Wednesday, October 15, 2014

කෙටිම කෙටි ලොල් කතා අංක 37 : ගණිකාවන් දෙදෙනාගේ රත්තරන් වලිය ...... Two prostitutes who battles for a Gold

මේ කතාව මට අහන්න ලැබිලා සෑහෙන කාලයක් වුණත්, මේ ගැන සටහනක් ලියනවද නැත්ද කියන දෙගිඩියාව මගේ හිතේ තිබුණා. මොකද ගණිකාවන් දෙදෙනෙකුගේ රණ්ඩුවක් ගැන විස්තර කරන්න ගියාම ඒකෙ රසය නැති වෙනවා ඔවුන් දෙදෙනා කතා කරපු භාෂාවෙන්ම එම සටහන නොතිබ්බොත්. ඉතිං මම බොහොම කාලයක් කල්පනා කරා මේක කරන්න හොඳ මොන විදියකටද කියලා. අන්තිමේදී මට ක්‍රමයක් හිතට ආවා.
පින්තූරය ගත්තේ: http://thunpathrana7.blogspot.com

මේක සිද්ධ වුණේ ලංකාවේ මොන ප්‍රදේශයේද කියන එක වසං කරන්න මට සිද්ධ වෙනවා. මොකද එහෙම සඳහන් කළොත් ඒකට සම්බන්ධ අයට යම් අගතියක් සිදු වෙයි කියන කාරණය නිසා. කොහොම වුණත් ඉතිං ඕපාදුපයක් කියන කොට ඕවා හිත යට තද කරන් ඉන්න එක මහ වදයක්. ඒ නිසා වටින් ගොඩින් විස්තරේ දෙන්නම් ඔයාලා හිතා ගන්නකෝ කොහෙද ඔය තැන කියලා. ඔන්න එහෙනම් කෙටියෙන්ම කියන්නම්. මේ කියන නගරයේ හෝ ගමේ ඒ තරම් වාහන තදබදයක් නෑ. හැබැයි අක්කර කාලක් විතර ලොකු වටරවුමක්(Round About) එකක් තියෙනවා. හරි ඒ කතාවත් ඉවරයි. ඒත් ගණිකාවන් දෙදෙනාගේ වලිය කිව්වම මතකයට එන තවත් රසවත් කතාවක් නොකියම බැරි නිසා කියන්නම්. 

මම දන්න අඳුනන ගෑනු ළමයෙක් දවසක් මිතුරියක් මුණගැහෙන්න උවමනාවකට ආවා නුගේගොඩ හන්දියට. ඔය දැන් ගුවන් පාළම තියෙන නවල්ටි ඉලෙක්ට්‍රිකල් කියන පැරණි ප්‍රසිද්ධ වෙළඳසැල අසල තියෙන හෙවනේ ඇය ඉන්නවා තමන්ගේ යෙහෙළිය බලාපොරොත්තුවෙන්. එහෙම ඉන්නකොට ඉතිං පාරේ යන-එන අය ගැන ටිකක් විපරෙමෙන් නේ ඉන්නේ. විනාඩි පහක් ගියේ නෑ එතනට ආවා වීදි ගණිකාවක්. ඇවිත් මෙහෙම කියනවා 
"පළ පට්ට *සි ආව අතක් බලාගෙන. මෙතන අපේ තැන. උඹ වගේ එකෙක් මෙතන හිටියොත් අපිට බිස්නස් නැති වෙනවා"
මේ කියන්නේ මොකක්ද කියන එක අපේ මිතුරියට මීටර් වුණා. ඇය මේ වෙනකොට කොළඹ සරසවියේ කළා අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. ඇයගේ පෙනුම ඒ වගේ ඇති කියන එක ගැන ඇය විස්සෝප වුනේ නෑ. න|මුත් මේකෙන් එයාට ආවා මාර ෆන් එකක්. දැන් එයාට හොඳටම හිනා.
"වල් *සි තව හිනා වෙන්නත් එනවද ? මගෙන් ගුටි නොකා පළ මෙතනින්"
මේක ඇහුනට පස්සේ අපේ මිතුරියට පොඩ්ඩක් බය හිතුනා. එහෙම වෙලා එයා බෝ ගහ පැත්තට එනකොට හොඳ වෙලාවටයාළුවා ඇවිල්ලා.

