Tuesday, August 6, 2013

ලොල්ද මන්දා අංක 7 - සාදුගේ පුතා ........

ජාත්‍යන්තර පාසලකට යන මගේ ඥාති පුත්‍රයෙක් දැන් අවුරුදු කිහිපෙකට කලින් මගේ ලඟට දුවගෙන - දුවගෙන හති දාගෙන ඇවිත් කියනවා.

"අන්කල් අපේ පන්තියේ ඉන්නවා සාදු කෙනෙකුගේ පුතෙක්"

"ඒ කොහොමද එහෙම වෙන්නේ ? සාදු කියන්නේ නමක්ද ?"

"නෑ. නෑ. අර ටෙම්පල්ස් වල ඉන්න කට්ටිය. අර ඔරේන්ජ් ඩ්‍රෙස් එකක් දාන සාදුලා"

"ඔයාට කවුද කිව්වේ ? සාදුගේ පුතා කියන කෙනාද ?"

"නෑ. නෑ. එයා නෙවේ කිව්වේ. අපේ ක්ලාස් එකේ ඉන්න  ට්‍රෙවින්"

"හරි. ට්‍රෙවින් කොහොමද දන්නේ ? ට්‍රේවින්ට සාදුගේ පුතා කියලද ?"

"අයියෝ ! කමෝන් අන්කල්. දිස් ඉස් කොමන් සෙන්ස්. එයාට තාත්තගේ සර්නෙම් එක එනවනේ. සර්නෙම් සජෙස්ට්ස් හී ඉස් අ සන් ඔෆ් සාදු"

"හරි. මට තේරුනා. එයාගේ සර්නෙම් එක මහානාම ද ?"

"නෑ"

"විමලසිරි"

"නෑ"

"සරණපාල"

"නෑ"

"සෝභිත"

"නෑ"

"ධර්මසිරි"

"නෑ"

"නන්දසිරි"

"නෑ"

"ඥානසාර"

"නෑ"

"ඉන්ද්‍රසිරි"

"නෑ"

"ආනන්ද"

"නෑ"

"නාලන්ද"

"නෑ"

"සරණපාල"

"නෑ"

මමත් අත ඇරියේ නෑ. අපි නොදන්නා සාදු සර්නෙම්

"භාතිය"

"නෑ. අයියෝ හී ඉස් අ සිංගර්"

"නාරද"

"නෝ"

"විදුර"

"නෝ. නෝ. ඉට්ස් අ ස්කූල්"

මේකා මාව බයිට් එකටවත් ගත්තද මන්දා

"බන්දුල"

"නෑ"

"කොන්ඩඥඥ - වප්ප - බද්ද්දිය - මහානාම - අස්සජි"

"නෑ"

"ඉට්ඨිය - උත්තිය - සම්බල - බද්දසාල - සුමන"

"නෑ"

"රත්නපාල"

"නෑ"

"උපාලි - සුමංගල "

"නෑ"

"සෝමසිරි"

"නෑ"

"ජිනසිරි"

"නෝ බට් වෙරි ක්ලෝස්"

"හරි. හරි. මට බෑ. තමුසේ කියනවා"

"ට්‍රයි ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි"

"රතන - ඥානානන්ද - අරියධම්ම - ධම්මාවාස - මේධංකර - දීපංකර - කාශ්‍යප - සරණංකර"

"නැත. මම කියන්නද?"

"ඒකනේ එක පාරක් කිව්වේ සිංහලෙන්ම"

"ජිනවංශ හලෝ ජිනවංශ"

"එතකොට දැන් එයා කොහොමද සාදු කෙනෙක්ගේ පුතෙක් වෙන්නේ ?"

"අයියෝ සිම්පල්. ඉන් ට්‍රෙවින්ස් නේබරින් ටෙම්පල් දෙයා ඉස් අ මන්ක් කෝල් ජිනවංශ"

"සෝ හී ඉස් දැට් ෆෙලොස් ෆාදර්"

"නෝ. බට් මේ බී අ රිලේෂන්"

කොහොමද ටිකිරි මොලේ ?




38 comments:

  1. "නෑ. නෑ. අර ටෙම්පල්ස් වල ඉන්න කට්ටිය. අර ඔරේන්ජ් ඩ්‍රෙස් එකක් දාන සාදුලා" මේ ටික නම් පට්ට .. අනිවාර්යයෙන් ඔය ලෙවල් එකට තව කාලෙකින් අපේ පොඩි උන් ටික ඔක්කොම එනවා .. කොල්ලෝ තමා කොල්ලෝ .. අපි නම් ටිකක් බය උනානේ සාදුලට මොකුත් කියන්න .. දැන්නම් ඉතින් ... :D

    ReplyDelete
    Replies
    1. එහෙම හිතිලා ගොතපු කතාවක් තමයි මේක.

      Delete
  2. තව අනාගතේදී එන නම්;

    අලගොඩගත්තේ ගන්දස්සාර

    රතුරැලියේ අතන

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඇයි

      උඩුඇන්දේ දන්තනාරායන

      උඩුගුවනේ කරනම්තිස්ස

      Delete
  3. සුදීකගේ මේ පාර පොස්ට් එක මාගේ බ්ලොග් රොලේ අප්ඩෙට් වේලා නැහැ,,

    ReplyDelete
    Replies
    1. ඉඳහිට එහෙම වෙනවා. ෆේස්බුක් එකෙන් එනවා නේ ?

