Sunday, March 16, 2014

කෙටිම කෙටි ලොල් කතා අංක 35 : ජපන්නු කෝට්ටේ ගියා වගේ ...... Japanese in Kotte

නුගේගොඩ පාගොඩ පාරේ තියෙන තදබදය ගැන මම පහුගිය පොස්ට් එකකින් විස්තර කරා මතක ඇතිනේ. ඉතිං මේ හරියේදී ඇති වෙන ආතතිය මග අරව ගන්න මම කරන්නේ රේඩියෝ එක අහන එක. දවසක් මෙහෙම කනේ ඉයර්ෆෝන් ජැක් ගහගෙන ඉන්නකොට මම දැක්කා චීන්නු දෙන්නෙක් කඩයක් ගාව නැවතිලා අනිමිස ලෝචනය දාගෙන බලාගෙන ඉන්නවා. ඒ කඩේ ටිකක් අමුතු විදිහේ එකක්. මම නුගේගොඩ ඔෆිස් එක තිබුන කාලේ කිහිප දවසක්ම ඔතනට ගිහින් තියෙනවා. මෙතන බස් එක ටිකක් හිර වෙලා මම පොඩ්ඩක් ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව අටයි විසිපහයි. අද ෂුවර් එකටම රතු ඉර වදිනවා. රතු ඉර වැදුණා කියන්නේ වරුවක් නිවාඩු. මේ වගේ දවස් වලට මම කරන්නේ කොහොමත් එකයි කියලා මගින් බැහැලා දොළහට ඔෆිස් යන එක.

ඕන දෙයක් කියලා මම බැස්සා අර චීන්නු දෙන්නා ඉන්න තැනින්. මේ යක්කු බලාගෙන ඉන්න විදියට කඩේ කඩන්නවත්ද කියලා මට සැකයක් ආවා. ඉතිං බ්ලොග් කාරයෝ වෙච්ච අපිට අද ලංකාවේ ඉන්න මාධ්‍ය කාරයන්ට වඩා හොඳ ඉවක් අයිතියක් වගේම වගකීමකුත් තියෙනවානේ මේ වගේ දේවල් ගැන හොයා බලන්න. ඒ ගැන ඉතිං මොනවට කියනවද? මම බස් එකෙන් බහිද්දීත් කීප දෙනෙක්ම මගේ දිහාට රබර් ඇහැ දාලා බැලුවා. මම හිටිය බස් එක යන්න ඇරලා මම හෙමිහිට චීන්නු දෙන්නට කිට්ටු කළා. මම අර දෙන්නට කෙලින්ම කථා කළා. සමහරවිට මේ දෙන්නත් චීන මාධ්‍ය කාරයෝ දෙන්නෙක් වෙන්නත් බැරි නෑ. එකෙක්ගේ කරේ කැමරාවක්. හිටු කියලා ෆොටෝ ගහනවා. වැඩියෙන්ම පොටෝ ගහන්නේ කඩේ බෝඩ් එක. 

මම : ගුඩ් මෝර්නින් ජෙන්ට්ල්මන් ! ෆ්රොම් වෙයාර් ආර් යූ ? ඇන්ඩ් වට් ආර් යූ ලුකින් ෆෝ ?

චීන්නු : ගුඩ් මෝනින් ! වී ආර් ෆ්‍රොම් ජැපෑන්. ඉස් දීස් ෂොප් ඔව්න් බයි එ ජැපනීස් ?

මම : ඔහ් ! අයි සී (ජපන්නු බව තේරුම් ගත් පසු). නෝප් දිස් ෂොප් ඕනර් ඉස් සිංහලීස්. වයි ?

ජපන්නු : යූ නෝ මෑන්. හිස් නේම් ඉස් "හිතා" ඇන්ඩ් මයි නේම් ඉස් "හොන්ඩා"

මම : හව් ආර් යූ හිතා ඇන්ඩ් හොන්ඩා. හව් ඩු යූ ෆයින්ඩ් ශ්‍රී ලංකා. (මා අවසන් කිරීමට පෙර ජපනා උත්තර දේ)

ජපනා1 : යූ සී. දිස් ෂොප් නේම් ඉනසිඩෙන්ටලි ඉස් කොම්බිනේෂන් ඔෆ් අවර් නේම්ස්. අයි හෑව් හර්ඩ් සම් පීපල් හියර් නේම් ශෝප්ස් ඕන් ජැපනීස් නෙම්ස් ලයික් "ජපන් ලංකා ඔටෝ ලෑන්ඩ්", "ඔසාකා ට්‍රේඩර්ස්" ඇන්ඩ් සෝ ඔන්. වී වොන්ඩර් හී නේම් දිස් විත් අවර් නේම්ස්. හී මයිට් හෑව් වර්ක්ඩ් ඉන් ජැපෑන්. 

