Sunday, May 11, 2014

කකාගේ බලාපොරොත්තු සුන් වෙයි...... End of Kaka's Hopes

ඕනෑම කෙනෙකුට වැඩ පෙන්නන්න පුළුවන් කාලයක් තියෙනවා. ඕනෑම  ක්ෂේත්‍රයක හිනි පෙත්තේ රැඳීලා ඉන්න එක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කවුරු හරි එහෙම හිතාගෙන ඉන්නවනම් ඒක මෝහයක් නැත්නම් මුලාවක්. ඒත් අනපේක්ෂිත විදියට මෙහෙම පල්ලම් බහින්න වෙයි කියලා කකා හීනෙකින්වත් හිතන්න නැතිව ඇති. නමුත් ලෝකේ මේ තාක් කාලෙකට සිදු වෙච්ච එකම අනපේක්ෂිත සිදුවීම ත්මෙය නොවෙයි. ඕනෑතරම් දේවල් වෙලා තියෙනවා. 

තවත් මාසයකට අඩු කාලයකදී බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ නගයේ ආරම්භ වන පාපන්දු වසන්තය හෙවත් පාපන්දු ලෝක කුසලානය සඳහා හා සුදුසුකම් ලැබූ කණ්ඩායම තිස්දෙකක ක්‍රීඩකයන් ලහි ලහියේ සූදානම් වෙනවා. පාපන්දු කිව්වම ඕනෑම කෙනෙකුට මතයට එන්නේ බ්‍රසීලය. පාපන්දු ක්‍රීඩාවේ මහා ගෙදර විදියට බ්‍රසීලය සලකන්න බැරි වුනත්, ක්‍රිකට් වලට ඔස්ට්‍රේලියාව වගේ පාපන්දු වලට ඉතිං බ්‍රසීයල තමයි. බ්‍රසීලය පාපන්දු සහ ඔස්ට්‍රේලියාව ක්‍රිකට් වලින් හැමදාම රජවරු. මේ රටවල් දෙක එක්-එක් ලෝක කුසලානය වැඩිම වාර ගණනක් දිනා ගත්තු රටවල් දෙක. ඒ වගේම දෙගොල්ලන්ගේ ඇඳුම් පවා බොහෝදුරට සමානයි. හැබැයි 2006 ලෝක කුසලාන තරගයකදී තව ඩිංගෙන් බ්‍රසීලය ඔස්ට්‍රේලියාවට පරදිනවා. යන්තම් විනිස්චකරු ගොඩ දාල දුන්නේ නැත්නම්. 

2010 අවුරුද්දේදී මේක ප්‍රවෘත්තියක් වුණා නම් කී දෙනෙක් හාට් ඇටෑක් හැදිලා මැරෙයිද? මොකද 2010 වෙත්දී බ්‍රසීලයේ පාපන්දු තරුව වුනේ කකා. බ්‍රසීලය වගේ රටක මේ කිරුල රැක ගන්න බොහොම අමාරුයි. 1994 දී රොමාරියෝ, 1998 දී රොනල්ඩෝ, 2002 දී රෝනල්ඩිනෝ, 2006 රෝබින්හෝ, 2010 දී කකා, 2014 වෙත්දී ඔවුන්ගේ තරුව වන්නේ නේමාර්. ඔවුන් තව ලස්සන දෙයක් කරනවා. ඒ තමයි මීළඟ ලෝක කුසලානයට තරුව වෙන්න සිටින ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකු වර්තමාන තරගාවලියට රැගෙන ඒම. එහෙම කරලා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පසු තරගයක් ඒ ක්‍රීඩකයාට ලබා දෙන්නත් ඔවුන් අමතක කරන්නේ නෑ. ඉතිං 2006 වසරේ එහෙම ඉඳලා, 2010 දී තරුව වශයෙන් හිටිය කකා මේ පාර ඉවත් කළවිට මේක බොහෝ දෙනෙක් මවිත කරපු සිදු වීමක්.

