Sunday, November 2, 2014

දුම්බොන අයගේ අවධානයට

Attention for those who smokes

ඔබ තවමත් දුම් බොනවාද ? නැතිනම් කලින් දුම් බිවු කෙනෙක්ද ? : ඔබේ සිරුරෙන් නිකොටින් පලවා හැරිය හැකි ආහාරපාන වර්ග හයක් මෙන්න 

දුම්බීම්ම සෞක්‍යයට අහිතකරයි. එය අපි සියළුම දෙනා දන්නා සත්‍යයක් නමුත් ටිකදෙනෙකුට මේ පුරුද්ද අත හැරීම අසීරු කාර්යයක්. නිකොටින් සීඝ්‍රයෙන් අධික රුධිර පීඩනය ඇති කිරීමට හේතු වන අතර පෙනහළු වලට බරපතල හානි සිදු කරයි. කොහොමනමුත් ඔබ දුම් පානය අත්හලද, නිකොටින් වල බලපෑම අවුරුදු ගණනාවක් පවතිනවා. 

ඔබේ සිරුරෙන් නිකොටින් නැත්තටම නැති කරන්නට සෞක්‍යමය ආහාර වලට පුළුවන්. 

එහෙනම් ඔබේ සිරුරෙන් නොකොටින් පලවා හරින්න පුළුවන් අහාර මොනවාද ?

බ්‍රොකොලි 


බ්‍රොකොලි
පින්තූරය ගත්තේ : veggieharvest.com
එය විටමින් සී සහ බී5 යන වර්ග සහිත අහාරයකි. දුම්පානය සිරුරේ විටමින් සී ප්‍රමාණය අඩු කරයි. හැකිතරම් බ්‍රොකොලි අහාරයට ගැනීමෙන් නිකොටින් ඔබගේ සිරුරෙන් ඈත් කර ගත හැක.

කැරට් යුෂ

කැරට් යුෂ
පින්තූරය ගත්තේ : www.purejuicing.com

ඔබ දුම්පානය කරන්නෙකු නම්, ඔබ සිගරට්ටුවක් දල්වන සැම අවස්ථාවකම ඔබ දැන ගත යුතු කරුණ වන්නේ නිකොටින් ඔබේ සිරුරේ දින තුනක් රඳා පවතින බවයි. නිකොටින් ඔබගේ සමටද හානි කරයි. කැරට් යුෂ සැමට යෝග්‍ය වන අතර එය විටමින් ඒ, සී, කේ සහ බී බහුලව පවතින ආහාරයකි, ඒවා නිකොටින සිරුරින් ඉවත් කිරීම සඳහා කාර්යක්ෂම ක්‍රියා කරති. 

නිවිති

නිවිති
පින්තූරය ගත්තේ : www.care2.com

නිවිති සෞක්‍යසම්පන්න බවින් වැඩිම එළවළුවකි, ඒ එය විටමින් වලින් ෆොසත් නිසාම පමණක් නොවේ, එහි විශාල ප්‍රමාණයක් ෆෝලික් අම්ලය අඩංගු වන බැවිනි. 

කිවි

කිවි පලතුර
පින්තූරය ගත්තේ : www.buyfruit.com.au

මෙම ආශ්චර්යමත් පලතුර ඔබගේ සිරුරෙන් නිකොටින් පලවා හැරීමට සහය වේ. කිවි විටමින් ඒ, සී සහ ඊ  ලබා ගැනීමට තිබෙන හොඳම ආහාරයකි. ඔබ දුම්පානය කරන විට සිරුරේ විටමින් මට්ටම පහල බසී. 

ජලය

පින්තූරය ගත්තේ : www.futurefit.co.uk

දුම්පානය ඔබේ සිරුර විජලනයට පත් කරයි. සමීක්ෂණ වලට අනුව ඔබ ඇති පමණ ජලය පානය කරන්නේ නම් එය දුම්පානයෙන් මිදීමට ඉවහල් වන අතර සිරුරේ ඇති නොකොටින් ඉවත් කිරීමටද ඉවහල් වේ. 


56 comments:

  1. සරලව කෙටියෙන් පැහැදිළිව නියමයි, කිවි කන්න මං ගොඩක් ආසයි ඒත් මේ ගැන දැනගෙන හිටියේ නැහැ ,,, ස්තුතී..

    ReplyDelete
    Replies
    1. මේක දැම්මේ සිගරට් බොන, ඒක නතර කර ගන්න බැරි අයට. ඔයා සිගරට් බොන්නේ නෑනේ ?

