Monday, August 24, 2026

කොට උඩ කඩේ ......

 ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න හිත හදාගත්තා. මොකද මට උවමනා වැඩියෙන් මස්, මාංස කන්න. නිකංම බිරියානි එකක් ගන්නේ නැතිව ඉඳිආප්ප බිරියානි (ඔවු ඔවු බුරියානිම තමයි) එකක් ගෙවා ගත්තා. මම රයිඩර්ට කලින් තැනට ගිහිං හිටියත් මූ පැත්ත පළාතේ නැතුව "I have arrived" පණිවිඩේ එවුවා. ඒ එක්කම කෝල් එකක් අරං "සර් මං ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට" කිවුවා.  මම කිවුවා "මමත් ලෝකේෂන් එකේ ඉන්නේ(අර බුදුහාමුදුරුවන්ගේ - අංගුලිමාල දෙබස වගේ). බලනකොට මූ ගවුගානක් තියලා වැඩේට සෙට් වෙලා තියෙන්නේ. ඕං ආවා. කෑම එක දීලා පනින්න හදන්නේ. ඒවා කොහෙද මාත් එක්ක. ටිප් එක අරං පල කියලා, පුරුද්දක් විදියට කෑම ඩිලිවර් කරන එවුන්ට දෙන රු. 50/- දුන්නා(වැඩිය දුන්නම් උන් නරක් වෙනවා). ටැංකියු කියලා ඌ, යූ ටර්න් එක ගහගෙන ගියා. 


මං ගිහිං බිරියානිය දිග ඇරියා. අපරාදේ කියන්න බෑ යහමින්

කහ දාලා තියෙනවා. අඩුම ගානේ ඉඳිආප්ප 20ක් වත් දාලා

ඇති. ඉඳිආප්ප කිවුවම මට ඉඳිආප්ප කතා ගාණක් මතකයට එනවා. අර ටීවී එකේ ගිය චම්පා ශ්‍රියානිලා, ශ්‍රියන්ත මෙන්ඩිස්ලා ඉන්න එක නෙවෙයි අපේ කතා. දවසක් මම Elite Indian Restaurant එකෙන් කෑම ඕඩර් කලා. බීෆ් එක හරි, බිත්තර දෙක හරි. සම්බෝල හරි, පරිප්පු හරි, ඉඳිආප්ප දාපු ප්ලාස්ටික් කන්ටේනර් එක ඇරියා. අහෝ චේදයකි, කිවුවලු. ඉඳිආප්ප එකකි. මම පෙට්ටිය හොයාගෙන ගත්තා කෝල් එකක්.


"මේ මල්ලි මං ඕඩර් එකක් දැම්මා"


"හරි සර් ආවේ නැද්ද ?"


"ආවා - ආවා. හැබැයි ඉඳිආප්ප එකයි තිබුණේ"


"සර් ඕඩර් නම්බර් එක කියන්න"


"බ්ලාහ් බ්ලා"


"සර් ඒකේ ඉඳිආප්ප එකයි ඉල්ලලා තියෙන්නේ"


"ඔවු. මම හිතුවේ පහක හරි දහයක හරි ගොඩක් කියලා"


"නෑහ් සර්. සර් එකයි ඉල්ලුවේ. අපි ඒ නිසා එවුවේත් එකයි"


"තොගේ අම්----" මම එහෙම කිවුවේ නෑ. මගෙත් වැරැද්දක් තියෙනවනේ. කොහොමත් අඩු කාබ් කැමති නිසා. එක ඉඳිආප්පේ සම්බෝලෙයි පරිප්පුයි දාලා, අනාගෙන ගිල්ලා.


දැන් ඉඳිආප්ප වල ගණන් හැටියට 5ද් එකද කියලා හොයාගන්නත් බැහැ. රු. 50/- එකටද පහටද කියලා හිතාගන්න බෑ.


අර දැන් පර්ල් ග්‍රෑන්ඩ් කියලා සත්මහල් ප්‍රාසාදේ තියෙන තැන, පාර වන්වේ වුණාට, ඉස්සර බම්බලපිටිය හංදිය කිවුවම, මොනතරම් බිසි තැනක්ද ? මට අද වගේ මතක තුන හතරක් ඔතැන තියෙනවා. ඒ 154/104 බස්, රේස් කන්නවා, අපි පොරකාල නහිනවා, උන් ආපස්සට ගන්නවා ගියර නොදා, ක්ලච් එකෙන්.ඒවා කරන්නේ බස් එක අංශක 30ක විතර ආනතියකින්. ඔතැන තිබ්බ හෝටල් දෙකේ කිරිමාලුත් එක්ක ඉඳිආප්ප කාලා, එනකනුත් උං බස් එක රබර් කර කර ඉන්නවා. අපිව දාගෙනමයි යන්නේ. ඔතැනම ඉස්සරහ පැත්තේ කඩේ හවසට බටර් කේක් කෑල්ලයි - ටී එකයි ගහන්නත් අපි අමතක කලේ නැහැ. ඒක කිරිහලක් වුණාට මේ දෙක තමයි කම්බිනේෂන් එක. දන්නෝ දනිති. මතක නං කමෙන්ට් කරන්න.


කවුද මේ අපි ? මායි ප්‍රසාදුයි. මේ අපේ පන්තියේ හිටිය ප්‍රසාද් නෙවෙයි. මේකා කොස්ගොඩ. නියම හිතහොඳ කොල්ලා. එකපාරක්

මූ දවස් කීපයක් ආවේ නෑ. මේ කාලේ මොබයිල් තිබ්බේ ධනවතුන්ට ඉතරයි. අපි වගේ හුදීජනයා කෝල් ගත්තේ අතනින් - මෙතනින්. දවස් ගාණකට පස්සේ හම්බුණාම මම ඇහුවා 


"මොකද මචං වුණේ ?"


"මං බල්ලෙක් කෑවා" (මොනවා මූ පිලිපීන් කාරයෙක් වගේ බලුමක්ස් කනවා ? ඈයියා)


"උඹලට කන්න වෙන දෙයක් නැද්ද බං ? බඩේ අමාරුවක් ඇල්ලුවද?"


"උඹ මේ මඟුලක් අහනවා. මාවා කෑවේ ඒ කැ#බල්ලා"


"ආ එහෙම කියපං"


මට එතකොටයි වැටහුණේ. බල්ලා දත් සෙට් එක ටෙස්ට් කරලා. 


මගෙ  ඉඳිආප්ප පිළිබඳ පළමු මතකය තමයි ඔය ඒ.අයියා හදලා

දීපු ෆොටෝ එකේ කතාව. අපේ තාත්තා ඉස්සර කෝපරේටිවු එකේ අධ්‍යක්ෂක මන්ඩලේ හිටියා. ඒවා මේ පඩි ලැබෙන ඒවා නෙවෙයි. නම්බුවට කරපුවා. ඉතිං මේකේ ආදායම වැඩි කරන්න, එයාලා කෝපරේටිවු ඔෆිස් එකේ කෙළවරක තියෙන පොඩි ඉඩමේ, මේ

ස්ථානය පසුකර ගාල්ල දෙසට යන අයගේත්, සංචාරකයන්ගේත්, ගාල්ලේ සිට කොළඹ යන අයගේත් පහසුව උදෙසා අවන්හලක් නොහොත් රෙස්ටුරන්ට් එකක් දාන්න තීරණය කලා. මේක පොල් ලී වලින් කොට උඩ හදන්න තීරණය කරලා තිබුණා, ඒකට ලස්සන පෙනුමක් දෙන්නයි, අඩු වියදමින් වැඩේ කරන්නයි.


මේකට වෙලාව බලන්න ගිහිං තිබුණේ අපේ තාත්තා. ඉතිං බලපු

කෙනා අනාවැකි පළකළා එතන ව්‍යාපාර වලට නොගැලපෙන තැනක් බව. ඒ කොයිහැටි වෙතත් එයාලා වැඩේ පටන් ගත්තා. මම ජීවිතේ පළවෙනි පාරට චයිනීස් රෝල්ස් කෑවේ එතැනින්. මාරම රසයි. මේකට  ඇතුල් වෙන පාර ඔය රූපේ පෙන්වනවා වගේ ලී පාරක්. ඕකේ යනගමන් අපේ මලයා ඔය පොකුණට පයිං එකක් නෙළුවේ නැද්ද. මේකේ ඒ කාලේ පොඩි කිඹුල් පැටවු වගයක් දාලා හිටියා. එවුන් කිඹුලා බනිස් තරම් වුණාට, මලයා බය වුණේ නැ මේකට පය දාන්න. 


මේක කොට උඩ හදපු කඩයක් නිසා, වැඩිකල් යන්න කලින්ම මේකට "කොට උඩ කඩේ" කියන නම පටබැඳුනා. ඉස්සර අපේ පුංචි පි එයාට කිවුවේ ලීලමම්මා කියලා)මේකට උදේ හවස ඉඳිආප්ප සප්ලයි කලා. මම එයාගේ ඇසිස්ටන්ට්, ළඟට වෙලා අරකමේක දෙන්න විතරයි තියෙන්නේ. අන්තිමට ඉතුරු වෙන පිටි චුට්ට ගුලියක් කරලා එයා, වට්ටිය උඩ තියලා, තම්බලා දෙනවා. ඕක මට විතරක් ලැබුණ විශේෂ අවස්ථාවක්. ඒක මම කනවා කියන එක අපි දෙන්නා අතර තිබුණ රහසක්. 


මේ රූපේ මගේ සිතැඟි පරිදි ලබාදුන් චැට්ජීපීටී අයියට ස්තුතියි.


Sunday, August 16, 2026

බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2026 ......

 ඊයේ අපේ පැරණි බ්ලොග් කරුවන්ගේ සුහද හමුවක් පැවැත්වුණා. අපේ පැරණිම බ්ලොග් කරුවෙකු වෙන සුභාෂ් ගුණවර්ධනගේ Viroosh Sports Complex එකේදි. එතනට බ්ලොග් කරුවන් ස්වල්ප ප්‍රමාණයක් ආවා කිවුවොත් වඩා නිවැරදියි.මම මුළින්ම බ්ලොග් සුහද හමුවකට එකතු වුණේ 2012 දී, වැල්ලවත්ත කුරේ පාර්ක් එකේදි. එතැනට පිටරටවල ඉන්න බ්ලොග් ලියන කියවන කිහිප පළක්ම ඇවිත් හිටියව්, ඔබා මාමා ඇතුලුව.

ඉන් පස්සෙත් එතැනම තවත් වරක් තිබුනා. ගම්පහ එකක් තිබුණා, දෙහිවල බීච් එකේ එකක් තිබුණා. රසික සූරියාරච්චි හමුවුණේ එතැනදී. ඉන්පස්සේ මහරගම යූත් එකේ, බත්තරමුල්ලේ බුද්ධදාස එකේ, මේ හමු පැවැත්වුණා. ඒ කාලේ ගෲප් ෆොටෝ එකක තමන් ඉන්න තැන හොයාගන්න සෑහෙන වෙලාවක් යනවා.බ්ලොග් කාලයාගේ ඇවෑමෙන් අක්‍රීය වුණා වගේ, අපේ සුහද හමු වලට එහෙම වෙන්න එපා කියන එකයි මගේ පැතුම.


අපි අතරේ ඕනෑතරම් ප්‍රශ්න තිබුණා. නමුත් සයිබර් අවකාශයේ ලියන්නන් වශයෙන් අපේ එකතුවක් තියෙන එක වැදගත්. මේ වතාවේ බැරිවුණු අය ඊළඟ වතාවේ හමුවෙමු. මංජුල මේකට ලොක කාර්‍යයක් කරලත් එන්න බැරිවුණා. එහෙම දේවල් වෙනවා. නමුත් උවමනාව තිබුණා.සයිබර් අවකාශයෙන් ආරම්භය ගත් බොහෝදෙනෙක් අද ප්‍රධාන ධාරාවේ මාද්‍යවලට ලියනවා. ග්‍රන්ථ කතෲවරු බවට පත්වුණා. ඒ අය තමයි මෙතැන ඉන්නම ඕනේ. 

Viroosh Sports Complex එකගැන කියන්නම ඕනේ. මම තවමත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ නිසා මාසෙකට දෙපාරක්වත් අපි ඉන්ඩෝ ප්‍රැක්ටිස් කරනවා. හැබැයි මේ වගේ උවනාවෙන් ප්‍මිතීන්ට අනුකූලව, හිරවෙලා නැති නියම තැනකට ගිහිං නෑ. මෙතැන කරන්න පුළුවන් ක්‍රීඩා ප්‍රමාණය හිතාගන්නවත් බෑ. BYOB Restaurant එකක් සහ juice Bar එකකුත් තියෙනවා.  Cricket nets සුවිශේෂයි. මොකද මම පළමු වතාවට දැක්කේ Ajustable nets තියෙන තැනක්. ඒකේ හැටි දැනගන්න ඕනෙනම් ගිහින්ම බලන්න වෙනවා.

Wednesday, June 3, 2026

ජපනාගේ කෙසෙල්ගෙඩි ප්‍රහාරය ......

 මේ කතාව අසූව දශකයේ මැද භාගයට ඇදීයන්නක්. අපි ඒ දවස්වල දවසේ වැඩි කොටසක් ඉගෙනගන්නවාට වැඩියෙන් ගතන්කලේ, සෙල්ලම් කරන්නයි රස්තියාදු ගහන්න. අපි කළුතර දකුණ ස්ටේෂන් එකෙන් 2:33ට පිටත් වන ගාලුකුමාරි දුම්රිය එනතුරු, ආසන්නයේ තියෙන ස්නෝ හවුස් එකට වෙලා ඉන්නවා. ඒකේ තියෙන අයිස් කෝපි එකේ රස මට අදටත් මතකයි. ඒව හදන්නේ එයාලමයි. ඒක පවත්වාගෙන ගිය වයෝවෘද්ධ යුවල අපිට එයාලගේ ළමයින්ට වගේම ආදරෙයි. එතන ගහපු රස්තියාදුව නිසා මට ඒ අන්කල්ගෙන් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නත් පුළුවන් වුණා. මේ වගේ කඩවල් ළඟ රස්තියාදුව නිසා කොත්තු රොටි හදන්නත් පුළුවන් වුණා. ඒ නිසාමයි අපි සිංගප්පූරුවේ ගිය වෙලාවේ, Suresh ලගේ ගෙදරදී රොටියේ ඉඳන්ම හදලා, කොත්තු රොටි හදන්න පුළුවන් වුණේ. ඒ වෙනකොට මම කොළඹදී රොටි විතරක් කඩෙන් ගෙනැල්ලා කොත්තු හදනවා ගෙදරදී. හරි ඉතින් ගාලු කුමාරී දුම් රිය එක්ස්ප්‍රස් එකක් නිසා සීමිත නැවතුම් ප්‍රමාණයක් තියෙන්නේ. ඒක ස්ටේෂන් එකට ගාට-ගාට සේන්දු වෙනකොට ලවුඩ්ස්පීකර් එකෙන් මෙහෙම එනවුන්ස්මන්ට් එකක් දෙනවා 



"පළවෙනි වේදිකාවට දැන් පැමිණි ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය තව සුළු මොහොතකින් මාතර බලා පිටත්වේ. එම දුම්රිය නවත්වන්නේ අලුත්ගම, බෙන්තොට, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ලා, අහංගම, වැලිගම සහ මාතර"


එහෙම එන අපි සිග්නල් නැතුව පයාගල(පයියා-ගල) බේරුවල දුම්රිය ස්ථාන වලට කිට්ටුව නවත්වං හිටියේ නැතිනම් 3:15 වෙත්දී බෙන්තොට ස්ටේෂන් එකට් ළඟා වෙනවා. ඒ වෙලාවට මේ ස්ටේෂන් එකේ බලු-බල්ලෙක් නෑ. දවසක් තාත්තයි-මමයි බැහැලා එනකොට, ස්ටේෂන් එකට දකුණු පැත්තේ තියෙන සුසන්තලාගේ අයියගේ (ටෙරන්ස් අයියගේ) ගෙස්ට් හවුස් එකේ (ඒක තියෙන්නේ වලට වගේ වෙන්න. ස්ටේෂන් ප්ලැට්ෆෝම් එක තියෙන්නේ අඩි 7-8 ක් ඉහළින්) කාමරයක් අසල සුද්දියෙක් උඩුකය නිරුවත්ව අවුව තපිනවා. මගේ ඇහැ ඒ පැත්තට හැරුණේ නිරායාසයෙන්, තාත්තා ටක්-ගාලා මගේ ඔළුව මුහුද පැත්තට හැරෙවුවා. වාසනාවට වමත හුරු නිසා වම් අතේ එයාගේ බෑග් එක තිබුණා වගේම, මම හිටියේ දකුණු පැත්තෙන්. අපි පයින්ම තමයි ගෙදරට යන්නේ. ගාලු කුමාරී දුම්රියේ මගේ මතකසටහන් ගොඩයි. ඒවා පසුව ලියන්නම්. මෙහෙම ගිහිං බත් කාලා, කෙළින්ම බහින්නේ අල්ලපු වත්තේ තියෙන මහ ඉස්කෝලේ පිට්ටනියට. මේ වෙනකොට ලයන්ස් ක්‍රීඩා සමාජය කියන

අපේ ගෙවල් ළඟ ක්ලබ් එකේ සෙට් එක ග්‍රවුන්ඩ් එකේ.


