Monday, March 5, 2012

වයිවර්ණ මැරතන් තරගය


මේ දවස් වල ඉන්දියාවේ හෝලි උත්සවයට සූදානම් වෙනවා. මේ හෝලි කියන්නේ මොකක්ද කියලාවත්, මොනවට කරන එකක්ද කියලාවත් මම දන්නෑ. ඒත් සිරසේ "ගොන් දෙපැයට" පින් සිද්ධ වෙන්න, වෙන්නේ මොකක්ද කියලා දැක්කා දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා. උදේ වැඩට එනකොට ටාජ් හෝටලයේ බෝඩ් එකේ හෝලි වලට මොනවදෝ කරනවා කියලා දාලා තියෙනකොට අපි කරපු ඒ වගේ වැඩක් ගැන මතකයට ආවා. මොනව උනත් හෝලි කියන්නේ අම්බානකට පාට-පාට කුඩු නා ගන්න වැඩක් කියල කලින්ම කියන්න ඕනේ. නැත්නම් ඒක ගැන දන්නැති කෙනෙකුට මේක තෙරුම් ගන්න ටිකක් වෙල යයි. හැබැයි මෙකේ දාල තියෙන ෆොටෝ එක දැක්කාම නිකංම තේරෙනවා වැඩේ මොන ජාතියෙ එකක්ද කියල.




ඒ 1991 සිංහල අවුරුදු සමය. ඒ කාලේ මම සිංහල අවුරුද්දට ගෙදර හිටිය දවසක් මතක් කර ගන්න බෑ. මාව බෙන්තොට ක්‍රීඩා සමාජයට නැතිවම බැරි පුද්ගලයෙක් කියන එක ඒ කාලේ අපිත් එක්ක හිටි කෙනෙක්ගෙන් ඇහුව නම් කියයි. ඒ කාලේ දවස් දෙක තුනක් නිදි මරාගෙන අපි කරපු වැඩ අද කාලෙ නම් විනාඩි පහකින් කර ගන්න පුලුවන් ග්‍රැෆික් ඩිසයින් වලට පින් සිද්ද වෙන්න. අඩි 75ක් විතර දිග පොල්ගෙඩි අකුරු බැනර් එකක් අඳිනව ස්ටේජ් එක පහලින් ගහන්න. ඒකේ ප්‍රධාන චිත්‍ර ශිල්පිය වෙන්නෙ මම. අර අකුරු පෑනෙන් අඳින එකයි අයින දිගේ පින්සල ගෙනියන එකයි කරන්නෙ මම. මැද පුරවන්න ඕනෑතරම් අය ඉන්නව.  ඒ වගෙ සතුටින් ගෙවිච්ච කාලයක්. හැබැයි ටර්පන්ටයින් ගඳින් ටිකක් දවස් යනකම් නහය පිරිල. ඒකට අමතරව නිවේදන කටයුතු, බෝඩ් අඳින ඒව, කොට අදින ඒවා. මෙකී නොකී හැම දේටම සහභාගි වෙනව.  අන්තිම දවසේ තමයි මැරතන් එකයි අනිකුත් තරග ඔක්කොම තියෙන්නේ. එදා රෑට විශාල සංගීත රාත්‍රියකුත් තියෙනවා. ඒ දවස් වල සයිකල් රේස් එකේ ගාළු යන්නයි, සංගීත සංදර්ශණයේ ගීත පටිගත කර ගන්නයි තමයි අපි කාගේත් බලාපොරොත්තුව. ඒවා කරගන්න ඕනෙනම් අර කියපු වැඩ වලට සහභාගි වෙන්න ඔනේ. ඉතිං අපිට වඩා ටිකක් වයසින් අඩු කන්ඩායමක් හිටියා මේ වැඩට සහභාගි වෙන. ඔක්කොම විස්සක් විතර. ඔය අතරේ හිටිය ලොකුගේ කියල බොහොම උනන්දු කොල්ලෙක්. මැරතන් වලට උපන් හපන්. ඒ දක්ෂතා වලින් මිනිහ ගොඩක් ඉදිරියට ගියා. අපේ අවුරුදු උත්සවයෙ මැරතන් එකත් අනිවර්යෙන්ම දිනන්නෙ ලොකුගේ තමයි.