මම : නෝ වේ ෆ්‍රෙන්ඩ්ස්. හී ඉස් එ රෙපියුටඩ් බිස්නස්මන් හියර්. 

ජපනා2 : දෙන් වයි හී නේම් හිස් ෂොප් ඔන් අස්. එනිවේ හී ෆොගොට් ටු පුට් අ හයිෆන් ඉන් බිට්වීන්.

මම : දිස් ඉස නොට් ජැපනීස් නේම්. වට් ද හෙල් ආර් යූ ටෝකින් එබවුට් ? (මේ අතර මගේ පිටුපසින් කවුරුන් හෝ කෑ ගසනු ඇසේ)

"මහත්තයා - මහත්තයා  නැගිටින්න මේ කොස්වත්ත හන්දිය "

මම කලබලයෙන් වටපිට බැලීමි. හෙඩ් ෆෝනය තදින් ඇදගත් මම බසයෙන් බැස ගත්තෙමි. මා හීනයක් දකිමින් සිට ඇත. ලේන්සුව ගෙන මූණ පිසදාන ගමන් සිහිනය ගැන නැවතත් කල්පනා කලෙමි. එම සිද්ධිය සිදු වූ ස්ථානය මට මැවී පෙනේ. ඒ පිටකෝට්ටේ සහ නුගේගොඩ අතර පාගොඩ පාරේ පිහිටා ඇති "හොඳහිත" ව්‍යාපාරයයි.

මා නැවතත් කල්පනා කලෙමි. "HONDAHITHA" යනුවෙන් ඉංග්‍රීසියෙන්ද එතැන බෝඩ් එකක් ඇත. ආහ් ! මට මෙවර හිනාව නවතා ගත නොහැකි විය. ජපන්නු පටලවාගෙන ඇත්තේ අපේ හොඳහිත මුදලාලිගේ කඩයි. ඔවුන් කියන්නේ එය "HONDA - HITHA" ලෙස ලිවිය යුතු බවයි. 
Honda Hitha Curd Shop හොඳහිත මී කිරි කඩේ

55 comments:

  1. යකඩෝ මේ තිස්සමහාරාමෙ වරුෂහැන්දි මහත්තයාගේ කඩේ නෙව....දැක්කම නිකං ගෙදර දැක්කා වගේ

    ReplyDelete
    Replies
    1. හරිම ප්‍රතිපත්තිගරුක මහත්මයෙක් වෙන්න ඕනේ. එතනට ගියානම් කියවන්න දේවල් ඕනෑතරම්. පත්තර වල ගිය වැදගත් ලිපි අලවලා තියෙනවා බිත්ති වල.

      Delete
    2. දවසක සුදීක අයියා ඇතුලට ගිහින් බලන්නකො හරිම හොද මහත්මයෙක් වෙනස වැඩසටහනෙත් මෙතුමාගේ අලුත් කැලැන්ඩරේ පෙන්නුවා

      Delete
    3. මම ගිහින් තියෙනවා මල්ලි. එතන අලවලා තියෙන පත්තර වල ගිය හොඳ ලිපි තමයි නියම. එතන ටී.වී. එක යටින් ගහලා තියෙනවා "රටට විෂමාචාර බෝ කරන සිරස නාලිකාව නැරඹීමෙන් වලකින්න" කියල.

      Delete
  2. Replies
    1. හීනෙන් තමයි ඉතිං ජප්පෝ කෝට්ටේ යන්නේ.

      Delete
  3. හෙහ්..හෙහ්...එල නිර්මාණය.

    ReplyDelete
    Replies
    1. කෙන්ජයියට තමයි මේක හොඳට මීටර් වෙන්න ඕනේ.

      Delete
  4. කට්ටිය හීන ගැන ලියනව වැඩී වගේ...
    මොනා වුණත් අපේ සමහර ඈයො කඩ වලට දාන ජපන් නං බැලුවම ජපන්නු ඔක්කම මෙහෙද කියල හිගෙනව

    ReplyDelete
    Replies
    1. මුලින්ම එන නම තමයි ජපාන් ජේම් කොම්බයින් කියලා තිබ්බ ගෙවුඩ මිලදී ගත්ත සමාගම. ඒකෙන් ඉස්සර සයිකල් තරග පවත්වනවා රට පුරා.

      Delete
  5. මාරකේස් එක කියන්නේ අප්පා දැන් ලඟදි ඉඳන් සුදීකට හීනෙන් පේන්නෙත් advertisements මනේ ...මට පෙන්නේ "sudeeka advertising" කියලා එකක් ළඟදීම පටන් ගනී වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම කැමති ක්ෂේත්‍රයක්.

