තුන්වෙනි වරටත් නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල ඉතා ඉහළ මට්ටමින් පැවැත්විණි. පළමුවෙන්ම අඛණ්ඩව මෙය පවත්වාගෙන යාම වෙනුවෙනුත්, පසුගිය අඩුපාඩු මකාගෙන තත්වය උසස් කිරීම වෙනුවෙනුත්, එහි සංවිධායක මණ්ඩලයට, විශේෂයෙන්ම අජිත් ධර්මකීර්ති, කල්‍යාන ඇතුළු ඒ සඳහා දායකත්වය දැක්වූ සියල්ලන්ට මගේ ප්‍රණාමය සහ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. ඒ හුදෙක් මමද එහි සම්මාන ලාභියෙක් වීම නිසා නොව, තමන්ගේ වියදමින් සිංහලෙන් කියවන දනන්ගේ දැනුම සුපෝෂණයට කැපවුණු අමුතු තාලයේ මිනිසුන් කොටසක් අතරින් කිහිප දෙනෙකු තෝරා ඇගයීමට ලක් කිරීම වෙනුවෙනි.
මෙයට පෙර අතුව සම්මාන උළෙලවල් දෙකක් සිදු කෙරුණු අතර, දෙවෙනිවර මටත් දෙවෙනි ස්ථානයක් හිමි විය. ඒ ගෘහස්ථ කටයුතු කාණ්ඩයෙන්ය. තවත් එකකට මගේ නම නිර්දේශ වූ අතර, එයින් නම ඉවත් කරගැනීමට නිහතමානීවා කටයුතු කිරීමට මට සිදු වුයේ, මා කල පරිවර්තනයක් සඳහා විද්‍යා හා තාක්ෂණ අංශයෙන් නිර්දේශ වීම නිසාය. ඒ පිලිබඳ සංවිධායක මණ්ඩලයේ කිසිදු විරෝධයක් නොවිණි. වෙනත් කෙනෙකුට ලැබිය යුතු ගෞරවයක්, සුදුසුකම් නොලබා මට ලැබේනම් එය දැනුවත් කිරීම මගේ යුතුකම බව මම සලකමි. වරක් සිංහල අවුරුදු උත්සවයක වොලිබෝල් තරගාවලියකදී, මා චියර් කලේ මගේ ක්‍රීඩා සමාජයේ වැඩි මිතුරන් පිරිසක් ක්‍රීඩා කළ කණ්ඩායමටය. මා ජීවත් වූ ප්‍රදේශය අනුව මා ක්‍රීඩා කලයුතු වූයේ, මගේ විරුද්ධවාදීන් බොහොමයක් ඇති කන්ඩායමකටය. එම තරගාවලිය අන්තර් ග්‍රාමසේවක වසම් තරගයකි. මා පුරුදු පරිදි චියර් කිරීමේ නිරත විය. අවසානයේ මගේ මිතුරන්ට ජයග්‍රහණයද, පසමිතුරන්ට අනු ශූරතාවයත් හිමි විය. පසුදිනක මගේ නිවසට පසමිතුරු කණ්ඩායමේ ක්‍රීඩා කල ලෙසට සහතිකයක් ලැබී තිබුණි. මා චියර් කර තිබුණේ, මට විරුද්ධවය. එනිසා ඒ සහතිකයට මා මගේ සහතික ගොන්නට එකතු කර ගත්තේ නැත. මන්ද හදවතට එකඟව එයට මා හිමිකම් නොකියන නිසාය. පසුගිය වසරේ එකී සම්මානයද එලෙසය.
මේ අස්සේ මට තවත් සිද්දියක් සිහියට නැගේ. ඒ මා කළුතර ඥානෝදය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාළයේ සිදු වූ සිදුවීමකි. මාත් ඉන්දකත් විහාගය අවසන් වී පාසල ඇති පටුතුමග දිගේ නගරය දෙසට ඇදී එන්නට වීමු. එච්.පී.ටී. නමැති නිවාස දේපොළ වෙළඳ සමාගමේ කාර්යාලයක් මේ පටුමගේ පිහුටුවා තිබුණි. ඒ අසලා මාර්ගයේ කාන්තා පර්ස් එකක් තිබෙනු දැක, එය අහුලාගත් මා එය ඉහලට ඔසවා, මෙය කාගේද අසන්නට ප්‍රථමයෙන්, ඉන්දකයා "අපි දෙන්නා මේක බෙදා ගමු" වචනය පේලිය කියා නිම කරන්නට පෙර, එය අයිති කාන්තාව අප අසල සිටි නිසා, සියල්ල යහපත් අතට සිදු විණි. එදා සිට මට අයිති නැති දේ නොගැනීම මගේ සිරිත විය. මේ සඳහා තවත් බොහෝ උදාහරණ සැපයිය හැක. මේ ඒ සඳහා වෙලාව නොවේ. මේ බ්ලොග් සටහනද මේ වනවිට යල්පීනු තත්වයට පත් වන්න ආසන්නය. කුමක් කරන්නද, මගේ රාජකාරියේ ස්වභාවය සහ ගෘහසේවිකාව හදිසියේ සේවයෙන් ඉවත් වීම තුල මාගේ විවේකය සීමා වී ඇත. එහෙත් මා මෙය ලිය අවසන් කල යුතුමය. ඒ මෙය කියවූ ඔබ වෙනුවෙනි. මා වෙනුවෙන් සම්මාන ගන්නට පාර කැපුවෝ ඔබ වෙති.
