Wednesday, May 29, 2013

ඔබත් කෝපි ප්‍රේමියෙක්ද ? .... එසේනම් ලුවැක් සිවෙට් කෝපි බොන්න කැමතිද ?

කෝපි ප්‍රේමීන් යනුවෙන් වෙනමම කොට්ටාශයක් ලොව තුල විසිරී සිටින බව ඔබ දන්නවාද ? කෝපි යන වචනය ඇසූ පමණින්ම බඩ වේලන කොටසක්ද ඇත. ශ්‍රී ලංකාවේ අපි නම් කෝපි බොන්නේ අධික සීතලෙන් මිදීමට,  බඩේ අමාරුවක් ඇති වූ විට හෝ නිදි මැරීමට අවශ්‍ය වූ විටය. එහෙත් ලොව පුරා විසිරී සිටින කෝපි හිතවතුන් එය නිති පතා පානය කරති. මාද යම් තරමක කෝපි ප්‍රේමියෙකි. මා දවසකට නෙස්කැෆේ කෝපි කෝප්ප දෙකක්වත් පානය කරන්නේ එහි තිබෙන නැවුම් සුවඳත් රසයත් නිසාය. 
කෝපි හිතවතෙකුට මේ දසුන කෙතරම් වටින්නේද ?
පින්තුරය ගත්තේ : http://8tracks.com

කෝපි වල ගුණ වලට වඩා අපි දන්නේ අගුණ පැත්තය. කෝපි වල කැෆෙන් ඇති බවද, එය මිනිස් අස්ථි දිරා යාමට හේතු වන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. එහෙත් නවතම සොයා ගැනීම් අනුව දිනකට කෝපි කෝප්ප දෙක තුනක් පානය කිරීමෙන් වයස්ගත පෙනුම අඩු කර ගැනීමට හැක.ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවට කෝපි වගාව හඳුන්වා දී ඇත්තේ 1658 දී ය. (ඒ පිලිබඳ මගේ මතකය අවධි කලේ අප ඇස නොගැටුන ඉතා හොඳ එමෙන්ම නිහඬ බ්ලොග් අඩවියක් වන අපේ උරුමය(Our Inheritance) බ්ලොග් අඩවියයි. අධ්‍යාපනික වටිනාකමක් ඇති එම බ්ලොග් අඩවියට ගොඩ වැදී ඔබටත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඉතිහාසය පිලිබඳ දැනුම අවධි කර ගත හැක). 

අද වනවිට වෙළඳපොලේ විවිධ කෝපි වර්ග සිය ගණනක් ඇත. විවධ රසයන්ගේ, විවිධ මිශ්‍රණ වලින්, මෙන්ම විවිධ සුවඳින්(aroma) යුත් කෝපි ලබා ගත හැක. එහෙත් ලොව වැඩිම වටිනාකමක් ඇති ලුවැක් සිවෙට් කෝපි කෝප්පයක් ඔබ රස බලා තිබේද ? ඒ ගැන අසා තිබේද ? කෙදිනක හෝ බීමට බාලාපොරෝත්තුවක් තිබේද ? ලුවැක් කෝපි කෝප්පයක් එය වැඩි වශයෙන් නිෂ්පාදනය කරන ඉන්දුනීසියාවේ විකුණා ඇති ඉහළම මිල ඇමාරිකානු ඩොලර් ලක්ෂ දෙකක් පමණ වනවා.
දුම් දමන කෝපි කෝප්පයක් තරම රසවත් පානයක් තවත්
තිබේද  ? පින්තුරය ගත්තේ : www.thezoom.com

කෝපි කෝප්පයක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක් !!! ආසන්න වශයෙන් රුපියල් මිලියන විසි හයක්. ඒ සා විශාල මුදලක් ගෙවා කෝපි කෝප්පයක් බීමට තරම් වත්කමක් ශ්‍රී ලංකාවේ කිසිම පුරවැසියෙකුට තිබේද ? මා දන්නවා එය තමයි ඔබගේ හිතට එක වර ගලා ඈ ප්‍රශ්නය. නමුත් එය නොමිලයේ ලබා දුන්නොත්(කෝපි දන්සැලක්) ඔබ පානය කරනවාද ? ඔබේ පිළිතුර ඔව් නම් තවත් මිනිත්තු කිහිපයක් ගෙන මේ ලිපියේ ඉතිරි කොටසත් කියන්වන්න.

