නාමේ නොදිරනා දෙවෙනි කොටස ඔබ බලාපොරොත්තුව සිටින මොහොතක, ලාවළු උයන ආකාරය ගැන සටහනක් තබන්නට හේතු වන කරුණු කිහිපයක්ම වෙයි. ඒ පසුගිය බදාදා අහම්බෙන් ෆුඩ් සිටියට ගොඩ වූ විට, ලාවළු ගෙඩියක් වත මගේ ඇස ගැසීම සහ රත්නසිරි නොහොත් විල්සන් කරූගේ ඡායාරුපය ලබාදීමට පොරොන්දු වූ මගේ කාර්යාලීය සගයාට එය අමතක වීමය. අප ඔහුට කාළය ලබා දිය යුතුය. මන්ද ඔහු අපට ලබා දෙන්නට යන්නේ විරල ගණයේ ඡායාරුපයක් වීම නිසාය. ආසන්න වශයෙන් එය 2002/03 කාළයේ එකක් විය යුතුය. එකල ඩිජිටල් කැමරාවක් සතු වූයේ එහෙමත් කෙනෙකුට වීම නිසාය.
ලාවළු(ඉංග්‍රීසියෙන් Canistel, Eggfruit යනුවෙන් හඳුන්වන) යනු ඉතා රසවත් පලතුරකි. දූරියන් මෙන්ම රසය සහ ගුණය වැඩි නිසා එහි සුවඳ සහ රසය සමහරුන්ට දරා ගැනීමට නොහැකි මට්ටමක පවතී. ඇත්ත වශයෙන්ම කිවහොත් බොහෝ දෙනාට දිරවන්නේ නැති කෑමකි. නමුත් අප කුඩා කාලයේ අතට අහුවන ඕනෑම දෙයක් කටට ඔබාගත්, මෙහි මාතෘකාවේ සඳහන් කාලයේ මේවා අපට දිව බොජුන් වුවා අදටත් මතකය. පරිප්පු පිලිබඳ අපට එතරම් පැහැදිලි මතකයක් නොවූ ඒ කාලයේ රජයට පක්ෂ විපක්ෂ කවුරුත් පරිප්පු හිඟය පිලිබඳ මහත් ශෝකයෙන් කථා කරනු අප අසා සිටියේ අයාගත් දෑසිනි. පරිප්පු කියන්නේ මොනවාදැයි එකළ කුඩා දරුවන් වූ අප නොදතිමු. නමුත් වැඩිහිටියන් පවසන මේ ආහාරය කුමක්ද ? පටන් ගත් දවසේ සිටම අගහිඟයට පුරුදු ළමා අපට මේ කියනා "හිඟය" කුමක්දැයි වටහා ගැනීමට තවත් බොහෝ කාලයක් ගත විය.ලාවළු ඉතාමත් ගුණවත් ආහාරයකි. ඒ බව මෙන්න මේ ලිපියෙන් ඔබට දැනගත හැකිය. මෙය කියවූ පසු අපේ උදවිය ලාවළු හොය-හොයා කනු ඇති බව මගේ විශ්වාසයයි.
දැකලා නැති කට්ටිය බලා ගන්න. මේ තියෙන්නේ ලාවළු ගෙඩිය. මේක ඔය කියපු කාළයේ කරපු සේවාව විස්තර කරන්න වචන නෑ. මොකද පරිප්පු වලට දොලදුක හැදුන මිනිස්සුන්ගේ ඒ කුසගිනි දාහය නිව්වේ වගේම ගුණය සැපයුවේ මේ ආහාරය. හැබැයි ආපහු පරිප්පු ආපු ගමන් ලාවළු ගෙඩි ගස් යට කුණු වෙන්න ගත්තා. සමහරු මල-කරදරේ කියලා ගස් කපලා දාන්නත් ඇති. නමුත් මේවායේ තියෙන ගුණය දැන ගත්තානම් මේසේ ඒවා විසි නොකරන බව මගේ විශ්වාසයයි. අර කලින් දක්වලා තියෙන ලිපියෙන් ඒ ගැන දැන ගන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, යකඩ, විටමින් සී සහ ඒ අධික වශයෙන් මේවායේ අඩංගු වෙනවා.
