Thursday, January 24, 2013

26 වෙනිදාට මධුසංකලා දෙන්නා මොනවා කර ගනීද ?

ඔබ බලනවා ඇති කවුද මේ මධුසංකලා දෙන්නා කියලා. හරියට තොම්සන් ඇන්ඩ් තොම්සන් වගේ.        මේ ළඟදී ටී.වී. එකේ ගිය ටු රොඩ්නීස් වගේ.වෙන කව්රුවත් නෙවෙයි මේ දෙන්න කණ්ඩායම් දෙකකට නායකත්වය දෙන ක්‍රිකට් ක්‍රීඩකයින්. පහුගිය ටිකේ පැවැත්වුණු රෙඩ්බුල් කැම්පස් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට ක්‍රීඩා කරන්න සමත් වෙලා තියෙන මොරටුව ෂාර්ක්ස් කණ්ඩායමේ සහ ජපුර කිංග්ස් කණ්ඩායම් දෙකේ නායකයින් දෙදෙනා. මේ දෙදෙනාගේ සමාන කම කොයි තරම්ද කිව්වොත් අනිත් නම් දෙකත් එකම අකුරෙන් පටන් ගන්නේ. එක්කෙනෙක් රොෂාන් අනිත් එක්කෙනා රොමේෂ්.  මට මුලින්ම හිතුනේ මේ දුරකථන අංක ලබා දී තිබෙන්නේ වැරදියට කියා. මේ දෙදෙනා රොෂාන් මධුසංක සහ රොමේෂ් මධුසංක. ටිකක් අමාරු උත්සයකින් පස්සේ මේ දෙන්න එකතු කර ගන්න පුළුවන් වුනා පුංචි කතාබහකට. ඒ සංවාදය කෙරුන විදියටම දාන්න මම හිතුවා.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
 මා මුලින්ම සංවාදයට එකතු කර ගත්තේ ජපුර කිංග්ස් කණ්ඩායමට නායකත්වය දෙන රොෂාන් මධුසංක කුරේව.

සුදීක : මල්ලි මොන ඉස්කෝලෙටද ගියේ ?

රොෂාන් : අයියේ මම කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ. 

සුදීක : කැම්පස් එකේ කීවෙනි වසරේද ? මොකක්ද ෆීල්ඩ් එක ?

රොෂාන් :  මම තුන්වෙනි වසරේ ඉගෙන ගන්නේ  මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ. 

සුදීක : පාසල නියෝජනය කරන කාලේ මොන Division එකේද ක්‍රිකට් ගැහුවේ ?

රොෂාන් :  අපේ ඉස්කෝලේ අයිති වුනේ Division II එකට. 

සුදීක :  ඉන් පස්සේ ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කලාද ?

රොෂාන් :  නැහැ අයියේ, ස්කූල් ගහලා ඉවර වුනාට පස්සේ කැම්පස් එකට තමයි සෙල්ලම් කලේ. 

සුදීක :  දැන් කැම්පස් එකට වාර(Season) කීයක් වගේ සෙල්ලම් කරනවද ?

රොෂාන් :  මේ යන්නේ මගේ හතරවෙනි සීසන් එක. 

සුදීක :  පාසැල් කාලයේදී මොනවද පෙන්වපු දක්ෂකම් ?

රොෂාන් :  මම අවරුදු දෙකක්ම බිග් මැච් වලදී පාසල නියෝජනය කළා. 2007/2008 වාරයේදී ලකුණු 678ක් ලබා ගත්තා. වැඩිම ලකුණු 128ක්. සෙන්චරි හතරක් මේකට ඇතුලත්. 

සුදීක :  කැම්පස්  ක්‍රිකට් ගහන්න ගත්තට පස්සේ ගහපු වැඩිම ලකුණු කීයද ?

රොෂාන් :  ඉන්ටර් යුන්වර්සිටි ටුනමන්ට් එකේදී, ඌව වෙල්ලස්සට ලකුණු 92ක් ගැහුවා. 

