Friday, March 29, 2013

බණ්ඩාරවෙල නගරයේ තිබෙන හොඳම පවුලේ අවන්හල(Family Restaurant)

මම ක්‍රීඩා කරන්නේ ඒ වගේම කළමනාකරු හැටියට යන්නේ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් එක්ක කියලා ඔබ දන්නවා. ඔබ නොදන්නා තව කරුණක් තමයි මම කුඩා කාලයේ ක්‍රිකට් වලට වගේම පාපන්දු වලටත් දක්ෂයි. ඒ වගේම නරඹන්නත් කැමතිම ක්‍රීඩාවක්. සමහරවිට ක්‍රිකට් තරග තියෙන වෙලාවටත් මම පාපන්දු තරග නරඹනවා. අන්න ඒ වගේ අවස්ථාවක තමයි මහේල ජයවර්ධනත් සමග එකම බැංකුවේවාඩිවෙලා වර්ල්ඩ් කප් බැලුවේ

මම තවත් ආස කරන දෙයක් තමයි විවිධා රසයන්ගෙන් ආහාර පාන සපයන භෝජනාගාර වලින් කෑම කන්න. කවුද ඉතිං අකමැති. නේද ? මේ ආසාව වඩාත් තීව්‍ර කලේ මම මේ දවස් වල නරඹන රුපවාහිනි නාලිකා දෙකක් වන TravelXP HD සහ FoxTraveller. ඒවායේ කෑම හදන ක්‍රම පවා පෙන්වනවා. හැබැයි මේවයේ පෙන්වන්නේ ලෝකයේම තියෙන ඒවා. කලාතුරකින් ලංකාවේ ඒවත් පෙන්වනවා. 

ලංකාවේ භෝජනාගාර ගැන දැන ගන්න තියෙන හොඳම තැන තමයි යමු ඩොට් එල්කේ. ඔවුන් කොළඹ පුරා තිබෙන අවන්හල්, බාර්, භෝජනාගාර ආවරණය කරමින් යනවා. බොහෝ විට ඉතා හොඳ අපක්ෂපාතී අදහස් දැක්වීම් එතන තියෙනවා. නමුත් උඩින් කියපු නාලිකා දෙකේදී ඕනෑම කෑමක් රසයි කියලා තමයි එයාලා පෙන්වන්නේ. ඒකට විතරයි මම පොඩ්ඩක් අකමැති.

මටත් ඒ වගේ අත්දැකීමක් ලැබුණා පාපන්දු කණ්ඩායමත් එක්ක බණ්ඩාරවෙල නගරයේ තිබුණ තරගාවලියකට ගිය වෙලාවේ. අපි මාර්තු 23,24,25 කියන දවස් තුනේම හිටියේ බණ්ඩාරවෙල. එහි තිබෙන බොහොමයක් අවන්හල් සහ භෝජනාගාර වලින් අපි ආහාර ගත්තා. නමුත් අවසාන දිනයේ අපත් සමග ගිය එක් කණ්ඩායමක් ශුරතාව දිනා ගැනීම නිසා අපට අවශ්‍ය වුණා මේ ජයග්‍රහණය සමරන්න හොඳ තැනක්. ඒ පළාතේ ජීවත් වෙන අපේ හිතවතෙක් වන බන්දුසිරි මහතාගෙන් අපි ඒ ගැන විමසා සිටියා ඔහු කිව්වා බණ්ඩාරවෙල පොලීසිය ඉදිරිපිට ඉතා හොඳ චයිනීස් අවන්හලක් තිබෙන බව. මේ වෙනකොට අනිත් තැන් වලින් අපි ආහාර ගෙන තිබුන නිසා අපිටත් හිතුන මෙතනට යන්න. එකේ නම කමුකෝ.  ඔය තියෙන ලින්ක් එකෙන් ගියාම වැඩිපුර විස්තර දැන ගන්න පුලුවන්. 

එය තනිකරම කළු-සුදු සහ රතු යන වර්ණ තුන යොදාගෙන ඉතා අලංකාරව නිමවා තිබෙන, පිරිසිදු එකක්. අපට ඔවුන් ලබා දුන්නේ දෙවන මහලේ තිබෙන කණ්ඩායමකට එකට හින්ද අහාර/පාන ගන්න පුළුවන් කාමරයක්. පින්තුර ටික බලලම හිතා ගන්නකො. එතන Wi-Fi ඝර්ම කලාපයක්(මෙය hotspot කියන වචනයට හඳුන්වාදෙන වචනයකි) නිසා ඔබට අවශ්‍ය නම් ඔබේ අන්තර්ජාල පරිහරණයත් එතනම කරන්න පුළුවන්. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ ට්‍රිප් ඇඩ්වයිසර් මගින් හඳුනා ගත් තැනක්. ඒ කියන්නේ ඒ හරහා විදෙස් සංචාරකයන් ඔවුන් සොයා එනවා. මම ගත්ත පින්තුර ටික බලන්න. 



