Saturday, January 12, 2013

රෙඩ් බුල් පිලිබඳ මගේ මතකය සහ කැම්පස් ක්‍රිකට් තරගාවලිය

ඊයේ සිංහල බ්ලොග් කියවනයේ වූ දැන්වීමක් දැක ඒ තුලට පිවිස කියවා බැලුවෙමි. එහි වුයේ රෙඩ්බුල් ශක්තිජනක පානය මගින් සංවිධානය කරන කැම්පස් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන බ්ලොග් තරගාවලිය පිළිබඳවයි. ක්‍රිකට් පිස්සකු වූ මට මෙය ඉතා කදිම අවස්ථාවක් බව වැටහුනේ එහි ජයග්‍රාහකයාව ඉන්දියාවේදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා යැවීමට කටයුතු යොදා ඇති බව සඳහන් වී තිබූ නිසාය. එම මොහොතේම මගේ මතකයට ආවේ 2011 ලෝක කුසලාන තරගාවලිය බැලීමට ඉන්දියාවේ ගිය ගමනයි. ඒ පිලිබඳ ලියාගෙන ආ ලිපි පෙළ තවමත් අවසන් නැත.

රෙඩ්බුල් පිලිබඳ මගේ මතකය මා කොළඹ රැකියාවට ආ 1995 තෙක්ම දිව යයි. එකල නුගේගොඩ හන්දියේ බෝ ගස අසල ෆාමසියේ එල්ලා තිබූ බැනරයෙහි රෙඩ්බුල් ලාංචනය සඳහන්ව තිබුනත් අද මෙන් එදා අන්තර්ජාල පහසුකම් සුලබව හෝ කොහෙත්ම නැති තරම් වූ බැවින් සොයා බලන්නට හැකියාවක් නොතිබිණි. එහෙත් මේ සංකේතය තදින්ම මගේ හිතට කා වැදුනේ මන්දැයි නොදනිමි. මා කිහිප දෙනෙකුගෙන්ම අසා සිටි නමුත් පැහැදිලි උත්තරයක් දීමට කිසිවකු සමත් නොවිණි. එය කෑන් බියර් වර්ගයක් යයි කෙනෙකු පැවසීය.

ඉන්පසු රෙඩ්බුල් එකක් ගැන කීවේ මාගේ එම්.එස්.සී. බැචෙකු වූ අංජනය. වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වූ අංජන පැවසුවේ එය ඔහුගේ ආයතනයේ බොහෝ දෙනා නිදිමත නැති කර ගැනීම සඳහා භාවිතා කරන බවයි. ඔහුනම් වොඩ්කා සමග මිශ්‍ර කිරීම සඳහාද එය භාවිතා කොට ඇති බවයි. එය භාවිතා කල විට නිදිමත නැති වන අතර, අධික ශක්තියක්ද ඇති බව ඔහුගේ මතය විය. එය එතරම් ශක්තිජනක පානයක් නම අප ක්‍රිකට් ක්‍රීඩා කරන විට භාවිතා කළහැකි මාහැඟි පානයක් වියහැකි බවට මට දැනිණි. එහෙත් එය අත්හදා බැලීමට අවස්ථාවක් එනතුරු බලා සිටියෙමි.

මට ක්‍රිකට් තරගයක් තිබූ එක් දිනක උදෑසන අවධි වූ විට මගේ ඔලුව කරකැවෙන සහ ඔක්කාරයට එන ගතියක් දැනිණි. අද නම් ක්‍රීඩා කරනවා තියා පැත්තකට වී සිටීමටවත් ශක්තියක් නැති බව මට හැඟිනි. මේ මොහොතේ මගේ මතකයට ආවේ රෙඩ්බුල්ය. දෙහිවලට කෙසේ හෝ ගමන් කර, කාගිල්ස් එකෙක්න් රුපියල් 180ක් ගෙවා රෙඩ්බුල් එකක් ගෙන පානය කලෙමි. එහි තිබෙන්නේ අධික පැණි රසක් මුසු අමුතුම රසයකි. ඉන් පසුව මා එම කෑන් එක ගෙන එහි අඩංගු ද්‍රව්‍ය කුමක්දැයි කියවා බැලීමි. ඩෙක්ස්ට්‍රොස්, සුක්‍රෝස්, විටමින් B පවුලේ සංඝටක කිහිපයක්, කැෆේන් සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් එහි අඩංගු බව සටහන්ව තිබිණි. දැන් මට කාරණය පැහැදිලිය ශක්තිය ගෙන එන්නේ ඩෙක්ස්ට්‍රෝස් සහ සුක්රෝස්ය, නිදිමත නැති කරන්නේ කැෆේන්ය එහෙත් විටමින් බී කාණ්ඩ වලින් කුමක් සිදු වේද?

