Sunday, November 23, 2014

අපේ කෙනෙකුගේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් ...... International Level Product by a Local

පසුගිය දහතුන් වෙනිදා මට එන්.සී.සී. ක්‍රීඩාංගනයට යන්න ඕනේ වුණා. බත්තරමුල්ලේ ඉඳන් එන ගමනේදී මරදානට යන්න අවශ්‍ය වුණේ, අපේ ක්‍රිකට් ආම්පන්න ටික රැගෙන යන්න. ඒ ගමන ඉක්මන්ව යන්න ඕනේ නිසා මම පිටත් වුණේ 177 බස් එකෙන්. එහෙම ගිහිං බැස්සේ නෙලුම් පොකුණ ගාවා. එතනින් බැස්ස ගමන් දැක්කා විහාර මහ දේවි උද්‍යානයේ ඉල් මහ විරු සමරුව තියෙනවා. ඉස්සර නම් මම ඔතැනට ගොඩ වදින්න ඉඩ තියෙනවා. නමුත් දැන් ඒ ගැන අදහසක් නෑ. නෙලුම් පොකුණ ගාව හිටිය අන්නාසි වෙළෙන්දෙක්ගෙන් අන්නාසි මල්ලක් අරං කකා මම ටවුන් හෝල් පැත්තට පයින්ම ගියා. ඔඩෙල් එක ඉදිරිපිටදී මට බොහෝ කාලයක් ගොඩ වදින්න කියලා හිතේ තිබුණ, ඒත් මග ඇරුණු තැනක් දැකලා එතනට රිංගුවා.

ඒ Cup Cafe කියන කෝපි අවන්හලට. ඇවිද්ද පය බ්ලොග් එක කාලෙක ඉඳන් කියවන කෙනෙක් නම් ඔබ දන්නවා ඇති මම කෝපි ප්‍රේමියෙක් කියලා. හොඳ වුණත්, නරක වුණත් දවසකට නෙස්කැෆේ කෝප්ප තුනක් බොන පුරුද්ද දැන් තියෙන්නේ අවුරුදු ගාණක ඉඳලා. ඉතිං ලුවැඩ් සිවෙක් කෝපි  ගැන ලියපු පොස්ට් එකේදී මම දැක්ක දෙයක් තමයි, මෙය කියවන බොහෝ දෙනෙක් කෝපි ප්‍රේමීන් බව. කෝපි වල නරක ගුණ වගේම හොඳ ගුණත් තියෙන බව කෝපි විරෝදීන් මතක තබා ගත යුතු කරුණක්. 

එතනට ඇතුළු වුණාම මට ඇති වුණේ කොෆී බීන් ඒකට ගියා වගේ අත්දැකීමක්. ඉතාම මිත්‍රශීලී කළමනාකරු සහ සේවකයන් එතන ගැන පලවෙනි දක්මෙන්ම ලකුණු ලබා දෙන දෙයක්. මා එහි ගතකල පැය භාගයේ කිසිදු මොහොතක මට කිසිම කළකිරීමක් ඇති වුණේ නෑ. අනෙකුත් කෝපි හල් සමග සසඳන කොට මෙහි මිල ගණන් ඉතාම සාධාරණයි. මමත් මිලදී ගත්තා ලාවා කේක් කෑල්ලක් සහ කැපුචිනෝ කෝපි එකක්. මෙහෙම අරගෙන වටපිට බලනකොට මට තේරුණා මෙහි පාඩම් කරන සිසුන් දෙදෙනෙකුම ඉන්න බව. අධික ලේඅස සෙනග නොපිරුන තැනකින් උපරිම පල නෙලන මේ ශිෂ්‍යාට ඔවුන්ගේ කිසි විරෝධයක් නෑ. මගේ කැපුචිනෝ එක රුපියල් 330 ක් සහ ලාවා කේක් එක රුපියල් දෙසීයක් වුණා. ගණන් වැඩියි කියලා තර්ක කරන්න එපා, මම කියන්නේ කොෆී බීන්, ස්ටාර් බක් වගේ ඒවාට සාපේක්ෂව.
  මෙතනින් එහාට මම වැඩි විස්තරයක් කරන්නේ නෑ. හැබැයි පෙම්වතුන් යුවලකට, නිදහසේ සාකච්චාවක කරන කණ්ඩායමකට මෙය කදිම ස්ථානයක්. වයි-ෆයි පහසුකම ඉතාම ඉහල මට්ටමේ තිබෙන නිසා මටනම් ඒ වැය වූ රුපියල් 550 මගේ ජන්ගමයට කල වියදමක් වගේ.
 මට හිතට වැදුන දෙයක් තමයි ඔහු මෙය ජාත්‍යන්තර මට්ටමට ගෙනැවිත් තිබීම. එය අද කාලයේ අපේ වෙළෙන්දන්ගෙන් දකින්න අඩු ඉතාම සුවිශේෂී ලක්ෂණයක්. 
 මිලගණන් ගැන උනන්දු අය පින්තූරය මත කිලික් කලොත් බලන්න පුළුවන්. 