      Delete
  6. මම මේ බැලුවෙ කෙන්ජියටවත් මඩක්දෝ කියල...

    ReplyDelete
  7. මේකනම් හීනයක් නෙමේ නිර්මානයක් වගේ පෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. පෝය දවසේ බොරු කියන්න හොඳ නැති නිසා හීනයක් කළා.

      Delete
  8. අයියට පෙනෙන හීනත් හරිම ලොල් සහගතයි

    ReplyDelete
    Replies
    1. අද උදේ නැගිට්ටෙත් ලොල් කතාවක් කියපු අන්කල් කෙනෙක් ගැන හීනයක් දැකලා.

      Delete
  9. මම හොද හිට මුදලාලිගේ පුතාට මෙහ ලිපියේ ලින්ක් එක යවන්නම් ඇඩ් එකක් හදන කලෙක අදහසක් ගන්න කියලා ...

    ෆට්ට සිතිවිල්ලක්

    ReplyDelete
  10. රාජගිරිය ලග සුපර් මාකට් එකක ඉන්නව Sand amali සහ Shy amali කියල නම ගහගෙන ඉන්න කෑශියර්ල දෙන්නෙක් .
    Sandamali and Shyamali

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... හෙක්... නියමයි.

      Delete
  11. සුදීක....මෙහේ තියෙනවා Matalan කියලා ශොප්ස් චේන් එකක්. මට ඒවා දැක්කාම අපේ මහාචර්ය තුමාව තමයි මතක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ තියෙනවා පේස්ට්‍රි ෂොප් එකක් "රොටි මාමා" කියලා.

      Delete
  12. හැක්. උදේ පාන්දරට බස්එකේ හීන බල බල යන එකනං එච්චර හොඳ දෙයක් නෙමෙයි ගොයියො.

    ඒ රටවල්වලවත් නැති තරං චීන, තායි රෙස්ටොරන්ට් ලංකාවෙ තියන එකේ ඕක අවුලක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් ලංකාවෙන් භාගයක් චීන තමයි.

      Delete
  13. අලුත්ම හොන්ඩා ජුලොලා බයික් එක දැකලා තියෙනවද

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ තමයි ඕවට උනන්දු.

      Delete
  14. උබටත් පේන හීන

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්.. හෙක්...

      Delete
  15. මේකනම් ලොල් කතාවක් තමා...

    ReplyDelete
    Replies
    1. තව මේ වගේ ඒවා දැකලා තියෙනවා දැන් මතක නෑ.

      Delete
  16. හීනෙ මුලක් නෙ. :D

    ReplyDelete
    Replies
    1. ජපන්නුන්ගේද ? අපේද ?

      Delete
  17. දවල්ට නිදියන්න එපා කියන්නේ ඉතින් ඔන්න ඕක හන්දා තමයි.. ලොල් හීනමයි පේන්නේ..

    ReplyDelete
  18. උදේ පාන්දරටත් බස්වල නින්ද යනවද?

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බස් වල නිදියන්න නම් වෙලාවක් නෑ.

      Delete
  19. එක පොරක් රවියගේ තාත්තගෙන් ඇහුවලු, "ඈ මහත්තයෝ මොකක්ද මේ විජයන්ති එකේ පෙන්නන පිචැර් එක? කාලා කාලා දේ පාලා පාලා දේ ?

    ඒ කාලේ සිංහල ‍ෆිල්ම් වල නම් ලියන්නෙත් ඉංග්‍රීසි අකුරෙන්. ඒවා ඔය තැන තැන බෝඩ් වල ගහලා තියෙනවා.

    ReplyDelete
  20. චූටි මල්ලියි පොඩි මල්ලිගෙයි කතාවක දවසක් ගියා ලංකාවේ පොරක් අරාබියේ දාපු කඩයක් ගැන් කඩේ නම අල්මාරි. හැබැයි අල්මාරි විකුණන් කඩයක් නෙමේ. මාරි බිස්කට් විකුණන කඩයක්. අරාබිකරේ මුලින් "අල්" කියන කෑල්ල දාන නිසා තමා කඩේ "අල් මාරි" වෙලා තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. හසිත දන්නවද අරාබියේ ඩිරෙක්ටරීස් වල A අකුර විතරයි තියෙන්නේ කියලා. :d

      Delete
    2. @ සෙන්නා

      එහෙමද අයියා :D

      Delete
  21. supiri kathawa

    ReplyDelete
  22. හීනයක්ද අප්පා..

    ReplyDelete
    Replies
    1. සිතුවිලිත් වෙලාවකට හීනයක් වගේ තමයි.