මේ කළු වැඩි ඇතුලත අලංකරණය නිසා මෙතනට ලස්සනක් එකතු වෙන ගමන්ම එහි ආලෝකය අඩු ගතියක් තියෙනවා. ඉතිං අවන්හලක රාත්‍රියේදී කොහොමත් වැඩි එළියක් එකතු කරන්නේ නැති නිසා ප්‍රශනයක් නා.


 එම ඇතුලත අලංකරණ ශිල්පියා කවුරුන් වුනත් ඉතාම නිර්මාණශීලී කෙනෙක් බව මේ චිත්‍ර වලින් සහ කළු තේමාවෙන් පැහැදිලි වනවා.


 ඔවුන් මෙහි පිරිනමනු ලබන අහාර වර්ග වල විස්තර බිත්ති මත පින්තාරු කර තිබෙනවා. පසෙකින් තියෙන්නේ බිත්තිය මත ඇවිද ගියාක් මෙන් සපත්තු අඩියක් ආධාරයෙන් කරපු ලස්සන සැරසිල්ලක්. ඔවුන් සැබවින්ම තායි, චීන, සිංගප්පුරු, මැලේසියන් ආහාර වට්ටෝරු ඒ අකාරයෙන්ම පිළියෙළ කරනවා.


අලංකරණ ශිල්පියා තම අත්ලේ සලකුණු බිත්තියට එකතු කරලා තියෙන්නේ එහි අනන්‍යතාව රැක ගන්නද නැතිනම් සැබවින්ම අලංකාරනයටද ? හැබැයි එක දෙයක් ඔහු කවුද කියල හොයා ගන්න මේ මුද්‍රණ වලින් පහසු වෙනවා. :)


ඔවුන්ගේ වෙබ් අඩවියේ ලිපිනය, ෆේස්බුක් කණ්ඩායමේ සබැඳියාව, ඔවුන් එකතු වී තිබෙන අන්තර්ජාතික  නාමාවලි ගැනත් සටහනක් තබන්න ඔවුන් අමතක කර නෑ.


මේක තමයි එයාලගේ ලාංචනය. ඉතාම චාම් ඒ වගේම පැහැදිලි එකක්.




දුම් දමන (සිස්ලින්) වර්ගයේ අහාරත් ඔවුන්ගේ මෙනූපතේ තිබෙනවා. එය ඔබගේ දෑස්-දෙසවන් පිනවන තවත් අංගයක්.


මේ ඉන්නේ අපේ වීරයා, බ්‍රයන් වීරප්පුලි, අපේ කණ්ඩායමේ ඉන්න ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකය. ඔහු දොන් බොස්කෝ කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ. පසුගිය ප්‍රීමියර් ලීග් අවසන් තරග කිහිපයකම ක්‍රීඩා කළා. ඔහු තම හිස මත පාපන්දුව වගේම වීදුරුවත් සමබර කරන්න දක්ෂයි. මා මීට කලින් ඔහු ගැන ලියූ සටහන බලන්න.

ඉතිං කමුකෝ කියනේ වචයේ පරිසමාප්ත අර්ථයෙන්ම රස නහර පිනවන ස්ථානයක්. එහි මිල ගණනුත් සාධාරණයි. බිල්පත කාර්යාලයේ නිසා දැන් මිල ගණන් ගැන සටහන් කරන්න ක්‍රමයක් නෑ. කමෙන්ට් එකක් ලෙස පසුව එකතු කරන්නම්.

මෙන්න මිල ගණන්

සිස්ලින් බීෆ් විත් බ්ලැක් පෙපර් සෝස් 595+59.50
සිසුවන් ස්ටයිල් චිලී චිකන්   450+45
ෂැන්හයි ස්ටයිල් චිකන් ෆ්‍රයිඩ් නූඩ්ල්ස් 410+41 (දෙදෙනෙකුට සෑහේ)
මැලේසියන් ස්ටයිල් ෆ්‍රයිඩ් රයිස් 390+39 (දෙදෙනෙකුට සෑහේ)
මික්ස් වෙජිටබල්ස් ඉන් සෝයා සෝස් 320+32
කමුකෝ ස්ටයි ඩෙවල්ඩ් චිකන් 450+45

සමුහයක් කෑම ගත්තම ගොඩක් වාසියි කියලයි මට හිතෙන්නේ අපේ එක් අයෙකුගේ වියදම රුපියල් 315 වගේ වෙලා තිබුණා.