 ස්ථානය පිලිබඳ පැහැදිලි අදහසක් ගන්න මේ පින්තූරයෙන් පුළුවන්. 
 ඔවුන්ගේ සන්නම් නාමය සහිත කුඩා කෝපි ටින්, කැප් වගේම මග් පවා සිහි කරන්නේ ජාත්‍යන්තර මට්ටාමේ කෝපි හලක්. අපේ අයටත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් බව ඔවුන් පෙන්වලා තියෙනවා.
 මේ විදුලි බල්බ ආවරණත් මගේ සිත් ගත්තා. කාලය හරස් නොවුනා නම් ඔබටම සාදා ගත හැකි මේ ලෑම්ප් ශේඩ් ගැනත් විස්තරයක් දාන්න තිබුණා.

  මෙය දුටු ගමන් කෙනෙකුට සිහි වෙන්න පුළුවන් මොවුන් කොෆී බීන් ඒකෙන් කොප්පක් ගහලා කියලා. නමුත් ඔබට අලුතෙන් දෙයක් නිෂ්පාදනය කරන්න බැරිනම්, මුලින්ම ෆේක් එකක් හෝ නිෂ්පාදනය කරන්න, පසුව අලුත් දේ නිරායාසයෙන් ඔබගෙන් නිෂ්පාදනය වෙයි කියලා කිව්වේ ජාත්‍යන්තර මට්ටමේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වෙච්ච ෆාවුසූල් හමීඩ් මහතා.
මේ පිලිබඳ බ්ලොග් පොස්ට් එකක් ලියන බව පැවසු විට,  මේ වැහිබර සීත දේශගුණය තිබෙන කාලේ, මෙහි ගොඩවෙලා කෝපි කෝප්පයක් තොල ගාන්න කියන පණිවුඩය සිංහලෙන් බ්ලොග් කියවන ඔබටත් දෙන ලෙස එම කළමනාකරු(සමහරවිට අයිතිකරු විය හැකියි) ඉල්ලා සිටියා. 

55 comments:

  1. මෙහෙ ඉඳන් බලන කොටත් පෙනුම එහෙම ලස්සන ටම තියනව. පිළිවෙලකට වැඩේ තියනව නම් ගණන් පොඩ්ඩක් වැඩි වුණත් අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. එතන මහා ලොකු තැනක් නෙවෙයි. ඒ වුණාට පිළිවෙලට තියෙනවා. එලියේත් කොටසක් තියෙනවා. ඒ කොළඹ නගර ශාලාව අසලද කියලත් හිතෙනවා.

      Delete
    2. බඩුවල මිළ තීරණය වෙන්නේ කඩ කුලිය අනුවනේ. ටවුන්හෝල් එක ලඟ කියන්නේ කොළඹ 7 නේද?

      Delete
    3. ඔව්. කොළඹ 7. කුලිය විතරක්ම නෙවෙයි. ලබා දෙන අනෙකුත් පහසුකම්. අවට තියෙන අනෙක් ව්‍යාපාර වල මට්ටම.

      Delete
  2. යකෝ අන්නාසි මල්ලක් කාලා තව කේක් කාල කෝපිත් බොන්න ඉඩ තියෙන්නෙ ඕක බඩක්ද ගෝනියක්ද?