හොඳයි අප දැන් මෙහි මාතෘකාව දෙසට හැරෙමු. එය "සාම්මාන නොහොත් ගම්මාලු" යනුවෙ මා නම් කළේ මන්දැයි මෙය කියවා අවසන් කරන මොහොත වනවිට ඔබට තේරුම් යනවා ඇත. ගම්මාලු නමැති වෘක්ෂය දැකිය හැක්කේ කඳුකර ප්‍රදේශ වළය. හරියටම කීවොත් ඌව කඳුකරයේය. ශ්‍රී ලාංකකියන් මෙම වෘක්ෂයේ කොටස් ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් සඳහා භාවිතා කරති. "ගසක් කැපුවා" යයි කීවොත්, එය ළී සඳහා හෝ දර සඳහා යන අපගේ පුරුදු භාවිතාව ඕනෑම කෙනෙකුගේ සිහියට එයි. සත්‍ය වශයෙන්ම මෙහි වැඩි භාවිතාව සිදු වන්නේ ළී දඬු නැතිනම් දැව නිෂ්පාදනයටය. වැඩිමනත් භාවිතා කරන්නේ යටලී, පඩිපෙළ අත්වැල් හෝ ජනෙල් දොරවල් සඳහාය. මෙය තද රතු පති ලීයකි. වාර්නිෂ් ආලේප කලවිට කදිම ගාම්භීර නිමාවක් දැකිය හැක. වරක් හපුතලේ ප්‍රදේශයේ කල රාජකාරි ගමනකදී, එහි තිබෙන රෙස්ට් හවුස් එකක පඩිපෙළ අත්වැල සහ යටලී මෙම දැවයෙන් කර ඇති බව අසා දැන ගතිමි. ඒ එහි සිත්ගන්නා නිමාව නිසාය.
නමුත් ගම්මාලු වල වැදගත් යෙදවුම වන්නේ, ඖෂධයක් ලෙසය. එය දිව්‍ය ඖෂධයකි. සමහරවිට මේ සඳහා වෙනත් ගම්මාලු වර්ගයක් යොදා ගන්නවාද යන්න මා සහතිකවම නොදනිමි. එනමුදු ගම්මාලු මැරෙන්නට යන, ජීවිතය ගැන බලාපොරොත්තු අත්හල රෝගීන් සඳහා භාවිතා කරන බව අසා ඇත්තෙමි. නිදා සිටින එවැනි රෝගියෙකුගේ දෙතොළ මත ගම්මාලු ඉස්ම රැඳවු විට දුන්නක් සේ නැගිටින බව අසා ඇත්තෙමි. මේ අස්සේ තවත් පඳුරු කතාවක් සිහියට එයි. දැනට විශ්‍රාම ගත් මා සේවය කරන ආයතනයේ, එක් පැරණි සේවක මහතෙකු වරක් කාගේ හෝ බසකට අනුව එය අධික මාත්‍රාවෙන් පරිභෝජනා කර රෝහල් ගත කිරීමට පවා සිදු වී ඇත. ඒ එහි වාජීකරණ ගුණයක් ඇතැයි, කෙනෙකු පැවසු ගමන තමන්ගේ එරියස් එකක් කවර් කරන්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි. අදද එය මාගේ මුහුණට සිනාවක් ගෙන එන කදිම අනුස්මරණයකි. ඒ එම පුද්ගලයාගේ රාජකාරි කල අවසන් කාළයේ ලිංගිකත්වය වෙත තිබූ නැඹුරුව සිහිපත් වීම නිසාය.