ලුවැක් සිවෙට් කෝපි යනු කුමක්ද ? එය නිෂ්පාදනය කරන්නේ කෙසේද ? එය එතරම් මිල අධික වීමට හේතුව කුමක්ද ? ඕනෑම් මිල අධික නිෂ්පාදනයකට පොදු ලක්ෂණය නම්, එහි දුර්ලභ භාවයයි. ලුවැක් සිවෙට් කෝපි දුර්ලභ වන්නේ ඇයි ? කෝපි යනු ඝර්ම කලාපීය රටවල ඉතා සුලභව වැවෙන භෝගයක් නිසා අනිවාර්යයෙන්ම එහි නිෂ්පාදන ක්‍රියාවලිය මිල අධික එකක් විය යුතුය. අනෙක එය සුලබව පැවතුනත් ඒ සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගත හැකිද ?

මගේ මතකය දිව යන්නේ මීට අවුරුදු කිහිපයකට පෙර මා වත ලැබුණු ඊ මේල් පණිවුඩයක් වෙතය. මෙය යලිත් මගේ මතකයට ආවේ අද දින කුමක් හෝ කාරණයකට අන්තර්ජාලය පීරන විටදී ලැබුණු පිටුවක් මගින් නෙත ගැටුණු පහල තිබෙන පින්තුරය නිසාය. 
පින්තුරය ගත්තේ : http://www.guardian.co.uk
නෙලා තිබෙන කෝපි වට්ටියට හොම්බ දමා තිබෙන්නේ කුමන වර්ගයේ සතෙක්ද ? හොඳයි මේ සතාගේ නම තමයි සිවෙට් කියන්නේ. සිවෙට් යන ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම වශයෙන් දෙන්නේ උරුලෑවා යන්නයි. උරුලෑවා  ගියා වගේ යන කියමන අපේ ගම්මුන් යොදා ගන්නේ අහල පස්මානයක සිටින්නට බැරි තරම් දුගඳක් සිරුරින් වහනය වන මිනිසුන්ටය. උරුලෑව එතරම් ගඳ සතෙකි. 

මේ විශේෂිත කෝපි වර්ගය නිෂ්පාදනයට මේ බළල් පවුලට අයත්, උරුලෑවාම   නොවුනත් මුගටි විශේෂයක් වන මේ සතුන් යොදා ගන්නා බව ඔබ දන්නවාද ? ඒ කෙසේද ? මෙම කෝපි නිෂ්පාදනාගාරයක උරුලැවන් සමුහයක්ද සේවය කරති. ඔවුන්ට තිබෙන්නේ එහි සිටින සේවකයන් ලබා දෙන හොඳින් ඉදුණු කෝපි ඇට ගිල දමන්නටය. ඔබ මවිතයට පත් වනා කාරණය එන්නේ ඉන් පසුවය. එසේ ගිල දමන කෝපි ඇට වලින් එහි පොත්ත හා ගැටී ඇති රසවත් කොටස පමණක් මේ මුගටින්ගේ ආහාර ජීර්ණ පද්දතිය මගින් අවශෝෂණය කරගෙන එහි ඇට අර්ධ වශයෙන් දිරවා ඔවුන්ගේ මල ලෙස නැවතත් එකතු කර ගනී.
මේ තිබෙන්නේ උරුලාවන් විශේෂය විසින් කා දමා හෙලන ලද බෙටිය. 
පින්තුරය : http://winnyhs.blogspot.com

එසේ එකතු කර ගන්නා කෝපි ඇට හොඳි පවිත්‍ර කර අව්වේ වෙලා ගනී. ඉන්පසුව සාමාන්‍ය කෝපි මෙන් කර කර කෝපි නිෂ්පාදනය කරයි. උරුලෑවන්ට ගිල්ලවන්නේ නැතිව කෝපි නිෂ්පාදනය කල නම් ඉවරයි යන්න ඔබට මෙන්ම මටද මුලින් ඇති වූ සිතිවිල්ලයි. එහෙත් උරුලෑවාගේ අහාර ජීර්ණ පද්දතිය මගින් එකතු කරන එන්සයිම සහ එම සතා විසින් ආහාරයට ගන්න වෙනත් මල් (ස්වභාවික පරිසරයේ නම්) මේ කෝපි ඇට වලට ඉහල සුවඳක් සහ රසයක් එක් කිරීමට සමත්ය. 