      Delete
    2. _____________________________

      Delete
    3. එකපාරක් රේසර් ගැන ලියලා ඒකට කමෙන්ට් කරලත් අහගත්තා මං. අපිටත් බුවල්ලෙන් ගහන්න ඕනේ ඇවිත් කියෝනවට මෙවුවා,,,, හි හි ,,, ඒත් එනෝ ඊලග ඒකත් කියවන්න

      Delete
    4. අපෝ ඔයාට කේන්ති ගියාද ? විහිළුවක් නේ කලේ.

      Delete
  2. ගොඩක් වැදගත් ලිපියක් සුදීක අයියේ....

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ දෙන්නෙක් මුල හරියේ කමෙන්ට් දාලා. සිගරට් බොන එවුන් හොර බළල්ලු වගේ හැංගිලා.

      Delete
  3. නියමයි.
    දැං ඉතිං ඕව කාල බීල අපේ කට්ටිය සිගරට් පැකට් ගණං බොන්න පටං ගනීද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා ඒ කාලේ වට්ටක්කා තම්බලා කෑවා. තියෙන ජාති අනුව අඩුවටම කන්න පුළුවන් වට්ටක්කා. වතුර නං ඉතිං කොහොමත් බොනවනේ.

      Delete
  4. දුම් බෝට්ටු වලට වැදගත් ලිපියක්! passive smokers ලා විදිහට අපිටත් නරකම නෑ

    ReplyDelete
    Replies
    1. පුදුම පැසිව් බීමක් මාත් බීලා තියෙනවා. එක සැරයක් අපි දෙල්තොට බ්‍රාන්ච් එකේ සති තුනක් විතර වැඩ කරා. එතකොට නතර වෙච්ච් තැන හතර වටෙන් කවර වෙලා. අපි හිටිය කාමරේ ඉඳගෙන අපේ එකෙක් සිගරට් එකක් පත්තු කළා. මම වලිය ඇද්දා එලියට ගිහිං බොන්න කියලා. එදා රෑ නිදාගෙන ඉන්නකොට මට ඇහැරුණා. හුස්ම හිර වෙලා මැරෙන්න යනවා වගේ. මම කලුවරේම දිව්වා බැල්කනියට. මම හිතුවා එදා මම මලා කියලා.

      Delete
  5. අර හොයාගන්න බැරි ඒව කොහේන්ද ගන්නේ.. නලියට ගොහින් දෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එක නලියගේ උපන් දිනයට තෑග්ගක් වශයෙන් ලිව්වේ.

      Delete
  6. එකක් තීරණේ කරා... පුළුවං තරං ඇල් වතුර බොන්නත් සිගරට් නොබී ඉන්නත්.. (දැනටත් සිගරට් නං අරහං.. ඒත් ඒ කාලේ බීපුවා තාම තියෙයිද දන්නෙ නෑනේ)

    ඒක සෞඛ්‍යයටත් හොඳයි.. පර්ස් එකටත් හොඳයි වගේ.. තැන්කියු දැනුම බෙදා දෙනවට.. ජය ශ්‍රී..

    ReplyDelete
    Replies
    1. වතුර නම් බොන තරමට හොඳයි. වැඩේ තියෙන්නේ නොබොන දවසට මාර අමාරුවක් දැනෙනවා.

      Delete
  7. සිගරට් බිව්ව කාලේ දවසකට 42ක් බිව්වා 1994 දී නැවැත්තුවා. දැන් අවුරුද්දකට දෙකක් හෝ තුනක් විතර බොනවා සාදයකට ගියාම. එදා බත්තරමුල්ලේ අවුරුදු උත්සවේදී එකක් බිව්වා. කැරට්, නිවිති, මගේ ප්‍රියතම ආහාර. බ්‍රොකොලි වගේ ගුණද දන්නේ නැහැ මල් ගෝවා. මම ඒවත් සැහෙන්න කනවා.

    ReplyDelete
    Replies
    1. බ්‍රොකොලී මල් ගෝවා එකම කුලයේ නිසා සමාන ගුණ තියෙනවා ඇති. මම මේ පින්තූරේ සර්ච් කරාම ජාති දෙකේම පින්තූර ආවා.

      Delete
  8. //දුම්පානය ඔබේ සිරුර විජලනයට පත් කරයි. සමීක්ෂණ වලට අනුව ඔබ ඇති පමණ ජලය පානය කරන්නේ නම් එය දුම්පානයෙන් මිදීමට ඉවහල් වන අතර සිරුරේ ඇති නොකොටින් ඉවත් කිරීමටද ඉවහල් වේ.//

    උගත් පාඩම - වැඩිපුර අයිස් කැට දාන්න ඕන
    PM? Raaj? Ano?