      Delete
  23. හොඳ හිත ව්‍යාපාරය මේතරම් නැගල ආවේ එතුමාගෙ මීකිරි ව්‍යාපාරය හඳුන්වා දුන්නු නිසානේ. මේ කතාව ඒ මිකිරි වගේම රහයි. මම දන්න තරමින් එතුමා නුගේගොඩ අවට හරි ජනප්‍රියයි. මිකිරි නිසා. පස්සෙ කාලෙක බුදුදහමට අදාල පොත් ව්‍යාපාරයකුත් පටන්ගත්තා."දම්සක්" පොත් නමින්.

    ReplyDelete
    Replies
    1. මම දැක්ක හොඳ ව්‍යාපාරිකයෙක්. තමන්ගේ ගාන හොයා ගැනීම වෙනුවට, ව්‍යාපාරය එක්ක රටට පණිවුඩයක් දෙන්න හදන මහත්මයෙක්.

      Delete
  24. හිරිම නිර්මාණශීලි සුදීක, මට මතක විදියට මේ මුදලාලි මහත්මයා ගොඩක් ජනප්‍රියඋනේ. ඒ කලේ මේ මුදලාලි මහත්මයාගේ කඩේ වැඩ කරන අය අවුරුදු නිවාඩුවට ගමට ගිහින් එන්න පරක්කු නිසා, කඩේට එන අයට ස්වයං සේවාවක් ලබාදිලා තිබුනා. කිරි පැණි ගන්න විතරක් නොවෙයි සල්ලි ගෙවන්නත්. බඩු ගත්ත මිනිස්සු තමන් ගත්ත ගානට හරියන්න සල්ලි වට්ටියකට දාලා ඉතුරු සල්ලි ගානට අරන් ගිහින් තිබුනා. ඒක නිසා මේක ජපන් කඩයක් කිව්වත් වැරැද්දක් නෑ. මේ දවස් වල බත්තරමුල්ල පහුකරන් බස් එකේ යන අයටනම් උදේ හීන බලලා පොතක් උනත් ලියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ලංකාවේ බැරි කමක් නෑ. ඉඳහිට කෙනෙක් හොරකම් කරයි. නමුත් ඒ වගේ අත්හදා බැලීම වටිනවා. දැන් CCTV තියෙන නිසා කරන්න පුළුවන්. මටත් තේරෙන්නේ එතුමා නිර්මාණශීලී කෙනෙක් කියලයි. බොහොම ස්තුතියි ඇගයීමට.

      Delete
  25. අර පරක්කු වෙච්ච දවසට මගින් බැහැලා දවල් වෙලා යනවා කියපු එකත් හීනෙ කෑල්ලක්ද දන්නේ නෑ නේද

    ReplyDelete
    Replies
    1. පියවි ලෝකේ දේවල් හීනෙට ඈඳෙන එක සාමාන්‍යයි. හොඳයි 2 වරක් 5 දහයයි කියලා අපි දන්නවානේ. ඉතිං ඒක හීනේදීත් එහෙමයි. අන්න ඒ වගේ. මම පියවි ලෝකේ කරන දේවල් හීනෙටත් බෝ වෙලා. මේක තර්කයක් විතරයි. ඔයා මතු කල කාරණාව හරි.

      Delete
  26. බදුල්ල - මහියංගණ පාරෙ තියනව සාධාරණ ස්ටෝර්ස් කියල කඩයක්. ඒ මුදලාලිත් හරිම හොඳයිලු...........

    ReplyDelete
  27. සුදීක ඔබගේ කතව ඉතා අගය කරමි. මෙය පලකර වසරකටත් වැඩි කාලයක් ගතවූවත්, මෙහි සටහන් කර ඇති සියලුම දනාගේ අදහස් දුටුවෙමි. ඒවා ඉතා අගය කරමි.

    මාගේ පියාද සතුටෙන් කියවූබව සදහන් කිරීමට කැමැත්තෙමි.

    මීට
    හොදහිත මහත්මාගේ පුතු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වරුසහන්නදිගේ මහත්මයා. ඔබගේ ව්‍යාපාරය මම ඉතාම අගේ කරන එකක්. හැකි හැමවිටම එතැනට ගොඩ වෙනවා. ජයවේවා !!

      Delete
  28. සුදීක ඔබගේ කතව ඉතා අගය කරමි. මෙය පලකර වසරකටත් වැඩි කාලයක් ගතවූවත්, මෙහි සටහන් කර ඇති සියලුම දනාගේ අදහස් දුටුවෙමි. ඒවා ඉතා අගය කරමි.

    මාගේ පියාද සතුටෙන් කියවූබව සදහන් කිරීමට කැමැත්තෙමි.

    මීට
    හොදහිත මහත්මාගේ පුතු

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...