Wednesday, October 24, 2012

සියවන පියවරේදී සටහන් තබන වගයි.


2012 ජනවාරි පළවෙනිදා සිංහල බ්ලොග් අවකාශයට පා තැබූ මා අද පා තබන්නේ එහි සියවන පියවරටයි. පොස්ට් 100 ලියන ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවේ යයි බොහෝ දෙනා කියයි. ඒත් මා කියන්නේ පොස්ට් 100 දමන ඒක කජු කනවා වගේ වැඩක් බවයි. හේතුව පොස්ට් එකක දිග පළල, ගුණාත්මක බව, අධ්‍යාපනික හෝ සමාජයීය වැදගත්කම කුමන මට්ටමකින් තිබිය යුතුයි කවුරුන් හෝ සඳහන් කර නැති නිසාය. ඇත්තටම බ්ලොග් වලට රැඟුම් පාලක මණ්ඩලයක් අවශ්‍යද ? අවශ්‍ය යයි කෙනෙකු කියන්නට පුළුවන්. එහෙත් තවත් කෙනෙක් එය අනවශ්‍ය බව කියන බව විශ්වාසය. මන්ද විවිධ අය විවිධ අදහස් දරන නිසාය. අනිත් කාරණය බ්ලොග් එකක් ආරම්භ කිරීම හෝ අවසන් කිරීම පිලිබඳ සර්ව බලධාරියෙකු නැති නිසා බ්ලොග් එකක් ඕනෑම අයෙකුට පටන් ගත හැකි සරල ක්‍රියාදාමයකි. ඉතිං ගුණාත්මක බවින් යුතු, හරවත්, බොහෝ දෙනාට වැදගත් බ්ලොග් පොස්ට් 100 දැමීම නම් පහසු කටයුත්තක් නොවේ. අන්න ඒ කාරණයේදී මාත් ඉන්නේ බ්ලොග් ලිවිල්ල ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ යන මතය දරන කණ්ඩායමේය. 

මාස දහයක බ්ලොග් ලිවීමෙන් ලද අත්දැකීම ඉතා සුවිශේෂීය. මෙය මට අලුත්ම මිතුරන් පිරිසක් හඳුනා ගන්නට ලැබුණු නව ඉමක් බව  නොබියව කියමි. බොහෝ බ්ලොග් වලට තේමාවක් ඇතිමුත් මගේ බ්ලොග් එකට එක් විශේෂ තේමාවක් නැත. ඒ බව පසුගිය මාස දහය ඔස්සේ මගේ බ්ලොග් එක පරිශීලණය කල පිරිස දනිති. වැඩිපුරම විනෝදශ්වාදයද ඉන් පසුව දැනුම, ක්‍රිකට් සහ මාගේ අත්දැකීම් වලින් මේ බ්ලොග් ඒක සමන්විත නිසා මෙය පසුපස(followers) එන අය විවිධාකාරය. 

ඉතිං සීයේ කඩයිම පසු කරන මේ මොහොතේ මා හා අත්වැල් බැඳගත් සියලු දෙනාට මගේ උණුසුම් සුභාශිංසන හිමි වේ. විශේෂයෙන්ම මෙම බ්ලොග් එකට මේ දක්වා එකතු වූ 107 දෙනාට මාගේ හදපිරි කෘතඥතාව  පල කරනු කැමැත්තෙමි. එසේ එක් වී ඇත්තේ මා ලියන ඕනෑම දෙයක් කියවීමට කැමැත්තක් දක්වන පිරිසක් වන බව විශ්වාස කරමි. මේ දක්වා නොනැවතී දිගටම මා ලියන ද කියවූ ඔබ සියලු දෙනාටත්, නොවැරදීම කමෙන්ට් කරමින් මා දිරි ගැන්වූ සියල්ලන්ටත් මාගේ ප්‍රණාමය පුද කරන්නෙමි. මේ වනවිට හිට්ස් 60,000ක් පමණ ලබා වඩා වේගවත් නොවූත්, මන්දගාමී නොවූත් සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සාමාන්‍ය ගමනමක් යන බ්ලොග් එකක් යන්න මගේ විශ්වාසයයි. 

