Friday, May 10, 2013

ඔබත් පුංචි පහේ හපනෙක්ද ?

මේ දවස් වල පුද්ගලික ජීවිතයේ වගේම රාජකාරී ජීවිතයේත් ටිකක් කාර්‍ය බහුල වෙලා. ඒ නිසා දිග පොස්ට් එකක් දාන්න තරම් නිස්කලංකයක් නෑ. ඒ මදිවට ඇනෝ මහත්තයෙක් කතතන්දර බ්ලොග් එකෙක් මගෙත් එක්ක ඔට්ටු වෙනවා. එයා කියන්නේ නම් බ්ලොග් එකක් කරන කෙනෙක් වුණත් කෙලින්ම ඇවිත් උත්තර දෙන්න තියෙන කුලෑටි කම නිසා ඇනෝ දානවා කියලා. ඒ මදිවට එයා මගේ පරිඝනක දැනුමත් පරීක්ෂා කරනවා. මේ වගේ අයට උත්තර බඳින එක මගේ සිරිත් නොවුනත්, එයාගේ අහිංසක උත්සාහය පව් කියලා හිතෙන නිසා උත්තර දුන්නා. 

මම අද හිතුවා හොඳ ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්න. මේක ඇත්තටම නාවික හමුදාවකට නිලධාරීන් තෝරා ගන්න පරීක්ෂණයකදී අහපු එකක්. මට මේක දුන්නේ මම උසස් පෙළ ඉවර වෙලා බෙන්තොට බීච් හෝටලයේ සේවය කරන කාලේ එතන ෆෝමන් විදියට වැඩ කරපු, ගණිතයට ඉතා දක්ෂ (NDT ඉංජිනේරුවකු) අයෙක් වෙච්ච ගයාන් කැල්ලේපොත කියන මගේ මිත්‍රයා. එයා හරියට බටහිර ඉන්දීය කණ්ඩායමේ කාලයක් ක්‍රීඩා කරපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙච්ච කාල් හූපර් කියන ක්‍රීඩකයාට සමාන රුපයක් තියෙන කෙනෙක්. මේ දෙදෙනාටම මම එක වගේ ප්‍රිය කරනවා. ගයාන් එක්ක ඉන්නකොට ඇත්තටම දැනුමක් එකතු කර ගන්න පුළුවන් කල්‍යාන මිත්‍රයෙක්. මෙන්න මේකයි ගැටලුව.

එකතරා නැවක් මහා මුහුදේ ගමන් කරන අතරතුරදී එකේ ලොකු සිදුරක් ඇති වෙලා නැවට වතුර කාන්දු වෙන්න ගන්නවා. ඒ සිදුර ඇති වෙච්ච තහඩුවේ ප්‍රමාණය අඩි 12 x 12. වර්ග ප්‍රමාණය වර්ග අඩි 144ක්. නමුත් අවාසනාවකට මේ නැවේ තියෙන්නේ 16 x 9 ක තහඩුවක්. වර්ග අඩි 144 යි. අර සිදුර විතරක් වහලා දාන්න බෑ. ඒ තහඩුවම ඉවත් කරලා වෙනත් තහඩුවක් දාන එක තමයි පිළිගත් ක්‍රමය. මේ දෙක වර්ගඵලයෙන් සමාන නිසා මේ අය කල්පනා කරලා විසඳුමක් හොයා ගන්නවා. ඒ සමාන කෑලි දෙකකට මේක කපලා පාස්සන එක. අනිත් දේ තමයි කෑලි දෙකකට වඩා වැඩි ගණනකින් පාස්සන එක සවිශක්තියට ප්‍රශ්නයක් නිසා, කෑලි දෙකකට වැඩියෙන් කපලා පාස්සන්න බෑ. කොටින්ම මේ කපන කෑල්ලක වර්ග ප්‍රමාණය වෙන්නේ වර්ග අඩි 72යි. 


මට ගයාන් කිව්වෙත් ඔය විස්තර ටිකම තමයි. පැය 2 කදී මේ ගැටළුව විසඳන්න ගයාන් සමත් වෙලා තියෙනවා. මට නම් දවස් ගානක් කල්පනා කරන්න සිද්ද වුණා.

