Friday, April 15, 2016

ගෘහස්ථ කාරණා ? ඒ මොනවද ? ...... Household matters ? What are they all about ?

මගේ කාර්යාලයේ සහෘදයෝ තිදෙනෙක් වෙති. ඔවුන් තිදෙනාම මා බ්ලොග් කරණයේ යෙදෙන බව දනිති. බ්ලොග් කියන්නේ, ඉන්ටර්නෙට් එකේ කොටාගෙන-කොටාගෙන යන වැඩක් බවද ඔවුන් දනිති. නමුත් මා ලියන්නේ මොනවාදැයි ඔවුන් නොදනිති.  දන්නවානම් අම්භානක නෙලති. ඒ මොකදැයි කියා කියලාඔබලාටා තේරෙන්නට ඇති. මා මෙතැන කොරන්නේ එවැනි දැලි පිහියෙන් මීකිරි කනවා වගේ වැඩක් බව දන්නේ මා පමණකි. ආහ් .... !  නෑ තව දෙදෙනෙක් දනිති. ඒ මටත් පෙර සිට බ්ලොග් රසිකයින් දෙදෙනෙකු සහ මගේ හොඳම විවේචකයින් දෙදෙනා වන සහ වෙනත් තට්ටුවක සේවය කරන මගේ මිතුරන් දෙදෙනා වෙති. 

මේ ළඟදී දිනක මට සම්මානයක් ලැබුණු බව පෙරකී සහෘදයෝ තිදෙනා දැනගත්තෝ වෙති. ඒ මා ඔවුන් දැනුවත් කල නිසා වෙති. මොනවද උඹට හම්ඹ වුණේ, ඔවුන්ගෙන් කෙනෙක් අසති. පොතකි, සී.ඩී. පටයකි, ජී.බී. අටේ පෙන් ඩ්‍රයිව් එකකි, නෝට් පොතකි, ටක්-ටික් පෑනකි, මුදල් ත්‍යාගයකි.  සම්මාන ලැබුණේ මොනවාටදැයි විමසති. ගෘහස්ථ කාරණා වලටැයි පැවසෙති. ඔවුන් විපිළිසර වෙති. පසුව මවිසින්ම ඒ පිළිබඳ විස්තර කෙරෙති. ආහ්..... !!! මේවාටත් සාම්මාන දෙනවාදැයි විමසෙති. පසුව මට පොළොව පලාගෙන යන්නට සිත් වෙති. 

දැන් නියම කාරණයට එමු. ගෘහස්ථ කාරණා යටතේ සම්මාන ලැබූ මා පසුගිය වසරේ කල ගෘහස්ථ කටයුත්තක් නැත. ඒ මගේ විශ්වාසයයි. පොඩි එවුන් නළවා ගන්නට කල පුංචි ප්‍රයෝගයක් විනිශ්චය මණ්ඩලය විශ්මිත කරන්නට සමත් වී තිබේ. එහෙත් මා මීට පෙර නම් ඒ අංශයෙන් නොයෙකුත් දෑ ලියා ඇත. කොටින්ම එහෙම ලේබලයක් මගේ බ්ලොග් අඩවියේ නැත. නමුත් පැත්තකින් එදිනෙදා ජීවිතයට යන කොටුවේ ලියා ඇත. ඉදිරියට ලියන්නටද සිතේ තබාගෙන උන්නෙමි. ඒ මා දන්නා ඒ දේ යමෙකුට ප්‍රයෝජනවත් වේ යන සිතුවිල්ල නිසාය. මෙයට අමතර DIY ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ ලියා ඇත්තෙමි. තවත් එකක් ලියන්නට ඇත. අර කොටුවේ මා ලියන්නට සිටි තවත් කරුණක් මෙසේ සවිස්තරාත්මකව දිග හරින්නේ, ලැබුණු සම්මානයට සාධාරණයක් ඉටු කරන්නටය.

