Sunday, January 12, 2014

මේ කවුද ? මොනවද කරන්නේ ? Who is he ? What does he do ?

 මේ පින්තූරයේ ඉන්න කෙනා කවුදැයි ඔබට හඳුනා ගන්න පුළුවන්ද ? බොහෝ දෙනෙකුගේ හිතට එන්න ඇත්තේ කලක් ඉන්දියානු රෝ ඔත්තු සේවය සොයමින් හුන් වීරප්පන් නමැති කාඩ්-බෝඩ් වීරයා කියා විය යුතුය. වීරප්පන්ගේ හැඩරුවට බොහෝ සෙයින් සමාන මොහු කවුද ? මොහු දුටු විට අපගේ ජනප්‍රිය බ්ලොග් කරුවකු, ඔහුගේ බ්ලොග් අඩවිය හඳුන්වා දී ඇති, තේමා පාඨය මගේ සිහියට එන්නේ නිතැතිනි. එය ඔබ, මා, අප සියලු දෙනා දන්නා එකකි. ඒ 

"හොරෙක් - මංකොල්ලකාරයෙක් - දේශප්‍රේමියෙක්"

එතකොට මේ ඉන්නේ මාතලන්ද ? නැත. කොහෙත්ම නැත. මෙහි සිටින්නා හොරෙක් නොවන බව මා තේරුම් ගත්තේ ඔහු සමග දොඩමළු වූ මිනිත්තු කිහිපයෙනි. ඔහු මංකොල්ලකාරයෙක්ද ? මේ කතාව අවසන ඔබට ඒ ගැන යම් සැකයක් ඇති විය හැක. ඔහු දේශප්‍රේමියෙක් බව මට සහතික කොට කිව හැක.  මා මේ කියන කතාව ඔබට ප්‍රහේලිකාවක් බව දනිමි. 

වරක් මා අගය කල මාතලන් නමැති ප්‍රවීණ බ්ලොග් කරුවා පැවසුවේ 
"බ්ලොග් කරුවන් යනු පුරවැසි මාධ්‍යකරුවන්(Citizen Journalist) බවත්, ඔබගේ වගකීම රටට සමාජයට වැදගත් වන දෙයක් දුටු විට වාර්තා කිරීමය"
යන වදන් කිහිපයය. මා පහුගිය කාලයේ කල බොහෝ බ්ලොග් සටහන් මේ ස්ථාවරයේ හිඳ ලියූ ඒවාය. සැබවින්ම අප පුරවැසි මාධ්‍යකරුවන්ය. 

දිනය පහුගිය සිකුරාදාය. වෙලාව සවස දෙක පමණ වන්නට ඇත. මා සිටියේ දැඩි බඩගින්නකය. ස්ථානය : අඹගහ හන්දිය. ඒ මට බාරදී තිබෙන සමරු කලාපයක කටයුතු සඳහා "අඹගහ හන්දිය" නමින් හඳුන්වන, තලංගම කොස්වත්ත, අයි.ඩී.එච්. සහ රාජගිරිය යන මාර්ග තුන එකට එකතු වන, කුඩා අඹගසක් ඇති හන්දියට ගිය අවස්ථාවේදීය. මා සිටියේ ත්‍රී රෝද රථයක් බලාපොරොත්තුවෙනි. එක් වරම එහි ළඟා වූ බට්ටා වර්ගයේ කුඩා ලොරියක් නවත්වා, එහි රියදුරු මා හට ගොඩ වන ලෙස ඉල්ලා සිටියේ ප්‍රිය මනාප සිනහවක් පල කරමිනි. මා දෙවරක් සිතා එයට ගොඩ වීමි. එහි පුරවාගෙන තිබුණේ කාර්යාල සඳහා සපයන පානීය ජල බෝතල්ය. එය මා තුළ මේ පුද්ගලයා කෙරෙහි සැකයක් ජනිත නොකරන්නට හේතු වන්නට ඇත. ඉන්පසු එකදිගට දොඩමළු වූ ඔහු