මෙහි තිබෙන එක අඩුපාඩුවක් තමයි වායුසමන යන්ත්‍ර සවි කර නොතිබීම. බණ්ඩාරවෙලට මොන ඒ.සීද ?  :)

පහල මාලයේ චායාරුප ගන්න බැරි වුණා. ඒවා බලන්න පුළුවන් ඔවුන්ගේ වෙබ් අඩවියෙන්. 

60 comments:

  1. කමුකෝ කියන්නේ සිංහල නමක් නේද :P චයිනීස් නෙමෙයිනේ :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සිංහල. ඒකත් ලොකු දෙයක් නේද?

      Delete
  2. අයියණ්ඩියා.. දවසක නුදුරු අනාගතයේදි බණ්ඩාරවෙල නගරයේ තියන හොදම අවන්හල අතරට මගේ එකත් එනවා.... :D ^_^

    ReplyDelete
    Replies
    1. එහෙමද ? අපිත් සතුටින් එතනට එනවා එහෙනම්.

      Delete
    2. මට උපදේශක තනතුර දෙන්නත් පොරොන්දු වෙලා ඉන්නේ.

      Delete
    3. "Shammi" post ekak liyala apewa danuwat karana...
      enawa..enwami...aniwa..
      Jayawewa

      Delete
    4. @නලීන් අංකල් - ඒකනේ,,, මම ගන්නවා උපදේශක විදියට මගේ,, ඊට පස්සේ මට බය නෑ ඉතින්,, ඉන්වනේ උපදෙස් දෙන්න..

      @සංජීව අයියා - හලී......හැබැයි දැන්ම නෙවෙයි හොදේ,, ටිකක් කල් යයි,, ඒ කියන්නේ මේ අවුුරදු 5ක් විතර ;)

      Delete
  3. KA
    MU
    KO
    කියල ඔහොම තිබුනට යම් කිසි චීන තේරුමක් ඇති නේද සුදික?

    ReplyDelete
  4. Brian Don Bosko
    Balancing Glass at
    Ka Mu Ko

    ReplyDelete
  5. හොද ඔත්තුවක් දුන්නේ සු.දී.ක. අයියා , අර YAMUසයිට් එක මාර වටිනවා. අදයි දැනගත්තේ.
    ka
    mu
    ko
    ya
    ko වගේ උනානම් කොහොමද නම?

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් . අර ශම්මි පටන් ගන්නවා කියන එකට ඒක ගන්න කියමු.

      Delete
    2. "තේ කෝ යකෝ" වගේ :D

      Delete
    3. තේ කොපි කෝ යකෝ ...

      Delete
  6. මම ඔතනින් කාලා තියේ,බ්‍රයන් නම් සලුවෙලා වගේ නේ ?

    ReplyDelete
  7. කමුකො කියන්නෙ අවන්හලකට දාන්න පුළුවන් ඉතාම නිර්මාණශීලි සිංහල නමක්.. නම දැක්ක ගමන් මට හිතුනා ඔවුන්ගෙ වැඩත් හොඳ ඇති කියලා..

    ඔහොම ගිහින් අරවටත් සිංහලෙන්ම දැම්මොත් තමා කපෝති.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් ... හෙහ්... හෙහ්... මම කල්පනා කලේ ඔය පැත්තේ නොසන්ඩාල කොල්ලෝ එහෙම ඉඳලා ඉස්සරහට අකුරු දායිද කියල?

      Delete
    2. පහලට යන්න ආවට මෙහෙම එකක් දැක්කම හිනා නොවී ගිය හැකි ද..? :D

      Delete
  8. තව තැනක් තියෙනවා සුදික, නමුත් අවන් හලක් නෙවේ, පවුලක් විහින් පවත්වාගෙන යනු ලබන විවේක නිකේතනයක්. තේ වත්තක් මැද. සියලුම අහාර වර්ග (මස්, මාළු හැර) එම ගෙවත්තේම වවන දේවල්. කෑම හරිම රසයි මිල ඉතා සාධාරණයි.