සුදීක :  නායකත්වය දරන්නේ කී වෙනි අවුරුද්දටද ?

රොෂාන් : මේ මගේ පලවෙනි අවුරුද්ද අයියා. 

සුදීක :  මෙම තරගාවලියේදී ලබා ගත්ත හොඳම ජයග්‍රහණය මොකක්ද ?

රොෂාන් :  අපි කලම්බු කැම්පස් එක ලකුණු 47කට දවා ගත්තා. අපේ බොලර්සලා තමයි වැඩියෙන්ම දක්ෂ. 

සුදීක :  මේ තරගාවලියට මුහුණ දුන්නේ කොහොමද ?

රොෂාන් :  ඇත්තටම, මේකෙදී අපිට දෙපැත්තක් බලන්න වුනා. අපේ හුඟක් අයට එක්සෑම් ලියන ගමන්ම තමයි ටුනම්න්ට් එක සෙල්ලම් කලේ. ක්වාටර් ෆයිනල් වෙනකම්ම අපිට විභාගයි, ක්‍රිකට් තරගයි දෙකම තිබුණා. ෆයිනල් එකට නම් අපි ෆ්‍රී ඉන්නේ. 

සුදීක :  ඔයාලගේ කණ්ඩායමේ විශේෂ දක්ෂතා දක්වපු කවුරු හරි ඉන්නවද ? නැත්නම් වැඩියෙන්ම බලාපොරොත්තු තියා ගන්නේ කවුරු ගැනද ?

රොෂාන් : ඇත්තටම අයියේ අපේ ටීම් එකේ ඉන්න ඔක්කොම එක වගේ බැටින්, බොලින්, ෆීල්ඩින් වලට දක්ෂයි. එක්කෙනෙක් අද හොඳට කරොත් අනිත් කෙනා ඊළඟ මැච් එකේදී හොඳට කරනවා. එකොලොස් දෙනාටම හොඳට බැට් කරන්නත් පුළුවන්. 

සුදීක :  කොහොමද කැම්පස් එක පැත්තෙන් මේකට ලැබෙන සහයෝගය ?

රොෂාන් :  මුලදී නම් ඒ තරම් උනන්දුවක් තිබුනේ නෑ. ඒත් ක්වාටර් ෆයිනල් වලදී අපට කෝච් කෙනෙක් ලැබුණා. ඔහු ලක්මාල් (අනිත් නම් නම් දන්නේ නෑ අයියේ) ගාල්ලේ රිච්මන්ඩ් එකේ ඇසිස්ටන්ට් කෝච්. 

සුදීක : මේ තරගාවලියේ අවසන් තරගය ගැන මොකක්ද තියෙන බලාපොරොත්තුව ?

රොෂාන් :  කොහොම හරි දිනන්න තමයි බලන්නේ. අපේ අය හොඳ දක්ෂ අය නිසා දිනන්න පුළුවන් කියල හොඳ විශ්වාසෙකින් ඉන්නේ. 

සුදීක : පාසැල් යන කාලේ කොහොමද ක්‍රිකට් ගහන්න ලැබුණ පහසුකම් ?

රොෂාන් : අපේ කණ්ඩායමේ හුඟක් අයට බැට් එකයි ග්ලවුස් වගේ දේවල් තිබුණා. අනිත් දේවල් පාසලෙන් සපයපු ඒවා තමයි පාවිච්චි කලේ. 

සුදීක :  හොඳ (ආනන්ද/නාලන්ද/රෝයල්) පාසලක් නියෝජනය කළා නම් මීට වඩා හොඳ තැනකට එන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද ?

රොෂාන් :  හිතෙනවා. ඒ වගේ ලොකු ඉස්කෝලෙකින් ක්‍රිකට් ගැහුවා නම් මීට වඩා හොඳට සෙල්ලම් කරන්න තිබ්බ. පහසුකම් අතිනුයි පිළිගැනීම අතිනුයි අපිට වඩා හොඳයිනේ.