එදා තරගයේ ක්‍රීඩා කිරීම වෙනදාට වඩා පහසු ගතියක් මට දැනින. උඩ පන්දුවක් සහ ඈතින් යන පන්දු කිහිපයකටම පැන එල්ලෙන්ට මට හැකියාව ලැබුනේ කුඩා කාලයේ පාපන්දු ගෝල් රකින්නෙකු ලෙස පන්දුවට පියඹා ගිය ආකාරය සිහිපත් කරමිනි. පසුදින කාර්යාලයට ගිය පසු කල මුල්ම කාර්ය වුයේ රෙඩ්බුල් ගැන සොයා බැලීමයි. එහෙත් රුපියල් 180 ක් ලංකාවේ අපට මිලි ලීටර් දෙසිය ගණනක පානයක් සඳහා වෙන් කල නොහැක. එනිසා නිල රෙඩ්බුල් අඩවියට පිවිසි මා එහි ගනුදෙනු කරුවන්ගේ අදහස් හා යෝජනා යන්නට මගේ අදහස ඉදිරිපත් කර සිටියා.
මා ශ්‍රී ලාංකිකයෙක්මි. පසුගිය දිනක රෙඩ්බුල් නමැති ඔබගේ අපුර්ව පානය ගෙන ක්‍රීඩා කලෙමි. එය කදිම ශක්තිජනය පානයක් වුවත් එහි මිල තුන්වන ලෝකයේ රටක ජීවත් වන අප වැන්නන්ට දැරිය නොහැකි මට්ටමේ පවතී. ශ්‍රී ලංකාවට සහන මිලකට එය සපයන්නට හැකි නම් මැනවි
ඉන්පසුව මා එහි ඉතිහාසයද කියවා බැලුවෙමි. රෙඩ්බුල් හිමිකරු වන ඩියෙට්‍රිච් මැටෙශිට්ස් හොංකොන් හී ආපන ශාලාවක කෝපි කෝප්පයක් පානය කරමින් සිටින විට ඔහුට සිහි පත් වී ඇත්තේ මහන්සී වී වැඩකරන මෙවැනි ජනතාව තම ශක්තිය සපයා ගන්නේ කැෆෙන් සහ සීනි වල සංයුතියෙන් බැවින්, එම ද්‍රව්‍ය දෙක එක් කොට ශක්තිජනක පානයක් නිර්මාණය කල හැකි බවයි. ඔහුගේ එම අදහස අද මල් පල ගැන්වී බොහෝ ක්‍රීඩකයන්ගේ, නිදිවර්ජිතව සේවය යොදවන්නන්ගේ ජනප්‍රිය පානයක් බවට පත් වී ඇත.

ඊට දින කිහිපයකට පසුව මට විදේශීය දුරකථන අංකයකින් දුරකථන ඇමතුමක් ලැබිණි. අමතන්නා (මගේ මතකය නිවැරදි නම් ඔහුගේ නම අල්විස්ය) පවසා සිටියේ තමා ශ්‍රී ලංකාවේ කන්ට්‍රි මැනේජර් බවත් තාමා මේ මොහොතේ සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බවත්ය. මට තිබෙන ප්‍රශ්නය අසාගත් ඔහු පවසා සිටියේ එය සුඛෝපභෝගී කාණ්ඩයට අසු වන නිසා එයට අධික බදු බරක් එක් කර ඇති නිසා මේ මිල අඩු කර ගත නොහැකි බවයි. නුගේගොඩ දුටු බැනරය ගැන විමසා සිටි විට ඔහු පවසා සිටියේ මුලින්ම ලංකාවට රෙඩ්බුල් ආනයනය කර ඇත්තේ මීගමුව ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙකු බවත්, එම අවස්තාවේදී එය සාර්ථක නොවූ බවත්ය. අප ආයතනයේ රෙඩ්බුල් ප්‍රවර්ධයන කිරීමට අවශ්‍ය නම් දන්වන ලෙසද ඉල්ලා සිටින ලදී.