මම සාමාන්‍යයෙන් මග අරින කාගීල්ස් ෆුඩ් සිටියෙන් තමයි මට මේ ගෙඩිය ගන්න පුළුවන් වුණේ. එතරම් මිල අධික සුපිරි පන්නයේකෑමක් නොවෙයි. සල්ලි වලට ගත්තා කිව්වොත් බොහෝ දෙනෙක් හිනා වෙයි. ඒත් මේ ගෙන්දගම් පොලවේ හැම දෙකටම මිළක් තීන්දු කරලා තියෙන එකේ මේවා විතරක් නිකං දෙන්න කාටද පුළුවන්. එක වෙළඳ පොළට එන එක ගැන මම නම් ඉතාම සන්තෝෂ වෙනවා. මොකක් හරි කාරියක් හදන්න ගන්නකොට අවශ්‍ය දෑ සඳන් කරන එක සාමාන්‍ය පිළිවෙත නිසා ඔන්න මමත් විස්තරයක් කරනවා.
අවශ්‍ය දෑ
- අමු ලාවළු ග්‍රෑම් 100
- අතට අහුවෙන ප්‍රමාණයේලොකු ළූණු ගෙඩි එකයි
- රම්පෙ(ගස් රම්පෙ තමයි හොඳ. මෙතැන මම යොදා ගත්තේ පෝච්චියක වවලා තියෙන කුරු මොඩල් කොළ කෑලි වගයක්),
- කරපිංචා ඉත්තක්,
- මිරිස් තේ හැඳි එකයි,
- තුනපහ තේ හැඳි කාලක්,
- අබ ස්වල්පයක්,
- අමු මිරිස් කරළක්,
- සුදු ළූණු බික් දෙකක්.
- ලුණු කුඩුතේ හැඳි එකක්.
මුලින්ම ලාවළු ගෙඩිය හොඳින් සෝදා ගන්න. තමන්ම ගහෙන් කඩාගත්තත් හෝදා ගන්න එක නුවණට හුරුයි.
බොම්බයි ළූණු නැතත් අපට ලංකා ලොකු ළූණු තියෙනවනේ. ඒකෙ වියලි උඩ සිවිය වගේම ඊළඟ පොත්තත් අයින් කරන්න. ඕක මට කියලා දුන්නේ අටමා. ඉන් පස්සේ හේදුවේ නැති වුණත් කමක් නෑ. අනික එතකොට සැර ගතිය අඩු වෙන්නේ නෑලු. ගෙඩිය මේ වගේ දෙකට කපලා, අර මුල් කෑල්ල මේ පින්තූරේ පේන විදියට ඇලයට කපලා ඉවත් කරන්න. මුලින් කැපුවොත් ගෙඩියෙන් හොඳ ප්‍රමාණයක් අහක. එහම කරන්න කැමතිනම් එහෙම කලත් කමක් නෑ. මේක මගේ ක්‍රමය. ඉන් පස්සේ හීනියට ලියා ගන්න.