දැන් බහිමු අපේ මාතෘකාවට. මොකක් හෝ හේතුවකට මේ කියන කුඩා නගරයේ ඉන්න ගණිකාවන් දෙදෙනා ඇවිලුනා. දැන් එතනින් යන-එන කවුරුත් නැවතිලා මේ හබේ බලාගෙන ඉනන්වා.

පළමු ගණිකාව : පල*සි යන්න තෝ හිතාගෙන ඉන්නේ තෝ මහා බඩුව කියලද ? ටිකක් පොත්ත සුදුවට තිබුනට.
දෙවන ගණිකාව : උඹ හිතාගෙන ඉන්නේ උඹ පත්තිනි අම්මා කියලද? යකෝ තෝත් කරන්නේ *සකම මාත් කරන්නේ *සකම. කොහොම කරත් එකයි.

ප.ග. : අනේ නිකන් පලයන් යන්න. මම දැකලා තියෙනවා උඹ තුන්සීයටත් යනවා. අපිනං අපේ ගානෙන් අඩුව යන්නේ නෑ. කවුද උඹත් එක්ක එන්නේ බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා, උඹ නිකං දෙන පොලිස් රාළහාමිලා, හමුදාවේ කොල්ලෝ. ඇයි ඉතිං උඹට තදියමනේ.

දෙ.ග. : අනේ පලයන් බං යන්න. උඹ ගාවට වෙන්නැති ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා,පොලිස්කාරයෝ,ගම්බට්ටෝ එන්නේ. ඊයේ මට බැංකුවේ රත්තරන් මහත්තයත් ගැ*වා.

දැන් බලාගෙන ඉන්නඅයට මේක ටිකක් අවුල්. ඒ අය කථාවෙනවා කවුද මේ රත්තරං මහත්තයා කියලා. නමුත් එතන කතාවට සවන් දීපු මගේ මිත්‍රයට වැඩේ මීටර් වෙලා. රත්තරං මහත්තයා කියන්නේ උකස් අංශයේ වැඩ කරන කෙනා. හිතා ගන්නකො ඉන් පස්සේ මොකද වුණේ කියලා.
 

85 comments:

  1. Hi, I do think this is an excellent blog. I stumbledupon it ;)
    I'm going to revisit once again since I book-marked it.
    Money and freedom is the best way to change, may you be rich
    and continue to help others.

    Check out my homepage - http://ricardoalfonsinblog.com/profile-5249/info/

    ReplyDelete
  2. රත්තරන් මහත්තයෙක් නේ...

    ReplyDelete
    Replies
    1. මෙහෙම කිව්වම මට තව කතාවක් මතක් වුණා. ඉස්සර අපිත් එක්ක වැඩ කරා ලස්සන කොල්ලෙක්. ලංසි මික්ස් එකක්. ඌ බැඳපු කෙල්ල ඒ හැටි ලස්සනක් නෑ. මාමණ්ඩියා නිතර කියන දෙයක් තමයිලු "එංගලන්තේ ඩයනා කුමාරිට කලත් එකයි පාරේ ඉන්න හින්ගන්නියෙකුට කලත් එකයි" කියලා.

      Delete
    2. ඌට බය ඇති බෑණ පිට කයි කියල

      Delete
  3. ගම කනව....
    අර රත්තරන් මහත්තයට මක්ක වෙන්න ඇද්ද....
    ඔහැක්...
    ඔය සුදික අය්යගෙ බ්‍රාන්ච් එකේ බුවෙක් ගැන වෙන්ටැ කියන්න ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කොලඹින් බොහොම දුර ඈත ප්‍රදේශයක්. මටත් රසවත් අත්දැකීම් ගොඩක් තියෙන පළාතක්. හැබැයි මේ වගේ අත්දැකීම් නෙවෙයි.