ඉන්පසුව මමද අධික වෙහෙසට, නිදිවර්ජිතව, හෝ ක්‍රීඩාවේ සිටින විට රෙඩ්බුල් පානය ගැනීමට පුරුදු වුනෙමි. නමුත් පසුකාලීනව එය අත් හැර දැමීමි. මා රෙඩ්බුල් ආයතනය අගය කරන එක් දෙයක් නම් ඔවුන් ක්‍රීඩා විශාල සංඛ්‍යාවක් සඳහා දක්වන අනුග්‍රහයයි. ශ්‍රී ලංකාවේ මීට ප්‍රථම පවත්වන ලද ගුවන්යානා සංදර්ශනයකට ඔවුන් පූර්ණ අනුග්‍රය දැක්වුවා මතකය. මෑතකදී අභ්‍යාවකාශයේ සිට පිම්මක් පනින පුද්ගයෙකු සඳහාද ඔවුන්ගේ අනුග්‍රහය හිමි විය.

ඔවුන්ගේ මෙම කැම්පස් ක්‍රිකට් තරගාවලියද ඉතා අගනා සංකල්පයකි. විශ්ව විද්‍යාල සිසුවා සමාජය විසින් ප්‍රතික්ෂේප කරන මට්ටමකට අද පත් වී ඇත්තේ ඔවුන්ට අමතර කාල වලදී කරන්නට දෙයක් නොමැතිව නිතරම බැනර්, පෝස්ටර් හා ජනතා විමුක්ති පෙරමුණ හා එක්ව කරන උද්ඝෝෂණ නිසාය. එහෙත් ඔවුන් පාසල් කාලයේදී දක්වන ලද මෙවැනි දක්ෂතා ඔප මට්ටම් කිරීමට අවස්ථාවක් සපයා දීම පිලිබඳ පැසසුම රෙඩ්බුල් ආයතනයට හිමි විය යුතුය. පසුගිය දිනක කොළඹ සරසවිය අසලින් ගමන් ගන්නා විට ඉතා අලංකාර කැනපි වර්ගයේ රෙඩ්බුල් සෙවනක් දැක ඒ දෙස දෑස් යොමා බැලුවද නිසි අවුබෝධයක් ගන්නට නොහැකි විය.

මේ වන විට මෙම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මුලික කොටස් පවත්වා අවසානය. මේ මස 19 වැනි දා අවසාන  පුරවා තරග පැවැත්වෙන අතර අවසාන තරගය 26 වනදා පැවැත්වේ. වැඩි විස්තර සඳහා ඔව්න්ගේ  ෆේස්බුක් පිටුව හා පහද දැක්වෙන සබැඳියාව මගින් එක් විය හැක.


ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අනුග්‍රය දැක්වීමට ඉදිරිපත් වීම යහපත් ප්‍රවනතාවයකි. ඒ හැර සියලුම කාණ්ඩ වලට අයත් ක්‍රීඩා සඳහා ඔවුන් අනුග්‍රය දක්වා ඇත.

47 comments:

  1. අනුමත නොකරමි.

    ඔවැනි පාන විශාල සංඛ්‍යාවක් ඇත. ඒවා සියල්ල ඇබ්බැහි වන ආකාරයේ ඒවාය.

    මද්‍යසාර හා කලතා බීම සමහර අයට toxic වේ.

    ReplyDelete
    Replies
    1. ඕනෑම සිද්දියක් ගැන මගේ අත්දැකීම විස්තර කිරීමයි මම කරන්නේ.

      Delete
    2. නොබොන තරමට ඇඟට ගුණයි. ඔය වගේම රෙසිපි වලට හදපු මදර් (coca-cola ) , V , මොන්ස්ටර් කියල ජාති අටෝරසියක් තියෙනවා. බොහෝ දෙනෙක් උදේ තේ වෙනුවට බොන්න ඇබ්බැහි වෙලා. පස්සේ කාලෙක දියවැඩියාව හදාගන්න හොඳම ක්‍රමයක් කියල තමයි ගොඩක් දෙනෙක් ගේ මතය.

      හොඳට සිනි දාල කෝපි ෂොට් 2 ක් විතර දාල කිරි කෝපි එකක් බිව්වහම ඕක වගේම තමා.