මිනිසාට අධික මුදලක් ඉපයීමට තමා දායක වන බව මේ තිරිසන් සතා දන්නවාද ?
කෝප්පයක් රුපියල් ලක්ෂ දෙකයි ඩොලර් වලින්. කවුද බොන්න කැමති ?
පින්තුරය ගත්තේ : http://winnyhs.blogspot.com
ඇත්තටම මේ උරුලාවන් හෝ මුගටින් විශේෂය අප කලින් දැන සිටි ශ්‍රිලංකාවේ වෙසෙන දුගඳ වර්ගයේ එවුන් විය නොහැක. එසේනම් එම ස්ථාන සඳහා සේවකයන් හට විශාල පඩි මුදලක් ලබා දිය යුතුව ඇත. නමුත් විවිධ රටවල විවිධ වර්ගේ සතුන් ඇත. දැනට මෙවැනි කෝපි නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ පමණක් බව අන්තර්ජාල වාර්තා සහතික කරයි. නමුත් ශ්‍රී ලංකාවේ අපිටද මෙය අත්හදා බැලිය හැකි කදිම ආයෝජන අවස්ථාවකි. ඒ ගැන මගේ හිතට ආවේ දැන් අලි ඇතුන් යෝදාගෙනද එවැනිම මිල අධික කෝපි වර්ගයක් නිෂ්පාදනය කරනවා යයි දැන ගන්නට ලැබෙන නිසාය. 
මේ මිල අධික කෝපි පානය වෙළඳ ගැටයක් බව බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පත්‍රයට
 ලියන  පීට් ක්ලාක් පවසයි. ඔවුන් මෙම කෝපි වර්ගය කොනෝෂර් එක්ස්ප්‍රසෝ
ලෙස හඳුන්වයි. පින්තුරය ගත්තේ : http://www.guardian.co.uk
ශ්‍රී ලංකාවේ අපිට නම් බෙහතකට වත් මෙවැනි කෝපි කෝප්පයක් නොමිලයේ වත් පොවා ගන්නට බැරි බව සහතිකයි. දැන් මෙම කෝපි වර්ගය නිෂ්පාදකයින්ගේ සංගමයක්ද ඇති අතර ඔවුන්ගේ නවතම සොයාගැනීම වී ඇත්තේ ඇරබිකා නමැති කෝපි ඇට වඩාත් සුවඳින් යුත් ලුවැට් සිවෙට් කෝපි ලබා දෙන බවයි. 

විකිපීඩියා වෙබ් අඩවිය පවසන්නේ මේ සත්ව කොට්ඨාශය ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ හඳුන්වන්නේ කලවැද්දා ලෙසය. එසේනම අපේ කලවද්දන්ටද අනාගතයේ හොඳ කලක් යනු ඇත. 

අන්තර්ජාලය ඇසුරිනි.

බුලා ලබා දුන් යූ ටියුබ් සබැඳියාව

වීඩියෝව.

85 comments:

  1. අනේ අපේ අහිංසක කලවැද්දෝ....... හි හි

    සුදීක අයියා හිතනවද උරුලෑවගේ බෙටි වලින් හැදුවා කිව්වා උනත්, ඇමරිකන් කාරයා මෙච්චර අගේ කර කර බොනවා කිව්වට පස්සෙ අපේ අය ඔය ගඳ ගැන හිතයි කියලා.... ?

    ReplyDelete
  2. ඩොලර් ලක්ෂ 2 කොපි කොප්පයක් කිවම එක හිතා ගන්නවත් බෑ...

    කොහොම උනත් ඕක ලංකාවට අවොත් ලර අහිංසක කලවැද්දටත් මාර ඉල්ලීමක් ඒවීනේ අර පහුගිය ජනාධීපතිවරණයේදී වගේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් .... හෙහ්.... හෙහ්....

      Delete
  3. ගණන පොඩ්ඩක් වැරදියි නේ සුදික. කිලෝ එකක් ඇමරිකානු ඩොලර් 230 ක් විතර වෙන බවයි හුඟක් සයිට් වල තියෙන්නේ . ඉතාම හොඳ වර්ගය 500 ක් වගේලු .

