Monday, May 20, 2013

යලිත් ඉන්දියාව ජය ලැබූ IPL තරගාවලිය

මේ ගෙවී යන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසාන සතියයි. හයවන වරටත් පවත්වනු ලැබූ මෙම තරගාවලිය අවසන් වන්නේ සියලුම අංශ වලින් ඉන්දියාව ජය ගනිනිමිනි. මෙය හුදෙක් රසිකයන් පිනවන තරගාවලියක් ලෙසින් පෙනුනද, මෙමගින් ඉන්දියාව ලෝකයට පෙන්වන විවිධ අංග රාශියක් ඇත. ලලිත් මෝදි නමැති ප්‍රධානියාගේ පටන්  රජීව් ශුක්ලා දක්වා ආ ගමන් මගේදී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මඩි තරවිය. හත්වන වරටත් මෙය පැවැත්විය යුතුදැයි එහි ප්‍රධානියාගේ සිට එය රූපවාහිනියෙන් නරඹන ප්‍රේක්ෂකයාගෙන් ඇසුවහොත්, එක හඬින් "ඔව්" යන පිළිතුර ලබා දෙනු ඇත. 

IPL තරගාවලියෙන් ඉන්දියාව බලාපොරොත්තු වන්නේ මොනවාද ?
  •  ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තුල ඉන්දීයා ආධිපත්‍ය පැතිරවීම.
ඉන්දියාව විස්සයි20 තරග වල පමණක් නොව, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේම තීරණාත්මක සාධකය බවට පත් වී හමාරය. පසුගිය සමයේ විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමය (Umpire Decision Review System) අසාර්ථක කිරීමේලා බලපෑ සාධකය ඉන්දියාව බවට පත් විය. පසුව මෙය ක්‍රීඩා කරන රටවල් දෙකට තීරණය කිරීමට අවස්ථාව ලබා දුන්නේ වෙන කරන්න දෙයක් නොමැති විටය. මෙයට විරුද්ධ වීමට විශේෂ හේතුවක් ඉන්දියාවට නැති වුවද, මෙය හුදෙක් තමන්ගේ බලය පෙන්වීමේ අවස්ථාවක් කරගෙන තිබෙන ආකායරක් පැහැදිලි වේ.
  • ඉන්දියාවේ ආයෝජනය කර ලාභ ලබන බහුජාතික සමාගම් වල ලාභයෙන් වැඩි කොටසක් ඉන්දියාවේම රඳවා ගැනීම 
සුපුරුදු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සහ එක්දින තරගාවලි සහ රංජි කුසලාන පළාත් තරගාවලිය පැවතුනා නම්, ඉන්දීය කණ්ඩායමට ලබා ගත හැක්කේ අනුග්‍රාහකයා කිහිප දෙනෙකුගේ මුදල් පමණි. එයද අයි.සී.සියේ දහසක් සම්බාධක මැදින් ලබා ගත යුතුයි. ලොව සියලුම රටවල් වලට ලැබෙන්නේ මෙම නීතිරීති පද්දති තුල ලබා ගත හැකි අනුග්‍රාහක මුදල්ය. නමුත් විස්සයි විස්ස තරගාවලියයේ කණ්ඩායම් වල විවිධ කොටස් සඳහා අනුග්‍රහය දැක්වීමට මෙකී බහුජාතික සමාගම් වලට ලබා දී ඇත. (පෙප්සි, කොකා කෝලා, නොකියා, වෝඩාෆෝන් ඉන් කිහිපයකි).
ඉන්දියාව ඇත්ත වශයෙන්ම ඕනෑම දෙයක් ප්‍රවර්ධනය සඳහා කදිම ස්ථානයක් බවට පත් වී ඇත්තේ, ඔවුන් මෑතකදී ලබා ගත ආර්ථික දියුණුවත් සමගය. ඔබ ඉන්දීය රුපවාහිනි නාලිකා නරඹනවා නම් ඒවායේ විකාශනය වන වෙළඳ දැන්වීම් මගින් ඒ බව දැන ගත හැක. අනෙක මේ තරගාවලිය තුලම ඉන්දීය දේශීය සන්නම් නාම සම තත්වයේ තබා ගැනීමෙන් ඔවුන්ට ජාතික මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීම් ලබා ගැනීමට අවස්තාවක්ද උදා කර ඇත. 
  • නවක ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තත්වයේ අත්දැකීම් සහ  හොඳ ආර්ථික තත්වයක් ලබා දීම
ඉන්දියාවේ ජනගහනයට අනුවද, එහි පළාත් නියෝජනය අනුවද ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් දහයකට සරිලන ක්‍රීඩකයන් පිරිසක් ඉන්දියාව සතුය.  නමුත් IPL නොපවතුනා නම් ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙන්නේ ක්‍රීඩකයන් 20කට අඩු සංඛ්‍යාවකටය. අද ඒ තත්වය වෙනස්ය. ලොවපුරා සිටින වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් රැසක් පොදි කමින් මේ කණ්ඩායම් වලට ක්‍රීඩා කරති. ඒ වගේම පුහුණු කරුවන්, භෞත චිකිත්සකයන්, විශ්ලේශකයින් විශාල පිරිසකගේ සහය මෙම කණ්ඩායම් වලට ලැබේ. සමහර ජාත්‍යන්තර ක්‍රීඩකයන් ගෙන්වා ගන්නේ ක්‍රීඩා කරවන්නටම නොව ඔවුන් සතු විසේසඥ ඥානය ඉන්දීය ක්‍රීඩකයන්ට ලබා දීමටය(ෂේන් වොන්, මුරලිදරන්, සංගක්කාර, මහේල). IPL පලවන අදියරේදී නවකයන් ලෙස පටන් ගත් සුරේෂ් රයිනා, යුසුප් පතාන්, රෝහිත් ශර්මා අද සිටින තත්වය දෙස බලන්න. සුරේෂ් රයිනා විස්සයි20න පටන් ගෙන ටෙස්ට් දක්වා ක්‍රීඩා කල පළමු ක්‍රීඩකයාය. මෙම වෙන්දේසි ක්‍රමයෙන් ඔවුන්ට ලැබෙන ආර්ථික මට්ටම ගැන අමුතුවෙන් කිව යුතු නැත. නමුත් මුදල් පසුපස යන එකදු ඉන්දීය ක්‍රීඩකයෙක් ඔබට දකින්නට හැකිද ? මුදල් වලට තරග පාවා දීමේ චෝදනාව එක්තරා චිත්‍රපට දර්ශනයක කොටසක් බව මගේ විශ්වාසයයි. මන්ද පසුගිය  තරගාවලිය අග භාගයේද මෙවැනි චෝදනාවන්ට ලක් වූ ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වූ අතර, ගන්නා ලද පියවරක් වාර්තා නොවුනි.
  • ඉන්දීය ක්‍රීඩකයින් හමුවේ ලොව හොඳම ක්‍රීඩකයින් හෑල්ලුවට පත් කිරීම. 
මෙයට හොඳම උදාහරණ සපයන්නේ ශ්‍රී ලංකාවෙන් එහි කණ්ඩායම් නායකත්ව සපයන්නට යැවූ සංගක්කාර, මැතිව්ස් හා ක්‍රීඩකයන් වූ දිල්ශාන්, අජන්ත මෙන්ඩිස්ය. ඔවුන් පැත්තකට තැබුවේ ලකුණු හෝ කඩුලු අතරට නොපැමිණීම පදනම් කරගෙනද? මෙම තරගාවලියට ක්‍රීඩා කල බොහෝ ඉන්දීය පැරණි ක්‍රීඩකයන් ලකුණු අතරට ආවේ නැත. එහෙත් ඔවුන් එම කණ්ඩායම් වල සිටින අනෙකුත් ඉන්දීය ක්‍රීඩකයන්ට අවස්ථා දුන්නේ නැත. මේ අතරින් ඔවුන් ශ්‍රී ලංකාවට දක්වන කුඩම්මාගේ සැලකිල්ලද දකින්නට ලැබේ. නමුත් මුළු IPL ජවනිකා වලම විකුණන චරිතයක් වන මාලිංගට මේ ගැටලුව අදාළ වුයේ නැත. මේ අතින් කුමන කාරණාවකට හෝ චන්දිමාල් ගත් තීරණය හරි යයි අපට හැගේ. මෙහිදී ඉන්දීය නිවේදකයන් ඇතුළුව බොහෝ දෙනා දෝනිව මහා චරිතයක් කරන්නට ගන්නා උත්සාහය පැහැදිලිව පෙනේ. ඊට අමතරව විරාට් කොහොලිවද මීළඟ ඉන්දීය නායකත්වයට ගොඩ නගන අයුරක් පෙනේ. 
පින්තුරය ගත්තේ : http://timesofindia.indiatimes.com
  •  අනාගත ආයෝජන 
මේ සියල්ලටම වඩා ඔවුන් ලැබූ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් කළහැකි ආයෝජන වශයෙන් ගත හැකි ක්‍රීඩකයින් කිහිපයක්ම සොයා ගැනීමයි.  හනුමා විහාරි, වොහාරා, මන්දීප් සිං, සන්දීප් ශර්මා , සංජු සැම්සන්, කරන් මේ අතුරුන් ඉදිරියෙන්ම තිබෙන නම් කිහිපයයි. මෙවැනි නවකයන් ඉදිරීයේම ජාත්‍යන්තර තරු පුටුවල හිඳුවා තබීමෙන්ම ඔවුන්ට ඒ ක්‍රීඩකයන් ගැන තිබෙන භිය තුරන් වනු ඇත. 
  • කණ්ඩායම් වල හිමිකාරත්වය
කණ්ඩායම් වල හිමිකාරත්වය ඔවුන් ලබා දී ඇත්තේ ඉන්දීය කෝටිපතියන් කිහිප දෙනෙකුටය. අම්බානි, විජේ මාලියා, ෂාරුක් ඛාන්, ශිල්පා ශෙට්ටි, ප්‍රීටි සින්ටා හොඳම උදාහරණය. නැතිනම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ය. ඒවා පිටස්තර රටවලට හෝ තරගාවලියට මුදල් යොදවන සමාගම වලට මිලදී ගත නොහැකිද ? 
  • අනෙක් රටවල විස්සයි20 ප්‍රීමියර් තරගාවලි අඩාල කිරීමට කටයුතු කිරීම
කලාප බලවතා ලෙස ඔවුන් මේවා කලද, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හෝ පකිස්තානයට මේවා කල නොහැක යන මතයේ සිට ක්‍රියා කිරීම. උදාහරණයකට ඔවුන්ගේ ක්‍රීඩකයින් සහභාගී නොකරවීම. බටහිර ඉන්දීය ක්‍රීඩකයන්ට ඔවුන්ගේ රටවල කණ්ඩායම  අතහැර චැම්පියන්ස් තරගාවලියේදී  ඉන්දීය කණ්ඩායම නියෝජනයට බල කිරීම. 
ප්‍රීමියර් ලීග් විස්සයි20 තරගාවලි පැවැත්වීමේදී ඉන්දියාව අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන් තුල තිබෙන සංවිධාන ශක්තියක් නිසාවත්, ඔවුන් සතු ක්‍රීඩක සංචිතය නිසාවත් නොවන බව මගේ විශ්වාසයයි. නමුත් ඉන්දියාව වැඩිම සමත්කම් දක්වන ක්ෂේත්‍ර කිහිපයක් මේ තරගාවලි රසවත් කරන්නට දායක වන නිසා මෙසේ IPL සාර්ථක වන බව මගේ මතයයි. ඉන්දියාව චිත්‍රපට නිපදවීමෙන් කප් ගසා තිබෙන රටකි. එමෙන්ම රුපවාහිනි මෙගා සීරීස් වලින්ද කප් ගසා ඇත. මීට අමතරව අලංකරණය සහ නැටුම් වලටද දක්ෂතා දක්වන රටකි. ඉතිං මෙම තරගාවලියක සියලු දේ රුපවාහිනි විකාශනයකට අවශ්‍ය අන්දමට තීරණය වන යුගයක ඔවුන් මෙවන් සමත්කමක් දැක්වීම පුදුමයට කරුණක් නොවේ. මේ ලිපියෙන් මා මතු කරන්නට උත්සාහ කරන කරුණ මෙය නොවේ. 