ආහ් ! තව දෙයක් කලින් මේ ගැන දන්නවානම් ඒ ගැන සඳහන් කරන්නත නිහතමානී වෙන්න. ඔබ උත්තරය සොයා ගත්තානම් කමෙන්ට් නොකලත් ඔබ දිනුම්. ඒ නිසා මම කමෙන්ට් සඟවනවා. හරි උත්තරය සඳුදා විතර බලමු. බ්ලොග් ලෝකේ සිරා maths කාරයෝ ඉන්න නිසා ඊට කලින් හරි උත්තරය ලැබෙන බව මට විස්වාසයි. අර මගෙත් එක්ක කකාගේ බ්ලොග් එකේ ඇර ගත්ත මහත්තයාටත් මේක විවෘතයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. : කමෙන්ට් කිරීමේ ගැටළුවක් තිබුණා කියලා දැනුම් දීපු ප්‍රවීන් ඉන්ද්‍රනාම මිතුරාට ස්තුතිය.

55 comments:

  1. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් :D

    ReplyDelete
  2. මමත් NDT නිසා ..දන්නවා ..උත්තරේ .. :)

    ReplyDelete
    Replies
    1. රයිට් කාටවත් කියන්නැතුව බලන් ඉමු.

      Delete
  3. සඳුදට එන්ඥ්ම්

    ReplyDelete
    Replies
    1. උඹ හරි කම්මැලියෙක් මල්ලි.

      Delete
    2. Mage Comment eka Publish wela naha.
      Monday enam.
      Jayawewa.

      Delete
  4. උත්තරේ නම් හොයා ගත්තා කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. අනිත් අයට අවස්තාවක් දෙමු නේද?

      Delete
  5. https://plus.google.com/u/0/photos/110404408096012029959/albums/5876371508796902673

    හරිද බැලුවනම්

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමයි මුලින්ම ලැබුණ හරි උත්තරය.

      Delete
  6. මෙහෙ බොන්න නැ බන්. නැත්තන් හරි උත්තරේ විනාඩියෙන් දෙන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. ඕක නිකං නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කිව්වා වගේ.

      Delete
  7. ආපු උත්තරේ බුකියෙන් එව්වා..

    ReplyDelete
    Replies
    1. රාමාත් හරි. අනිත් අයට චාන්ස් එකක් දෙමු නේද රාමා.

      Delete
  8. මං එන්නං හෙට අනිද්දා දවසක මේ පැත්තේ

    ReplyDelete
    Replies
    1. යකෝ උඹ මැෂින් කාරයා නේද? ටිකක් හිතපන්කෝ.

      Delete
  9. හපොයි ගණන් බැරියෝ... :(

    ReplyDelete
  10. මම දැනුයි සුදීක සීන් එක දැක්කේ.ඕක කොහොමෙයි හරි සිස්ටොන් එකට කියන්නේ මෙහෙම . කරන්නේ මෙහෙමයි 1 x 1 අඩි කොටස් වලට කඩනවා .ඊට පස්සේ ඒවා නම් කරනවා එක්සෙල් ශීට් එක වගේ. ඊට පස්සේ තමා සෙල්ලම තියෙන්නේ. කොහොමෙයි කියන්නේ ?
    සුට්ටක් ඉන්න බලන්න

    __________
    | |
    | |
    | |
    | |
    | |
    |_________|

    වගේ ෆුන්චි කොටු වලට බෙදෙනවා.එකක් නම් වෙන්නේ
    A1 , A2 , A3
    B1 , B2 , B3 විදිහට හරිය

    ඊට පස්සේ කපනවා කැපිල්ලක් මෙන්න මෙහෙම රුයිතෙට
    ඒ කියන්නේ බල්ලෝ කෑවා වගේ කැපිල්ලක් එන්නේ..
    ඒ දෙක බට් කරනවා පස්සේ.කොහොම හරි එනවා වැඩේ නම්.
    ඒත් අවුල තමයි සුදීක මේකේ ශක්තිය බැලුවොත් නම් පජාතයි .අනිවා නැව නම් ගිලෙනවා.මේක නැවකට සම්බන්ද කරනොගෙන ඇහුවනම් හරි.අනිත් දේ පාඨකයාව නොමග යනවා මේකෙදි .කෑලි දෙකක් කිව්වම හිත යන්නේ සර්ව සම , ඍජු කෝණික , සම චතුරශ්‍ර වගේ භාණ්ඩයක් කියලනේ.නිකන් ගඩොල් බාග වගේ එන්නේ ..අනේ මන්දා නාවික හමුදාවට පටල ගත්ත එක වැරදි.මම ගියානම් කියනවා මෙහෙම බට් කරනවට වඩා හොඳයි මුහුදේ ගිලෙන එක කියලා..මොකද මේ වෙල්ඩින් ඈන්ගල් එක හයිය හිටින්නෙම නැහැ.

