Thursday, October 30, 2014

ලොල්ද මන්දා අංක 17 :

පාමංකඩ ඉලෙක්ට්‍රික් බාස්ගේ අලුත්ම ගෝලයා ...... Pamankada Electrician's Assistant
මේ වනවිට කෙටිම කෙටි ලොල් කතා 37 ක් සහ ලොල්ද මන්දා කතා 16ක් ලියලා තියෙනවා. මම හිතන්නේ ඔබ සැම ඒ සියල්ල කියවන්න ඇති. හිනා යාවිද කියලා අඩමාන කතා ලියන්න තමයි ලොල්ද මන්දා සීරීස් එක පටන් ගත්තේ. සමහරු මේ තීරුවේ ලියපුවත් හොඳටම ලොල් බව පවසපු අවස්ථාත් නැත්තේම නෑ. බලමු අද කියන්න යන කතාවත් ඒ වගේ එකක්ද කියලා.

ඉලෙක්ට්‍රික් බාස් කිව්වම මගේ මතකයට ආවේ මම රිවරිනා වැඩ කරන කාලේ ඒකෙ හිටපු රාජපක්ෂ අංකල්ව. නෑ. නෑ. බය වෙන්න එපා ඒ පවුලේ සම්බන්ධයක් නෑ. මේ කියන කෙනාට ඒ කාලෙත් අවුරුදු පනහකට වැඩියි. ඇවිදින්නේ වගේම, කථා කරන්නෙත් බොහොම හෙමින්. හෙමින් විතරක් නෙවෙයි අමුතු හීනි කටහඬක් එයාට තිබුණේ. මේ වයසක මනුස්සයට කවුරුත් ගෞරව කළා. මම හිතන්නේ වයස ගැන හිතලා. අනික මිනිහා බොහොම වගකීමෙන් අවංකව රාජකාරි කරපු කෙනා. නැත්නම් මේන්ටනන්ස් ඒකට එයා වෙනුවට කොල්ලෙක් ගන්න පුළුවන් බොහොම පහසුවෙන්. 

මගේ මතකයේ හැටියට ඉලෙක්ට්‍රිකල් සුපවයිසර් කෙනෙක් විදියට තමා වැඩ කළේ. ඉතිං මිනිහා නිතරම මේන්ටනන්ස් බඩු තියෙන ස්ටෝරුව පැත්තේ කැරකි කැරකි ඉන්නේ. මොකද එතැන වැඩ කරපු ලොකුහෙට්ටි කියන ස්ටෝර් කීපර්(ට කවුරුත් කිව්වේ කටු කන්නා කියලා. හෝටලයේ සාමාන්‍යධිකාරී අනුර ලොකුහෙට්ටි මහතාගේ ඥාති සොයුරා) එක ජාතියක මිනිහා. නිතර කෑ ගහ ගත්තු ගමන්මයි. අයියගේ පවර් අරගෙන කියලා බොහොම දෙනෙක් කිව්වේ. මමනම් ලොකුහෙට්ටි එක්ක බොහොම ප්‍රවෙසමට ගනුදෙනු කලේ. 

මේන්ටනන්ස් ස්ටෝර්ස් එක කිව්වට තනිකරම හාඩ්වෙයාර් එකක් වගේ.  එතැන එක දොරක් ඇරලා, මේසයක් වගේ ලැල්ලක් හරහට දාලා තියෙන්නේ. එක උඩ තියාගෙන තමයි මේ බඩු නිකුත් කරන්නේ. හරියට හොරා ගන්නවා වගේ තමයි ලොකුහෙට්ටි මේක ලොක් කරගෙන ඉන්නේ. හැබැයි ගිණුම් අංශයේ ඉන්න අයට මේක ඇතුලට යන්න තහනමක් නෑ. අපි මාසේ මුල් දවස දෙක තුන මේකේ රිංගනවා ස්ටොක් ගන්න. එහෙම ස්ටොක් අර ගන්න වෙලාවක රාජපක්ෂ අංකල් ස්ටෝරුවේ දොර ගාව කැරකෙනවා. හරියට නිකං අර මනෝකායවල් තමන්ට කැමති තැන් වල කැරකෙනවා වගේ.