      Delete
  4. පට්ටයි...ඇයි කිහිල්ලේ මයිලානන්ද

    ReplyDelete
    Replies
    1. සංජීව දැන් නරක වෙලා හොඳටම.

      Delete
    2. ඔයික කිහිල්ලෙ නෙමෙයි නේ,
      ඇයි අර දෙහිවල ඇඹුල්‍රතන කියලත් හාන්දුරු කෙනෙක් ඉන්නෙ.
      බලන්ට බො.බ.සෙ එකෙන් එනවද කියල, දුවන්ට.

      Delete
  5. මෙයාගේ මීමුත්තා වත් ලංකාවේ උපන්නෙක් නෙවීද

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් මේක ගොතපු එකක්

      Delete
    2. ගොතපු කථාවක් කියල නම් තේරුනේ නෑ.

      හි හි

      නියම අදහසක් සුදීක අයියෙ

      Delete
  6. අනේ මන්දා පංසල් නැතිවෙලා ඒ තැන්වල දාන්න ඕනි ජිම් ටිකක් වත්..ගොඩක් සාදුලාට දැන් හාට් ඇටැක් දියවැඩියා හැදෙනවාලු.

    ReplyDelete
    Replies
    1. හරියට එනවා මෙඩිකල් ටෙස්ට් වලට.

      Delete
  7. මම ඇත්තටම හිතුවෙ සිදුවුන කතාවක් කියල.
    කොමන්ට් බැලුවමයි ගොතපු කතාවක් කියල.
    නියමයි ගෙතිල්ල.

    ReplyDelete
    Replies
    1. අන්තිමට කතා ගොතනවා කියල කියයිද දන්නෑ.

      Delete
  8. බඩමැද බුරියානන්ද

    ReplyDelete
  9. හැක් හැක් (දේශකයගෙ කොපියක්)
    මගෙත් වෙන්ට හිටපු මාමන්ඩි ගෙ නම විජිතානන්දද කොහෙදෝ, එයා නම් හාන්දුරු කෙනෙක් වගේ තමයි. ලොලේ ලොල් ඇ

    ReplyDelete
    Replies
    1. අපේ කොල්ලෙක් බැන්දා ළඟදී මාමණ්ඩිගේ නම බෞද්ධසාර අපේ පොරක් අම්බානක බීල ගිහින් "කෝ මේ බිම්බිසාර" කියලා හොයනවා.

      Delete
  10. මමත් කල්පනා කරන්නේ ට්‍රෙවින්ගේ වාසගම ජිනවංශ උනේ කොහොමද කියලා. අනිවාර්යෙන් පොඩ්ඩා හරි ඇති.:D:D

    ReplyDelete
    Replies
    1. ට්‍රේවින්ගේ නේබර් අනේ ජිනවංශ හාමුදුරුවෝ.

      Delete
    2. කුමාරිහාමි,

      සභාවේ තදින් සිනා ඔබෙ කමෙන්ට් එකට.

      Delete
  11. ඇයි ඕව ඇත්තට වෙනව දැකල නැද්ද?

    ReplyDelete
  12. පට්ට ලොල් කතාව.මගෙත් ඔෆිස් යාලුවෙක් ඉන්නව නම චන්ද්‍රරතන.අපි අලුතින් එන උන් අන්දනව මු ඉස්සෙල්ල මහනවෙලා හිටපු එකෙක් කියල.හෑබෑයි මට වෙලාවකට හිතෙනව එක බොරු නෙමෙයි වත්ද කියල

    ReplyDelete
    Replies
    1. අපෙත් හිටියා ලොක්කෙක්. දවසක් මම දන්නා කෙනෙක්ට අඳුන්නලා දුන්න. පස්සේ මම දන්නා කෙනා පස්සේ කිව්වා ඉස්සර අපේ ලොක්ක මහන වෙලා හිටිය කියලා.

      Delete
  13. ටෙම්පල්ස් වල ඉන්න සාදුලා මිසක් ටෙම්පල්ට්‍රීස් වල ඉන්න සාදුලා නෙවෙයිනේ...!

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. සුදීකයො, පට්ටයි! මං හිතුවෙම ඇත්ත කතාවක් කියලා.නියමෙට ගොතලා!මේ වගේ කොල්ලො දැනටත් ඇති.

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
  16. වැසිකිලියේ ගන්දස්සාර කියලත් නමක් අහල තියේ.

    ReplyDelete
  17. ගොතපු කතාවක් කියල නම් හිතුනේම නෑ..ඉස්සරහට මෙහෙම තමයි වෙන්නේ ළමයින්ට සිංහල කතාකරන්න බැරි වෙනවා...ඒක නම්බුවක් කියලනෙ දැන් මිනිස්සු හිතන්නෙ..

    ReplyDelete
  18. පොල්ලෙල්ලෙ මුඩ්ඩානන්ද

    යටිබඩේ මයිලානන්ද

    ඔය හොඳ ටිකක්. අනික් ටික කියෝල නිකන් අනං මනං අහගන්නෙ මොනාටද?

    ReplyDelete
  19. "නෑ. නෑ. අර ටෙම්පල්ස් වල ඉන්න කට්ටිය. අර ඔරේන්ජ් ඩ්‍රෙස් එකක් දාන සාදුලා"

    මෙන්න මේ කතාව එල .

    තව හිටියා කෙනෙක් ඇඹුලානේ ගොරකානන්ද කියල .. හිහිහිහිහ්

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...