Tuesday, April 2, 2013

රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ මහමොලකරු සමග දොඩමළුව

බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාව ඔබට අලුතෙන් හඳුන්වා දීමට අවශ්‍යද ? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ගහට පොත්ත සේ සබඳතාවක් ඇති පුද්ගලයෙක් වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා මුල්ම ටෙස්ට් තරගයේ සිට මේ දක්වා කුමන හෝ අයුරකින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා සම්බන්ධ වී ඇත. විටෙක කණ්ඩායම් කළමනාකරුවකු  වන ඔහු තවත් විටෙක පුහුණු කරුවකු වෙයි. මේ සියල්ලටම වඩා අප අගය කල යුතු දේ වන්නේ ඔහුගේ නිහතමානීත්වයයි. ඕනෑම කෙනෙකු සමඟ සිනා මුසු මුහුණින් කතාබස් කරන ඔහු වැන්නන් රටටම ආදර්ශයකි. 

සුදීකට අද සන්ධ්‍යාවේ රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු හමු විය. තරගාවලි අධ්‍යක්ෂ වරයා වශයෙන් ඔහු වඩාත් කාර්ය බහුල මොහොතක ඉතාම තැන්පත් ස්වභාවයකින් කතාබස් කිරීම එතුමාගේ වෘත්තීය දක්ෂතාව මොනවට විදහා දක්වයි. ඇවිද්ද පය කියවන ඔබ වෙනුවෙන් මා එතුමාගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා


 දැන් ඔබතුමා මේ තරගාවලියේ අධ්‍යක්ෂවරයා, මීට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුවකු වශයෙන් ඔබ සේවය කර තිබෙනවා ඒ කළමනාකරණ අත්දැකීම කොහොමද ඩිරෙක්ටර් විදියට, වගකීම ?

 ඇත්තටම ජාතික කණ්ඩායමේ කළමනාකරු වුනහම ඉතාමත් දැඩි වගකීමක් තිබෙනවා. ඉතිං ක්‍රීඩකයන් පාලනය කරන්නේ කෙසේද ? ක්‍රීඩකයන් සමග කොහොමද ඔවුන්ගේ හැසිරීම් රටාව මොකක්ද ? ඔවුන්ගේ අවශ්‍යතාවයන් මොකක්ද ? ඒ තියෙන සෑම දෙයක් ගැනම සෑහෙන අවුබෝධයක් තියෙනවා. මං හිතන්නේ ඒ අවුබෝධය ඉතාම උදව් වෙනවා මේ වගේ තරගාවලියක් සංවිධානය කරනකොට. ඉතිං ඒ අවශ්‍ය හැම දෙයක් ගැනම හොඳින් බලල ඉවර වෙලා ඒවට සම්බන්ධ වෙන්නට හැකියාවක් ලැබෙනවා. ඉතිං මං හිතනවා ඒ ආභාෂය ගොඩාක් ප්‍රයෝජනවත් වුනා කියලා. 
 මේ ටුනමන්ට් එකේ මොනවද විශේෂ, ඒ කියන්නේ, අලුතෙන් දෙයක්, මං හිතන්නේ ජාතික කණ්ඩායමේ කරනවට වඩා මේක මට තේරෙන විදියට නම් වගකීම වැඩියි. තනිකර ඔබ තුමා අතට තමයි ඔක්කොම වගකීම් ටික ලැබෙන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන්  
 ඔව්. ඇත්තටම ජාතික කණ්ඩායමේ ලංකාවට කරනකොට ඉතාමත් සුළු කොටසක තමයි වගකීම ලැබෙන්නේ. නමුත් මෙතන මුළු තරගාවලියේම සෑම අංගයක් කෙරෙහිම වගකීම මා වෙත තමයි පැවරිලා තියෙන්නේ. ඉතිං ඔබ කිව්වා හරි,  ඉතාමත් විශාල වගකීම් සම්බාරයක් පැවරිලා තියෙනවා. ඉතිං එය තමයි පළපුරුද්දත් සමගම, ඒ කියන්නේ කරන්නට හැකියාව ලැබීම මම හිතනවා ඉතාමත් සන්තෝෂයට කාරණයක්. ගිය වසරේත් කණ්ඩායම් තුනක් සහභාගී වුණා. ඒ කණ්ඩායම තුනත් සමග වර්ෂාවෙන් ඉතාමත් බාධාවක්  ඇති වුනා ගිය වසරේ. නමුත් කෙසේ හෝ ගිය වසරේ තරගාවලිය සම්බන්දීකරණය කර ගන්න හැකි වුණා. ඉතිං මේ වසරේ බලාපොරොත්තු වෙනවා වර්ෂාවෙන් බාධාවක්  ඇති නොවෙයි කියලා. ඉතිං එහෙම වුනත් ඒවටත් අපි ඉතාමත් සුදානමින් තමයි ඉන්නේ.  කොයි අන්දමේ බාධාවක් ඇති වුනත්, එය හොඳින් කරන්නට අපිට හැකියාවක් ලැබෙයි කියලා මා හිතනවා. 
දැන් මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රිලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ අයි.සී.සී. එකේ අනුග්‍රය හෝ ඒගොල්ලන්ගේ අනුදැනුම මතද මේක සිද්ධ වෙන්නේ ? 

