Thursday, September 26, 2013

ෆොන්ටෙරා සහ හයිලන්ඩ් ......

මම නැවතත් දෑස පිසදා බැලීමි. ඔව් මේ තියෙන්නේ ෆොන්ටෙරා සලකුණ තමයි. ටික කාලෙක ඉඳන් අතපොවන දුරේ තිබෙන කණ්ණාඩි කුට්ටම දෑසේ රුවා ගතිමි. දැන් නම් මොන ජගතටවත් මගේ ඇස් දෙකට බොරු කරන්න බෑ.  මේ තියෙන්නේ යස අපූරුවට. හහ් ! කොහොමද මේක වුණේ. දෙවියනේ අද උදේ පෝලිමේ ඉඳලා ගත්ත හයිලන්ඩ් පැකට් එක. එහෙනම් මේකත් මුන්ගේම වැඩක්. මෙවර මා දිව ගියේ ශීතකරණය වෙතයි. එහි ඇති යෝගට් කප් සියල්ල එළියට ගෙන එකින් එක පරීක්ෂා කළෙමි. 
"හත් දෙයියනේ, මුන්ට හෙන ගහන්න එපැයි. මේ යක්කු සෙල්ලම් කරන්නේ මේ අපේ ජීවිතත් එක්කනේ"
පින්තූරය ගත්තේ මමමයි.
තවත් යෝගට් කප් එකක් රවුම් කිහිපයක්ම කරකවා බලන ගමන් කෑ ගැසුවෙමි. ආහ් ! ඒ පාර මේ කප් එකේ මේ මගුල් සලකුණ නෑ. මේ වනවිට යෝගට් කප් එකට වැටී තිබෙන සිහින් දාඩිය බින්දු කිහිපය පිසදා නැවතත් කරකවා බැලුවෙමි. මේක නම් හොඳයි. එතකොට අරක? නැවතත් යෝගට් ටික ගෙන මේසය වෙත ගොස් වාඩි වුණෙමි.
"මොකද මේ ෆ්‍රිජ් එකේ දොර ඇර දාලා? මෙහෙම තිබ්බොත් ගෙවන්න වෙයි ලයිට් බිල්"
 ඒ බිරිඳගේ සුපුරුදු වාග් මාලාවයි.
"කෙහෙම්මල .... එයා ගෙවන ලයිට් බිල්"
මා සිතින් මුමුණා ගතිමි. එය මහා හයියෙන් කිව්වා නම් තවත් ගාල ගොට්ටියකට මුල එය වන්නට තිබුණි. දැන් ගොඩවල් දෙක හදා අවසන්ය. එහෙත් අර ලේබලේ නැති යෝගට් තුනක් සහ ලේබලය තිබෙන ඒවා හතක් ලෙස බෙදී ඇත. කරුමෙක මහත. 
"දැන් ඉතිං අපි තුන් දෙනාට මේ තුන කාලා අනිත් ටික විසි කරන්න තමයි වෙන්නේ. අයියෝ සල්ලි "
ඊයේ උදේ කාර්යාලයට ආ බෙදාහැරීමේ ලොරියෙන්ම මිලදී ගත් කිරිපිටි, යෝගට් සහ කිරි පැකට් වලට වෙච්ච දෙයක්. කඩේ තුන්සිය දහයක් හින්දම නෙවෙයි, හැමතැනම හිඟ නිසයි එහෙම ගත්තේ. ඒ වුණත් එකකින් රුපියල් දා හතරක් කියන්නෙත් අද කාලේ ලේසි පහසු ගණනක් නෙවෙයි. ඒත් මේ මගුල දැන් විසි කරපංකෝ. අයියෝ ඩී.සී.ඩී. කවුද අම්මපල්ල ඔය මගුල හොයා ගත්ත එකා. මෙතන හිටියානම් කෙළිනවා පිටි පැකට් එකෙන්ම. මේ අතර හතේ ගොඩෙන් යෝගට් එකක් අරගත් මායියා කොටා බාන්නට සැරසේ. උන්දට නම් මොකද ?
" කාපං කාලා මැරියන්" 
යළිත් හිතෙන්ම කී මම, ඇය යෝගට් එක කා අවසන් වනතුරු සිනා මුසු මුහුණින් බලා සිටියෙමි. 
"ඉවරද ? ඔයා කෑවේ ඩී.සී.ඩී. තියෙන යෝගට් එකක්"
"කෙහෙම්මල මේක හයිලන්ඩ් යෝගට් එකක්. ඔය කණ්ණාඩි දෙක දාලත් දැන් පෙන්නේ නැද්ද ?"
"කණ්ණාඩි ... කණ්ණාඩි ගන්න වෙන්නේ මට නෙවෙයි තමුසෙට ... බලනවා ඕක හොඳට කරකවලා"
එවර ඇය කථාව නවතා යෝගට් කෝප්පය කරකවන්නට විය. මා නැවතත් හොඳ යෝගට් ටික ෂොපින් බෑග් එක තුළටම දමා ෆ්‍රිජ් එකට දමා අවසන් කරන්නට පෙර
"කෝ මේකේ කොහෙවත් ගහලා නෑ ඩී.සී.ඩී. තියෙනවා කියලා. පිස්සු විකාර නැතුව ඔන්න ඔය යෝගට් ටික ෆ්‍රිජ් එකට දානවා. මම මේ චූටි අකුරු වලින් තියෙන ඒවත් කියවලා බැලුවා. දැන් ඔය චොක්ලට්, කිරිටොපි, නෙස්කැෆේ, නෙස්ටී ඕවයේ තියෙන කිරි වල ඩී.සී.ඩී. තියෙනවා කියලා කවුද බැලුවේ."
"මේන් කියලම ගහයි. පේන්නැද්ද ඕකේ තියෙන ෆොන්ටෙරා ලේබලේ ?"
"මොකක්ද ෆොන්ටෙරා ලේබලේ අර කැසට් සීඩී වල තියෙන සිංග් ලංකා ලේබලේ වගේ එකක්ද ?"
මෙවර ඇය සිනාසෙමින් පවසයි. මේ වගේ මෝඩ ගෑනියෙක්. සිතින් සිතමින් 
"හලෝ ෆොන්ටෙරා කියන්නේ ලංකාවට ඇන්කර්, එතකොට ඇන්ලීන් ගෙන්නන කට්ටිය. මම මේ බලන්නේ උන්ගේ ලේබලේ අපේ හයිලන්ඩ් එකේ ගැහුවේ මොන මගුලටද කියලා"
මේ වනවිට මගේ හිතට හීන් සැකයක් මතු වී තිබේ. ඒ ෆොන්ටෙරා සමාගම පහුගියේ ටිකේ පාඩු වූ නිසා, පහුගිය ටිකේ වේලි වේලි තිබ්බ හයිලන්ඩ් පැකට් දැන් හොයන්නත් නැති නිසා, හයිලන්ඩ් එකම එකත් කුණු කොල්ලෙට ගන්න ඇති යන්නයි. සිදු විය හැක්කේද එයයි. පහුගිය ටිකේ නිකං දුන්නත් ඇන්කර් ගන්න කවුරුවත් හිටියේ නෑ. ඒ කාලේ උඩ දාගෙන බීපු ඔක්කොම එවුන් දැන් පොර කකා හයිලන්ඩ් ගත්තේ. අපි හයිලන්ඩ් යෝගට් ඉල්ලනකොට නිව්ඩේල් කාපු එවුන් දැන් අපිවත් පෙල්ලගෙන ගොස හයිලන්ඩ් යෝගට් 20-30 ගන්නේ තුන් වේලටම කන්න හිතාගෙනද මන්දා ? 