      Delete
  4. උඹ උකස් අංශෙ කියල දන්නෙ දැනුයි!

    ReplyDelete
    Replies
    1. බඩු තියෙනවනම් අරගෙන වරෙන් :)

      Delete
    2. නියම කමෙන්ට් එක සහ නියම රිප්ලයි එක!!!!

      Delete
    3. සහතික ඇත්‍ත අරූ අයියා !!

      Delete
  5. හුටා! උඹ පරිගණක අංසෙන් අයින් වෙලා උකස් අංසෙට ගිය බව ඕං දැනුයි දන්නේ.

    ReplyDelete
    Replies
    1. මාලදිවයිනේ නැද්ද "රත්තරං බඩු" එහෙම ?

      Delete
  6. අපේ යාලුකෙුට ගනිකාවක් ලගට යන්න ඔිනලු එත් බයයිලු කෙල්ලට ලෙඩ ඇති කියලා ඉතින් අපේ තව යාලුවෙක් අරෑට කියලා වැඩේ පටන් ගන්න කලින් ලුණු ගෙඩියක් කපලා උඩින් අල්ලලා බලන්න ඒකිට ලෙඩ තියනවානම් ලුණු ගෙඩියේ පාට වෙනස් වෙනවා කියලා.
    ඔන්න අපේ ඒකා කෙල්ලව දිගා කරලා සාක්කුවෙන් පිහියයි ලුනු ගෙඩිය අරගෙන කපලා උඩින් ඇල්ලුවලු...ඒතකොට කෙල්ල අහනවලු
    ඈ..මල්ලි හම්බකරන් කන හු**තේ ආච්චාරැ දාන්නද යන්නේ?

    ReplyDelete
    Replies
    1. හෙක්! පට්ට මචෝ.

      ඒක නෙමේ ඉතිං. ඊට පස්සෙ උඹ මොකෑ කිවුවෙ? අච්චාරුව දැම්මද? :D

      Delete
    2. ඒකා උඹේ යාලුවෙක්ද මෙන්ඩියා. මමත් ඔය කතාව අහලා තියෙනවා.

      Delete
    3. අඩෝ ප්‍රියා ඒ මම නෙමේ බං..බොරැනම් එප්පාවල රතු අක්කාගෙන් අහපන්.
      ආචාර්ය තුමා යාලුවා වැඩේ කරගත්තද නැද්ද කියලා ආරංචියක් නෑ.
      සුදික අයියන්ඩි මේක ප්‍රසිද්ද කතාවක් මම මගේ යාලුවෙකුට උනාවගේ කිව්වට.

      Delete
    4. මෙන්ඩෝ බලාගෙන නඩුව පරදියි.

      Delete
    5. අපි කැපුණා … අම්බෝ :D

      Delete
    6. ඔය දුවන්නෝ අක්කාගේ යාවඡිව සාමාඡිකයෝ.

      Delete
  7. එහෙනං රත්නපුරේ වෙන්නත් ඇත්තේ ඔය වේ සිද්ධියක් තමා... අයියේ උඹ උකස් අංශෙ කවදාවත් වැඩ කරලා එහෙම නෑනේ නේද? ;)

    ReplyDelete
    Replies
    1. වැඩ කරලා නම් නෑ. ඒත් උකස් අංශය පරිගණකගත කරන්න ගිහින් තියෙනවා.

      Delete
    2. ......උකස් අංශය පරිගණකගත කරන්න ගිහින් තියෙනවා.////

      ඊට පහුවදා තමයි අර වලිය ගිහින් තියෙන්නේ...

      Delete
    3. අම්මපා මුන් රට රාජ්‍ය වල හිටියට මෙහෙ ඔපාදුප සේරම දන්නවා.