මෙහි ලියැවිය යුතු මාතෘකාව හරියට පොල් ගෙඩියක් බිඳින්නේ කෙසේද ? යන්න වුවත්, මෙයට ගැලපෙන ප්‍රවේශයක් නිසා ඉහත මාතෘකාවෙන් පැමිණියෙමි. අදසිට ගෘහස්ථ කාරණා යනුවෙන් ලේබලයක්ද පටන් ගනිමි. ඒ ඔබගේ මතු ප්‍රයෝජනයටය. මෙය මට මගේ පියා ලබා දුන් ස්වල්පයක් වූ ගුරු මුෂ්ටි වලින් එකකි. මගේ පියා දන්නා කාරණා බොහෝ ඇතැයි මින් අදහස් කරන්නේ නැත. ඔහු කියා දුන් බොහෝ දේ අද කාලයට වැදගත් වන්නේ නැත. උදාහරණයකට පුෂ් බයිසිකලයකට කෙනෙකු යන ගමන් නංවා ගන්නට පෙර සිදු කළයුතු දේ වාගේ ඒවාය. නමුත් ඒවාද වැදගත් වන කෙනෙකු සිටින්නට හැක. බ්ලොග් අවකාශයේ බලාපොරොත්තු විය නොහැක. පියෙකු තම පුතුට ලබාදෙන ගුරුහරුකම් සිත්හී ධාරණය කර ගැනීම, තාරුණ්‍යයට තරම් නොවුණත්, අපද ඔවුන්ගේ තැන ගන්නා දින ඒවා කදිම දේවල්දැයි සිතේ. 

මේ පහළ පින්තූරයෙන් පෙනෙන්නේ ඊයේ සවස කිරිබතට අවශ්‍ය පොල් ඔයා (ලෙලි ගසා), මගේ පියාගේ වචනයෙන් කියනවානම් බ්ලේඩ් තලයෙන් කැපුවා සේ බිඳ ගත් පසු දිස්වන ආකාරයයි. මේ හැම ගෙඩියම බිද ගැනීමට එල්ල කරන ලද්දේ මන්න පහරවල් එකකි. නිලය බලා එල්ල කළහොත්, මන්නයේ බරද, අරකද මේකද වැදගත් වන්නේ නැත. මගේ වැඩිමහල් සොයුරියගේ දියණියක් විවාපත් වන මොහොතේ පොල් ගෙඩිය බිඳීමේ භාරදූර වගකීමට සාර්ථකව මුහුණ දුන්නේදේ මේ ශිල්පයට පින් සිදු වන්නටය.

coconut halves after broken on the banana leaf

පහළින් තිබෙන මේ පින්තූරයෙන් එය කෙතරම් දුරට බ්ලේඩ් තල කැපීමක්දැයි ඔබට පැහැදිලි වනු ඇත. ඡායාරූපය මදක් ගැස්සී ඇති එක වෙනම කාරණයකි. ඉහළ රූපය දෙස නැවත බැලුවොත් එහි සමහරක් තැන් බ්ලේඩ් පහර වැදී නැති බව පෙනෙන්ට තිබේ. එයට හේතුව මා දෙවන පහරක් එල්ල නොකරම, පිහිය විවරයට දමා විවෘත කරන්නට යාමේ ප්‍රතිඵලය. නමුත් සමස්තය හරියට සිදු වී තිබේ. 

how to break a coconut nicely


පොල් ගෙඩියක් බිඳින්නට යාම ඉතා පුංචි වැඩක් බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් නිසියාකාරව සිදු නොකළොත්, එයද කුඩු වී කෑලි කිහිපයක් බවට පත්වේ. ඕනෑම දෙයක් කරන්නට විද්‍යාත්මක ක්‍රමයක් තිබේ. නමුත් මෙය ක්‍රියාවෙන් අවුබෝධය නමැති අප කුඩා කාලයේ පාසැල්වල තිබූ දෙයට සමාන දෙයකි. මගේ පියා මට මෙය එක සිය වාරයක් පමණ පෙන්වා දෙමින් සිදු කර, පසුව මට ඒ සඳහා අවස්ථාව සලසා දුනි. ඇත්ත වශයෙන්ම මෙය සරල දෙයක් වුවද, වැඩේ වරද්දා ගතහොත් මදය කට්ටෙන් ගැලවේ. බොහෝ දෙනා ඉඳහිට වටේටම පහර දීගෙන යාමේදී හරි තැනට කණා ෂොට් එකක් වැදී වැඩේ සිදු වේ.

ඔබ කළයුත්තේ මෙපමණයි. හොඳින් කෙඳි ඉවත් කරගත් පොල් ගෙඩිය දෑතට ගෙන, එය රවුමක් කරකවා  බලන්න. එහි ඇති බෙදුම් රේඛා තුනෙන් වෙන්වන කොටස් තුනක් තිබෙන බව ඔබට පෙනෙනවා ඇත. ඉන් විශාලම කොටස සහ එයට මදක් කුඩා කොටස වෙන්වන රේඛාව තෝරා ගන්න. දෙතුන් වරක් කරකවා හෝ එය පැහැදිලිව වෙන් කර ගන්න. එම ස්ථානයට මද වේගයෙන් මන්නය හෝ කැත්ත යොදාගෙන පහරක් ගසන්න. ඔබ මවිතයට පත්කරමින් ඉහත රූපයේ දැක්වෙන පරිදි එය වෙන් විය යුතුය. මන්නයේ බර හෝ ඔබ යොදනයා බලය එහිදී වැදගත් නොවේ. වැදගත් වන්නේ ඔබ හරි ස්ථානයට පහර දුන්නාද යන්න පමණි.  