    ReplyDelete
    Replies
    1. සැන්ඩි කරනකොටත් ටිකක් වැඩිපුර දාගත්තට කමක් නෑ.

      Delete
    2. අපිත් ඕක කොරලා තියේ... දවසක් ඇලක් අයිනෙ බොද්දි ඇලේ වතුර සැන්ඩි කළා.

      Delete
    3. බීලා ඉවර වුණාම, වතුරේ ගිල්ලන්න ඕනේ.

      Delete
    4. B තිබේ. වතුර දා ද B තිබේ. නැතුව ද B තිබේ. දැන් No B සිටී. :D

      Delete
  9. වැදගත් ලිපියක්. මේ ටිකත් කියන්න ඕනා. බ්‍රොකොලි වගේ ඒව කනකොට අනිත් ඒවටත් වැඩියෙන් හෝදන්න ඕන(ලු), මොකද ඒවට ගොඩක් කෘමි නාශක ගහනවා(ලු). බ්‍රොකොලි වල හැඩය නිසා ඒවා ගොඩාක් ‍රැ‍ඳෙනවා(ලු)

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං. කොයිකටත් උණු වතුරෙන්ම හෝද ගන්න එක හොඳා.

      Delete
    2. බෝංචි, තක්කාලි, ගෝවා ඕවා බෙහෙත් වලින් නාවලා හදන්නෙ. දැක තිබේ.

      Delete
    3. කතුරුමුරුංගා මුරුංගා වගේ දේවල් ඇරෙන්න බොහෝ එළවලු වලට දැන් බෙහෙත් සාත්තුව කරනවා.

      Delete
  10. මේ මොනවා තිබුණත් දුම් බොන්ට එපාලු... :D

    ReplyDelete
    Replies
    1. නොබීම බැරිනං තමයි මෙහෙම වත් කරන්න කියන්නේ. අපෙත් හොඳම යාලුවෝ ඉන්නවා නේ.

      Delete
  11. මේක හොඳයි.. මමත් නිවිති කනවා.. හැබැයි නිකොටින් යවාගන්න නෙවේ.. මං දුම් පානය කරන්නේ නෑ..
    හැබැයි වැදගත්ම කාරණේ- ඕනේ නම් දුම්පානය අතාරින්න පුළුවන් ඕනෙම කෙනෙක්ට. ඒකට ඕනේ කම තියනවා නම් කරන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕනෑකම තියෙනවා නම් ඕනෑම ඉලක්කයකට යන්න පුළුවන්.

      Delete
  12. දුම් නොබී ඕව වැඩිපුර කෑවොත් මොනවා වෙයි ද ?

    ReplyDelete
    Replies
    1. ශරීරය අවශ්‍ය ප්‍රමාණයට විටමින් ලැබෙනවා නම් නිරෝගී පැහැපත් සිරුරකට හිමිකම් කියන්න පුළුවන්.

      Delete
  13. අහම්බෙන් දැකල කියවන්න හිතුන ලිපියක් ...දුම්බීම පිළිකාවලට හේතුවෙනවා කියනවනෙ අද මහරගම පිලිකරෝහල ඉස්සරහට වෙලාම සිගරට් බොන මනුස්සයෙක් දැක්ක.අඩුම තරම පිලිකා රෝහළේ වේදනාවිඳින මිනිස්සු දැකලවත් පුරුද්ද නවත්ත ගන්න බැරිවෙලානේ. පුරුද්ද ඉතිං අත්හරින්න කොහෙත්ම බැරි අයට මේ ලිපිය නරකම නෑ :D

    ReplyDelete
    Replies
    1. අපි අතරෙත් ඉන්නවා මේ වගේ දුම්බටේ කටේ ගහගත්තු අය. එයාලට තමයි මේ දැනුවත් කිරීම කලේ.

      Delete
  14. දුම් නොබොමි.

    නිවිති නම් මගෙ ප්‍රියතම ආහාරයක්. හොඳ විස්තරයක්. දුම් නොබීම බැරි නම් මේව හරි වැඩියෙන් කන්නෙ නැතෑ කට්ටිය. කෝ මේ අපේ අටම්.

    ReplyDelete
    Replies
    1. අපේ සිගරට් කාරයෝ දකින්න නෑනේ.

      Delete
  15. හැම ප්‍රශ්නෙකටම හේතුවක් තියනවා වගේම මේකටත් තියෙන ලෙඩ රෝග නවත්තන්න කරාම තියනවා නේ? වදගත් පොස්ට් එකක් :)

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් දුම්බීම අත අරිනවා නම් හොඳයි.