සුදීක :  කොහොමද කැම්පස් එකේ ක්‍රිකට් ගහන්න තියෙන උනන්දුව ?

රොෂාන් :  ඇත්තටම අයියේ ඉස්කෝලේදී ක්‍රිකට් ගහපු බොහෝමයක් දෙනා කැම්පස් ආවාහම ක්‍රිකට් ගහන්නේ නෑ. හේතුව අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියන බයට.  දැන් නම් ටිකක් කට්ටිය උනන්දුයි.

සුදීක : මේ ක්‍රිකට් තරගාවලිය මොන වගේද දැනෙන්නේ ?

රොෂාන් : ඇත්තටම මේක අපට ලොකු අවස්ථාවක්. පාට ඇඳුම් ඇඳලා. ටර්ෆ් එකේ. වයිට් බෝල් එකෙන් සෙල්ලම් කරන්න ලැබුණ එකට හැමෝම ඉන්නේ සතුටින්. අපිට හැම දෙයක්ම සංවිධායකයින් ලබා දෙනවා. පාසැල් කාලෙන් පස්සේ දැන් තමයි අපි ටර්ෆ් වල සෙල්ලම් කරන්නේ. මේ ටුනම්න්ට් එකෙන් පස්සේ නම් හුඟක් අය සෙල්ලම් කරන්න එයි කියලා තමයි මගේ විශ්වාසෙ. මේ වගේ ග්‍රවුන්ඩ් එකක සෙල්ලම් කරන්න ලැබුණ ඒකත් හුඟක් අයට ලොකු දෙයක්. 

සුදීක :  ඔයාගේ ටීම් එකේ පිට පළාත් වල අයත් ඉන්නවද ?

රොෂාන් :  කොළඹ අය ඉන්නේ පහක් විතර අනිත් අය පිට පළාත් නුවර, මොනරාගල, මීගමුව අය ඉන්නවා.

සුදීක :  ඔයා සෙල්ලම් කරන්න ගත්තට පස්සේ මොනවද ලැබුව ජයග්‍රහණ ?

රොෂාන් :  අපේ ස්ලග් ටුනමන්ට් එකේ ශුරතා අනුශුරතා ලබා ගත්තා. 

සුදීක :  දැන් මේ තරගය දිනුවොත් ඔයාලට ඉන්දියාවේ යන්න ලැබෙනවා ලෝක තරගාවලියට ? ඒක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ ? ඒ නිසා ක්‍රිකට් සෙල්ලම් කරන්න එන ඇය වැඩි වෙයිද ?

රොෂාන් :  ඔව් අපේ ප්‍රධාන බලාපොරොත්තුව මේ තරගය දිනන එක. අනිවාර්යෙන්ම මීට වඩා වැඩි දෙනෙක් ක්‍රිකට් සෙල්ලම් කරන්න එයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

සුදීක :  මේ තරගාවලියත් එක්ක කොහොමද ලැබුණු පිළිගැනීම ?

රොෂාන් :  ක්වාටර් ෆයිනල් දින්නට පස්සේ බොහෝ දෙනා මේ ගැන උනන්දුයි. අපි විශ්වාස කරනවා ෆයිනල් එකට අපිට සහයෝගය දෙන්න ගොඩාක් පිරිසක් 26 වෙනිදා සරවනමුත්තු ක්‍රීඩාංගණයට එයි කියලා. 

සුදීක :  මාධ්‍ය ආවරණය ගැන මොනවද හිතෙන්නේ ?

රොෂාන් :  ඇත්තටම මදි කියලයි මට හිතෙන්නේ. එහෙම වුනානම් මීට වඩා ගොඩාක් දෙනා චියර් කරන්න එනවා. දැන් අපි කැම්පස් එකේ අයවනම් දැනුවත් කරනවා. 