මා ලියු බොහෝ දේ මගේ අත්දැකීම් බව සහතිකය. හිට්ස් ලබා ගැනීමේ පටු අරමුණින් ලියූ කිසිවක් මෙහි නැත. කිසි දිනක කුණුහර්ප ලියා නැත. නමුත් ව්‍යන්ගෙන් යම් යම් හාස්‍ය දනවන කාරණා එක් කර ඇත. මෙහි තිබෙන බොහෝ බ්ලොග් මෙන්ම එසේ කුණුහර්ප ලියන බ්ලොග්ද මා කියවා ඇත. ඒවාට ඉහල රසික ප්‍රතිචාර ලැබෙන බවද පැහැදිලිය. ඒවා තිබිය යුතුද නොතිබිය යුතුදැයි මා අදහස් පල කරන්නට නොයමි. මා ලියු "කෙටිම කෙටි ලොල් කථා"සඳහා ඉහල ප්‍රතිචාර ලැබුණි. ඒ ලිපි වලට ලැබුණු ප්‍රතිචාර වලින් මා තේරුම් ගත්තේ බ්ලොග් කියවන අය හාස්‍යට කැමති සරල චාම් පිරිසක් බවය. එහෙත් මේ අතර හරවත් දේ කියවන්නට කැමති අයද සිටින බව සමහර ලිපි වලට ලැබුණු සමහර කමෙන්ට් වලින් පැහැදිලි වේ. විශේෂයෙන් මගේ රාජකාරි දැනුම් බෙදීමේදී වෙනදා කමෙන්ට් නොකළ අයද සිය ස්තුතිය එම ලිපි වලට පල කිරීමෙන් එය පසක් වේ. මගේ ලිවීමේ අරමුණු මට හිතෙන දේ ලොවට පැවසීමය. ඒ වගේම එයට ඔවුන් පවසන දේද මට වැදගත්ය. කමෙන්ට් මගින් මාගේ ලිවිල්ල මටසිලිටු කර ගත හැකි බව මගේ විශ්වාසයයි. සැබවින්ම එය එසේ විය. 

මා ලියු දෙයින් මා කුමන ආකාරයේ පුද්ගලයෙක් දැයි ඔබට මේ වන විටත් වැටහී ඇතුවට සැක නැත. මා විනෝදයට කැමති අයෙක් නිසා වැඩියෙන් විනෝදාශ්වාදයට බර දේ ලියන්නට පෙළඹුණි. මා ක්‍රීඩාශීලීය, එනිසා මා ක්‍රීඩාව සම්බන්ධ දේ ලියන්නට හේතු විය. මා දැනුමට කෑදර අයෙකි, එනිසා ඔබට දැනුම දෙන්නට, ඔබේ දැනුම වඩවන්නට යමක් එකතු කලෙමි. මා කාලීන තොරතුරු ගැන උනන්දුවක් දක්වමි, එනිසා මා කාලීන දේ ලියුවෙමි. මා පරිවර්තන වලට කැමති නිසා යම් යම් වැදගත් ලිපි පරිවර්තනය කර මෙහි දැමුවෙමි. මා ළමා විය සතුටින් ගත කල අයෙක්මි එනිසා මා ළමා වියේ ලද අත්දැකීම් මතක ඇති පරිදි මෙහි සටහන් කර තැබුවෙමි. මා සංවේදී පුද්ගලයෙක්මි. එනිසා සංවේදී බොහෝ දේ මෙහි ලියා තැබුවෙමි. මා මා විවෘත පුද්ගලයෙකි. එනිසා මගේ දුක/සැප විවෘතව මෙහි සටහන් කලෙමි. හැබැයි මා එක් දෙයක් උවමනාවෙන්ම සඟවා තැබුවෙමි. ඒ දේශපාලනයයි. මගේ දේශපාලන මතයක් ඇතත්, දේශපාලනය මට නීරස දෙයකි. බ්ලොග් අවකාශයේ දේශපාලනය පිලිබඳ ලියන අය බොහෝ වෙතත්, මා ඒවාට ගොඩ වී අදහස් පල කලත්. දේශපාලනය මෙහි ලියා හැමදෙනාටම පොදුවේ එන්නට හැකි තැනක් නොවන තත්වයට මේ බ්ලොග් එක පත් කිරීමට ඇති අකමැත්ත මාව එම මාතෘකාව ඔස්සේ නො-ලියවන්නට හේතු වන්නට ඇත. මා සංක්‍යාලේකන(Statistics) පිලිබඳ උනන්දුවක් දක්වමි. එනිසා මගේ ලිපි වල සංක්‍යාලේඛන දැකගත හැක. මා සංගීතය රස විඳිමි. එනිසා මා සංගීතය ගැන ලියමි. මා මිනිසාගේ දුක හඳුනමි. මිනිසාගේ දුක ගැන ලියන්නෙමි.  මා රැකියාවෙන් හා අධ්‍යාපනයෙන් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අයෙකි. එහෙත් එ ගැන සටහන් එක් නොකරමි. මන්ද ඒ දේ නොමදව ඔබට උකහා ගත හැකි බ්ලොග් අඩවි සුලබව ඇති බැවිනි. මා පර්යේෂණ වලට කැමැත්තෙමි. එනිසා මා පර්යේෂණ කරමි. ඒ ගැන ලියමි. මා කුතුහලයෙන් යුක්ත පුද්ගලයෙකි. එනිසා කුතුහලය දනවන දේ ලිව්වෙමි. මා විවේචනයට කැමති අයෙක් නිසා විවේචනය මගේ ලිපි වල නිරතුරුව ඇත. මා සංචාරයට ප්‍රිය කරමි. සංචාරක අත්දැකීම් එක් වන්නේ එහෙයිනි. මා පිදිය යුත්තන් පුදන අයෙක්මි. එලෙසෙ ලියන්නෙමි.

