Saturday, September 28, 2013

ලොල්ද මන්දා අංක 11 : සෝවාන් හාමුදුරුවන්ගේ බණ ......

මේ දවස් වල රුපවාහිනියේ,  ගුවන්විදුලියේ ඇති වෙන්න බණ අහන්න ලැබෙනවා. ඇත්තටම ඒක හොඳ ප්‍රවනතාවයක්. ස්වාමීන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේ යෙදෙන එක මොනතරම් වටිනවද ? ඒත් මෑතකාලීනව මේ ස්වාමීන් වහන්සේලාව වටේ ගුරුකුළ ගොඩනැගෙන්න පටන් ගත්තා. සමහරු කියනවා අර හාමුදුරුවෝ හොඳයි, මේ හාමුදුරුවෝ හොඳයි. අර හාමුදුරුවෝ ලස්සනයි,ශාන්තයි, දැක්කම හිත පැහැදෙනවා. අපි යන්නේ අර පන්සලට, අපිනම් යන්නේ අර අසපුවට, බෞද්ධයෝ නිර්මාංශ විය යුතුයි, එහෙම නිර්මාංශ ප්‍රශ්නයක් නෑ.  මුදලට මාර්ග ඵල විකුණන අයත් ඉන්නවා. ඒ වගේම මතු බුදු වෙන බවට විවරණ දෙන අයත් ඉන්නවා.  ඉතිං මේ වගේ නානාප්‍රකාර දේවල් නිසා මතගැටුම ඇති වෙනවා. කොටින්ම මමත් මේවට යහමින් දායක වෙනවා. ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ මතවාද වටා ජනතාව ගොණු වෙලා කල්ලි ගැහෙන එක. හැමෝම පොදු අරමුණ වෙත යනවා වෙනුවට මේ වගේ දේවල් අල්ලාගෙන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා.
පින්තුරය ගත්තේ : http://www.youtube.com/watch?v=j5AxekJdyrg

මේ අතරට අලුතෙන්ම එකතු වෙලා තියෙන එක තමයි "අපි අහන්නේ සෝවාන් හාමුදුරුවන්ගේ බණ" කියන වාක්‍යය. සමහරු ඉන්නවා රහතන් වාහන්සේලාගෙන් බණ අහපු. හැබැයි මම නෑ කියන්නේ නෑ. අපි බණ අහන ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් මාර්ග ඵල ලබපු. නමුත් උන් වහන්සේලා තමන් එහෙම මාර්ග ඵල ලැබුවා කියල දේශනා කරන්නේ නෑ. අනිත් එක අද කාලේ මේ විසූක දස්සන තියෙන ලෝකේ එහෙම සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වාසය කරන්න බෑ. මටත් ළඟදී මම දන්නා මහත්මයෙක් ඔය කථාව කිව්වා. මම ඒ ගැන වාද විවාද කරන්න ගියේ නෑ. මොකද කෙනෙක් ගොඩ නගාගෙන ඉන්න ශ්‍රද්ධාව නැති කරන්න උත්සාහ කිරීම පවක්. එතුමා ඒ බණ මටත් කොපි කරලා දුන්නා. මමත් අරන් ආවා මිසක් අහන්න ලැබුණේ නෑ. සමහර විට මගේ පව්කාර කමට වෙන්න පුළුවන්. දවසක් මම බස් එකක යන ගමන් මෙන්න මේ වගේ සංවාදයක් කණට වැටුණා.

පළමු මගියා : මචං මම මේ දවස් වල හරි ෂෝක් බණ ටිකක් අහනවා. 

දෙවන මගියා :  හොඳයි. හොඳයි. බැරිද අපිවත් නිවන් දක්කන්න ? (විහිලුවට මෙන්)

පළමු මගියා : මචං උඹලට හැම දෙයක්ම විහිළු. දැන් කීයද වයස ? හැරමිටියෙන් යනකොට පන්සිල් අරන් වැඩක් නෑ. දැන්ම බණ ටිකක් අහන්න පටන් ගනිං.

දෙවන මගියා :  හරි. හරි. අපිත් නාහම ඉන්නේ නෑ. මමත් එහෙන් මෙහෙන් අහනවා බස් එකේ යනකොට.

පළමු මගියා : ඒ මොකද බස් එකේ විතරක්.