      Delete
  2. මේක නම් ටිකක් ප්‍රමෝශන් එකක් වගෙයි සුදීක.

    ReplyDelete
    Replies
    1. මටත් ලියද්දී එහෙම වෙයිදෝ කියල හිතුනා.

      Delete
  3. මට එච්චර පැහැදිලිව කියන්න බැරි උනත් මගේ රෙඩ්බුල් විතරක් නෙවෙයි අනිත් ශක්තිජනක පානයන් ගැනත් ඔවුන් ක්‍රීඩා වලට දක්වන අනුග්‍රහයත් ගැන තියෙන්නේ හොඳ අදහසක් නෙවෙයි... නිසැකවම සමහර පානයන් වලට ඇබ්බැහි වීමක් වෙනවා... මාත් මයිලෝ වලට ඇබ්බැහි වීමක් තිබ්බා ඉස්සර... ඉස්කෝලෙට ස්පෝට් මීට් දවසට එන මයිලෝ ලොරිය හින්දා තමයි මං ඒකට පුරුදු උනේ...

    ReplyDelete
    Replies
    1. තෝරා ගැනීම අප සතුයි. අනුග්‍රහය කියන්නේ තවත් දෙයක්. ඒ මගින් පෙළඹවීමක් කලොත් අප විරුද්ධ විය යුතුයි.

      Delete
  4. අද නං සුදීක ප්‍රචාරන නිලධාරියෙක් වෙලා නේ...

    ReplyDelete
    Replies
    1. මා ලැබූ අත්දැකීම් තමා මා විස්තර කලේ. කාටවත් රෙකමදාරුවක් දුන්නේ නෑ.

      Delete
  5. ඉස්සෙල්ලම හෙඩිම හදමු අය්යේ සමහර අකුරු අඩුයි.

    මාත් දවසක් රෙඩ් බුල් දෙකක් විතර බීලා බැලුවා වෙරිවෙනවාද කියලා ම්හු ..ප්‍රතිපල නැත.මාත් මේක්‍රිකට් ගැන ලිව්වා විතරයි.හැබැයි ඒ කාලෙනම් ඕවා හැමතැනම තිබුනේ නැහැනේ.

    මටනම් හිතෙන්නේ තවත් එක් ශක්තිජනක පානයක් කියලා විතරයි.අය්යෝ සල්ලි කියලා හිතෙනවා බීලා ඉවර උනාම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලයා. මේක මත ද්‍රව්‍යක් නොවේ මා දන්නා තරමින්.

      Delete
  6. රෙඩ් බුල් එකෙං ගානක් අරං වගෙයි. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අව්රුද්ද අන්තිමට එකවුන්ට් එක බින්දුව කරන්න ඕනේ. නැත්නම් බ්ලොග් කාරයෝ මටත් දෝෂාභියෝගයක් ගෙනෙයි.

      Delete
  7. රෙඩ් බුල් ගැන අන්තර්ජාලෙ තියෙන්නෙ කියන්න තරම් ගුණයක් මෙන්ම කියන්න තරම් අගුණයක්ද නැති පානයක් කියලා...

    මමත් අතේ ඇගිලි ගානට අඩුවෙන් තමයි රෙඩ් බුල් බීලා තියෙන්නෙ... එච්චර ගානක් දිලා රෙඩ් බුල් එකක් බොනවට වඩා...බියර් එකක් බීලා කික් එකක් ගන්න එක වටිනවා... ඒ තමයි මගේ අදහස...

    ReplyDelete
    Replies
    1. මෙතන තමයි අපිට වැරදිලා තියෙන්නේ. මේකයි මත්ද්‍රව්‍යයි පටලවගන්න හොඳ නෑ. හැබැයි ඕනෑම දෙයක් සීමාසහිතව භාවිතා කරන්න ඕනේ. මේකෙන් කරන්නේ ක්ෂණික ශක්තියක් කෙනෙකුට ලැබෙන එක. මම මේක හොඳයි කියන්නෙත් නෑ. නරකයි කියන්නෙත් නෑ.