    ReplyDelete
    Replies
    1. මුන්ට කන්න පින නැහැ. ගෝනියක් තරමට හරි කන්නත් පින තියෙන්න ඕන හලෝ. පලන්ගාන් සයිස් හම්බ වුනත් ඉඳිකටු තුඩක් තරම්මවත් කන්න බැරි පෙරේතයෝ බන්නවාලු. කන්න හැකියාව තියෙන්නති පින තියෙන්න ඕනෑ

      Delete
    2. දවල්ට කාලා බඩ පුරෝදාලා වගේ තියෙනකොට අන්නාසි මල්ල කෑවේ. ඉන්පස්සේ තමයි කේක් කෑල්ල කාලා කොපි එක බිව්වේ. අන්නාසි සහ කෝපි කියන්නේ බඩගින්න වැඩි කරන්න පුළුවන් දේවල් මිසක් බඩ පිරෙන ඒවා නෙවෙයි.

      Delete
  3. salli kaaarayoooooo

    ReplyDelete
    Replies
    1. ඔය කතාව කිව්වම මතක් වෙන්නේ මගේ නිවාස අසල තියෙන පුංචි කඩටය මුඩුක්කු නිවාස වල අයත් එන්නේ බඩු ගන්න. සමහරු ලැබෙන සල්ලි වලින් මුලින්ම ගන්නේ ටෙලිෆෝන් කාඩ් එක. ඉන් පස් සිගරට්. ඊට පස්සේ තමයි කන ජාති. මම කල්පනා කලේ වින්ඩෝස් 8.1 දාගන්න මට රුපියල් 550ක් ගියා කියන එක. උවමනා නම් ඊට අඩුවෙනුත් කර ගන්න පුළුවන්. මේ පින්තූර මත ක්ලික් කරලා බලන්න.

      Delete
  4. කොළඹ ගිය වෙලාවක යන්න හිතාගත්තා.

    ReplyDelete
  5. නියමෙට පවත්වගෙන යන ස්ථානයක් වගෙයි. ඇත්තටම වැඩක් කරන්න දන්න මිනිහ ඒ වැඩේ ජාත්‍යාන්තර මට්ටමටම කරනව.

    අරම කිවුවට පස්සෙ කළමනාකරු අර 530 ආපහ දුන්නෙ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. හෙක්.... හෙක්... එහම දුන්නත් මම ගන්නේ නෑ. මොකද මේ වගේ ව්‍යාපාර දියුණු වෙන්න ඕනේ.

      Delete
  6. කොයි කෝපි කඩෙත් අනෙක් උන්ගෙන් කොපි කරන නිසා මේක ෆේක් එකක් කියන්න මම කැමති නෑ. මාකට් එකක් තියෙනවනම් හොඳයි.

    සුධීක, ලංකාවෙ ස්ටාර්බක්ස් නෑනෙ! කවුද කිව්ව "කොස්ත කොෆි" එකක්නං දාලය කියල.

    මම ඉන්න රටේ "ලතෙ" එකක් ස්ටාර්බක්ස් වගේ සාමාන්‍ය කෝපි කඩේක මිළ බැලුවොත් රුපියල් 400 විතර වෙන්නෙ. එහෙම බැලුවම ලංකාවෙ නම නොදන්න, හරි හමන් ටබ් චෙයර් එකක් වත් නැති තැනක තැනක 330 ගැනීම ගණන් වැඩි නැද්ද?

    මෙතන කෝපි එකේ පෙනුම හොඳයි. නමුත් ගොඩ වැදිල කෝපි කෝප්පයක් බොන්න ආස හිතෙන වට පිටාවක්නම් නෑ.