    අපි පවුලේ කැටිය ගිහින් නවතින තැනක් මේ. බණ්ඩාරවෙල නගරයේ සිට වැලිමඩ පාරේ කි.මි 2 ක් පමණ ගිය තැන තියෙනවා අඹේගොඩ කියලා කුඩා ගමක්, මෙතන තියෙනවා අඹේගොඩ එස්ටේට් කියලා තේ වත්තක් එතන තමයි තැන.

    නැවත ගිය වෙලාවක අත්විඳින්න.

    ReplyDelete
    Replies
    1. මහාසංචාරෙදි ජැක්සනුත් ඔය වගේ තැනකට ගියා.. ඒකමද මංදා අයිලාසුත් කියන්නෙ.. !

      Delete
    2. මේ හරිය නම් දන්නවා. බලමු එතනත්.

      Delete
    3. අඹේගොඩ ද අඹගස් දෝවද නම

      Delete
    4. අඹගස්දෝව තියෙන්න ඌව-පරණගම කිට්ටුව නේද?

      Delete
    5. @ සෙන්නා
      මහාසංචාරෙ කොටස් කීපයක් විතරයි බැලුවේ. ඒ නිසා, ඒකේ පෙන්නුවේ මෙකමද කියන්න දන්නේ නැහැ. නමුත් මම ජැක්සන්ටත් ඔය තැන ගැන කියලා තියෙනවා, අපි එකම ආයතනයක වැඩකළ කාලයේදී.

      @ සුදික,
      මගේ ළඟ ෆෝන් නම්බර් එක ඇති, සොයලා දෙන්නම්.


      @ නලින්.
      ඒ හරිය අඹේගොඩ, බණ්ඩාරවෙල නගරයේ පුද්ගලික බස්වල අඹේගොඩ.. අඹේගොඩ කියලා කෑ ගහන එක නිතරම ඇහෙනවා. :D

      Delete
  9. රසබෝජුන් අනුභව කරන් න පිං කරලා තිබිම කෙනෙකු ජිවිතයේ ලැබු දෙවන වාසනාව කොට මම දකිමි.එක සාමකාමි ජිවිතයකට පණ ලැබිම දෙක තමයි කෑම.

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තටම. එහෙනං මාත් පින්වන්තයෙක්.

      Delete
  10. බණ්ඩාරවෙල..හිතගත්...."වැදගත්" අය ඉන්න.. නිතර නිතර යන එන... ඉදිරියේදී සමහර විට වැඩිපුර යැවෙන පැත්තක්! තැන්කු ඈ ඔත්තුවට!

    ReplyDelete
    Replies
    1. //දිරියේදී සමහර විට වැඩිපුර යැවෙන පැත්තක්//

      එහෙනං නාඩියාගේ නාඩිය කවුරු හරි අල්ලලා වගේ.

      Delete
    2. //බණ්ඩාරවෙල..හිතගත්...."වැදගත්" අය ඉන්න.. නිතර නිතර යන එන... ඉදිරියේදී සමහර විට වැඩිපුර යැවෙන පැත්තක්! // ඇත්ත දෙයියනේ ඇත්ත... ^_^ <3

      Delete
    3. ශම්මි ඉන්නෙත් බණ්ඩාරවෙලද ?

      Delete
  11. ගොඩාක් වටිනවා අයියා... මත් ඉන්නෙ සංචාරක ක්ශේස්ත්‍රයේ මේ වගේ දේවල් ගොඩාක් වටිනවා.... යමු සයිට් එකත් මරු

    ReplyDelete
  12. නම හුඟක් නිර්මාණශීලි.. ඒත් ඕක චීන වලින් වෙන තේරුමක් ඇති මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. බලමු හොයලා. ගූගල් ට්‍රාන්ස්ලේටර් එකේ පෙන්වනවා මෙන්න මෙහෙම.

      卡姆高 නැවත ඉංග්‍රීසි වලට පරිවර්තනය කලාම Cam High :)

      Delete
  13. Mey langakadi dapu awanhlakda? Mokada man kawadaawath ahala na.
    Kohoma unath aranchiyata godak sthuthi. :)

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න. දැන් නම් හොඳයි.

      Delete
  14. post eka godak watinawa..
    mamat Hotel,Restaurant gana wistara ekatu karnawa.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? එහෙනං මමත් දිගටම ඒ වගේ ඒවා දැන්නම්.

      Delete
  15. ආයි සැරයක් බණ්ඩාරවෙල ගියහම කාලා බලන්නම් සුදීක...

    ReplyDelete
    Replies
    1. වෙනියා කොහොමත් මේවට කැමතිනේ.