මගේ සම වයසේ කිහිප දෙනෙකුත් මෙතැනට එකතු වෙනවා. ඒ අපිට උඩ පංතියේ අය වෙච්ච අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට හිය සම්පත්, නාකන්දලගොඩ (කලින් රෝයල්. මාත් ඒ කාලේ මාස 6ක් ඒ ඉස්කෝලෙට ගියා) විද්‍යාලයට ගිය (නිශාන්ත) කුමාර, මගේ වයසෙ  මිල්රෝයි සහ මම. අපි කට්ටිය තමයි පැත්තකට එකතු වෙලා කයියක් ගහන්නේ. නැත්නම් ජිම්නාස්ටික් පුහුණු වෙන්නේ. මට අත්දෙකෙන් පිනුම් ගහන්න පුළුවන් වුණත්, අත් වලින් ඇවිදින්න බෑ. හැබැයි කුමාරට පුලුවන්. එක සැරයක් අපේ ලොකු ක්ලබ් එකෙන්(බෙන්තොට ක්‍රීඩා සමාජය - ඩිවිෂන් III ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා වල දක්ෂයින් රැසක් ක්‍රීඩා කරපු ක්ලබ් එකක්) කරපු අවුරුදු උත්සවයේ අත් දෙකෙන් හිට ගැනීමේ තරගයේ අවසන් තරගකරුවන් වූ ආරි(Ari) සහ හොලන්ඩ් (නම මතක නැත) [මුන් දෙන්නාගේ වලිය ගැනත් පසුව ලියන්නම්] සමග හරි හරියට සටන් කරපු ක්‍රීඩකයෙක්. කුමාරගේ පියාගේ මුල් ගම වූයේ මාතර අකුරැස්ස(මගේ මතකය නිවැරදි නම්) ප්‍රදේශයයි. කුමාරගේ පුංචි අම්මලා දෙදෙනෙකු තාත්තාගේ බාල සහෝදරයන් දෙදෙනෙකු හා විවාහ වූ නිසා එය නෑදෑයින් අඩු, අපූරු නමුත් සමගිසම්පන්න පවුලකි. කුමාරගේ බාප්පාට අපි සැවොම බාප්පා යනුවෙන් ඇමතීමට පුරුදු වී සිටියෙමු. උසස් අධ්‍යාපනයක් සහිත හෙතෙම අපගේ පියා සමගද කුලුපග වූයේ කලක් ඔවුන් අපගේ නිවසේ ඇනෙක්සිය කුලියට ගත් නිසාය. 


අප සෙනසුරාදා - ඉරිදා වන් බොහෝමයක ක්‍රිකට් තරගයක් ක්‍රීඩා

කරනු හෝ සුපුරුදු ක්‍රීඩාවම කල අතර, දිනක් ප්‍රමාද වී කුමාර හති දමමින් දිවැවිත්, අසල ගසක් යටට වී සිටි අප අසල නැවතී යමක් කියන්නට උත්සාහ ගත්තේය. නමුතු ඔහුගේ මුවගින් වදන් පිට නොවූයේ, වේගයෙන ඉහළ පහළ දමන හුස්ම නිසාය. ඔහුගේ සුරතෙහි තදින් මිරිකාගෙන සිටින ඇම්බුන් වර්ගයේ කෙසෙල් ගෙඩි තුනකි. දෑන් මේ කියන්න යන බස අසනාවට වඩා අපගේ සිත් පැහැරගෙන තුබුණේ ඔහු අත රඳවාගෙන් උන් කෙසෙල්ගෙඩි වෙතටය. තවත් මිනිත්තු කිහිපයක් ගිමන් හැර දෑස් ලොකුකරගත් වනම(මේ දෑස් ලොකු නිසා ඇහටුල්ලා යන සුරතල් නාමයෙන් හෙතෙම ජනප්‍රියත්වයක් ලබා තිබුණි) කථා කරන්නට පටන් ගත්තේය. මේ කතාව කුමාරගේ පාට් ටයිම් ජොබ් එක වූ ඔරු පැදීම හා බැඳුණු කතාංගයකි.

"මචං මං උදේම ගියා ඔරුවේ හබල් ගාන්න. අද ගයිඩ් අයියා එක්කං ආවේ ජපනෙක්. ඌ නිකං බෲස්ලී වගෙයි. අපි ඌව ඔරුවේඑ එක්කං ගියා. උඹලා දන්නවනේ ක්‍රොකඩයිල් කියලා පෙන්නන්නේ කබරගොයි කියලා. අන්තිමට තොටුපළට ඇවිත්, ලෑලි කෑල්ලේ 490/- කියලා ලියලා පෙන්නුවා. ජපනට කේන්ති ගියා නහුතෙට. ක්‍යා ... හූෆ් .... පූෆ් ගෑවා. කෙසෙල් ගෙඩි දෙක පොළොවෙව් ගැහුවා. ඊට් පස්සේ කට්ටියට ගහන්න පැන්නුවා. මම කෙසෙල්ගෙඩි දෙකත් ඇහිඳගෙන ගුණසේකරලගේ වත්තෙන් දුවලා මෙහෙ ආවා. අන්තිමට මට ඉතුරු වුණේ මේ කෙසෙල්ගෙඩි දෙක විතරයි" 


කියමින් තවමත් අමු, තැනින් තැන කළුපැහැ ගැන්වී ඇති කෙසෙල් ගෙඩි දෙකකි.

Saturday, November 22, 2025

අනාවැකියක් : අනාගත කථාබහ කොහොම වෙයිද ......

 පිලිගන්නවානම් පිලිගන්න, ඉදිරි දශකයේදී සහ ඉන් ඔබ්බට මිනිසුන් ඔවුන්ගේ කනෙහි රුවාගෙන සිටින ඉයර්බඩ් කලාතුරකින් කනෙන් ඉවතට ගනු ඇත. ඇල්ෆා පරම්පරාව සහ ඉන්පසු එන පරම්පරා එකිනෙකා සමග ජංගම දුරකථනය සමග සම්බන්ධ නොවී, තමා ඉදිරියේ සිටින කෙනා සමග කථා කරනු ඇත. එහෙම වෙන්නේ කොහොමද ? අපි 1988 පරිගණක පාවිච්ච්චි කරණකොට හිතුණේ නෑ, කවදාහර් අතේ බඳින ඔරලෝසුවක්, ජංගම දුරකථනයක් ඒ කොම්පියුටර් වගේ සියදහස් ගුණයකින් බලසම්පන්න වේවි කියලා. ඒ වගේම අපි පොඩිකාලේ හිතුවේ නෑ වතුර සල්ලිවලට ගන්න වේවි කියලා. අනපේක්ෂිත දේවල් සිදුවෙනවා ඇස්පනාපිට.අන්න ඒ වගේ මේ ඉයර්බඩ් පවර්ෆුල් වෙනවා. ඒවා ෆෝන් නැතිව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. දැනටමත් අයිෆෝන් දෙකකට එකිනෙකා අතර දත්ත හුවමාරු කරගන්න පුළුවන් එයාර්ඩ්‍රොප් හරහා. ඉතින් මේ දේ මුලින්ම කරන්නේ ඇපල්ද - සැම්සුන්ද කියලා බලන්ඉ න්න විතරයි අපිට තියෙන්නේ.  

ඉයර්බඩ්ස්( අපි මේකට කංකොට කියමුද සිංහලෙන් ). දවසුන් දවස තාක්ෂණයෙන් සවිබලගැන්වෙනවා. බලන්න නොයිස් කැන්සලේශන් වගේ දේවල් නිසා සුපැහැදිලි වදන් ශ්‍රවණය පහසු වෙලා තියෙනවා. වයර්ලස් චාර්ජ් කිරීම, හිරු බලයෙන් ආරෝපනය, එනජි හාවෙස්ට් වගේ දේවල් වලින් සන්නද්ධ වෙලා මේ වැඩේ පහසු වෙනවා. එහෙම වුණාම මේවා ගලවන්න හේතුවක් ඇතිවෙන්නේ නෑ. එහෙම යුගයක පවුලේ සැවොමත්, හමුවෙන අයත්, මේ ක්‍රමයට හුරු වෙනවා.


ඒ වගේම තාක්ෂණය දියුණු වෙන්න වෙන්න, පර්‍යේෂකයෝ මිනිසාගේ සුව පහඩුව උදෙසා නඑඅ නිපැඋම් හදුන්වාදෙනවා. ඒ අයි තාක්ෂණය නිසා ලැන්ග්වේජ් බැරියර් එකත් නැති වෙලාම යයි. 




 



Tuesday, November 18, 2025

අපේ පුරේ එකෙක්ගේ වැඩක් ......

කාලෙකට පස්සෙ ඩ්‍රැකියාගේ ඉල්ලීම පරිදි බ්ලොග් පොස්ට් එකක් දැමීමට සිත්වුණි. ජංගම දුරකථනයෙන් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන 
බව පසක් වූයේ මෑතකදී අලුත්කල ජංගමයෙන් එයට ගොඩවදින්නට තැත් කල විටදීය. එයට ලොගින් වීමේ සිට දහසක් පියවරයන් පසු කරමින් මේ පැමිණියේ ඩ්‍රැකියාගේ අහිංසක ඉල්ලීම අහක දැමිය නොහැකි නිසාය.

ජයරත්න මල් ශාලාවේ පාලර් එකට ගොඩ වී මිතුරෙකුගේ මවකට අවසන් ගෞරව දක්වා ආපසු එන ගමනේදී මේ අපූරු අදහස මවෙත ගලා ආවේ කින්සි පාරේ ඇති එක්තරා වෙළඳ හලක නාම පුවරුව දුටු විටය. මා බොහෝ අවස්ථාවල රාජකාරි සඳහා අනුරාධපුරයට ගොස් ඇත. ඉන්පසුව මා හා කලක් පෙමින් බැඳී සිටි යුවතියක් නිසා අනුරාධපුරය ගැන යළි උනන්දුවක් ඇති වුණා. එක් වතාවක් එහි ගොස් ඇය හමුවී කථා බස් කලාද මතකය. ඇය මා හා පැවසූ පරිදි සහ බ්‍රා මෙන්ඩා නිතර පවසන පරිදි එහි මිනිසුන් අනුරාධපුරය හඳුන්වන්නේ පුරේ කියාය. වෙනත් ප්‍රදේශයක ආකාරයකට වැඩ කටයුතු කරගන්න කථා කළහොත් "පුරේ එහෙම බෑ " කියා කියන ප්‍රසිද්ධ කියමනක්ද ඇතිබව ඇය මා හා පවසා තිබේ. නමුත් මා එය අත්විඳි මොහොතේ ඔවුන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ නමුත් දඬුවම පිටස්තරෙකුගේ කරපිටින් ගියේයා. ඒ පීසා හට් එකේදීය. සුපුරුදු පරිදි නෑ, බෑ කියූවිට මා ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා පතරංග චෝදනාවක් ගොනු කලවිට, එම මොහොතේ සිට එම ආයතනයේ පහළ සිට ඉහළ දක්වා බොහෝ නියෝජිතයින් අතෝරක් නැති සමාව බජනය කිරීමේ ඇමතුම් ලබා දෙමිනි. එයද මාහට හිසරදයක් වුවේය. 


මා කියන්නට ආ කතාව එය නොවේ. ඉහත කොටස සම්ප්‍රදායික  පඳුරු තැලිල්ලකි.  පුරේ එකෙක් මේ පාරේ ටික කලකට පෙර ඇවිද ගොස් ඇති අතර ඔහුගේ මිතුරාට පෙන්වා ඇත්තේ මේ අපේ ගමේ එකෙකුගේ වැඩක් කියාය. ඒ මදිවාට තමා එහි හිමිකරුවා හඳුනන බවද පවසා ඇත. එහි ගිය අනෙකා ඔහුට වචන පටලැවිල්ල ගැන තේරුම් කළද,  ඒකා විමසා ඇත්තේ පුරේ යන්න ඉංග්‍රීසියෙන් ලියන්නේ කෙසේද කියාය.  

 

Friday, May 10, 2024

අඳුරු යුගයේ මතක සටහන් - 2 සඳහා ඌණ පූර්ණය (රුවන් අයියගේ රුවන් වැකි) ......

2012 වර්ෂයේ බ්ලොග්කරණයේ මධුසමය ගතකල කාලයේ, එක හැල්මේ බ්ලොග් සටහන් පළකරමින් ගිය ගමන මදක් අඩාල වුපසු, මෙසේ පසුව සම්පූර්ණ කරණ පොරොන්දුවට කල් දැමූ සටහන් කිහිපයක්ම ඇතිබව පසක් වන්නේ අදාළ සිද්දි වලට පාදක වූ පුද්ගලයින් පසුව හමු වූ විටදී, එකතු කරගන්න වට්ස්ඇප් ගනුදෙනුවට එවැනි සටහන් එකතු  කරන විටය. පසුගිය හතරවෙනිදාල්ට කල් ගිය අපගේ බිග් මැච්(බිග් මැච් නොහොත් මහා තරග) සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ මාර්තු මාසයේ වුවද, විවිධ හේතුන් මත එය මැයි මාසයට කල් ගොස් තිබේ. අප වැන්නන්ට එවැනි දේ ප්‍රශ්ණ නොවුවත්,එම සම්ප්‍රදාය බිඳීම ගැන විවිධ විවේචන එල්ල කිරීම සාමන්‍යය. නමුත් දෙයක් විව්චනය කරනවට වඩා ඒවා මහපොළොවේ යථාර්ථයන් කිරීම තුළ තිබෙන අභියෝග දන්නේ ඒවාට මුහුණ දුන් අයයි. මෙම සටහන ඒවා ගැන කථා කිරීමට නොව, මා අතීතයේ මුහුණ දුන් අත්දැකීමක් ඔබ හා බෙදා ගැනීමේ අභිප්‍රායෙන් කරන ක්‍රියාවකි.