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් ස්ටාර් බක්ස් නමින්ම තිබුනා ජාවා ලෝන්ජ් කේ. ඒක තියෙන්නේ ජාවත්ත පාරේ තිඹිරිගස්යාය කෙලවරේ. දැනුත් ජාවා ලෝන්ජ් එකේ භාවිතා කරන කෝපි ඇට ස්ටාර් බක්ස්ලාගෙන් ගන්නවා කියලා තමයි ඒ අය කියන්නේ. මෙන්න මෙතනින් බලන්න
      https://www.facebook.com/javaloungelk

      Delete
    2. සුධීක, තනි වංචාවක් වගේ කලින් "ස්ටාර්බක්ස්" නම දාල තිබ්බනම්! මොකද ස්ටාර්බක්ස් කියන්නෙ කෝපි කෝප්පෙකට එහා ගිය සංස්කෘතියක් මේන්ටේන් කරන තැනක්. ඒක තියාගන්න ඒ ගොල්ලො එක අවුට්ලට් එකක් වෙනුවෙන් රුපියල් වලින් කෝටියක් විතර වියදම් කරනව. මේ මෑතක තමා ඉන්දියාවෙත් දැම්මෙ. අනික ස්ටාර්බක්ස් ඇට අරගෙන ගිහින් විකුණන්න දෙන්නෙ නෑ මම දන්න තරමට! පොඩ්ඩක් හොයන්න වටිනව.

      Delete
    3. හරි ඒ ගැන හොයලා සවිස්තර වාර්තාවක් දාන්නනම්. ඔය ගැන මටත් පොඩි කුකුසක් තියෙනව.

      Delete
    4. Starbucks recipe එක ඒ අය පිටට දෙන්නේ නෑ. ඒ ගොල්ලෝ ඒ අයගෙම brand එකක් maintain කරගෙන යනවා. ලෝකේ මුල්ම Starbucks එක තියෙන්නේ Seattle වල. ඒ ගැනත් විස්තරයක් ලියලා දාන්න ඕන අයිඩියා එකක් ඔළුවට ආවා ඔන්න.

      මෙන්න මේ ලිපිය කියවලා බලන්න. Seattle Globalist වලට ලිව්වේ චාමිණි නානායක්කාර. ඇමරිකාවේ කෝපි ගැන තේ රසිකයෙක් දැකපු හැටි.

      Delete
    5. ඇත්තටම බ්‍රෑන්ඩ් ක්රියේට් කරන්න නම් ඇමරිකන් කාරයා මාර දක්ෂයි.

      Delete
  7. ලංකාවේ මිනිස්සු අනිත් රටවල අයට සාපේෂව කෝපි බොනව අඩුයි කියල මම හිතගෙන හිටියෙ. ඒත් බලාගෙන ගියාම කෝපි ප්‍රේමියෝ ඉන්නවා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෝපි වලට බද වෙලවනවා කියන මතය නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. නමුත් නෙස්කැෆේ වලින් එහෙම වෙන්නේ නෑ. අනික දැන් මළ ගෙවල් වල දෙන්නෙම නෙස්කැෆේ.

      Delete
  8. මාත් කෝපි ප්‍රේමියෙක්.. වෙන මොකක් වත් හින්ද නෙවෙයි. අපේ ඔෆීස් ඇසිස්ටන්ට් හදන කිරි තේ බොන්න බැරි කමට උදේ හවස කෝපි බොනව.. හිහ්..හිහ්..

    නැතත් ඔය කෝපි බොනව තේ බොනව කියන ඒවා අපි නිකම්ම කෝප්පෙ දිහාවත් බලන්නැතුව කෙළල දැම්මට ඕවගෙ ලස්සන ලස්සන ට්‍රැඩිශන්ස් තියෙනව ඉස්සර ඉඳන්ම පැවතගෙන එන.. නේවි එකේ ඒවගේ රිච් ට්‍රැඩිශනල් ඉවෙන්ට් එකක් තියෙනව කොෆි මෝනින් කියල.. දැන්නම් මං හිතන්නෙ ට්‍රේනීස් ලට විතරයි බැජ් එකකට එක පාරක් ඇරේන්ජ් කරන්නේ ට්‍රේනින් පර්පස්.. හම්මේ ඒකෙ තියෙන විච්චූර්ණ.. හැබයි හරි ආසයි..