එදා මේ ස්ටෝරුවේ ස්ටොක් ගන්න දවසක්. එහෙම දවසක් වලට එතැන එකම කාලගෝට්ටියක්. මොකද සේනාරත්න ගිණුම අංශයෙන් මේ වැඩේට එන්නේ. මිනිහා අතේ තියෙන ස්ටොක් ෂීට් එකේ පොත් වල තියෙන බැලන්ස් එක ලියලා තියෙනවා. ලොකු හෙට්ටි කැමති නෑ වැඩිපුර බඩු තියෙනවා කියන්න. එහෙම කිව්වොත් සේනාරත්න බැලන්ස් එක හදා ගන්නවා. සමහරු නම් කියන්නේ, අහිංසක නැත්නම් අලුතෙන් ආපු නඩත්තු අංශයේ කොල්ලොන්ගේ ඇස් වලට වැලි ගහලා ලොකුහෙට්ටි ගණන් වරද්දලා මේවා ඉතිරි කරගෙන, ඇතුලට එන වාහන වලින් මේවා පන්නනවා කියලා. මොකද ඌ කටේ සද්දෙන් තමයි මේක කරගෙන යන්නේ. අනිත් එක්ක අයියා(ජෙමා) ඉන්න නිසා කවුරුත් මූට ටිකක් බයයි. එහෙම නැති අය අතලොස්සක් හිටියා. දැන් සේනාරත්න අයිටම් එකේ නම කියනවා - ලොකුහෙට්ටි බැලන්ස් එක කියනවා. ඒ අතරේ ලොකුහෙට්ටි රබර් ඇහැ දාලා ෂීට් එකේ තියෙන ගාන බලනවා. එතකොට සේනා බනිනවා.
"කන්ඩියුට් බෙන්ඩ් අඟල් භාගේ නිල්"
පින්තූරය ගත්තේ : www.ecw.com

සේනාරත්න ඔන්න මේ පාර බැලන්ස් එකත් එක්කම කිව්වා.  බැලන්ස් එක බිංදුව (Nil හෝ Null). මේක ඇහුණා ඒ වෙලාවේ එතැන කැරකි-කැරකි හිටපු රාජපක්ෂ අංකල්ට. ඇහිච්ච් ගමන් මිනිහා ආවේස වෙලා වගේ මිනිහගේ අර අමුතු කටහඬින් කියාගෙන යනවා මෙහෙම
"නිල් පාට කන්ඩියුට් බෙන්ඩ් කොහෙද තියෙන්නේ. මමත් දැන් අවුරුදු විසි ගානක් වැඩ කරනවා. කවදාවත් නිල් පාට කන්ඩියුට් බෙන්ඩ් දැකලා නෑ. කන්ඩියුට් ඉතිං කවදත් කහ පාටයි. නැත්තං සුදු පාටයි. කෝ පෙන්නනවා  බලන්න ඕක"
මේක අහලා ඇතුලේ කාලගෝට්ටි දා ගත්ත සේනා සහ ලොකුහෙට්ටි දෙන්නා බඩ අල්ලාගෙන හිනා වෙනවා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පින්තූරය ගත්තේ : http://www.whatsupcolombo.lk