විස්සයි20 ක්‍රීඩාවේ අනාගතය ගැන අනාවැකියක් කියන්නට මා සුදානම්ය. හත්වන සහ අටවන IPL තරගාවලිය වනවිට මෙය ලෝකයේ සියලුම දෙනා තේරුම ගනු ඇත. ඔබ චන්ද්‍රිකා මගින් ලබා දෙන රුපවාහිනී නාලිකා නරඹනවා නම්, රෙස්ලින් නමැති පසුගිය දශකයේ සිට ජනප්‍රිය වීගෙන එන රුපවාහිනි වැඩසටහන් ගැන දැනුමක් තිබිය යුතුය. එය දවස් දෙකක් නැරඹුවහොත් කුඩු කෑවා මෙන් දිගටම නරඹන්නට ඇබ්බැහි වනු අප සමාජෙයේ සුලබව දකින දෙයකි. ඒ අන්දමින්ම හින්දි හෝ දෙමල චිත්‍රපට හෝ මෙගා සීරීස් නරඹන්නට ගතහොත් ඒවාද කුඩු කෑවා මෙන් ඇබ්බැහි වන්නට ගත වන්නේ දින කිහිපයකි. ඉදිරියේදී ප්‍රේක්ෂකයා නොමග යවන, එහෙත් ප්‍රේක්ෂකයාට අවශ්‍ය පරිදි මේවා පිටපතකට අනුව කෙරෙන තරග බවට පත් වනු ඇත. පහුගිය IPL තරග බලා සිටි විට ඒවා හොඳින්ම පැහැදිලි වේ. තවත් කලක් යන විට මේවයේ පිටපත් රචකයන්ට වෙනමම රැකියා අවස්ථා හිමි වන යුගයක් ඇති වනු ඇත. තරග ආරම්භයේ කල යුතු කථාවේ සිට අහවල් ඕවරයේ අහවල් පන්දුවේදී සිදු විය යුතු දේද මේ පිටපත් වල අඩංගු වනු ඇත. මේවාට ක්‍රීඩකයින් අතර ඇතිවන ට්විටර් වැනි සමාජ ජාලා පනිවුඩද උපයෝගී කර ගනු ඇත. මේ සඳහා සරල උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ 
පින්තුරය ගත්තේ : sports.ndtv.com
  • ෂේන් වොට්සන් සහ පොලාර්ඩ් අතර ඇති වන වචන හුවමාරුව, පසුව වොට්සන් දවා ගැනීමට උඩපන්දුව රැකගෙන පොලාර්ඩ් කරන රංගනය, හතරේ සීමාවේ සිට කරන උසුළු විසුළු.
  • අද සංරයිසස් හා කොල්කටා අතර තරගයට පෙර ස්ටේන් යැව්වා යයි පවසන ට්විටර් පණිවුඩයකින් කියවුනේ "අද දිනයේ මගේ ප්‍රධාන සතුරා ජාක් කලීස් " බවයි. ඊට පිළිතුරු දෙන කලීස් යවන පණිවුඩයේ සටහන් වන්නේ "අද දින රාත්‍රියේදී බාර් එකේ හමුවන මිතු-හතුරා(frenemy) ස්ටේන්" බවයි. 
  • අපූරුවට අද දින තරගය ජයගෙන එන සංරයිසස් කණ්ඩායමේ කඩුලු අනපේක්ෂිත ලෙස දැවී යාම. විශේෂයෙන්ම වයිට්ගේ දුවද්දී දැවී යාම. 
පින්තුරය ගත්තේ : www.facebook.com
පින්තුරය ගත්තේ : http://iplt20.com