    ලක්ෂ ගණනින් කියන්නේ ඉන්දුනිසියන් මුදල් වෙන්න ඕන . [ රුපියා]

    මට නම් නිකන් දුන්නත් ඔය වගේ එව්වා නම් බොන්න අමාරුයි . දැන් ඉස්සර වගේ නෙමේලු . මුන්ව පොඩි කුඩු වල හිර කරන ඉන්නවලු කොපි කවලා වසුරු එකතු කරගන්න . වියට්නාමයේත් නිෂ්පාදනය කරනවා ඔය කෝපි වර්ගය .

    ReplyDelete
    Replies
    1. ඩොලර් සීයක් මාරු කලාම රුපියා ගෙනයන්නේ පර්ස් එකෙ නෙමෙයි උර වලනෙ.

      Delete
    2. ස්තුතියි ඔයාගේ දැනුවත් කිරීම් වලට. මමත් පොඩි දෙගිඩියාවක හිටියා මේ මිල සම්බන්ධයෙන්. රුපියා වෙන්න පුළුවන්. නමුත් ලක්ෂ දෙකක් කියන්නේ ඒ හැටි මුදලක් නෙවේ. ඇමෙරිකාවේ ඩොලර් 1000ක් තමයි වෙන්නේ කිලෝ එකකට ඒ කියන්නේ කෝප්පයක් ඩොලර් 20ක් වගේ වෙන්නේ. අනිත් එක ඔය වසුරු කියන වචනේ මගේ සිහියට ආවේ නෑනේ.

      Delete
    3. බින්දී ඩොලර් ලක්ෂ දෙකකට ගිහින් තියෙන්නේ නත්තල් දිනට පෙර සන්ද්‍යාවේ විකුනපු කොපි කෝප්පයක්. මම හිතන්නේ ඒ තමයි ඒ වෙනුවෙන් නියම වෙච්ච වැඩිම මිල.

      Delete
    4. මන් ලිපියක් ලීවා ඔය ගැන . ඒ හින්දා ටිකක් කියෙව්වා . මටත් අහු වුනේ උගුඩුව කියලයි. නැෂනල් ජියෝග්‍රපි එකේ වැඩසටහනක් ගියා ඔය ගැන .

      මගේ තුර්කි යාලුවෙක් මට දවසක් එන්න කිව්වා ඔය කෝපි බොන්න යන්න . හැනෝයි වල කඩයක් තියෙනව. මන් නම් එපා කිව්වා .

      ඔය සතාගේ ආහාර මාර්ගයේදී පොත්ත දිරවල ඇටයත් යම් පමණකට පැසිමකට බඳුන් වෙනවලු . ඒ නිසාලු රසය ඇති වෙන්නේ . ඉන්දුනිසියාවේ මුලින්ම කෝපි වවාපු කාලේ දේශීය අයට කඩාගන්න තහනම්ලු . ඉතින් මේ සත්තු කාල වසුරු දැම්මම ඒවා අහුලලා කෝපි හදල බිව්වලු . මන් හිතන්නේ ඉතිහාසයේ සරදමක් වගේ දැන් මෙච්චර සල්ලි දීලා සුද්දෝම ඕවා බොන්නේ

      Delete
    5. http://nelumwila.blogspot.com/2012/10/blog-post_13.html

      Delete
    6. බින්දිගේ ලිපිය කලින් කියවලා තිබුණා.

      Delete
    7. එහෙම ලින්ක් දාන හැටි කියනවද . කාලෙකට කලින් කවුද කිවා . මතක නැහැ

      Delete
  4. ඒ කෝපි ගැන ලිපියක් තිබුනා තරුණයා පත්තරේ. මට මතක විදිහට සතා නම් කරල තිබුනේ උගුඩුවා කියල. මුල් කාලෙදි ගස් යටින් තමයි උන් කාපු කෝපි ඇට අහුලගෙන තියන්නෙ. පස්සෙ වැඩේ නැගල ගිය නිසා උන්ව ඇති කරන්නත් පටන් අරන්. පත්තරේ හොයා ගත්තොත් තව මොනව හරි ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. මට පොඩි වැරදීමක් වුනා. ඒ පුවත්පතේ සඳහන් වෙන්නෙත් උරුලෑවා කියල තමයි. රට පිලිපීනය. මුල් කාලෙදි උරුලෑවන් ව ඉවක් බවක් නැතුව මරල දාල තියනව කෝපි ගෙඩි කන නිසා.