      Delete
  8. මමත් මැදපෙරදිග රැකියාව කරන කාලයේ ප්‍රියතම පානය වෙලා තිබුනේ, එහෙ මිලෙන් අඩු (Dhs.5/-) නිසා මේකට බාදාවක් වුනෙත්නෑ. හැබැයි 4ක් විතර පැයක් වගේ ඇතුලත් බිව්වොත් රෑ එළිවෙනකම් නිදයන්නේ නෑ
    කොහොම උනත් කිසිදෙයක් බලෙන් කවුරුත් පොවන්නෑනේ, මෙයාල ගොඩක් ක්‍රීඩා අවස්ථාවලට අනුග්‍රහය දක්වන නිසා එක සමහර සංවිධායකයන්ට ලොකු හයියක් කියලයි මටනම් හිතෙන්නේ,

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එහෙමම තමයි.

      Delete
  9. මටනම් රෙඩ්බුල් ගැන කියන්න තියෙන්නෙ මේ ප්‍රසිද්ධ මේ කියමනට එකඟවයි.

    බීමත්,,
    එහි ඇති අගයත්,,,
    බොන උතුමෝ මිසක්,,,
    නොබොන දුදනෝ නොදනිත්,,,,

    නිදිමත නැතිවෙන එකට විතරක් නෙවෙයි ගොඩක් ශක්තිය වැය වෙන අනිත් දේ(වල්) වලටත් ඕක ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බ්ලොග් ලියන අය ඔය දේවල් දන්නේ නෑනේ.

      Delete

  10. ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය රෙඩ් බුල් එක මත්ද්‍රව්‍ය කාණ්ඩයට දමලයි කතා කරන්නේ , එක්කෝ එකේ තියෙන මිල වැඩි වීම නිසා ගොඩක් අය ඒ සහද එම මුදල වියදම් කර නොබැලීම නිසා ඇති උන මතයක් , එහෙමත් නැති නම් කැෆෙන් නිසා ඇති උන මතයක් වෙන්න ඕනේ ,

    නමුත් මමත් පිලිගන්නවා මේ පොස්ට් එක , මොකද නිතර ක්‍රීඩා සහ කදවුරු ගත උණු මට අවශ්‍ය වූ විට ලැබුන දේ අනුව ,

    හැබැයි නිකම් ඉන්න වෙලාවක නම් බීවොත් ඇත්තටම එපා වෙනවා මට නම් ,
    මහන්සි වෙන්න බලාගෙන බොන එක තමයි හොදම දේ

    ReplyDelete
    Replies
    1. විශේෂිත අවස්ථා වල තමයි ගන්න ඕනේ.

      Delete
  11. කවදාවත් බීල නෑ. දවසක් රෙඩ්බුල් බොන්න ගිහිල්ල, රෙඩ්බුල් වලින් අනිත් එවුන් ෂැන්ඩි කරන හැටි දැකලම මට රෙඩ්බුල් එපාවුනා. ඒ නිසා මොකුත් කියන්න දන්නෙ නෑ. මේක දැක්කට පස්සෙ නං බොන්න හිතුන. බීල බලන්න ඕන එකක්.

    ReplyDelete
    Replies
    1. හැබැයි රාජ් උබ එහෙම ඕව සැන්ඩි කරලා බොනවා නෙවෙයි...
      මන් නම් හිතන්නේ රෙඩ්බුල් සැන්ඩි කරන එක ඒ තරම් හොදදෙයක් නෙවෙයි, ඒ නිසා හොදම වැඩේ, වැඩ ඉවරවෙලා යනගමන් 1 අරන් බීගෙන යන එක

      Delete
    2. ඔය ජාති දෙක දෙපැත්තකට වැඩ කරන නිසා ඔය දෙක එකට ගැනීමෙන් ප්‍රතිපලය බින්දුව වෙයි. හරියට ක්ලච් බැලන්ස් කරනවා වගේ.

      Delete
  12. මේ ඔක්කෝටම වඩා මගේ සිත් ගත්තේ රෙඩ් බුල් ආයතනයට දැන්වූ අදහසට ඒ ආයතනයෙන් ලැබුණු ප්‍රතිචාරය. ව්‍යාපාරිකයා ගණුදෙනුකරුවා තමන්ගේ දෙවියා විදිහට සළකන්න ඕනේ කියලා ගාන්ධිතුමා කරපු ප්‍රකාශය මතක් වුණා

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත් මටත් පුදුම හිතුනා. මම බ්ලොග් ගණනකම ඔය වගේ කන්ටැක්ට් අස් කියන කොටසට උත්තර දීල තියෙනවා, නමුත් මේකෙන් දක්වපු වේගවත් ප්‍රතිචාරය පුදුමයි. ඔවුන්ගේ රටවල් ලයිස්තුවේ ලංකාව තිබුනෙත් නෑ.මම තේරුවේ ඉන්දියාව.