හරිනම් මෙම සටහන ලියවිය යුත්ත්තේ 2012 වසර තුළදීමය. නමුත් එකළ බ්ලොග් සටහන් සඳහා Trending මාතෘකා තෝරාගත යුතුව තිබිණි. මන්ද සිංහල බ්ලොගර්ස් බ්ලොග් සින්ඩිකේටරයේ කෙනෙකු තබන ලද බ්ලොග් සටහනක් පිලිබඳ සාරාංශය පැය කිහිපයක අවෑමෙන් එහි පළමු පිටුවෙන් පහළට යන තරමට එකළ බ්ලොග් කරුවන්ද, බ්ලොග් සටහන්ද වැහිවහැලා තිබුණු යුගයක් වූ බැවිණි. අප වැනි සුහුබුලන් අතර මහාචාර්ය නලීන් ද සිල්වා වැනි මහා චරිත පවා බ්ලොග් ලිවූ යුගයක මේ සුළි කුණාටුවේ නැගී සිටින්නට හදන පුංචි පැල මෙන් අපද එහි එල්ලී සිටිය යුතු විය. කෙසේ හෝ 2019 වනතෙක්ම සක්‍රීයව එම ක්‍රියාවේ යෙදුනද, ලැප්ටොප් භාවිතය අතහැර ජංගම දුරකථනයට සියල්ල කරන කාලයක් නිසා, මෙය කෙමෙන් ඇල්මැරුණු ස්වභාවයකට පත්වී පසුව ෆේස්බුක් වහලෙකු බවට පත් වුයේ, ප්‍රබල හේතු සාධක බොහොමයක් නිසාය. අද බ්ලොග් ලියු බොහෝදෙනා ෆේස්බුක් පිටු අටවාගෙන ඒ හරහා ලිවීමට පෙළඹී ඇත්තේ එහි සිටින පරිශීලකයින් ගණන ඉහළ මට්ටමක තිබෙන නිසාය. වෙගයනේ ජනප්‍රිය විය හැකි නිසාය. කළෙක මා මේ මාධ්‍ය දෙකෙන්ම සටහන් පලකළ නමුදු පසුව එය අත්හැර දැමීමට සිදු වුයේ කාර්ය බහුලත්වය නිසාමය.

තවත් කිවයුතු දෙයක් ඇත. ඒ නම් ඔබ කරමින් සිටින දෙයක් අත්හැරියහොත් නැවත එම උනන්දුවෙන්ම එය සිදුකල නොහැකිය. මා මේ කියන දේ සියළු දෙනාට අදාළ නොවේ. මා වැන්නන්ට එසේමය. හිතන්න ඔබ ආහාර ගනිමින් සිටින විට ඔබට දුරකථන ඇමතුමක් ලැබෙනවා යයි කියා. ඔබගේ ආහාරයට ඔබ බාධා කරගනිමින් එයට උත්තර දෙනවා යනුවෙන් අදහස් කරන්නේ, ඔබගන්නා ආහාරයට වඩා වැදගත් කමක් හෝ රසවත් කමක් ඔබට ලැබෙන දුරකථන ඇමතුමේ තිබේ. එසේ ඔබගේ ආහාරය ඔබ මගින් නවතා දුරකථනයට සවන් දුන්නොත් නැවත එම උනන්දුවෙන්ම ඔබට ආහාරය සම්පුඋර්ණ කිරීමට නොහැකිය. එයින් අදහස් වෙන්නේ, ඔබ එක දිගට ආහාර වේල ගෙන අවසන් කිරීම හා සමානව මෙසේ බාධා සිදුවී දෙකෙනට බෙදා ගත් ආහාර වේලේ රසය නැත. ඔබගේ හිත පිරෙන්නේ නැත. ඔබේ නින්දට බාධා සිදු වුවහොත් සිදු වන්නේද එයමයි. ඉහින් ෆේස්බුක් ලිවිම හරහා අපගේ බ්ලොග් ලිවිල්ලට සිදු වුවේද එයයි. බ්ලොග් ලියන කාළයේ මා කළ එක් ආඥ්ඥාණ කමක් වන්නේ, එහි සිටි සියල්ලන් මගේ ෆේස්බුක් ගිණුම හරහා එකතු කර නොගැනීමයි. ඒ වෙනුවට වෙනම ෆේස්බුක් ගිණුමකින් ඔවුන් එක්කාසු කර ගත් නමුදු,  අද ඒ බොහෝ දෙනාද ඔවුන්ගේ නියම ගිණුම් වලින් ෆේස්බුක් පරිශීලනනය කරන නිසා, අප දෙගොල්ලාම අතරමං වී තිබේ. නමුත් ඉඳහිට මේ මෙතුර අහම්බෙන්, ගැහැට ගහක් මොරටුවේ හමුවූවා සේ හමු වේ.  එය වෙනමම කතාවකි.  මේ යන්නේ පඳුරු තැලිල්ලකි. 

අඳුරු යුගයේ මතකසටහන් 2 කොටස මා අවසන් කළේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මාහට ලබාදුන් දේශණය ඔබ හමුවට ගෙන ඒමේ පොරොන්දුවෙනි. මෙසේ වසර 12කට පසුව නින්දෙන් ඇහැරුණා වගේ, එය ලියන්නට යන්නේ අහවල් අමාරුවක් නිසාද යන්න ඔබේ හිතේ මේ මොහොතේ පැනනගින ප්‍රශ්නය බව මම දනිමි. නමුත් ඒවා එසේ වන්නේ හීනයකින් හෝ අදාළ කතානායකයා හමුවුවහොත්ය. නමුත් මේ කියන ප්‍රධාන ශිෂ්‍ය නායකයා හමුවීම සත්‍යයෙන්ම සිදු විය. ඒ අපගේ පාසල් සාමය අවසන්වී අවරුදු 26කට හෝ ආසන්න කාලයකට පසුවය. පාසලේ දහස් ගණනක් සිසුන් අතරින් ඔහුත් මමත් පුද්ගලික හැඳුනුම් කමක් පවත්වාගන්නට නම් ඔහුට හෝ මට යම් විශේෂයක් තිබිය යුතුය. සත්තකින්ම අප දෙදෙනාට එසේ විශේෂ මිත්‍රත්වයක් පැවැත්වීමට හේතුවක් නොවීය. 89-89 අඳුරු යුගයේ අවසන් වූ මගේ පාසල් ගමන නිසා යලිත් පාසල් මිතුරන් හා සබඳතාවය ඇතිවන්නේ, මේ අන්තර්ජාල පහසුකම ලැබීමත් සමගය. ඒ සමාජ මාධ්‍ය නිසාය. ඒවා සිදු වූ ආකාරය වෙනමම කථා කළහැකි මාතෘකාය. 

මා කළුතර මහා විද්‍යාලයට ඇතුලත් වුයේ, උසස්පෙළ හැදෑරීම සඳහාය. ඒ මා එතෙක් අධ්‍යාපනය කළ, විනය සඳහා මහත් ප්‍රසිද්ධියක් ඉසිලු කළුතර ඥානෝදය මහා විද්‍යාලය හැරපියා පැමිනෙමිනි. අප වැන්නන් පාසැල හැර යනවාට කිසිදු ගුරුබවතෙකු අකමැති වූ බවද කිව යුතුය. නමුත් එක්තරා විදියක බුද්ධි ගලනයක් වූ මේ ක්‍රියාවලිය නැවත්වීමට නම් පාසලේ විද්‍යා අංශ ආරම්භ කලයුතුය. එවකට එහි තිබුණේ වානිජ්‍ය සහ කළා අංශ පමණක් වීම, මෙසේ ප්‍රියයන්ගෙන් වෙන් වී වෙනත් තැනකට ආධුනිකයන් වීමට සිදුවීමකි. එය හරියට යුදෙවුවන් ගාසා තීරයට පලවා හැරීමේ අත්දැකීමට සමානය. එයින් පසු එක්කෝ අපි ඊශ්‍රායලය වගේ වැඩ පෙන්වා ඉහලට ආ යුතුය. නැතිනම් බටහිර රටවලට ගිය අපේ අයමෙන් ඉඳීය යුතුය. අපට සිදු වුයේ මේ දෙකෙන් දෙවැන්න බව කණගාටුවෙන් වුවද කිව යුතුය. විද්‍යාලයට(කළුතර අය විද්‍යාලය කියන්නේ කළුතර විද්‍යාලයට වන අතර බාලිකාව කියන්නේ කළුතර බාලිකාවට වන සේම, කොලේජ් කියන්නේ හොලික්‍රොස් කොලේජ් එකටය, කොන්වන්ට් කියන්නේ හොලි ෆැමිලි කොන්වන්ට් එකටය. නැතිනම් මෙය කියවන වෙනත් ප්‍රදේශ වල අය අන්ද මන්ද වනු ඇත) ගිය පසු අපට මුළින්ම ලැබුණේ රැග් එකය. මාහට එය ලැබුණේ ක්‍රිකට් කණ්ඩායමේ අයගෙන්ය. ඒ අයගේ නම් මා හොඳින් දැන සිටීම ඔවුන්ට ආශ්වාදජනක අත්දැකීමක් බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනිණි. ඒ මා ක්‍රිකට් පිලිබඳ දැක්වූ ඇල්ම නිසාමය. මා කළුතර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ඕනෑම තරගයක් දිහා බලාගෙන සිටීමේ පුරුද්ද නිසාය. මගේ මේ උනන්දුව කෙසේද යත් මා කළුතර පී සී සී සහ ටවුන් ක්ලබ් ක්‍රීඩකයින්ව වෙන වෙනම හඳුනාගෙන තිබීමට තරම්ය. එකළ ජාතික කණ්ඩායමේ සියල්ලද, ආනන්ද-නාලන්ද, රෝයල් - තෝමියන්, රිච්මන් - මහින්ද, ඉසිපතන - තර්ස්ටන් ආදී තරග ගුවන්විදුලියෙන් ඇසීම නිසා මතකයේ බොහෝනම් ඇත. පසුකාලයන්හි ඔවුන් හමු වූ විට මා එසේ පවසා ඇත. බන්දුල වර්ණපුර,  දීපාල් මදුරප්පෙරුම, අතුල සමරසේකර, චමින්ද මෙන්ඩිස්(ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ),  ඉන් කිහිප දෙනෙකි. 

විද්‍යාලයේ ගුරුමණ්ඩලය ඥාණෝදයෙන් පැමිණෙන්නට කැමතිය. ඒ දක්ෂ කීකරු, හොඳ විනයක් සහිත අය බැවිණි. අපහට රසායන විද්‍යාව ඉගැන්වූ සොයිස මිස් එය මා හා කෙළින්ම පවසා ඇත. ඒ පසුගිය වසරේදී පැමිණි සුමංගල අයියා ගැන පවසමිණි. මාද ඔහුට බොහෙසෙයින් සමානය කෙනෙකු බව මා කියන්නට ගියේ නැත. ඇත්තටම අප දෙදෙනා එක වගේමය. දක්ෂතා අතින් වෙනස් නමුදු හැසිරීමෙන් සහ විනයෙන් එක වගේය. අප දෙදෙනා හඳුණන එය එය සහතික කරනු ඇත. නමුත් පිටින් ආ මා අධ්‍යාපනයට දස්කම් දක්වන විට එය ඇසේ කටු අනින්නා සේ වූ අයද සිටින ලදී. එය සිදු වුයේ පළමු වාර පරීක්ෂණයෙන් පසුවය. ඒ ගණිත ප්‍රශ්න පත්‍ර වලට මා සහතවත් පිටින් පැමිණි අයෙකු වූ දිමුත් ලකුණු ලබාගැනීමත් සමගය. මේ වනවිට බ්‍රයිටන් සේ සිටිය අයට අනෙක් අය යම් කෝචෝක් එකක් දැම්මාදැයි තවමත් නොදනිමි. පිළිතුරු ලෙස දෙවන වාරය පටන් ගත් සැණින් මගේ බෞතික විද්‍යා, ග්‍රාෆ් පොත නැතිවිය. එය මා සාදා ගත්තේ, තාත්තා ගෙනැවිත් දුන්, ඉතිරි විභාග ග්‍රාෆ් කොළ එක්කර පොතක් සේ බැඳ ගැනීමෙනි. එයින් මා කම්පා වූ තරම දන්නේ මා පමණකි. මෙසේ ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනා ගන්නා ගමන් පන්තියේ සෙසු අයද කෙමෙන් මාහට ආකර්ෂණය විය. ඒ උදෑසන කැඩෙටින් පුහුණුවීම් වලට ගොස් එන අය සඳහා මා කුප්පිය දැමීමත් සමගය. පන්තියේ බ්‍රයිටන් වූ අනෙක් අය සමාජ මට්ටමින් ඔවුන්ට වඩා තැනක සිටි, ඉංග්‍රීසි ගීත ඇසීම  සහ පොෂ් වැඩ කළ පිරිසක්   වූ බැවින්, ඔවුන්ට මේ එයට පහළ සමාජ මට්ටම් වල අය සමා පයුරු පාසානමක් නොතිබීම නිසාය. ඒ වෙනුවට කොමර්ස් සහ ආර්ට්ස් ක්ලාස් වල සහ ඉහළ සහ පහළ පංති වල සිටින ඔවුන්ගේ පන්නයේ අය සමග විවේකය ගත කිරීම නිසාය. මෙසේ මගේ කුප්පිය නිසා මා හල කුළුපග වූ විපුල මුණසිංහ(නාවික හමුදාවේ ඉහළ නිලයක් දරන බව දැනගන්නට ලැබිණි). රුවන් ගුණසේකර(පොලිස් පරීක්ෂක වරයෙකි) සහ මගේ මිත්‍ර ජයවික්‍රම(ඔහුද මා මෙන් උසස් පෙළට මගේ ගම් පළාතේ සිට පැමිණියෙකි), උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු වූ දයාරත්න(ඉතා හිත හොඳ කල්‍යාණ මිත්‍රයයෙකි), සිල්මන් ආදී අය එක් විය. ඔවුන් බොහෝදෙනා රැගෙන එන ටියුට් ගණන් මා විසඳා දුන්විට, මේ මිත්‍ර බැඳීම් තවත් තරවිය. 

නමුත් ටික කාලයක් ගතවනවිට ඔවුන් සියල්ලගෙන් නික්මී තනිවම පන්තියේ ඉගෙන ගැනීමට නොහැකි විය. පාසැල කට් කර කොළඹ රිවිෂන් පංති ගිය බොහෝ දෙනෙකු විය. ඒ රාජා අල්විස්, ග්‍රේරෝ වැනි ගුරුවරුන්ගේ පන්ති සඳහාය. මා එසේ නොගිය අතලොස්සගෙන් කෙනෙකි. මාහට එසේ එක්වන්නට බොහෝ ඉල්ලීම් ලැබුනද, මගේ දෙමවුපියන්ගේ ආර්ථික තත්වය ගැන අවබෝධයෙන් පසුවූ මාහට ගමේ සහ කළුතර පංති තුනකින් සෑහීමකට පත්වීමට සිදු විය. අතරින් පතර කිසිවෙකු නොපැමිණි දිනක රසායන හෝ භෞතික විද්‍යා ගුරුවරුන්ගේ අවසරයෙන් තනිවම ප්‍රායෝගික පරීක්ෂණ කලෙමි. වරක් මා එසේ තනිවම පරීක්ෂණයක් සිදු කරන මොහොතක, සාමාන්‍ය පෙළ සිසුන්ට ගුරුතුමිය ඔවුන්ට නියමිත ප්‍රායෝගික පරීක්ෂණය උගන්වමින් සිටින අතරතුර විදුහල්පති තුමා, ගුරුතුමිය වූ සකුන්තලා මහත්මියගෙන් යමක් විමසීමට පැමිණ, මාගැන විමසන අයුරු මට පෙනිණි. මා බිරන්තට්ටු වී සිටියේ, මා විද්‍යාගාරයෙන් එලියට දමාවියැයි බියෙනි. තවත් මොහොතින් ජයසේන සර්ද, කොහේ හෝ සිට පැමිණියේය. ඔහුද විද්‍යා ගුරුවරයෙකි. ඒ වගේම සොබාදහම් සිසු හවුල නමැති පරිසර සංවිධානයක්ද අධ්‍යාපනයට පරිභාහිරව කරගෙන ආ අයෙකි. පාසලේ පරිපාලනයටද ඔහු බලපෑමක් කළ අයෙකි. පසුව විදුහල්පති තුමා ඇතුළු මේ ගුරුවරුන් එක්වී, මා ආදර්ශයට ගන්නා ලෙස එම සිසුන්ට අවවාද කරනු ලැබිණි. නමුත් පසුව මේ ව්‍යායාමය මා අත්හැර දැම්මේ පංතියේ අයට ආරංචි වුවහොත් එය වෙනත් ගැටලුවකට මුල වනු ඇති නිසාය.දිනක් අප පන්තියට පෙනෙන මානයේම තණකොළ බිස්සකට වී පංති කට් කරන අපට මහ හඬින් ඇමතු සිල්මන්, මට පන්තියට කථා කළේය. "උඹ ඕකුන් එක්ක හිටියට, ඉස්සර උඹ ඉගෙනගන්නවට අකමැත්තෙන් හිටියේ ඕකුන් තමයි, මෙන්න මෙහෙ වරෙන් පන්තියට" යනුවෙන් යකා සේ මාහට පැවසු මුත්, මා පන්තියට ගියේ නැත. පසුකාලීනව,  ඉහළ පන්තියේ ඇයගේ ගණිත ගැටළු විසඳීමට මා කැඳවාගෙන යෑමට, රමේෂ් අයියා, ප්‍රසන්න අයියා, දෙල්පචිත්‍ර  අයියා ඇතුළු කිහිප දෙනෙක් ඉදිරිපත් විය. මෙසේ මා ජනප්‍රිය වීම තුළ, අපට ඉහළ බයෝ පන්තියේ සිටි රුවන් සිල්වා ප්‍රධාන ශිෂ්‍ය නාකයාද මා ගැන යමක් වටහාගෙන සිටි බව මට පැහැදිලි වුයේ, ඔහු හමුවූ විට දක්වන ප්‍රසන්න පෙනුම නිසාය.