සුදු ළූණු කපනවට වඩා හොඳයි මෙහෙම තලන එක. පිහිය යටින් තියලා තැලුවම ඒකෙ රස ගුණ හොද්දට එකතු වීම පහසුයි. කැපුවම අඩු ඇති කියලා මට හිතෙනවා. මෙහෙම තැලුවම පොත්ත පහසුවෙන් ඉවත් කරන්නත් පුළුවන්. මතක ඇතුව දෙකෙළවර කපන්න. (චෙෆ් පීටර් කුරුවිටත් භාවිතා කරන්නේ මේ ක්‍රමය)
මේ තියෙන්නේ අවශ්‍ය දෑ. සිංහලෙන්ම කිව්වොත් ඉන්ග්‍රීඩියන්ට්ස්. මේ වැඩේට මගේ පොඩි එකී කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඒ කියන්නේ ඡායාරුප ශිල්පියාගේ ඩියුටියට. දැන් පොඩි එවුන් අපි වගේ එතන රස්තියාදු වෙලා අපි කරන දේ දිහා ඇහැ ගහගෙන ඉන්නේ නෑ. මම යලට-මහට ෆොටෝ අල්ලන්න කියනකොට ගන්න එතන රස්තියාදු වෙන්න ඒකි කැමති වුණේ නෑ. ඕන වෙලාවට කථා කරන්න කියලා කාමරේට ගියා.
මෙහෙම කැපුන එකත් එක අතකට හොඳට හිටියා. අනික් අතට කැපුනානම්, ඇට දෙකත් හොද්දට එකතු වෙන එක වලක්වා ගන්න බෑ. මේ දෙක පිහිය ආධාරයෙන් උගුල්ලලා දාන්න.
මට මුලින්ම හිතුණා, මෙහෙම ග්‍රේට් කරලා ගත්තොත් හොඳයි කියලා. ඒ එක්කම මතකයට ආවා, ලාවළු දිය වුණොත් කියලා. පස්සේ ඒ ටික හොද්ද රස වෙන්න තියා ගන්න හිතාගෙන අර මැල්ලුමට කොස් කපන ආකාරයට කපා ගන්න හිතා ගත්තා. ග්‍රේට් කළාම එන්නේ මේ වගේ හීන් තීරු.
ඇටඉගුල්ලුවට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. මේ වැඩේ පරිස්සමෙන් කරන්න ඕනේ.
මෙන්න මේ වගේ කොටු හිටින්න ගහගෙන - ගහගෙන යන්න. අහයි පරිස්සමෙන්.
ඉන් පස්සේ මේ වගේ කපා ගන්න පරිස්සමෙන්.
අපි මේ කරියට ගෙඩියෙන් භාගයයි ගන්නේ. අනිත් කොටස පස්සේ උයා ගන්න බැරියැයි.
මේ තියෙන්නේ ඒ වගේ කපා ගත්ත කෑලි. නූල් දෙකේ තරමට කපා ගත්තොත් හොඳයි. පරිප්පු වගේ තියෙන්නත් එපැයි.
පස්සේ හිතුණා, මේ වගේ තීරු කපලා, ඒවා කොටු කපන එක වඩාත් කාර්යක්‍ෂමයි කියලා. මේ ක්‍රමය යොදා ගන්න. පොඩි කිරි ගතියක් තියෙනවා. ඒක නැති කර ගන්නත් එක්ක මම මේ කියුබ් ටික ලුණු වතුරෙන් හේදුවා.
ඉන් පස්සේ මේ වගේ පෙරා ගත්තා. මෙතැන තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. තුන් දෙනෙකුට සෑහෙනවා.
ඉන් පස්සේ කපාගත්තා ලොකු ළූණු වලින් භාගයක් එකතු කරන්න. රම්පෙ හීනියට කාපාගෙන එකතු කරන්න. කරපිංචා අතින් පොඩි කරලා දාන්න. අමු මිරිස් හරහට කපලා එකතු කර ගන්න. මිරිස් තේ හැන්දයි, තුනපහ තේ හැඳි කාලයි මේ වගේ එකතු කරන්න. අවශ්‍යනම් උළු හාල් ඇට දෙක තුනක් එකතු කරන්න. සුදු ළූණු බික් දෙකෙන් එකක් දාන්න.