දෙවන මගියා :  නෑ ඉතිං දැන් තියෙන හැම එෆ්.එම්. එකේම බණ යනවනේ. ඒගොල්ලෝ එකනේ චැනල් එක අහනවට සල්ලිත් දෙන්නේ. 

පළමු මගියා :  අපි නම් අහන්නේ සෝවාන් වෙච්ච හාමුදුරුවන්ගේ බණ.

දෙවන මගියා :  මමත් අහලා තියෙනවා රට ගිය කාලේ. 

පළමු මගියා : ඈ. මොන රටෙදීද ? ඇත්තටම පිට රටවලත් ඉන්න පුළුවන් සෝවාන් හාමුදුරුවෝ.

දෙවන මගියා :  ඉන්නවා නේන්නම්. ඉන්දුනීසියාවේ තමයි මම දැක්කේ. එහෙ සෝවාන් හාමදුරුවරු ඕන තරම්.

පළමු මගියා : මම නෑ කියන්නේ නෑ. ඒත් ඉන්දුනීසියාව කියන්නේ මුස්ලිම් රටක් නේද ?

දෙවන මගියා :  ඒ වුනාට සෝවාන් හාමුදුරුවරු ඉන්නවා. මම බණත් අහලා තියෙනවා. 

පළමු මගියා : හරි එහෙනම් කියපන් බලන්න හාමුදුරුවන්ගේ නම ? මම හොයලා බලන්නම්. ඔය රටවල ඉන්න හාමුදුරුවෝ අපේ හාමුදුරුවොත් එක්ක සම්බන්ධ කම් ඇති. 

දෙවන මගියා :  නම තමයි සෝවාන්. එහෙ හාමුදුරුවරු නම් දාගන්නේ එහෙම තමයි. තව හාමුදුරු කෙනෙක් ඉන්නවා දිට්ඨිසම්පන්නෝ කියලා. මෙහෙත් ඉන්නේ ධර්මදූත වගේ නම් තියෙන අය. 

39 comments:

  1. අනේ මන්ද මේ සෝවාන් වෙච්චි කතා නං ... කෝම හරි ඉන්දුනීසියාවේ සෝවාන් හාමුදුරුවෝ නම් එල..

    ReplyDelete
  2. ඔය වයසට ගියාම ආගමික නැඹුරුවක් ඇතිකරගන්න එක තවත් ආගම් වල තියෙනවා. ඒකනේ මෙහෙම තර්ජනය කරන්නේ "You won't live to be farting in the church."

    ReplyDelete
  3. \\\\"අපි අහන්නේ සෝවාන් හාමුදුරුවන්ගේ බණ" \\\\

    කව්ද සුදීක මේ හාමුදුරුවෝ ...? ගාල්ලේ පැත්තේ මහත්තයෙක් උන්නා නම් මතකයි එක එක දේවල් කියාගත්තා...ඒත් මේ කව්ද සෝවාන් උනා කියලා තමන්ම කියාගන්නේ ...?

    යම් කිසි කෙනෙකුට තමන් සෝවාන්ද නැද්ද කියල බලන්න ක්‍රමයක් තියෙනවා...( ඇත්තටම ක්‍රම දෙකක් තියෙනවා... දෙවෙනි ක්‍රමය වලංගු වෙන්නේ එක මට්ටමකින් එහාට ) යම් කිසි කෙනෙක්ට දැනගන්න ඕනේ නම් මට පණිවිඩයක් එවන්න ...

    අනේ අපි(මම) නම් තාම පෘතග්ජන ..ඊටත් පහළද මන්දා ...

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවල් උපේක්ෂාවෙන් බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. සමහරවිට ඒ ස්වාමීන් වහන්සේ නොකියපු දෙයක් වෙන්නැති. අනුගාමිකයෝ හිතල කිව්වද දන්නේ නෑ. අර බණ ටික අහන්න ඕනේ මුලින්ම.

      Delete
  4. බැරිවෙලාවත් අරහත් කියලා නම දාගත්ත හාමුදුරු කෙනෙක් හියානම් මොනවයින් මොනවා වෙයිද අපේ උන්නැහේලාට.

    ReplyDelete
    Replies
    1. හොයාගෙන යයි.