රුවන් සිල්වා යනු පාසලේම ජනප්‍රිය, ඒ වගේම සියලු සිසුන් අවනත, ගුරුවරයෙකු තරම්ම අවවාද අනුශාසනා කළහැකි මුහුකුරා ගිය දක්ෂ නායකයෙකි. එසේ නොවන්නට සමස්ත ලංකා කැඩෙට් බලකායේ ආර්.එස්.එම්. නිලයට යාමට ඔහුට නොහැකිය. එකළ කළුතර මහා විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායම පළමු, හෝ දෙවන තැනට පත්වන මට්ටමට එය ඔසවා තැබීමේ එක් ස්ථම්භයක් ලෙස ඔහු නම් කළ හැකිය. මේ පොස්ට් එක සඳහා මා ඔහුගෙන් ඡායාරුපයක් ඉල්ලා සිටියේ දවස කිහිපයකට පෙරය. ඔහු එය මා වෙත ඒවා තිබුණේ අද දවසේය. මා මේ පොස්ට් එක ලියන්නට මත්තෙන් ඔහු හා දුරකථන සංවාදයක යෙදිණි. මා සිතා සිටියේ ඔහු හමුදාව ඔස්සේ ඉදිරියට යන්නට ඇතිය කියාය. අපේ ගමේ හිතවතෙකු වූ පියල් වීරසේකර මා හා පවසා සිටියේ ආර්. එස්. එම්. කෙනෙකුට හමුදාවට බැඳෙද්දී ඉහළ නිලයක් ස්වයංක්‍රීයවම හිමිවන බවය. ඒ ඔහු බෙන්තොට ගාමිණී විද්‍යාලයේ පී.ටී.අයි. ලෙස සහ කැඩෙට් බලකාය පුහුනුකරවන්නා ලෙසය. මා කැඩෙට්ගැන කළ අධයනයක්ද මේ මොහොතේ සිහියට නැගේ. කැඩෙටින් වලට හොඳ පාසැලකට එයට වඩා අඩු දස්කම් දක්වන පාසැලකින් ශිෂ්‍යයෙකු පැමිණියහොත්, ඔහු විගසින් දක්ෂ පාසලේ මට්ටමට දියුණු වන අතර, අදක්ෂ පාසැලකට දක්ෂ පාසැලක සිසුවෙකු ගියහොත්, විගසින් ඔහු ඒ පාසලේ මට්ටමට පහතට වැටේ. මෙම පාසැල් දෙකේම කැඩෙටින් දෙස බලා මේ කියන උදාහරණ දෙකක්ද දුටු නිසා මා ඒ නිරීක්ෂණය තදින් මතකයේ තබාගෙන තිබේ. මෙය වෙනත් කාර්යයන් උදෙසාද සත්‍ය වේ. රුවන් අයියා දයාරත්නගේද කුළුපග මිතුරෙකු නිසා ඔහු මා කෙරෙහිද යම් ප්‍රසාදයක් දැක්වීය. ඔහු කොහොමත් පාසැල් මට්ටම ඉක්මවා ගිය මුහුකුරා ගිය වැඩිහිටියෙකුගේ දැක්මක් සහිත නායකත්වයේ ලක්ෂණ උපතින් දරාගෙන පැමිණියෙක් බව මට වැටහේ. මේ සටහනට පෙර මා දයාරත්න සමග දුරකථන සංවාදයක යෙදුනේ රුවන් අයියා ගැන වැඩි යමක් දැනගන්නටය. නිදහස් උත්සවය කළුතර කටුකුරුන්දේ පැවති වසරේ, මාච් එකකට අපගේ පාසැල තොරාගන තිබිණි. එහිදී ඔහු මාච් කරනු දුටු බන්දු කන්නන්ගර(මාගේ ඥාතියෙකි) පී.ටී.අයි ගුරුවරයා, පවසා ඇත්තේ, මේකා කවදා හෝ ඉහළ තැනකට යනවා ඇත යන්නයි. එය පසුකාලීනව සත්‍ය වුයේ, ඔහු කැ



ඩෙටින් වලින් සී.එස්.එම්. සහ ආර්.එස්.එම්. නිලයන්ට උසස් වීමෙනි.

බැනරය ඇඳි දිනයේ රුවන් අයියා පාසලේ සිටියේ නැත. පසුදින මා ජයසේන සර්ගේ කාමරයේදී හමු වූ විට, මා පසෙකට කරගෙන රුවන් අයියා රුවන් වැකි කිහිපයක් පැවසීය. අදටත් ගලක කෙටු අකුරු මෙන් ඒවා මාගේ සිතෙහි සටහන්ව තිබේ.

"ඔයා දන්නවද මල්ලි, මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ සියට අනූගානක් දෙනාට මොකක් හරි මානසික රෝගයක් තියෙනවලු. ඒවා ලොකුවට නැති වුණත්, යම් ප්‍රමාණයකට තියෙනවා. ඉතිං මේ ඉස්කෝලෙත් ඒ වගේ තමයි. එක එක ජාතියේ මානසික ලෙඩ්ඩු ඉන්නවා. ඔයාට තේරිලත් ඇති. ඔයා ඒ වගේ කෙනෙක් නෙවෙයි. ඔයාට හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. මං හිතනවා ඔයා එවා තේරුම් අරගෙන, ඔයාගේ වැඩටික කරගෙන, ඔය මානසික ලෙඩ්ඩුන්ගේ, එක-එක වැඩ වලට පැටලෙන්නේ නැතිව ඉස්සරහට යයි කියළා"

ඇත්තටම 88-89 කාළයේ බැනර්, පෝස්ටර්, කටවුට් අඳින්න හැකියාව තියෙනවා කියන්නේ මරණ සහතික ලියාගෙන ඉන්නවා වගේ වැඩක්. මොකද සහෝදර වරුන් දැනගත්තා කියන්නේ, මා කෙසේ හෝ ඔවුන්ගේ ග්‍රහණයට නතු වෙනවා කියන එක. ඒ වගේම රජයේ විනාශකාරී පිරිස දැනගත්තා කියන්නේ, ටයර් සෑයට වීසා ගැනීමක් වගේ දෙයක්. මට තරවටු කරනවා වෙනුවට, ඉතා සෞම්‍යව මේ දේ මා හට පැවසීම, ඔහුගේ මුහුකුරා ගිය බව අවබෝධ කරගන්නට කදිම සාක්ෂියකි. මා ඔහුට සලකන්නේ ඉෂ්ඨ දේවතාවෙකුට දක්වන ගෞරවයෙනි. මන්ද ඔහු මා ඒ මොහොතේ හරිමගට ගත් පුද්ගලයා නිසාය. එසේ නොවන්නට මගේ ඉරණම වෙනත් ආකාරයකින් ලියවෙන්නට තිබුණු.

ඔහුගේ පියාගේ දැඩි විරෝධය නිසා ඔහුගේ ගුවන් හමුදා සිහිනය බොඳවී ඇතිබව මා ඇද ඔහු සමග කළ සංවාදයේදී දැනගන්නට ලැබිණි. නමුත් ඔහු තෝරාගත් ගාමන්ට් අංශයේ කර්මාන්ත ශාලා කළමනාකරුවෙකු මට්ටම දක්වා ඔහු ගොස් ඇතිබව දැනගන්නට ලැබීම සොමනසට හේතුවකි. නමුත් මගේ හිතට නම් එය මදිය. මට විවිධ මිනිසුන් ලක්ෂ ගණනක් මුණගැසී ඇතිමුත්, ඔහුගේ ඇති නායකත්ව ලක්ෂණය සපිරි අයෙක් හමුවුවානම් කලාතුරකිනි. නමුත් අද අප සිටින තැන් අපගේ දෛවයේ ලියවී තිබු ඒවාය. ඔහු හොඳින් සිටීමම සතුටට කරුණකි. 

මගේ බ්ලොග් මිතුරන් බ්ලොග් නොලියනවා කියා නගන නොක්කාඩුවට මෙසේ කදිම පිළිතුරක් දෙන්නට ලැබීම සතුටකි.


Tuesday, January 23, 2024

වාර 100 චාර්ජ් නොකර භාවිතා කළහැකි බැටරියක් ...... Mobile bataery that could be used without charging 100 times

 චීනයේ බීටාවෝල්ට් නැමැති ආරම්භක ව්‍යවසාය සමාගමක් පැතලි න්‍යෂ්ඨික බැටරියක් නිශ්පාදනය කරන්නට සමත් වී ඇති අතර එය ආරෝපණය(චාජ්) කිරීමකින් තොරව වසර 50ක පමණ කාලයක් භාවිතා කලහැකිය. ධල වශයෙන් කුඩා කාසියක් තරම් වූ ප්‍රමාණයකින් යුත් මෙම බැටරියක් වන BV100 භාවිතා කරන්නේ එහි අලවා ඇති අර්ධ සන්නායක කෘතිම දියමන්ති ඒක පඨික තට්ටුවක් හා නිකල් ලෝහ ටේප් පටියක් අතර සිදුවන ක්ෂය වීම පදනම් කරගෙන ඇතිවන විකිරණ ශක්තිය ඔස්සේ බලය ජනනය කරයි. බීටාවෝල්ට් ආයහනය පවසන්නේ තමන් සතු තාක්ෂණය ඇමරිකාව හෝ යුරෝපයේ පර්‍යේෂකයන් යොදාගෙන ඇති තාක්ෂණයන්ට වඩා ප්‍රබල බවයි.


BV100 බැටරියක් මෙගා වොට් පැය 3300 ධාරිතාවකින් යුක්ත වන අතර එය සාම්ප්‍රදායික ලිතියම් අයන් බැටරියක් මෙන් 10 ගුණයක ශක්ති ධාරිතාවකින් යුක්ත බව පැවසේ. මිලි මීටර 15x15x15 ප්‍රමාණයේ බැටරියක් මයික්‍රෝවොට් 100ක ශක්තියකින් වෝල්ට් 3ක බලයක් ලබා දෙයි. තවමත් ජංගම දුරකථන හෝ ලැප්ටොප් සඳහා භාවිතා නොකලත්, ඒ සඳහා සමාන්තරගතව හෝ ශ්‍රේණිගතව යොදාගැනීමේ හැකියාවක් පවතින බව සඳහන් කරයි. 

කාරණා කිහිපයක් නොවන්නට, හෘදස්පන්දනය ක්‍රමවත්ව පවත්වා ගැනීමට යොදාගන්නා පේස්මේකර් වැනි යන්ත්‍ර සඳහාද මෙම බැටරිය කිරීමේ හැකියාව අධ්‍යනය කරමින් පසුවන බවද සඳන් කරයි. මෙම සමාගම අවධාරණය කරන්න්නේ පිටස්තර උත්තේජනයන්ට ප්‍රතිචාර දැක්වීමක් නිසා එය ගිනිගැනීම හෝ පිපිරීමක් සිදු නොවන බවයි. දැනට න්‍යෂ්ඨික බැටරි භාවිතා කරන්නේ අභ්‍යාවකාශ ඉංජිනේරු කටයුතු සඳහා පමණක් වන අතර බීටාවෝල්ට් සමාගම එය සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා යොදාගැනීමට අධ්‍යනය කරමින් සිටී.

BV100 තවමත් පවතින්නේ නියාමක අවධියක වන අතර නුදුරේදී එය විශාල පරිමානයෙන් නිශ්පාදනය සඳහා සැලසුම් කර ඇත. වඩාත් ශක්තියකින් යුත් බැටරියක් සඳහා පර්‍යේෂණ බීටාවෝල්ට් ඉලක්ක කරගෙන ඇතිබව පවසන අතර ඒ සඳහා යොදාගතහැකි ආදේශකයන් අත්හදා බළමින් සිටින බවද පවසයි. 2025 වසරේදී වොට් 1ක බලයකින් යුත් බැටරියක් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද, ඒවා එක් වරක් පමණල් චාජ් කරන ජංගම දුරකථන බැටරි ලෙසද, අඛන්ඩව පියාසර කරන ඩ්‍රෝන යානා සඳහාද භාවිතා කිරීම සඳහා නියාමන අධිකාරී අවසරය ලැබෙනතුරු පසුවේ.

Saturday, January 13, 2024

නන්දා මාලනී, සමන්ලතා සහ අංජලී……

ගිය සෙනසුරාදා රාත්‍රියේදි විදිල්ලක් කෙටුවා වගේ ක්ෂණයකින් මගේ මතකය එකපාරටම 1984 වර්ෂයේ එක්තරා දිනයක් වෙත ඇදී ගියා. මේ වනවිට පාසැල් ශිෂ්‍ය/ශිෂ්‍යාවන් 40කට ආසන්න පිරිසකගෙන් සමන්විත අපේ පන්තිය, කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ පැරණි වලවු ගොඩනැගිල්ලේ නැගෙනහිර කෙලවරේ අඳුරු කාමරයක පිහිටලා තිබුණේ.  9 වසරේදී සියළුම දක්ෂ සිසු සිසුවියන් එකම පන්තියකට එක්කාසු කරපු වෑයම සාර්ථක නොවුනේ, මේ දක්ෂයින් පිරිස තවත්

දෙයකට අධ්‍යාපනයට වඩා නිපුණතාවක් දක්වපු නිසා. ඒ කච-කචේට. ඉක්මනට වැඩ අවසන් කරන මේ සෙට් එක කෑගහන්න පටන් ගන්නවා. ඔය නිසා කඩිමුඩියේම 10 වසරෙදී අපිව නැවතත් පන්ති 3කට බෙදා වෙන් කරනවා මිශ්‍රව. ඒ කියන්නේ එක පන්තියක සියළුම තරාතිරම් වල අය එකට ඉන්නවා. දක්ෂ-අදක්ෂ, ලස්සන-අවලස්සන, දුප්පත්-පෝසත්, දුර-ළඟ මෙකී නොකී මොනම නිර්ණායකයකින් මැන්නත්, ඒවාට ගැලපෙන උදවිය අපේ පන්තියේ හිටියා. අනෙක් පන්ති වලත් ඒ විදියටම බෙදිලා තිබුණා. කන්නන්ගර නැමති, ඒ කාළයේ ප්‍රදේශයේ නම්දැරූ විදුහල්පති ගුරුපියා නායකත්වය දුන් මේ පාසැලේ දැඩි විනය නීති ක්‍රියාත්මක වුණා. පාසැල් ප්‍රේමය කියන දේ මේ කාලයේ නව යොවුන් වියේ පසු වූ අපට සිහිනයක්ම පමණක් වූවා. නමුත් මා මේ කියන්නට යන කථාව එයට සම්බන්ධ වූවක් නොවෙයි. 