සමහරවිට ඉහතින් දක්වූ සියලු අංශ ඔස්සේ මා මේ වනතාක් ලිය නැති වන්නට පුළුවන. එහෙත් නොබෝ දිනකින් එම අතපසු වූ මාතෘකා ඔස්සේ ලියන්නට පුළුවන්. මා ඔබ සියලු දෙනා ලියන දේ කියවා නැති වන්නට හැක. මා යම් බ්ලොග් එකකට ගොඩ වුවා නම් කමෙන්ට් නොකර පැමිණ නැත. එනිසා මා ආවාදැයි ඔබට සිතා ගත හැක. සාක්ෂි ඇත. මා දැනට නොඑන බ්ලොග් එකක් වේ නම් මෙහි කමෙන්ට් එකක් ලෙස දන්වන්න. මා එන්නම් කාලය තිබෙන හැටියට. 

මේ ආ දිගුත් නොවන කෙටිත් නොවන ගමන් මගේ මා හා අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනා වෙනුවෙන් තව තවත් ලියන්නට බලාපොරොත්තු වෙමි. ඔබගේ පැමිණීම මා අගේ කොට සලකමි. එන්න. කියවන්න. අදහස් දක්වන්න. මේ ඔබේ බ්ලොග් අවකාශය යයි සිතන්න. 

මා ඔබේ බ්ලොග් සහෘදයා සු(භාෂ්) දී(ල්රුක්) ක(න්නන්ගර).
2012.10.24 අලුයම 2.14.

පින්තුරය ගත්තේ : dare2share.org

68 comments:

  1. අළුයම 2:14!

    සෑහෙන්න නිදිමරලා තියෙනවා පහුගිය මාස දහයේ නේද?

    සිතට සතුටක් ලැබෙන තුරු ලියන්න ලැබේවා කියාත්, ලියන තුරු සිතට සතුටක් ලැබේවා කියාත් පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කකා.

      Delete
    2. //සිතට සතුටක් ලැබෙන තුරු ලියන්න ලැබේවා කියාත්, ලියන තුරු සිතට සතුටක් ලැබේවා කියාත් //

      මේ කොටසට හරි කැමතියි. මා බලාපොරොත්තු වෙන්නෙත් මේ ටිකමයි.

      Delete
  2. සුබ පැතුම් සුදීක!! හමුවීම සතුටක්!!! බෙදාහදා ගැනීම ඊටත් වඩා සතුටක්. ඒ ඔස්සේ නිතිපතා හමුවෙනවා නොවැ.