      Delete
    2. hi sudeeka,

      mini marapu minissunta rahath venna puluvanda,
      star, pattam, gannanam puluvan.

      Delete
    3. රහත් වෙන්න පුළුවන් පෙර කල කුසල කර්ම තිබ්බොත්.

      Delete
    4. @Ka , අංගුලිමාල කියන්නෙත් රහතන් වහනේසේ නමක් නේද ?

      Delete
  5. මාත් 60 පන්නගන්න හැකි වුණොත් බණ අහනවා.

    ReplyDelete
  6. එක්කෙනෙක් බුදු උනා නේද

    ReplyDelete
    Replies
    1. ඔව්. හොඳ වෙලාවට එකයි.

      Delete
  7. ඒ හාමුදුරුවොම කියන විදිහට එයා සෝවාන් නෙවෙයි දැන් අනාගාමී ..ඔය මේ ලඟදි කියලා තිබ්බේ

    ReplyDelete
    Replies
    1. බ්‍රොයිලර් චිකන් වගේ දවස් ගාන කලින් කියලා තියෙනවා ඇති.

      Delete
  8. මමත් දන්නා හදුනන ගොඩක් හමුදුරුගොල්ලෝ ඉන්නවා ....... මට හිතෙන දෙයක් තමයි එයාල බන කියනවට වඩා නොකිය ඉන්නවනම් හොදයි කියල ........ මොකද අද ඉන්න ගොඩක් හාමුදුරු ගොල්ලෝ බන නෙවි කියන්නේ නැගල යන කථා ......

    ReplyDelete
    Replies
    1. ඒවාට කියන්නේ ජනප්‍රිය බණ කියලා.

      Delete
  9. ඇයි ලංකාවේ ඉන්නේ රහත් වෙච්චි ගිහි කට්ටිය එහෙමත් ඔය ඉන්ටකුලර් වල එහෙම යන! ඉතිං ප්‍රශ්නයක් නෑ! ;)

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අය යනකොට පොඩ්ඩක් පැත්තකට වෙලා හිටින් මලේ.

      Delete
  10. ඔව් ඉතිං බුදු වරුන්ගෙ නම් දාගත්ත අයත් ඉන්නෙ. මේ මෑතක නං එක (සමලිංගික යැයි කියන) හාමුදුරු කෙනෙක් එයාගෙ නම වෙනස් කරගත්තනෙ සමන්තභද්‍ර කියලා.

    ReplyDelete
    Replies
    1. එයාගේ ජවනිකා ඉඳ හිට මතු වෙනවා.

      Delete
  11. ඔය රුපියල් 30'000/= සිට 60'000/=දක්වා ගණන් වල සිවුරු අදින ගනින් නාන්සේලා ගැන කතා කරලා වැඩක් නැහැ.
    තාම පිට පලාත්වල ඉන්නව සිල්වත් ස්වාමින් වහන්සේලා එකම සිවුර හෝදලා වේලෙන්න දාල නානවා සිවුර වේලෙනකන්.
    බුද්ධශාසන අමාත්‍යාංශයක් කියල එකක් තියේනවා නමට.

    ReplyDelete
    Replies
    1. උන් වහන්සේ ලා කාගෙන් වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැ.

      Delete
  12. අනේ මංද ඉති ඒ ගොල්ලො කියවනව අපිට ඇහෙනව එච්චර තමයි.

    ඔය දොස්තරල, ඉංජිනේරුවො තමංගෙ නමේ අගට ඔය ඩිග්‍රි කෑලි දාගෙන ඉන්නව වගේ හාමුදුරුවංගෙ නමට පස්සෙත් සෝවාන්, සකෘදාගාමී වගේ කෑලි එල්ලෙයිද දන්නෑ.

    ReplyDelete
  13. මෙහෙ දැන් ඉන්නේ කාසාවකන්ටකයෝ හාමුදුරු වරු ඉන්නේ අතලොස්සයි

    ReplyDelete
    Replies
    1. ඒක බුදුරජාණන් වහන්සේ කලින් දැකපු දෙයක්.