මහත්තයා කවුද කියන්න මම දන්නේ නෑ. ඒත් හුඟාක් වෙලාවට පාරේ ඉන්න කවුරු හරි කෙනෙක්ව මේ නිකං තියෙන සීට් එකේ දාගෙන යනවා. අද කාලේ හොර හතුරන් ඉන්න හැටියට මේ වගේ දෙයක් කරන්න බයයි. ඒත් මහත්තයා දැක්ක ගමන් මට කියන්න පුළුවන් කවුද කියලා. මාත් ලංකාවේ හතරදිග්භාගයේ වැඩ කරලා අත්දැකීම් තියෙන මිනිහෙක්. මම හමුදාවේ වැඩ කළේ. සර්විස් එකෙන් පෙන්ෂන් අරගෙන හොරකම් කරන්න මංකොල්ලකන්නේ නැතිව, මාසෙට මේකේ ලීස් ගෙවලා, තෙල් ගහගෙන අතට රුපියල් දෙදාහක් තුන්දාහක් හොයා ගන්නවා. ඒ අතරේ කවුරු හරි කෙනෙක් දැක්කොත් උදව් කරනවා. කෙනෙක් දාගෙන යන්නත් අද කාලේ බයයි. ඒ වගේ අප්සට් කෙනෙක් නැග්ගොත් මැරෙන්න වුණත් ගහන්න යකඩ පොල්ලක් මා ගාව තියෙනවා. මම හමුදාවේ හිටපු සේවා කාලේ වත් කිසිම වරදකට අහු නොවුන නිසා මට කේ.එස්.පී. අඳින්න ලැබුණා

මේ වනවිට මාගේ ගමනාන්තයට ළඟා වූ බැවින් ඔහු වාහනය පසෙකට කර නවත්වා මා හා දොඩමළු විය. 

මොකක්ද කේ.එස්.පී. කියන්නේ ?

කේ.එස්.පී. කියන්නේ කීර්ති සේවා පදක්කම. මේ තියෙන ගැසට් එකෙන් අපිට ඒ සම්මානේ දුන්නේ. අපි කාටවත් බරක් නොවී සමාජයේ ජීවත් වෙන්න ඕනේ. මම අරක්කු - සිගරට් කිසි දෙයක්, අඩුම ගණනේ බුලත් විටක් වත් කටේ තියෙන්නේ නෑ. ඕවා ඔක්කොම පුරුදු මහත්තයා. හිත තමයි තියෙන්නේ. හිතුවොත් ඕනෑම දෙයක් නතර කරන්න පුළුවන්. මම 1995 ඉඳලා හරක් මස් කෑම නැවැත්තුවා.  

ඔහුගේ නම ආර්.ඩී. එන්. ධර්මදාසය. ඔහුගේ නම ඉදිරියෙන් කේ.එස්.පී. - wo ලෙස තැබිය හැකි බව ඔහු පවසයි. ඔහුගේ ගම වැල්ලව - කුරුණැගල ය. ඔහු සැබවින්ම රටට ආදර්ශමත් එමෙන්ම කීර්තිමත් රණ විරුවෙකි. අද අපේ රටට අවශ්‍ය මෙවැනි පුද්ගලන්ය. ඔහුට බොහෝ සෙයින් ස්තුති වන්ත වූ මා කාර්යාලය අසලින් බැහැ ගත්තේ මේ සටහන තබන්නට සිතෙහි තබාගෙනය.
______________________________________________
පසුව එකතු කල පින්තූරය.
පින්තූරය : http://documents.gov.lk/Extgzt/2012/PDF/Oct/1779_23/1779_23%20(S).pdf

73 comments:

  1. ස්තුති මේ වගේ අය ලංකාවේ ඉන්න බව පෙනවා දිම ...සුන්දර මිනිසෙක් ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්වල්පයක් අය ඉන්නවා. අවශ්‍ය වෙන්නේ මේ දේ හැමෝ අතරටම ගිහින් සාමාන්‍ය දෙයක් වෙන්න. සේවාව සපයන්නාට හානියක් නොවන්න, සේවා ලාභියා වග බලා ගන්නවා නම් එය හොඳ දෙයක් වෙයි.

