Tuesday, April 24, 2012

කෙටිම-කෙටි ලොල් කතා අංක 2 (චේන්ජ් මනි )



මේ කියන සිද්දිය වෙලා ටික කාලයක් වෙනවා. ඒත් මේ ලොල් කතා වල තියෙන විශේෂත්වය තමයි ඒවායේ රසවත් බවට කාලය-දීපය බල පාන්නේ නැති එක. එහෙම කිව්වට එහෙම කාලයත් එක්ක රසවත් බව නැසුන සිද්දිත් තියෙනව. ඒ කාලේ පැය ගණන් හිනා වුන ඒවාට දැන් කිචි කවාගෙනවත් හිනා වෙන්න බැරි. ඒ වගේ කතා කියන්න ගිහින් බොහෝ අය අමාරුවේ වැටෙනවා මම බලන් ඉඳල තියෙනව. සමහර ඇම්බැට්ට කොල්ලො-කෙල්ලො මේ කතා කියන වැඩිහිටියන්ගෙන් අහනව දැන් ඕකට හිනා වෙන්නත් ඔනද කියල කතාව ඉවර උනහම. එහෙම වෙලාවට අර කතාව කියපු කෙනාට පොලොව පලාගෙන යන්න හිතෙනවා. අනිත් කාරණය තමයි කතාවක් කියල මිනිස්සු හිනස්සවන පුළුවන් වුනාට මේ වගේ ලිපියකින් මිනිස්සු හිනස්සවන එක ලේසි නැහැ. 

මේ ටයිප් කරන්නේ දෙවෙනි වතාවට. ගියපාර ටයිප් කරලා(රියල් ටයිම් උනිකෝඩ් කන්වර්ටර් එකෙන්) වැරදිච්ච තැනක් හදන්න ක්ලික් කරනකොට රිසෙට් උඩ ක්ලික් උනා.  හොඳයි කෙටියෙන් කියන්න අවශ්‍ය නිසා අපි කතාවට බහිමු. 

මගේ යාලුවගෙ නම උදය. නමින් තරුණ වගේම හදවතිනුත් තරුණ පුද්ගලයෙක්. ඒ වුනත් මිනිහා දැන් පෙන්ෂන්. අවංකවම කියනව නම් පෙන්ෂන් යත්දීත් මිනිහට හතලිස් පහක පෙනුම. තරුණ බවේ රහස තමයි නිතරම හිනාවෙලා සතුටින් ඉන්න එක. මිනිහා මේ වගේ කතා කියන්න රුසියා. ඒත් මේක නම් උදයගේ රාජකාරි දිවියේ රසවත් සිදුවීමක්. මේ කියන කාලයේ අනුරාධපුර පැත්තේ තියෙන මහජන බැංකු ශාඛාවක තමයි මිනිහා වැඩ කරල තියෙන්නේ. උදයගේ ඔළුවේ එක කෙස් ගහක් වත් නෑ. තට්ටයා, කොටා, ඒ වුනාට ලෙනින් කට් එක ගහල ඉන්න මිනිහාගේ තියෙන්නේ මහ ගාම්භීර පෙනුමක්. මුලින්ම දැක්ක කෙනෙක්ට බලන්නත් බය හිතෙන රූපයක්. කළුත් නෑ සුදුත් නෑ. ෆිට් ඇඟක් තියෙන නිසා (දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්) දකින කෙනාට පේන්නේ හොඳ-හොඳ සෙල්ලම් දන්න කෙනෙක් වගේ. 

මිනිහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශූරයා. කොයි දේටත්.:D. මේ කියන දවසේ කස්ටමර් සර්විස් ඔෆිසර් විදියට ඉඳල තියෙන්නේ උදය. මේ වගේ ගම්බද ශාඛාවක ඉතිං සේවක හිඟය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එක්කෙනෙක්ට දෙතුන්දෙනෙකුගේ වැඩ කරන්න වෙනවා. උදයලා අනුරාධපුරයේම ඉපදිලා, එහිම රාජකාරි කරන නිසා ඉතිං එතනින් එහාට මාරු වෙනව නම් තියෙන්නේ උතුරු-නැගෙනහිරට තමයි. කොළඹ කෙනෙක් ඒ පැත්තට ගියොත් යන්නේ පනිෂ්මන්ට් ට්‍රාන්සර් මිසක් කැමැත්තෙන් නොවෙයි. උදේ පාන්දරම සද්දන්ත සුද්දෙක් බ්‍රාන්ච් එකේ දොරෙන් යාන්තමට පාත් වෙලා ආවාළු. නිකම්ම නොවෙයි බිරිඳත් එක්ක(එගොල්ලොන්ගේ කසාද සහතිකේ බලල නෙවෙයි කිව්වේ). මෙහෙ එන සුද්දෝ මේ ගමනට විතරක් සෙට් කරගෙන එන අයත් ඉන්න බව ලියන මම දන්න නිසයි  ඒ කෑල්ල දැම්මේ. බ්‍රාන්ච් එකටම යන්තම් ඉංග්‍රිරිසියෙන් වචනයක් දෙකක් ගැට ගහ ගන්න දන්නේ උදය නිසා සුද්දාට ගොළු භාශාවෙන්ම ආරක්ෂක නිලධාරියා උදයව පෙන්නලා. දැන් සුද්දයි-සුද්දියි මිනිහා ඉස්සරහ හිටගෙන ඉන්නවා. 

එතනින් පස්සේ ඇති වුන කථාබහ මේ විදියට

"ටේක් අ සීට් සර්"  (බොහෝමා ආචාරශීලී විදියට)

"තෑන්ක්ස්" (සුද්දයි සුද්දියි වාඩි වුනාළු)

"කැන් අයි හෙල්ප් යූ".

යස්.අයි වොන්ට් ටු චෙන්ජ් මනී

අපේ මිත්‍රය ඉක්මනටම ඒකට අවශ්‍ය කරන දේවල් ලඟට අරගෙන. රෝස පාට ඩෙබිට් ව්වුචර් පෑඩ් එකයි. ෆොරින් කරන්සි වලට භාවිතා කරන සීල් ටිකයි.පියන්ට කතා කරල කිව්වළු 

"අර රට සල්ලි මාරු කරන ලෙජර් එක ගේන්න" කියල.

 සුද්ද නළල රෑලි කරගෙන් උදය දිහා බලාගෙන ඉන්නවාළු. ඔළුව ටිකක් ඇල කරලා දත් තිස් දෙකම පේන හිනාවක් දාලා අපේ මිත්‍රයා කිව්වළු 

"වන් මිනිට් සර්" කියලා. සුද්දගේ මූනේ කිසිම හිනාවක් නෑළු. අපේ මිනිහා 
"මුන් දෙන්නා ඊයේ රෑ වලියක් යන්න ඇති, නැත්නම් රෑටයි උදේටයි දෙකටම බඩගින්නේ ඉඳල වෙන්න ඔනේ"

 කියල හිතින් කියා ගන්න ගමන්. හරි බරි ගැහිලා

"කැන් අයි හෑව් යුවර් පාස්පෝට්" කියල කිව්වළු.

සුද්දත් අර හතර බීරි පෙනුමම දාගෙන. බෑග් එක ඇරලා පාස්පොර්ට් එක දුන්නළු. 

"යුවර් මනි සර්" කියල කිව්වහම

සුද්දා පර්ස් එක ඇරල රුපියල් දාහක් දික් කලාලු. 