අවුරුදු දෙකක ඉඳන් ලංකාවේ පත්තර නොබලන මගේ ගොන් කමට ශාප කර ගනිමින්, වහා දිව ගියේ හන්දියේ කඩේටයි. මේ වනවිට බොහෝ පත්තර විකිණී අවසන්ය. ඉතිරිව තිබු පත්තරයක් ගෙන මා යළිත් හැල්මේ ගෙදර ආවේ මාගේ කණ්නාඩි කුට්ටම මෙසේ උඩ නිසාය. නැතිනම් පොඩි කාලේ වගේ පාරේම කියවාගෙන එන්නට තිබුණි. මා කෙළින්ම කණ්ණාඩිය දමාගෙන පිටු පෙරළාගෙන පෙරළාගෙන ගියෙමි. පිටුවක් පුරාම "ෆොන්ටෙරා" සමාගමේ දැන්වීමකි. එහි සඳහන් වන්නේ සහමුලින්ම වෙනස් කතාවකි. 
"ෆොන්ටෙරා සමාගමත්  හයිලන්ඩ් එකත් මින් පසු එකම සමාගමක් ලෙස"
මේ මොන හරුපයක්ද ? ඊට යටින් නවසීලන්ත කෙප්ප වැස්සියක් සිනාසී බලා සිටී. මේකිත් හිනා වෙන්නේ අපිටමද මන්දා ? මම දනී-පනී ගා අනෙක් පිටු පෙරලා බැලීමි. එක පාරටම වෙළඳ පිටුවේ ඇති කුඩා ප්‍රවෘත්තියක් ළඟ මගේ දෑස නතර විය. 
"ෆොන්ටෙරා සමාගම හයිලන්ඩ් මිලදී ගනී"
මොනවා ? මුන්ට හෙනම ගහන්න එපැයි. පත්තරේට වැරදිලා වත්ද ? මේකනම් අහලම බලන්න වටිනවා. කෝ මගේ ෆෝන් එක. 
"දුවේ මගේ ෆෝන් එක අරන් එන්න පැටියෝ"
මගේ පිටට ගැහුවේ කවුද ? මම දෑස් පිසදා බැලීමි. මා මේ දුටු ජවනිකාව සිහිනයක්ද? හාත්පසම කළුවරය. වටපිට අතපත ගා බැලුවෙමි. දියණියගේ විළුඹ මාගේ පිට අසලම නැවතී ඇත. මා ඇඳේ වාඩි වී නැවතත් කල්පනා කලෙමි. මට එලෝ කෝටියට දාඩිය දමා ඇත. මේ දවස් වල තියෙන රස්නේ. මම නැගිට ලයිට් දමා කෙළින්ම ගියේ කුස්සියටය. ඒ ඊයේ ගෙනා හයිලන්ඩ් පැකට් දෙක පරීක්ෂා කිරීමටය.
______________________________________________
මෙය ප්‍රබන්ධයක් මිස සත්‍යයක් නොවේ. මේ දිනවල නිතර කතාවෙන මාතෘකාවක් වන ඩී.සී.ඩී. භීතිකාව අලලා ලියූවකි.  මෙයට නිමිත්ත වුයේ ඊයේ කාර්යාලයේ එළිපත්තට පැමිණි බෙදාහැරීමේ රථයෙන් මිලදී ගත් කිරිපිටි පැකට්, යෝගට් සහ දියර කිරි සිහි වීමෙනි. 