      Delete
  2. මම මුලින් රැවටුනා මාතලන්ද මේ කියලා. රණවිරුවෙක් වගේම හොඳ මිනිහෙක්. පුරවැසි මාධ්‍ය කරණය කුමක්ද කියා තේරුම් ගන්න හොඳ උදාහරණයක් ඔබගේ ලිපිය. ස්තුතියි අත්දැකීම් බෙදාහදාගැනීම පිළිඹඳ.

    ReplyDelete
    Replies
    1. පුරවැසි මාධ්‍යකරණය ඉතා පුළුල් පරාසයක සිදු කරන්න පුළුවන් දෙයක්. කොටින්ම මාධ්‍ය කරුවා කරන සියල්ල සිදු කරන්න පුළුවන්. නමුත් අපට ලඟා විය හැකි තැන් බොහොම අඩුයි. මාධ්‍යකරුවා වෘත්තීය මට්ටමෙන් එය සිදු කරන්නේ. එතකොට අපේ වාර්තාවන් ඊට වඩා තත්වයෙන් පහළ වෙන්නත් පුළුවන්. වඩා වැදගත් අවශ්‍ය පණිවුඩය මහජනයා වෙත ගෙන යාම.

      Delete
  3. මේ වගේ මිනිස්සු දකින්න ලැබෙන එකත් වාසනාවක්.
    මේ අයගේ නම ඉස්සරහින් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් දැකලා ඇති අපේ හමුදාවේ ඉහළ නිලයන්ගේ නම් ඉදිරියෙන් පී.එස්.පී (පරම ශූර පදක්කම) වගේ ඒවා දාල තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ගැසට් පත්‍රයට ගියාම ඒ බව පේනවා.

      Delete
    2. පරම ශූර පදක්කම යනුවෙන් පදක්කමක් නැත. පී.එස්.සී. යනුවෙන් ලියන්නේ හමුදා උපාද්ධියකි.

      Delete
    3. පරම ශූර පදක්කම යනුවෙන් පදක්කමක් නැත. VSV = විශිෂ්ඨ සේවා විභූෂණය යනුවෙන් පදක්කමක් සහ psc = passed staff college යනුවෙන් හමුදා උපාධියක් ඇත.

      Delete
    4. බොහොම ස්තුතියි නිවැරදි කලාට....

      Delete
  4. මටත් දැකපු ගමන් මාතලන් තමයි මතක් වුණේ..
    ලිපිය කියවලා ඉවරවුනාම මට දැනිච්ච දේ තමයි ..සාමන්යෙන් පුද්ගලයන් ගැන අපි ලිපි ලියන්නේ එක්කෝ හැමෝම දන්න රටේ ලෝකේ පිළිගත්ත කෙනෙක් ගැන එහෙම නැත්තං අම්මා තාත්තා ගැන ඔබේ ලිපිය ඊට වෙනස් .. මේ වගේ සරළ ඒත් හරිම ආද්ර්ෂමත් මිනිස්සු කොච්චර නම් අපිට මග ඇරිලා ඇද්ද මේ වෙද්දී ..ස්තුති

    ReplyDelete
    Replies
    1. මෙවැනි මිනිසුන් ඕනෑතරම් ගම්බට වෙන්න ඉන්නවා. ආගන්තුක සත්කාරය අතින් ශ්‍රී ලංකාව ඉහළම ඉන්න රටක්.