39 comments:

  1. ආ.............මට නං ඕක කියා දුන්නේ නැන්දම්ම..)සුද්දගෙ අම්ම

    ReplyDelete
    Replies
    1. අන්න නැන්දම්මලා. තවත් ක්‍රමයක් යූ ටියුබ් එකේ තියෙනවා. ඒත් පැහැදිලි මදියි.

      Delete
  2. මම නමි අදම තමා දැනගත්තේ
    අනිවර්‍යෙයන් ට්‍රයිකරල බලනවා

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා ප්‍රතිඵල කියන්න.

      Delete
  3. ඔච්චර ගම්මාන ගොඩක ඉදලත් පොල් බිඳින නිවැරදි විදිහ දැනගත්තෙ දැන් මාත් තවත් පාරක බැණුම් අහගන්න හරි පොල් ගෙඩියක් අරන් බිඳින්න ඕන

    ReplyDelete
    Replies
    1. හරිම පුංචි දෙයක්. ඒ වුණාට දැනගෙන කරන්නේ බොහොම ටික දෙනයි. අර අෂ්ඨක කියන මහත්වරු වැඩේ දන්නවා. ඒකෙන් තමයි එයාලා ගොඩ යන්නේ.

      Delete
  4. එහි ඇති බෙදුම් රේඛා තුනෙන් වෙන්වන කොටස් තුනක් තිබෙන බව ඔබට පෙනෙනවා ඇත. ඉන් විශාලම කොටස සහ එයට මදක් කුඩා කොටස වෙන්වන රේඛාව තෝරා ගන්න./////

    කරුණා කරලා පැහැදිලි පින්තුරක් දානවද මේ ඉරි ටික දැකගන්න

    ReplyDelete
    Replies
    1. සරලව මෙහෙමයි. ඕනෑම පොල්ගෙඩියක ඉරි තුනක් තියෙනවා. මේ ඉරි තුනෙන් ගෙඩිය කොටස් තුනකට වෙන් වෙනවා. ඉරි දෙකක් අතර කොටස් වලින් ලොකුම කොටස, සහ එයට තරමක් කුඩා කොටස වෙන් වෙන ඉර මත තමයි පහර එල්ල කරන්න ඕනේ. ඔබ කියන පින්තූරේ දාන්න තිබුණා ගමේ හිටියනම්. අද ඉන්නේ කොළඹ. කඩ ඇරලා තිබුණොත් පොල් ගෙඩියක් ගන්නම්.

      Delete
    2. මේකේ තියන විදිහට නම් ගහන්න ඕනේ ඉහලින් තියන දාරයට ද ? (April 15, 2016 5:40 AM ඇනෝ නොවෙමි. වෙනත් ඇනොවෙක් මි :) )

      http://pad2.whstatic.com/images/thumb/e/e9/CuttingBoard-2.jpg/aid3823-728px-CuttingBoard-2.jpg

      Delete
    3. ඒ ෆොටෝ එකේ හැටියටනම් උද දාරයට ගැහුවාම හරි.

      Delete
  5. සදීක, මන්නෙ පිට පැත්තෙන් ගහලා නෙමේද පොල් බිඳින්නේ??

    ReplyDelete
    Replies
    1. පිට පැත්තෙන් තමයි ගහන්න ඕනේ. කැපෙන පැත්තෙන් ගහන්නේ අර මගුල් වෙලාවට කැත්තෙන් ගහත්දී.

      Delete
  6. දැන් ඉතින් පොල් ගාලා දෙනවා මදිවට මට පොල් බිදගනන්ත වෙනවා

    ReplyDelete
    Replies
    1. ඕනනම් එතනින් එහාට ගිහිං පොල් ලෙලි ගහන්නත් පුළුවන්. මේවා පිරිමි කරන වැඩ.

      Delete
  7. කරුණාකර සියලු පුරුෂපාර්ශවය මෙම පෝස්ටුව බැලීම හා එය අත්හදා බැලීම ද කළ යුතු බව දැනුම් දී ඇත.

    දැනුම් දී ඇත්තේශ්‍රී ලාංකීය ගෘහනියන්

    ReplyDelete
    Replies
    1. අදාළ අංශ දැනුවත් කිරීම ඔබ තුමියට බාරයි.