    ඒනි වේ අකුණු ගහන කාලේ කට්ටියම එක්ක මෙන්න මේක බලන්න...

    අකුණක විද්‍යාත්මක විස්තර කිරීම හා අකුණු අනතුරු වලින් මිදීමට අවශ්‍ය සියලු දැනුම

    ReplyDelete
    Replies
    1. මෙතන මම අඳින්න හදපු රූපේ text formatting remove වෙලා වගේ.සුදීකට අඳුන ගන්න බැරි වෙලා.ඔන්න මම එහෙනම් කියන්නම් කපන්න ඕනේ තැන් M.1***M.4***I.4***I.7***E.4***E.10 .

      Delete
    2. ඔයා ටිකක්ව් වැඩේ සංකීර්ණ කරගෙන.

      Delete
    3. ලේසියෙන්ම කියනවනම් මේක හරියට හෑන්ඩ් ගේම් වල තියෙන බ්‍රික්ස් ගේම් එක වග
      _________________
      |_|_|_|_|_|_|_|_|
      |_|_|_|_|_|
      |_|_|_|_|_|
      |_|_|_|
      |_|_|_|
      |_|
      |_________________
      ඔන්න ඔය වගේ තමයි කැපෙන්නේ..දැන් හරි මයේ හිතේ.

      Delete
    4. මේක තව පැහැදිලි කරන්න ?

      Delete
    5. අනේ බෑ බන් .මට කම්මැලි..මට පේන්නේ සුදීකගේ උත්තරේ වෙන එකක් වගේ.නැත්නම් මම කියපු ගමන් මීටරේට එන්න ඕනේ සීන් එක.

      May 11, 2013 12:34 AM
      May 11, 2013 12:35 AM

      සුදීක මගේ මේ කමෙන්ට් දෙක ස්පෑම් විදිහට අයින් කරනවද.දැනටම මෙතන මගේ කමෙන්ට් වැඩියි වගේ..මේ කමෙන්ට් එකත් publish කරන්න එපා සුදීක..

      Delete
    6. සමහරවිට ඔයාගේ හිතේ හරි උත්තරය ඇති. මෙතන දාලා තියෙන රූපේ නම් හරි උත්තරය නෑ. paint වලින් ඇඳලා, File hosting site එකකට් upload කරලා ලින්ක් එක දාන්න. මේක කපන විදිය විතරක් මදි, එකලස් කරන විදියත් කියන්න ඕනේ. හැබැයි කපන විදිය හරියට කිව්වා නම්, එකලස් කරන විදිය අමාරු නෑ. ඔයාගේ උත්සාහය අගය කරනවා.

      දැනට හරි උත්තරය දීපු දෙන්නෙක් ඉන්නවා.

      Delete
  11. සදුදට වෙනකන් කල් තියන නිසා අද නොකිය ඉන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. අපේ කාන්තා පාර්ශවය හරිම කම්මැලි නේ.

      Delete
    2. කමක් නෑ කියන්න කමෙන්ට් පබ්ලිෂ් වෙන්නේ නෑ. හරි උත්තර පබ්ලිෂ් කරන්නේ අන්තිමට.

      Delete
  12. ගණන් හදන්ට කම්මැලියි. ගණන් අරින්ට නම් පුලුවන්.:)

    ප්‍රවීන් විතරක් නෙමේ, ප්‍රවීනාත් කමෙන්ට් කරන්ට බෑ කියලා දැනුම් දුන්නා...:D

    ReplyDelete
    Replies
    1. අපේ කාන්තා පාර්ශවය හරිම කම්මලිනේ.