      Delete
  5. දැක්කනේ මිනිහෙක්ගේ පෙනුමේන් මනින්න බෑ කියන එක.
    ඒ වාගේම තමයි නමිනුත් මිනිස්සුන්ව මනින්න බෑ.
    (අඩි පහේ ටියූබ් ලයිට් සඳහා බඩු කාරයා වනහී අහිංසක සුන්දර මනුස්සයෙකී.)

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර මිනිසුන් ගැන අපි හිතේ මවාගෙන ඉන්න ප්‍රතිරූපය කඩා වැටෙනවා ඇත්තට දැක්කම.

      Delete
  6. මේ වගේ මනුෂ්‍යත්වයෙන් ජිවත් වන මිනිසුන් නම් තව කොතෙක් ඇද්ද සුදික මල්ලි.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රමාණය තව වැඩි වෙනවා, මිනිස්සු අවංකව ජීවත් වෙනවා නම්.

      Delete
  7. තවත් එක සොඳුරු මිනිසෙක්!!!

    සුදීක මුලින් ටිකක් බයෙන් ඉඳලා වගේ පේනවා. දන්නේ නැති වාහනවලට අද කාලේ නගින්ට බයයි තමානේ. :)

    ReplyDelete
    Replies
    1. බයක් ඇති වුණේ නෑ. නමුත් ඔහු කථා කළේ මටද කියන සැකය මට තිබුණා.

      Delete
  8. ඔහු හොඳ මනුස්සයෙක් තමා...ස්තූතියි මෙහෙම අය ගැන කියනවට...

    ගැසට් එකෙත් අක්ෂර වින්‍යාස දෝෂ තියනවනේ. අපි ගැන කවර කතාද ?

    ReplyDelete
    Replies
    1. 1990 වෙනකන් ලංකාවේ කාර්යාල වල වැඩ කලේ නිදහස ලබන්නට පෙර හෝ ඉන් පොඩි කාලෙකට පස්සේ ඉපදුනු අය. ලී ක්වාන් යු ලංකාව දැකල එලස් කිව්වේ මේ මිනිස්සු මෙහෙයවපු දෙපාර්තමේන්තු සහ දේශපාලන සන්ධර්භය දැකල.

      ඒ ජෙනරේෂන් එක දැන් විශ්‍රාම අරං. ඒ තැන් වල දැන් වාඩි වෙලා ඉන්නේ පනස් හයේ බණ්ඩාරනායක/කන්නන්ගර නිදහස් අධ්‍යාපන බුරු පුත්තු. දැන් රජයේ සේවය බල්ලට ගිහිල්ල. දේශපාලනය ? ඒ ගැන කතා නොකර ඉම්මු

      එහෙව් එකේ ගැසට් එක එලට තියෙයි කියල හිතනවද ?

      Delete
    2. සමහර අකුරුවල හල් කරන කෑලි කවුද උස්සලලු. :D

      Delete
    3. මේ වචනය ගැන සොයා බලන්න ඕනේ.

      Delete
  9. සැබැවින්ම දේශප්‍රේමියෙක්...

    ReplyDelete
    Replies
    1. සහතිකවම. උපන් බිමට ණය නැති මිනිසුන්.

      Delete
  10. මාතලන් වගේ අය කොහොමත් හොඳ කොල්ලෝ තමයි...

    මගෙත් ඔය පුරුද්ද තියෙනවා. නිකන් තියෙන සීට් තුන නේ. ඒත් ඉතින් ලස්සන කෙල්ලන්ට කතා කලාම නම් එයාලා බය වෙනවා.. උන්ට පිස්සු.. ඇයි බන් අපි වැදගත් මිනිස්සු වෙලත්, එහෙම වෙන්නේ..