ඉතිං මේ සම්මාන උළෙලට ගම්මාලු වල ඇති සම්බන්ධය කුමක්ද ? අර ලයිෆ්බෝයි වෙළඳ දැන්වීමේ මෙන් "මොකක්ද සම්බන්ධෙ" යනුවෙන් කෙනෙකුට අසනු හැකිය. හොඳයි මා විස්තර කරන්නම්. මෙම සම්මාන උළෙලේ මට දැනෙන අරමුණ, තමන්ගේ කාලය, ධනය සහ ඩේටා වැයකරමින්, සෙසු ලෝකය දැනුවත් කරන්නට උත්සාහ කරන ස්වෙච්චා රචකයන් ගොන්නක් අතුරින්, වඩාත් සිත්ගන්නා ලියවීම් කළ අයගේ උද්‍යෝගය අගයනු සඳහාය. එමගින් මන්දෝත්සාහී තවත් පිරිසකට නව ජීවයක් සැපයීමද සිදු වේ. නමුත් කලක් තිස්සේ බ්ලොග්කරණයේ යෙදි, බ්ලොග් අඩවිය වසා දමන්නට ඔන්න මෙන්න තත්වයේ කෙනෙකුගේ ඉඳහිට කෙරෙන ලියවිල්ලකට මෙවැනි සම්මානයක්, මරණාසන්න පුද්ගලයෙකුට ගම්මාලු සැපයීම මෙන් ක්‍රියාවකි. එමගින් ඔවුන්ගේ පණ ගිලිහී යා නොදී රැක ගත හැක. සමහරවිට දිගු කලක් අල්ලා සිටින්නටද හැකිය. හෙම්බෙන් හෝ ඇවිද්ද පයට සම්මානයක් හිමිකරදීම එවැනි ක්‍රියාවකි. මා බ්ලොග්කරණයේ රැදී සිටින්නට එය නව ජීවනයකි. එනමුදු ගම්මාලු නැතත් අපට මේවා වසා දමන්නට නොදී සිටින එක් පුද්ගලයෙකු වේ. ක්‍රිකට් වලට පර්සි මෙන් බ්ලොග් වලට නම් මෙන්ඩා එවැනි පුද්ගලයෙකී. ඇත්තටම ඔහු සිංහල බ්ලොග් ලෝකයට බලපෑමක් කළහැකි පුද්ගලයෙකි. ඒ දිරිගැන්වීම මගිනි. ඒ ගැන බොහෝ තැන්වල දැනටමත් කථා වී තිබේ. එනමුදු ඇවිද්ද පය ලියන සුදීකට ඔහු සුවිශේෂී පුද්ගලයෙකි. මා නිද්‍රාවට පත් සෑම මොහොතකම කමෙන්ට් නමැති වතුර බාල්දියෙන් ගැසුවේ මෙන්ඩාය. මා ඔහු ගැන විශේෂයෙන් සඳහන් කළේ මේ බ්ලොග් අඩවියට මෙන්ඩා දක්වන ආදරය නිසාය. එයට හේතුව කුමක්දැයි මා කිසිදින මේ කෙසඟ, කාල වර්ණ පුද්ගලයාගෙන් විමසීමක් කර නැත. මන්ද ඒ ඔහුගේ කැමැත්ත නිසාය.
නමුත් මේ සම්මානය මා අතට පත් කරන්න වෙහෙස මහන්සි වූ බොහෝ දෙනෙක් සිටී. ඒ මගේ දෙවම්පියන්, සියළුම ගුරු බවතුන්, ලිවීමට මා දිරිමත් කළ හිතවතුන්(චන්දිමා, ප්‍රසාද්, සුරේෂ්), මගේ බ්ලොග් අඩවිය නිරතුරු කියවා කමෙන්ට් කරන ඔබසැම, විශේෂයෙන් මේ අප්‍රිකානු කථාවට පෙම් බැඳී අරුණ පෙරේරා, සෙන්නා, අජිත් සහ කල්‍යාන සහ මනෝජ් සිහිපත් කලහැකිය. මෙහි නම් සඳහන් නොකළ එනමුදු කමෙන්ට් කළ තවත් බොහෝ දෙනෙකු වේ. ඒ සියළුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය හිමි වේ. දැන් ගම්මාලු බී යළිත් නැගීසිටි මා කුමක් හෝ මෙහි ලියා තැබිය යුතුය. එය මගේ යුතුකමය. එසේ නම් බලාපොරොත්තුවෙන් හිඳින්න. මාගේ බ්ලොග් චාරිකාවේ දෙවෙනි ඉණිම නොබෝ දිනකින් අරඹමි. එතෙක් ඔබ සැමට පුංචි විරාමයක්.
සම්මාන ලැබුණු "ගොවිපලේදී" බ්ලොග් ලිපි මාලාව සඳහා මෙතැනින් පිවිසෙන්න

සම්මානයට උණුසුම් සුභ පැතුම්. දිගටම ලියන්න.