පින්තුරය ගත්තේ : kannadigaworld.com
  • ලොව විශිෂ්ටතම විනිසුරු ලෙස දිගු කලක් රැදී සිටි සයිමන් ටවුෆල් මහතා විස්තර විචාරකයෙක් ලෙස තරගාවලිය අතරතුර සහභාගී වීම. ප්‍රේක්ෂකයන්ගේ ට්විටර් පණිවුඩ වලට පිළිතුරු සැපයීම. 

අනාගතයේදී මේවා වඩ-වඩාත් තීව්‍ර ලෙස දකින්නට හැකි වනු ඇත. වඩා හොඳ පිටපත් ලියන රචකයන්ට ඉහල දීමනා ලබා ගත හැකි වනු ඇත. 



51 comments:

  1. සුදීක ක්‍රිකට් සම්බන්දව ගොඩක් උනන්දුයි වගේ නේද ...? මේ පෝස්ට් එකට ගොඩක් මහන්සි උන බව නම් පේනවා. මේවට උනන්දු අයට ගොඩක් වටිනවා මන් හිතන්නේ මේ තොරතුරු....

    ReplyDelete
    Replies
    1. මම වැඩියෙන්ම උනන්දුවක් දක්වන්නේ ක්‍රිකට් වලට. ලොකු මහන්සියක් නෑ පහුගිය ටිකේ මැච් බලල මතක තියාගෙන හිටි දේවල්. පින්තුර ටික හොයා ගන්න නම් පොඩ්ඩක් මහන්සි වුණා.

      Delete
  2. . ලෝකයේ පලවෙනි ලීග තරඟාවලිය අයි පි එල් නෙවෙයි , ලීග තරඟයක් සංවිධානය කල පලවෙනි රට ඉන්දියාවත් නෙවෙයි , මාලිංග ගොබ්බ මාධ්‍යවේදින් පිරිසකගෙන් ඇහුවා වගේ ඇයි මීට කලින් ලීග් ගහනවා දැකලා නැද්ද කියල තමයි අහන්න වෙන්නේ

    ඉන්දියාව තමන්ගේ එකම 20-20 ලෝක කුසලානය දිනා ගත්තේ අයිපි එල් පටන් ගන්න කලින් , දැන් අවුරුදු 6ක් අයි පි එල් ගහලත් සෙමි ෆයිනල්වත් ආවේ නෑ , ඒ නිසා ඉන්දියා ක්‍රිකට් හැදෙනවාය කියන එක සාර්ථක තර්කයක් නෙවෙයි . ලොකේ වෙනස් වෙන තාලෙට වෙනස් වෙන්න බැරි අයට පස්සට මිසක් ඉස්සරහට යන්න බෑ . මේ යථාර්තය අන්තිමේදී ක්‍රිකට් හොයා ගත්ත එංගලන්තයේ ක්‍රිකට් පාලක මණ්ඩලයත් තේරුම් ගත්ත බව පසුගිය දවස් අවධානයෙන් හිටියා නම් දන්නවා ඇති . අයි පි එල් 7 , 8 වෙන කොට වෙන්නේ අයි පි එල් කාල සටහන නොනිල වශයෙන් පිලිගැනීමකට ලක්වෙන එක , තවත් විදිහකින් කියනවා නම් එංගල්න්තයත් ඕකට අනුගත වෙන එක . බොහො දුරට ඊලඟ ඔක්ශන් එකට පකිස්ථාන ක්‍රිකයොත් එනවා . එතකොට ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට සුදිකට වගේ "දේශප්‍රේමි " සිතුවිල්ලක් පහල වුනත් එතකොට සෙල්ලම් කරන්න ඉතුරු වෙන්නේ ස්කොට්ලන්තය, සිම්බාවේ වගේ රටවල් විතරයි .. සුදිකලාට වෙන්නේ හුල්ලන්න විතරයි

    ReplyDelete
    Replies
    1. අමතක වෙච්ච දේවල් දෙකක් - අයි පි එල් වල විදේශ ක්‍රිකඩකයින් 4 යි එක සැරේ ඉන්න පුලුවන් , ඉන්දියානු පිතිකරුවන්ට එහෙම සිමාවක් නෑ . ඒ න්සා තමයි අසාර්ථක වෙන කොට බංකුවට යන්නේ . රිකි පොන්ටින් , ගිල්ක්‍රිස්ට් වගේ ලෝක පුජිත සුපිරි ක්‍රිඩකයිනුත් එහම කලා නම් අපේ අයට මොකද විශේශයක් , අනික දක්ෂතා දක්වනවා නම් ඇගයීමේ වෙනසක් නෑ , මාලිංගට වඩා මේ පාර අපේ ඇගයීමට ලක්වුනේ තිසර . ඒ මාලිංග වගේ විශේෂ ප්‍රතිරූපයක් නිසා නෙවෙයි දක්ෂතාවයන් නිසා පමණය්

