Wednesday, February 29, 2012

මා කල පර්යේෂණ - I ......


Cistern Toilet Water Flush Empty Waste
පින්තූරය ගත්තේ :  http://en.allexperts.com

පහුගිය කාලේ අපේ ඔෆිස් එකේ ටොයිලට් වල සිස්ටන් කැඩිලා ඒවායෙන් දිගටම වතුර ගලාගෙන ගියා. ඉතිං මේවා අදාල අංශ වලට දන්වලා ගොඩක් කාලයකින් පිළිසකර කර ගන්න පුලුවං වුනා. දිගටම වතුර ගලාගෙන යද්දී අපි තීරණයකට ආව ෆ්ලෂ් නොකර ඉන්න (පුරුෂයින් සඳහා වෙන් වුන පැත්තේ ටොයිලට් දෙකක් තියෙනව, පාවිච්චි කරන්නේ අපි තුන් දෙනෙක් ). එතකොට දෙන්නෙක් අතර පරතරය විනාඩි දහයක් වුනත් කරදරයක් නෑ.


මේවා හැදුවට පස්සේ මට හිතුනා කොයි තරම් වතුර ප්‍රමාණයක් අපතේ ගියාද කියල හොයල බලන්න. මම ගිහින් සිස්ටන් එකේ පියන උස්සලා බැලුවා. එහි ලීටර් දහතුනක ප්‍රමාණයක් සටහන් කරල තිබුණා. ඒත් මෙහි ලීටර් දොලහක් දක්වා වතුර පිරිල තිබුණා. පිරිල තුබුන වතුර එක ෆ්ල්ෂ් කරලා මම නැවත් පිරෙන්න යන කාළය මැන්න. ඒ සඳහා විනාඩි දෙකකුත් තත්පර දහයක් ගත වෙනවා. ඒ අනුව එයට වතුර ගලා එන වේගය තත්පරයට ලීටර් 0.0923 (12/130) ක් වෙනවා. ඒ අනුව එක් දිනක් තුල මෙසේ ගලාගෙන යන ජල ප්‍රමාණය ලීටර් 12/130 x 60 x 60 x 24 = 7975 ක් වෙනවා. ඔබට මෙය අදහා ගන්න පුලුවන්ද ? මෙවැනි ටොයිලට් දෙකකින් ගලගෙන යන ජල ප්‍රමාණ ලීටර් 15950ක් වෙනවා. මෙය එක් දිනක් සඳහා යන ජල ප්‍රමාණය ප්‍රමාණයි. එක් අයෙක් දවසකට පස් වතාවක් ටොයිලට් එක භාවිතා කලහොත් 5 x 12 x 3 = 180. එතකොට අපතේ යන ප්‍රමාණය  ලීටර් 15770.


මම ලංකවේ හුඟක් පලාත් වලට ගිහින් තියෙනවා. බොහොමයක් පළාත් වල ජනතාවට බොන්න හොඳ වතුර නෑ. සමහරුන්ට කොහෙත්ම වතුර නෑ. එයාලා වතුර ගන්නේ හරියට අවුරුදු දහයකට කලින් අපි අන්තර්ජාලයට ගියා වගේ. මහ රෑ, නැත්නම් පාන්දරින් නැගිටලා ලිඳට යනවා. මගේ උපන් ගමටත් නල ජලය එන්න කලින් පානීය ජල ප්‍රශ්ණය තිබුණා. ඒ කාලේ අපිත් පන්සල කන්ද පාමුල තිබ්බ ලිං කීපයකින් තමයි වතුර ගත්තේ. බෙන්තොට කියන්නේ මුහුදුබඩ ඒ වගේම ගඟක් තියෙන පහත් බිම් ප්‍රදේශයක්. ටිකක් පහලට ගියාම හිරිගල් අහු වෙනවා. එතකොට ඒ ලිඳෙන් හොඳ වතුර බලාපොරොත්තු වෙන්න බෑ. අපි ඒ ලිං වැසිකිලි භාවිතය වගෙ එදිනෙදා කටයුතු වලට භාවිතා කලා. බොන්න වතුර ගේන්න පන්සල ලිඳට යනව. පායන කාලෙට වතුර ගන්න පෝලිම. අඩියේ හිර වෙලා තියෙන වතුර ටික කල වලට පුරවා ගන්නවා. බොහෝ විට ටින් එකකින් සාදා ගත්ත බාල්දියකින් අඩි 80ක් විතර පහලට දාල එකෙන් භාගයක් වගේ පුරවගෙන උඩට ගන්නවා. අක්කයි මායි නැත්නම් තාත්තයි මායි තමයි ලිඳට යන්නෙ. දෙපැත්තෙන් අත් දෙක දාලා කලේ අරන් එනව. එහෙම වතුර ගෙනාපු කෙනෙකුට තමයි වතුරේ අගය තේරෙන්නේ. මම පොරක් වෙන්න උත්සාහ කරනවා කියල හිතන්න එපා. අපේ පැත්තෙ නාන්න ඕන තරම වතුර තියෙනව. ඒත් බොන්න නෑ. පන්සල කන්ද වටෙට තිබුන ලිං කීපයක් තමයි මුළු ගමටම වතුර දුන්නේ.