    සමහර උන් නගින්නේ පිටිපස්සේ සීට් එකට. පොලීසියේ එකෙක් නම් බය පැනලා නවත්තලා ඉස්සරහා සීට් එකේ තියාගෙන ලෑල්ලටම පගනවා. එක දවසක් එකෙක් පොල්ගහවෙලින් ගත්තා. වරකාපොලින් බහිනකම්, ඌ නෙමේ කතා කලේ.. බැහැලා ඉවරවෙලා කිව්වා.. මහත්තයට බුදු සරණයි, පොඩ්ඩක් හෙමින් ගියොත් නරකද කියලා.. ඒ යකා නැතුව, හයියෙන් යන්න මගේ මොළේ නරක් වෙලාය..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ යුරෝපීය රටවල එය නීතියක් වශයෙන්ම තියෙනවා. වාහනය ප්‍රධාන නගර වලට ඇතුල් කරද්දී හිස් අසුන් තියෙන්න බෑ කියලා. මේ ධර්මද්වීපයේ තමයි ඕවා කරන්න බැරි.

      Delete
    2. යුරෝපේ විතරක් නොවෙයි ඉන්දුනීසියාවේ ජකර්තා වලත් ඔය නීතිය තියනවා සුදීක. ඒක දුප්පතුන්ටත් ජීවනෝපායක්

      Delete
    3. ෂාහ් නියමයිනේ. සමහරු මුදල් උපයන්න නීතිය භාවිතා කරනවා. තව කෙනෙක් නීතියෙන් ගැලවෙන්න රියදුරන්ට උදව් කරන ගමන් තමන්ගේ ගමන නොමිලේ හෝ අඩු මුදලකට යනවා.

      Delete
  11. හොඳ මිනිහෙක් ගැන හොඳ ඇගයීමක්. මොහු මාගේ සේවාකාලය තුල මා දැක තිබෙනවා. අදටත් හමුවුනොත් මොහු මා හඳුනාගන්නවා ඇති.

    KSP සහ KSV යනුවෙන් පදක්කම් දෙකක් තිබෙනවා. KSP පදක්කම දෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ යටත්පිරිසෙයින් වසර 20 ක් වත් නොකැළැල් සක්‍රිය සේවකාලයක් හිමි, බලලත් නිලධාරි 1 සහ 2 යන නිළයන්හි අයවලුන්ටයි. එම පදක්කම හඳුන්වන නිවැරදි නම 'කාර්යක්‍ෂම සේවා පදක්කම' යන්නයි.

    KSV = කාර්යක්‍ෂම සේවා විභූෂණය නමැති පදක්කම ලබාදෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ යටත්පිරිසෙයින් වසර 22 ක් වත් නොකැළැල් සක්‍රිය සේවකාලයක් හිමි, මේජර් ජෙනරල්නිළයේ නිලධාරීන්ටයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අඳුනන කෙනෙක් හිටියා. මට ඔබව මතකයට ආවේ නෑනේ. ඔහු කේ.එස්.වී. ගැනත් කිව්වා තමයි.

      Delete
    2. පදක්කම් ගැන ලිපියක් ඉදිරියේදී ලියන්නම්.

      Delete
    3. මේ වගේ පෝස්ට් එකකින්...හා කමෙන්ට් වලින් නොදන්නා කරුණු කොයි තරම් නම් දැනුවත් වෙනවාද...!

      Delete
  12. නොමිනිසුන් අතර තවමත් මෙවන් මිනිසුනුත් ඉතිරි වෙලා ඉන්නවා නේද සුදීක අයියෙ.

    KSP - WO ට මාගේ උත්තමාචාරය.

    ReplyDelete
    Replies
    1. අප සියල්ලන්ගේම උපහාරය ලැබිය යුතු මිනිසුන්.

      Delete
  13. ඇත්තටම සුදීක අය්යේ ඔය කරල තියෙන දේ කාටත් ආදර්ශයක්.

    මමත් එක දවසක් කොට්ටවෙ ඉදල මත්තෙගොඩට බයික් එකෙ එද්දි කෙනෙක්ව දාගෙන අව... හෙල්මට් නෑ.. ඇල්ලුව පොල්ල්ස් මාමල... ගෑහුව දඩයක්..