      Delete
  16. හැම ප්‍රශ්නෙකටම හේතුවක් තියනවා වගේ දුම් මෙන් ඇතිවන පිළිකා මදවගන්න දේවල් තියනවා නේ? වදගත් පොස්ට් එකක් :)

    ReplyDelete
  17. මං දුම් බොන්නෙ නම් නැහැ. හැබැයි ඔය තියෙන කෑම ජාති ඔක්කොටම මාත් හරි කැමතියි. දුම් බිව්වත් නැතත් ඕව කන එක හොඳයි මං හිතන්නෙ, මොකද අහළ පහළ ඉන්න අය දුම් බොද්දි අපේ ඇඟට යන ජරාවත් අයින් කරගන්න පුළුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. පැසිව් ස්මොකින් වලින් ඇක්ටිව් අයට වඩා හානි වෙනවා. දැන්නම් පොදු ස්ථාන වල දුම්බොන අය අඩුයි.

      Delete
  18. කෝ..මේ පත්තර නලින් අයියන්ඩි මල්ලි දුවලා වරෙන්...
    චැහැ..ඡාරාව..අපි නම් බොයි..
    (සිගරට් එකක් බිලා එන්නම්)..
    මම මේ කාර්්‍යලයට සම්බන්ද වුන පලවෙනි දවසේ සිගරට් බොන එකෙක්වත් තැනක්වත් හොයාගන්න බැරිවුනා..මම මානව සම්පත් කලමනාකාරතුමා හම්බවෙලා කිව්වා
    සර්..මට සිගරට් එකක් බොන්න ඔිනේ හැබැයි ටොයිලට් අස්සේ අහුමුලු වල හැංගිලා නම් බොන්න බෑ කියලා ඒ හින්දා අදටත් මට විතරයි අවසර තියෙන්නේ ගෙට් එකෙන් එලියට ගිහින් ෂියට් එකක් බොන්න..ලොකු කමකට නෙමෙයි කිව්වේ මට සිගරට් එකෙන් මානසික උත්තේඡනයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. සිගරට් එක හින්දා නෙවෙයි. මට උඹ ගැන ආඩම්බරයි මලයන්ඩි

      Delete
  19. මමත් සිගරට් බිලා තියෙනවා.එකේ ඇති දෙයක් නැහැ මලජරාව ගඳයි,ලෙඩයි විතරයි.
    නිවිති පරිප්පු එක්ක නියමයි.

    ReplyDelete
    Replies
    1. පරිප්පුත් හොඳයි නිවිති දාල ගත්තම. :)

      Delete
  20. ආයෙත් සිගරට් බොන්න පටං ගන්න ඕනේ. :)

    ReplyDelete
    Replies
    1. හපොයි මමත් කර ගත්ත පාපයක්.

      Delete
  21. බ්‍රොකොලි නම ගුණයි තමා ඒත් අපේ රටේ ඕක කළුනික වගෙ. අනික වවන අය්යලා යොදන රසායනික ද්‍රව්‍ය නිසා අගුණ වැඩියි.. බ්‍රොකොලි පිරිසිදු කිරීමට මාරුම එළවළුවක්නෙ..

    ReplyDelete
    Replies
    1. දැන් තියෙනවා සුපිරි වෙළඳසැල් වල. පිරිසිදු කරන්න උණු වතුර එක්ක ගිල්වලා තියලා බැරිද ?

      Delete
  22. සුදීක බොන උන්ටිකට පාර පරෙස්සමෙන් බොන පාර පෙන්නලා වගේ

    ReplyDelete
    Replies
    1. මේ සිගරට් බොන එවුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. මුලින්ම මේවට වත් පුරුදු කරලා බලන්න හිතුණා. මොකද කිවි, බ්‍රොකොලි වගේ ජාති ගන්නකොට සිගරට් ගන්න සල්ලි මදි වෙනවා නේ.

      Delete
  23. අරක්කු බිව්වම????

    ReplyDelete
    Replies
    1. ගඳයි / සිගරට් එකක් ඕනේ වෙනවා / වතුර තිබහයි / කන්න බෑ.

      ඔය උත්තර වලින් කොයි එකද?

      Delete
  24. සුදීක.......ඔය ඔක්කොම ජාති කනවා. හැබැයි අර යටම තියෙන වතුර වීදුරුවට නම් යමක් කලවම් වෙනවා. අන්න එතකොට සිගරට් එකක් ඕන වෙනවා :

    ReplyDelete
    Replies
    1. කලවම් වෙච්ච එක වීසි කරලා පිරිසිදු වතුර එකක් බොන්න.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...