කෙදිනක හෝ ලියා තබන්නට අදිටන් කරගෙන සිටි මේ මාතෘකාව සඳහා මතකය අවධි කලේ අපේ +Indika Kodithuwakku නොහොත් ඉන්දික උපශාන්ත මිතුරාය. ඒ මා ලියූ වීදි ගණිකාවන් දෙදෙනාගේ රත්තරන් වලිය ට එකතු කරන ලද කමෙන්ට් එකක් හරහාය. ඔහු පැවසුවේ "පොන්ස් ලා අතර ඇතිවන වැලි බලා ඉන්නට ලස්සනයි" කියාය. ඒ කෙසේ වෙතත් මේ මතකය 2001 තරම් ඈතත් නොවන මෑතත් නොවන කාලයේ සිදු වීමකි.
එකල මාගේ කාර්යබාරය වුයේ ශාඛා වල බැංකු පද්දතිය පරිගණකගත කොට ඒ සඳහා අවශ්‍ය පුහුණුව අදාළ ශාඛාවේ කළමනාකරු ඇතුළු සේවක මණ්ඩලයට ලබා දීමයි. එය සැබවින්ම ජීවිතයේ රසවත්ම අත්දැකීම් ලැබූ කාලයකි. මෙවැනි ගමනකදී තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශාඛාවකට යවනු ලබයි. මෙවර අපේ ගමනාන්තය වුයේ තණමල්විල ප්‍රදේශයයි. නම ඇසූ පමණින්ම ගංජා පිලිබඳ මතකයක් අවධි වන තණමල්විල ප්‍රදේශය ඉතා ශුෂ්ක කාලගුනයකින් යුක්ත පලාතක් බව අමුතුවෙන් නොකිවමනාය. එහෙත් මෙවැනි පළාත් වලට යාමට අප එකල දැක්වූයේ පුදුම රුචිකත්වයකි. ඒ මේ ප්‍රදේශ වලින් ලැබෙන එම පලාතට ආවේනික වූ ආහාර ගැනීමේ හැකියාව නිසාය. විශේෂයෙන්ම පිරිසිදු මී කිරි සහ දඩමස් අපේ ප්‍රධාන බලාපොරොත්තු විය.
මා මෙයට පෙරත් සඳහන් කර ඇති පරිදි, මෙවැනි ගමනකදී ක්වාට්‍ර්ස් හෝ චමරි වල ලගා ගැහීමට මා අකමැත්තක් දැක්වුයේ, එක් අතකින් අපේ නිදහසට සිදු වන බාධාවය, අනික් අතින් එසේ ගතකරන කාළයේදී ලෙන්ගතු වන මිතුරන්ගේ සමහර ඉල්ලීම් ඉටු කළ නොහැකි ඒවා වීමයි. මේවා පුද්ගලික ඒවා නොව රාජකාරිමය කරුණු බව සඳහන් කල යුතුය. නැතිනම් මෙය කියවන ඔබ මා ගැන හෝ ශාඛාවේ සේවකයන් ගැන වැරදි වැටහීමක් ඇති කර ගන්නවා නියතය.
අප ලඟා වූ විගස කරන රාජකාරිය වන්නේ අදාළ ශාඛාවේ කළමනාකාරතුමා වෙත වාර්තා කිරීමයි. එවැනි අවස්ථාවක ශාඛාව ගැනත්, ප්‍රදේශය ගැනත්, සැපයිය හැකි පහසුකම් සහ අඩුලුහුඬු කම් ගැන දළ අදහසක් කලමානාකරුවා ලබා දෙයි. මෙහි කළමනාකරුවා ගම්පහ දිස්ත්‍රික්කයේ අයෙකු වුයෙන්, සුළු මොහොතකින් නිට්ටඹුව ප්‍රදේශයේ අයෙකු වූ නාමල් සමග කුළුපග විය. මේ ගමනට අප දෙදෙනා සමග එකතු වුයේ විකට චරිතයක් වූ ගිම්හානය. ඔහු ගැන සඳහන් කිරීමට බ්ලොග් පොස්ට් පහ හයක් වත් අවශ්‍ය වේ. ඒ තරමට රසකතා ඔහු වටා ගොඩනැගී ඇත.