    ඔක්කොම ලියල ඉවර වෙල බිකෙ එකට නග්ග එයත් එක්කම. මෙන්න පොර බෑහෑ ගුය්ස් මාමල ගවට මෙන්න මූ බනිනව මාමලට පලු Hඅන්න. මමත් එබිල බෑල්ය්ව. යකුනේ මූ පොලොසියෙ ලොක්කෙක්. පොර මගෙ ලයිශන් එකත් අරගෙන දීල මව එවුව... මාමල හොදට අහ ගත්ත....

    ReplyDelete
    Replies
    1. අඩේ මේ මම මොනවද ලියල තියෙන්නෙ... අනේ කස්ටියටම සමා වෙන්ට ඕන... වැඩි වෙච්චි වෙලාවක නෙමෙයි මේ කොමෙන්ට් එක දැම්මෙ.. අලුතින් හම්බ උනු පෝන් එකෙන් ටෙස් කොරන්න දැම්මෙ.. වැඩේ අවුල් ගිහිල්ල....

      Delete
  14. අවංකව හමුදාවෙ රාජකාරි කල බොහෝ දෙනෙක් අයින් උනාට පස්සෙ සමාජයට බරක් නොවී ජීවත් වෙනව. නමුත් රස්සාවට හමුදාවට ගිය සමහර අය තමයි මංකොල්ලකාරයො, මිනීමරුවො වෙලා තියෙන්නෙ. (හැමෝම නෙමෙයි)

    ReplyDelete
    Replies
    1. දැඩි විනයකින් පාළනය වෙන නිසා හමුදාව තුල හොරකම්, වංචා අඩු වුණත්, හමුදාව තුලත් ඉන්නේ මේ සමාජයේ අයමනේ. එනිසා ඒ තුලත් මේ සමාජයේ පැතිකඩක් තියෙන්න ඕනේ.

      Delete
  15. ඔයා මේ මනුස්සයාගේ පොටෝ එකත් දාලා දැන් ත්‍රීවීල් කාරයෝ මේ මනුස්සයට කරදර කරයිද දන්නේ නෑ එයාලට බඩේ පාර ගහනවා කියලා

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා මිනිහා ගාව යකඩ පොල්ලක් තියෙන්නේ ඕවට තමයි.

      Delete
  16. මුලින්ම වීරප්පන්,මාතලන් දෙන්නවම මතක් උනා.ඇත්තටම රටට බරක් නැති ඔය වගේ පුද්ගලයෝ ආස්සරේ කරන්න ලැබෙන එකත් ලොකු වාසනාවක්..........

    ReplyDelete
    Replies
    1. මම හිට්නාවා මම ඔහුට ණය නෑ කියලා. නමුත් ඔහු කලේ උදාර කටයුත්තක්. ඉස්සර රෑ බස් නැති වුණාම ලොරි වල ගිහින් තියෙනවා. මම මුලින්ම හිතුවේ ඒ වගේ ගානක් හොයා ගන්න හදන කෙනෙක් කියලා.

      Delete
  17. රළු පෙනුමැති හොඳ මිනිහෙක් ගැන දැන ගැනීමට සැලස්වුවාට ස්තුතියි සුදීක

    ReplyDelete
    Replies
    1. ඔහුගේ පෙනුම රළු වුනාට ඉතාම සැහැල්ලු පුද්ගලයෙක්.

      Delete
  18. ඔහොම තමයි සුදීක.. අනුන්ට මඩ පාරක් ගහලා පොඩි සතුටක් ලබන්න අපේ අය හරි ආසයිනේ... හැබැයි කාලයත් එක්ක සත්‍ය ජය ගන්නවා.. සුදීකගෙන් මෙවැනි පෝස්ට් දිගටම බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. තවත් මෙවැනි අය බොහෝ දෙනෙක් මට හමු වී තිබෙනවා.

