Monday, May 13, 2013

ඔබත් පුංචි පහේ හපනෙක්ද ? පිළිතුරු .....


නිවැරදි පිළිතුරු

(1) Black Puma 

මුලින් ලින්ක් මගින් පින්තුරයක් දාල තිබ්බ Google+ එකේ. මගේ ඉල්ලීමට ඒක ඉවත් කළා. දැන් ඒක දාන්න කියල ඉල්ලා සිටිනවා. මට කොපි කර ගන්න බැරි වුනා. :(

(2) ඉඳුනිල් රාමදාස


එක සමාන පඩිපෙලාකාර  කොටස් 2 යි. එක කොටසක් 3 X 12 , 3 X 8, 3 X 4 ප්‍රමාණයේ කොටස් එකතු වෙලා එන හැඩය..
මුලින් විකර්ණ ගහගෙන ට්‍රයි කළා. හරි යන්නේ නැහැනේ , සැකේට ඒ වගේ ඇඳලා බැලුවා.
කමෙන්ට් එකක් දැම්මා.


(3) වී පොකුරේ වීයා ඊට පස්සේ හරි පිළිතුර මට ඊ-මේල් කළා

(4) පැහැදිලිම උත්තරේ දුන්නේ මාරයා 

ඕක ඒ හැටි දෙයක් නෙවෙයි නේද..? පඩි පේලියක හැඩේට කැපුවනං හරිනේ... අඩි 16ක් තියෙන පැත්තෙන් අඩි දොලහක් තියෙන තැනින් ඇතුලට( - )අඩි තුනක් කපලා ආයෙම අඩි හතරක් අනිත් පැත්තට (|)කපලා ආයෙම අඩි තුනක් ( - )කපලා..ආයෙම අඩි හතරක් අනිත් පැත්තට (|) කපලා අවසානයට තවත් ( - ) කපලා දැම්මනං වැඩේ ඉවරයි... එක කට්ටයක් පන්නලා පුරුද්දලා වෙල්ඩිං කොරලා දැම්ම ඔය එන්න හතරැස් වෙලා... :D


ඔය වරහන් ඇතුලේ දාලා තියෙන්නේ කපන්න ඕන අත... මට ඕවට චිත්තර අදින්න කම්මැලියි... ගණීත හැකියාවනං අනේ මංදා...ඔව්වා අපි කොලේ වාහන ටිංකරිං කොරන කාලෙනේ... :D 
පසුව ඔහු මෙහෙමත් කමෙන්ට් කළා
NDT ත් නැත.. ගණීතයට ඇති අමුතු හැකියාවකුත් නැත... වැඩක් කොරන හැටි අහු මුලු නොතියා කියා දුන්න ගරාජ් බාසුන්නැහේලාට පින් සිද්ධ වේවා... :D 

මෙන්න මේ වැකිය මම අර අපි කොමස් කලේ, ගණන් වලට කවදත් කම්මැලියි, සඳුදට ඇවිත් බලන්නම් වගේ උත්තර දීපු අයගේ අවධානයට මම යොමු කරනවා. මෙන්න මෙහෙම කියමනක් මම අහලා තියෙනවා
"If there's a will, there's a way" - උවමනාව ඇත්නම් ක්‍රමයක්ද ඇත

සයිලන්ට් සහන් මුල ඉඳලම ඉඳලම හොඳ උත්සාහයක යෙදුනා. නමුත් වැඩේ පොඩ්ඩක් සංකීර්ණ කර ගත්තා අඩියේ අඩියේ කොටු අඳින්න ගිහිං. ඒක දැක්කම මමත් පොඩ්ඩක් නොමග ගියා. මමත් ඒ වගේ එකක් ඇඳලා මේකට තවත් පිළිතුරක් තියෙනවද කියලා හොයන්න උත්සහ ගත්තා. සහන් සමහර විට උත්තරය හොයා ගන්න ඇති, නමුත් ඒක ඉදිරිපත් කරපු විදියේ යම් ගැටළුවක් තියෙනවා. 
තවත් දෙදෙනෙක් මේක කලින් දැනගෙන හිටියා කියලා කමෙන්ට් කරලා තිබුණා. මම හිතනවා ඒ අය ඒ ප්‍රකාශ කලේ අවංකවම කියලා. ඒ ශෂී සහ නදිනි. 