කළමනාකාර තුමා වූ වික්‍රමසිංහ මහතා දුටු පමණින්ම අවුරුදු පනහකට වැඩි බව පැහැදීය. පියෙකු මෙන් කාරුණික ඔහු ලබා දුන් ඔවදන් අදත් මගේ මතකයේ රැඳී තිබේ.
"බ්‍රාන්ච් එක වත්තේ නයෙක් ඉන්නවා. ඉස්තෝප්පුවට ගිහින් බලන්න ගේට්ටුව ගාවම තුඹසක් තියෙනවා. ඒක නිසා රෑ ඇවිදින එක ටිකක් අඩු කරන්න. කළුවරේ පේන්නෙත් නෑනේ. නයාට වඩා භයානක දෙයක් තියෙනවා. ඔය ඉස්සරහම තියෙන තේ කඩේට යන්න එපා. යනවා නම් ටවුමට හරි දකුණු පැත්තේ කිලෝමීටර් භාගයක් විතර ගියාම තියෙන කඩේට යන්න. ඔය කඩේ ගෑණියි දුවලා දෙන්නයි සේරම බඩු. පොලීසියේ ඉන්න එවුන් හැම තිස්සෙම ඔය කඩේට රිංගනවා. කෙල්ලෝ දෙන්නට තවම අවරුදු දහ අටක් වෙලත් නෑ. ඔයාලට නවතින්න වෙනම තැනක් බැලුවේ නෑ. මගේ ක්වාටර්ස් එකේ කාමර දෙකක්ම තියෙනවා. වතුරත් ඕනෑතරම් ලැබෙනවා.මෙහෙ හැමතැනම ඒ වගේ වතුර නෑ".
එම ශාඛාවේ ගත කල කාලයේ අපට ඉතා රසවත් අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට හැකි වූ අතර විවිධ තරාතිරමේ පුද්ගලයන් බොහොමයක්ම හමු විය. මගේ සතුටට හේතු වූ කරුණක් වුයේ ශාඛාවට යාබදවම ක්‍රීඩාංගනයක් පැවතීමයි. එහෙත් වැඩිමනත් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් අපිට අහිමි වුයේ අපගේ රාජකාරියේ වැදගත්ම කාලය වන්නේ හවස දෙක පමණ සිට දිනයේ වැඩකටයුතු අවසන් කරන මොහොත වූ නිසාය. එහි ගත කල බොහෝ දිනවල අපිට පාටි වලට සහභාගී වන්නට සිදු විය.
එක් දිනක් ඔවුන් අපව ගංජා හේනක පවත්වාගෙන ගිය අප්‍රසිද්ධ අවන්හලක් වෙත කැඳවාගෙන ගිය අතර, එහි යන මගේ එක ස්ථානයක වාහනය නවතා ඉතිරි කොටස පයින් ගමන් කිරීමට සිදු විය. එය පිහිටා තිබුණේ කොයි පැත්තේද යන්න අපට කිසිදු නිනව්වක් නොවුයේ, එහි මග අපගෙන් පවා සඟවාගෙන ගමන් ගත් නිසාය. නමුත් ඒ ගමන අද ගියේ නම් හරියටම තැන ජංගම දුරකථනය ආධාරයෙන් සොයා ගන්නට හැකිය.
ශාඛාවේ ගනුදෙනු කරුවන් සහ සේවක මණ්ඩලය එකතුව පැවැත්වූ සුහද හමුවකදී කුරක්කන් තලප ආහාරයට ගන්නට හැකි විය. ඒ මා කුරක්කන් තලප කෑ දෙවෙනි වතාවයි. මීට පෙර සූරියවවදී කුරක්කන් තලප කා ඇත. මගේ පියා බිබිලේ සේවය කරන කාලයේ කුරක්කන් තලප කෑ කතාවක් රස කර-කර පැවසු මතකයක් තිබුනත්, එය සැබවින් රස විඳි දවසේ කිසිම විශේෂත්වයක් නොදනින. කිඹුලා කිරිමැටි ගිලින්නා සේ එය ගිල දැමිය යුතුය. රස කරමින් කෑවොත් එය තල්ලෙහි ඇලවී මහත් අලකලන්චියකට මුහුණ දෙන්නට සිදු වනවා ඇත.