 පාමංකඩ එකසිය විස්ස පාරෙන් ඇවිත් එකසිය තිස් අට පාරේ බෝ ගහ ගාවට වැටෙන පාරේ මම බොහෝ සතියේ දින වල යනවා. ඒ පොඩි එකී ඇරලන්න. ඉතිං එතනින් යන ඕනෑම කෙනෙකුට දකින්න ලැබෙන තැනක් තමයි Malkey Rent A Car සර්විස් එක. මේක ඉස්සරහ පැත්තේ ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් ඉන්නවා. එයා ගාවට අලුතෙන් ගෝලයෙක් ආවා. මේ කොල්ලා නිතරම Rent a Car එක පැත්තට දුවගෙන යනවා. දවසක් බලාගෙන ඉන්නම බැරි තැන බාසුත් ඒ පස්සෙන් ගිහිං. මේ අතරේ අලුත් ගනුදෙනු කරුවෙකුට වාහනයක් දෙනවා. දැන් ඉතිං ඒ ආයතනයේ මැනේජර් අර ගනුදෙනු කරුවට යතුර දුන්නා. දැන් යතුර ඒ ගනුදෙනුකරුවාගේ අතේ. කොල්ලා රිලා පැටියෙක් වගේ දෙකට නැවිලා ඔලුව කරකව-කරකව බලනවා. ඒ ගමන ගනුදෙනු කරුවා අර මැනේජර් එක්ක වාහනය ගාවට ආවා. දැන් යතුර දාන්න හදනකොටම ආයි කොල්ලා බිම ඉඳගෙන බලනවා. ඒත් යතුර දාලා දොර ඇරගත්තු ගනුදෙනුකරුවා ඇතුලෙන් වාඩි වෙනවා. ඒ පාර යතුර දානකොටත් කොල්ලා එබිලා බලනව. බාස් උන්නැහේ අල්ල ගත්තා කොල්ලගේ කමිස කොලර් එකෙන්
මොකද යෝධයෝ උඹ අර රිලවෙක් වගේ එබී-එබී එතනට වාහන ගන්න එන එවුන් දිහා බලන්නේ.
බලන්න බාස් උන්නැහේ මම දැන් දවස් කීයක් බලනවද ? එකක් බලා ගන්න බැරි වුණානේ මල් යතුරක්. ෆ්ලැට් යතුරු තමයි වැඩි හරියක් තියෙන්නේ.
යතුරු ඉතිං ෆ්ලැට් නැතුව හතර්ස් වෙන්නද ?
නෑ ඉතිං බෝඩ් එකේ නං ලොකුවට ගහලා තියෙනවා මල් යතුරු තියෙන වාහන දෙනවා කියලා. ඒත් මුන් ළඟ තියෙන්නෙම ෆ්ලැට් යතුරුමනේ.
ඔන්න එතකොට තමයි බාස් උන්නැහේට වැඩේ මීටර් වුණේ. කොල්ලා මල් ඉස්කුරුප්පු නියන සහ ෆ්ලැට් ඉස්කුරුප්පු නියන වගේ යතුරුත් ඇතියි කියලා හිතලා.

මේක ටිකක් කාලෙකට කලින් සිද්ධියක්. දැන් නම් ඉතිං වාහන වලට විවිධ වර්ගයේ යතුරු තියෙනවා නේ. පස්සේ කල්පනා වුණේ මේ ගෝලයා නුවර පැත්තේ උනා නම් මල්කි කියන කෑල්ල අල්ල ගන්නේ නැතිව Rent a Car කියන කෑල්ල අල්ල ගන්නත් තිබුණා. 

19 comments:

  1. මං බැලුවා සුදීකයියා රාජපක්ෂලාට අංකල් කියන තරම් හිත්වතෙක්ද කියලා . කොහොම වුනත් ඔය ස්ටෝකීපර්ලා හැමෝගෙම ටිපිකල් ගුණයක් තමයි ස්ටොක් එක හරියට නොදීම .
    මට මේ දෙවැනි කතාව දැක්කම වෙන සීන් එකක් මතක් වුනා Rent a car කියන එක සිංහල අකුරු වලින් ලිව්වනම් මාර ලොල් වෙයි නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය රෙන්ට් අ කාර් කියලා සිංහලෙන් ලියන්නත් බැරි එකේ රෙන්ට කාර් කියලා ලිව්වා නම කොහොමත් එකයි.