ReplyDeleteබොහොම ස්තුතියි හසිත. එහම තමයි හිතාගෙන ඉන්නේ.
Deleteමෙන්ඩව හම්බුනේම නෑනේ..
ReplyDeleteමක් කරන්නද.. කස්ටිය වැඩිලකමට කතා කරල ඉවර කරගන්න බැරි වෙන්ප ඇති මහිතේ..
සුබ පැතුම් සුදික අයියා...
:-) :-)
ඊලග සැරෙත් නෙලුම් යාය කරන්න කියමු අපි සෙට් වෙමු
Deleteකොහේද මහේෂයා කඩදාසිය ලිපේ දාලානේ ඇවිත් තිබුණේ. මම නවාතැන් දෙන්නත් අහලා, මේකා බෑ කිවුවනේ. :)
Deleteසුබ පැතුම් ... දැක්කට කතා කරන්න නම් බැරි උනා...
ReplyDeleteබොහොම ස්තුතියි. එන පාරවත් බලමු.
Deleteජයග්‍රහණයට සුබ පැතුම්...!
ReplyDeleteසම්මාන හා ගම්මාලු...!
බොහොම ස්තුතියි හෙන්රි අයියා. මේකට හැම අතින්ම ගැලපෙන යෙදුම තමයි ගම්මාලු. නෙලුම්යායට හෙන්රි අයියාගේ අත්දැකීම් එකතු වුණොත්, සම්මාන උළෙල වඩාත් වෘත්තීය මට්ටමින් පවත්වන්න පුළුවන්. මමත් සහයෝගය දෙන්නම්.
Deleteසැඟවුණ අරමුණු හා සංවිධායකයින්ගේ පැටිකිරිය සොයා බලන්න වෙනවා.
Deleteසම්මාන දීමේ අදහස අගෙයි. මං හිතන්නෙ ඒක අජිත්ගෙ. දැං ඒ සංකල්පය හයි-ජැක් කරලා නේද?
මේකෙන් අපි ඈත් වුණොත් නිකම්ම හයි-ජැක් වේවි. අපිට අපේ සීමාවේ ඉඳගෙන වැඩේ කරන්න පුළුවන්. උදාහරණෙකට මට සම්මානේ ලැබුණා. අරයා දෙනවා, මෙයා දෙනවා, කියලා මම ගෙදර හිටියනම් පාඩුව මටමයි. අපි මේවට මොනවත් බලාපොරොත්තු නොවෙන බව ඇත්ත. ඒ වුණාට අපේ තැන අපි වෙනත් කෙනෙකුට දෙන්න ඕනේ නෑනේ.ඒ නිසා මම ආවා. සම්මානේ ගත්තා. කවුද දුන්නේ කියන එක මෙතැන සඳහන් කළෙත් නෑ, ඡායාරුප දැම්මෙත් නෑ. මේ වගේ දේවල් දියුණු වෙලා එනකොට, ඒවාට එකතු විවිධ බලාපරොත්තු සහිත පුද්ගලයෝ එකතු වෙනවා. තනිකරම දෙස්පානයෙන් වියුක්ත වෙලා වැඩක් කර ගන්නත් අමාරුයි අද තියෙන තත්වේ හැටියට. ඒ අයගෙන් පුළුවන් උපකාරයක් ගත්තට කමක් නෑ. හැබැයි කඩේ යන්න ඕනේ නෑ. ඒකත් එක්-එක්කෙනාගේ කැමැත්ත. හැබැයි අපි කණ්ඩායම් වලට බෙදෙන එක නරකයි.
Deleteමාත් එක පාරක් සමස්ථ ලංකා වොලිබෝල් තරගාවලියෙදි (ඕක තිබ්බේ අපේ ගමේ) අවසාන තරගෙට ආපු වෙන්නපුපුවේ සැට් එකට චියර් කරා අපි හැමදාම උදේට අගර දගර බලන අල්ලපු ඉස්කෝලේ කෙල්ලන්ව පරාද කරන්න.. අන්තිමට උං පැරදිල ඇඩුවා. ඒ ටීම් එකේ කෝච් ඇවිත් අපිට කිව්වා පුතා උඹල තමන්ගේ ගමේ උන්වටවත් නොසලකන මහ පඩත්තර ජාතියක් කියලා.. ඊට පස්සේ ඉදල ඒ ඉස්කෝලේ කෙල්ලෝ අපිට සැට් වෙන්නෙම නෑ.. හැක්.. ඒක ටිකක් හිතට වද දෙන කාරණයක්..