හදිසි අවශ්‍යතාවකට හෝ ඉදිරිපස තේ කඩයට නොයන්නට අප වග බලා ගත්තේ, පියෙකු වැනි වික්‍රමසිංහ මහතා තරහා කර ගත නොහැකි නිසාය. අනිත් අයගේ ඇසින් ලෝකය දකින්නට අකමැත්තක් මට ඇත. මන්ද බොහෝ දෙනා තවත් කෙනෙකු ගැන පවසන්නේ තමන්ගේ දැක්ම තුලය. ඒ සඳහා බොහෝවිට පදනම් වන්නේ පරණ කෝන්තරය. මා දිනක් හවස වික්‍රමසිංහ මහතා නිල නිවාසයට ගිය අතරතුර එම කඩයට ගොඩවී තේ එකක් ඇනවුම් කලෙමි. ඔහු පවසන කාරණය සත්‍ය බව පසක් වන්නට මොහොතක් හෝ ගත නොවිණි. මවගේ සහ දියණියන්ගේ ආරාධනාත්මක බල්මවල් වටහා ගැනීමට අපහසු නැත. ඇනවුම් කල කිරි තේ එක පවා නොබී නැවත එන්නට සිතුනත්, එය ලැබෙන තෙක් පසු වීමි. එයට සීනි දැමීම තිදෙනා විසින්ම කර ඇති සෙයකි. එම කඩයෙන් තේ බොන්නන්ට දෙවි පිහිටය. මෙවැනි උෂ්ණාධික ප්‍රදේශ වලට ආවේනික ලක්ෂණ අතර වැඩි සීනි තේ, අධික මිරිස් සහිත ආහාර, සහ අධි කාමාග්නියකින් පසුවන ජනතාව නම් කල හැක. මේවායේ නිතරම අසන්නට ලැබෙන්නේ එක්කෝ බාල වයස්කාරියක් වෙනත් කෙනෙකු විසින් අපයෝජනයට ලක් කිරීමකි. නැතිනම් කුමක් හෝ අසම්භාව්‍ය ලිංගික සබඳතාවකි.
මේ ප්‍රදේශයේ අනෙකුත් කඩ වලද තත්වයේ වෙනසක් නැති බව වැටහුණේ, මා දෛනික උදෑසන ඇවිදීමට යන විටය. ලංකාවේ කුමන පළාකට ගියද මාගේ ශාරීරික සුවතාව පවත්සා ගැනීම අත් නොහලෙමි. ඒ සඳහා අවශ්‍ය ඇඳුම් සහ සපත්තු රැගෙන යාම මාගේ සිරිතයි. මේ පුරුද්ද නිසා සමහර පළාත් වලදී ත්‍රස්තවාදී පාලනය තිබෙන කළාප වලට නොදැනුවත්වම ඇතුලත් වන්නට ගිය උත්සාහයන් වැලක්වුයේ හමුදාව හෝ ග්රාමාරක්ෂකයන් විසිනි.
තවත් දිනක් අප සමග රාත්‍රී ආහාරයට අසල ඇඟලුම් කම්හලේ ගණකාධිකාරී වරයා සහ ඔහුගේ සහායකයන් කිහිප දෙනෙකු පැමිණෙන බව වික්‍රමසිංහ මහතා පැවසීය. ඔවුන්ගෙන් අපහට කමිස කිහිපයක් පවා ලැබෙන බව පැවසීය. අපේ අයද සැදී පැහැදී සිටියේ මේ නිසාය. සවස ලැබුණු දුරකථන ඇමතුමකින් පවසා ඇත්තේ බීමට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන අපට ඔවුන්ගේ නිල නිවාස වලට පැමිණෙන ලෙසයි. අපද ෆ්රෑන්ක්ලීන් වර්ගයේ බ්‍රැන්ඩි බෝතල් දෙකක්, සෝඩා කෝලා සහ බදින ලද මුහුදු මාළු, සහ වෙනත් කටගස්මවල් කිහිපයක්ම රැගෙන ඔවුන්ගේ ස්ථානයට ගියේ, වික්‍රමසිංහ මහතා සහ තවත් අයෙකු සමගය. ගණකාධිකාරී වරයාගේ සහයකයා බ්ලොටින් පේපර් වර්ගයේ පුද්ගලයෙකු විය. ගණකාධිකාරී වරයා නම් ෂොට් දෙකකින් සෑහී ගීත ගයන්නට පටන් ගෙන ඇත. ඔහු එහි එල්.එස්.ඕ ගේ රුපසොබාව පිලිබඳ වර්ණනාවක යෙදිණි. ගණකාධිකාරී වරයා චන්දන ලියනාරච්චි මහතා ගායනය කරන "ඇහැල මල් පිපෙනා දෙවට දිගේ" ගීතය එක දිගට කියාගෙන ගියේ, මේ ප්‍රසංගයෙන් පසුව තවත් ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණු සෙයක් පෙන්වමිනි. ඔහු ගී ගයන්නේ පාඩම් පොත කියවන කුඩා ළමයෙකු පරිද්දෙනි.