    මගේ අතේ දුරින් නෙ බැලුවම මේක තියෙන්නෙ.. දැන් රෑ වුනා වැඩියි.. හෙට හවසටවත් ගොඩ වැදිල කෝපි එකක් බීල එන්න ඕනි බලන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔව්. කෝපිත් එක්ක යන දේවල් ගොඩක් අනික් රටවල නම් තියෙනවා. අපේ රටේ අඩුයි. මේ වගේ ව්‍යාපාර ඉලක්ක කර ගන්නෙත් සංචාරකයන්. මෙතන මට හිතුනේ, කෝපි එකක් ගත්තම වයි-ෆයි සහ කාලය ගෙවන්න ඉඩ දෙන තැනක් විදියට.

      Delete
  9. මාත් කෝපි ප්‍රේමියෙක්.. වෙන මොකක් වත් හින්ද නෙවෙයි. අපේ ඔෆීස් ඇසිස්ටන්ට් හදන කිරි තේ බොන්න බැරි කමට උදේ හවස කෝපි බොනව.. හිහ්..හිහ්..

    නැතත් ඔය කෝපි බොනව තේ බොනව කියන ඒවා අපි නිකම්ම කෝප්පෙ දිහාවත් බලන්නැතුව කෙළල දැම්මට ඕවගෙ ලස්සන ලස්සන ට්‍රැඩිශන්ස් තියෙනව ඉස්සර ඉඳන්ම පැවතගෙන එන.. නේවි එකේ ඒවගේ රිච් ට්‍රැඩිශනල් ඉවෙන්ට් එකක් තියෙනව කොෆි මෝනින් කියල.. දැන්නම් මං හිතන්නෙ ට්‍රේනීස් ලට විතරයි බැජ් එකකට එක පාරක් ඇරේන්ජ් කරන්නේ ට්‍රේනින් පර්පස්.. හම්මේ ඒකෙ තියෙන විච්චූර්ණ.. හැබයි හරි ආසයි..

    මගේ අතේ දුරින් නෙ බැලුවම මේක තියෙන්නෙ.. දැන් රෑ වුනා වැඩියි.. හෙට හවසටවත් ගොඩ වැදිල කෝපි එකක් බීල එන්න ඕනි බලන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
  10. මමත් හරිම සැර කෝපි රසිකයෙක්. සාමාන්‍යයෙන් මොකක් හරි "වැදගත්" විදිහේ කෙනෙක් ;) මුණ ගැහෙන්න ඕනේ උනාම මමත් Java Lounge එකට යනවා. නැත්නම් තුන්මුල්ලේ Barista එකට. Barista එකේ ලංකාවේ විදිහට පොලොස් sandwich එහෙමත් තියනවා! :D

    ReplyDelete
    Replies
    1. පොලොස් සැන්විච්. ඒක නම් හොඳ ඔත්තුවක් නාඩියෝ.

      Delete
  11. මේ වගේ දේවල් එන එක හොඳයි.... ඒ උනත් ගාණ වැඩියි කියලයි මට හිතෙන්නෙ. වෙන රටවල කෝපි ආනයනය කරලත් කෝපි කෝප්පයක් විකුණන්නෙ ඔයිට වැඩිය ටිකක් වැඩියෙන්. නමුත් අපේ රටේ කෝපි තියෙද්දි ඔය ගානට වඩා අඩුවෙන් දෙන්ට පුළුවන් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එකක් විදියට නමක් හදා ගන්න එක හොඳ ක්‍රමයක් තමයි ඔය මිල. අනෙක් එක ඔවුන් එතන සපයන පහසුකම්. ඔබට රුපියල් 330 ක් වියදම් කරලා වායුසමනය කල සුව පහසු ආසන සහිත ස්ථානයේ දවසම වුනත් ගත කරන්න පුළුවන්. අනිත් කාරණය මෙය සංචාරකයන් අරමුණු කරගෙන නිර්මාණය කරලා තියෙනවා. අපි කේ.එෆ්.සී. ගිය වෙලාවට පොඩි කඩයක තියෙන චිකන් කෑල්ලක් එක්ක සංසන්දනය කරන්න යන්නේ නෑ නේද ?