      Delete
    2. එංගලන්තේ ඕස්ට්‍රේලියාවේත් විස්සයි20 ගහනවා නමුත් ඒ රටවල ජනතාව නියම ක්‍රිකට් ප්‍රේමියෝ මොකක් හරි මියුසික් එකක් දාලා කෑ ගහන්න කිව්වට උන් කෑ ගහන්නේ නෑ. ඔවුන් එන්නේ ක්‍රිකට් බලන්න. ඉන්දියාවේ මිනිස්සු එන්නේ ක්‍රීඩකයන් බලන්න. ඉන්දියාවේ මිනිස්සු ක්‍රීඩකයන්ව බොලිවුඩ් නළු නිළියන්ව දේවත්වයෙන් අදහනවා. ඔවුන් IPL ගැහිල්ලේ එක අරමුණක් පමණයි ක්‍රීඩකයන් සොයා ගැනීම. ඔවුන් විස්සයි20 නැති වුනත් පණහයි50 ලෝක කුසලානය දින්නේ ඊට පස්සේ. රයිනා වගේ ක්‍රීඩකයෝ නැතිවම බැරි ය වුනේ මේක නිසා. විරාට් කොහොලි වුනත් අඩු වයසකින් වැඩ පෙන්වන තත්වෙට ආවේ මේක නිසා. ඇයි ලෝකෝ අනිත් තරගාවලි වලට ඉන්දියන් ක්‍රීඩකයෝ යවන්නේ නැත්තේ ? ඇයි DRS වලට ඉන්දියාව අකමැති ? ඔය කියන පිළිගැනීම මමත් පිලි ගන්නවා. ඒක අපි ක්‍රිකට් තුලින් දැක්කට ලෝකේ ආයෝජකයෝ වෙනත් විදියකින් දැකලා තියෙනවා. ඒ ඉන්දියාවේ ඕනෑම් භාණ්ඩයක් හෝ සේවාවක් විකුණන්න හොඳ තෝතැන්නක් කියන එක. ඒ නිසයි කොකා කොලා සමාගම පලතුරු මිශ්‍ර බීම හදන්න හරි ඉන්දියාවේ රැඳිලා ඉන්නේ. පෙප්සි ඒකට තරගයක් දෙන්න තමයි ලොකු අනුග්‍ර දක්වන්නේ. පුද්ගල කොන්ත්‍රාත් පවා. ලංකාවේ සනත් එක්ක පෙප්සි ගිවිසුම ඇති කර ගත්තේ ලංකාවේ පෙප්සි විකුනන්න නෙවෙයි ඉන්දියාවේ ඔහු ජනප්‍රිය වූ නිසා. ඉන්දියානු පාරිභෝගිකයා ඒ තරම් බලවත්. මගේ සිතුවිල්ල මේ කාරණේදී නම් දේශප්‍රේමී නෑ. මම ඉන්නේ අපි ඉන්දියාව එක්ක හොඳින් ඉන්න ඕනේ කියන තැන. අපිට නොපෙනුනාට ඉන්දියාව දැන් ලෝක බලවතෙක් වෙලා ඉවරයි. මම මෙතනදී විස්තර කලේ ඔවුන් එය පෙන්වන අකාරය. බංකුවේ හිටිය අපේ අනිත් අයට ඒ වගේ චාන්ස් එකක් ලැබුනේ නෑ නේද ? සචිත්‍ර හොඳින් පන්දු යැව්වත් අවසානේ වෙත්දී නෑ. සංරයිසස් පිල තමයි අඩුම වර්තමාන ඉන්දීය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉන්නේ. ඉශාන්ත් ශර්මා සහ අමිත් මිශ්‍රා දෙදෙනාත් නිත්‍ය තත්වයේ අය නොවෙයි.විදේශීය තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනාම ඔවුන් ක්‍රීඩා කරවන්නේ ඔවුන්ට ඒ මට්ටමේ ඉන්දීය වේග පන්දු යවන්නන්ගේ හිඟය නිසා.

      Delete
    3. ප්‍රේක්ශකයින්ගේ උන්මාදනීය ප්‍රතිචාර ලෝකයේ ජනප්‍රියම ක්‍රිඩාව වෙච්ච ෆුට් බෝල් වලදි ඉතාම වැඩියි . මම නම් ඒ උද්යෝගයට කැමතියි . ඉන්දියාවේ උන් තරම් පිස්සු කෙලියේ නැතුවාට එංගල්න්ත සුද්දෝ වගේ නිදිමත විදිහට ක්‍රිකට් බලන එකත් තේරුමක් නෑ ,විශේෂයෙන්ම 20-20 , 50 -50 ෆෝමැට් එකට අයි පි එල් වලින් දායක්ත්වයක් ලැබෙනවාය කියල නම් මම හිතන්නේ නෑ . කෝලි නම් වැඩ පටන් ගත්තේ 19 පහල ලෝක කුසලානයෙන් ,අයි පි එල් වලින් නෙවෙයි .ඉන්දියාව දැවැන්ත විභවයක් සහිත තවමත් වර්ධනය වෙමින් පවතින වෙලඳ පොලක් යන්නට සැකයක් නෑ , මම කියන්නෙත් ඒකට අනුගත වෙනවා හැර ප්‍රතිවිරෝධයන් දක්වලා වැඩක් නෑය කියලා . සචිත්‍රට මතු වෙච්ච ප්‍රශ්නයත් අර 4 දෙනාගෙ නිතිය . ඒක 5 දෙනෙක් දක්වා එනවා නම් සැහෙන්න හොඳයි . විදේශීය ක්‍රිඩකයෙක්ට දිගටම රැඳිලා ඉන්න නම් අකණ්ඩව දක්ෂතා දක්වන්නම වෙනවා

      Delete
    4. සුදීක මේ දිහා බලන ආකාරය, ශ්‍රී ලාංකික ක්‍රිඩකයින්ගේ සහභාගීත්වය ගැන දරන මතයෙන්ම අපට හිතා ගන්න පුළුවන්. ඒ වගෙම ඉන්දීය විරෝධී බවකුත් පෙනෙනවා. එහෙම බලන කොට ඔහුගේ මතය සාධාරණයි. නමුත් ලංකිකයන්ට වඩා ක්‍රිකට් ගැන ඉන්දීයාවේ පොඩි උන් පවා දන්නවා කියලා මම දන්නේ අත්දැකීමෙන්මයි. සුදීක ක්‍රිකට් ගැන දැණුවත් උනාට අපේ උන් ක්‍රිකට් ගැන මෙළෝ හසරක් දන්නෙ නෑ, ඔය කෑ ගහන එකත් හැම තැන්ම එක සමාන නෑ. ඒ එක එක ප්‍රාන්තවල ජන ජීවිතය අනුව හැඩ ගැහුන හැටි. සුද්දෝ හූ තියලා අත්පොලසන් නගන්නේ දෙයක් අගය කරන්න. ඒත් අපි හූ තියන්නේ වෙන දේකට. පූනේයි වොරියර්ස් කන්ඩායම විදේශීය චියර් ලීඩර්ස්ලා භාවිතා කරන්නේ නෑ. මුවාගේ අදහස් හා මම සෑහෙන එකඟයි. කපිල් දේව්, සුනිල් ගවස්කාර් කියන්නේ ක්‍රිකට් ලෙජන්ඩ්ලා නමුත් ඔවුන් මේ තරඟවලිය හොඳින් තේරුම් අරගෙන එහි සංකෘතියට අනුගත වෙනවා. ඒ නිසා ජනතාවත් ඔවුන් අනුගමනය කරනවා. කෙනෙක් කියන්න පුළුවන් මුදල් නිසා තමයි මේ සියල්ල කරන්නේ කියා. ඇත්ත අද ළෝකයේ මුදල ඉදිරියෙන් ඉන්නවා. නමුත් ඔවුන්ගේ ගුණ ධර්මත් ඔවුන් හොඳින් රැකගෙන තමයි ඉදිරියට යන්නේ. අපේ ඔළුගෙඩි පුරුදු නෑ අළුත් දේවල් වලට. අපි අළුත් දේට බයයි, කුලෑටියි, ඉතින් අපි හැමදාම පරාදයි.