පසුදින අපට ඔවුන්ගේ මහලොකු ෂර්ට් ලැබුණු අතර, ඒවා එතරම් වටිනාකමක් තිබෙන බවක් නොපෙනින. අන්තිමට අප ඔවුන්ට අහු වී ඇති බව පසක් විය. අතරමැද පෝය නිවාඩු දවසේ අපට කරන්නට දෙයක් නොවිණි. අපගේ රියදුරු ලෙස කටයුතු කල පියල් නොහොත් අෆ්රීඩි තමාගේ ඥාති ගෙදරක් මොනරාගල පාරේ ඇති බව පවසා එහි ගියහොත් අඹ ගෙඩි ටිකක් කඩා ගන්නට හැකි වේ යයි කල ඉල්ලීම නිසා මාත් නාමලුත් ඔහුට එක් විය. නමුත් ගිම්හාන නිල නිවසේ නතර වුයේ, එහි ඇති දුරකථනය භාවිතා කරමින් මල් කැඩීමට බව අපට පැහැදිලි විය. අතරමගදී එම දුරකථනයට ඇමතුමක් ලබා දී ගිමා අන්දන්නට අපට හැකි විය. නමුත් ඇඳ ගත්තා වගේ පෙන්වා හීනියට වැඩේ කර ගැනීම ගිමාගේ සිරිතයි. අවසානයේ ඇඳගෙන ඇත්තේ අපම බව පැහැදිලි වේ. දෙවෙනි ඇමතුමේදී අප හඳුනාගත් ඔහු
මෙම සටහනේ ලිපිනය : http://awidda-paya.blogspot.com/2014/10/mr-wickramasinghes-strange-love.html

"ඉක්මනට වරෙල්ලා බං. නියම සීන් එකක් තියෙනවා. බලාගන්න පුළුවන්"යයි ඉතා පහත් සවරයෙන් පැවසීය. මේකා හදන්නේ අප අන්දන්න බව අපට පැහැදිලි මුත්, සවස තුන පමණ වනවිට අපට එහි එන්නට හැකි විය. අප එහි එත්දී නාඳුනන තරුණයෙකු විසිත්ත කාමරයේ සිට කළමනාකරු සමග අල්ලාප-සල්ලාපයේ යෙදෙයි. කතා ස්වරයෙන් ඔහු දෙපැත්තටම නැති කෙනෙකු බව පැහැදිලි විය. නමුත් හොඳ පිරිමි පෙනුමක් සහිතය. ඉන් පසු කටහඬ අවධි කල වික්‍රමසිංහ මහතා
"මෙයා තමයි ටවුමේ ෆාමසියේ අයිතිකාරයා"යනුවෙන් ඔහු හඳුන්වා දුනි. තොරතෝංචියක් නොමැතිව කියවන ඔහු හරි අපූරු කතාවක් දිග හැරීයේය.