ලෝකයට සාපෙක්ෂව ලංකාව ජලය හොඳින් පවතින රටක්. ඕනෑනම් ලෝකයට දෙන්න උනත් ජලය තියෙනව කියලයි කථාවට කියන්නෙ. ඒත් රට ඇතුලේ ජලය බෙදාහැරීමේ විෂමතා තියෙනවා. නගරාසන්න ජනතාව කාර් හෝදන්න, මල් වලට දාන්න, නාන්න, ගෙවල් පිරිසිදු කරන්න ගන්නෙත් පිරිපහදු කල පානය කරන්න පුලුවන් ජලය. අපි ගන්න වතුර වලට බිලක් ගෙවනවනේ කියල ඔබට හිතෙන්න පුලුවන්. ඒත් අපි කාර් හෝදන වතුර ටිකක් බොන්න වත් වාසනාව නැති අය මේ රටෙ කොයි තරම ඉන්නවද. ගෙවලවත් එගොල්ලොන්ට හොඳ වතුර ටිකක් ගන්න නෑ. බෝතල් කල පානීය ජලය මේ ප්‍රශ්ණය විසඳුව කියල කවුරු හරි කියනවනම් ඒක මහ මුලාවක්. මේ රටේ ඉන්න හැම කෙනෙකුටම බෝතල් වතුර බොන්න තරම් වත්කමක් නෑ. අනිත් අතින් අපි හිතුවට හැම් ගම් දනව්වකටම ඒව යන්නෙන්ත් නෑ. නාගරික හා අර්ධ නාගරික පෙදෙස් වල තමයි මේවා දකින්නට තියෙන්නේ. ලංකාවේ අවශ්‍යතාවට සරිලන්න අලියා බීම හෝ මංචි/මැලිබන් බිස්කට් නිශ්පාදනය කරන්න බැරි බව ඔබ දන්නවාද? ඉතිං ජලය බෙදී යාමේ විෂමතා ගැන් කුමන කථාද?


මගේ පුද්ගලික විශ්වාසය තමයි ලංකාවේ ජලය වර්ග දෙකකින් තිබිය යුතු බව. ඒ කියන්නේ දැන් තියෙනව වගේ සුපිරිසිදු තත්වයේ වතුර එක් නල පද්දතියකිනුත්. පිරිසිදු නොකල ජලය තවත් පද්දතියකිනුත් සියලුම පලාත් වලට බෙදා හරින යාන්ත්‍රනයක් තිබිය යුතුයි. එත්කොට බීමට හා ස්නානයට එම ජලයත්. පිරිසිදු නොකල ජලය අනෙකුත් පවිත්‍රතා කටයුතු වලටත් භාවිත කරන්න පුලුවන්. එහෙම වුනොත් අඩු මිලකට සැම දෙනට හොඳ ජලය සපයන්න පුලුවන්. භාවිතා කරන ලීටර් ප්‍රමාණය අඩු වෙද්දි මිලත් අඩු වෙනවා. සම්ප් වල හා ටැංකි වල පානීය ජලය එකතු කිරීම නතර කරන්න වෙනව. මෙය පාලනය කරන්න බැරි නිසා කරන්න පුලුවන් හොඳම දේ පිරිසිදු නොකල ජලය නල ජලය ලෙසත්. පානීය ජලය සහනදායි මිලකට බොතල් ලෙසත් ලභා දීම. නැත්නම් තායිලන්තයේ නගර වල වගේ කාසි මගින් ක්‍රියා කරන පානීය ජල බෙදාහැරීමේ ව්‍යපෘති ආරම්භ කරන්න පුලුවන්.