පාපන්දු ලෝක කුසලාන 2014 ජය කාටද who will win fifa world cup 2014
පින්තූරය ගත්තේ : http://lubbockonline.com



මෙවර ලෝක කුසලානය අහිමි වෙන්නේ කකාට පමණක් නොවේ. 2006 දී මෙන්ම පහුගිය වරත් නියෝජනය කල රෝබින්හෝ ඒ වගේම 2002/2006 නියෝජනය කරපු රොනල්ඩිනෝත් මේ පාර තරගාවලිය ගැන බලාපොරොත්තු දල්වාගෙන හිටියා. ලෝක කුසලාන තරගාවලියක් එනකොට තියෙන මතය තමයි, ඒ සඳහා ලෝක කුසලාන අත්දැකීම් වැදගත් වෙනවා කියන කාරණය. ඒ වුණත් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට කකා, රෝබින්හෝ හෝ රෝනල්ඩිනෝ ඇතුලත් වන්නේ නෑ. බ්‍රසීල කණ්ඩායමේ පුහුණුකරු වන ලුයිස් ෆිලිප් සොලාරි නම් කල කණ්ඩායමය පසුගියවසරේ පැවැති අන්තර් මහද්වීපික තරගාවලිය ජයගත් කණ්ඩායමේ සිටි 17 දෙනෙකුගෙන්ම සමන්විතයි. 

මා එකවරම පාපන්දු ක්‍රීඩාව වෙත නැඹුරු වූ කරුණ දැන් ඔබට පැහැදිලි ඇති. ඒ ජුනි මස හය වැනිදා සිටි හරියටම මාසයක කාලයක් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය නිසා. මා ක්‍රිකට් මෙන්ම  පාපන්දු වලටත් ඇලුම් කරනවා. පාපන්දු ලෝක කුසලානය පිලිබඳ ලිපි කිහිපයකින් ඉදිරියේදී හමු වෙමු. 





70 comments:

  1. මේ පාර දිනන්නේ කවුද කියලා අනාවැකි කියන්නත් මේ පෝස්ට් එක යොදාගමුද? එහෙම නැතිනම් ඒකට වෙනම පෝස්ට් එකක් එනවාද..? කොහොම වුනත් මිහිමත වෙන්න පුළුවන් ලස්සනම සිදුවීමක් වෙන ආර්ජන්ටිනා බ්‍රසීල් වර්ල්ඩ්කප් ෆයිනල් එකක් බලන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරගෙන ඉමු... :D

    ReplyDelete
    Replies
    1. ඒක අපි ජුනි මාසේ මුල හරියේ කරමු. තවමත් බොහෝ දෙනෙක්ට පාපන්දු උණුසුම දැනිලා නැති නිසා. ඔව්. දකුණු ඇමරිකාවේ තිබ්බ කිසිම ලෝක කුසලානයක් එයින් පිටට ගිහින් නෑ.

      Delete
    2. ලංකාවේ පාපන්දු ලෝලීන් සාමාන්‍යයෙන් එච්චර උනන්දුවක් නෑ නෙව. අපේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න අය තමයි බ්‍රසිලය සහ ආජර්ජන්ටිනාව. නමුත් පහුගිය කාලය බැලුවම මේ දෙගොල්ලම ‍කප් එකට දුරින් ඉන්නව කියලයි මට හිතෙන්නෙ. බ්‍රසීලයට භූමියේ වාසිය නං තියනව. නමුත් ස්පාඤ්ඤය ජර්මනිය සහ පෘතුගාලය වඩාත් ප්‍රභලයි. ගියපාර සෙමි ආපු නෙදර්ලන්තයේ මේ සැරේ රෑන්ක් එක 15.

      Delete
    3. මගේ පුද්ගලික කැමැත්ත මේ පාර පෘතුගාලයට. ගිය පාර ස්පාඥ්ඥයට. මොකද මේ රටවල් ක්‍රීඩාව ගැන දක්වන උනන්දුවෙ හැටියට ලෝක කුසලානයක් ලැබිය යුතු නිසා. ස්පාඥ්ෙඤට ගියපාර ලැබුන නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ පාර පෘතුගාලයට ලැබෙන්න ඕනේ කියලා. නමුත් ලුවිස් ෆිගෝ, ඩෙකෝ වගේ ක්‍රීඩකයෝ ඉඳලත් ගන්න බැරි වුණා. මේ පාර මොනවා වෙයිද කියන්න බෑ. ඇත්තටම පාපන්දු කාලයත් එක්ක කරන සටනක්.