සුදීක : අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැද්ද ?

රොෂාන් : අපේ මේ අවුරුද්දේ ඉඳල ඩිවිෂන් ත්‍රී ගහන්න බලාපොරොත්තු වෙනවා.


සුදීක : අනාගත බලාපොරොත්තු මොනවද ?

රොෂාන් : කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ, රැකියාවක් කරන තැනකට ක්‍රිකට් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ කතා බහේදී මට තේරුම ගිය දෙයක් තමයි රොෂාන් හොඳින් ඇහුම්කන් දීලා, පැහැදිලි උත්තර ලබා දෙන කෙනෙක් කියලා. මට මොහොතකටවත් හිතුනේ නෑ, මං මේ කතා කරන්නේ කැම්පස් එකක තරුනයෙකුටද කියලා. ඒ තරමට තැන්පත් සහ ගෞරවයකින්  ඔහු කතා කලේ. 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඊළඟට මොරටුව ෂාර්ක්ස් පිලට නායකත්වය දෙන රුමේෂ් මධුසංඛව එකතු කර ගත්තා. 



සුදීක : මල්ලි මොන ඉස්කෝලෙටද ගියේ ?

රොමේෂ්  : මම කොළඹ ඩී. එස්. එකේ.

සුදීක : කැම්පස් එකේ කීවෙනි වසරේද ? මොකක්ද ෆීල්ඩ් එක ?

රොමේෂ්  :  හතරවෙනි වසරේ සිවිල් කරන්නේ.

සුදීක : පාසල නියෝජනය කරන කාලේ කොයි තරම් ක්‍රීඩා කරාද  ?

රොමේෂ් : මම අන්ඩර් 17 වෙනකම් විතරයි ක්‍රීඩා කලේ. 

සුදීක :  දැන් කැම්පස් එකට වාර (Season) කීයක් වගේ සෙල්ලම් කරනවද ?

රොමේෂ් :   මේ සෙල්ලම් කරන්නේ දෙවෙනි සීසන් එක. 

සුදීක :  පාසැල් කාලයේදී මොනවද පෙන්වපු දක්ෂකම් ?

රොමේෂ් :  පන්දු යවන්නෙක් විදියට තමයි ක්‍රීඩා කලේ. දැන් බැට්ස්මන් කෙනෙක් විදියට සෙල්ලම් කරන්නේ.

සුදීක :  කැම්පස්  ක්‍රිකට් ගහන්න ගත්තට පස්සේ මොනවද පෙන්නපු දක්ෂතා  ?

රොමේෂ්  :  අපේ කැම්පස් එකෙන් සංවිධානය කරපු ට්‍රයැන්ගිවුලර් ටුනම්න්ට් එකක් තිබුණා.  ඒකට ගහපු අනිත් ටීම් දෙක තමයි කැලණියයි පේරාදෙණියයි. මම එකේදී බෙස්ට් බැට්ස්මන් වුනා.  කේ.ඩී.යූ එකෙන් කරපු  T20 ටුනමන්ට් එකකත් බෙස්ට් බැට්ස්මන්  වුනා. ඒකට කේ.ඩී.යූ එක, කැළණි කැම්පස් එක, ස්ලිට් එක සෙල්ලම් කරා. නුගේගොඩ ක්‍රිකට් ක්ලබ් එකෙන් කරපු සික්ස් අ සයිඩ් එකකදී මෑන් ඔෆ් ද සීරීස් හම්බවුනා. ඒ ටුනමන්ට් එකට ශ්‍රී ලංකා ටීම් එකට ගහපු අකලංක ගනේගමත් සෙල්ලම් කළා.

සුදීක :  නායකත්වය දරන්නේ කී වෙනි අවුරුද්දටද ?