      Delete
  19. මනුස්සකමට උදව් කරන්න ගිහාම අහක යන ටිංකිරි කන්න වෙන වෙලාවලුත් එනවා. දවසක් මන් රෑ ගෙදර යද්දි (‍රැ 11.30ට විතර ඇති) පොඩි ලමයෙකුත් වඩාගෙන හිටපු ප්‍රෙග්නන්ට් වෙච්ච අක්ක කෙනෙක් කිරිබත්ගොඩ හන්දියෙ බස් හෝල්ට් එකේ ඉන්නව දැකලා නැවැත්තුවා පුලුවං තැනකට නං ගිහිං බස්සන්න හිතාගෙන... වීදුරුව පහත් කරලා "අක්කෙ කොහෙටද..." කියලා විතරයි කියන්න හම්බුනේ, ඉතුරු ටික අහන්නත් කලිං මේ ගැනි "බේරගන්ඩ..." කියලා කෑ ගහගෙන දිව්වා. එතන හිටපු ත්‍රී'වීල් කාරයෝ තුන් දෙනෙක් "කවුද යකො " කියාගෙන මගෙ දිහාට දුවං ආවා... එකෙක්ගෙ අතේ ගලකුත් තිබුනා. මං ටක් ගාල බැහැලා කතා කරා.. හදිස්සියෙවත් මට බය හිතිලා වාහනෙංම ඉක්මන්ට යන්න හැදුවනම් ගල්'බාගෙන් වීදුරුවක් කුඩු කරගන්න වෙනවා. ඊටපස්සෙ අරුංගෙන් අනතුරක් නෑ කියලා දැනගත්තු ගමන් මන් ගෙදර ආව. අර ගැනු කෙනා ගැන බලන්න හිතුනෙ නෑ මට...
    >
    තව දවසක් එහෙම දාගෙන ගියපු මනුස්සයෙක් බැහලා ගිහිං තිබුනෙ කබි'හෝල් එකට යටිං තියෙන කෑල්ලෙ තිබුනු ඔක්කොම මාරු සල්ලි ටිකයි, මට වැදගත් ලියුමක් තිබුනු කවරෙකුයි අරගෙන..
    >
    හැබැයි හැමෝම මෙහෙම නෑ... අනික සමහරුන්ට කතා කරාම එයාලට බය හිතෙන එකේ වරදකුත් නෑ රටේ වෙන දේවල් වල හැටියට...
    >
    තෑන්ක්ස් අයියා අත්දැකීම බෙදාගත්තට...

    ReplyDelete
    Replies
    1. ඔහොම පරිප්පු දෙකතුනක් කාලා මමත් දැන් කාවවත් බයික් එකට දාගන්නේ නැ , හොදටම අසරනයි කියලා දැනුනොත් ඇරෙන්න, මම මේ වෙනකං එක දඩයක්වත් කාලා නැ , ඒ උනාට පොලිස් කාරයෝ නං . ගෙියන්නේ නැ

      Delete
    2. මචං එතකො අර වතුර බෝතල් දුන්නේ ඔය අයියද

      Delete
    3. නැහැ වතුර දුන්න සත් ගුණවත් මහතාගේ නම තුෂාර තිරිමාන්න.

      Delete
  20. අවංකයෙන්ම මම හිතුවෙත් අර කලින් කිවුව නමමයි. ඇත්තටම හිතා ගන්න බැ ලිපියේ කියවුණු දේ ගැන සුදීක අයියේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වීරප්පන්ද ?

      Delete
  21. මොනවා උනත් පට්ට රැවුල් පාර... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජෙකුට වුනත් ගැලපෙනවා මේ කට් එක. නරකද ට්‍රයි එකක් දාල බැලුවොත්.

      Delete
  22. වීදුරු කළු කරගෙන පාරේ යන වාහනවලට කොහොමත් අවට පේන්නේ නැති යුගයක ධර්මේලා වගේ අය වාසනාවන්. උදව් කරන්න ගිහින් අර යකඩ පොල්ල අතට ගන්න තත්වය ඇති නොවේවා කියාත් පතමි.