ඉන් පස්සේ හොඳට ගින්දර දාලා රත් කරන්න. බුබුළු නැගලා හොද්ද පිටට උතුරලා යන එක වලක්වන්න මේ වගේ ළී හඬක් හැන්දක් හරහට තිබ්බම පුළුවන් කියළා මම කොහේ හරි දැක්කා. වැඩේ ඇත්ත. වතුර හිදෙන්න කිට්ටු කරලා පොල් කිරි (මිටි කිරි සහ දියකිරි සමානව) කෝප්පයක් එකතු කරන්න. ඒකටම ලුණු කුඩු තේ හැන්දත් කලවම් කර ගන්න. මම යොදා ගත්තේ රේණුකා උකු කිරි ටින් එකකින් 1/3 විතර. වෙළඳ පොලේ තියෙන පොල්කිරි පැකට් වර්ග වලින් රේණුක එක තමයි හොඳම. ටිකක් රත් වේගෙන ආවම ගින්දර අඩු කරළා. තවත් සුළු වෙලාවකින් ලිප නිවන්න. මොකද මැටි ඇතිළිය, එයා ලබා ගත්ත රස්නෙන් තවත් මිනිත්තු තුනක්-හතරක් බුබුළු දම - දමා උතුරන්න වග බලා ගන්න නිසා.
ඉතිරි ළූණු ටිකයි. සුදු ළූණු බිකක් සහ කරපිංචා තෙල් මේස හැඳි තුනක් හතරක් දාලා රන්වන් පාට වෙන්න බැද ගන්න. මේකට අබ ස්වල්පයක් එකතු කරන්න. මේවා කරත්දී පොඩ්ඩක් ඇස් පරිස්සම් කර ගන්න. අබඇටපිපිරුණාම, මේ ටික උණු-උණුවෙම හොද්දට එකතු කරන්න. මේ වගේ කරියක් හදද්දී මිරිස් සහ පැණිරස බැලන්ස් කරන එක ලොකු වගකීමක්. මුලින් එකතු කරපු මිරිස් ප්‍රමාණය මදි කියලා මට හිතුණා. පස්සේ හැඳි1/3 වගේ එකතු කළා. මේවා අත්දැකීමෙන් ඉගෙන ගන්න ඕනේ දේවල්. ඔය ලොකු චෙෆ්ලා වුණත් එක පාරටම හරියට මිරිස් දාන්න දන්නේ නෑ. පස්සේ රස බලලා බැලන්ස් කරනවා. මතක
මේ තියෙන්නේ හදා ගත්ත කරිය. එකට මම කොත්තමල්ලි කොළ සහ තක්කාලි පුංචි ගෙඩියක් කපලා මේ වගේ එකතු කර ගත්තා ලස්සන, රසය වගේම සුවඳත් එකතු කර ගන්න.
අපි රෑට කෑවේ පාන්. බත් එක්කත් හොඳයි. මම පහුවදා ඉතිරි කොටස ඔෆිස් අරන් ගිහිං කට්ටියට දුන්නා රස බලන්න. ට්‍රයි කළාට පාඩුවක් නෑ. ලාවළු කනවා කියළා හිතන්නේ නැතිව කෑවොත් කන්න පුළුවන්. මේකේ පුංචි පැණිරස ගතියක් තියෙනවා. මැලේසියන්, තායි වගේ යට අහු වුණොත් බේර ගන්න බැරි වෙයි.
මේක මම ලියපු 400 වැනි සටහන. පන්සීයකින් පස්සේ අලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඉන්නේ.
මේක මම ලියපු 400 වැනි සටහන. පන්සීයකින් පස්සේ අලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඉන්නේ.
පරණ මතකයක් අලුත් වුණා .
ReplyDeleteඅපි නොදන්න මතකයන් ඔයාටත් ඇති. ඒවා ලියන්න.
Deleteචෙෆ් සුදීකගෙ පරිප්පු වගේ ලාවුලු කරිය නියමයි.