      …පිලිපීනයේ ඒ කෝපි කෝප්පයක් අපේ මුදලින් රු. 770 ක් වෙන බවත් ඇමරිකාවෙදි රු. 2700 පමණ වන බවත් නිව්යෝක් වල මේ කෝපි ඇට කිලෝ එකක් රු. 82000 ක් වෙන බවත් මේ පුවත්පතේ සටහන් වෙනවා.

      …මේ කෝපි අහුලන අය කෝපි වාරයේදි දිනකට කිලෝ හතරක් පමණ අහුලනව ලු. පසුව ඒවා ස්වභාවික උල්පත් දියෙන් සෝදා ගන්නව කියලයි කියන්නෙ. එහෙම සෝදා ගත් කෝපි ඇට කිලෝ එකක් පෙසෝ 1200 (රු. 3120..?) කට වගේ අලෙවි කරනව ලු. මේ ලිපිය 2011 පල වූ එකක්.

      Delete
    2. ඔව් චන්දන ඒ ගාන තමයි හරි. මට අහු වෙලා තියෙන්නේ ඒ කෝපි කෝප්පයක් විකිනිච්ච උපරිම මිල. නත්තලට පෙරදින සන්ද්‍යාවක තමයි එහෙමෙ විකිණිලා තියෙන්නේ.

      Delete
  5. මම කියවපු පොතක ඔය වගේ විස්තරයක් තිබ්බ මතකයි. ලංකාවේ සුද්දගේ පාලන කාලේ ගැන ලියවුනු පොතක් මගේ මතකය නිවැරදිනම් වඳුරු කෝපි නමින් තමයි ඔය කියන කොපි වර්ගය නම් කරලා තිබ්බේ. කතුවරයා ගැමියෙකුගේ කීමක් විදිහට ලියලා තිබ්බේ සුද්දන්ට අපහාස වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තට. ආසයි දැන ගන්න. පොතේ නම දාන්න. අපිටත් බලන්න.

      Delete
  6. හිහි අපිට නම් මුදල් එක්ක ඔය ජාතියෙ කෝපි කෝප්පයක් දුන්නත් එපා කියල තමයි කියන්න වෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. මේකයි මෙතන හිරිකිත වෙන්න දෙයක් නෑ. ඔබ මස් මාළු කනවා නම් ඒ සතුන්ගේ බොකු කාලාත් ඇති. ඔය බාබත් කියන්නේ. මේ සතා වෙන කිසි දෙයක් කන්නේ නැතිවා කෝපි ඇටමනම් කන්නේ, අපිට ඌව සලකන්න වෙන්නේ යන්ත්‍රයක් විදියට. එතකොට උගේ බඩේ තිබෙන එන්සයිම හා කෝපි ඇට එක වීමෙන් හානියක් නෑ. අපිට තියෙන එකම ප්‍රශ්නේ වෙනත් සතෙකුගේ මල අපි කනවා කියන එකනේ.

      Delete
  7. කලවැද්දා...........? අරයට තදවෙයි එයාගේ වචනයක් කොපි කළා කියලා ඈ.

    හාපෝ 'කලවැදි බෙටි කෝපි' නිකම් දුන්නත් එපා. ඒ වගේම තමයි මම දවසකට කෝපි කෝප්ප දෙකක් බිව්වොත් වැසිකිලියට යන්න වෙන්නේ ෆොසෙප් එකකුත් අරගෙන තමයි. :D හැබැයි මම කිරි කෝපි වලට නම් ටිකක් පෙරේතයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට මේක බිව්වොත් බයටම බඩ බුරුල් කරයි.

      Delete
  8. ane ammooo apita epooooo.good luck

    ReplyDelete
  9. මමත් හරි ආසයි කැපචිනෝ කෝපි එක බොන්න.. :D

    ReplyDelete
    Replies
    1. ඉන්න මම අර නොහික්මුණු එකාට කියල බලන්න.

      Delete
    2. ඌ කැමති කොපිවලට නෙමේ බෝතල් කළ ඒවට

      Delete
  10. කලවැද්දෙක් හොයා ගන්න ඕනේ..කෝපි ඇට ටිකක් හොයා ගන්න ඕනේ! ඉක්මනට පෝසතෙක් වෙන්න පුළුවන් නේ!