    මේ සියල්ලටම වඩා හිත හොඳ සහෝදරයෙක් ලැබීම තමා මටනම් ලැබෙන ආත්මාර්තකාමී සතුට. එහෙම ලැබුන අවකාශයේ සහෝදරයින් හා සහෝදරියන්ද දූපුතූන්ද ඇඟිලි වල ගානට අඩුවෙන් මට ඉන්නවා. එයින් කෙනෙක් ඔබ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබතුමිය මට සහෝදරයෙක් සේ සැලකීම මට සතුටක්.

      Delete
  3. මෙන්න සුදීක ලොක්කා මගෙත් සුභ පැතුම්... අර මුලම ඡේදේ..(පොඩ්ඩක් හිටහං ඒක මුලම ඡේදේ නේද කියලා බලලා එන්න..ආ ඔව් ඒක තමා..) දක්වා ඇති කරුණු වලට මමත් එකඟයි.. හැබැයි ඉතිං මාත් ඔහේ අතට අහුවෙන ඕන කෙහුරක් ලියලා අරිනවා මිස ඒ හැටි හිත හිත ලියන්නේ නැහැ.. :)

    කොහොම උනත් සුදීකගේ ලිපි බොහෝම හොඳට වගේම මහන්සියක් අරං ලියලා තියෙනවා.. මාත් තාම කියෙව්වේ බාගයයි... වෙලාවක ඉතිරි ටිකත් කියවලා ඉවර කරන්න ඕන.. සමහර බ්ලොග් තියෙනවා පැයෙන් කියවලා ඉවර කලෑකි ලිපි දෙතුන් සීයක් තිබුනත්..ඒත් මේක කියවන්න ටික දවසක් යනවා.. මොකද හිමිහිට වචනෙන් වචනේ නොකියෙව්වොත් කතාව මග ඇරෙන හින්දා... ඒත් කොයි වෙලේ හරි මං කියවලා ඉවර කරන්නං...

    ඔය දැනට ආවා වගේම ඉස්සරහට යමු...

    ReplyDelete
    Replies
    1. මාරයාගේ කමෙන්ට් එක මට ලොකු හයියක්. හරියට අර මීටර් 100 දුවන්න ගිහින් වැටුන කෙනෙක්ව නැගිටුවන්න ඒ තරගයේම ඉදිරියෙන් දුවපු කෙනෙක් අපහු හැරිලා ආව වගේ දෙයක්. මම බ්ලොග් ලෝකෙට (සිංහල) කඩා පාත් වෙච්ච මුල් අවදියේ ආසාවෙන් කියවපු මෙන්ම ගුරු කොට ගත බ්ලොග් එකක් තමයි මාරයාගේ හෝරාව.

      ඉතිං මාරයාගෙන් මේ වගේ කමෙන්ට් එකක් ලැබීම ලොකු සතුටක්.

      හරි අපි යමු.

      Delete
  4. සුභ පතමි.
    මම නම් ඔබව අදුනා ගන්තේ බොහොම ලගකදී.. ඉදිරියේදී අපිට දැන හදුනි ගන්න ලැබේවි..

    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි බණ්ඩා මහතා. මේ බණ්ඩා මහතා කිව්වහම මට මතක් වෙන්නේ අර කොපි කඩේ වැඩසටහනේ හැමදාම මුලින්ම ස්තුතියට දාන නම හෝකන්දර බණ්ඩා මහතා.

      බොහොම ස්තුතියි.

      Delete
  5. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න ඔන්න මගෙනුත් සුභ පැතුම් සුදීක !

    සුදීකගේ සටහන් හුඟාක් මම කියෙව්වා. සමහර විට ඒවායේ කමෙන්ට්ස් දැම්මෙ නැති උනත් හුඟාක් අත්දැකීම් වලින් පිරුණ ඒ ලිපි කියවන්න මම හුඟාක් කැමතියි.හොඳ මහන්සියක් අරගෙන ලියන හැඩයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම ලියන දෙයින් කාට හරි ජීවිතයට දෙයක් එකතු කර ගන්න පුළුවන් නම්.

      Delete
  6. අද නං සුදීකව රස්සාවෙං අස්කරනවා රාජකාරී වෙලාවෙ බ්ලොගේට උත්තර බදින්ට ගිහිල්ලා.