      Delete
    5. @බුවා : මම ක්‍රිකට් සහ පාපන්දු යන ක්‍රීඩා දෙකම කර තිබෙනවා, ඒ වගේම නරඹනවා. ක්‍රිකට් කියන්නේ අර එංගලන්ත ආකාරයෙන් රස විඳින්න ඕනේ දෙයක්. පාපන්දු හරිම සරලයි. ඕනෑම නොදන්නා කෙනෙකුට වුනත් තේරෙනවා. ක්‍රිකට් ලෝකයේ ජනප්‍රිය කරවන්න තමයි විස්සයි20 ගහන්නේ. ඉතිං ඒකට නම් අර වගේ උන්මාදනීය ප්‍රේක්ෂකයෝ ඕනේ. මොකද අනිත් රටවල් වල ඇය වාඩි වෙලා දවස් ගණන් ක්‍රීඩා නරඹන පුරුද්දක් නැති නිසා. ඉන්දියාවේ ක්‍රීඩකයන්ට මොනවා වුනත් 19න් පහල තරග වලට පස්සේ IPL තියෙනවා. කෝලිට රයිනට අන්තර්ජාතික මට්ටමේ ඇය සමග තරග ගොඩක් ක්‍රීඩා කරන්න එතනින් අවස්තාව එනවා. ඉතිං ඔවුන් පරිනත වෙනවා. සචිත්‍ර හොඳට පන්දු යවලත් ඉඩ නැති නිසා එළියේ, ඕවරයකට 29ක් කාලත් තිසර ඉඩ තියෙන නිසා ඇතුලේ. තිසර නරක නෙවේ වෙන කෙනෙක් හිටියා නම් එලියට යවලා ගන්නවා.
      @මාතලන් : මගේ කිසිම ඉන්දියන් විරෝධයක් නෑ. මම කැම්පස් ක්‍රිකට් තරගාවලියේදී දැක්ක ප්‍රෙස් බොක්ස් එකේ හිටිය අපේ අය ඉන්දියාවට විරුද්ධව චියර් කරනවා. නමුත් මම එතන දැක්කා ඉන්දීයා දකෂතා මම ඒවා අගේ කළා. එකට හොඳම සාක්ෂිය මෙන්න මේකෙන් බලන්න. Yuvi Batting Right Hand . නමුත් මම විස්තර කලේ අපේ ක්‍රීඩකයන් එහිදී මුහුණ දෙන තත්වේ.

      මම මේකේ වැරද්දක් දකිනවා නෙවෙයි. මේක ඉදිරියේදී චිත්‍රපට තිර පිටපතක් වගේ වෙන්න ඉඩ තියෙනවා කියන එකයි මම කියන්නේ. එතනදී ක්‍රිකට් වෙනමත් විස්සයි20 (T20 ) වෙනමත් ලෙස දෙකකට කැඩෙයිද ? කියන එකයි මට තියෙන බය.

      Delete
    6. ඔව්... අපේ රටේ නම් එහෙම වෙයි.. වෙන රටවල එහෙම වෙන එකක් නෑ. ඉන්දියාව ඔස්ට්‍රේලියාවට පාඩමක් කියලා දුන්නේ මෑතකදි ටෙස්ට් වලිනුත්.

      Delete
  3. මේ පාර එක මැච් එකක්වත් බැලුවේ නෑ. ඒ ක්‍රිකට් වලට කැමති නැති හින්දා නෙවේ, මොකද මමත් පිස්සුවෙන් වගේ බලනවා යන හැම එකක්ම. ඒත් මේ පාර බලන්න හිතුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. තව දවස් තුනක් තියෙනවා.

      Delete
  4. ක්‍රිකට් ගැන ගොඩක් දන්නේ නැති නිසා සමහර දෙවල් නොතෙරුනට, ඉන්දියාව IPL එකෙන් ගන්න වැසි සහ ඔව්න්ගේ අධිකාරය නම් ඇත්තයි.. විග්‍රහය හොදටම හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. අපිට ඒ තත්වෙට එන්න නම් බෑ කියලයි මගේ විශ්වාසෙ.

      Delete
  5. ඔය අයිපීඑල් එක තනිකරම අනාගත ඉන්දියානු ක්‍රිකට් ආයෝජනයක් හා ඉන්දියාවේ ආර්තික තත්වය අයිසීසි එක කේවල් කිරිමට යොදා ගන්නා උත්ප්‍රෙරකයකි.. අපට ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකි වීමට එකම හේතුව මේ අයිපීඑල් එක බව මා විස්වාස කරනවා

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට මමත් විශ්වාස කරනවා ලෝක කුසළාන පරාජය එය හේතු වුවා කියලා.

      Delete
  6. "Cricket" nam "Sudeeka" "Sudeeka" nam "Cricket"
    Jayawewa.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. matanam duke ba mahela, sangakkara, dilshan, mathews gana... IPL gihin kujithama wela inne... anthimata sangakarata tai mathews tai caption kamath na... bankuwa udata wela weli weli hitiya... thuk nodakin.. mahelaya hamadamma paradila nahayen anduwa.. dishanaya wanuwa wanuwa hariyata wadune na.. naki muraliya nathi wenna kaawa... tikak hari fit eke hitiye THISARA & MALINGA witharayi... andenawa... :D

      Delete
  8. අපේ මැටි මී හරක් උන්ට කුඩම්මගෙ සැළකිලි නෙමෙයි ඊට දරුණු ඒවා දැක්වූවත් ඊළග වතාවෙත් යයි සල්ලි වලට කෙළ හලාගෙන..IPL නොගිය චන්දිමාල්ට මගේ උපහාරය.

    ReplyDelete
    Replies
    1. chandimal yai ban sira aiya eegawa paara oita wada loku gaanakata.. ekai meda paara u giye naththe.... :)

      Delete
    2. චන්දිමාල් අයි පී එල් වලදි වෙන්දේසි උනේ නෑ. හේතුව ගිය සැරේ ෆේල් වීම. පස්සෙ වෙනත් නොපැමිනෙන ක්‍රිඩකයකු වෙනුවට ආදේශ ක්‍රීඩකයකු ලෙස ආරාධනා කලා සුළු මුදලකට. එහෙම නැතුව ගාන හොඳනම් ඒයත් යනවා...

      Delete
    3. @ මාතලන් : චන්දිමාල් වෙන්දේසි නොවුන එක ඇත්ත. ඒත් $100,000 මුදලකට මුලික ලන්සුව ලැබුණා. ආරොන් ෆින්ච්, රවී බෝපාරා, මාර්ටින් ගප්ටිල්, වර්නන් පිලන්ඩර් කියන අයටත් ලැබුණ මුලික ලන්සුව මේක වෙන්දේසි වුනේ නෑ. හේතුව ගිය සැරේ ෆේල් වීමත් නොවේ. ගිය සැරේ තරග දුන්නේ නෑ.