"මැනේජර් මහත්තයා දන්නවද වැඩක්.....අපේ ෆාමසිය ඉස්සරහා ළඟදී හයි කළානේ ප්‍රීති මැෂින් එකක්. එකක් රුපියල් පහයි. උඩින් පහ දැම්මම යටින් ප්‍රීති එනවා. ඒ වුණාට කවුරුත් ගත්තේ නෑ. ළඟදී ආවා එස්.ටී.එෆ් බස් එකක්. මෙන්න කට්ටිය පෝලිමේ ඉඳගෙන ගන්නවා. අන්තිමට බඩු ඉවර වුණා. උන් රුපියල් පහ දාලා මැෂින් එකට ගහනවා. ඉන්න බෑ ත ... දී... ය.... ම...."
යනුවෙන් පවසා කෝමල හිනාවක් දැමීය. එය දකින අපටද සිනහව නතර කර ගත නොහැකි විය. ඔහු හිතන්නේ කියපු කතාවට අපිට හිනා ගියා කියාය. තවත් මොහොතකින් ඔහු මනේජර්ගේ කාමරයේය. ඒ කුටු කුටුවට සවන් දෙන්නට නොගොස් අප එලියට ආවේ හිනහව තද කරගෙනය. ඉදිරිපස කඩයට නොයන්න යයි මැනේජර් උන්නැහේ අවවාද කල හේතුව දැන් පැහැදිලිය. ඔහු සමරිසි පුද්ගලයෙකි. එනිසා ඔහුට ගෑනු කෝලම් අල්ලනේ නැත. ඔහුට කදිම සහයකයෙකු ඇත. ශාඛාවත් නිල නිවසත් අතර පැත්තක ඇති වතුර ටැංකිය අසල බොහෝ දිනවල අප ඔක්ෆර්ඩ් බාත් දමන්නේ කිසිවකුට නොපෙනෙන නිසාය. අනෙක ඊට යාබද මාවතේ කිසිවකු රාත්‍රී කාලයේ ගමන් ගන්නේ නැත. දිනක් එක් වරම ඒ පැත්තේ විදුලි පහන දැල්විණි. අප එහාට මෙහාට වත්දී වික්‍රමසිංහ උන්නැහේ පැමිණ
"මම ලයිට් එක දැම්මා, මේ පැත්තේ නයි පොලොන්ගු ඉන්නවනේ"පැවසීය. හේතුව ගැන නිසි අවුබෝධයක් ලැබුණේ, අර ෆාමසියේ කොලුවා පැමිණි පසුවය. පසුව ශාඛාවේ සෙසු අයගෙන් කල විමසීමෙන්ද ඒ බව තහවුරු විය.
මෙම සටහනේ ලිපිනය : http://awidda-paya.blogspot.com/2014/10/mr-wickramasinghes-strange-love.html
ඔහැක් බලං ගියාම මාර සීන් නෙ වෙලිා තියෙන්නෙ...
ReplyDeleteසමරිසි කියන්නෙ කෝච්චි පොස්ට් මල්මි ගෙ වචනයක් නේද මට මතක විදියට ඉස්සර නං වෙන වෙන නං වලිං නෙව බ්ලොග් වලදි එයාලව ඇදින්නුවෙ...
ඒ මනුස්සයට මක්ක වුණාද දන්නෑ අය්යෝ...
හිහි...
වැඩක් එහෙම කොරගන්න ඇති සමහර විට ඔයකීවට හෙක් හෙක්
ඕකට උත්තරේ කකා දේවි..
Deleteඅපෝ නෑ, ටැබූ, කකා වගේ අය තමයි මුලින්ම්ම සමරිසි උනෙ :P
Delete@මහේෂ් :සමරිසි ගැන උත්තරේ ඉන්දික දීලා තියෙනවනේ.
Delete//වැඩක් එහෙම කොරගන්න ඇති සමහර විට ඔයකීවට හෙක් හෙක්//
මේකෙන් පෙන්නේ මලයා එතන හිටියනම් වෙන දේ :)
fua fua tkak tmd Tajg wmsj .dj.kak y,so'''fuauysgshg wms fyk wysxil vE,a
Deleteසමරිසි කියන්නේ ටැබූගෙ වදනක්..
Delete~තහනම් වචන
නයි පොළොංගුන්ට වික්‍රමසිංහ ලා හරිම ආසයි වගේ ;)
ReplyDeleteරම්සිලාට තමයි වැඩිය කැමති.