    ReplyDelete
    Replies
    1. මට රාජකාරියෙන් නිල නොවන අනුමැතියක් තියෙනවා අන්තර්ජාලයේ සැරි සරන්න. කව්රු හරි මාව අල්ලගත්තොත් මට කියන්න උත්තර තියෙනවා කිතුල් ගහට ගිය මිනිහට වගේ. :)

      Delete
    2. අයි . ටි කාරයෝ අන්තර්ජාලේ ඉන්නේ නැතුව වෙන කොහේ ඉන්නද ?
      සුබපැතුම් සුදීක.
      :)

      Delete
    3. ඔව් ඔව් වෙන කොහොඑ ඉන්නද ? බොහොම ස්තුතියි.

      Delete
  7. ලකුණු 100 යි සුභ පැතුම්!නොදැවී ඉදිරියට යාමට ප්‍රාර්ථනා කරමි!!!!!!!

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් වල ලකුණු සීය ගහන්න හතරේ හයේ ඒවා ගහන්න පුළුවන්. ඒත් බ්ලොග් පොස්ට් එක එක දාන්න වෙන්නේ. වඩා ලේසි ක්‍රිකට් සීය කියලා මම කියනවා අත්දැකීම් එක්කම. මොකද එතන ගොඩක් වැඩ කරන්නේ වාසනාව. මොනවා වුනත් සුබ පැතීමට ස්තුතියි.

      Delete
  8. Runout නොවී දැම්ම සෙන්චරියට මගෙන් උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. මාසෙට දහය ගානේ ගත්තාම තියරියට අනුව වුනත් සෙන්චරිය ලැබෙනවා. සිරාටත් එසේම වේවා කියන්න ළඟදීම පුළුවන්.

      Delete
    2. මම මාසෙකට 7 ඒවා වලින් ගහන්නෙ... ඒ නිසා වසරකට වැඩියෙන් යනවා..

      Delete
    3. වේගය නෙවෙයි වැදගත් අන්තර්ගතය. සිරා කොහොමත් සිරාවට ලියනවා.

      Delete
    4. බොහොම ස්තූතියි සුදීක අයියා...

      Delete
    5. හෑ සිරත් හතද ..මමත් හත බං...

      Delete
  9. සුබ පැතුම්! පෝස්ට් 100ක් කියන්නේ සුලු පටු ගානක් යැ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසල්වැසිය. ඔයාටත් ළඟදීම සුබ පතන්න ලැබෙයි.

      Delete
  10. සුභ පැතුම් !

    කියවන්න අපි ඉන්නවා, උඹ ලියපං.

    ජය සහෝ !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෑමා උඹේ කමෙන්ට් එක දැක්කාම මට මාර ෆිට් එකක් ආවා.

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. බොහොම සංතෝෂයි...මගේ සමකාලීන මිත්‍රයා....!

    බ්ලොග් පෝස්ට් වලින් සෙන්චරියක් ගහන එක ලේසි නෑ.(මට නම් තව අවුරුදු 5 කටවත් පුළුවන් වෙයිද දන්නෑ). ඒ අමාරු සීමාවට ඔබ බොහොම පහසුවෙන් ළගාවෙලා තියෙනවා.
    මම මේ බ්ලොග් එක හැමදාම කියවනවා. ඒ හින්දම මට පුංචි විවේචනයකුත් මේ සමබන්ධයෙන් කරන්න තියෙනවා,. ඔබේ සමහර පෝස්ට් අනවශ්‍ය තරම් දිග්ගැස්සෙනවා පෙනෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙනවා නම් හොඳයි.

    ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අමාරු කියල දෙයක් ලෝකේ නෑ. ඔයා අර ලේලන්ඩ් බස් එකක් වගේ ස්ටාර්ට් කරපු ගමන් යන වේගේ අඩුයි ඒත් ගියර් දෙක තුනකට මාරු වුනාම යන වේගේ පාලනය කර ගන්නත් බැරි ගානට එනවා.

      ඔබගේ හිතකර විවේචනය මා සිරස නමා බාර ගන්නවා. හැබැයි මේක මට පොඩි කාලේ ඉඳල තිබ්බ අඩුපාඩුවක්. හදා ගන්න බැරි වුනා. ඒත් මම මෙතන කෙටි ඒවාත් ලියල තියෙනවා නේද ?