      Delete
  12. අපෙ මලයා තමා කෙල්ලත් එක්ක ඕවෑ ගිහිල්ල, කාලා බීලා අපිට ඇවිත් කියන්නෙ... එයත් ඔතන්ට ගියා කියල කිව්ව.. කෝපි බොන්න ආස මල්ලි විතරයි අපේ ගෙදරින්... මොකද ඉතිං අපේ අම්මයි මායි අවුරුද්දකට එක සැරයක් විතරනෙ ඔය කියන පැත්තට යන්නෙ.... හි හි

    ස්ටාර්බක්ස් නමම නොවුනත් ඒ සංස්කෘතිය ඇති වෙනවනං මාත් ආසයි... හොඳ දෙයක් දෙන්න උත්සාහ කරන නිෂ්පාදකයො අපේ රටේ හරි අඩුයි කියල ලිව්වෙ මං ගිය සතියෙනෙ... (ලාවා කේක් නං හදන්න පුළුවන් අපිටත්... ඒත් රැ 150ක් වත් ගන්නම වෙනව ඒකට... අපි ඉන්න පැත්තෙ ඒ ගානට දෙන්න බෑ.. ඒක හින්ද හදන්නෙ නෑ..)

    මම වැඩට යන කාලෙ ඔය කියන පැත්තෙන් ආවම තද අව්වට ඇති වෙන ඔලුවෙ කැක්කුම ඇරෙන්න වෙන දෙයක් ගෙදර ගේන්න තිබුනෙ නෑ....

    ReplyDelete
    Replies
    1. හීරූගේ සටහනත් බලන්න වෙනවා. මොවුන් ඉතා ඉහල මට්ටමකින් මේ ස්ථානය පවත්වාගෙන යනවා.

      Delete
  13. මේක තනිකර මාර්කටින් පාරක් විතරයි.. පොටෝ පෙන්නල ඉන්ටර්නැෂනල් ස්ටැන්ඩඩඩ් කියල කියනවා. අනික අපි වගේ ගමේ බයියෝ කවදාවත් රුපියල් විස්ස්කට වැඩිය දීල කෝපි කෝප්පයක් බීල නෑ.. අනේ අනිච්චිං.. හැක්

    ReplyDelete
    Replies
    1. මේ මාවත් හවුල්කරගනින් කමෙන්ට් එකට...හිකිස්..!

      Delete
    2. ගල් බෝතලයක් බොනවා ඒ සල්ලි වලින් නේද මචං..ගල් වගේද කෝපි

      Delete
    3. හොඳ දේට හොඳයි කීමට මඩ ගැසීම තරයේ හෙලා දකිනවා.

      Delete
    4. හැක් හැක්. උඹ දැං බන්ඩක්කේ වගේ වෙලා බං සුදීක අයියේ.. වලියක් දැක්කත් ලෙස්සනවා.. හැක්..

      මම ගියා බං ඕකට.. උඹ මේක දැම්මට පස්සේ.. එළම තමා.. ඉන්ටීරියටර් ඩිසයිනින් එහෙම සුපර්බ්

      Delete
  14. ඔයිට හොදා පෙට්ටි කඩේ , රත්තරනින් පෙරාපු කෝපි තිඹුනත් වැඩක් තියද බං සිකරට් එකක් ගහන්ඩ නැතුව , ඒ මදිවට අයිති කාරයා මුස්ලිම් නේද .....හේ..හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒකනම් එල ද බ්‍රා කතාව..සිගරට් එකක් නැත්නම් තරැ තිබුනත් වැඩක් නෑ

      Delete
    2. අයිතිකාරයා මුස්ලිම් ? උඹ කොහොමද බං ඒක කිව්වේ ?

      Delete
    3. අනේද කියන්නේ උඔ අයිතිකාරයව කනවැයි?

      Delete
  15. අනිවා..අයියන්ඩි මගේ ඉන්දියන් කෙල්ල එනවා ලබන සතියේ එනවා..එයාව ඔඩෙල් එකකරගෙන යන්න වෙන්නේ මට ඒ ගමන් යන්නම්..ඔයා ගැනත් කියන්නම් තැන කිව්වේ ඔයා කියලා.

    ReplyDelete
    Replies
    1. මතක ඇතිව නංගිට කියලා පලයන්. නැත්නම් නඩුව අහන්න වෙන්නේ මට.