    ReplyDelete
    Replies
    1. කලවැද්දෙක් මොකටද ?

      Delete
  11. කෝපි කෝප්පයේ ගාණ වැරදිලා කියලා මාත් දැක්කා.

    උරුලෑවා, මුගටින් වර්ගයක් බවත්, කලවැද්දා කියන්නේ එයාලටම බවත්, දැනගත්තේ අදයි. එතකොට උණහපුලුවා අයිතිත් මේ වර්ගයකටද?

    මට නම් කෝපි නැතුව ජීවත්වෙන්ටත් අමාරුයි. කෝපි කෝප්පයකට ඔය වගේ ගානක් මිනිස්සු දෙන එක පුදුමයක් නෑ කියලයි මට නම් හිතුනේ. :)

    ReplyDelete
    Replies
    1. ජීව විද්‍යාව ගැන මම දන්නේ නෑනේ පොඩ්ඩි. මට හිතෙන්නේ මේ අය සියල්ල එකම පවුලේ සතුන් බව. අපේ කලවැද්දෝ කරන්නේ කිතුල් ඇට එහෙ මෙහෙ ගෙනයන එකනේ.

      Delete
    2. උරුලෑවා කියන්නෙ මුගටි කුලකයේ සතෙකුට තමා.හෝතඹුවා -මුගටියා - උරුලෑවා. ඒත් කලවැද්දා කියන්නෙ එයාට නෙවෙයි.කල වැද්දා කියන්නෙ උගුඩුවාට.
      උණහපුළුවා මේ වර්ගයට අයිති නෑ, එයා වඳුරු කුලකයේ කුඩාම සතෙක්

      Delete
  12. මමත් කෝපි බොනවා.. හැබැයි අයිස් කෝපි. උණු කෝපි වලට නම් මගේ කැමැත්තක් නෑ. මාත් මේ කතාව කලින් දැකලා තිබ්බා මේච්චර විස්තර දැනන් හිටියේ නැහැ.

    ඒක නෙමෙයි සුදීක... තමන්ගේ ලිපි වල පටුන (index) හොයා ගන්න ලේසි විදිහට පිටුවේ උඩින්ම දැම්මොත් මොකද... සමහර වෙලාවට ලිපි මිස් වෙන නිසා, එහෙම තිබුනා නම් පරණ ලිපි කියෙව්වද නැද්ද කියලා බලාගන්න ලේසියි. තමන්ගේ ලිපි වල පටුන ඒ තීරුවේ උඩින්ම යොදන එක කොයි බ්ලොගයට උනත් පොදුවේ හොඳයි මම හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. කෝපි තරමක් උණුවෙන් තමයි බොන්න ඕනේ.

      ඇත්තටම පටුනක් දැම්මොත් හොඳයි කියලා අද උදේ මටත් හිතුනා.

      Delete
    2. ඔන්න ඔයාගේ ඉල්ලීම ඉටු කළා.

      Delete
  13. මමත් යම් තරමක කෝපි ප්‍රේමියෙක්මි. කිරි දාපු සීනි නැති එක කෝප්පයක් පමණක් සාමාන්‍යයෙන් රස බැලුවාට සියෑටල් ඉන්න මේ දවස්වල එකකට වඩා බොනවා මොකද මෙහෙ අනේක රසයන් වලින් දෙන කෝපි කඩ බොහොමයක්. කුරුඳු රසයෙන්, කරදමුංගු රසයෙන්, එනසාල් රසයෙන් සහ පොල් රසයෙන් ද රසකාරක එකතු කරපු කෝපි කෝප්ප වල රහ එකින් එක හොයලා බැලුවා. ඒත් රස කාරක නොමැතිව ස්ටාර්බක්ස් විකුණන ඉන්දුනීසියාවේ කොමෝඩෝ කෝපි තමයි තවමත් ප්‍රියතම වූ එක.

    ReplyDelete
    Replies
    1. කොමොඩෝ ලැබුන වෙලාවක හොයලා බලන්න ඕනේ.

      Delete
  14. කෝපි කියන්නෙ හොඳ පානයක් තමයි.
    මම නම් ආසම කිරිකෝපි.