      Delete
  13. සුභපැතුම් මිත්‍රයා. කතන්දර වගේම තමුන්ගෙ ක්ෂේත්‍රය ගැනත් ලියන මේවගේ බ්ලොග් වලටයි මම කැමති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්. කතාම විතරක් ලිව්වොත් වැඩක් නෑ. බලන අයගේ දැනුමටත් මොනවා හරි දෙන්න ඕනේ.

      Delete
  14. සුභපැතුම් සුදීක! මේ බ්ලොග් එක මං සම්පූර්ණයෙන්ම කියෙව්ව ෆලෝ කරන්න පටන්ගන්න කලින්. වැදගත් හරවත් ලිපි දිගින් දිගටම ලියන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනව. ජය!

    ReplyDelete
  15. සුභ පැතුම් සුදීක,
    දිගටම ලියන්නට අවැසි කාලය ඉඩහසර සිතේ සැනසිල්ල ලැබේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සැනසිල්ල තමයි නැත්තේ.

      Delete
  16. ජයෙන් ජයම වේවා අංකල්!

    ReplyDelete
    Replies
    1. හිරු කෙලීටත් ළඟදීම 100ත් සුබපැතුම් එක් කරන්න පුළුවන්.

      Delete
  17. නොදැවී සෙන්චරියක් ලේසි නෑ. වැඩිය කොමෙන්ට් නොකලට බොහෝ වෙලාවට යන එන තැනක් "ඇවිද්ද පය" තව දිගු කාලයක් මේ සිංහල බ්ලොග් අවකාසේ අකුරු කරන්න වෙලාව සහ හැකියාව ලැබේවා කියලා හදවතින්ම පතනවා.

    …අර කියලා තිබුනේ මගේ කතාවමද කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් සු දී ක ගැන දැනගත්තෙ අද

      Delete
    2. බොහොම ස්තුතියි ලොකු ජෝන්. එහෙනං අපි දෙන්න බ්ලොග් නිවුන්නු(නිම්බුල්ලු).

      Delete
  18. හයියෝ..... මම හොඳටම පරක්කුයි අද......

    ඔන්න මගෙනුත් සුභ පැතුම්....

    මට නං ගෙදර හිරවෙලා හිටපු කාලේ මලකඩ කාලා තිබුණ මොළේ යථා තත්වයට ගන්න උදවු උනේ මේ බ්ලොග් තමා... ඒකෙනුත් මම වැඩිපුර කියෙව්වේ හිනා යන කතා වලට වඩා වැදගත් දේවල් තිබුණ බ්ලොග්... ඒ වගේම ලිවිල්ල හරියට කරන බ්ලොග්.... ඒ කිව්වේ ලියන දේ ගැන පරිස්සමින් හොයලා බලලා, හරියට වැඩේ කරන්න ඕනේ කියලා හිතන අය ලියන ඒවා.... ඒ බ්ලොග් ගොඩෙන් එකක් තමා සුදීක ගෙ අවිද්ද පය...

    ඒ එක්කම මම හරි ආසයි බිලොග් එකේ සෙක්ෂන් සින්දු කෑලි වලින් නම් කරලා තියෙන එකට.. මම කොහෙවත් දැකලා නෑ ඒ වැඩේ.. හි හි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයා දුන්න සම්මානයට. තවත් බ්ලොග් එකක් තියෙනවා සින්දු වල කොටස් වලින් සෙක්ෂන් නම් කරපු. මට මුල නම මතක නෑ, හැබැයි දෙවෙනි නම දොඩන්ගොඩ.

      Delete
  19. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete

  20. මගෙ, මට හිතෙන හැටි බ්ලොගේ දැන් අවුරුද්දකට වැඩි වුනත් තවම පෝස්ට් 94යි දාලා තියෙන්නෙ.HeyDude ඊට දවසක් වැඩියි, පෝස්ට් 60යි.

    සුදීක කිව්ව දේ මගේ වචනයෙන් කිව්වොත්, ලියන්න තියෙන දෙයක් තියෙන නිසා ලියන ලිවිල්ලෙයි, මොකක් හරි දෙයක් ලියන්න ඕනෙ නිසා ලියන ලිවිල්ලෙයි ලොකු වෙනසක් තියෙනවා. මමත් ඉන්නෙ ඔය දෙක මැද්දෙ.