      Delete
  9. මේකේ ලියලා තියන දේවල් වලට මගේ අදහසත් කියලා යන්න හිතෙනවා.
    1.ඉන්දියාවේ ජාතික කණඩායමට මේකෙන් කට්ටිය හොයාගන්නවා කියන එක කාටවත් නෑ කියන්න බෑ.
    2.මේක තව ටික දවසක් යනකොට BPL ,La liga වගේ තත්වෙකට එන එක නවත්තන්න බෑ.
    3.එතකොට අපිට වෙන්නේ අර germany ය වගේ අපේ කට්ටියත් රට පටවලා නිකා ඉන්න.
    4.ඒ උනාට මේ තරගාවලිය තිබුනා කියලා අනික රටවල ජාතික කණ්ඩායම් එකක තරග කරනකොට එයාලා පරණ කට්ට්යම තමා.
    5.ඉන්දියාවේ එක කණ්ඩායමකට එක ground එක ගාන්නේ තියනවා.ඉතින් එයාලට home,away කියලා තරග තිය්න්න පුලවන්.එක තමා ඕක ගොඩ යන්න ගොඩක් බලපෑවේ.
    6.ඉන්දියාවේ සල්ලි තියන කොම්පැනි කාරයෝ වැඩි නිසා තමා ඔච්චර හොද team තියෙන්නේ.ලංකාවේ එහෙම නැති නිසා තමා slpl අවුල්.
    but no country in the world can create the drama that we created.and there are more things to come in a better way for sri lanka.

    ReplyDelete
  10. 1.ලිපියේ සමස්ථයට එකඟ නෑ. සුදීක ඉස්සෙල්ලම තේරුම්ගන්න ඕන අද ලෝකයේ තියෙන්නෙ ධනවාදය. නිකංම නිකං ධනවාදය නෙවේ ගෝලීය ධනවාදය. ධනවාදයත් එක්ක ක්‍රිකට් නෙවේ ඕනෑම ක්‍රීඩාවක හෝ වෙනත් ක්ෂේත්‍රයක තත්වය මේකයි. ඉස්සෙල්ල ඒක තේරුම්ගන්න ඕන.

    2.ක්‍රිකට් කියන්නෙ 100%ක් දැනට වෘත්තීය මට්ටමට ආපු ක්‍රීඩාවක් නෙවේ. පාපන්දු රග්බි පැසිපන්දු වගේ තරග බැලුවොත් ඒ මට්ටමට ඇවිල්ල තියනව. ඒවායේ ලක්ෂණ තමයි දැනට අයිපීඑල් වල තියෙන්නෙ. තව අවුරුදු 10ක් විතර යද්දි 20 ක්‍රිකට් යම් මට්ටමකට ඒවි. ඒ එක්කම මේ තියන ජනප්‍රියත්වය-මුදල් හේතුවෙන් තවත් රටවල් ක්‍රිකට්වලට එන්න සෑහෙන්න ඉඩ තියනව.(රටවල් 10ක්-12ක් ඉන්න ක්‍රීඩාව වැඩක් තියනවද?).එහෙම උනොත් ඉන්දියාවේ ඒකාධිකාරිය නැතිවෙන්න පුළුවන්.

    3.ක්‍රීඩකයන් සම්බන්ධ ගැටළු ගත්තත් එච්චරයි කියන්න තියෙන්නෙ. තව අවුරුදු දහයකින් විතර බලන්න "නම විතරක් තියන" ක්‍රීඩකයන් අයිපීඑල් ගහයිද කියල.

    4.අයිපීඑල් වලින් ඉන්දියානු ක්‍රිඩකයන්ට අමතර වාසියක් වෙයිද? නැහැ! ගිය 20-20 කප්එක ගැහුවෙ අයිපීඑල් වලට පස්සෙ ඉන්දියාව ෆයිනල් වත් ආවද? (දැං මතකද දන්නෙ නෑ:).අයිපීඑල් වලින් බැබලෙන තවත් අය ඉන්නව.ඩේවිඩ් මිලර්(මේසැරේ), ෂෝන් මාෂ්, කොදෙව්වෝ බර ගානක් තරු බවට පත්වුනා විතරක් නෙවේ 20 කප්එකත් ඉස්සුව,....මේව විස්තර කරන්න පුළුවන් සූත්‍රය මොකද්ද කියන්න ඉස්සෙල්ල.

    5.අන්තිමට ඉන්දියාවේ ඒකාධිකාරය.
    ඉන්දියාව කියන්නෙ ක්‍රිකට් තරගාවලියක් පවත්වල වැඩියෙන්ම මුදල් හොයන්න පුළුවන් රට. අයිසීසී එකත් ඉන්දියාවේ පදයට නටනව කියන්නෙ බොරුවක් නෙවේ. අනිත් අතට ඒක එහෙම වෙන්න එපැයි. කොම්පැනියක උනත් වැඩිය කොටස් හිමි එකාට වැඩි බලතල තියනව:). ඒක නවත්තන්න බෑ. ඒක නවතින්න නං චීනය ඇමරිකාව යුරෝපය ක්‍රිකට් වලට ඇබ්බැහිවෙන්න ඕන.

    තවත් තියනව. ඉන්දියානු ක්‍රිඩකයන්ට අයිපීඑල් එකෙන් ලැබෙන මුදලින් 10%ක්වත් එස්එල්පීඑල් එකෙන් දෙන්න යෝජනා වෙලා තිබුනද? යම් තරගාවලියකට, අයිපීඑල්වල මිලට කිට්ටු මිලක් ලැබිලත් ඉන්දියානුවන් නොයනවනං එදාට මම විශ්වාස කරන්නං ඔවුන්ට ජාත්‍යාලයක් තියනව කියල එතකල් බෑ!

    මාලිංග, තිසර ඇරුනම අනිත් සියළුදෙනා අසාර්ථකයි. දිල්ෂාන්, මහේල,සංගා, අජන්ත සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඒකට අනුන්ට දොස් කියල වැඩක් නෑ.

    දැනට ඔච්චරයි. මතක් උනොත් තව දෙඥ්ඤං

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවෙත් ක්‍රිකට් වෘත්තීමය ක්‍රීඩාවක්...

      Delete
    2. @චාමික : ඔයා කියන ගොඩක් දේවල් වලට මමත් එකඟයි.

      @රාජ් : සමස්තය මේකෙන් ඉන්දියාව ලබා ගන්න දේ, ඊට අමතරව මම මතු කරන්නේ ඉදිරියේදී පිටපතකට මේක වෙනවා කියන අනාවැකිය. ඔයා ඒකට එකඟ නොවෙන්නේ දේශපාලන දෘෂ්ටිකෝණයකින් කියලා පැහැදිලි වෙනවා. නමුත් මම මේක ලියන්නේ ක්‍රිකට් ප්‍රේමියෙක් විදියට. මගේ දේශපාලනය අමතක කරන්න. නමුත් දේශපාලනික දේවල් මතු වෙලා තියෙනවා කියලා මම පිලි ගන්නවා.

      ක්‍රීඩාවක ජීව ගුණය ආරක්ෂා කිරීම ඒකෙ පාළන අධිකාරියේ වගකීමක්. ජනප්‍රිය කරන්න ගිහිං ඒක නැති වුනොත් මොකද වෙන්නේ ? ඒ නිසා තමයි මම කියන්නේ මේක දෙකකට කැඩෙන එක වලක්වන්න බෑ කියලා.

      ඉන්දීය ජාතික කණ්ඩායම තෝරා ගන්නේ ප්‍රාන්ත ක්‍රිකට් වලින්. එතකොට හොඳ කණ්ඩායම චෙනායි නම එතන ඉන්න සියල්ලටම කණ්ඩායමට එන්න වරම් නෑ. අද ඔයාට 11ක් තෝරන්න කිව්වොත් ඔයා තොරණ (දක්ෂතා අනුව) අය නොවෙයි ඔවුන් තෙරුවාම එන්නේ. මේ ගැන මත ගැටුම ඕන තරම් ඇති වෙලා තියෙනවා. වෙනත් රටවල අයත් මේකෙන් බැබළුණා තමයි ක්‍රීඩා කරන්න ලැබෙන ප්‍රතිශතය අනුව. කොදෙව් වලත් 20-20 තරගාවලියක් බරටම කෙරෙනවා මේ වගේ ප්‍රසිද්ධියක් නැති වුනත්. කොහොමත් ඔවුන් මේ වගේ කෙටි තරග වල දක්ෂයෝ.