      Delete
  13. Replies
    1. ඔව් ගොඩක් දේශකයෝන්ට උගන්වන්න විතරයි පුළුවන්. ප්‍රායෝගික පැත්ත බෑ. :)

      Delete
  14. නිවාඩු දවස්වල නිදහසේ ඉන්න දීපල්ලකෝ..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සැමට වැරදිලා වෙන බ්ලොග් එකකට දාන්න ඕනේ කමෙන්ට් එකක් මගේ එකේ පොස්ට් කරලා. :)

      Delete
  15. ඔන්න ඕක නිසයි බන් අපි කොමස් කලේ...!

    ReplyDelete
    Replies
    1. මේකට අංක ගණිත හැකියාව වුණත් ඇති.

      Delete
  16. වෙනී මාමා කරපු නිසාම මම කලෙත් කොමස්...

    ReplyDelete
    Replies
    1. දුක නැද්ද බන් මාම කියන්න.

      Delete
  17. ඕක ඒ හැටි දෙයක් නෙවෙයි නේද..? පඩි පේලියක හැඩේට කැපුවනං හරිනේ... අඩි 16ක් තියෙන පැත්තෙන් අඩි දොලහක් තියෙන තැනින් ඇතුලට( - )අඩි තුනක් කපලා ආයෙම අඩි හතරක් අනිත් පැත්තට (|)කපලා ආයෙම අඩි තුනක් ( - )කපලා..ආයෙම අඩි හතරක් අනිත් පැත්තට (|) කපලා අවසානයට තවත් ( - ) කපලා දැම්මනං වැඩේ ඉවරයි... එක කට්ටයක් පන්නලා පුරුද්දලා වෙල්ඩිං කොරලා දැම්ම ඔය එන්න හතරැස් වෙලා... :D

    ඔය වරහන් ඇතුලේ දාලා තියෙන්නේ කපන්න ඕන අත... මට ඕවට චිත්තර අදින්න කම්මැලියි... ගණීත හැකියාවනං අනේ මංදා...ඔව්වා අපි කොලේ වාහන ටිංකරිං කොරන කාලෙනේ... :D

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ උත්තරය තමයි පැහැදිලි ලෙසම වචන වලින් ලියලා තියෙන්නේ.

      Delete
    2. NDT ත් නැත.. ගණීතයට ඇති අමුතු හැකියාවකුත් නැත... වැඩක් කොරන හැටි අහු මුලු නොතියා කියා දුන්න ගරාජ් බාසුන්නැහේලාට පින් සිද්ධ වේවා... :D

      Delete
  18. මේක දැක්ක දා ඉදන්ම ට්‍රයි කළා ඒත් බැ...

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා හරි උත්තර පබ්ලිෂ් නොකර ඉන්න.

      Delete
  19. මම හිතන්නෙ මම හැදුව...මේල් එකක් එවල ඇති.

    ReplyDelete
    Replies
    1. මම බැලුවා මේ වෙනකොට හරි උත්තර හතර දෙනෙක් දීල තියෙනවා.

      Delete
    2. වීයාගේ උත්තරයත් නිවැරදියි.

      Delete
  20. "එක්තරා නැවක් මහමුහුදේ ගමන් කරන අතරතුරේ" කොහොමද මෙච්චර ලොකු සිදුරක් රෙපෙයාර් කරන්නේ.? එක කිව්වොත් ගණිතමය පිළිතුරක් දෙතැකි

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රායෝගික දෙයක් නෙවෙයි, imaginary එකක්.

      Delete
  21. "එක්තරා නැවක් මහමුහුදේ ගමන් කරන අතරතුරේ" මෙච්චරලොකු සිදුරක් ඇති උනාම ගමන් කරන ගමන් රෙපෙයාර් කල හැකිද?

    ReplyDelete
    Replies
    1. සිදුර පුංචි එකක තහඩුව ලොකුයි. සමහර විට අලුත් තහඩුව පරණ එක ගලවන්නේ නැතිවම එතනට තියලා වෙල්ඩින් කරනවා ඇති.

      Delete
  22. ඉස්කෝලෙ කාලෙත් නොකර මග ඇරපු වැඩ මුන් දැන් අපිට කියලා කරවන්න හදනවනේ! :D

    ReplyDelete
  23. මෙහෙම ප්‍රශ්ණ අහලා අමාරුවේ දාන එක හරිද මම අහන්නේ?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...