 ඇත්තටම අයි.සී.සී. එකේ අනුදැනුමක් මේ තරගාවලියට නෑ. මේ තරගාවලිය ඇත්තටම රෙඩ්බුල් ඉවෙන්ට් එකක් විදියට ඔවුන්ගේ කම්පනියේ සම්පූර්ණයෙන්ම මේ වියදම් දරාගෙන පැවැත්වෙන තරගාවලියක්. ශ්‍රී ලංකා ක්‍රිකට් අපිට ඇත්තටම උදව් වෙලා තියෙනවා ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අපිට ලබා දීම දිවා-රාත්‍රී තරග වලට. ඉතිං මං හිතනවා උපාලි ධර්මදාස මහත්මයත්, නිශාන්ත රණතුංග මහත්මයත් ඉතාමත්ම උවමනාවෙන් අපිට මේ ක්‍රීඩාංගණය ලබා ගැනීමට අවශ්‍ය වෙච්ච් වෙලාවේදී උදව් කරා. මට මතකයි ගිය වසරේදීත් අපට අවශ්‍ය වෙච්ච වෙලාවේදී කවර, ඒ වගේම සුපර්-සොපර් ලබා දුන්නා ඒ තරගාවලිය පවත්වන්න. ඉතිං එහෙම සහයෝගයක් ලබා දුන්නැත්නම් ඒ තරගාවලිය කවදාවත් හිතපු තරම් උසස් තත්වයෙන් පවත්වා ගන්නට ලැබෙන්නෑ. ඉතිං මං හිතන්නේ මං ඔවුන්ට ඉතාමත් ස්තුති වන්ත වෙන්න ඕනේ මේ තරගාවලියට සහයෝගය දක්වලා මේ ආකාරයෙන් පවත්වාගැනීමට උදව් කිරීම ගැන.  

ඔබගේ මේ පත්වීම දෙවෙනි වරට, ඔවුන් ඔබ ගැන විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඔබ හිතන විදියට මොකක්ද මේකේ රහස ?

ඇත්තටම ගිය වසරේ තරගාවලියේදී යම්කිසි කෙනෙක් ඇවිල්ල පලවෙනි දවසේ ක්‍රීඩා පිටිය දිහා බැලුවනම්, සී.සී.සී. ක්‍රීඩාංගනයේ තමයි පහුගිය වෙලාවේදී පැවැත්වුනේ. ඉතිං අපි සී.සී.සී. ක්‍රීඩාංගණය තෝරා ගත්තේ මහජනයාට ඇත්තටම ලේසියෙන් එන්න පුළුවන්, කොළඹ හත නගරයේ කේන්ද්‍රස්ථානයක තිබුණේ. ඒක් හින්දා අපට හිතුනා එතන පහසු හොඳ තැනක් කියලා නමුත් අවාසනාවන්ත විදියට වැස්සෙන් ඉතාමත්ම බාධා ඇති වුණා. නමුත් අපිට පුළුවන් වුණා ඒ තරගාවලිය වතුර අයින් කරලා, අපි ඇත්තටම මෝටර් දම්මලා වතුර පොම්ප කරලා ඉවර වෙලා තමයි අපි ඒ මැච් එක සෙල්ලම් කරන තත්වයටගියේ. ඉතිං මං හිතනවා ඒ විශ්වාසය තමයි ගොඩක් වෙලාවට රෙඩ්බුල් ආයතනයට තියෙන්නේ. ඕනෑම අවස්ථාවකට මුහුණ දීලා, ඒ තරගාවලිය හොඳින් පවත්වන්නට අවශ්‍ය සෑම අංගයක්ම මං ගාව තිබෙනවා කියන එක තමයි ඔවුන්ගේ විශ්වාසය. 
මං මේක හැම කෙනාගෙන්ම අහන ප්‍රශ්නයක්, ක්‍රිකට් ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙක එකට ගෙනියන එකේ සාර්ථකත්වය ලබන්න පුලුවන්ද ? අපි ශ්‍රී ලංකාවේ දකින්නෑ එහෙම සාර්ථක වුණ අය බොහොම කලාතුරකින්. නමුත් වින්ටර්/සමර් සීසන්ස් තියෙන අය මේක සමබර කර ගන්නවා. 
ඇත්තටම මම හිතනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්නට කාලයක් නැති කම මම හිතන්නේ මේකට බලපානවැයි කියලා මම හිතනවා. නමුත් මම දකින විදියට මේ දෙක එකට කර ගැනීමට  ගොඩක් වෙලාවට බැරි වෙනවා. එහෙත් පුළුවන් වෙන්නට අවශ්‍යයි. අපි දකිනවා ජෙහාන් මුබාරක්, කුමාර් සංගක්කාර, හේමන්ත බොතේජු ක්‍රීඩකයන් යුනිවර්සිටි මට්ටමට ගියා. ඒ වගේම ගොඩක් හොඳින් උසස් පෙළ සාර්ථක වෙච්ච ක්‍රීඩකයන් ගොඩක් සිටිනවා. ඉතිං මං උනත් උසස් පෙලට ක්‍රෙඩිට් හතරක් ලැබුවා. ඉතිං අපිට හැකියාව තිබුණා ඒ දෙක සමබරව පවත්වාගෙන යන්නට. ඉතිං බැහැයි කියලා දෙයක් නෑ. මා දන්නවා ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා පාසල් පළමු පෙලට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ලංකාවේ යුනිවසිටි වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ. ඉතිං මං හිතනවා ඒ දෙක සමබරව පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා තමන්ට උවමනාවක් තිබෙනවානම්.  

