම කරන දෙයක් කරන තව කෙනෙක් හම්බ වුනා. මමත් බොහෝවිට රූපවාහිනිය බලනවානම් PIP දාගනන්වා වෙන මොකකටවත් නෙවෙයි මම සිංහල ප්‍රවෘත්ති බලන නාලිකාව පුංචි කොටුවට දාගන්නවා. මම බලන චන්ද්‍රිකා නාලිකාව ප්‍රධාන තිරයට දාගන්නවා. පුංචි කොටුවේ යන රූප වලින් තමයි වරින් වර බලන්නේ වැදගත් ප්‍රවෘත්ති තියනවද කියලා. මම ප්‍රවෘත්ති බලන්නේ CNN සහ Al Jazeera දෙකෙන්.

    Bang up in Abroad මගෙත් බොහොම සිත්ගත් වැඩසටනක්. ලෝකයේ සුදුපාට රටවල කලුපාට හොඳට එලියට එනවා ඒ වැඩසටහනින්.

    ReplyDelete
  9. අපේ රටේ නාලිකාවක් කියල අහවල් එකක් බලන්නද බං. ස්ටාර් මූවී පාරක් දාගෙන ඉන්නෙදැන්..

    මට ඔහුගෙ බ්ලොග දැකීමෙන් හිතුනේ බ්ලොග් එකකට කොච්චර නම් රාජකාරියක් කරන්න පුලුවන්ද කියල..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. අපි ඔහේ ලියනවාට වඩා සිරගත කෙනෙකුට එය කෙතරම් වටිනවාද ?

      Delete
  10. සිර ගෙවල් කියන සංකල්පය අඩු වැඩි වශයෙන් ගත්තාම කොහෙත් එක වගේ නෙවෙද? අපේ රටේත් මේ වගේ සිදුවීම් වාර්තා වෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හොඳයි. අපි මානව හිමිකම් කඩන රටක් කියලනේ එයාලා කියන්නේ, නමුත් ඇමරිකාවේ මේ දේවල් වෙනකොට කාට කියන්නද ?

      Delete
  11. අපේ උන්දැලාගෙ කතාව නොලීවට නම් ගොඩක් ස්තූතියි අයියෙ.

    ඒත් අනිත් විස්තරේ නම් ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා අපේ දෙන්නගේ කතාව ගැන දැම්ම නම් හොඳ ඒවාගෙන් අහ ගන්න පුළුවන් කියලා.

      Delete

  12. මමත් කාලයක් Banged Up Abroad සහ Jailed Abroad බැලුවා. ඔය කියන සයිට් එකට ගිහින් බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියවපු ටික හරිම සිත්ගන්නාසුළුයි.

      Delete
  13. අදහසක් ලියන්න තරං දැනුමක් නෑ මේ ගැන... ෂෝන්'ගෙ බ්ලොග් 1 කියවන්න ඕනෙ..
    මේ විස්තරේ ලිව්වට thanz අයියා.

    ReplyDelete
    Replies
    1. හොඳයි පුළුවන් විදියට බලන්න.

      Delete
  14. ඔන්න පෙන්නන දේ නැතුව ඇගිල්ල දිහා බලන්ඩයි යන්නේ , පොර ඇතුලට ගියේ මොනවා කරලද

    ReplyDelete
    Replies
    1. මම හරි උත්තරයක් දෙන්නම් කියවලා. නමුත් මේ වැඩසටහනෙන් පෙන්වන්නේ අනුන් නිසා හිරේ යන අය. උදාහරණයකට මේ මෙක්සිකන් මාෆියා කාරයෝ සංචාරකයන් අත්අඩංගුවට අරගෙන, එයාලගේ බෑග් වලට කුඩු දාලා, අහවල් එයාපෝට් එකේදී කෙකෙන්ට භාර දෙන්න කියලා බල කරනවා. බොහෝ විට ඔවුන් අහු වෙනවා. සංචාරකයා ඇත්තටම අහිංසකයි. මා බැලූ වැඩසටහන් බොහොමයක තියෙන්නේ ඒ වගේ කථා. විශේෂය තමයි ඒ බොහොම දෙනෙක් හිරෙන් පැන ගන්න එක. නැතිනම් මේවා එලියට එන්නේ නෑ. බොහෝ විට ඔවුන් ජීවිතාන්තය දක්වා හිරේ යවනවා.

      Delete
  15. ලංකාවේ චැනල් බලලා ඔළුව අවුල් කර ගන්නේ මොකටද? එහෙවු එකේ මෙහෙම දෙයක් ගැන ලියපු එක කොච්චර දෙයක්ද.. මේ සිරගෙදර විත්තිය කියද්දි මට මතක් වුනේ ඊයේ රෑ බලපු Escape Plan ෆිල්ම් එක..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒකත් බලන්නම වෙනවා දිනේෂ්.

      Delete
    2. එහෙනම් ඒකත් බලන්නම වෙනවා දිනේෂ්.

      Delete
  16. කොහොමහරි එහෙනං ශිෂ්‍යත්වෙ හින්ද වැදගත් දෙයක් දැනගත්ත.

    ReplyDelete
    Replies
    1. ශිෂ්‍යත්ව වාදේ නැති වුණා නම් මම ඒ වැඩසටහන කරදරය නැතිවම බලනවා.

      Delete
  17. ඉතිං අර පාලකයාට විරුද්ධව ක්‍රියා මාර්ගයක් අරන් නැද්ද දන්නේ නෑ?

    ReplyDelete
    Replies
    1. නැහැ. ඒ යකා ඔය ලස්සනට ඉන්නවා කියන්නේ.

      Delete
  18. "6 wasak sirgatwa" pota kiywala tiyanawa. ape gedara TV nahane.

    ReplyDelete
    Replies
    1. සංජීව කාලෙකට පස්සේ. නැහැ. ඒ පොත බලන්න ඕනේ. තව විස්තර ටිකක් දෙන්න.

      Delete
    2. "sipiri geyaka wasara hayak"
      Charles Dayananda
      Agahas Publishers
      Rs.400.00

      Delete
  19. ශිෂ්‍යත්ව විවාදය 2500 විවාදයට වඩා වැඩි දෙයක් නොවන බව කල් තියාම දන්නා නිසා නොබැලුවෙමි. ස්තිතියි ඔබේ ලින්කුවට සුදීක

    ReplyDelete
    Replies
    1. මම වැඩියෙන්ම බැලුවේ බන්දුලගේ රස කතා අහන්නයි උදයගේ වැදගත් තර්ක බලන්නයි.

      Delete
  20. ස්තූතියි සුදීක. මේ කතාව කලින් අසා තිබුනත් බ්ලොග් අඩවියක් ගැන දැනගෙන උන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකකට දෙන්න පුළුවන් ඉහළම වටිනාකම ෂෝන් දීලා තියෙනවා. ඒ වගේමයි ඇනොනිමස් වල වටිනාකමත් තේරුම් යනවා. අර උඩින් අමිල කියලා තියෙනවා වගේ.

      Delete
  21. හිරකරුවෝ අමනුෂ්‍යයෝ ය කියලා හිතාගෙන වගේ වැඩ කරලා තියෙන්නේ...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...