      Delete
  2. ඕකත් කෙහෙල්මල් CSN එකේ පෙන්නුවොත් බලලා හමාරයි.

    ReplyDelete
    Replies
    1. මම මෙහෙම කියන එක හරි නෑ. ඒ වුනත් දැන් බොහෝ දෙනෙක් බලන්නේ සැටලයිට් ටී.වී. එනිසා එයින් එකක් ගමු. ඉන්දියන් සැටලයිට් වලටත් ලංකාවේ චැනල් එකතු කරනවා කියන්නේ.

      Delete
    2. ඔව් සුදීක ඉන්දියන් ඩිෂ් ටී වී වලින් ලංකාවෙ ජාතික රූපවාහිනී.නයි ටී ඇන් ස්වර්ණවාහිනී ඇරෙන්න අනික් චැනල් ඔක්කොම ටික බලන්න පුළුවනි,මමත් ඒ චැනල් ටියුන් කරගත්තා(බැලුවෙ නැතුවට)

      Delete
    3. වීඩියෝකොන් වලත් බලන්න ඕනේ ටියුන් කරන්න පුලුවන්ද කියලා.

      Delete
  3. Germanyයට තමා මේපාර chanse වැඩි. එයාලගේ side එක balance. Mario Gomez නැති එක නම් අඩුවක් වෙයි .

    ReplyDelete
    Replies
    1. හැබැයි වැඩේ තියෙන්නේ දකුණු ඇමෙරිකාවේ හෝ උතුරු ඇමෙරිකාවේ තියපු කිසිම එකක් දකුණු ඇමෙරිකානුවන් හැර කිසිවෙක් දිනලා නෑ. මම පුද්ගලිකව කැමතියි මේ පාර පෘතුගාලය දිනනවා නම්. මොකද ඒ වගේ පාපන්දු වලට කැමති රටකට මේක යන්න ඕනේ. ඒ අදහසින් තමයි මම ගිය පාර ස්පාඥ්ඥයට සහයෝගය දැක්කුවේ. වැඩේ හරි ගියා. ජර්මනිය හැමදාම හොඳ කණ්ඩායමක් ඉන්න රටක්. අපි බලමු. පාපන්දු වලට කනා ෂොට් බොහොම කලාතුරකින් හරි යන නිසා, දක්ෂයෝ ජය ගනියි.

      Delete
    2. මාත් ඉතින් පෘතුගලේ හරි එංගලන්තේ හරි දිනනකම් බලා ඉන්නවා.එත් ඉතින් ඔය දෙකේම කෙටියෙන් කියනවා නම් one man show වගේ තමා :D

      Delete
  4. මාත් බලන්න ආසයි . ක්‍රිකට් වලට වඩා ආසයි. මොකද ඉක්මනින්ම ඉවර වෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. අමිල මේක විනාඩි අනූවකට උපරිම ත්‍රිල් එකක් දැනෙන ක්‍රීඩාවක්.

      Delete
  5. මම හිතුවේ කකා ගැන පෝස්ට් එකක් කියලනේ... :D

    ReplyDelete
    Replies
    1. කකා මතක් නූනනං තමා පුදුමෙ. මේකත් නේම් ඩ්‍රොපින් කේස් එකක්

      Delete
    2. හොඳම නේම් ඩ්‍රොපින් එක එන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් දාපු හෙඩිමෙන්. මොකද මේ දවස්වල පාපන්දු ලෝලියෝ වැඩිම සර්ච් කරන්නේ Kaka ගැන. පාපන්දු ලෝලියෝ කෝටි කීයක් නම් ඉන්නවද ? වැඩක් වුණොත් හොඳයි.

      Delete
  6. විනිශ්චකාරයා ගොඩ දාලා දුන්නා කිව්වේ ? පක්ෂක්ග්‍රාහී තීරණද ?