    සුදීක අයිය ඔය කියපු කෝපි එක ගැන නම් මගේ හිතේ කැමැත්තක් නෑ. ඒත් ඉතින් නොකිය දුන්නොත් නම් මමත් බොයි. දැන ගත්තොත් මොනව වෙයිද දන්නෙ නෑ.
    හි හි හි

    ReplyDelete
    Replies
    1. හුගක් කොපි බොන්න අකමැති අය අයිස් කෝපි බොනවා.

      Delete
  15. මට දෙන්න බ්ලැක් කෝපි එකක්..

    ReplyDelete
    Replies
    1. දෙඥ්ඥන් .... දෙඥ්ඥන් .....

      Delete
    2. හැබැයි ඉතිං මහරජාගේ අතිං ගන්න තමා අපි වැඩියෙන් කැමති.. හැක්..

      Delete
  16. කෝපි ගිල්ලවන්න සත්තු හිරකරගෙන ඉන්නවයි කියල කවුරුහරි ගිනි තියාගනීද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් ඒ ගින්නටම අල්ලලා කබල රත් කර ගන්න එකයි තියෙන්නේ කෝපි බදින්න.

      Delete
  17. මම නම් සිවට් කෝපි ලැබුණොත් නොබී ඉන්නෙ නෑ.

    අපි මේවට උරුලෑ කෝපි කිව්වට ඇත්තටම මෙ වැඩේට ගන්නෙ උගුඩුවෙක්.

    ReplyDelete
    Replies
    1. මමත් බොනවා. අරගන්න සල්ලි තමයි ප්‍රශ්නේ. බලමු ඉදිරියට මට ලැබුණොත් සුමිත්ටත් එක්ක අරන් එන්න.

      Delete
  18. මාත් කෝපි ප්‍රේමියෙක්. ඒත් මේ කෝපි වර්ගය ගැන අදමයි දැනගත්තෙ.
    ඔය කියන කලවැද්දොත් අර කාලයක් ප්‍රසිද්ධ වුනු ‘කෙළෙහිගුණ නොදන්න කලවැද්දො‘ම ද?

    ReplyDelete
    Replies
    1. මේ අහිංසක කල වැද්දෝ. එතුමා මේ සතුන් වටිනවා කියලා දන්නවා නම් ඔය වචනය භාවිතා කරන එකක් නෑ. :)

      Delete
    2. මට හිතෙන්නේ ඩ්‍රැකි කෝපි ප්‍රේතයෙක්ද කොහේද...

      Delete
    3. හෙක් ... හෙක් ... හෙක් ...

      Delete
    4. අඩෝ දේශකයා. මං හිතන්නෙ කෝපි වලට වඩා දේශකයගෙ ලේ රස ඇති. පරිස්සමින් හිටු.

      Delete
  19. මෙවන් නිෂ්පාදනයක් ගැන හිතනන් අපේ රටේත් පුළුවන් පහසුවෙන්ම. ලංකාවෙත් දැන් තියනවා නේද හොද කෝපි වර්ග විකුණන තැන් දෙක තුනක්ම.

    ReplyDelete
    Replies
    1. ඔව්. නැගෙනහිර ආසියාතික රටවල් වලනම් මේවා සුලභයි.

      Delete
  20. මටත් මේ කෝපි නම් එපෝ..හැබැයි වටින විස්තරයක් අයියේ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයා කෝපි විරෝධියෙක්. :)

      Delete
  21. සමාවෙන්න සුදික පරක්කු උනාට.

    මමත් කෝපි ලෝලියෙක්. මෙහෙ ඕවා විකුණන තැනක් දාපු ගමන් අපි දෙන්නම ගිහින් කෝපි පාරක් දාලා එමු.

    ReplyDelete
    Replies
    1. අනිවා යමු යමු. අර උගුඩුවන්ට වුනත් ආත්ම ගරුත්වයක් තියෙනවනේ. අන්න ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ. මොකද කවුරුත් බොන්නේ නැති වුනොත් ඌට සවුත්තුව නේ.

      Delete
  22. civet coffee cup cost arround 20$.

    ReplyDelete
    Replies
    1. Have you been able to read the post or just got the impression from pics ? Thanks for commenting.

      Delete
    2. උඹ රංගි නොහොත් බූරු බබා නොදන්න බව මට කමෙන්‍ටුවෙන් තේරුනා.

      මෙන්න බලාපං.