      නමුත් ක්‍රීඩකයින් යොමු කරන්න පුළුවන් අඩාල රටේ පාලක මණ්ඩලය හරහා පමණයි. රටේ තීරණයක් තියෙනවා නම් ඔවුන්ට ඒකට හිස නමන්න වෙනවා. ඉන්දියාවට තමයි ඇමරිකානුවන් වීසා අරන් එන්න ඕනේ එකම රට !!!
      @බුවා : ඔයාගේ කතිර පෙලියටත් උත්තර මෙවාමයි. :)

      @මාතලන් : ඔය බෝලෙට වෙන කෙනෙක් ගහයි(රාජ් හෝ බුවා). මම ඒක නිදැල්ලේ යන්න දෙනවා. :)

      Delete
    3. දේශපාලනයක් වැඩක් නෑ. ඒක අල්ලල දාමු.
      1.රෙස්ලින් වගේ පිටපතකට අනුව මේ දේ වෙනව කියන්න තියන සාධක මොනවද? මම කියන්නෙ එහෙම නෑ කියල. දැන් අල්ලස් චෝදනා එල්ල වෙලා තියන ක්‍රීඩකයන්ට වගේම අතීතයේ ඒ චෝදනා තිබුනු ක්‍රීඩකයන්ටත් එරෙහිව සැලකියයුතු තරමේ නීතිරෙගුලාසි අනුව කටයුතු කිරීම් සිදුකලා.(අජේ ජඩේජා, අසාරුදීන්,....).එහෙම බැලුවම ඉන්දියාව ගැන අපට සතුටු වෙන්න පුළුවන්(අපේ රටට සාපේක්ෂව). ඔන්න ඒ ගැන මගේ තර්කෙ.

      2.ලංකාවේ බොහෝ දෙනෙකුට යම් ක්ෂේත්‍රයක සිදුවන වෘත්තීය මට්ටම වටහාගන්න බැරි අවුලක් තියනව. එහෙම නැත්තං හොරට නිදාගන්නව තට්ටු කලාට ඇහැරෙන්නෙ නෑ. ලෝකයත් එක්ක ගමනේ යන්න බැරි මිනිස්සු හැමදාම එකතැන පල්වෙනව ඇරෙන්න සිදුනව වෙනත් දෙයක් නෑ. අහිතකර දේවල් සිදුවීම නවත්වන්න බෑ. (හැන්සි ක්‍රොන්යේ අල්ලස් වලට වැරදිකරුව වෙලා මියගිය කාලෙ අයිපීඑල් තිබුනෙ නෑනේ නේද?) ඒත් නරකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනව නං එච්චරයි.

      3.ලංකාවේ බොහෝ මාධ්‍ය වල මේ ගැන ලියවුන ලිපි, සුදීකගෙ මතයෙ ඉඳගෙන තමයි ලියල තිබුනෙ. විශේෂයෙන් අර්ජුන රනතුංග මහා අයිපීඑල් විරෝධියා. ඒත් උන්නැහේ ක්‍රීඩකයන් විවේචනය කරන ගමන්, විදුලි බලාගාරයකුත් පවත්වාගෙන, ධනවාදී ක්‍රමයේ ආනුභාවයෙන් මණ්ඩලේට විදුලිය විකුණනකොට අපිට දෙකොනිං හිනා යනඑක නවත්වන්න බෑ.

      Delete
    4. 1. මම කියන්නේ අනාවැකියක්. දැනට ඒකෙ පුරවා ලක්ෂණ තමයි පේන්න තියෙන්නේ. මම දන්නේ නෑ මේක අයි.සී.සීයේ නීති රීති වලට පිටින් වෙනවද කියලා. නමුත් වෙනත් තරගාවලියකදී නම් වොට්සන්-පොලාර්ඩ් ප්‍රශ්නෙට පොලාර්ඩ්ට දඬුවම් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවේ ඔට්ටු ඇල්ලීම් වැඩියි. සාමාන්‍යන් ලංකාවට වඩා දුෂ්නයත් වැඩියි. ඒක සාමාන්‍යකරණය වෙලා. ඉතිං දඬුවම් පවා වැඩියි. අසාර්ට, ජඩේජට දඬුවම් දුන් බව ඇත්ත (අද සෝනි නාලිකාව තරග වලට කලින් සහ අතරමැද තියෙන "එක්ස්ට්‍රා ඉනින්ග් ටී ටුවෙන්ටි" කියන වැඩසටහනට එක් කර ගන්න දෙතුන් දෙනාගෙන් කෙනෙක් අජේ ජඩේජා. ඒ තුලින් පොඩි ඉඟියක් යනවා අද අල්ලස් ගත්තත් පසුව වෙනත් ආදායම් මාර්ග සොයා ගන්න පුළුවන් කියන). ගිය අවුරුද්දේ චෝදනාවට ලක් වෙච්ච ඇය බලන්න ටී.පී. සුධින්ද්‍රා(ඩෙකෑන්), මොනිෂ් මිශ්රා(පුනේ), ශාලාබ් ස්රිවාස්තව,අමිත් යදාව්(පන්ජාබ්) සහ අබිනව් බාලි. බලන්න මේ අය තරගයක් වත් ක්‍රීඩා කරලා තියෙනවද ? මට හිතෙන්නේ මේකත් අර සාම්පල් ක්‍රමයට තෝරා ගන්නවා. නැත්නම් ඒ ගැන ක්‍රියාත්මක වෙනවා වගේ පේන්න තෝරාගත් කිහිප දෙනෙක් එක්ක කරන දෙයක්. ඉතිං උඩ කිව්වා අයව තරංග අත්හිටුවලා තියෙනවා දවස් 15කට.
      2. අල්ලස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අවසාන තරග වලදී බොහෝ දෙනෙක් ඉතා සැහැල්ලුවෙන් "අපි වෘත්තීය ක්‍රීඩකයෝ" කියල කිව්වා. නමුත් මේවා තේරුම් ගන්න බැරි අපේ අයට නොවෙයි ඉන්දියන් අයට. ගෙවල් ගිනි තියන්නේ, පින්තුර පුච්චන්නේ ඒ නිසා.
      3. අර්ජුන රණතුංග මහතා අයි.පී.එල් පමණක් නොව සමස්ත 20-20 විරෝධියා. නියම ක්‍රිකට් ප්‍රේමීන්ට ඒක නිසා ක්‍රිකට් වලට වෙන හානිය පේනවා. ඔහුගේ ක්‍රිකට් මතය මම බොහෝ වෙලාවට පිලි ගන්නවා. නමුත් පාලක මණ්ඩල සම්බන්ධ ඔහුගේ සමහර දේ මා පිලි ගන්නේ නෑ. ඔහුගේ ඔබ කියන ධනවාදී දේ ගැන මම ඇතුළු බොහෝ දෙනෙක් දැන ගන්න ඇත්තේ අද ?