    ඔවුන් නම් වලට සළකන්නෑ කියලා තමා මේකෙන් පේන්නෙ. දක්ෂතාවයයි වැදගත්..

    ලංකාව සොකර් වර්ල්ඩ් කප් එකකට තේරෙන අවුරුද්ද ගැන අනාවැකියක් කියන්න පුළුවන්ද ? :D

    ReplyDelete
    Replies
    1. "අයියෝ මට එච්චර ආයුෂ නෑ" කියල ශක්‍රය කියන කතාව අහල තියනවද? මේකටත් ඒ වගේ එකක් හැදුවහැකි.

      Delete
    2. ඒ මැච් එකේ මුල භාගේදී කවුරුත් ගෝල වාර්තා කලේ නෑ. පස්සේ ඔස්ට්‍රේලියාවට තිබුන චාන්ස් එකක් රෙෆ්රි නැති කළා. ඊට පස්සේ බ්‍රසීලේ ගැහුවා. (2006 දී වගේ මතක)

      ලංකාව රෑන්කින් වල මුල සීයටවත් ඇවිත් නෑ. මට තේරෙන විදියට එන්නත් බෑ. හැබැයි කියන්න බෑ. අපේ වගේ රටක ආර්ථිකය දියුණු වුනොත් සංවර්ධිත මට්ටමකට, වෙනත් රටවලින් ඇවිත් පදිංචි වුනොත්, අපේ තරගාවලි වලට වෙනත් රටවල ක්‍රීඩකයන් ආවොත් යම් දියුණුවක් වෙන්න පුළුවන්.

      Delete
    3. ලංකාව 147 දැන් ඉන්නේ ,මාල දිවයින 143 ...ලංකාව 138 හිටියා රොෂාන්ලා ,අමුනුල්ලා එහෙම ගහන කාලේ ඒ කාලේ තමයි සාෆ් රන් කුසලාන දිනාගත්තේ . කසුන් ජයසූරියත් දැන් මාලද්දීවයිනේ ක්ලබ් ගහනවා , මෙහේ නැෂනල් ගහන්වාට වඩා ගානක් ලැබෙනවා මාලේ ක්ලබ් ගැහිල්ලෙන්

      Delete
  7. ඉතාලිය වල්ඩ් කප් එක දිනපු වෙලාව තරං මේ රටේ සුන්දර මොහොතක් මං තාම දැකලා නෑ සුදීක අයියෙ.. !!
    සේරම සෙනඟ පාරට බැස්සා කෑගහගෙන .. අපේ සැට් එක උන්ට කලිං පාරෙ :D

    ReplyDelete
    Replies
    1. උබ 2009 ලංකාවෙ හිටියනම් ඒ වගේ සුන්දර මොහොතක් දකින්න තිබුනා... කරුමෙට මමත් හිටියේ නෑ...

      Delete
    2. මේ පාරත් මම ඒ වගේ එකක් දැක්කා ගෝල් ෆේස් එකේ. මම ගියපාර පාපන්දු ලෝක කුසලානේ බලන්න ගියා ස්පාඥ්ඥ කාරයෝ සෙමිය දිනපු වෙලාවේ කිහිලි කරුවෙන් හිටිය එකෙක් කකුල් දෙකෙන් හිටගෙන කිහිලි කරුවෙන් අත්පුඩි ගැහුවා. එකෙක් පැන්නා පූල් එකට. පස්-හය දෙනෙක් හිටියේ මාත් එක්ක. උන්ගේ රටේ මොන වගේ තියෙන්න ඇත්ද ? මෙන්න මේ සටහනෙන් ඒ ගැන කිව්වා

      Delete
    3. ඒ කාලේ මගේ ෆෙවරිට් රොබර්ටෝ බැගියෝ ...