      Delete
  14. කාලීන මාතෘකාව.අපි මෙ කලයෙ මාර්ග පල ලබන්න පුලුවන්ද බෑරිද කියලා හොයනවට වඩා උත්සහ කරන එක හොදයි.එතකොට කවදහරි වේ නෙ. සු දී ක මහත්මයො " නමුත් උන් වහන්සේලා තමන් එහෙම මාර්ග අල ලැබුවා කියල දේශනා කරන්නේ නෑ." මෙතන නිවරදි උනානම් හොදයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. එතැන නිවැරදි කළා.

      Delete
  15. සෝවාන් වුනා කියන උපාසිකා මාතාවක් නම් ඉන්නවා අපේ ගෙවල් පැත්ටේ..

    ReplyDelete
  16. ඇත්තටම සුදීක මහත්මයා ,අද බණ කියන ඇත්තෝ වර්ග කීපයක් ඉන්නවා , සමහර භික්ෂුණෟ වහන්සේලා දේශනා කරන්නේ , බුදු දහම නොවෙයි , එහි චරිත කතා වල එන සමහර සිදුවීම් , ඒවායින් බුදුන් වහන්සේ හින්දි නළුවෙක් සමාන තත්තවයට දාන “බණ“ තමයි ඒ ,තමත් සමහරෙක් බුදු දහම මැජික් කරවන බණ , ස්වාමීන් වහන්සේලා කිහිප නමක් විතරක් , බුදු දහම සහ පුද්ගල ජීවිතය දියුණූ කර ගත යුතු ආකාරය දේශනා කළත් , උන් වහන්සේලා විකිනෙන්නේ නැති නිසා ඒ වගේ බණක් අහනන්නත් පෙරුම් පුරන්නට ඕන , ඒදවස්වල ගුවන් විදුලි ධර්ම දේශනාවෙන් ලැබූ සැහැල්ලුව , අද හුඟක් චැනල් වල මාකටින් කරන සිවුරු පොරවාගත් අයගෙන් ලැබෙන්නේ නැහැ .
    දැන් අළුත් කට්ටියක් , දෙසා බාන්නේ බණ නොවෙයි , දේශපාලන , ආර්ථීක , ප්‍රචාරාත්මක වාසි බලාගෙන කියන “උන්ගේ බණ“ , බුදුන්ගේ ගේ බණ නොවෙයි ... අවසානාවට මේ ඔක්කොම බලාගෙන , අසාගෙන අපේ මහා නායක හිමිවරුත් , අධීකරණ සංඝනාක වරුත් වැඩ වසනවා ඇති , 
    බොහොම පිං මේ ගැන කතා කරන්න අවස්ථාවක් දුන්නාට

    ReplyDelete
  17. ඔය රූපවාහිනිය ඉදිරියට එන බහුතර හාමුදුරුවො ලග හාමුදුරු කෙනෙක් ලග තියෙන්න ඕනෙ නියම ගුණ නැති බව මම අත්දැකලා තියෙනවා...බණකට ආරාධනා කලොත් කෙලින්ම කියයි මෙච්චරයි වියදම කියලා..සවුන්ඩ් වලට ප්‍රවාහනයට තව මෙච්චරක් යනවා කියයි. මේ හාමුදුරු වරු අතර තියෙන්නෙ ජනප්‍රිය වෙන්න තියෙන තරගයක්...ජනප්‍රියතාව වැඩිවන තරමට තමයි ඒ අයට ප්‍රතිලාභ වැඩි කියලා ඒ ඇත්තො දන්නවා....මට හිතෙන විදියට අපිටත් වඩා නිවන මේ අයට දුරයි.

    ReplyDelete
  18. මේකත් දැන් එක රැල්ලක් වෙලා.කාලෙන් කාලෙට එක එක්කෙනා එනවා.

    ReplyDelete
  19. දවසින් දවස ධර්මයේ තිබෙන සැබෑ අරුථ විකෘති වෙනවා.ධර්මයත් මිනිස්සු රැප් කරන්න හදනවා.

    ReplyDelete
  20. සෝවාන් හාමුදුරුවන්ගෙන් බණ අහන්නේ බුදුවෙන්න හිතාගෙනද දන්නේ නැහැ.

    ReplyDelete
  21. \\අපි යන්නේ අර පන්සලට, අපිනම් යන්නේ අර අසපුවට//
    අසපු කියන්නෙ සාප්පු කියන එකට වෙනත් නමක්ද..? :O

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...