රොමේෂ්  : ඇත්තටම පලවෙනි වතාවට. අපේ කැප්ටන් හිටිය කෙනා පලවෙනි තරගේ දෙවෙනි ඕවරේදීම තුවාල වලා මේ ටුනමන්ට් එකෙන්ම අයින් වෙන්න වුණා. මම වයිස් කැප්ටන් විදියට හිටියේ. ඒ නිසා මම කැප්ටන් වුනේ අහම්බෙන් වගේ. අපිට හිටිය හොඳම ඕල් රවුන්ඩර් නැති වෙලත් ෆයිනල් ආපු එක ලොකු දෙයක්. 

සුදීක :  මෙම තරගාවලියේදී ඔයා වැඩියෙන්ම ලකුණු ගත්ත මැච් මොනවාද  ?

රොමේෂ්  :  ලීග් වටයේදී ලකුණු  44 නොට් අවුට් ගහන්න පුළුවන් වුණා සවුන්දර්ය විශ්ව විද්‍යාලයත් එක්ක තරන්ගේදී. ක්වාටර් ෆයිනල් එකේදීත් ලකුණු  20 ක් ගැහුවා පොඩි ලකුණු ගණනක් ෆලෝ කරද්දී. 

සුදීක :  මේ තරගාවලියට මුහුණ දුන්නේ කොහොමද ?

රොමේෂ්  :  අපිට මේකත් එක්කම ඒගසෑම් තිබුණා. ඒත් කැම්පස් වහපු නිසා හොඳට හිටියා. 

සුදීක :  ඔයාලගේ කණ්ඩායමේ විශේෂ දක්ෂතා දක්වපු කවුරු හරි ඉන්නවද ? නැත්නම් වැඩියෙන්ම බලාපොරොත්තු තියා ගන්නේ කවුරු ගැනද ?

රොමේෂ්  : අවසන් පූර්ව තරඟයේදී විකට් හතරක් අර ගත්ත විමුක්ති ගුණතිලක ගැන විශේෂ බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්. 

සුදීක :  කොහොමද කැම්පස් එක පැත්තෙන් මේකට ලැබෙන සහයෝගය ?

රොමේෂ්  :  ඉතාම හොඳයි. 

සුදීක : මේ තරගාවලියේ අවසන් තරගය ගැන මොකක්ද තියෙන බලාපොරොත්තුව ?

රොමේෂ්  :  මම හිතන්නේ මේක දිනන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒකත් පහුගිය මැච් වගේම හොඳට සෙල්ලම් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. 

සුදීක : පාසැල් යන කාලේ කොහොමද ක්‍රිකට් ගහන්න ලැබුණ පහසුකම් ?

රොමේෂ් :  අපේ පාසල ක්‍රිකට් වලට හොඳ පහසුකම් තියෙන තැනක්. 


සුදීක :  කොහොමද කැම්පස් එකේ ක්‍රිකට් ගහන්න තියෙන උනන්දුව ?

රොමේෂ් :  ක්‍රිකට් ගහල තියෙන්න, ක්‍රිකට් ගහන්න උණ තියෙන ටික දෙනා කොහොමත් එනවා.

සුදීක : මේ ක්‍රිකට් තරගාවලිය මොන වගේද දැනෙන්නේ ?

රොමේෂ්  : ඇත්තටම මේක අපිට හොඳ අවස්ථාවක්. මේ වගේ ක්‍රීඩාංගන වල ක්‍රීඩා කරන්න ලැබෙන එකත් ලොකු දෙයක්. රෙඩ්බුල් කට්ටිය මේක හොඳට සංවිධානය කරලා තියෙනවා. 

සුදීක :  ඔයාගේ ටීම් එකේ පිට පළාත් වල අයත් ඉන්නවද ?

රොමේෂ්  :  ඔව්. ලංකාවේම අය ඉන්නවා. කුරුණෑගල, නුවර, ගාල්ලේ, මාතර, අනුරාධපුර, ගම්පහ අය ඉන්නවා. 