      Delete
    4. සුදීක අයියේ විස්වාස නොකරයි කියලා මං ලිව්වෙ නෑ..මං මගෙ ඇස් දෙකට දැක්කා කොල්ලෙක් කලර් ලයිට් කනුවක උඩටම නැගලා කකුල් දෙක දෙපැත්තට දාගෙන ඉතාලි කොඩිය වනනවා..එකිනෙකා ඉඹිනවා.. අපිත් පටගාල කාරෙකක් පුරෝල දැම්ම පාරට ..මොන ..මං හිතන්නෙ මුලුඉතාලියෙ වාගන සේරම පාරට ගත්තද මන්දා.. පොඩ්ඩක් අනුමත වෙලත් උන්න අපි දුන්නා නියම ආතල් එකක් පාර මැද බොංගො ගහලා පොලිසිය මීක් නෑ. උං හිනාවෙනවා

      සෙන්නයියෙ.. අම්මප බං ඒකට කියන්නෙ කරුමෙ කියලා කරුමෙ. මෙහෙ බැලුවට ඒ ගතිය නෑනෙ බං.

      ඉවා . මගෙ ෆේවරිට් අපේ ගෝලි බුෆොන් .. පියාඹනවා යකෝ පියාඹනවා ගෝල් එකක් එද්දි.මට එතකොට මතක් වෙන්නෙම අපේ කලුවව බං.. ඌ මගෙ ව්දා මෙදා ෆේවරිට්ම ක්‍රීඩකයා හැම ක්‍රීඩාවෙන්ම

      Delete
    5. සුදීක අයියේ විස්වාස නොකරයි කියලා මං ලිව්වෙ නෑ..මං මගෙ ඇස් දෙකට දැක්කා කොල්ලෙක් කලර් ලයිට් කනුවක උඩටම නැගලා කකුල් දෙක දෙපැත්තට දාගෙන ඉතාලි කොඩිය වනනවා..එකිනෙකා ඉඹිනවා.. අපිත් පටගාල කාරෙකක් පුරෝල දැම්ම පාරට ..මොන ..මං හිතන්නෙ මුලුඉතාලියෙ වාගන සේරම පාරට ගත්තද මන්දා.. පොඩ්ඩක් අනුමත වෙලත් උන්න අපි දුන්නා නියම ආතල් එකක් පාර මැද බොංගො ගහලා පොලිසිය මීක් නෑ. උං හිනාවෙනවා

      සෙන්නයියෙ.. අම්මප බං ඒකට කියන්නෙ කරුමෙ කියලා කරුමෙ. මෙහෙ බැලුවට ඒ ගතිය නෑනෙ බං.

      ඉවා . මගෙ ෆේවරිට් අපේ ගෝලි බුෆොන් .. පියාඹනවා යකෝ පියාඹනවා ගෝල් එකක් එද්දි.මට එතකොට මතක් වෙන්නෙම අපේ කලුවව බං.. ඌ මගෙ ව්දා මෙදා ෆේවරිට්ම ක්‍රීඩකයා හැම ක්‍රීඩාවෙන්ම

      Delete
  8. දක්ෂයන් කණ්ඩායමට ඉන්නවා නම් අනිවා එයාලා දිනනවා. අපේ රටෙනුත් ටීම් එකක් බස්සන්න බැරි වෙයිද දන්නේ නෑ

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. බස්සන්න නං පුළුවන්. හැබැයි සෙල්ලං කරන්න බෑ.

      Delete
    2. අර මාලදිවයිනෙන් දහතුනක් කාපු ටීම් එකේ ගොල්කීපර්ට හවස හයෙන් පස්සේ ඇස් පෙන්නේ නෑලු. එහෙම ඉඳගෙන මුල 32 මැච් එකකට ගියොත් ක්‍රිකට් ස්කෝර් එකක් හම්බ වෙයි.

      Delete
    3. විනාඩි 90ට ගෝල 80ක් වගේ බුදු ෂුවර්

      Delete
  9. හෙඞිම දැක්ක ගමන් මම හිතුවෙ වෙන දෙයක්. (අපේ කාකා). නේමාර් ගේ නොම්බරයත් 10 ද?

    ReplyDelete
    Replies
    1. ඔව් දහය අඳින්නේ ටීම් එක්ක ඉන්න හොඳම ක්‍රීඩකයා බොහෝ විට. ඉතිං මේ පාර නේමාර් තමයි.