      Delete
    2. ආච්චියෙක් ඇහුවලුනෙ, "ඒ වැඩේට මොටද පුතේ කාර් එකක්? " කියලා.

      "මල් කී" නං සුදික කිව්වට පස්සෙයි දැක්කෙ. ලොල් ඈ...!

      Delete
  2. Replies
    1. හරි යන්නේ නෑ මෙන්ඩියා උඹ බ්‍රා ගැන පොස්ට් එකක් ලියපං.

      Delete
  3. මම අද යනවා ගමේ..නල්ලච්චිය වැවේ දුපතට ගිහින් බෝතලයක් ගහලා හෙලුවෙන් නාලා වැව අයිනේ ගහට නැගලා වැවට බල්ටි ගහනවා...
    එහනම් ගිහින් එන්නම්..

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. මෙන්ඩියා ෆුල් ෆෝම් වෙලා තියෙන්නේ මොකද ?

      ප්‍රසන්නයාගේ බීම ගැන මම දන්නේ නැද්ද.

      Delete
  4. Malkey Rent A Car එකේ මල් යතුරු හොයන එකත් 'කළුනික' හොයනවා වගේ වැඩක් තමා. නෙහෙ!! ;) ;) :D :D

    මිනිහා ගල් බෝතලයක් දුන්නාම ඒක ඇතුලෙ ගල් හොයනවද දන්නෑ :D

    ReplyDelete
    Replies
    1. භාවිතයත් එක්ක තමයි මේ වගේ අදහස් එන්නේ. ඉලෙක්ට්‍රීෂන්ලා මල් සහ ෆ්ලැට් ස්කුරුප්පු නියන් වලින් වැඩ කරන උදවියනේ.

      Delete
  5. මල් කී හොයන්න මිනිහට කෙලින්ම එතන මැනේජරය ගාවට යන්න තිබුණනෙ.
    රෙන්ට කාර් වලින් යන කට්ටියත් අපේ රටේ නැතුවම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මල්කි හොයාගෙන එතන මැනේජර් ගාවට යන්න තරම් හයියක් කොහෙද මිනිහට ?
      ඔව්. ඔව්. වැන් ලින් යන අයත් ඉන්නවා.

      Delete
  6. muladi,Mamath hithuwe Golaya malkey newei Rent a car eka patalawagani kiyala,(Ranjan)

    ReplyDelete
  7. මං නම් කලින් අහල නැති කතා දෙකක්. rent a th පුළුවන් කාර් එකේ හිලක් හදා ගත්ත නම්. :D

    ReplyDelete
  8. මල් නියනෙන් අයින්න තිබ්බා හොයා ගත්තා නම්! :D

    ReplyDelete
  9. බොරු කියන්නේ මොකද මාත් මුල ඉඳම්ම හිතං හිටියෙ ගෝලයා ගත්ත කාර් එකේ ඒ වැඩේ කොරන හැටි බලන්න දුවනවා කියලයි.. එහෙම නොවුන එකනම් ලොලේ ලොල්..

    බලාගෙන ගියාම ඉලෙක්ට්‍රිකල් බාස්ලයි ගෝලොයොයි ඔක්කොම එකයි.. උඩ එක නිල් යට එක ලොල්.. ජය ශ්‍රී!

    ReplyDelete
  10. හෝටල් වලත් අපි නොදන්න කථා රාසියයි නොවැ...ඒ කථා මාලාවම වරින් වර මේක ඇතුලෙ දිග අරිමු...මගේ යාලුවෙකුගෙ ගෙදර හිටිය බැල්ලිගෙ නම මල්කි....මිනිහා වාහනේ කොළඹ ආව වෙලාවක පාර අයිනෙ හිටිය කොටියෙක්ගෙ වගේ අමුතුම පාටක ලෝම තිබුන වල් බල්ලෙක් ගෙදර ගෙනිහින් නම දැම්මා මල්කි කියලා....

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...