සුදීක :  ඔයා සෙල්ලම් කරන්න ගත්තට පස්සේ මොනවද ලැබුව ජයග්‍රහණ ?

රොමේෂ්  :  2010යි 2011යි ඉන්ට යුනිවර්සිටි තරගාවලියේ තුන් වන ස්ථානය, 2012දදී අපි චෑම්ප්. කේ.ඩී.යූ තරගාවලිය දෙවරක් ජය ගත්තා. නුගේගොඩ ක්‍රීඩා සමාජයේ තරගාවලියෙදී අනුශුරතාව. 

සුදීක :  ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් පවත්වන තරගාවලි වලට සහභාගී වන්නේ නැත්ද ?

රොමේෂ් :  අපි මේ අවුරුද්දේ ඩිවිෂන් ත්‍රී සෙල්ලම් කරලා අනුශූරතාව දිනා ගත්තා. 

සුදීක :  දැන් මේ තරගය දිනුවොත්  ඔයාලට ඉන්දියාවේ යන්න ලැබෙනවා ලෝක තරගාවලියට ? ඒක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ ? ඒ නිසා ක්‍රිකට් සෙල්ලම් කරන්න එන ඇය වැඩි වෙයිද ?

රොමේෂ් :  ඔව් අපි බලාපොරොත්තු වෙනවා දිනන්න. එහෙම ටුවර් එකක් දෙන එක හොඳයි. එතකොට ක්‍රිකට් ගහන්න එන අය වැඩි වෙනවා. 

සුදීක :  මේ තරගාවලියත් එක්ක කොහොමද ලැබුණු පිළිගැනීම ?

රොමේෂ්  :  මොරාස්පිරිට් එකෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. අපේ ස්කොඩ් එකට 15ක් හිටියත් ක්‍රිකට් ගහන අනිත් අයත් ඇවිත් අපිට ප්‍රැක්ටිස් වලදී බෝල් කරලා සහයෝගය දෙනවා. 

සුදීක :  මාධ්‍ය ආවරණය ගැන මොනවද හිතෙන්නේ ?

රොෂාන් : කවුරුත් ලයිව් දෙන්නේ නම් නෑ. ඒත් මේ ලැබෙන ටිකත් ඇති. 


සුදීක : මේ දවස් වල ප්‍රැක්ටිස් කරනවද ? කවුද කෝච්

රොෂාන් : ඔව් මේ දවස් වල දිගටම ප්‍රැක්ටිස්. අපේ කෝච් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හේමන්ත දේවප්‍රිය මහත්මාගේ පුතා. මනිල් චතුරංග හෙට්ට්වත්ත.    එයා අපේ කැම්පස් එකෙන් අවුට් වෙලා පස්සේ මාස්ටර්සුත් අපෙන්ම කරලා ඉන්න කෙනෙක්.

රමේෂ් වගේම රොෂානුත් ඉතාම නිහතමානී පුද්ගලයෙක්. ඉතාම කැමැත්තෙන් මේ සංවාදයේදී තොරතුරැ ලබා දුන්නා. තරමක් ලජ්ජාශීලීද කියලා මට නිකමට හිතුනා. 

31 comments:

  1. තොම්සන් ඇන්ඩ් ‌‌තොම්සන්.. හි හි.... හොඳ කොල්ලෝ දෙන්නෙක් වගේ....

    දෙගොල්ලන්ටම 26 වෙනිදට හොඳ තරඟයක් දෙන්න ජය පතමු නේද... දිනුම පැරදුම කෙසේ වෙතත් හොඳ තරගයක් දෙන එකයි වැදගත්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිරූ. මම දන්නවා ඔයා ක්‍රීඩිකාවක් කියලා. ඔයාගේ ක්‍රීඩාශීලීත්වය අගය කරනවා.