17 comments:

  1. මට වෙලාවකට මේ මනුස්සයගැන හරි පුදුමයි. රෑ 2ට නිදිමරන් පොස්ට් දාන්නේ. මෙහෙම ක්‍රිකට් උනකාරයෝ මණ්ඩලේට පත්වුනානම් අපේ රටේ ක්‍රිකට්වලට හොදකලක් යයි..
    ඔයාගේ කැපවීම උනන්දුව පුදුමාකාරයි සු.දී.ක අයියා...
    ඔබට මගේ ගෞරවය

    ReplyDelete
    Replies
    1. කෙනෙක් තමන්ගේ විනෝදාංශය රැකියාව විදියට තෝරා ගත්තොත්, එයා එක දිනක්වත් වැඩ කරන්නේ නෑ කියලා කියමනක් මම අහලා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ. අවාසනාවකට මට විනෝදාංශය, විනෝදාංශයක් විදියටම කරන්න වෙලා තියෙනවා. බොහොම ස්තුතියි.

      Delete
  2. තව පෙන්ඩිං ඉන්ටර්විවු එකක් තියනවා නෙද ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් තියෙනවා රෙකොර්ඩ් කරගෙන. ටයිප් කරන්න ලේසි නෑ. මොයින් ඛාන්ගේ එක විශේෂයි.

      Delete
  3. අයියා කරන වැඩේ හරියට කරනවා කියලා හිතෙනවා. ඇත්තටම මට පුදුම හිතෙනවා මෙහෙම සමබරව හැමදේම කරන එක ගැන..

    ReplyDelete
  4. මේ... සු දී ක අයියාව ක්‍රිකට් පාලක මණ්ඩලේට දාමුද?

    ReplyDelete
    Replies
    1. එතන ගොඩක් කැපිලි තියෙන තැනක් නේද. මට බෑ ඒ වගේ තැන් වල වැඩ කරන්න.

      Delete
    2. මම මේ ඕකම කියන්න කියලා හිතන් ක්මෙන්ට් බොක්ස් එක ගාවට යන්න හැදුවේ..

      Delete
    3. ආසාව තමයි කෙනෙකුව යම් තැනකට ගෙන යන්නේ.

      Delete
  5. අංශ දෙකකින්ම ඉදිරියට යන පෙරමග ළකුණු පෙනෙන්න තියනවා සුදීක ඔබට මගෙන් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්.

      Delete
  6. මම මේ කල්පනා කරන්නේ කවුද මේ බ්‍රෙන්ඩන් කුරුප්පු කියලයි. :)

    ReplyDelete
    Replies
    1. බ්‍රෙන්ඩන් කුරුප්පු කියන්නේ එක ටෙස්ට් මැච් එකක වාර්තා වැඩිම ගණනක් තියපු කෙනෙක්. හෙමින්ම ලබා ගත ලකුණු 200, දවස් පහම පා ආවරණ පැළඳ සිටීම(පිතිකරුවකු හා කඩුලු රකින්න වශයෙන්), මුල්ම තරගයේදී ලකුණු 200 ක් ලබා ගැනීම. ඒ 1992 දී නවසීලන්තයට එරෙහිව කොළඹදී. එම සංචාරය අතරමැදදී අත් හැර දැමුවා බෝම්බ පිපිරීම නිසා. නවසීලන්ත කණ්ඩායම ආපසු කැඳවනු ලැබුවා.

      Delete
    2. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලබාගත් පළමුවන ද්විත්ව ශතකය වාර්තාකළ ක්‍රීඩකයා.
      මගේ මතකයේ හැටියට මෙය 1987 දී විය යුතුයි,පොඩ්ඩක් ආපහු පරීක්ෂාකර බලන්න සුදීක.

      Delete
    3. ඔබ නිවැරදියි. හරියටම කිව්වොත් අප්‍රේල් 16-21.

      Delete
  7. istuti..Ayyandi apiwa danuwat karnawata.
    oya agaya karana watina Manusayak.
    Jayawewa.

    ReplyDelete
  8. වගකීමක් දැරීමත් හිතන තරම් ලේසි නැහැ නේද? ඔක්කොම තමන්ගේ කරපිටනේ හැබැයි මේ මහත්තයා ගැන මම දන්නේ අදයි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...