දිනක් අපේ සිංහල ගුරුතුමා නිවාඩු ලබාගෙන තිබුණා. එවැනි දිනයන්හී

විදුහල්පති තුමා පන්ති වලට පැමිණීම සාමන්‍ය දෙයක් බවට පත් වී තිබුණා. මෙය බොහොම භයංකාර අත්දැකීමක් ලෙස කවුරුත් සැලකුවා.  මට එය තවත් අවිනිශ්චිත කාරණාවක් වූයේ එවැනි අවස්ථා වල එතුමා

මගේ දැනුම පරීක්ෂා කිරීමට ඉදිරිපත් වන නිසා. බොහෝ අය වේවැල් පහරට මුහුණ දුන්නත් මාහට එය අකැප වූවක් සේ මවිසින්ම සම්බාධක පනවාගෙන තිබුණා. හේතුව කෙටිකලකට මෙම පාසැලේම උප විදුහල්පතිවරයෙකු ලෙස කෙටි කාලයක් සේවය කල තවත් කන්නන්ගර කෙනෙකු වු මගේ පියාගේ ගෞරවය රැකීම. මින්පෙර පැමිණි සෑම අවස්ථාවකම ඒ ගෞරවය රැක ගැනීමට සමත් වුවා. සමහර දිනක මගේ රචනාවකට පැසසුම් පවා හිමි වූවා. ප්‍රින්සිපල් සර් මාව අල්ලාගන්න එක අනෙක් අයට බොහෝ සතුට දනවන කාරණයක් වූයේ, ඔවුන්ට එවැනි අවස්ථාවන් නොලැබීමට එය හේතු වූ නිසා. මන්ද යම් වරදක් සිදු වූ මොහොතක එයට වේවැල් පහර හිමිවීමට හේතුවන නිසා.  මේ කියන දිනයේදීද ප්‍රින්සිපල් සර් පන්තියට බලාපොරොත්තු වූ අයුරින්ම ගොඩවුණා. එදින එතුමා අප හමුවේ පුදුමය උපදවන ප්‍රශ්නයක්  තැබුවා.  ඒ යස ඉසුරු චිත්‍රපටය නැරඹූ අය අත් ඉහළට ඔසවන ලෙසට. කිසිවෙකුට අත් ඔසවන්න තරම් ධෛර්‍යයක් තිබුණේ නෑ. මදක් වටපිට බෑලූ එතුමාගේ ඊළඟ පැණය වූයේ, "ඒ චිත්‍රපටියේ තියෙනවා නන්දා මාලනී මහත්මිය කියන ලස්සන සිංදුවක්, කාටහරි ඒක කියන්න පුළුවන්ද ? " මේ ප්‍රශ්නයෙන් වික්ෂිප්ත වූ අප එකිනෙකාගේ මුහුණ දෙස බළන්නට වුණා. නමුත් ඒ අවස්ථාවේ නැගී සිටියේ මෙයට මිනිත්තු කිහිපයකට පෙර අතුව ගිණි අවුවේ නෙට්බෝල් පුහුණුව අවසන්කර මෙහි පැමිණි සමන්ලතා. ඇය වෙනත් දිනයකනම්  තුන්කොණින් දහඩිය පෙරාගෙන පොතකින් පවන් සලනා ගමන් ඉන්නා වේලාවකයි එතුමා මෙහි පැමිණියේ. 

අප සියළුදෙනා පුදුමයටත්, නිශ්ෂබ්දතාවයටත් පත්කරමින් 


"අම්මාවරුනේ - අම්මාවරුනේ

සම්මා සම්බුදු අම්මාවරුනේ

දරුවන්ගේ දුක් කඳුළු දකිනදා

සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා"


යනුවෙන් වූ ගීතය ගායානා කලා. මා ඒ ගීතයේ කොටස් මින්පෙර ශ්‍රවණය කර තිබුණත්, සම්පූර්ණ ගීයට සවන් දුන්නේ ඒ මොහොතේදීයි. එකල පාසැල් දරුවන්ට දෙම්වුපියන්ගේ හෝ පාසැලේ සහභාගීත්වයක් නොමැතිව චිත්‍රපට නොහොත් බයිස්කෝප් ශාළාවකට ප්‍රවේශවීම උගහට කාරණයක් වූවා. 


"සෙනෙහස නැතිදා

සිතද බොළඳ වී ලොවම ආදරෙයි

කියා සිතේ

මායාවක් වී එහි තනිවූදා 

අම්මා පමණයි ළඟ ඉන්නේ - අම්මා පමණයි

ළඟ ඉන්නේ"


මේ මොහොතේ මගේ කන් සහ හිස පෙදෙසේ හිරිගඬු පිපුණා.



එදින ප්‍රින්සිපල් සර්ගේ නොමඳ පැසසුම සමන්ලතාට හිමි වුණා. ඉන්පසුව නන්දා මාලනියගේ හඬින් මේ ගීය මා කොතෙකුත් ශ්‍රවණය කර තිබේ. යලිත් මේ මතකය අවදි කලේ "මා නොවන මම" වැඩසටහනට මෙවර එක්වූ අංජලී හේරත් අලංකාරව එය ගායනා කරනු ඇසීමෙනි. මේ තිදෙනාම එකම ආකාරයකින් රසාලිප්තව මේ ගායනය කලබව මගේ විශ්වාසයයි. සමන්ලතා අද විදේශගතව වාසය නොකලානම්, අපගේ සුහද හමුවේදී යලිත් ඇගේ හඬින් එය අසන්නට අවස්ථාව උදාවනවා පමණක් නොව, එය ඔබටද අසන්නට සලසන්නට ඉඩ තිබුණි. දැනුදු ඒ ගීතය මේ හඬවල් ත්‍රිත්වයේ සම්මිශ්‍රණයක් ලෙස මගේ දෙසවන් තුල රාව ප්‍රතිරාව නැගෙයි.


ප.ලි. මේ ගීතය රචනය කොට තිබෙන්නේ ධර්මසිරි ගමගේ ශූරීන්, සංගීතවත් කොට ඇත්තේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්.

Sunday, December 17, 2023

පියසේන බාප්පා ......

 www.facebook.com/yesudika ෆේස්බුක් පිටුවට ලියූ සටහනකි.

මේක මගේ පර්සනල් වෝල් එකේ තිබිය යුතු සටහනක් වුණත්, මෙතැන මේක ලිවීමේ විශේෂත්වයක් තියෙනවා. මේ පින්තූර දෙකෙන් පළවෙනි එක මංගලිකා නැන්දාගේ වෝල් එකෙන් ගත්තත්, වර්ණ එක මම ඉල්ලාගත්තේ නදීකා නංගිගෙන්.නමුත් මගේ මතකයේ තියෙන පියසේන අංකල් මෙයට වඩා ලස්සනයි. දැන් අඩුම වශයෙන් අවුරුදු 65ක් පැනලා ඇති. මේ පින්තූර වලින් හිතාගන්න පුළුවන් ඔහු කෙතරම් කඩවසම් පුද්ගලයෙක්ද කියලා. අපි වැඩි වශයෙන් එයාට කථා කලේ පියසේන බාප්පා කියලා. එයාලගේ පියත්, මගේ සීයාත් සහෝදරයන්. ඒ නිසා නෑකමින් ඔහු මට බාප්පා. 


පියසේන බාප්පා ඒ කාලයේ මගේ වීරයන් අතර සිටි කෙනෙක්. ඔහු කථාවට වගේම, ක්‍රියාවෙන් වැඩකාරයෙක්. මටනම් විශ්මකර්ම පොරක්. ඒ ඔහුගේ රැකියාවෙන්. ඔහු තමයි කළුතර නාගෙඩ රෝහලේ ප්‍රධාන ෆාමසිස්ට්. දොස්තර කෙනෙකුට නොපරදින දැනුමක් සතු පුද්ගලයෙක්. මම එහෙම කියන්නේ අත්දැකීමෙන්. එක පාරක් මගේ ඇඟිල්ලක ආපු අමුතු ඉන්නෙක් මට මහ වදයක් වුණා. පියසේන අංකල්ට පෙන්නුවාම ඔහු අතින්ම හදපු ආලේපයක් මට ගෙනැවිත් දුන්නා. සතියෙන් ඉන්නා ගැලවුණා. ඒ කාලයේ ෆාමසිස්ට් ලා බෙහෙත් කලවම් කරන්නා කියන රාජකාරිය උපරුමයෙන්ම

කලා. රසායන විද්‍යාව හොඳින් දන්නේ නැතිනම් මේවා කරන්න බෑ. තවත් වරක්, මගේ එක් කණක කලාඳුරු ගුලියක් ඇවිත් හිරවුණා. මම කෙළින්ම ගිහිං නැවතුනේ පියසේන අංකල් ගාව. ඊළඟ දවසේ එයා සුපුරුදු පරිදි කුප්පියක් උස්සන් ආවා. ඒක දැම්මම ලොකු වෙනසක් නොදැණුනත්, දවස් දෙකකට පස්සේ ආච්චිගේ කන් හැන්දෙන් සියඹලා ඇටයක් තරම් ගුලියක් එලියට ගන්න පුළුවන් වුණා බොහොම පහසුවෙන්. මේ මං අත්දැකපුවා. අපේ ගමේ නිළනොලත් දොස්තර එයා. අපි කාටත් බෙහෙත් සපයපු පියසේන අංකල්.


මං වඩාත් ප්‍රිය කලේ, එයාගේ දේශපාළන දර්ශනය සහ යමක් ඔස්සේ තර්ක කරන ආකාරය. බොහොම ප්‍රියමනාප, හැමවිටකම සිනාමුසු මුහුණින් ඉන්න එයා, අපේ ගමේ කාගෙත් සිත්ගත් අයෙක්. නදීකා නංගිගෙන් දෙවෙනි රූපය ඉල්ලා ගත්තේ, ඊයේ පෙරේදා ඇවිස්සුනු මතකයක් නිසා. නමුත් අද එයාගේ උපන්දිනය. මේක මම අවස්ථාවක් කරගන්නවා, අපිට වචනයකින් වගේම ඖෂධ සපයමින්, අපේ සෞක්‍යය පවත්වාගන්නට කල උපකාර වළ පින් මහිමයෙන්, දීර්ඝායු ලැබෙන්න කියලා. සුබ උපන්දිනයක් වේවා පියසේන අංකල් - බාප්පා. දීර්ඝායු ලැබේවා !!! යහපත් සෞඛ්‍යයෙන් සෑම දිනක්ම ගත කරන්න වාසනාව ලැබේවා !!!

ප.ලි. : අවුරුදු 80ට ළඟා වෙලා තියෙන්නේ.



Tuesday, October 31, 2023

පර්සිත් යන්න ගිහිං ......

 ඩේවිඩ් බූනෝ

තස්මේනියාවේ මෝඩයානෝ

ඉක්මනට මෙහෙ එනෝ

දොලහ වෙන්නත් එනෝ

~ අංකල් පර්සි


David Boon

Tasmanian goon

Comeback soon

Before noon


From the book “I’m Percy Cricket crazy” by Denzil Perera


Saturday, October 21, 2023

කෝපි තියෙන්නේ බොන්නම විතරක්ද ......

 කෝපි කියන්නේ හරියට අර අන්ධයන් හත්දෙනා දැක්ක අලියා වගේ කියලයි මට හිතෙන්නෙ. එක් එක්කෙනා තමන්ට ගෝචර විදියට තම- තම ණන පමණින් තමයි මේක කියවගෙන තියෙන්නෙ. මොනවා කෝපි කියවනවා මං නම් ඔය ඇහුවමයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඇත්ත කෝපි බොනවා වගේම කෝපි විඳින්නත් පුළුවන්. ඒ ඇඟේ හලාගෙන නෙවෙයි, සුවඳ ඇස් පියාගෙන ආග්‍රහණය කරලා. දන්නවනේ අර බදින මාළු සුවඳත් එක්ක බත් කාපු කතාව. අන්න ඒ වගේ. ගීතයක් ශ්‍රවණය කරලා, කෝමල හඬක්, ගැඹුරු හඬක් අහලා ඔබට විඳින්න පුළුවන්. ඒ වගේම ලස්සන දෙයක් දැකලා විඳින්න පුළුවන්. 


සුවඳින් විඳින්න පුළුවන් බොහොම විරල ඒ වගේම සුලබ දෙයක් තමයි කෝපි සුවඳ. හැබැයි සුවඳ විඳින්න පුළුවන් බොහෝදේ පරිසරයෙන් හොයාගන්න පුළුවන්. සමහරු පෙට්‍රල් සුවඳට, දිගු පෑවිල්ලකට පස්සේ වහිනකොට එන සුවඳට වගේ බොහොමයක් සුවඳවල් වලට කැමතියි. අකමැති දේවකුත් එමටයි. දූරියන් විශේෂයි. සමහර රටවල බස් ඇතුලේ දූරියන් ග්‍ර්නියන්න තහනම්. හැබැයි සමහරුන්ට දූරියනුත් ආගමක්. දන්නවද ඔය ගඳ දේවල් බොහොමයක් සුවඳ වැඩිකම නිසා අපට ගඳ ලෙස දැනෙන්නේ. 



කෝපි මං වගේ සමහරුන්ට ආගමක් වගේ වුණාට, තවත් කෙනෙකුට ඒක මහ මර උගුලක්. හැබැයි එයාලත් කෝපි හදනකොට එන කෝපි සුවඳට ආසයි. ඉතිං මං බොහෝ වෙලාවල් වලට මගේ මේසේ කෙලවරේ තියෙන කෝපි මැෂින් එකේ ජග් එක දිගු කරනවා බොන්න කියලා. බොහෝ දෙනෙකුගේ උත්තරය තමයි "කෝපි බිවුවම බඩ වේලවනවා" කියන එක. මගේ අත්දැකීම් වලට අනුවනම් මේක මිථ්‍යාවක්. හැබැයි මං එහෙම කියන අයගේ මථය සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නෑ. මොකද එක්-එක් අයගේ ශරීර විවිධාකාර නිසා. හැබැයි මට හිතෙනවා මේ දේවල් මානසිකයි කියලා. අපේ මිනිස්සු කෝපි බොන්නම පුරූදු වෙලා තිබුණේ බඩේ අමාරුවක් වෙලාවට. බඩ වේලවාගන්න. එහෙම හිතලා කෝපි බීලා වතුර අඩුවෙන් බීලා ඒ වැඩේ සාර්ථක කරගන්නවා. ඔවුන් නොදන්නෙ දේ මම මේ ළඟදී අවබෝධ කරගත්තා. 