      Delete
    2. නම්රතා මගේ ඉන්දියන් කෙල්ල ඒකි ලංකාවට ඇවිත් ඉන්න දවස් ටිකට පොඩි මෙන්ඩියා නිදියන්නේ නෑ මම එනකන්, සදු ඌව අවුස්සනවා අන්න තාත්තා නම්රතා එක්ක ඉන්දියාවේ ගියා කියලා ඉතිං ඌ පෙරලි පෙරලි අඩනවා. කෙල්ල ලංකාවට එනවා දෙසැමබර් 3 මේ සැරේ අපේ ගෙදර එන්න ඔිනේ කිව්වා..සදුත් සමහර වේලාවට හින්ට් එකක් ගහනවා ඔයාට නම්රතා එක්ක ගිහින් පෑන්ටි තෝරන්න පුලුවන් මාත් එක්ක කරවල කැල්ලක් ගන්න පොලට යන්න එන්න තමයි බැරි..ඒත් අයියන්ඩි මට රාඡකාරියට එහා දෙයක් නෑ. මධුරි ඩික්සිත් බැස්සත් මට මේ ලෝකේ ලස්සනම කෙල්ල සදූ විතරමයි.

      Delete
  16. එතරම් කොපි ලෝලියෙක් නොවුනත්, ඔෆිස් එකේ අල්ලපු වැට නිසා ගිහිං බලන්න ඕනේ. ස්තුතියි ඔත්තුවට.

    ReplyDelete
    Replies
    1. නගර සභාවේ, තැපැල් දෙපාර්තමේන්තුවේ, එච්.එස්.බී.සී., එස්.සී.බී., රෝහල වෙන්නත් පුළුවන්.

      Delete
  17. අයි ලෙව් කැපචිනෝ.......................
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමම
    කැපචිනොත් එක්ක මෙල්ට් ලාවා කේක්...
    වාව්
    That sound's good aaa

    ReplyDelete
  18. ඔතනින් යද්දී දැකල තිබ්බත් ගොඩවෙන්න හිතිල තිබුනේ නෑ මේක කියෙවුවම නම් යන්නම හිටුනා

    ReplyDelete
    Replies
    1. මේ කොපි වල රසය අනෙක් ඒවාට වඩා වෙනස්. එයාලා තව ඉදිරියට දියුණු වෙයි කියලා හිතෙනවා.

      Delete
  19. අපේ රස්සාවට බඩේ පාර වදින එකක්. තේ කෝප්පයක් බොන එක තමයි හොද . ඔය කොපි ඇගට හොද නෑ ,
    ...තේ පැන් දින දින වැඩි වැඩියේ බීමෙන් සිරුරට සැප වැඩිවේ ..,..

    ReplyDelete
    Replies
    1. තේ කොපි දෙක එකට විකුනන්න ඕනේ කාලයක් මේක.

      Delete
  20. මම ඉන්න දිහාවෙ ජනතාව නම් කෝපි බොන්න හරිම රුසියො...විශේෂයෙන් ගෑල්ලමයි..ලෝක ප්‍රසිද්ධ කෝපි සන්නාම සියල්ලම වගේ මෙහෙ තියෙනවා..බලන බලන අත කොෆී ෂොප්...මම නම් කෝපි බොන්න එතරම් කැමැත්තක් නෑ

    නවතම සොයා ගැනීම අනුව දිනකට කෝපි කෝප්ප දෙකක් තමයි සෞඛ්‍යයට හිතකර. අධික කෝපි භාවිතය හදවතට හොඳනැති බවක් තමයි කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මේ කේ.එල්. වල තියෙන තරම්. දැක්කම පිස්සු හැදෙනවා. ඒ වගේමයි බැංකොක්. අපේ රටේ අය කොහොමත් එතරම් කැමැත්තක් නෑ කොපි වලට. ඒ වුනත් විදේශිකයෝ එන නිසා තරමක වෙළඳාමක් තියෙනවා. කොපි අධිකව පානය නම් හොඳ නෑ තමා. ඒත් මම දවසට 3ක් බොනවා.

      Delete
    2. 3 වැඩියි....දෙකකට සීමා කරන්න....

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...