      Delete
    2. ඒක සමස්ථයටම කරන දැනුම් දීමක්.
      අදාල පාර්ශවය ද දැනුවත් කර ඇත.

      කොහොම උනත් මේක සාර්ථක ක්‍රමයක් තමයි...

      Delete
  8. I have to try this ;-), so far I was hitting all over the coconut :-(.

    ReplyDelete
    Replies
    1. When you hitting it around, at onetime you hit the right place. So it opens. With this method you could do it in one shot & of course surprise others.

      Delete
  9. පොල් වත්තක් තිබිලත් අද නොවෑ මේක දැනගත්තේ..උත්සහ කර බලන්න ඕනි අදම

    ReplyDelete
    Replies
    1. කරන්න තියෙන්නේ එක වැඩයි. වත්තේම පොල් ටික කඩලා. ලෙලි ගහලා. හිමිහිට දෙන එකයි ඇත්තේ පාර.

      Delete
  10. කොරලම බලන්න වටින වැඩේ... හරියට බිඳගත්තාම කාටද හා ලකුණු..?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා. වටේම ඉන්න නෝනලා පොල් ගෙඩියකුත් අරන් එයිද දන්නේ නෑ පෝලිමේ.

      Delete
  11. ඔය කොරල තියෙන්නෙ වැඩේ. දැං ඉතිං පොල් බිඳින්න ඉස්සෙල්ල කරකෝ කරකෝ හිටහංකො.
    බලමු ට්‍රයි එකක් දීල.

    ReplyDelete
  12. පිටිකල පොල්කිරි පැකට් එකටත් මේක වැඩ කරයිද

    ReplyDelete
    Replies
    1. මේසේ උඩ තියලා කැපෙන පැත්තෙන් ගහන්න.

      Delete
  13. මම පොල් බිඳගන්නෙත් මේ ක්‍රමයටම තමා.

    ReplyDelete
  14. පට්ට උපදේශයක් සුදීකයියේ...........

    මං පොරවගේ පොල් ගෙඩිය බිදලා ගෙදර උන්දෑ පුදුමකරවන්නම්... හැක්... අන්න හොරෙන් හරි අපිට කියලා දෙන්න වටින දේවල්.... මේවා පෝස්ට් නොදා මේල් කරත් කමක් නැහැ බොලව්...

    ReplyDelete
  15. ඇත්තම කිව්වොත් සුදීකයියෙ මට නං ගෙදරත් ඉන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නෙ ඔය ගෘහස්ථ කාරණා සිද්ධිය හින්ද... හි හි... කෝකත් හොඳට කිව්වලුනෙ...

    මට ඔය පොල් බිඳිල්ලට අතේ හුරුව හොඳට තියෙනව.. පොල් කේක් වලට ඉස්සර පොල් ගෙඩි 10-15 බිඳිනවනෙ... ( දැං ඒ වැඩේ තාත්තා බාර අරගෙන තියෙන්නෙ.. පොල් ගාන මැෂින් එක ගත්තට පස්සෙ..) හැබැයි ඒ කොහොමද කියල කවුරුහරි ඇහුවොත් කියල දෙන්න තේරෙන්නෙ නෑ.. ඒක තනිකර පුරුද්දට කරන‌ ‌දෙයක්...

    ReplyDelete
  16. හෙට උදේට ට්‍රයි කරලා බලමු.

    ReplyDelete
  17. මං ඕක දැනන් හිටියේ නැ

    ReplyDelete
  18. ඊ ලඟට පොල් ගෙඩියක් ගත්ත ගමං මේක කරලා බලනවා

    ReplyDelete
  19. මම ත් මේක දැන ගෙන සිටියේ නැහැ.. අර රේඛා තුනෙන් එකකට ගහනවා ඇරෙන්න... මෙහෙ නම් ඉතින් පොල් හරි අඩුයි නේ

    ReplyDelete
  20. මටත් ඕක අප්පච්චි කියල දුන්නා. මේ ක්‍රමය හරියනවා.

    ReplyDelete
  21. හෙහ් හෙහ්, 'operation coconut breaking' දෙඤ්ඤං වැඩේ.

    ReplyDelete
    Replies
    1. විචාරක ... මේ "ඤ්ඤං " වගේ අකුරු ගන්නේ කොහෙන්ද හැබැට?

      Delete
  22. කිව්වත් වගේ ඒ සම්මනේනම් ගැලපෙනවා සුදීකට. දවසක් සොක්ස් ගැට ගහන හැටි ගැන කියලා තිබුනා නේද? එකෙන් මම සෑහෙන වැඩක් ගන්නවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...