ඉස්සර මටත් ඔය පරම්පරාවෙන් ආපු විශ්වාසය තිබුණා. ඉතිං මාත්

කෝපි බිවුවෙම බඩ වේලවාගන්න ඕනේ වුණ වෙලාවට. පස්සේ කාලෙක නෙස්කැෆේ ආවා අපේ රටට. මං ඒකට පුදුම විදියට ඇබ්බැහි වුණා. ඉන් පස්සේ දවසකට කෝපි කෝප්ප 5ක් බොන ගානට බිවුවා. ඒත් බඩ වේලුවේ නෑ. මං ඒ ඔස්සේ හිතන්න ගත්තා. ඒ වගේම හොයන්න ගත්තා. එහෙම හොයන පිස්සුවක් තියෙන එකෙන් හැම දෙයක් ගැනම සත්‍යය සොයාගන්න මෙවලමක් ඇඟිලි තුඩක දුරින් තියෙනවා. ඒ තමයි ගූගල් සෙවුම් යන්ත්‍රය. ඒක කොයිතරම් ප්‍රබලදැයි විස්තර කරන්න මෙය අවස්ථාව නොවෙයි. මං හොයාගත්තා නෙස්කැෆේ ස්ඵටිකකරණය කරන්නේ කොහොමද, ස්වාභාවිකද, ඇඟට අගුණද වගෙර් කාරණාවල් රැසක්. ඒ එක තැනකදී කියවපු දෙයක් තමයි කෝපි බොනවනම් හොඳට වතුරත් බොන්න කියන එක. කෝපි ජලයේ දියවෙන නිසා, හොඳින් වතුර බිවුවොත් වැඩිහරිය පිට වෙලා යනවා. වකුගඩු වල ගල් වගේ ප්‍රශ්න එන්නෙම නෑ. බඩ වේලවන එකටත් අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුම හොඳින් ජලය පානය කිරීම. මුළින් මං හිතුවේ මේක නෙස්කැෆේ වලට ආවේනික ලක්ෂණයක් කියලා. මොකද නෙස්කැෆේ වලට මගේ බඩ වේලන්න ගත්තේ නෑ. නමුත් සැඟවුනු සාධකය හෙවත් එක්ස් ෆැක්ටර් එක මගේ ජලපානය. හැබැයි එකපාර වතුර වීදුරුවක් ඇදලා දාන එක නෙවෙයි මේ කියන්නෙ. වතුර බෝතලයක් හෝ වීදුරුවක් ළඟ තියාගෙන මිනිත්තු  කිහිපයකට වරක් තොල-කට තෙමන එක. අයියෝ එහෙම බීලා ඇත්ද ? ඔබට හිතෙන්න පුළුවන්. එහෙම බොනකොට නිතර ජලය ඉල්ලා සිටින්න ඇඟ වගබලාගන්නවා. අන්න ඒකට හොඳ මහත්තෙලා නෝනලා වගේ ප්‍රතිචාර දැක්වුවොත් ඇති. දන්නෙම නැතිව ඔක්කොම පෙවිලා.   


කෝපි වලට කරන්න පුළුවන් තවත් විශ්මකර්ම වැඩක් මට දැනගන්න ලැබුණා පර්ෆියුම් එකක් ගන්න ගිය වෙලාවක. ඒ නුගේගොඩ කූල්

ප්ලැනට් එකේ තියෙන එක්ස්ක්ලූසිවු ලයින් එකේ වෙලඳ සහයකයස්ගෙන්. මිනිහා මට දැන් සුදුපාට කාඩ්බෝඩ් තීරුවලට මං ආසකියපු සුවඳට ආසන්න ඒවා ටෙස්ටර් වලින් ගහලා දෙනවා, පොඩ්ඩක් හොලවලා. ඇයි එහෙම කරන්නේ? නැතිනම් සුවඳ බලන එකාට ක්ලෝරෆෝම් ඇල්ලුවා වගේ තියෙයි. ඩෝප් වෙන්නත් බැරි නෑ. හැබැයි පුතෝ ඩෝප් වෙන්න හිතාගෙන ඒ මිනිස්සු අමාරුවේ දානවා එහෙම නෙවෙයි. මම දන්නවානේ ලංකාවේ පුතයලගෙ හැටි. පෝය දවසට කෝෆ් සිරප් බීපු එවුන්නේ. කොහොමත් ලොක්ඩවුන් එක අවුරුදු පහක් විතර තිබුණනම්, ගෘහ කර්මාන්තයක් විදියට පෙරිල්ල පවත්වාගෙන ගිහින් විදේශ විනිමය උපයන්නත් තිබුණා. ඉතිං මට මෙහෙම සුවඳ දැනෙන්නෙ නැතිව යනකොට ඒකා අරගෙන ආවේ නැද්ද රෝස්ට් කෝපි ඇට දාපු කප් එකක්. මේක සුවඳ බලලා බලන්න කියලා. වැඩේ හරි. අර සුවඳ ඛන්ඩනය කරන්න ඒක මරු. ඒ කිවුවේ බ්‍රේක් කරන්න. එහෙම කිවුවම තේරුණා නේ. ඔව් මං ගඩ කාලෙකට ඉස්සර ඉඳං දන්නවා අපේ මිනිස්සුන්ට හරියට සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ, දෙමළත් බෑ(කොහෙත්ම) කියලා. ඒ නිසා  මතක තියාගන්න කෝපි තියෙන්නේ බොන්නම විතරක් නොවේ කියලා.

Tuesday, October 17, 2023

ජැක්සන් ඇන්තනි ගැන අප්‍රකට කතාවක් ......

 ජැක්සන් ඇන්තනි කළාකරුවා ගැන මේ අප්‍රකට කතාව මා සමග පැවසු කෙනා ගැන මම හෙලිකරන්නේ නෑ. ඒකට හේතු කිහිපයක්ම තිබෙනවා. ආසන්නම හේතුව ඔහු මේක කියලා අපේ කතානායකයාට හොඳටම හිනා වුණා. නමුත් ඒ මොහොතේ පවා එය එසේ වුයේ වාසනාවකට බවයි මගේ හැගීම වුණේ. ඇත්ත වශයෙන්ම එය එසේ වීම 100%ක් හොඳයි. ඒ අද අපි ඔහු ගැන අසන ඔහුගේ විවිධ අංශයන් ගණනාවක දැක්වූ දක්ෂතා අසන්න්ටන නොලැබී යන්න ඉඩ තිබුණා. 


ඔබ අසා තිබෙනවාද ගිටාරයක් නිසා දිවි ගලවාගත් පුද්ගලයෙක් හැන ? එහෙම අයෙකු ගැන ඔබ හෝ මම නොදන්නවා නොවුණත් ලෝකයේ බොහෝ අය සිටින්න පුළුවන්. මා දන්නා එක් අයෙක් හෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ අපේ අසල්වැසි නිවසේ කුලී පදනම මත වාසය කල විරාජ් අයියා සහ ඇන්ටන් අයියා. කොහොමද ඔවුන්ට දිවි ගලවාගන්න ගිටාරය පිහිටට ආවේ. ඒ 88-89 අඳුරු යුගයේ.ඔවුන්ගේ ජීවන වෘත්තීය වූයේ සංචාරක හෝටල් වල කැලිප්සෝ සංගීත කන්ඩායමක් ලෙස වාදනයේ යෙදීම. ඔවුන් දෙදෙනා එසේ උපයන මුදලින් යැපෙන්නන් 10-12 සිටි බව මගේ

විශ්වාසයයි. එනිසා මාසයේ දවස් 30ම පිටේ ගිටාර් දෙකක් එල්ලාගෙන පාපැදි වලින් සවස් යාමයේ පිටවනු දැකීම අපේ ගමේ සුලබ දර්ශනයක් වුණා. ඔවුන් එක් දිනක් සුපුරුදු ලෙස රාජකාරිය හමාර කොට මධ්‍යම යාමයත් පසුකොට ආපසු නිවස බලා එන අතරතුර හමුදා ඛන්ඩයක් අල්ලාගෙන ඔවුන්ගේ කඳවුර වෙත ගොනගොස් තිබුණා. ඔවුන් හසුවූ එම මොහොතේ සිට හිරු උදාවනතුරු නැවතත් ගිටාරය වයා ගී ගැයීම අවේලාවේ වීදි සංචාරය නිසා ඔවුන් ලැබූ දඬුවම වුණා. නමුත් එය පවා සුන්දර දඬුවමක් ලෙසයි මා දකින්නේ. එකල සාමන්‍ය අයෙක් මේ තත්වයට මුහුණදුන්නානම් සිදුවනදේ අප කවුරුත් හොඳින් දන්නා කරුණක්. 


නමුත් ජැකාගේ දිවිය ගිටාරයක් නිසා ගැලවීය යන කතාව හුදෙක් හිතළුවක්නොවෙන බව එය පැවසූ පුද්ගලයා අනුව මා දන්නා කරුණක්. මෙයද ඉහත කතාවේ කාලවකවානුවට අදාල සිද්ධියක්. ජැකා ඒ වණවිට පසුවී ඇත්තේ තාරුණ්‍යයේ. එම වකවානුවේ එම වයස්වල සිටිනවුන් එක්කෝ හමුදාවට, එසේත්නැතිනම් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට එකතු වීම සුලබ දෙයක්. අපවැනි අධ්‍යාපනයට කැපවූවන්ද අතරින් පතර සිටින්නට ඇත. අපේ කතානායකයාටද එවැනි කැලෑවක සිදුවන කෑම්ප් එකකට ආරාධනාවක් ලැබී තිබුණි. තනිපයින් ඔහු ඒ සඳහා එකඟ වන්නට ඇත. අහවල් දින අහවල් දින වේලාවට අහවල් තැනට ඇඳුම් බෑගයක් සමග පැමිණෙන්න්ට ආරාධනාවක් මිතුරන් හරහා ලැබී තිබිණි. එම ස්ථානයට ළඟාවන වෑන් රථයක් බලාපොරොත්තුවෙන් ඔහු හිඳ ඇතිනමුත් එකී වාහනය පැමිණ නොමැති හේතුවෙන් ඔහු පෙරලා නිවසට පැමිණ ඇත්තේ දැඩි කණස්සල්ලකිනි. නමුත් සිදු වී ඇත්තේ අනෙකකි. එකී වාහනය පොරොන්දු වූ පරිදි නියමිත වෙලාවට එහි  පැමිණියත් මේ හාදයා ඇඳුම් බෑගයට අමතරව තවත් උපකරණයක් රැගෙන විත් තිබුණි. ඒ ගිටාරයයි. ඒ මේ සංවිධානය අප්‍රකටව තරුණයන් තම අරමුණු සඳහා එක්රැස් කල කාලයයි. ඔහු ගිටාරයක් සමග සිටින විටාර කන්ඩායමේ පැමිණි නායකයා "පිස්සෙක්" යනුවෙන්. පවසා ඔහු හලා ගොස් ඇත. ඒ ඔහුගේ මෙන්ම සුවසහසක් රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ වාසනනාවකටයි. ඔවුන් තරුණයින් එක්කාසු කොට ඇත්තේ ගරිල්ලා සටන් පුහුණුවක් ලබා දීමටයි. අර පිස්සෙක් යනුවෙන් ඔහුට පැවසූ කෙනා කවුරුන් නමුත් හොඳ තීරණයක් ගෙ. ඇතිබව මගේ විශ්වාසයයි.


Sunday, October 8, 2023

2023 ලෝක කුසලානය

 සිංහලෙන් ලියන්න හොඳම මාධ්‍යය බ්ලොග් කියපු මම, දැඩි මථයේ එල්බිලා හිටපු මමත්, බුකියට සින්න වුණා. ඒත් ඩ්‍රැකියගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න මේ වැඩේ කරගෙන යන්න හිතුවා. බුකියේ දාපුවම මේකෙත් දාන්නම්




මේ වගේ ඒවා දාපු සැණින් බළන්න නම් මගේ පේජ් එකට එක්කාසු වෙන්න වෙනවා.
www.fb.com/yesudika

Saturday, October 9, 2021

මහින්දලාගේ කැරම් බෝඩ් එක ......

 එක කාලයක් තිබුණා අපිට කැරම් ගහන්න පුදුමාකාර පිස්සුවක් හැදුන. කොච්චර ක්‍රිකට් ගහන්න කැමැත්තක් තිබුණත් ලංකාවේ නිරිතදිග කළාපයේ මුහුද අසබඩ ගමක් වෙච්ච බෙන්තොට අපිට අවුරුද්දේ වැඩි දවසක් වැහි සහිත කාලගුණයක් තිබුණේ. ඒ නිසාම වැහි දවස් වලට වගුරු බවට හෝ විල් බවට පත්වෙන අපේ ක්‍රීඩාංගන දෙක නිසා ඒ දවස් වලට හවස ගෙවා දමන්න අපිට විකල්පයක් තෝරා ගන්න සිදු වුණා. ඉතිං අපි බඩගෑවේ උඩකොටුව රජ මහ විහාරේ, ඒ කියන්නේ අපේ පන්සලට. සෝමසිරි නායක හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ එතැන අපේ රස්තියාදු පොළක් ගානට වැටුණේ ඉන්පස්සේ විහාරාධිපති තනතුරට පත් වුණු විමලසිරි හාමුදුරුවෝ අපි කාගේත් යාලුවෙක් තරමට හිතවත් වුණා නිසා. අපි ඉතිං ඔය කිවුව වැහි දවස් වලට පන්සලට බද ගානවා. පන්සල තියෙන්නේ කඳු මුදුනක. කළුගල් අතුරා තාර දාපු පාර දිගේ තමයි අපි පන්සලට ගාටන්නේ. මේක අංශක 45 විතර කන්දක්. දෙපැත්තේ තියෙන ලඳු කැලෑවේ තිබුණ ගඳපාන ගාල කවුරුන් හෝ පාරා තිබුණොත් මේ වැහි දවස් වල පුදුමාකාර ගඳක් ඇති වෙන්නේ. 
 
විමලසිරි හාමුදුරුවෝ අපේ නැන්දාගේ ලොකු පුතාගේ හොඳම ගජයා. දෙන්නා එකට එකතු වෙලා එල සිගරට් එක උරන්නේ. අපිට කැරම් බෝඩ් එක පාවිච්චි කරන්න ලැබෙන්නේ, උන්නාන්සේට සිගරට් එකක් නිමල් බේකරියෙන් ගෙනැත් දුන්නොත්. නිමල් බේකරියට යන්නේ පන්සල පිටිපස්සේ තියෙන, ඉස්පිරිතාලේ පාරෙන්. එතැනින් ඩික්මන් අයියලාගේ ගෙදරින් ඉවර වෙන ගුරු පාරට පන්සල පිටිපස්සෙන් ගේට්ටුවක් ඇරලා තිබුණා. ඉතිං අපේ ගම්වල බොහෝදෙනෙක් මේක ෂෝර්ට් කට් එකක් විදියට පාවිච්චි කරා ඉස්පිරිතාලෙට යන්න. දැන් වගේ දැඩි නීති රීති නොතිබුණ ඒ කාළේ බොහෝදෙනෙක් රවුමේ ගිහිං ගේට්ටුවෙන් යන්නේ නැතිව කම්බි වැටෙන් රිංගලා ඉස්පිරිතාලේ ගියා. මේ රෝහලට ගුණසේකර අනුස්මරණ රෝහල කියන නම ලැබුණේ, අපේ ගමේ එවකට හිටිය කෝටිපතියෙක් වෙච්ච ඩොනල්ඩ් ගුණසේකර මහතාගේ පරිත්‍යාගයෙන් ඉදි කරපු මේ රෝහල රජයට පරිත්‍යාග කරපු නිසා. මේ රෝහල විවෘත්ත කරන්න ඔන්න මෙන්න තියෙන කාලේ ලංකාවට කපිල වස්තුපුර සර්වඥ දාතුන් වහන්සේලා වැඩම කරවා තිබුණා. 