ReplyDeleteඋඹ වගේම මාත් හෙන ධාර්මිකයි. අනුන්ගේ කිසිම දෙයක් ගන්නේ නෑ. ඕක පොඩි කාලේ ඉදලම තිබුනා. ගෙවල් ගාව කඩෙන් ඉතිරු සල්ලි වලට රුපියලක් වැඩියෙන් දුන්නත් ආයි දුවල ගිහිල්ල දීල එනවා. ඔය වගේ ටවුමේ හැමදාම බඩු ගන්න කඩෙන් දෙපාරක් විතර මට පන්සීයේ ඉතුරුවට දාහේ ඉතිරි දීපු අවස්ථා දෙකක් තිබුනා. ඒ දෙවතාවෙම මං හෙන ධාර්මිකව ඒ මුදල ආයි දුන්නා. හැබැයි මං දාහක් දීපු වෙලාවක මේ යකා පන්සීයක ඉතුරු සල්ලි දුන්නම මං දාහ දුන්න කිව්වම ඒක විශ්වාස කරේම නෑ. කොච්චර කිව්වත් දුන්නෙත් නෑ. ගිය සතියේ හාල් තොග කඩෙන් දාහක් දීල හාල් කිලෝ අටක් ගත්ත වෙලාවේ මට රුපියල් පන්දාහක ඉතිරි දුන්නා. ඉතිං මං දුන්නද කියල නේ අහන්නේ. ආයිත් අහල දුන්නෑ බං.. මං ඒක අරගෙන ආවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව බිසිනස් කරන ජීවිකාව කරන කාටවත් මං මොන තත්වයක් යටතේ වත් ඒ දේ කරන්නෑ. මං ඒ අයට ගාන අඩු කරන්න කියලවත් කියන්නෑ. ඉතිං මං හෙන ධාරිමිකයි නේද? හැක්.
ඔය ගම්මාලුවා ඉන්නවා නේද උඹ දැං ගිහිල්ල බලහං මං අන්තිමට පෝස්ට් එකක් දැම්මෙ ගිය දෙසැම්බර්.. ඒකේ අන්තිමට කමෙන්ට් දෙකේදි මට මරණ තර්ජන කරල තියෙනවා. ඒ වගේම මෙන්ඩා නොලියා හැම එකාටම තග දානවා. ඒක සාමාන්‍ය දෙයක්.. ඔය කැහැටු මෙන්ඩා කවදාවත් බ්ලොග් දාල යන එකෙක් නෙමයි.
හරි සම්මාන ගැන.. සම්මාන තම්බල කන්නයැ බං.. හැක්.. චියර්ස්.. ජය වේවා.. කෝම හරි බ්ලොග් එක ලියවෙනවං අවුලක් නැ. හැබැයි පුතේ අර මට එපා කරපු හෙඩිමෙන් එන කතා නං සොරි තමයි හොදේ..
ලැච්චරර්තුමා අති දර්මිස්ටර් බව යාළුවෝ කියනවා මටත් ඇහිලා තියනවා
Delete//පුතා උඹල තමන්ගේ ගමේ උන්වටවත් නොසලකන මහ පඩත්තර ජාතියක් කියලා//
Deleteමේක ඇත්තම කතාවක්ද බං. නැත්නම් මට කෝචෝක් එකට ලිව්වද ?
නෑ බං ඇත්තටම උන දෙයක්.. 17න් පහල ෆයිනල් මැච් එකේදී මැච් එක ගහන්නෙත් ගමේදී. ඒත් අල්ලපු ඉස්කෝලේ කොල්ලෝ ටික වෙන්නප්පුවේ කවදාවත් දැකල නැති ටීම් එකකට චියර් කරල අර කෙල්ලෝ අඩවල කෝච්වත් අඩවල කරපු දේ හරි නෑනේ.. ඒ කෝච් තාමත් මගේ මුන බලන්නෑ.. හැක්..
Deleteඋඹත් රවිය වගේ බේගල් ඇදබාන්න ගත්තද මෙතන. හැක්..
Deleteමේ දවස් වල මම හොයන්නේ උල තියන්න අර ද්රැකියා කියන එකා සහ කෑම එකට හුනෙක් දාලා දෙන්න සරත් ලංකාප්රිය අයියන්ඩි
Delete@දේශකයා : එහෙනං මේක කෝ ඉන්සිඩන්ට් එකක්.
Delete@ප්‍රා ජේ : බොහොම ධර්මිෂ්ඨයි. ජේ.ආර්. පප්පා වගේ.
@ප්‍රසන්න : මේක බ්ලොග් පොස්ට් එකක් තරම් දිගයි තමයි.