      Delete
  8. අනේ අර අහිංසක අත්තරන් මහත්තයා. මදැයි රත්තරන් වතුරෙ දාන්න ගියා... :D

    පග යි දෙගයි දෙන්නගෙන් එක්කෙනෙක් වත් වෘත්තියමය විදිහට ඉන්න දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //මදැයි රත්තරන් වතුරෙ දාන්න ගියා..// ++++++++++++++++++

      Delete
    2. බලන්න ඉතිං ඔය තරම් සම්පත් තියෙන පළාතක ඔය මගුල් පස්සේ මොකට ගියාද මන්දා ?

      Delete
    3. චන්දන අයියා රත්තනර වතුරේ දාන්න නෙවේ රත්තරන් තිබුන වතුර මාරු කරන්න ගියේ හැක හැක :D

      Delete
    4. //රත්තරන් තිබුන වතුර// රත් වෙලා තිබුනු වතුර :D

      Delete
  9. සුදීක අයියා උකස් අංශෙද වැඩ කරන්නෙ දැන්? :P :P

    ReplyDelete
    Replies
    1. ඈ.. බස්සී, එතකොට ඔය ගණිකාවන් ලගට යන රත්තරං මහත්වරුන්ට මොන හෝර්මෝනයද වැඩ කරන්නේ ?

      Delete
    2. @බස්සී : ඇයි උකස් තියා ගන්න මොනවත් තියෙනවද ?

      Delete
    3. ඇල්බන් ගොයියෝ උන්ට ටෙස්ටෛස්ටොරෝන් ඉහට ගහලා වැඩි වෙලා

      Delete
  10. ඕක තමයි පුතේ කියන්නෙ ලාභ කොක්කු වෙඩි තියල තුවක්කුවයි වෙඩික්කාරයයි දෙන්නම සවුත්තුකරගන්න එපා කියල.

    අර මෙන්ඩගෙ යාළුවට ගහල තියෙන කාඩ් එක මම ඇහුවෙ 5 පන්තියෙදි විතර. ඒ කියන්නෙ මෙන්ඩ මාර වයසක පොරක්නෙ!

    හොඳම කුණුහරුප ඇහන්නෙ *න්නයො රන්ඩුවෙනකොට. අන්න කුණුහරුප. අහගෙන ඉන්න නාකි ගෑණුන්ටත් එවෙලෙ බබ්බු හම්බුවෙන සයිස්.

    ReplyDelete
    Replies
    1. මේ කට්ටිය කොක්කු වෙඩි තියපු කතාව දන්නවද දන්නේ නෑ. රත්තරන් මහත්තයට බටේ සුද්ද කරන්න වෙන්න ඇති අනිවාර්යයෙන්ම. තව මේ වගේ රසවත් කතා ගොඩයි. මේ දැන් මතක් වුණේ. ඒ පොන්ස් කෙනෙක් එක්ක සබඳතා පවත්තපු මැනේජර් කෙනෙක්ගේ කතාවක්. ඉඩක් ලැබුණොත් දාන්නම්.

      Delete
    2. ඉන්දික අයියන්ඩි මට 24යි...

      Delete
    3. බ්‍රා මෙන්ඩයියා 24 අනිත් පැත්ත ගැහුවම වෙන්ටෑ නේද?

      හෙක් හෙක් අපේ උන් නම් කියන්නේ ළඟ රුන්නම ගඳ ගහනවා කියලා. හැක හැක :D

      Delete
    4. එහෙමනං මෙන්ඩො ඔය කතාව මම අහල තීන්නෙ උඹ ඉපදෙන්න බෝම කලින්.

      Delete
    5. @මෙන්ඩා : පුතාගේ වයස කීයද ?

      @සොමියා : කප් එකකට 24 වෙන්න බැරිද ?

      @ ඉන්දික : මටත් හිතුණේ ඕකම තමා.

      Delete
    6. ඉන්දික/ සොමියා/සුදික අයියන්ඩිලා..
      මම වයස හදන්නේ පෝය, බැංකු, සෙනසුරාදා, ඉරිදා නිවාඩු අතඇරලා.
      අපේ වෙඩිං පෝටෝ එකේ මල් කුමාරයාටත් හිටියා පොඩ්ඩා. (විහිලුවට)

      Delete
  11. වෘතිමය ආචාර ධර්මයන් එහෙන් පිටින්ම උල්ලන්ගනය කරලා නොවැ! :D

    මදැයි කොලා.