      Delete
    2. වෙනිය ගියාට පස්සෙ අපිට ඕකෙ ලැට් එහෙම හොඳ තත්වෙ තියෙනවද කියල ෆොටෝ වලිංම බලාගත්තහැකි. :D

      Delete
    3. හී හී ඒ කොළඹ හතේ ඒවා විතරයිනේ.

      Delete
  16. KA
    PAN
    DO
    කියල දැම්මනං චයිනීස් එකකට ටිකක් හරි ගැලපෙනව.

    නියම පොට් එකක් වගෙයි. ගණන් මිනුං ටිකත් දාන්න.

    ReplyDelete
    Replies
    1. හෙට දාන්න පුළුවන්.

      Delete
  17. සුදීක අයියත් බැලුවාම නොයන තැනක් නැහැනේ.මේ පාර ලංකාවට ආවාම යන්න ඕනේ බලන්න

    ReplyDelete
    Replies
    1. දැන් නුවරත් එකක් තියෙනවා.

      Delete
  18. කමුකෝ අලුත්ම රෙස්ටුරන්ට් එක නුවර විව්ර්ත කරා මාර්තු 9 වෙනිදා....මම බණ්ඩාරවෙල සහ නුවර දෙකටම ගිහින් කෑම කාලා තියෙනවා....ඒ දෙකෙන් වැඩියෙන් හොඳ නුවර එක කියලා තමයි මට හිතෙන්නේ ....එතන AC කරලා තියෙන restaurant එක නියමයි...take-away අරන් යන්නත් පුළුවන්.

    නුවර යන අය කමුකෝ එකටත් ගිහින් කෑම කාලා බලන්න.....හරිම රසයි .....ගණන් සාධාරණයි....EnjoY KAMUKO...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තොරතුරට. අපි ට්‍රයි කරලා බලන්නම්.

      Delete
  19. ෆේස් බුක් එකේ තව ගොඩක් විස්තර තියනවා..............
    https://www.facebook.com/Kamuko.lk

    ReplyDelete
    Replies
    1. ඔව් එයාලගේ ෆේස්බුක් පිටුව ගැනත් දාල තිබුණා.

      Delete
  20. මම ආසයි එක, එක රටවල කෑම කන්ට. ගොඩක් වෙලාවට නියම රහ දැනෙන්ට ඕනි නම් ඒ රටටම ගිහින් කන්ට ඕනි.:)

    ආපු වෙලාවක ඔයා කියන තැනට ගිහින් බලන්ට හිතුවා. ඔයවගේ පැතිවල හොඳ කෑමවේලක් ගන්ට තියන තැන් අඩුයිනේ නේද?

    ReplyDelete
    Replies
    1. සුබ ආරංචියක් තියෙනවා. එයාලා නුවර නගරයේත් අවන්හලක දාන්න සියලු කටයුතු සුදානම් කරලා.

      කමුකෝ නුවරටත්

      Delete
    2. මේ වෙනකොට ආරම්භ කරලත් ඉවරයි. දැන් ඉතිං තියෙන්නේ ඉක්මනට ගෙදර එන්ට.

      Delete
  21. කමුකෝ චයිනීස් විතරද තියෙන්නේ සුදීක? අපේ සිංහල කෑම වලට කොහොමද එතැන ලැබිලා තියෙන තැන.
    කොමෙන්ට් කරන්න බැරිවුණත් මම සුදීකගේ කලින් ලිපියත් කියෙව්වා.
    ජය.

    ReplyDelete
    Replies
    1. මම දවාලක නම් එතනට ගියේ නෑ. එයාලගේ මෙනූ එකේ සිංහල කෑම ගැන සඳහනක් නෑ. මමත් හදිසියෙන් තමයි චයිනීස් කන්නේ.

      මෙනුව

      Delete
  22. බණ්ඩාරවෙල තියන නිදහසේ කන්න පුලුවන් තැනක් තමා කමුකෝ.
    ඔකෙ ගනන් අපිට නම් හෙන අව්ල් ඇයි කැලෑසි යන්ඩ දෙන සල්ලි වලින් නෙ කන්නෙ?????
    හැබැයි ඇත්තටම සාදාරණයි...........

    ReplyDelete
  23. අපුරු තැනකට ගිහින් වගේ. මාර කන්සෙප්ට් එකක් නේද මේ? සිංහලෙන් චීන ලියන්න හිතෙනවා කියන්නේම අමුතු වැඩක් නේ. ඔය පැත්තේ කොල්ලොන්ගෙන් ඔය බෝඩ් එක පරිස්සං කරගන්න නම් සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා ඇති.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...