@මෙන්ඩා : ඩ්‍රැකියා කියලා ලියන විදිය දන්නේ නැත්ද ? මුලින්ම ඩ්‍රැගන් කියලා ලියලා. පස්සේ දෙකක් බැක්ස්පේස් කරනවා. ඊට පස්සේ කියා කියලා ලියනවා. ඩ්‍රැගන් + කියා = ඩ්‍රැකියා
ඩ්‍රැකියා
Deleteහරේ ...එල ද බ්‍රා අයියන්ඩි
අමුතු තාලයේ මිනිසාට සුබ පැතුම් !
ReplyDeleteකෙන්ඩේ ජෙල් කරලා රැවුල කපලා ඉස්කෝලයක් ලගට ගියොත් 11 වසර කෙල්ලෝ පස්සෙන් එයි කියලා තමයි මාව දකින අය කියන්නේ
Deleteමොකක්ද 11 වසරේ විශේෂත්වය ?
Deleteජ ය වේ වා !!!
ReplyDeleteබොහොම ස්තුතියි. උඹ කොහෙද මළේ ?
Deleteගිටාර් පන්ති යනව කියල ආරංචියි. සම්මානයට සුභ පැතුම්
ReplyDeleteමමත් හිතුවේ පන්ති යන්න ඕනේ ඇති කියලා. හැබැයි මම එදා නිකං ගිටාර් එක ගහනකොට හැමෝම යස අගේට අත්වැල් ඇල්ලුවේ. :)
Deleteබොහොම ස්තුතියි ඉයන්.
හමුවීම සතුටක්... සුබ පැතුම් සුදීක...
ReplyDeleteබොහොම ස්තුතියි තරු රසි. මම ගොඩක් දුක් වෙන දෙයක් තමයි, ඔයාගේ පොත එළිදැක්වීමට එන්න බැරි වීම. අටමයි මායි ප්ලෑන් කරගෙන හිටියේ එන්න. මොකක්දෝ හේතුවක් නිසා මගඇරුණා.
Deleteසම්මානයට පෙරළා දිය හැකි හොඳම සම්මානයක්.. ගම්මාළු! :) සුදිකට ජයවේවා! මෙන්ඩ ට ජය වේවා! :)
ReplyDeleteඒක තමයි හැම අතින්ම ගැලපෙන යෙදුම. බොහොම ස්තුතියි කණේ(අපේ අක්කගේ පුතාගේ නමත් කලණ, අපි ආදරේට කියනෙන් කණේ කියලා)
Deleteලැබුණු සම්මානයට සුබ පැතුම් !!
ReplyDeleteමොකක්ද මේ ලැබුණු කෑල්ල ? බොහොම ස්තුතියි.
Deleteසුබ පැතුම්...!
ReplyDeleteමෙන්ඩා ගැන කියලා තියෙන කතාව "එළ ද බ්‍රා"
බොහොම ස්තුතියි මනෝජ්. මෙන්ඩා ඉතිං එළද බ්‍රා නේ
Delete//මාගේ බ්ලොග් චාරිකාවේ දෙවෙනි ඉණිම නොබෝ දිනකින් අරඹමි//
ReplyDeleteකෙසඟ, කාල වර්ණ පුද්ගලයාද දෙවෙනි ඉණිම නොබෝ දිනකින් අරඹනු ඇත
මට බ්ලොග් එකක් නැති නිසා ඉනිමක් නම් නැති වෙයි ඇනෝ එත් ලිපියක් ලියන්න ආසා හිතුනා කමියා පොරොන්දු උනා ඒක එයාගේ බ්ලොග් එකේ දාලා දෙන්නම් කියලා
Delete@ඇනෝ : මොකක් ගැනද කියන්නේ ?
Delete@මෙන්ඩා : යසයි. එහෙම ලියලා පුළුවන් නම් දිගටම ලියන එකයි. ඒ වුණත් මම කැමතියි, බ්ලොග් නැති කමෙන්ට් කරුවන්ට. මෙන්ඩා, ප්‍රසන්න, ප්‍රා ජේ.
අනිවා මට කවදවත් බ්ලොග් එකක් නැහැ මම හැමදාමත් ඔයාලගේ ආදරණිය කමෙන්ට්ර්
Deleteඔබට උණුසුම් සුභපැතුම්..!!
ReplyDeleteජයවේවා..!!
බොහොම ස්තුතියි. ආවේ නෑ නේද ?
Deleteහිතන්නේ නැතුව උනත් ඔයාලා ලියන සමහර පොඩි දේවල් ගොඩක් ප්‍රොයෝජනවත් වෙනවා ...