      Delete
    2. නොකියා සමාගමෙත් ඔය වගේ customer care service එකක් තියෙනවා.මගෙ phone එකක් එකම හේතුවට දෙපාරක් service කරන්න උනාම මට mother company එකෙන් කතා කලා ඒ ගැටලුව විසඳගන්න.

      Delete
  13. Red Bull gives you Wiiiiiiiiiiiiiiiiiiiings!
    තමයි තමයි තේමා පාඨය. මම හිතන්නෙ නෑ ඕක ඇඟට හොඳ දෙයක් කියලා නම්. මාත් බොනවා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොන්නේ ඇඟට පිටින්ද ?

      Delete
  14. දිග කතාවක් කොමෙන්ට් එකක් හැටියට කොටලා අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මොකක් හරි අවුලක් වෙලා ආයෙම සැරයක් මේකට එන්න උනා.. මේක මට මේ බ්ලොග් එකේදීම උන දෙවැනි වතාව... එදානං ආයේ දෙවැනි පාරට මොනවත්ම නොකොටා මං යන්න ගියා.. ඒත් මේක කියලා තියන්න ඕන උනේ මොනවා හරි මගුලක් මේකේ රන් වෙනවද කියලා දන්නේ නැති හින්දයි...

    කමෙන්ට් එක ආයේ කොටන්න බැහැ... කොහොම උනත් ක්‍රිඩාවට ඔය වගේ දේවල් ගාව ගැනීම ක්‍රීඩකයින්ගේ අනාගතයට කෙලවෙන වැඩක්..එහෙම වෙච්ච දක්ෂ ක්‍රිඩකයෙක් ගැනයි මං කමෙන්ට් එක කෙටුවේ.. අනුග්‍රහය එකක්... හැබැයි උත්තේජනයට මේ වගේ දේවල් ක්‍රිඩාවක් අහලටවත් නොගෙනිය යුතු දේවල් කියලා තමයි මගේ කතාව.. මේ කෙටියෙන්...

    ReplyDelete
    Replies
    1. වෘත්තීය ක්‍රීඩකයින් මේවගෙන් උත්තේජනය ලබා ගන්නේ නෑ. මොකද එයාලා ගන්න දේවල් ගැන හරිම පරීක්ශාකාරීයි.

      Delete
  15. හැබැයි ඔවායේ අතුරු අබාධ මම හිතන්නෙ වැඩියි...
    මැද පෙරදිග බර වාහන වල වැඩකරන අය පුරුද්දක් විදියට ඔවා අරන් විවිධ රෝග වලට ගොදුරු වුණ හැටි මම අහලා තියෙනවා..
    හැබැයි කලාතුරකින් බිවිවට නමි අවුලක් නෑලු....

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක සීමාවක් තියෙනවා. වතුර උනත් ඕනෑවට වඩා බිව්වොත් අතුරු ආබාද ඇති වෙනවා.

      Delete
  16. පානය නරකම නැහැ. රසවත්. සීනි, ග්ලුකෝස් මෙන්ම සිට්‍රික් ඇසිඩ්ද සහිතයි. නමුත් මිල අධිකයි. අමතක කරන්න එපා එහි ඇති අවවාදය "not recommended for children and ..." එහි ඇති ප්‍රබෝධමත් ගතියට Taurine නම් රසායනය වැදගත් වෙනවා ඇති.
    මිල 250 ml රුපියල් තුන්සියකට ආසන්න ගණනක්. බදු හැර එකක් සදහා පිරිවැය රුපියල් පනහක්වත් යන්නේ නැහැ වගේ. ඒ අතින් ඉතා ලාබ දායි වියාපාරයක්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ව්‍යාපාරිකයා ලබන ලාභයට වඩා බදු මුදල වැඩියි.