අජිත් කියන්නේ අපි අතර හිටිය කරන තරමකි මගෝඩි වැඩ කරන කොල්ලෙක්. මට වඩා ටිකක් වැඩිමල්. කට නිකං කතුර වගේ කියවනව ඉවරයක් නැතුව. මැරතන් එක තියෙන්නේ අවුරුදු උත්සවය දවසේ උදේ වරුවේ. හවස් වරුවේ තියෙන තරග වලට අවශ්‍ය වන බොහෝ දේ අපි සම්පාදනය කර ගන්නෙත් එදා උදේමයි. අජිතය පුෂ් බයිසිකලෙන් අළුත්ගම(අපේ ගමට ළඟම ටවුම) ගිහින් අරන් ආපු දේවල් අතරේ තිබුනා කුකුල් සායම් වගයක්. කණා මුට්ටි වලට තමයි මෙව දාන්නේ. මේක දැකපු ගමන් මට ආවා පොඩි අයිඩියා එකක්.


මම කිව්ව "මැරතන් දුවන් කොල්ලෙක්ගෙ ඔලුවට මේව දැම්මොත් ෂෝක් එකට හිටියි නේද ?" කියල.


"මේකට හොඳම එකා ලොකුගේ"  කියල තව කවුරුහරි කිවා. මම කිව්ව


"මම ලොකුගේව කතාවට අල්ල ගන්නම් කවුර් හරි දාපන්"  කියල. අජිත් ඒ වැඩෙත් බාර ගත්තෙ ඉතාම කැමැත්තෙන්. මම ලොකුගේට කතා කරලා කිව්ව


"මල්ලි උඹ තමයි මේ පාරත් රේස් එක දිනන්න ඔනේ" කියල කරට තට්ටුවක් දන ගමන්.


"අයියෝ සිම්පල් වැඩ්ක්නේ" ලොකුගේ එහෙම කථා කරනකොට අජිතය කුකුල් සායම් ලොකුගෙගෙ ඔලුවට දාලත් ඉවරයි. මට හිනා යන්න ආවත් තද කර ගත්තෙ බොහොම අමාරුවෙන්.


"අපරාදෙ සුදුපාට බැනියම. ඒ වුනාට මේක හරියටම වැඩ කරයිද ?, ඇස් වලට හරි නහයට හරි ගිහින් කරදරයක් වෙයිද" මම හිතුවෙ ටිකක් බයෙන්. ඔය අතරේ රන්ජන් තවත් කොල්ලේකුගෙ ඔලුවටත් මේව දාල. මොනව උනත් ලොකුගේ රේස් එක ඉවර කරනව. දැනට පස් වතාවක්ම ඌ දිනුවනේ. කොහොම කොහොමින් හරි තරගය ආරම්භ වුනා. මමත් දැන් ප්‍රචාරක රථයේ එනවුන්ස් කර කර යනව. ඒ වුනාට මගෙ පපුව යකාගෙ කම්මල වගේ. ලොකුගෙයා කිසි හැල හොල්මනක් නැතුව දුවගෙන එනව. උගේ බැනියම නිල්,කොල,දම් එක එක තැන එක එක පාට. මූනත් ඒ වගේ. ලොකුගෙයා යකා වගේ දුවනව. සපෝට් එකට එන උගෙ අයියා (කවුරුත් කියන්නේ කඩියා කියලා. පොලීසියේ ඒ.එස්.පී මහත්තයගෙ පියන්, ඒ වුනාට ඒ.එස්.පී. ටත් වඩා සැරයි කියලා තමයි ගමේ කාගෙත් පිලිගැනීම) අමු තිත්ත කුනුහර්පයෙන් බනිනවා වගෙ මට තේරෙනව. මෙදා පාර නම් මූ අපිව බලු කූඩුවට දාල තමයි පස්ස බලන්නෙ. මමත් හිතන්නැතුව කරන වැඩ. කොහොම කොහොමින් හරි මැරතන් එකත් හමාර වුනා. මම ටිකක් මග ඇරලා පැත්තකට වෙලා හිටිය. කඩිය ආව මගෙ ගාවට.