ReplyDeleteහැම බ්ලොග් එකකම හැම ලිපියකම අපිට ඉගන ගන්න පොඩි හරි දෙයක් තියනවා
එහෙම වෙන්න ඇති. මම හැමවිටම වටිනා දෙයක් දෙන්න උත්සාහ කරනවා.
Deleteසුභපැතුම් සුදීක.. ඒ වගේ අපූරු කතාවක් අයෙත් පටාන් ගන්න.....
ReplyDeleteබොහොම ස්තුතියි. එසේම වේවා !!! ඒ පොතේ තවත් කෙටි කතාවක් පරිවර්තනය කරන්න ඉන්නේ.
Deleteඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම්!
ReplyDeleteබොහොම ස්තුතියි නිරංජන් !!!
Deleteතමන්ගේ වියදමින් සම්මාන උළෙලක් කරනවා කිව්වේ නෙලුම් අජියා ගෙදරින් සල්ලි ගෙනල්ලා කරනවා කියලා හිතුවද ? උබල මහ මරි මෝඩ හරක් ටිකක්. මේ ආණ්ඩුවට උබලව අපුරුවට කඩේ යවනවා උබල දන්නෙත් නැ කඩේ ගියාද කියල. මේකේ සම්මාන ලැබෙන උන් දිහා බැලුවම අපිට හිනා යනවා. නින්දෙන් ඇහැරිලා වගේ එක පාරටම ලියන්න මතක් උන උන්ටත් සම්මාන දීලා. නෙලුම් යාය කියන්නේ නියම සුදුස්සාට සම්මාන නොදෙන, කඩේ යන ලොල්ලන්ට සම්මාන දෙන එකකට. ඒ නිසා උබට සම්මානයක් ලැබුනා කියලා මෙතන ලොකු එක දෙන්න එපා. එක උබටයි, නෙලුම් යාය කියල උබලව කඩේ යවන උන්ටයි විතරයි ලොකු. නෙලුම් මගුල නිසා බ්ලොග් ලියන උන් බේද උනා මිස වෙන කිසිම හොද දෙයක් වෙලා නෑ. තේරුම් ගනින් දැන්වත්.
ReplyDeleteමගේ සටහනේ තමන්ගේ කියන වචනේ පාවිච්චි කරපු තැන් මෙන්න
Delete//තමන්ගේ වියදමින් සිංහලෙන් කියවන දනන්ගේ දැනුම සුපෝෂණයට කැපවුණු අමුතු තාලයේ මිනිසුන් කොටසක්//
මේකෙන් කිව්වේ ලියන එවුන් ගැන.
//එහි වාජීකරණ ගුණයක් ඇතැයි, කෙනෙකු පැවසු ගමන තමන්ගේ එරියස් එකක් කවර් කරන්නට//
මේකෙන් කිව්වේ ඒ පුද්ගලයා ගැන
//තමන්ගේ කාලය, ධනය සහ ඩේටා වැයකරමින්, සෙසු ලෝකය දැනුවත් කරන්නට උත්සාහ කරන ස්වෙච්චා රචකයන් ගොන්නක් අතුරින්, වඩාත් සිත්ගන්නා ලියවීම් කළ අයගේ උද්‍යෝගය අගයනු සඳහාය//
මේකෙන් කිව්වෙත් ලියන එවුන් ගැන. දැන් කොතනද මම කිව්වේ සම්මාන දෙන අය තමන්ගේ වියදමින් සම්මාන දෙනවා කියලා. අපි කාලයට ඉඩ දෙමු. එතකොට ඔයාගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබේවි.
//කඩේ යන ලොල්ලන්ට සම්මාන දෙන එකක// කඩේ ගිය බ්ලොග් අඩවි හා සම්මාන බ්ලොග් අඩවි සංසන්දනය කරන්න බලන්න. කරලා පෙන්වන්න ඇනෝ ඔය ලොල් බෝග අඩවි මොනවාද කියල සම්මන ලැබුණු?
Deleteඇනෝ මෙන්න ලිස්ට් එක. කෝ පෙන්නමු බලන්න ලොල් අඩවි සම්මාන ලැබුණු. ස්තුතියි දිල්රුක් කන්නන්ගර අපක්ෂපාති ලිපියක් ලිව්වට.
Deletehttps://kolambagamaya.blogspot.co.uk/2017/03/2016_26.html
රණ්ඩු වෙන්න එපා අජිත් අයියන්ඩි අල්ලා දාන්න ...ඕවට රණ්ඩු වේවි කෙමෙන්ට් දාන්න ඔයාට වෙලාවක් නැහැ ...ඊලග පාර එක මිට වඩා හොදට කරමු ...