Deleteකඩේ කෙස්එක පැහැදිලියි. එතකොට නයෙක් ඉන්නවා කීවේ ඇත්තටද? වෙන අදහසකින්ද?
ReplyDeleteනයා කොයි හැටි වෙතත් තුඹසක් තිබුණා. අපි ගැන දරුවෝ වගේ සලකපු හින්දා වෙන්න ඕනේ රාත්‍රියේ අපි එහෙ මෙහෙ යයි කියලා තමයි එහෙම කියන්න ඇත්තේ. නමුත් දැන් මතක් වුණාම එතුමා ගැන ඇති වෙන්නේ ගෞරවයක්.
Deleteවික්‍රමසිංහ?? hmmm
ReplyDeleteඇයි දන්නවද ?
Deleteසුධීක, ප්‍රා ඔය අහන්නෙ රටේ ජනප්‍රියම සමරිසි වික්‍රමසිංහ ගැනනෙ.
Deleteඑතුමා නම් පව්. ඔය තත්වය නිසා රිසි දේ කර ගන්නත් නෑනේ.
Deleteඊයේ පෙරේදා කාම සුඛල්ලිකානු යෝගය ගැන කිව්වේ.
Deleteමොන කලාපේ අයටත් එකම කාමාග්නිය තමා තියේනේ.. මොන විදියෙන් හරි ෂර්ට් කෑල්ල හරි ලැබුන එකට අනං මනං කියන්නේ මොකද?
ReplyDeleteඅනික අර තුන්දෙනාම සීනි දාපු වෙලාවේ තේ එක නොබී එන්න තරං හිතුනා කිව්වේ අපිව රවට්ටන්නද?
වික්කරමසිංහ උන්නැහැ කෝම උනත් අවංක මුනියා. නැත්නං තොපි දැක්කම (සුදු කොල්ලෝ නේ) හිරි ඔතප් බිදින්න රෑට කාමරේට වදීවි නෙහ්..
ලියන කොට තවඩිංගක් අර මොනාද විරාමද කියලද ලකුණු වගයක් තියෙන්නෙ ඒවා දාන්න.. එපමණයි ස්තුතියි.. හැක්..
ෂුවර් එකටම උන් අපිට දීලා තිබුණේ පුරුදු වෙන්න මහපු ඒවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මැහුම් සෙන්ටිමීටර් භාගේ විතර දුරින් තිබුණේ. මගේ එක මම කාට හරි දුන්නා.
Deleteනැහැ තුන්දෙනාම දැම්මේ නෑ. නමුත් මම බොන ප්‍රමාණය වගේ තුන් ගුණයක් තිබුණා. වික්‍රමසිංහ උන්නැහේගේ පොඩි වත් කැමැත්තක් තිබුනේ නෑ අපි ඒ පැත්ත බලනවටවත්. වැරදිලා හරි දැක්ක නම්, මට එහෙ තමයි ඉන්න වෙන්නේ. බලාගෙන යනකොට එයා තරහා ඇයි කියලා පස්සේ තේරුණේ. එයාගේ අර රමසි ඔය කඩෙත් එක්ක තරහා ඇති ෂුවර් එකටම. :)
ඔව්. මිනිහා තමන්ගේ පාඩුවේ වැඩේ කරගෙන ගියත් අපිට කරදරයක් තිබුණේ නෑ. මිනිහා කතා කරන්න ගියාම සුරියප්පෙරුම වගේ තමයි.
ඇත්තම කියන්න දේශෝ මේක ඉවර කරනකොට මගේ පොඩි එකී හොඳට හතිය හැදිලා. මට නිදියන්න බැරි නිසා තමයි මේ පොස්ට් එක ලිව්වේ. ඉතිං හිතේ පොඩි කලබලයකින් හිටියේ. ඒ නිසා වැරදි ඇති. පෙන්වා දුන්නට ස්තුතියි.
අපේ උන්ටත් හෝ ගාලා සෙම.. මේ දවස් වල...
Deleteකතාව නියමයි....
ReplyDeleteනියමයි කිව්වේ රමසි වැඩද ?
Deleteසුදීක අයියා කඩෙන් එලියට යහතින් ආවද?