      Delete
  10. ඔක්ටොපස් කෙනෙක් හරි කැස්බෑවෙක් හරි අපි ලංකාවේන් පුරුදු කරමු අනාවැකි කියන්න

    ReplyDelete
    Replies
    1. මෙන්න කථාව කකුල් දෙකෙන්ම එකඟයි

      Delete
    2. ඇයි බණ්ඩාර උන්නැහෙත් හොඳ කැස්බෑවෙක්නෙ. උන්දැට බැරිවෙයිද ? :D

      Delete
    3. පව් ගියපාර කැස්බෑවට වුණදේ. ලංකාවේ ඉතිං කැස්බෑ විමානයක් නේ.

      Delete
  11. මට නම් ක්‍රිකට් වලට තරම්ම ආශාවක් නෑ. ඒත් අකමැත්තකුත් නෑ.

    මේ පාරත් ශකිරාගෙ තේමා ගීතය බලන්න නම් ආශාවෙන් ඉන්නවා. ;)

    ReplyDelete
    Replies
    1. මාත් මේ අහන්නමයි හිටියේ කවුද දන්නේ නෑ තේමා ගීතෙ කිය්නනේ

      Delete
    2. මේ පාරත් ශකි‍රා කියලා නේද ආරංචිය.

      Delete
    3. FIFA සයිට් එකේ තියෙන එක දැක්කා අහන්න වුණේ නෑ. මම ලින්ක් එකක් දාන්නම්. යූටියුබ් එකේ සිංදු තොගයක් අතරින් හරි එක හොයන්න බෑ.

      Delete
  12. බලමු වෙලාවක් තිබ්බෝ ඒවත්..... වැඩිම මනාපයක් නං නෑ මගෙත් මේ ගැන

    ReplyDelete
    Replies
    1. බලමු සෙට් වෙලා. හොඳ පැකේජ් තියේවි.

      Delete
  13. සුදීක අයියා.. මම ක්‍රිකට් ලෝලියෙක් පාපන්දු ලෝලියෙක් නොවුනත් උණුසුම් වෙන ඕන ම තරඟයක් බලන්න ආසයි.. බලමු මේ පාර කවුද දිනන්නෙ කියලා

    ReplyDelete
    Replies
    1. මුල් ටීම් හතරෙන් එකකට නම් බ්‍රසීලය එනවාමයි.

      Delete
  14. මාත් ෆුට්බෝල් පිස්සෙක්. හැබයි ඒ උණ ආවේ පිරටදි මිසක් මෙහේදී නම් නෙමෙයි. එංගලන්ත ප්‍රෙමිය්ල් ලීග් එකෙන් මේ සැරේ මැන්චෙස්ටර් සිටි දින්නා. මගේ ෆේවරිට්ම කන්ඩායම රියාල් මැඩ්‍රිඩ්. ඒත් දැන් නම් මැච් මිස් වෙනවා. වර්ල්ඩ් කප් එකනම් හැමෝම බලනවනේ.

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි ටීම් එකනම් චෙල්සියා තමයි ... ගින්දර ..

      Delete
    2. රියාල් මැඩ්රිඩ් ඔක්කොම හොඳ එවුන් සල්ලි වලට ගන්න එකටනම් මම කැමති නෑ.

      ඉවාන් එහෙනම් කොස්ටරිකා එකටත් සපෝර්ට් කරයි.

      මේ ඒක නෙවෙයි ගෝල් ෆිල්ම් දෙක බැලුවද ? දෙවෙනි එක බලද්දී ලසිත් මාලිංගව සිහියට එන්නේ.

      Delete
  15. පාපන්දු පිළිබඳ කිසිදු උනන්දුවක්, උද්‍යෝගයක් නොමැත. මං හිතුවෙ කකාල ඉන්නෙ බ්ලොග් වල පමණක් කියාය.

    ReplyDelete
    Replies
    1. කකා කියන්නේ පෘතුග්‍රීසි නමක්.