    සුදීක නම් මම හිතන්නෙ ලියන්න දෙයක් තියෙන නිසා ලියන කෙනෙක්. අන්න ඒකයි සුදීකගෙ සීය අමාරු වැඩක් වෙන්නෙ.අන්න ඒකයි සුදීකගෙ සීයෙ තියෙන විශේෂය!

    උඹටත්, උඹේ ඇවිද්ද පයටත් සුභාසිරි සුදීක! දිගුකල් දිනේවා!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හෙන්රි.

      Delete
  21. //හැබැයි මා එක් දෙයක් උවමනාවෙන්ම සඟවා තැබුවෙමි. ඒ දේශපාලනයයි//

    අනේ ලොකු දෙයක් බං ,

    මොනවද ඔට්ටු 200 වෙනි ලිපිය මම උඹට කලින් ලියනවා , හා මොනවද ඔට්ටු

    ReplyDelete
    Replies
    1. තරගයක් නෑ උඹ දිනුම ගනිං.

      Delete
  22. මගෙන් උණුසුම් සුභ පැතුම්.
    මාත් මේ පැත්තේ එන්න ගත්තේ කෙටිම කෙටි ලොල් කතා කියවන්න. :)

    දිගටම බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිශාන්. දැන් දිගටම එහෙනං ලොල් කතා ලියන්න වෙනවා.

      Delete
  23. හරිම සතුටුයි මලේ,
    ඉදිරි ගමනට හදවතින්ම සුභ පතමි. අපි අපේ දරුවන්ට කියල දෙනව අදාල තැනේ හැටියට හැසිරෙන්න කියල. අපිත් කුණුහරුප කියනව තෝරාගත් තැන්වල විතරක්. ඒත් සිංහල බ්ලොග් කියන්නෙ පොදුවේ සෑම වයසකම, සෑම තරාතිරමකම, සෑම ආගමකම ආදී මෙකී නොකී බොහෝ දෙනෙක් එන තැනක් එතන හැසිරීම ඒ සියල්ලන්ටම ගැලපීම ඉතා වැදගත්. අමුවෙන් කුණුහරුප කීම හා ව්‍යංගය නිවැරදිව හඳුනා ගැනීමම මම ඔබව අගය කිරීමට හේතුවක් උනා.
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා.

      Delete
  24. සුභම සුභ පැතුං සුදීක අයියේ...
    ජයවේවා ඈ....
    නියම බ්ලොග් එකක් මේක...
    100 ගැහුවා වගේ 200ත් ඉක්මන්ට ගහමු බලන්න..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. බලමු විකට් ඒක බෙර ගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. විකට් එකේ හිටියාම ලකුණු නිකන්ම එනවා.

      Delete
  25. මම ඔබට ගරු කරන්නේ කුණු හරුපවලින් තොර නිසා.ඇවිද්ද පය දහස්වටින නිසා.ජය!!!

    ReplyDelete
  26. මගේ බ්ලොග් එක වැඩිය ජනප්‍රිය නැත්තෙත් ඒකමයි. එත් මම ලියන දේ පවුලේ සියලු දෙනාට එකට සිත රස විඳිය යුතු තත්වයේ තියෙන්න ඕනේ කියන එකයි මගේ විශ්වාසය.

    ReplyDelete
  27. මමත් සුබ පතනවා ඔබට!!

    ReplyDelete
  28. මගේ උනුසුම් සුබ පැතුම් මිත්‍රයා. මම ඔබව ආශාවෙන් කියවනවා.
    ජයවේවා.

    ReplyDelete
  29. සුබ පැතුම් සුදීක!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චමී මලයා.

      Delete
  30. තවත් චිරාත් කාලයකට සුභ පැතුම් අයියා.

    මුල ඉදන්ම ඔයාගේ බ්ලොග් එකේ පාඨකයෙක් නොවුණත් පස්සේ කාලේ හරි කියවන්න ඉඩක් ලැබුණානේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත මලයා. ඔයා මගේ පාඨකයෙක් වීම මට සතුටක්. ඒ වගේම ඔයාගේ බ්ලොග් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඉතිහාසයයන් ගැන.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...