ReplyDeleteහෙක් හෙක් සමරිසියෝ ගැන මගෙත් පොඩි හුටපටයක් තියෙනවා,හැබැයි මේ වගේ අහිංසක විදියට නෙවේ :p
මොනා කරන්නද පෙර කල අකුසල කර්ම වලට ඉපදෙන හැටියනේ, ඒවගේම ඒ ඒ මිනිස්සුන්ගේ රුචි අරුචි කමනේ. සුදීක අයියට හොඳ අත්දැකීම් තියෙනවා වගේ.
http://sonduruminisa.blogspot.com/2014/08/blog-post_29.html
ගියාට පස්සේ හිතුනා ගිය මෝඩ කම කියලා. තේනෙක් භාගයක් බීලා පැන්න එක හුස්මට. බිල ගෙව්වේ බිම බලාගෙන.
Deleteමට අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. හැබැයි වැට පැන්නේ නැති නිසා රසවත් නැති වෙයි. මේකත් ලියම්දෝ කියලා හිත හිත ඉඳලා ලිව්වේ.
මාර නයෙක් නේ ඇදලා තියෙන්නේ විකී ගොයියා ... අර කඩේට පස්සේ දවසක ගියා කියලා ආරංචි වුනාලු ඔන්න ,
ReplyDelete//"නමුත් ඒ ගමන අද ගියේ නම් හරියටම තැන ජංගම දුරකථනය ආධාරයෙන් සොයා ගන්නට හැකිය."// අර වෙනි අයියගේ A4 නැවිගේටරේ වගේ වෙයිද දන්නේ නෑ
අන්තිමට විකි-ලීක් වුණා. ආරංචි වුණේ කඩේ නංගි කෙනෙක්ගෙන්ද ? බදුල්ලේ ඉඳලා වැඩි දුරක් නෑනේ. :)
Deleteඔය වගේ දේවල් ගැන විශ්වාසය තියලා මමත් ඇණ ගත්ත අවස්ථා බොහොමයි. ඒ නිසයි මම මැනුවල් දේවල් වලට වැඩි තැන දෙන්නේ.
ෂේ මේක මගේ නම දාල ලියල තීන්නෙ යමර කතාවක්නෙ!
ReplyDeleteසමරිසි කිව්වම ලංකාවෙ ප්‍රසිද්ධම මංගල් වගේ නපුංසක කිව්වම රම්සි නෙ. මිනිහ මගේ හොඳ ක්ලයන්ට්. මා එක්ක මාර ෆිට්. මූව කාලෙකට පස්සෙ දවසක් නාලකගෙ බුක් ලෝන්ච් එකෙදි හම්බුනාම මම වයිෆ්ව අඳුන්වල දුන්න. මේක වයිෆ්ට හෙලෝ එහෙම කියල අතත් දීල ඉවරවෙලා, නලෝල පද්දල මට කියපි "ආ....මේක තමයි ඔයා දැන් වැඩිය අපේ පැත්තෙ එන්නෙ නැත්තෙ නේද..." කියල.
වහ කන්න එපායැ.. බං...
Deleteඕනනම් රමරිසි කියන එක මොඩ් කරලා රමසි කියන්නත් පුළුවන්. ඊට පාසේ වයිෆ්ගෙන් අහ ගත්තද ?
Deleteඒ අහපු එක ඇත්තද ඉන්දික? :-D
Deleteචෙහ් ටැපලුනා නේ රමරිසි නෙවෙයි සමරිසි.
Deleteඅයිත් මේ මොනා අහනවද ප්‍රා. නිකං නෙමෙයි, මේ යකා කණුවක් බදාගෙන කිව්වෙ. අවුලක් උනේ නෑ, මොකද මිනිහ ගැන මම කලින් විස්තර කියල තිබ්බ නිසා. නැත්තං පවුල් කැඩෙන වැඩ.
Deleteඕකගෙ තව රස කතා තියෙනව. පෝස්ට් එකක්ම කොටතැහැකි.