      Delete
  16. උරුගුවේ,පැරගුවේ.ආර්ජන්ටිනා ඔය ඔක්කොම රටවල් දකුණු ඇමෙරිකා රටවල් නේද.?එතකොට බ්‍රසිල් ටීම් එකත් ආවම හොදම තරගාවලියක් බලා ගන්න පුළුවන් වේවි නේ.?

    ReplyDelete
    Replies
    1. ඉක්වදෝර්, චිලී, කොලොම්බියා කියන රටවල් තුනත් එනවා. මධ්‍යම ඇමරිකාවේ රටවල් ටිකත් ඒ වගේම තමයි. මෙක්සිකෝ, හොන්ඩුරාස්, කොස්ටරිකා. ඒ රටවල් ටිකටත් වාසිය තියෙනවා.

      Delete
  17. පිස්සු හැදෙන කාලයක් එන්නේ ෆුට් බෝල් වල්ඩ් කප් කියන්නේ ආයේ වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ , නිදාගන්න් වෙන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ පාර ඇමෙරිකාවේ තිබ්බ '94 වගේම තමයි. මට මතකයි මල්ලිලා දෙන්නයි මායි මුළු රැයක් එලි වෙනකම් බැලුවා.

      Delete
  18. මට එපාම කරපු දෙයක් තමයි රග්බි සහ පාපන්දු... ඇයි කියල දන්නවනෙ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹ කම්මැලියෙක්.

      Delete
  19. ඔනම ක්‍රිඩාවක් හොදින් රස විදින්න ක්‍රිඩාව් නිතිරිති දැන ගන්න ඔන.එජ්හෙම නැතිවුනාමයි රසය නැතිවෙන්නෙ.මමත් ක්‍රිකට් වොලිබොල් ඇරුනම බලන්න කැමතිම ක්‍රිඩාව ඔක.මචො මම යොජනාවක් කරන්නද.ඔය ක්‍රිඩා වල නිති රිති ගැන ලිපි ටිකක් දාමුද?ෆුට්බොල් වලින්ම පටන් ගමු.හැබැයි වර්ල්ඩ්කප් එකට කලින්.

    ReplyDelete
    Replies
    1. පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුවක් තමයි එහි සරල බව.නමුත් එහිත් සංකීර්ණ නීති රීති තියෙනවා. හැබැයි හැම එකම හැම තිස්සෙම සිදු වෙන්නේ නෑ. බලමු වෙලාව ලැබෙන විදියට. මට නම් නිදි නැති කාලයක් තමයි ඔය මාසය.

      Delete
  20. මං ආවේ කකා ගැන කියවන්න :3 ඒක නෙවෙයි මොනවද පාපන්දු කියන්නේ? :D

    ReplyDelete
  21. ඇත්තටම පාපන්දු තරගයක තියන උණුසුම් උද්වේගකර භාවය ක්‍රිකට් වල නැහැ. 20 20 වුනත් මටනම් ඒ තරම් උද්වේගකර නැහැ. නමුත් මම ක්‍රිකට් වලට ආසයි. පාපන්දුවල උපක්‍රමශීලී භාවයට තමයි මම ආසා. ඒ වගේමයි මහා ඝෝෂාවත් එක්ක බලනකොට බොහොම ත්‍රාසජනකයි.

    ReplyDelete
    Replies
    1. මේ දෙක දෙකක්. පාපන්දු බලන හැම කෙනාටම තේරෙනවා. ක්‍රිකට් අතීතයේදී නම් එක්තරා පැලැන්තියකට සීමා වෙලා තිබුණේ. කොහොමත් පාපන්දු පොඩි මිනිහාගේ ක්‍රීඩාවනේ.

      Delete
  22. කකා කිවුවම ආවේ මේ මොකෝ බලන්න... ෆුට් බෝල් ගැන නෙව.. මම ෆුට් බෝල් ලෝලියෙක් නං නෙවෙයි..හැබැයි අහු උනොත් බලනවා එලි වෙනකන්.. :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ගොල්ෆ් දැක්කත් බලයි.