      Delete
  11. හුඟක් දෙ සමග එකඟයි ඒත් Champions Trophy එකෙන් පස්සෙම අපි ඉන්දියාවෙ ප්‍රගතිය කතාකරමු. මට පේන විදියටනම් ඉන්දියාවෙ අයට සාමූහිකව ක්‍රීඩාකරනකොට IPL වල පෙන්වන මට්ටමේ දක්ශතාවයේ ඉන්න බෑ.

    ReplyDelete
    Replies
    1. චැම්පියන්ස් ත්‍රොපි ගහන්නේ එංගලන්තේ නිසා කොහොමත් ඉන්දියාව අවුල් , ඊලඟට මේ පාර සිලෙක්ට් කරල ඉන්න ටීම් එකත් අලුත් . මට සැහෙන විශ්වාසයක් තියේ අපේ උන් ඉන්දියාවට වඩා හොඳට සෙල්ලම් කරනවාය කියලා ඕකේදි

      Delete
    2. @ලොකු ජෝන් : ඉන්දියාවේ තෝරාගැනීම ප්‍රාන්ත මට්ටමට සිදු වෙන්නේ. තේරුම් කමිටුවත් කලාප නියෝජනයකින් තියෙන්නේ.

      @බුවා : ක්‍රිකට් ප්‍රතිඵල ගැන අනාවැකි ඵල කරන්න අමාරුයි නේද ?

      Delete
    3. 2011 දි නම් මගේ අනාවැකි 90% විතර හරි ගියා :D , ,20-20 වගේ දවසේ වදින එකා දිනන්නේ නැති නිසා, කලින් ක්‍රිඩා විලාශ , තණතිලි , සංචිතය ආදිය බලල 50-50 ගැන පොඩි අදහසක් අපිට කියන්න පුලුවන් මම හිතන්නේ (හැබැයි කලින් අනාවැකිය කියත්දිත් මට ඉන්දීය සංවිතයේ ඉන්න වැදගත්ම ඩයල් එකක් අමතක වෙලා !! ) . තරඟාවලිය පටන් ගත්තාම සම්පූර්ණ අනාවැකියක් කියන්න බලමු !

      Delete
    4. ඔව් අපි එහෙම එකක් කරමු.

      Delete
  12. කොයි දේත් හොද පැත්ත වගේම නරක පැත්තත් තියනවා, ඒවගේ තමයි ඉතින් මේකත්...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න මුදලාලිකරණ වෙන එකයි වැඩේ. තරංග කාලසටහන තීරණය කරන්නේ රුපවාහිනි විකාශන අයිතිය තියෙන සමාගම. ඔවුන්ගේ ආම්පන්න ප්‍රවාහනය කල හැකි ක්‍රමය මත.

      Delete
  13. ඉන්දියාව යමක් කරන්නේ අත ලෙවකන්න නොවේ..

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය හරහා ඉතා හොද සංවාදයක් ඇතිව තිබීමත් සතුටට කරුණක්.

      Delete
    2. බලන්න පත්තර වලට වඩා බ්ලොග් කොයි තරම් හොඳද කියලා.

      Delete
  14. Hoda lipiyak wagema hoda sanwadayak.mage adahasa nam ona kenek giyata kamak ne.mokada eka eyalage job eka.eyalata play karanna bari kaleta api salli denne na ne.anika kauruwath salli walata kemathiy.chandimal nogiye anagathaya hada ganna misak akamathi niosa nemei.
    habai eyala giyata ratawal athara tharaga nawaththanna ona ne.anith players la dala play karanna ona.ethakota paradunath aluth set ekak hadenawa ne.

    ReplyDelete
    Replies
    1. චන්දිමාල්ගේ තීරණය පිටුපස අර්ජුන රණතුංග මහතා සිටින බව පැහැදිලියි. ඔහු ජේෂ්ඨයකු වන අර්ජුන රණතුංග මහතා සමග මේ ගැන කතා කරන්න ඇති බව මගේ විශ්වාසයයි.

      Delete
    2. අර්ජුන මහතා කොරයි චන්දිව ගත්තා නම් , පිලිගනිල්ලා ඌව ගත්තෙ නෑ කියන එකවත්

      Delete
  15. ඉන්දියානු දේශපාලන ක්‍රිකට් මාෆියාවේ මේ කුණු ගඳ ගහන ඇත්ත මේ විදිහට පෙන්වා දීම ගැන බොහොම පින්. තවමත් මුන්ගේ පස්ස පැත්තට වඳින්න යන, උන්ගේ ඩොලර් රිඹ ලෙවකන්න යන, අපේ එවුන්ට, මඩුවලිග පාරක් දෙන්න බැරි එක ගැනයි දුක.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබගේ සෘජු අදහස් දැක්වීමට ගරු කරමි.

      Delete
  16. ලිපියෙන් වගේම සංවාද වලිනුත්
    හුගක් දේ දැන් ගත්තා...
    I.P.L පටන් ගත්තේ I.C.L එකට බැටේ දෙන්නත් එක්කනේද....??

    ReplyDelete
    Replies
    1. ICL එක පර්යේෂණාත්මක එකක් කියලයි මට හිතෙන්නේ. ICL එකට ICC එකේ අවසරය තිබුණේ නැති නිසා ගොඩක් දුර යන්න බැරි වුණා.

      Delete
  17. මගේ මතය අනුව, අයි.පී.එල්. කියන්නෙ ක්‍රිකට් නොවෙයි. ඔබ පැවසූ ලෙස අනාගතයේ පිටපතකට අනුව තරඟ පැවැත්වෙයි. මේ වනවිටත් පෙර සැළසුමකට අනුව තරඟ තීරණය වනවාද යන්න ගැටළුවක්. ඒ අතරම සුදීක මහත්මයා දන්නා පරිදි, මා ලියූ ලිපිවලින් මෙම තරඟාවලියේ විකාශය කිරීමේ රටාව පිළිබඳව ප්‍රභල විවේචන ඉදිරිපත් කළා. කොටින්ම මේක ලොකු රැවටීමක්, ප්‍රේක්ෂකයාගේ බුද්ධියට කරන නිගාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිදත්. ඔබ වැනි ක්‍රිකට් පිලිබඳ මනා දැනීමක් ඇති අයෙක් කල්තියා මෙම තරගාවලිය පිලිබඳ අදහස් පල කිරීමෙන් වැළකී සිටීමෙන් එහි ඇති තත්වය ගැන පැහැදිලි වනවා.
      ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
      සිදත් සමීර යනු ක්‍රීක්ටර්ෆ් වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ වරයා වන අතර ඔහුද පැය කිහිපයකට පෙර මෙවැනි ලිපියක් ලියා තිබෙනවා

      IPL

      Delete
    2. අඩුම ගානේ අවුරුදු 2 ක් 3ක් වත් හරියට ක්‍රිකට් ගහපු අයගේ අදහස් ගොඩක් වෙලාවට සුදීක අයියේ අදහස් වලට සමාන බව පේනවා

      Delete
  18. IPL Information really good indeed. we expect you to deliver good information again. I am looking forward to visit this blog again.

    http://www.ipl9live.in/

    ReplyDelete
  19. මේ අනාවැකිය අද ඇත්ත වී තිබේ

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...