Deleteසුබ පැතුම් සුදික
ReplyDeleteඑසේම වේවා නලීන්. එදා හරියට කථා කරන්නත් බැරි වුණා.
DeleteSuba Patum Kollaaaaa.....
ReplyDeleteබොහොම ස්තුතියි කෙන්ජයියා. කාලෙකට පස්සේ දැක්කේ.
Deleteහමුවීම සතුටක්.. සුබ පතුම්..
ReplyDeleteමටත් ඒ වගේමයි. බොහොම ස්තුතියි ධනුවා.
Deleteයළිත් දිනෙක හමුවෙන්නට සිතන්නෙම්
ReplyDeleteමමත් මෙලෙස සුභ පැතුමක් තබන්නෙම්....
ජයවේවා!!!
ස්තුතිය මගේ මෙලෙසින් ලියන්නම්
Deleteඑන පාරත් හමු වෙන්නට පතන්නම්
ලැබුනු සම්මනයට සුදීක අයියට හදපිරි සුභ පැතුම්.
ReplyDeleteජය වේවා!!!
බොහොම ස්තුතියි මනා. මේ පාර දකින්න බැරි වුණා. අපි පස්සේ වෙලාවක හමු වෙමු.
Deleteලැබුනු සම්මනයට සුදීක අයියට හදපිරි සුභ පැතුම්.
ReplyDeleteජය වේවා!!!
හමුවිමට ලැබිම සතුටක් හා ඊටත්වඩා සතුටක් ගෙදර යාගන්ඩ බැරිව මහ ? අතරමං වෙන්ඩ ගිය කොළොම්පුරයාව දෙහිවල නගරසභාව ළගට ගෙනවිත් ඇරලවිමයි. ඔබට ජයවේවා.
ReplyDeleteකිට්ටුව පාත බ්ලොග් ලියන එකෙක් ඉන්න එකම මදැයි.
Deleteසුබ පැතුම් සුදීක අයියා...
ReplyDeleteමෙන්ඩා, ප්‍රසා වගේ උදවිය තමයි අපේ බ්ලොග්වල ජීව ගුණය පවත්වාගෙන යන්නේ...
වටිනාම කමෙන්ට් කරුවන් වෙන්නේ, තනිකරම කියවා කමෙන්ට් කරන අය. ලියන අපි-අපිම කමෙන්ට් කර ගැනීම එතරම් අලංකාර නෑ.
Deleteඅයියන්ඩි මම පොස්ට් එකක් ලියලා කමියට යැව්වා ...ඌ බ්ලොග් එක නවත්තලා නේද? මගේ ලිපිය ඔයාට එවොත් ඔයාගේ බ්ලොග් එකේ මට පොඩි ඉඩක් දෙන්න පුලුවන්ද ? වර්ඩ් එකේ ටයිප් කරලා තියෙන්නේ. මේල් ඒඩ්රස් එක දෙන්නකෝ ඔයාට එවන්න.
ReplyDeleteඔය උඩ තියෙන්නේ මේල් ඇඩ්‍රස් එක. අටමා දැන් කරන්නෙත් අලුත් අයගේ ඒවා දාන එක. අටමටත් කොපියක් දාන්න.
Deleteහුජ්ජ කොල්ලෝ මිරිජ්ජ බිලා වමනේ දාන කොට මාර ලොල් ....
Deletehttp://kalahitha.blogspot.com/2017/04/hearts-are-truly-touchable-arent-they.html
Deletemageth unusum suba pathum. me blog eka mata chrome walin balanna ba. kotu kotu penawa. mata witharada danne na. mona unath digatama liyanna gaththa thiranaya harima hodai.
ReplyDeleteGOOD LUCK BRO
ReplyDeleteදැන් ඉතින් ආය ලියමු
ReplyDeleteමගේ අලුත් බ්ලොග් එක
ReplyDeleteඑක හුස්මට කියෙව්වා. මරු. හැබැයි කොමෙන්ට් දාන්න විධිහක් නැහැ.
Deleteලියමු
ReplyDeleteසතුටුයි ඔයා ගැන අයියේ.. !
ReplyDeleteසතුටුයි ඔයා ගැන අයියේ.. !
ReplyDeleteලිපි ටික හෙමීට කියවගෙන යන ගමන් ඉන්නේ. අපි තාම බ්ලොග් වලට නවකයෝනේ.. තේරෙනවා අඩුයි මේකේ වැඩ තාම..
ReplyDeleteඉක්මනට ලිව්වේ නැත්නම් ගෙදර එනවා හොයාගෙන ..(අඩියක් අරන් දෙන්න වෙයි )
ReplyDelete