      Delete
  23. රොනල්දීනියෝ නම් පහුගිය ටිකේ ෆෝම් එක ටිකක් අඩුවෙලා හිටිය හන්දා අයින් කලා වෙන්නත් පුළුවන්.. හැබැයි ඉතින් කණ්ඩායමේ අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා ඇවිල්ලත් රොනල්දිනියෝම තමයි..

    කකායි රොබීනියෝයි අයින් කරලා කිවුවම හිතන්නත් අමාරුයි.. බලමුකෝ ඉතින්, බ්‍රසීල් අපිට වැඩක් නෑ අෆ්ෆා.. අපි නිල් බලකායේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. බ්‍රසීලයේ හැටියට රොනල්ඩිනියෝට තැනක් ලැබුණොත් ඒක පුදුමයක්. කකා-රොබින්හෝ දෙන්නට තැන නොලැබෙන්න හේතුව ගිය පාර ෆයිනල් එන්න බැරි වීම වෙන්නත් පුළුවන්.
      ඔයා දන්නවද ඉතාලි ටීම් එක තමයි සිම්පල් අකුරෙන් නම් ගහන එකම ටීම් එක.
      මම නම් ලා-රෝජා ගියපාර. මේ පාර පුරුතුගීසිකාරයාට සපෝර්ට් කරන්න හිතන් ඉන්නේ. හැබැයි ස්පාඥ්ඥකාරයා දැක්කම ඒ පැත්තට ඇදෙයිද මන්දා.

      Delete
  24. හෙඩිම කියෙව්ව ගමන් අපේ කකා ද කියල හිතුව......
    පාපන්දු වලට ඉස්සර තිබ්බ ඇල්ම දැන් අඩුයි.....වයස නිසාද මන්ද.....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න බෑ. පාපන්දු එපා වුණ කෙනෙක් දකින්න නැති තරම්.

      Delete
  25. කීප දෙනෙක්ම නම වැරදියට වටහා ගෙන මේ පැත්තේ ඇවිත් පාපන්දු ලෝක කුසලාන ගැන දැන ගත්තු එක ලොකු දෙයක්.

    මාත් නමයේ පන්තියෙන් පස්සේ ෆුට් බෝල් ගහලා නෑ. ඒ දවස්වල අපි ගෙදර උළුවස්ස ගෝල් එකට අරගෙන ෆුට්බෝල් ගහනවා. මේ ක්‍රිකට් නිසා පස්සේ ෆුට්බෝල් අමතකම වෙලා ගියා!

    ReplyDelete
    Replies
    1. කකා කිව්වම හුඟ දෙනෙක්ගේ මතකයට එන්න ඇත්තේ ඔබව.

      ලෝකේ ඕනෑම කෙනෙක් බිම තියෙන කුමන හෝ දෙයකට පයින් ගහලා තියෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට මේක පහසුවෙන් පත්තියන් වෙනවා. අර පොතක කොටුවක් ඇඳලා පෑනෙන් විදින ෆුට්බෝල් සෙල්ලම කරලා නැද්ද ?

      Delete
  26. බ්‍රසීල කණ්ඩායමේ පුහුණුකරු වන ලුයිස් ෆිලිප් සොලාරි එංගලන්තේ චෙල්සී කෝච් කරා කාලයක්. අවුරුද්දක්වත් ඉන්න බැරිවුනා අයින් කරා. මම කාලයක් වැඩ කරේ මේහේ ආසනල් ස්ටේඩියම් එක ලඟ. ආසනල් මැචස් දවසට ස්ටේඩියම් එකත් අවටත් කට කපලා සෙනග. ෆුට්බෝල් කියන්නේ පිස්සුවක්. මට එකම එක් වරක් ආසනල් ස්ටේඩියම් එකේ එකම එක මැච් එකක් බලන්න ලැබුනා ලයිව්. පිස්සු හැදෙනවා ඒ වටපිටාව ඒ විනාඩි 90 ඇතුලත.

    ReplyDelete
    Replies
    1. මට හමු වුනා බයාන් මියුනික් ගිය යාලුවෙකුගේ අයියා කෙනෙක්. එයා කියන්නෙත් ඔය කතාවම තමයි. සොලාරි තද පාලකයෙක් වගේ පේන්නේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...