10 comments:

  1. ජලය වර්ග දෙකක් යටතේ සපයනවා නම් හොඳයි. ඒත් එතකොට වෙන්නෙ වියදම අඩු කරගන්න කියලා කඩවල් වල සුපිරිසිදු නොකරපු ජලය යොදාගෙන කෑම හදයි.. එහෙම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න තරම් අපේ රටේ මිනිස්සු තවම අවංක මදි කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
  2. මේ කතාව ඇත්ත..
    ජල නාස්තිය පිටු දකින්නම ඕන..ජල සම්පාද මණ්ඩලය බොහෝ උත්සාහ කරනවා මෙවන් දේ වලක්වා ගන්න..

    ReplyDelete
  3. මමත් වතූර නාස්ති කරනවද මන්දා

    ReplyDelete
  4. ඔස්ට්‍රලියාව වගේ රටවල වැසි වතුර ටැංකියකට එකතු කර එයින් මල් වලට වතුර දැමීම , වාහන සේදීම , කොමෝඩ් වලට වතුර පිරවීම කරනවා. වෙනම නල පද්දතියක් නිවසේ සකස් කර ගත යුතුයි. ආණ්ඩුවටම ඔක්කොම කරලා දෙන්න කියන්නේ නැතුව එහෙම දෙයක් කර ගත්තොත් නරකෙයි ??? :)

    ReplyDelete
  5. මේක අද දැක්කම කොමෙන්ට් එකක් දන්නා හිතුනේ මන් දන්නා කෙනෙක් ඉතාලියේ ගෙදරක වේද කරනවා එය බත් රූම් 1දවසත 2පරක් හොදලත් මුත්‍රා ගදක් එන හින්ද sighoraට (ගෙදර කාන්තාවට)කියල එයත් දැකල මෙය දවසට දෙපාරක් කෙමිකල් එහෙම දාලා හොදට සුද්ද කරනවා, දවසක් මට්ටුවෙලා මොකද්ද මේ රහස කියල එයාගේ හස්බන්ඩ මුත්‍ර කරන්නේ බිදෙ එකට මොකද ඇහුවම ඔය වගේම ගාන හදල පෙන්නලා බිලත් එක්කම

    ReplyDelete
  6. හා .. හා. ඒක මාරු කතාවක. මේක ලියපු දවස් වලම දැම්ම නම් මාරු.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අපේ රටේ තරු හෝටල් වල නම් බොහෝවිට සනීපාරක්ෂක කටයුතු වලට ජලය සපයන්නෙ ground water quifer වලින් ලබා ගන්නා ජලයයි. එවාට වැය වෙන්නේ initial cost එක පමණක් නිසාත් phisical or chemical treatments සිදු නොකරන නිසාත් මහා පරිමානයෙන් non-consumptive ජලය ලබා ගැනිමක් බදු හෝ වෙනයම් ආකාරයක ගෙවීමක් රහිතව ඔවුන් සිදු කරනවා. නමුත්; වැඩිවන ජීවන වියදමත් එක්ක ඔවුන් එම ජලය තව කුමන දේවලට භාවිත කරනවාද කියන එක අපි දන්නේ නැහැ. වැදගත්ම දේ සුපිරි හෝටලයක් කියලා නානකාමරයේ වතුර බොන්න නම් එපා.

    ReplyDelete
  9. සාර්ථක විකල්පයක් නමුත් ප්ර්යෝගිකත්වයේ ගැටළු සහිතයි මන්ද අපේ මිනිසුන්ගේ අවංක කම ගැටළු සහගත බැවින්

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...