    ReplyDelete
    Replies
    1. බොරු නෙවෙයි මල්ලි. සමහර අලුත් කම්පැනි මොනවා කරලා හරි බැංකුවට එයාලගේ භාණ්ඩ සපයනවා. ඉන් පස්සේ අනිත් තැන් වලට කෝට් කරද්දී එහෙම කරපු එක හයිලයිට් කරනවා. මෙතන අර අක්කා කලෙත් ඒකයි.

      Delete
  12. ප්‍රදේශ වසන් කරන්න වෙනවා අගතියක් වෙනවා කියනකොටම මම දෑනගත්ත අද්දෑකිමක් කියලා..

    ReplyDelete
    Replies
    1. ප්‍රදේශය කිව්වා කියමුකෝ. කොහොමද කියන්නේ අත්දැකීමක් කියලා ?

      Delete
  13. පව් බං ඒ රත්තරන් මහත්තය..

    ReplyDelete
    Replies
    1. මිනිහා පස්සේ මාරුවක් හදා ගත්තා කියන්නේ.

      Delete
  14. කවදද අප්පේ උකස් අංශෙට මාරුවක් හදාගත්තේ...???

    ReplyDelete
    Replies
    1. කොහෙද මම උකස් අංශයට ගියාට මල්ලිලාගේ කිසි සපෝර්ට් එකක් නෑනේ ?

      Delete
    2. දෙන්නම්කො ලොක්කා, කියන්න මොකක්ද වෙන්න ඕනි....!!

      Delete
    3. දන්නා අඳුරන අක්කලා එවන්න උකස් වලට :)

      Delete
  15. සුදීක කියන විදිහෙම රණ්ඩුවක් මං අහලා තියෙනවා පිට කො‍ටුවෙ බස් නැවතුම පිටිපස්සෙන් හුඟක් ඉස්සර .. යකෝ මං.. ***** නෙ ලොකු ලොකු මහත්තුරුන්ට ... ‍තෝ වගෙ නාට්ටාමිලාට නෙවෙයි !
    ලෝකෙ පරණම රස්සාවටත් කොච්චර නං පංති භේද තියේද !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන් නම් මේකේ කැටගරි ගොඩයි.

      Delete
  16. ඔව්වා එහෙම උගසටත් දෙනවද? අදනේ දන්නේ.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ සමහර විට.

      Delete
    2. ඔය නැහැදිච්ච කොල්ලො වෙලාවකට අහන්නෙ "*** රත්තරන් ද ?" කියල. කවුදෑ දන්නෙ උගස් තිව්වද කියල :D

      Delete
  17. බැංකුවේ රත්තරං මහත්තයෙක් කියනකොට මගේ හිතෙත් චිත්‍රයක් මැවුණා...:P

    ReplyDelete
  18. සුදීක රත්තරං මහත්තයෙක් කියලා හැමෝම දන්නවා එහෙනං ....... මේ අහිංසක සුදීකට මුන් හදන පද ....අම්මේ....

    ReplyDelete
  19. සුධීක අයියා ඔය කියන මනුස්සයා කොච්චි වල මාල කඩුවේ නැහැනේ වීදි ගණිකාවෝ ලඟට ගියාට, නැහැ මන් මේ කිව්වේ ඉතින් රත්තරන් කියපු නිසා, රත්තරන් වටිනවනේ හා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම කියන පැත්තේ කොච්චි යන්නේ නෑ. ලඟම ස්ටේෂන් එක මනම්පිටිය වෙන්න ඕනේ.

      Delete
  20. රතු හුණ්ඩුවක්!