    ReplyDelete
    Replies
    1. මිනිහා එහෙමම කලබල වෙන කෙනෙක් නෙවෙයි කියලයි මට හිතුණේ.

      Delete
  23. භාහිර පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ කියන කාරණාව ඔප්පු කරන්න මේකත් හොද උදාහරණයක්..

    ReplyDelete
    Replies
    1. හැබැයි මම විශ්වාස කරන තව දෙයක් තියෙනවා. ඒ මුහුණ කියන්නේ හදවතේ පිළිබිඹුවක් කියන එක.

      Delete
  24. Kegalle factory eky idala ena welawata mamat ehama karanawa. (mage driver nam baninawa).

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එකේ බලාපොරොත්තුව හැකි හැම විට කාට හෝ උදව් කරන අය බවට බ්ලොග් කියවන්නන් පත් කරන්න උනන්දු කිරීම. ඔයා දැනටමත් එහෙම කරන එක සතුටුයි. ඩ්‍රයිවර් බය ඇති කේස් එකක් වුනොත් එයා වග කියන්න එපයි.

      Delete
  25. ඇත්තටම අද කාලේ මේ වගේ මිනිස්සු ඉන්නවා කියල අහන්න ලැබීමත් වාසනාවක්

    ReplyDelete
  26. පෙනුමෙන් මිනිස්සු මනින්න බැහැ කියන එකට හොද උදාහරණයක් ..

    ReplyDelete
    Replies
    1. පෙනුම මිනිස්සු මනින එකම සාධකය නොවෙයි. නමුත් වෙලාවකට වැදගත් වෙනවා.

      Delete
  27. මං කැමතිය. ඒ මේ ඉස්ටැයිල් එකටය. මේ අහ ආවේ අදය හැමදාම එන්නට හිතය
    ඒත් සමහර කොමෙන්ට් කියෙව්වාම හිතෙන්නේ මුං ලංකාවට බැස්සේ හදෙන්ද කියාය.
    මේ වගේ අය ඕන තරම් ඉන්නේය බහුතරය ත්‍රිවිද හමුදාවේය.
    මං ඔවුන් ගැන දනිමි. ඒ කෙසේද කියන්ට කැමැත්තක් නැත
    නමුත් රණ විරුවන් බොහෝ දෙනාට අමතක කාලේ මෙවන් ලිපියක් හෝ ලියු එක අගය කරමි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම හමුදාව ගැන මීට වඩා යමක් අපෙන් සිදු විය යුතු බව පිලිගනිමි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නෙමි. දිගටම එන්න.

      Delete
    2. වැඩ අධිකය නමුදු හැකි තරම් කියවීමටම උත්සාහ දරමි... පුලු පුලුවං වෙලාවට එනවාමයි

      Delete
  28. සරල,ආදර්ශමත් මිනිහෙක්.

    ReplyDelete
  29. මේ වගේ මිනිසුන් ඉන්නවායැයි දැනගැනීමත් සතුටක්..!
    (බ්ලොග් එකට එන්න බැරි උනානෙ, ලෝඩ්වෙන්නෙම නැතුව ගියා.)

    ReplyDelete
    Replies
    1. වීයාව තැනින් තැන දකිනවා. අමතක වෙලා නැති බව දන්නවා.

      Delete
  30. ඔහොම අයත් ඉන්නවා තමයි. නමුත් මම ඔය ක්‍රමය අනුගමනය කරන්න යන්නේ නෑ. ඔය වැඩේ තියෙන අවදානම දන්න නිසා තමයි එයත් යකඩ පොල්ලක් අරන් යන්නේ.

    ReplyDelete
    Replies
    1. එයා ලබලා තිබෙන පුහුණුව සහ සංයමය වැදගත් වෙනවා. අපිට ටිකක් අමාරු තමයි.

      Delete
  31. කොළඹදී හම්බ නොවෙන ජාතියෙ මිනිහෙක්

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...