      Delete
  2. එල! සුභ පතනවා කණ්ඩායම් දෙකටම! :) MoraSpirit එක තමා ටිකක් වත් මේ ගැන cover කරන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩි. මමත් දැක්ක MoraSpirit කවරේජ් එක. ෆයිනල් එකට මමත් හිතාගෙන ඉන්නේ කවරේජ් එකක් දෙන්න.

      Delete
  3. මමනම් මචන් ඔය ක්‍රිකට් වලට වැඩිය පන්නන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. කාලාතුරකින් තමයි උනන්දුවක් දක්වන්නේ නැති කෙනෙක් මුණ ගැහෙන්නේ. කමෙන්ට් කලාට ස්තූතියි.

      Delete
  4. මටත් ඔය ට්‍රිකට් කෙරුවාවනම් පෙන්නන්න බෑ.. මම හිතන්නෙ මට ගහන්න බැරි නිසා වෙන්න ඇති,,.... කියන්න තියෙන්නෙ රන්ඩු නොවී ගහපල්ල.... කවුරු දිනුවත් පැරදුනත් ඒක හැමෝටම අයිති දෙයක්...

    ReplyDelete
    Replies
    1. //රන්ඩු නොවී ගහපල්ල.... කවුරු දිනුවත් පැරදුනත් ඒක හැමෝටම අයිති දෙයක්...//

      මේක තමයි පොදු ජනතාව විදියට අපි බලාපොරොත්තු වෙන්නේ.

      Delete
  5. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හොඳයි අපිට් බලාගෙන ඉන්නවා ඔයාගේ වැඩ. සුබ පැතුම් !!!

      Delete
  6. පත්තර රස්සාවටත් සුදුසුකම් තියෙනවා,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ලිපි දෙකක් ලියලා තියෙනව.

      Delete
  7. මේ ගැන තොරතුරු ලැබුනෙ ඔයාලගන් විතරයි අයියෙ. ස්තුති මේව ලියනවට.

    අවසන් තරගෙ තොරතුරුත් දෙන්න වෙයි. නැත්නම් කරදර වෙන්න වෙයි :p

    ReplyDelete
    Replies
    1. අවසන් තරගය ගැන Live Update එකක් සිංහලෙන් පර්යේෂණ විකාශනයක් විදියට දෙන්න මම සුදානම්.

      Delete
  8. Replies
    1. අපි ක්‍රිකට් වලට.

      Delete
  9. හරි පුදුම අහම්බයක්....

    ReplyDelete
  10. කියලා වැඩක් නෑ.

    ReplyDelete
  11. මන් හිතන්නේ මේ මාතෘකාව ගැන තව ලිපි දෙක තුනක්වත් මේවගේ ප්ර්යේෂනාත්මකව ලිව්වොත් ඔබට ජයක් ලබාගන්න හැකිවෙයි වගේම ඊට සුදුසුයි

    ReplyDelete
  12. සුදීක අයියේ... ජපුර දිනයි නේ??????
    උංගේ හොද ටීම් එකක් ඉන්නවා..
    මරු පෝස්ට් එක..

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් කියන්නේ අවිනිස්චිත ක්‍රීඩාවක් තරියෝ. දැක්කනේ වර්ල්ඩ් කප් එකේ වෙච්ච් දේ.

      Delete
  13. කව්රු දින්නත් රටටමනේ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. සරසවිය යුධ පිටියක් වනවාට වඩා ක්‍රීඩා පිටියක් වනවාට මම ඉතා සිතින් කැමතියි.

      Delete
  14. ටිකක් අමුතු වැඩක් නියමයි

    ReplyDelete
  15. මේ දවස්වල ක්‍රිකට්ම තමා නේද හී හී...

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ඉස් ලයිෆ්.

      Delete
  16. we won the inter university title last year < 2012 >, we became 3rd in the 2011,2010...
    can you correct that?...

    ReplyDelete
  17. ක්‍රිකට් ක්‍රිකට්!!

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...