      රංගිගේ බ්ලොග

      Delete
    3. තේරුණේ දැන් තමයි.

      Delete
  23. මේ වීඩියෝව බලන්නකෝ - Civit cafe
    http://www.youtube.com/watch?v=Iol5smM8g3M

    ReplyDelete
    Replies
    1. ඔන්න මම එක ලින්ක් එකක් විදියට දානවා. සිවෙට් කෝපි හදන හැටි

      Delete
    2. සුදික පුලුවන්නම් ලින්ක් එක ඔයාගේ ලිපියේ අගින් දාන්න,බලන අයට ලෙසියක් වෙයි .

      Delete
    3. ඔන්න දැම්මා.

      Delete
    4. ස්තුතියි.ඕක මට දුන්නේ එහා කාමරේ ඉන්න මගේ වියට්නාම් බැචා.වියට්නාමේ මේ කොපි හැදුවට අපනයන කරන එකලු වැඩිපුර කරන්නේ.ඌ කියපු විදිහට මාර ගණන්.

      Delete
  24. සිරාගේ කාමරේ ඉඳලා ආවේ.... අද ඉඳලා මමත් එන්නම් හැමදාම මේ පැත්තේ...

    ReplyDelete
    Replies
    1. සිරා ගොයියා කිව්වා විදිහට බඩු වෙනස් කරා... එක කියල යන්න ආවේ... වෙරි වේවා.....!!!


      gayyagedinapotha

      Delete
    2. ඔය තියෙන්නේ හෙලුයෙන්ම වනලා.

      Delete
  25. Video, Post, Comment Coffee wagema raswat. (mamat bila balana kamati).
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. එහෙනං සම්මාදමක් දාලා කිලෝ එකක් ගෙන්න ගමුද ?

      Delete
  26. ලස්ස ගණන් දිලා බෙටි බොන්ඩ පිස්සුනැත්තං සෝක්

    ReplyDelete
    Replies
    1. අර උඹ පොඩි කාලේ වතුර කලේට අත දාල කොරෙත් ඔය වගේ වැඩක් නේද ?

      Delete
  27. බෙටි කෝපි නම් මට එපා :D

    කෝපි කිව්වාම මතක් වුණේ. අපේ යාලුවෙක් ඉන්නවා කෝපි බොන්නේ නැති. එයාම කියන විදිහට ජීවිතේටම කෝපි බීලා තියෙන්නේ දෙපාරක් නැත්තම් තුන් පාරක්ලු. හේතුව පොඩි කාලේ එයාගේ මාමා කෙනෙක් කිව්වාලු එයා එච්චර කලු වුණේ කෝපි බීලා කියලා. එදා ඉදන් අපේ එකාට කෝපි අරහංලු :D

    ReplyDelete
  28. මේක මගේ පෝස්ට් එකකට ලින්ක් එක්ක විදිහට දාන්නම් අකමැත්තක් නැතිනම්.

    ReplyDelete
    Replies
    1. කිසි ප්‍රශ්නයක් නෑ. දාන්න. අදයි දැක්කේ.

      Delete
  29. All geared up for VIVO IPL 2020. Looking for VIVO IPL Schedule ? Worried to book your dates for IPL ? You have come to the right page to find solution to your questions. On this page you will find VIVO IPL Timetable and IPL 2020 Dates.

    IPL Tickets
    IPL Schedule
    IPL Auction
    IPL Live Today

    ReplyDelete
  30. Want to get Kings XI Punjab IPL Tickets Click here – Kings XI Punjab Tickets
    Want to get Deccan Chargers IPL Tickets Click here – Deccan Chargers Tickets
    Want to get Rajasthan Royals IPL Tickets Click here – Rajasthan Royals Tickets
    Want to get Mumbai Indians IPL Tickets Click here – Mumbai Indians Tickets
    Want to get Delhi Daredevils IPL Tickets Click here - Delhi Daredevils Tickets
    Want to get Kolkata Knight Riders IPL Tickets Click here - Kolkata Knight Riders Tickets
    Want to get Chennai Super Kings IPL Tickets Click here - Chennai Super Kings Tickets
    Want to get Pune Warriors IPL Tickets Click here - Pune Warriors Tickets
    Want to get Royal Challengers Bangalore IPL Tickets Click here - Royal Challengers Bangalore Tickets

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...