අපෙ මිත්‍රයට හීන් දාඩිය දැම්මළු. "විලි ලැජ්ජාවේ බෑ. කවුරු හරි දැක්කද දන්නෙත් නෑ" කියල හිතන ගමන්. කරන්ට් වැදුනා වගේ එක පාරට නැගිටලා කවුන්ටරය දිව්වළු.  ටක් ගාල  සල්ලි මාරු කරල සුද්ද අතට දෙන ගමන් සොරි සර් කිව්වළු. ඒ පාර සුද්දා ඇහක් වහලා කට කොනකින් හිනා (;P)වෙලා යන්න ගියාළු. මූ නං සුද්දෙක් නෙවෙයි ඇලියෙක්ද කොහෙද කියලා ඉබේටම කියවිලා. එතකොට එතනට ආපු පියන් "ඈ" කියල. අපේ යාළුව කිව්වළු "හොඳ සුද්දෙක්" කියල. 



පින්තූරය : http://bathtagreby.blogspot.com


9 comments:

  1. ලොල්ස් ඔය වගේ වැරදීම් ගොඩක් අයට වෙනවා,
    IME එක පාවිච්චි කරා නම් ඔන්ලයින් කොටන්න තිබ්බනේ සිංහල.

    ReplyDelete
  2. අපේ අවුරුදු උත්සවේ තැබූ පහන මා සහ මගේ යහලුවන් කිහිප දෙනෙකු විසින් අපගේ බැංකුවේ අප විසින් සංවිධානය කරනු ලැබූ පැදුරු සාජ්ජයක් සඳහා නිර්මානය කරනු ලෑබුවකි. වැරදි මාතෘකාවකට වැරදි කමෙන්ට් එකක් දැමිම පිළිඹඳව සමාවද ඉල්ලමි

    ReplyDelete
  3. නෑ රාජ්. කිසිම අමනාපයක් නෑ. ඒ වෙනුවෙන් ඔයා කරපු කැප වීම ඉතා විශිෂ්ඨයි. ඒ නිර්මාණයත් අනර්ඝයි, එය නැවත යොදා ගැනීම තවත් වටිනවා. ඔයා මොන බැංකුවේද ? මම මහජන බැංකුවේ.

    ReplyDelete
  4. මෙච්චර දේවල් කියනකොටම මටනං හිතුන ලොකු කොලයක් මාරුකරන්න ආව සුද්දෙක් කියල.

    ReplyDelete
  5. දැන් මේ මගේ කමෙන්ට් එකට උඩිනුයි, යටිනුයි රාජ්ලා දෙන්නෙක් ඉන්නව නේද. එදා සයිබර් සිහින සැණකෙලියට ගියවෙලාවේ මම උඩ රාජ්, යට රාජ් කියල පටලවල තමයි තෙරුම් ගත්තේ. ඒත් ඉවර වෙන්න කලින් තේරුණා මට වැරැද්දක් වුනේ කියලා. මොනවා වුනත් දෙන්නම හොඳ කොල්ලෝ.

    ReplyDelete
  6. මම ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ

    ReplyDelete
  7. උදයට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිවෙන්න ඇති මයේ හිතේ.

    මුලින්ම කියවනකොට මම නම් හිතුවේ සුද්දා සුදු කබර හැදුන ලෝකල් එකෙක් වෙන්න අති කියලා.බලන් ගියාම ඇත්ත සුද්දෙක් විත් ලෝකල් මනී.....

    ReplyDelete
  8. එළ.
    (මන් මුලින් දාපු කොමෙන්ටුවට මොකද උනේ???)

    ReplyDelete
  9. කොහේ හරි පිටරටකට යනකොට මාරු සල්ලි නැති එක හරි කරදරයි. බැංකුවකට හරි එක්ස්චේන්ජ් එකකින් හරි මුලදි සල්ලි මාරු කරන කොට අඩු වටිනාකම තියන නෝට්ටු හම්බ වෙන්නෙම නැති තරම්.

    ණයපත් වලින් ගෙවන්න පහසුකම් තියන යුරෝපීය රටවල නම් ගැටළුවක් නැහැ නමුත් මැදපෙරදිග සහ ආසියාවෙදි මේක මහ කරදරයක් !

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...