ReplyDeleteඅපි පොඩි කාලෙ ඉස්කෝලෙ තිබ්බ ලාවුලු ගහට පොලු ගහල ඊට පල්ලෙහයින් තිබ්බ හෝල් එකේ උළු බිඳල තියෙනව.
අපි අඹ කඩපු එකත් ඒ වගේ, මම හිතං ඇති ප්‍රසන්න ඒවා කියවලා ඇති.
Deleteහිතං ඇති නෙවෙයි. හින්තන්නේ.
Delete//මේ වගේ ළී හඬක් හරහට තිබ්බම// හැන්දක් වෙන්න ඇති.
ReplyDeleteහැන්දක් කියලා ටයිප් කළාම උඩටම එන්නේ හඬක්. නිවැරදි කළා.
Deleteඅටම් කොහොම හදයිද?
ReplyDeleteඅංක එඅ ඌ කඩේ තියෙන පොල්කිරි පැකට් විරෝධියා. පොල් ගාලා කිරි අරන් දාන්න තමයි උගේ කැමැත්ත.
Deleteගෙදර ලාවුළු ගහක් තිබුණා. වැඩිපුර පාවිච්චි කලේ ඒක හරහා වහලට නගින්න.
ReplyDeleteවහලට නැගලා?
Deleteඉදිච්ච ලාවුළු නම් වස අප්පිරියයි මට. ඒත් මේ කරිය මමත් කාලා තියෙනවා. ලාවුළු කාර්ගිල්ස් එකට එනවා කියන්නේ හොඳ ප්‍රවනතාවයක් නේ. මේ රෙසිපියත් මරු. මම සුදීක කවදාවත් කරි හදනකොට සුදුලූනු පොතු අරින්නේ නැහැ. හොඳට හෝදලා පොත්ත පිටින් පිහියෙන් තලලා දානවා.දුඹුරු මස් කරියක, සුදුලූනු පොතු තියෙනවා දකින්න මම ආසයි.
ReplyDeleteඔය කාලෙම ලාවුලුවලින් හකුරු හැදුවා. ඒකත් කටේ ඇලුනට හොඳ ආදේශකයක් වුනා.
වෙබ් එකේම මම දැක්කා ලාවළු ඩ්‍රින්ක් එක හොඳයි කියලා. ඒ කියන්නේ මිලක් ෂේක් වගේ එකක්. වෙලාවක ට්‍රයි කරලා බලන්න ඕනේ. ලාවළු අයිස් ක්‍රීමුත් කනවලු බලන්න ඕනේ. මමත් සමහර කාරී වලට පොත්ත පිටින් දානවා. බැදුම් වලට එහෙම හොඳයි.
Deleteමේක කියවල එපාර , දැම්ම මේකක් කන්න ඕන වුනා..
ReplyDeleteට්‍රයි එකක් දීලා බලන්න.
Deleteදැන් ඉතින් හොයපන්කෝ ලාවුලු.. ලංකාවට ආවාම තමා බලන්න වෙන්නේ. පරිප්පු කියන්නේ මගේ ප්‍රධාන ආහාරය කිව්වොත් තමා නිවැරදි.. දවසක් කොළඹ පැත්තේ ඉඳන් ගාලු පාරේ අම්බලන්ගොඩ යද්දී පානදුර පොලිසිය හරියේ තියන රෑ කඩේකින් පරාට කෑවා. පරාට හතරක් කන්න මම පරිප්පු දීසි දහයක් අරගෙන කියල මම දැනගත්තේ වේටර්ගෙන් එකොළොස්වෙනි පරිප්පු දීසිය ඉල්ලුවාමයි. ඒ පරිප්පු කෑම තමා ජීවිතේ අමතක නොවේනම පරිප්පු කෑම. ප්‍රාණ සමාන පරිප්පු ලෝලියෙක් විදිහට පරිප්පු වලට නම් මට ආදේශක නැහැ නැහැ නෑමයි. ඒත් සුදීක මේක පින්තූර එහෙම දාල ලාවුලු ගෙඩිය මාර්කට් කරලා තියෙන හැටියට මට මේක කාල බලන්නම හිතුන. ෆූඩ් සිටියට ලාවුලු සපයන ව්‍යාපාරයක් එහෙම පටන් ගත්ත නෙවෙයි නේද..