මොනවා වුනත් උත්සාහ කරපු හැමෝටම ස්තුතියි. 

13 comments:

  1. විසදුවා නේද හොද බබා....

    ReplyDelete
  2. අඩියේ අඩියේ ග්‍රිඩ් ගහන්න ඕනේ කියන එක මගේ අතින් කිය උනේ
    " අඩියේ කොටස් වලට කඩා ගන්න " කියලනේ..ඉතින් මන් හිතන්නේ සුදීකට හිතෙන්න ඇත්තේ වෙන දෙයක්.මමත් බය නැතුව ඒ විදිහට කිව්වේ සුදීක හරි උත්තරේ දන්න නිසා මන් වටෙන් එද්දිම තේරේවි කියලා.

    පස්සේ තමයි මම මෙහෙම ඇඳලා පෙන්නුවේ. හරියටම කැපෙන්න ඕනේ තැන් තමයි

    M.1***M.4***I.4***I.7***E.4***E.10 ( ග්‍රිඩ් අගයන් )

    _________________
    |_|_|_|_|_|_|_|_|
    |_|_|_|_|_|
    |_|_|_|_|_|
    |_|_|_|
    |_|_|_|
    |_|
    |_________________ ( දළ පෙනුම .පරිමාණයට නොවේ )


    හරි හරි මොනවා උනත් සතුටක් ලැබුවා මේකෙන්.

    ReplyDelete
    Replies
    1. මේකේ වැරදුන තැන මම කලින් කිව්වා නම් වෙන කෙනෙක් ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. මෙතන I.7***E.4 කියන එකෙන් ආනත රේඛාවක් අඳින්න වෙනවා. හරිනම් මෙතන එන්න ඕනේ I.7***E.7 නේද ?

      Delete
  3. මේකේ වැරදුන තැන මම කලින් කිව්වා නම් වෙන කෙනෙක් ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. මෙතන I.7***E.4 කියන එකෙන් ආනත රේඛාවක් අඳින්න වෙනවා. හරිනම් මෙතන එන්න ඕනේ I.7***E.7 නේද ?

    ReplyDelete
  4. පිළිතුර හරි කියලා දැන ගත්ත එක සතුටුයි. මම අරක මකලා දැම්මා. දැන් මගේ එකෙත් නෑ. ආයේ අදින්න ඕන නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කලින් ඇඳපු එක තියෙනවා නම් මට එවන්න.

      Delete
  5. ඔය තියෙන්නෙ උත්තරේ. අම්මප මාරය කියල තියෙනව වගේ ඉස්කෝලෙකට යන්නෙ නැතුව ගැරේජ් එකක වැඩට ගියානං ගණන් විතරක් නෙමේ ඕන එකක් ඉගෙනගන්න තිබුණනෙ.

    ReplyDelete
  6. කිව්වා වගේම ඔන්න සඳුදට මම ආවා!

    \\උවමනාව ඇත්නම් ක්‍රමයක්ද ඇත//
    ඉතින් හරිනේ මට උවමනාවක් තිබ්බේ නැහැ ඕක හොයන්න.කව්රු හරි තෑග්ගක් හරි දෙනවා කිව්වා නම් මම ඕක හොයන්න උත්සහයක් හරි ගන්නවා නැතුව මට මේ දවස් වල කෝල් ඔෆ් ඩියුටි ගහන එක වටිනවා :D

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට මතක් වෙන්නේ මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් මහතා කියපු කතාවක්
      "මම බැරෑරුම් ගැටළු විසඳන්න යොදවන්නේ කම්මලියන්ව, එවිට් ඔවුන් එය විසඳීමට කෙටි මාර්ගයක් සොයා ගන්නවා"

      ගේම්ස් හදපු මහත්වරු ඒවා ක්‍රීඩා කරන අය තරමටම ඒවාට ඇබ්බැහි වුණ අය වුනානම් කවදාවත් ඒ ගේම් හැදෙන්නේ නෑ.

      Delete
  7. ඔන්න ඔය නිසයි මමයි වෙනී මාමයි කොමර්ස් කලේ...

    ReplyDelete
    Replies
    1. සමහරවිට පොත පතේ අධ්‍යාපනයට වඩා අත්දැකීම් ජීවිතයට එකතු කරන දේවල් වටිනවා. මාරයා පෙන්වා දී තියෙන්නේ අන්න ඒ ටික.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...