| එදා ඇවිත් හිටියත් සයිබර් | සැණකෙළියේ |
| ඔබා මාමා නැත මා හට හමු | වූයේ |
| වරද මගෙ බව දනිමී අද | දිනයේ |
| පිරිවර වට කරන් නෙව මාමා | හිටියේ |
| දුටුවෙමි ඔබෙ සිනා යනෙනා | විටදී |
| හිතුනද දොඩන්නට මාමේ ඔබ | ලඟදී |
| දිරියක් නොම වීය මේ ළදරුව හට | එහිදී |
| හිඩැසක් තිබේ මගෙ හිත තුල ඇත අද | දිනදී |
| ඔබා කවුරුන්ද යන බව මම අද | දනිමී |
| ලැබ තිබු ගෞරවය හැම තැනදීම මම | දුටිමී |
| කමෙන්ට් දමා හැම දෙන හට නොම | ඉදිමී |
| නිහතමානි ඔබහට මම හිස | නමමි |
| ඉන්නා තැනක සිට අප දෙස ඇස | යොමපන් |
| කොලු-කෙලි පැටව් ටික නුබගේ යයි | සිතපන් |
| යනවා නම සිත් තොසින් ඔබ ලැබ පුරට | නිවන් |
| එය සතුටකී පතනෙමු ඔබහට අමා | නිවන් |
2012.05.14
මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ.හිතාගන්නත් බැහැ මෙහෙම වුනා කියලා.
ReplyDeleteඅපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!
ReplyDeleteඔබට නිවන් සුව ඔබා මාමේ....
ReplyDeleteකියලා වැඩක් නෑ අයියා මාර අප්සට්...අහපු වෙලාවේ අදහගන්නත් බැරිවුනා
ReplyDelete