    ReplyDelete
    Replies
    1. නෑ, රත්ත රං හුන්ඩුවක් :)

      Delete
    2. නෑ නෑ රත්තක් නං එතන හුණ්ඩුවක් !!! :)

      Delete
    3. හපොයි නෑ. රිදී හුන්ඩුවක්. :)

      Delete
  21. Ewunata, customer´slage,thorathuru,pitata dena eka harine.(Ranjan)

    ReplyDelete
  22. oya wge dawasak eka man kenek,wede karagena yana Atharedi,Manta adhowathayak gihilla agamana ara geni kiyanawalu chi,chi mahaththaya, hambakaran kana eka uda re---epa kiyala,

    ReplyDelete
  23. මට මක්කටැයි කාසි...අයියා නොවැ මහන්සි උනේ....මේ කථාව අහලා නැද්ද...ගමේ අහිංසක බඩ්ඩකට ටවුමෙ එකෙක් නෙලපු දවසක ඇති උන දෙබසක්....ගණිකාවෙ දෙන්නෙක් රණ්ඩු වෙද්දි ඉතිං කුණු හරුප වැසි වසිනවා ඇති නේද....ඊයෙ පෙරේදා රත්නපුරේ උනෙත් ඒ දේම නේද....

    ReplyDelete
    Replies
    1. ඕක. අර අටමාගෙ කතාවේ තිබ්බ නේද ?

      Delete
    2. මම ඒක දන්නෙ නෑ...මොකද මම ඒ බොග දැන් කියවන්න යන්නෙ නෑනෙ. අපි උ/පෙ ලියන කාලෙ ඉදන් මේ කථාව අපි දන්නෙ.

      Delete
  24. ඔය රණ්ඩු ඉවර වෙන්නේ සාය උස්සලා පෙන්නුවට පස්සේ. මම එහෙම රතු හුණ්ඩුවක් දැක්කා ඉස්සර. ඊට වඩා හපන් සල්ලිවලට යන පොන්නයෝ රණ්ඩු වෙනකොට. අහන් ඉන්න බැහැ වස ලැජ්ජයි. පොන්න ෆයිට් කියලා කියන්නේ. ඉස්සර බම්බලපිටියේ සාමන්‍ය දෙයක්.

    ප.ලි..පොන්නයෝ කියන වචනෙන් හඳුන්වන්න මම අකැමතියි. ඒත් මෙහෙම වෙලාවක ලියන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ සුපිරි ක්‍රීඩාට කිව්වා නම් රඟපාලා පෙන්නයි.

      Delete
  25. රත්තරන් මහත්තයා දැන් රස්සාව අත ඇරලා ගිහින් නැද්ද?
    :D

    ReplyDelete
    Replies
    1. දැන් පැන්ෂන් ගිහිං :)

      Delete
  26. අන්තිම අමාරුවෙං සුදීක අයියා ජීවත් වෙන්නේ.චේන් එක ගෙනාවොත් තියල දෙනවද ?? :D

    ReplyDelete
    Replies
    1. බර්ත්ඩේ පාටියක් දාමු. බ්‍රෑන්ඩ් එක මොකක්ද ?

      Delete
    2. තූ නොදකිං මේ රටවල් වල තියන ජරා අරක්කු ..චැහ්

      තාම ඔලුව රිදෙනවා :D

      ගහනවනං
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
  27. ආන්න රත්තරන් මහත්තුරු

    ReplyDelete
    Replies
    1. මිනිහගේ පංති භේද නෑනේ.

      Delete
  28. I know this if off topic but I'm looking into starting my own weblog and was wondering what all is required to get setup?
    I'm assuming having a blog like yours would cost a pretty penny?
    I'm not very internet smart so I'm not 100%
    certain. Any recommendations or advice would be greatly appreciated.
    Cheers

    Also visit my blog post - porn video HD

    ReplyDelete
  29. අනාථයි................

    මහපාරේ කරා වගේ තමයි ඉතින් රත්තරං මහත්තයාට.....

    ReplyDelete
  30. දෙ.ග. : අනේ පලයන් බං යන්න. උඹ ගාවට වෙන්නැති ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා,පොලිස්කාරයෝ,ගම්බට්ටෝ එන්නේ. ඊයේ මට බැංකුවේ රත්තරන් මහත්තයත් ගැ*වා.

    ReplyDelete
  31. Not (Round About) it's Round Above.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...