ඩොනල්ඩ් ගුණසේකර මහත්මයාගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා, අපේ ගම හරහා මේ රථය ගමන් කරන විට මේ රෝහල පිටුපස ඉදි කරපු විශේෂ කපිලවස්තුපුර චෛත්‍ය ආකෘතිය ඉදිරියේ තාවකාලිකව ඉදිකරපු මඩුවක සර්වඥ දාතුන් වන්හන්සේ වැඩම කරවා ප්‍රදර්ශනය කරන්න. මමත් කලින්ම ඉස්කෝලෙන් ඇවිත් මේ පෝලිමේ ඉදිරියෙන්ම හිටියා. හදිසියේ සැරසිලි කරමින් උන්න ඩොනල්ඩ් ගුණසේකර මහත්මයාට(ඉලාස්ටෝ සමූහ ව්‍යාපාරයේ අධිපති) බ්ලේඩ් තලයක් අවශ්‍ය වුණාම, මම ගාව තිබුණ බ්ලේඩ් තලය දෙන්න ලැබීම මහ ලොකු දෙයක් වුණා මට ඒ කාළයේ. මෙහෙම සුදානම් වෙලා උන්නත්, එතැන නවත්වන්නේ නැතිවම ඒ රථය ඉදිරියට ඇදෙනවා මල්වැස්සට තෙමි-තෙමි අපි බලාගෙන උන්නා. ඩොනල්ඩ් ගුණසේකර මහත්මයා කනස්සළු ස්වභාවයකින් පිටවෙලා ගියා. 

ඔතැනින් ගිහිං තමයි අපි නිමල් බේකරියට යන්නේ. නිමල්බේකරියේ හැදෙන  පාන් සහ කෙටි ආහාර වල සුවඳ ඒ වටපිටින් ගියත් දැනෙනවා. ඉස්සර අපි හරි ආසයි හාෆ් බොයිල් බිත්තරත් එක්ක, උණු-උණු පාන් පුංචි කෑලි වලට කපලා බෙලෙක් පිඟානකට පත්තර කෑල්ලක් දාලා දෙන එක කන්න. මට ඒ කාලේ ගෙදරින් ඕවට සල්ලි ලැබෙන්නේ නෑ. කොහොමත් ආහාර වේල් තුනට අමතරව කනවානම් ගහකින් කඩා ගත්ත හෝ අහුලා ගත්ත දෙයක් තමයි. හැබැයි මගේ අත් අකුරු ලස්සන නිසා මට කියළා ලවු ලේටර්ස් ලියා ගත්තු කුමාර අතේ සල්ලි ගැවසුන නිසා ලියුම ලියලා දුන්නට පස්සේ අපි දෙන්නා යන්නේ නිමල් බේකරියට. එහෙම ගිහිං තමයි ඔය හාෆ් බොයිල් කෑම කෙරුවේ. 

පන්සලේකැරම් ගහන්න මමයන්නේ කළුතර ඉස්කෝලේ ගිහිං ඇවිත් දවල්ට කාලා හවස හතරට විතර. මේ වෙනකොට අපේ නඩේ අනික් අය එක්කෝ කැරම් ගැහිල්ල පටන් අරං, නැත්නම් හතරවෙනියා එනකං බලන් ඉන්නවා. අපේ ගේ පිටිපස්සේ ග්‍රවුන්ඩ් එක තියෙන නිසා දැනගන්න ලේසියි හවසට කෙරෙන්නේ ක්‍රිකට් ගැහිල්ලද නැතිනම් කැරම් ගැහිල්ලද කියළා. පන්සලේ කැරම් ගැහිල්ල කාලයක් කෙරීගෙන ගියා. ඒ වුණත් අපේ ඉස්සරහ ගෙදර හිටිය මහින්ද/මහේෂ් කියන අයිය මලෝ යුගලට සල්ලි ඌශ්නේ ගහලා තිබුණ නිසා කැරම් බෝඩ් එකක් අරගෙන ආවා. වැඩේ තියෙන්නේ මෙවුන් හම්බ කරන සල්ලි වලින් නෙවෙයි එහෙම කළේ. මහින්දලාගේ අක්කා රට (සුවිස්) ඉඳන් එවන සල්ලි වලින්. මේ කාලේ එයාලට වැන් එකක් එහෙමත් තිබුණා. පස්සේ මහින්දලාගේ ඉස්තෝප්පුව රස්තියාදු තිප්පලක් වගේ වුණා. අපේ අම්මා නම් කීයටවත් කැමති වුණේ නෑ, මම එතැන කැරම් ගහන්න යන එකට. මොකද එතැනට නානාප්‍රකාර මිනිසුන් ආව ගිය නිසා. අනික හැමදාම හවස් වෙත්දී මහින්දලාගේ තාත්තා දෙකක් දාගෙන් අම්මා එක්ක ජාතිය අමතන්න ගන්නවා. 

ඔහොම  ටිකක් වැඩිපුර දාගත්ත දවසක, පුටුවකට වෙලාඇලට් එකක් දාගෙන හිටිය ඊබට් නොහොත් මහින්දලාගේ පියාණෝට  ටකස් බකස් ගාන මේ සද්දෙත මල පැන්නා. ගේ පිටිපස්සට ගිහිං අලවංගුව(නාරස්සනේ) අරගෙන ඇවිත් දමලා ඇරියා කැරම් බෝඩ් එකට. එදා හවස මම ගියාම ඒක තිබුණේ මෙන්න මේ වගේ. ඉතිං මොකේදැයි දැන් වළඳන්නේ කියළා මම ආපහු ගෙදර ආවා. නමුත් ටිකක් කල්පනාවට වැටුණා මෙකට් මොකක්ද කරන පුළුවන් කියළා.

ඒත් මගේ ඔලුවට කිසිම දෙයක් ආවේ නෑ. මේ කාලයේම හන්දියේ ගාර්ජ් එකේ ටිනකරින් වැඩ කරන නිවුටන් අයියාගෙන් මම ඉල්ලගෙන තිබුණා තිනර් ටිකක්. මේ තිනර් එකට මට හම්බෙන - හම්බෙන රෙජිෆෝම් කෑලි කඩලා ඔබලා  ගම් එකක් හදාගන්න තමයි ඔහොම කළේ. ටික දවසක් යනකොට ගම් එක හරි ගියා. මගේ ඉස්කෝලේ යුනිෆෝම් එකක් ඉරිලා තිබුණා. පිට පැත්තේ හින්දා වැඩි අවුලක් තිබුණේ නෑ. මම කළේ වෙන සුදු රෙදි කෑල්ලක් ඉල්ලගෙන ආවා ටේලර් වැඩ කරන විමලවීර අයියගෙන්. එක අර ඉරුණ තැනට තියලා මේ ගං ඒකෙන් ඇලෙව්වා. වැඩේ ගොඩ. ඉන් පස්සේ ඒ ෂර්ට් එක ඉස්කෝලේ අඳින්න පුළුවන් වුණා. 

මට හිතුණා මේකටත් ඒ ගම් ඒකෙන් මොනවා හරි කරන්න පුළුවන් කියළා. පොඩ්ඩක් කිට්ටු වෙලා බැලුවම පෙණුනා මේකේ ලෑල්ලට භාවිතා කරලා තියෙන්නේ එම්.ඩී.එෆ්. (ඒ කාලේ අපි කිවුවේ තේ පෙට්ටි ලෑල්ලක් කියළා). ඊට පස්සේ මේ තේ පෙට්ටි ලෑල්ලක් හොයන මෙහෙයුම අපි දියත් කළා. මේ වගේ ඒවා ගෙවල් වල නෑ. මොකද කිලෝ පහක් විතර දාන්න පුළුවන් ඒ වගේ පෙට්ටියක් ගෙදරක තිබුණා නම් කාගෙන් හරි ඉල්ලන් ආපු එකක්. ගෙදරක් තේ කිලෝ පහක් ගන්නේ නෑ. එච්චර තේ බොන්න තරම් ලොකු පවුලක් කොහෙද තියෙන්නේ? කොච්චර තේ හදලා දුන්නත් ඒ වගේ පෙට්ටි තේ, තේ කඩවල ගන්නේ නෑ. පස්සේ කාට හරි පුළුවන් වුණා, ඒ තේ පෙට්ටියක උඩු පියන් කෑල්ලක් හොයාගෙන එන්න. 

පින්තුරය ගත්තේ : https://www.calicocraftparts.co.uk/

ඔන්න ඔය උඩින් තියෙන එක වගේ එකක් තමයි මම කියන්නේ. මේක කියවන පරණ අයටනම් මතක ඇති. මේක හොයා ගත්තත් අපි මොකක්ද කරන්නේ කියන කාරණය හිතා ගන්න අමාරු වුණා. මං මහින්දගෙන් ඇහුවා "මේක කපලා කොටලා හැදුවට කමක් නැද්ද ?" කියළා. ඌ ටිකක් කල්පනා කරළා "ඕන දෙයක්" කියළා කිවුවා. ඒක කැඩිලා තියෙන්නේ හරියට සයිප්‍රස් රට වගේ. ඒ වගේ එකක් කොහොමද මේකෙන් කපන්නේ ? ටික වෙලාවක් කල්පනා කරාම, නිවුටන් අයියලා ගැරේජ් එකේ කරන වැඩේ සිහිපත් වුණා. කොහොම දිරපු තැනක් වුණත් එයාලා හතරැස් කොටුවක් කපලා තමයි අලුත් තහඩු කෑල්ලක් තියලා වෙල්ඩින් කරන්නේ. ඉන් පස්සේ පොඩි කියත් පටියක් හොයා ගත්තා. මේක එහෙම ලේසියෙන් කපලා ඉවත් කරන්න බෑ, මොකද යටින් මේකේ ආධාරක් පටි තියෙනවා අඟලේ-අඟලේ පොලු වලින් ගහපු. අඟල් හයේ විතර පරතරයකින් ඒවා තිබුණේ. මේ කපන වැඩේ ගරාජ් එකේ ටික කාළයක් වැඩ කරපු සුසන්ත භාරගත්ත. අන්තිමට හතරැස් නැති වුණත්, ඒ වගේ එකක් කපා ගත්තා. ඉන් පස්සේ ඒක මැනලා සමාන කොටුවක් ලෑලි කෑල්ලෙන් කැපුවා. තියලා බැලුවම සමහර තැන් වල පොඩි හිඩැස් තියෙනවා මිලි මිට්ටර දෙකේ තුණේ. ඇතුලේ තියෙන හරස් පොලු වලයි-ලෑල්ලෙයි ගම් ගාලා ඇලෙවුවා. ඒ ගම් එක පට ගාලා වේලෙනවා. ඒ වගේමයි ඇලෙවුවොත් ඇලෙවුවා. 

ඊට පස්සේ අර හිඩැස් වලට ගම් එක්ක බොරික් කුඩු කලවම් කරලා පිරෙවුවා. පස්සේ වැලි කඩදාසියකි අර කැපුම් තියෙන තැන් ගෑවා. පස්සේ හොදට බොරික් දාළා ගහලා බැලුවා. මුලින්ම ගහපු පාරවල් ගියේ ඉස්සරහ හිටිය කෙනාගේ ඔලුව උඩින්. කට්ටිය හිනා වෙන්න පටන් ගත්තා. ආයෙත් ටික වැලි කඩදාසිය ඇල්ලුවා. දවස් කිහිපයක් ගියාව පොඩි පොඩි පැනිලි තිබුණා. පස්සේ හරි ගියා. ඕක තමයි මම කරපු පළමු DIY නොහොත් අටවන මාටිං වැඩේ. දැන්නම් කරන්නෙම ඒවා. මොකද යූබටයේ වීඩියෝ තියෙනවා ඕන තරම්.

Wednesday, October 6, 2021

ඕමාන් ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා : " කිසිවකුට කියන්න බෑ අපි එක් ලෝක කුසලානයක් ක්‍රීඩා කොට අතුරුදහන් වෙනවා කියළා"......

සංවාදය : 


තම රට තරගාවලිය සඳහා සම සත්කාරකත්වය දැරීමත් සමග විස්සයි20 ලෝක කුසලානය,

 ඕමාන් ක්‍රිකට් ප්‍රධාන විධායක පන්කජ් කිම්ජිගේ විශ්වාසය මෙම තරගාවලිය සඳහා දෙවන 

වරටත් ඉදිරිපත්වන ඕමානය ප්‍රබල තරගකරුවෙක් වනු ඇති බවයි. 


පින්තුරය : ESPN Crickinfo වෙබ් අඩවියෙනි
දශකයකට ප්‍රථම ඕමානය සතුව තණකොළ සහිත ක්‍රීඩාංගනයක් නොතිබුණි. අද එකකට එකක් යාබදව ක්‍රීඩාංගන දෙකක්, එහි අගනගරය වන මස්කට් නුවරට, කෙටි ගමනකින් ලඟා විය හැකි අල් අමරත් හී තිබේ. මෙම ස්ථාන දෙක, විස්සයි20 ලෝක කුසළාන තරගාවලියේ පළමු අධියරෙහි තරග 6ක් සඳහා සත්කාරකත්වය දරන විට,  ලෝක ක්‍රිකට් සිතියම තුළ ඔවුන් රඳවනු ඇති. ඕමාන ජාතික කණ්ඩායම තරගාවලිය සඳහා සහභාගී වීමෙන් එහි සුපිරි 12 වටයට ඇතුලත් වීමට බලාපොරොත්තු වීමත් සමග, එය රටෙහි ක්‍රිකට් වල සංදිස්ථානයක් සනිටුහන් කරන මොහොත වන බව පුළුල්ව දකින බව එහි ප්‍රධාන විධායක නිලධාරී පංකජ් කිමිජි පවසා සිටිනවා.


ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දක්වන්නට ලැබීම ඔමානයට කෙතරම් විශාල දැයි යන්න ගැන දැනෙන හැඟීම ගැන විස්තරයක් දිය හැකිද ?


අයිසීසී ආශ්‍රිත සාමාජිකත්වය දරන දේශයකට ලෝක කුසලානයකට සත්කාරකත්වය දරන්නට 

නිතරම අවස්ථා හිමි වෙනවාද ? ස්ටාර් පොර්ට්ස් [තරගාවලියේ නිළ විකාශකයා ] මා හා පැවසුවා 

මුළු ඉතිහාසයේම සිදු කෙරෙන, තෙවන විශාලතම රූපගත කර විකාශණය කරන ක්‍රීඩා තරගාවලිය 

බව. එය බිලියන 3ත් 3.5 ත් අතර ප්‍රමාණයක සැඟවුණු ප්‍රේක්ෂණ ජනතාවක් වෙත ලඟා වන බවත්, 

ඕමානයේ ක්‍රීඩා කරන මුල් තරග 06 අඩුම තරමින් ඉන්දීය උප මහාද්වීපය තුළ බිලියනක පමණ 

නැරඹුමක් සිදු වුවහොත්, එය ලොකු දෙයක් බව. මීට කලින් එහෙම වෙලා නෑ. අපිට ගොඩක් 

සන්තෝෂයි ඒ ගැන. දේශීය නාගරික සභාවේ ප්‍රධානියාගේ සිට අපට රට තුළ තිබෙන සියළුම 

අධිකාරීන්ගේ ආශිර්වාදය සහ සහයෝගය ලැබෙනවා, ඔවුන් පවසා සිටින්නේ “අපි ඕමානය ලෝක 

සිතියමේ රඳවමු" යන්නයි.


ඕමාන කණ්ඩායමේ සහභාගීත්වය ගැන සහයක සේවා කණ්ඩායම සිටින්නේ මොන වගේ මානසික තත්ත්වයකද ?


කාරණා දෙකක්. එක, ලෝක ප්‍රේක්ෂකයා ඕමානය දකින්න යනවා. අවසන් විස්සයි විස්ස ලෝක 

කුසලානයේදී [ඉන්දියාවේ 2016 පැවති] අප අයර්ලන්තය පරාජය කරමින් ඉතිහාසයට යමක් එකතු

 කළා. දැන් බොහෝවිට විස්සයි20 ලෝක කුසලානයේ දෙවෙනි වටය සඳහා සුදුසුකම් ලබන 

ආසියාවේ එකම ආශ්‍රිත සාමාජික රට විය හැකියි. එය අහම්බෙන් ලැබුණු වාසියක් නොවෙයි.