මට රම්සි හමු වූ එකම සහ අවසන් අවස්ථාව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙදි...රම්සියගෙ අංගචලන වලට අමාරුවෙන් හිනා නොවී හිටියෙ...මම දැන් ඉන්න ඔපීසියට වතුර සප්ලයි කරන කොම්පැණියෙත් ඉන්නවා ඔය වගේ බුවෙක්...ඒකා මග එද්දිම අපි දැනගන්නෙ අපේ කෙලියො ටික කිචි බිචි ගාන්න ගන්න නිසා.
Deleteසුදීක යමුද අර කඩෙ පැත්තෙ ගිහින් එනන
ReplyDeleteඅනේ මේ පලයං බං සුදීක අය්යෙ යන්න... උඹ බබා.... උඹ තේ බීල නිකං ආව.... හෙහ්... අපි දන්නැද්ද උඩහමුල්ලෙ එවුංගෙ හැටි....
ReplyDeleteනැහ්නං ඕන්නෑ.. අර පැරා කියල තිබ්බ වගේ රහස් නං රහස්ම තමයි නෙහ්..... හෙහ්....හෙහ්....
මටනම් එපාම කරපු ඡාතියක් ඔය සමරිසි එවුන්.
ReplyDeleteනයි පොළොංගු ඉන්න අස්සෙ තේ බොන්නත් ගිහින්... මරු මරු...
ReplyDeleteමේ ලගදි දවසක ඡායා පිටපතක් ගන්න තැනක් හොයමින් ගියා නිවාඩු දවසක....ගෑණු කෙනෙක් මගෙන් ඇහුවා මොනවද හොයන්නෙ කියලා...මම කාරණේ කිව්වා...ඔයා මට කැමතිද ? මගේ සර්විස් එක ඕනෙද කියලා ඊලගට ඇහුවා.....එහෙනං මම ඔයාට ඔය වැඩේ කරගන්න පුලුවන තැන ගැන කියන්නෙ නෑ කියලා ගස්සගෙන ගියා...බැලින්නම් තඩි පොන්සියෙක්....
ReplyDeleteමේ කථාව ඇතුලෙ සුධීක අයියා සිල් ගත්ත චරිතයක් අපිට පෙන්නුවට...තේ කඩෙන් කිරි තේ බීලා නිකං ඉන්න නැතුව ඇති කියලයි මගේ අදහස..
Pera,Ahaka yana nai redda asse daganna hadannaepa,Deshapalakayan edagena,jayasinha Hmmmm! wikramasinha gena wenama liyamu.
ReplyDeleteකඩේට යාගන්ඩ බය එවුන් නයාම කාපිය. නැත්තං කාපිය අර ස(ර)ම රිසි මැනේජරයව.
ReplyDeleteඔන්න දැන් තමයි මේක කියවලා ගිය හිනාව නැවතුනේ.
ඕකුන් ගැන නම් කියලා වැඩක් නැහැ. මම බම්බලපිටියේ ඉන්න කාලේ දවසක් බස් හෝල්ට් එකේ සෙනග ගොඩක් මැද්දේ..මුන් දෙන්නාගෙන් එකෙක් හයියෙන් කියනවා මට "හරි නරකයි අනේ...ඔයා හින්දා මෙයා බඩවෙලා" කියලා. මට යකෝ පොලව පලාගෙන යන්න හිතුනා. දන්නවනේ බම්බලපිටිය හන්දිය... වින්න පොමානේ.
ReplyDeleteඋන්දෙන්නා කතාකරපු එකට අරූට පොලව පලාගෙන යන්න හිතුනෙ එතකොට......... hmmm
Deleteනිකන් ඉන්න මෙයා.....ඕන් නැති කතා නොකිය...මං තරහයි.....
Deleteඅන්තිම ටික තේරුනේ නෑ. ආපහු කියවන්ට ඕනි. :(
ReplyDeleteආපහු කියෙව්වත් තේරෙන්නෙ නෑ....දන්න කියන වැඩිහිටියෙකුගෙන් අසා දැනගන්න...
Deleteහෙහේ සමහර විට උන්නැහේ සමරිසි වෙන්න ඇත්තේ ඔය උෂ්ණාධික පළත් වල ඉඳලා
ReplyDeleteඅධික කාමශව නිසාද දන්නෙත් නැහැනේ.