ReplyDeleteඅපි ඉස්සර ඔව්වට කිව්වේ සද්දුල්ලා කියල. ලාවුලු කියන නම හා සමානවම සද්දුල්ලා කියන නම අපේ පැතිවල භාවිතාවෙනවා. ඒත කාලෙකින් සද්දුල්ලා ගහක් දැක්කේ නම් නැහැ. ඉස්සර මෙගේ පුංචිගේ ගෙදර තිබ්බ ගහක්. ගෙඩි ඉදි ඉදි වැටිලා ගහ යට එකම ජංජාලයයි.. ගෙඩියක් ඉවර වෙන්නම කන්නනම් ඉතිං ලෝක බඩජහරියෙක් විය යුතුමයි. ඕක ටිකයි හොඳයි වර්ගයේ පලතුරක්නේ..
ඇඩ්‍රස් එක දුන්නොත් තැපැල් කරන්න පුළුවන්. පරිප්පු මගෙත් ජාතික ආහාරේ මේ ලඟකදී ඉඳලා.
Delete400 ට ජ ය වේ වා ...
ReplyDeleteමාත් 500 කින් පස්සේ අලුත් එකක් පටන් ගන්න ඉන්නේ...
හා මචෝ ....පටන් ගනින් ..$%*(((*&^%$#@%^&&
Delete#@^*()^%$#&&*
හා .. ද
Deleteඅපි මේ ලෝකෙට එනකොට ඔය කාලේ සුට්ටක් පහුවෙලා හින්දා ලොකු අහේනියක් තිබුනේ නැහැ...
ReplyDeleteලවලු ගෙඩියක් තනියෙන් කන්න බැහැ මළාට, මම පරිප්පු ලෝලියෙක් නෙමෙයි...
හැබැයි මේ හොද්ද හදල බලන්න කැමැත්තක් ඇති උනා...
400 ට ජය වේවා...
පරිප්පුත් එක්ක කලවමට දැම්මොත් නම් හොයන්න හම්බෙන්නෑ සම්මෙට. කඩවල මුදලාලිලා දැක්කොත් ඉඳලා හමාරයි.
Deleteගහට නැගලා ගොඩියක් කඩාගෙන කනවා තරම් ආතල් එකක් කොහෙද කඩෙන් අරගෙන කනකොට අපේ පොඩි එවුන්ට ඒ සතුට නැහැ
ReplyDeleteමක්කා කොරන්නද මෙන්ඩෝ. අපේ අක්කලා නංගිලාත් ගස් නැගලා ගෙඩි කඩාගෙන කෑවා. ඒ හැකියාවන් අපේ දරුවන්ගේ පරපුරට නැති වීම ඛේදවාචකයක්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි මැකුවේ?
Deleteලාවුලු දැකපු කාලයක් මතක නෑ...
ReplyDeleteපොඩි එකාට ලෞලු ගෙඩියක් හොයනවා මේ දවස වල ...ඔයත් දෙන නඩු
ReplyDeleteමෙච්චර කල් නිව්වෙ ලාවුලු කියලයි. ගොඩක් උදවිය comment දාල තියෙන්නෙත් ලාවුලු කියලමයි.
ReplyDeleteඒත් ඔබේ බ්ලොග් එකේ දිගටම ලියල තියෙන්නෙ ලාවළු කියලමයි. ලාවළු හරි වචනෙ කියල හිතෙනවා.
ප්‍රාදේශීයව වචන වෙනස් වෙනව තමයි. ඒත් ලාවුළු යන්න ලාවුලු වලට වඩා හරි වගේ...