දෙක; අපගේ අභිප්‍රාය, අප අර්ථ ගන්වාගෙන තිබෙනවා. සුදු පාට බෝලයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන

 මුල් රටවල් 20 අතර අප ඉන්නවා. කාටවත් කියන්න බැහැ, එක් ලෝක කුසානයක මෙම ස්ථානය 

ලබාගෙන අප අතුරුදහන් වේවි කියළා අපගේ බලාපොරොත්තුව සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට.

 කණ්ඩායම ඒ සඳහා සිත යොමුකර තිබෙනවා. එය කරන්න හැකියාව ලැබුනොත් අපට ස්වයංක්‍රීයව

 ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය සඳහාත් සුදුසුකම් ලබනවා.

 එනිසා ලොකු අභියෝගයක් තිබෙනවා. එක්වරම සම්පුර්ණයෙන්ම පාපන්දු ක්‍රීඩාවට ප්‍රේම කරන

 ජනතාවක්, තුළන් අලුත්ම කණ්ඩායමක් බිහි වේවි, ඔවුන් කියාවි ඔමානයට ලෝක කුසලානයක් 

ගෙන ඒම විශ්මිත දෙයක් බව.


මෙම කෝවිඩ් කාලයේ, තරග පැවති කාළය ගැන මතකය පවා ගිලිහෙන තත්වයක කොහොමද ඔබ මෙම තරගාවලිය සඳහා පෙර සුදානම සිදු කළේ ?


ඕමානයේ අප සතුව සිටින සියළුම ක්‍රිකට් ක්‍රීඩකයින් ආධුනිකයින්. අප සති අන්ත ක්‍රිකට් ක්‍රීඩා 

කරනවා අපගේ දේශීය ක්‍රිකට් සමය සැප්තැම්බර් සිට අප්‍රේල් දක්වා සති අනත තරගාවලි වලින් 

සමන්විත වෙනවා. සති පහක-හයක කාලයකට කලින් අපගේ සියළු ක්‍රීඩකයින් නිරෝධායනකින් 

පසුවයි පැමිණියේ. මේ කාළය තුලදී, ශාරීරික පුහුණුකරුවන් ඔවුන්ව නිසි හැඩයකට ගන්නට සමත් 

වී තිබෙනවා. ඔවුන්ගේ වැඩි වී තිබු කිලෝ කිහිපයක් බර අඩුකරගෙන තිබෙනවා. එයින් 

පැවසෙන්නේ කණ්ඩායම සුපිරි හැඩයක සිටින බව.


අප මුම්බායි වල ඉතා හොඳ විස්සයි20 තරගාවලියක් ක්‍රීඩා කළා 2-1 ක් ලෙස ඔවුන පරාජය කරමින්. 

තරගාවලියෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහයකදී, මුම්බායි පුහුණුකරු අමෝල් මුසුවදාර් මා හා 

පැවසුවා “ඔබ ගිනිගොඩ අවුළුවාගන්න සමත් වුණා [මුම්බායි කණ්ඩායම සමග] මටවත් එය කරන්න 

බැරි වුණා” විස්සයි20 තරගාවලියේදී ලැබූ පසුබැස්ම, මුම්බායි කණ්ඩායමට එක්දින තරගාවලියේදී 

පැහැදිලි ජයක් වාර්තා කරන්නට හේතු වන්නට ඇති, නමුත් අපට මුම්බායි වගේ ඉස්තරම් 

කණ්ඩායමක් සමග ක්‍රීඩා කරන්නට ලැබීම තරම් වටිනා පුහුණුවක් තවත් නැහැ. ප්‍රබල ප්‍රතිවාදියෙකු 

සමග පහුණු වනවිට ඔබ ඉගෙන ගන්නවා. දුර්වල ප්‍රතිවාදියා සහය වන්නේ තවතවත් ලිහිල් 

වන්නටයි. අවුරුදු 22-23ක් අත‍ර සාමාන්‍ය වයසක පසුවන ප්‍රතිවාදී කණ්ඩායමක් සමග ක්‍රීඩා 

කළ අපගේ කණ්ඩායමේ සාමාන්‍ය වයස වුණේ 33-34ක් අතර. එය ඇත්ත වශයෙන් යොවුන් 

කණ්ඩායමක් සහ ප්‍රවීනයන්ගේ අතර තරගයක් වගෙයි. සුදානම අනර්ඝයි.

Mumbai Crkcket Team
පින්තුරය : ESPN Crickinfo වෙබ්අඩවියෙනි

 


ඔබගේ ක්‍රිකට් අධ්‍යක්ෂ වරයා, දුලිප් මෙන්ඩිස් ගැන යමක් සඳහන් කරන්න. කණ්ඩායම වෙත ඔහුගේ බලපෑම කොහොමද ?


ඔහු දැන් අප සමග වසර 10ක කාළයක් ගතකර තිබෙනවා. මම හිතන්නේ නැහැ ඔහු හිතුවා කියළා 

මේ තරම් කාලයක් මෙහි රැඳී ඉන්න. ඕමාන් ක්‍රිකට් හැඩගන්වන්න ඔහු ලැබීම් ආශිර්වාදයක්. 2016 දී

 විස්සයි20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ සිට, ශ්‍රේණිගත කිරීම් වල 40 වන ස්ථානයේ 

රැඳී සිටි අපි 14වන හෝ 15වන ස්ථානය දක්වා ඉහළ ගමන් කළා සුදු පැහැති පන්දුවෙන් කරන ක්‍රිකට්

 වලදී. එයට වඩා දෙයක් අපට ඉල්ලා සිටිය හැකිද ? ඔහු පියවරෙන් පියවර එය ගොඩනැගුවා.


ලෝක කුසලාන ලීගය 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ මාර්ගය වී 

තිබෙනවා, මුළු තරග ප්‍රමාණයෙන් තුණෙන් එකක් දැන් ක්‍රීඩා කර හමාරයි. අප ලකුණු සටහන් වල 

ඉහළින් රැඳී ඉන්නවා. මගේ සගයන් සමග මා පවසන දේ තමයි, “අපි ක්‍රිකට්  වලට අතපෙවීමෙන්  

වැළකෙමු. අප එය දුලිප්ට කරගෙන යාමට ඉඩ හරිමු” කියළා.  අප මෙහි පාලකයින් පමණයි. අප 

මේ රේඛාව ඇඳ, ඔහුට ක්‍රිකට් කරගෙන යාමට ඉඩ හැරිය පසු, එය අතිවිශාලයි. ක්‍රිකට් කියන්නේ 

එක දිගට තරග පහක් පරාජය වුවහොත් කළමනාකරු ඉවත් කරනා, පාපන්දු වගේ විවේචනාත්මක 

ක්‍රීඩාවක් නෙවෙයි, පාරජයයන් යනු එහි කොටසක් සහ වර්ධනය වෙනුවෙන් ලැබෙන පාර්සලයක්. 

වාසනාවකට, [අවසන් පස් වසර තුළ] අප ජයගත් තරග පරාජයට පත්වූ තරග වලට වඩා වැඩියි. 


දක්ෂයන්ට තැන ලබා දීම සඳහා පෝෂක පද්දතියක් තිබෙනවද ? 


අප සතුව මෙහි අපූරු පාසැල් පද්දතියක් තිබෙනවා එසේම දැනට සිටින ක්‍රීඩකයින්ගෙන් සිවු 

දෙනෙක් ජාතික කණ්ඩායම දක්වා පැමිණ තිබෙන්නේ 13න් පහළ, 16න් පහළ සහ 19න් පහළ 

ක්‍රීඩා කිරීමෙන් පසුව. ඉන්දියන් සහ පාකිස්තාන, පාසල් ක්‍රිකට් පද්දති මෙහි ඉතා ශක්තිමත් අතර 

අප තවදුරටත් එය ශක්තිමත් කිරීම සඳහා උත්සාහ ගනිමින් සිටිනවා. අපගේ ක්‍රීඩකයින් දේශීව 

වගා කෙරුණු, සහ විදේශිකයන් අතර සම්මිශ්‍රණයක්. තමන්ගේ රටවල ඉහලට පැමිණීමට අවස්ථාව

 නොලද අය දැන් සලකා බලන්නට ඉඩ තිබෙනවා ඕමානය ඔවුන්ගේ ආශාව පසුපස ලුහුබැඳීමට 

කදිම ස්ථානයක් කියළා.


අප 2020දී බිම් මට්ටමේ සංවර්ධන වැඩසටහනක් දියත් කළා [කෝවිඩ් පැමිණෙන්න කලින්]. අප 

රජයේ පාසල් 10ක වගකීම භාරගත්තා, අපගේ පුහුණුකරුවන් අවුරුදු 8-9 වයසේ සිසු-සිසුවියන් 

සඳහා ක්‍රීඩාවේ මුලික දේ ඉගැන්වීමෙන් යෙදුණු අතර ඔවුන්ට එය ඊළඟ මට්ටම දක්වා ගෙන යා 

හැකිදැයි බැලුවා. අපගේ ප්‍රධාන ක්‍රීඩාංගනයට ඔවුන් රැගෙන විත්, ඔවුන්ට ගෘහස්ථ මධ්‍යස්ථානයේ 

පුහුණුවීමට ඉඩ ලබා දුන්නා. අප උත්සාහ කළේ එය විනෝදාත්මක ස්ථානයක් බවට ඔවුන්ට පුරුදු 

කරන්න. ඔවුන්ට ක්‍රිකට් නැරඹීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ, එනිසා හැකිතාක් ඔවුන්ට ක්‍රීඩා 

කිරීමේ අවස්ථාව ලබාදීම සහතික කර ගත්තා. අල් අමරත් හි ප්‍රධාන ක්‍රීඩාංගනය ආසන්නයේ 

හොඳ නෙවාසිකයින් පිරිසක් සිටිනවා. අප ඔවුන්ට සන්ධ්‍යා කාළයේ ශරීර සුවතාව සඳහා ඇවිදීමට 

අවස්ථාව සලසා දුන්නා, තණකොළ පිට්ටනියේ ව්‍යායාම සඳහා ඉඩ හැරියා. තවත් අවුරුදු 10-15 

කාලයකදී 50%ක් පමණ ඕමාන ජාතිකයින් කණ්ඩායමේ සිටිනු දකින්නට අපට කළහැකි දේ අප 

කළා. 

Oman Cricket Team Streaching Al Amarath Streaching
පින්තුරය : ESPN Cricinfo වෙබ් අඩවියෙනි.

 


කොපමණ කාලයකට පෙරද සිට ඔබ සිතුවේ ඕමාන ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමට පත් වේවි කියා ?


වඩාත් යථාර්ථවාදීව අර්ධ-වෘත්තීය මට්ටමේ ව්‍යුහයක් පවත්වාගෙන යනවා. අපගේ සියළුම 

ක්‍රීඩකයින් උදේ 9ත් හවස 5ත් අතර රාජකාරියක් කරනවා. ඔවුන්ට තාමත් පුහුණු කඳවුරු හෝ 

විශාල තරගාවලි සඳහා නිවාඩු ලැබෙන්නේ නෑ. සමහර ක්‍රීඩකයින් අර්ධ-දෙමුහුන් කොන්ත්‍රාත් මත 

සිටිනවා, නමුත් ඔවුන්ව බඳවාගත් ආයතනය වෙනුවට ඕමාන් ක්‍රිකට් වෙතින් වැටුප් ගෙවනවා

[ඔවුන් රාජකාරි වෙත වාර්තා නොකළ අවස්ථා වල]. අවංකව අපි තවමත් ආධුනිකයින්, එනමුත් 

කුඩා කණ්ඩායම් නිරතුරු පරදවනවාට වඩා ඉඳහිට හෝ ඉහළ ශ්‍රේණිගත කණ්ඩායම් පරාජයට 

පත් කරනවා, ඔබට සම්පූර්ණ වෘත්තීය මට්ටමේ කණ්ඩායමක් නිර්මාණය කරන්න බැහැ,  

කණ්ඩායමේ වැඩේ දෙනෙක් විදේශිකයන් වූ විට. එය හරි යන්නේ නෑ.


මෙවැනි විශාල මට්ටමක තරගාවලියක් සඳහා විශාල මට්ටමක යටිතල පහසුකම් නවන්න සිදු වනවා, ඔබ එය සිදු කලාද ?

 

අපේ ක්‍රීඩාංගනය [අල් අමරත් වල] හරියට, වර්ණනාවට නගන එංගලන්තයේ ගම්බද ප්‍රදේශයක 

ක්‍රීඩාංගනයක් වගෙයි. එක් පැත්තක ක්‍රීඩා සමාජයේ ශාලාවක් තිබුණා, එය මුම්බායි  සී.සී.අයි. 

එකෙන් තුණෙන් එකක් විතර ඇති. එහි අනෙක් කොටස කොහොඹ සහ මැයි ගස්, ලන්ඩනයේ 

මල්වතු වල ඇතිවාක් මෙන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු වාඩි වී සති අන්ත තරගය නරඹන්න 

ඇති බංකු වගේ කොටසක්.  


නමුත් ලෝක කුසලානය සඳහා සත්කාරකත්වයත් සමග අපට එය වෙනස් කරන්න සිදු වුණා. 

අපිට සිදු වුණා සැලසුමක දල සටහනක් ඇඳ ගන්න, කී දෙනෙකුට තරග නරඹන්න අවසර 

දෙනවාද ? කෝවිඩ් නීති-රීති සමග, අප පැවසුවා 3000ක් පාළනය කළ හැකි බව. අපි පිට්ටනියේ 

බංකු වල 200ක් 300ක් අතර ප්‍රමාණයකට ඉඩ ලබා දිය හැකියි, දැන් අපි 3000කට නරඹන්න 

දෙන්න සුදානම්.


වායුසමනය කළ ඒකාබද්ධ නැරඹුම් කුටි 30ක් සහ මාධ්‍ය කුටියක් දර්ශණ තිරයට ඉහළින් ගොඩනැගුවා. 

එක් විස්තර විචාර කුටියක් ප්‍රමාණවත් නැහැ. දැන් අපි භාෂා කිහිපයකින් විස්තර විචාරයන් කරනවා. 

එනිසා ඒ සඳහා අපට විශාල ප්‍රදේශයක් සංවර්ධනය කරන්න සිදු වුණා. මට කියන්න බැහැ අපිට 

ලෝර්ඩ්ස් තරමේ මාධ්‍ය කුටියක් තිබෙනවා කියා, නමුත් අපිට කදිම පුංචි සැකසුමක් තිබෙනවා. 

අපට දැනුම් දුන්නා ලක්ස් 1000ක පමණ විදුලි ආලෝක ධාරා ඉස්සර තිබුණ ක්‍රමය බව. ඔබට 4K HD 

රූපගත කිරීමට අම අවම වශයෙන් ලක්ස් 3500ක වත් ආලෝක තත්වයක් පැවතිය යුතුයි. අපට දැනුම්

 දුන්නා ලෝහ හැලයිඩ් විදුලි ආලෝකය යොදා නොගෙන ඒ වෙනුවට එල්.ඊ.ඩී. ලාම්පු යොදා ගන්නා 

ලෙස. එවැනි විදුලි පහන් ඇඟිලි තුඩකින් දැල්වීම හෝ නිවා දැමීම සිදුකල හැකියි. ඉතිං අපි ඒකත් කළා. 


එකින් එක සැමදේම දැන් සුදානම් කර තිබෙනවා. එය තරග හයක් පමණක් වුවත්, මෙය ලෝක 

කුසලානයක්. ඉතිං මේ උද්යෝගිමත් කාලයක්. 


සාකච්ඡාව: ESPN Crickinfo වෙබ් අඩවියේ උප කතෘ වරයෙකු වන ශෂන්ක් කිෂෝර්, ඕමාන ක්‍රිකට් ප්‍රධාන විධායක වරයා වන පන්කජ් කිමිජි සමග කළ සම්මුඛ සාකච්ඡාවක් එම වෙබ් අඩවියේ 2021 ඔක්තෝබර් 03 දින පළවූ ලිපියක සිංහල පරිවර්තනය.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...