      Delete
  17. නොදන්න අයට දැනගන්න වටින ලිපියක්.බොන නොබොන එක අපේ වැඩක්.විස්කි / බියර් කාරයො ක්‍රීඩාවට අනුග්‍රහය දක්වනවට වඩා රෙඩ්බුල් අනුග්‍රහය වටිනව.මේකත් අපි ඉස්සර ග්ලුකෝස් අහුරක් ගිලිනව වගේ දෙයක්.ඉස්සර ගමේ කෑම කාපු අපට,පැණිරස කොපමණ ශරීරයට වැටුනත් යම් කිසි පාලනයක් තිබුන.දැන්නම් බොන්න පෙර දෙවරක් හිතන්න තමයි වෙන්නෙ.සැන්ඩි කරන්නෙනම් ගොන් හරක්.සැන්ඩිවලට අයිස් කැට සහ වතුර මිස තව මොනවාද.මෙහෙ රාත්‍රියට භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ රියදුරන්,ඉතාම කුඩා කුප්පිවල තියෙන බිම බොනව පැය 8කට 10කට නිදිමත නොඑන්න.

    ReplyDelete
    Replies
    1. මෙම පානය ජනප්‍රිය නිසයි ඔවුන්ට ක්‍රීඩා වෙනුවෙන් මෙවැනි විශාල අනුග්රාකත්ව දක්වන්න පුළුවන් වෙලා තියෙන්නේ.

      Delete
  18. මෙහෙත් ගොඩක් අය පාවිච්චි කරන දෙයක්. මමත් හිතන්නේ, නිතර පාවිච්චි කලොත්, මේ වගේ දේවලට ඇබ්බැහිවෙන්ට පුලුවන් බවයි.

    ක්‍රීඩා තරඟවලදි මත් ද්‍රව්‍ය පාවිච්චි කරන ක්‍රීඩකයන්/ක්‍රීඩිකාවන් ඒ එක්කම මතකයට ආවා. මත් ද්‍රව්‍යයක් නොවූවත්, මේකත් ඇඟට ශක්තියක් හා ප්‍රබෝධයක් ලබාදෙන දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් මෙමගින් දෙන ශක්තිය පැය ගණනකට සීමා වෙනවා.

      Delete
  19. සුදීක අයියා රෙඩ් බුල් එකෙන් ගානක් කඩාගන්න වගේ කල්පනාව. :P මේකයි අයියේ ඔයා පොඩ්ඩක් හොයල බලන්න රෙඩ් බුල් බොන්න හොඳ නැහැ කියල කියන හේතු ටික. මමත් ඒ ලෙවල් වල ඉඳන් කැම්පස් සෙකන්ඩ් ඉයර් වෙනකන් රෑට පාඩම් කරද්දී බිව්වා එක ලිපියක් දැකල මම නැවැත්තුවා. මට මතක නැහැ කොහෙද කියල ඔය පොඩ්ඩක් හොයල බලන්න.

    ReplyDelete
    Replies
    1. මට තේරෙන එක දෙයක් තියෙනවා. සාමාන්‍ය ආහාර පාන රටාවෙන් අපේ ශරීරයට ලැබෙන සීනි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ මගින් ලැබෙනවා. මේවා සාමාන්‍ය භාවිතයේදී නිතර ගත්තොත් ගැටළු ඇති වෙන්න පුළුවන්.

      Delete
  20. Niyama energy drnk eka machan..red bull saranan gachchaami kiyala udeta ekak gahagena yanawa.. Boots drink ekath same.. Jaya..!!

    ReplyDelete
    Replies
    1. dදවසට එකක් බොනවා. මං ඇහුවමයි ඔහොම කෙනෙක් ගැන.

      Delete
  21. ඒකාලේ 180ක් කියන්නේ අද කාලෙට සාපේක්ෂව කියක් වගේ ද?.

    මම බිල තියෙනවා එත් මටනම් කිසිම දෙයක් දැනුනේ නැහැ. හිටපු ගමන් මම බොනවා බ්ලු ජීන්ස් කියල එකක් එකනම් ටිකක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ 180ක් කියන්නේ අද 275ක් නේ. දැන් ඒ වගේ ගානක් වගේ මතකයි. බ්ලූ ජීන්ස් ? හෙන්රියා දැක්කොත් නඩු දායි. බ්ලූ ඩෙනිම කොපි කරලා කියලා.

      Delete
  22. hmm.. mama podi research ekak karala thiyanawa personally. Mama recommend karanne Dynamic. Danata dakala thiyenne arpico supermarket wala. Loku wenasak therenawa first 30 mins :). Taste eka anith ewata wada godak smooth. Redbull wala e tharam power ekak naha. Marketing karanawa nemei eth kata hari udawwak wei kiyala liwwe.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...