"තමුසෙලා මහ කැත වැඩක්නේ හලෝ කරල තියෙන්නේ. මම හිතුව තමුසේ ඉස්කෝලේ මහත්තයාගෙ පුතා නිසා හැදිච්ච මිනිහෙක් කියල. බලනව අපේ කොල්ල දිහා. තමුසේ අද හවසට එනවකෝ හොඳට ඇඳගෙන. මම ගහනව තමුසෙටත් සායම්"


මේක අහල මගෙ ඉහ මොල රත් වුනා. මම කිව්ව


"ඇයි අයියේ එහෙම කියන්නේ. අද උදෙත් මම ලොකුගේට කිව්වේ කොහොම හරි රේස් එක දිනන්න ඔනේ කියල"


"එහෙම කියල තමුසෙල සායම් ගැහුව. අනෙ යනෝ ඕයි යන්න" කඩියට අම්බානකට තද වෙල.


පස්සෙ මම ලොකුගේට කථ කරල  ෂේප් එකක් දැම්ම.


"මල්ලි මම උඹත් එක්ක කථා කර කර ඉන්නකොට තමයි කවුරු හරි මේවා දාන්න ඇත්තේ. උඹ දන්නවනේ මම මේ වගේ වැඩ කරන්නේ නෑ කියලා. අනේ කොල්ලෝ මට හවසට සායම් නම් ගහන්න එපා. මට හොඳටම වැඩ තියෙනව කියල උඹ දන්නවනේ. ගහනවනම් වෙන දවසක ගහපං." එහෙම කිව්වට මම හිටියේ ටිකක් බයෙන්. සූදානම් ශරීරේ කියල පරන ෂර්ට් එකක් තමයි ඇඳගෙන ආවේ. වාසනාවකට මොනවත් උනේ නෑ.



ප.ලි. 
මේ පින්තූරේ ඉන්න කොල්ලාගේ මූණ ලොකුගේගේ මූණට ගොඩාක් දුරට සමානයි. කඩියා කියන නම ලොකුගේගේ අයියට එන්න ඇත්තේ මිනිහා පුදුමකාර විදියට කළු නිස වෙන්න ඕනෑ.



පින්තූරය ගත්තේ :  http://therealunicornking.blogspot.com

5 comments:

  1. ඇති යන්තම් ගුටි නොකා බේරුණා

    ReplyDelete
  2. එතකොට අයියද ඕක අරම්භ කලේ.............ඊලඟ අවුරුදු වල මමයි සේනාතිලකයි, චමින්දයි (පකඩයා) ලොකු බරයටයි පොඩි බරයටයි හැමපාරම කුකුල් සායාම් දැම්මා.

    පස්සෙ පස්සේ, සුචාට (පූසා) සහ ආතර් අන්කල්ටත් දැම්මා කියල මතකයි......

    ඔයාට මතකනේ සුචා........මට කියන්නේ.......ආ මේ සුබාස් ගේ මල්ලී මූ නම් අයියාග ලඟින් තියන්න බෑ කියලා....

    ReplyDelete
  3. ඉස්කෝලේ නිවාඩු දෙන දවසට අපිත් හෝලි කරනවා

    ReplyDelete
  4. @කිරි පුතා : කඩියා කියන්නේ අඩි පහක් වත් උස නැති කුරු මිනිහෙක් වගේ එකෙක්. ඌට ගහන්න පුලුවන් කටින් විතරයි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @පොඩි මල්ලි : මම හිතන විදියට මේ වැඩේ ලංකාවේ මුලින්ම පටන් අරගෙන තියෙන්නෙත් අපි වගේ. පස්සේ දවසක අර අවුරුදු 50න් ඉහල සයිකල් රේස් එකේදි මේවා අර "ස්කූල් මාස්ටර්" කියලා කවුරුත් කියන ගයිඩ් ජයසේනටත් දාලා තියෙනවා මම දැක්කා. දැන් නම් මේව මතක් උනාම දුකත් හිතෙනව.

    ReplyDelete
  5. හත්ඉලව්වේ ඔය මල ජරාව ගෑවුණම හෝදල අරින්න හරි අමාරුයි පණ යනකං පොල්කුඩු ඇතිල්ලුවත් 🙂

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...