82 comments:

  1. //යෝගට් කප් එකට වැටී තිබෙන සිහින් දාඩිය බින්දු කිහිපය පිසදා නැවතත් කරකවා බැලුවෙමි.//

    යෝගට් එක වෙනදට වඩා රස ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. මම අදහස් කලේ ශීතකරණයේ තියෙන දෙයක් එලියට ගත්තම එන සිහින් ජල බිංදු ගැන. මේකත් දාඩිය දමිල්ලක් තමයි එක අතකට.

      Delete
    2. මේකටත් පේන්නේ දාඩිය තමා ඉතින්

      Delete
  2. ලංකාවෙ ඔය දේ නොවුනොත් තමා පුදුමෙ.

    ReplyDelete
    Replies
    1. විය හැකි දේ තමයි වඩා බලවත් කෙනා දුබල කෙනාව ගිල ගැනීම.

      Delete
  3. අනේ හැබෑට මාත් බය වෙච්චි තරමක්. වෙලාවට අපේ ගෙදර ඇත්තො නම් ගේන්නේ අර පැලවත්ත කියන එව්වයෙන් කිරි. එහෙව් එකේ වෙලාවට හයිලන්ඩ් ගෙනාවෙ නැත්තේ කියලා මුලින්ම හිතුනට ඉතින් ප්‍රබන්ධයක් නෙව. ඇත්තම කතාවක් වගේ හිතට ආවේ ලෙසටම ලියල තියෙන හන්ද. මොනව උනත් ඩී.සී.ඩී. විස නොමැති බවට අයි.ටී.අයි.(ශ්‍රී ලංකා තාක්ෂණික කාර්මික ආයතනය) ආයතනය මගින් තහවුරු කරවා ගන්න ඒ පහසුකම් තාමත් ලංකාවේ නැත්ද කොහෙද? සමහරු කියනවා තියෙන බවත්.
    /එය මහා හයියෙන් කිව්වා නම් තවත් ගාල ගොට්ටියකට මුල එය වන්නට තිබුණි./
    අර වයිෆ්ට බය කේස් එක හීනෙනුත් ඒ විදිහටම හිතේ තිබිල තියෙනවා නේද? හේහ...

    ReplyDelete
    Replies
    1. මේක හයිලන්ඩ් වලට විතරක් නෙවෙයි පලවත්තට, කොත්මළේට වුනත් වෙන්න පුළුවන්.

      Delete
  4. ලොක්කා පැලවත්ත කිරි බොන්න උකුයි ගුනයි රසම රසායි...හික්ස්...!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් ට්‍රයි කරලා බලමුකෝ.

      Delete
    2. ඉස්සර නම් ඒක හොදයි. දැන් නම් ගන්න දෙයක් නෑ ඒකත් >:o

      Delete
  5. පස්ට හිනයක්නේ ........
    " කාපං කාලා මැරියන්" හාමිනේ අවිද්දපය බලන්නේ නැතෙයි?????
    සුදික වෙලාවක් තිබුනොත් මේ සයිට් එක පැත්තේ ගිහින් බලන්න ඔයාගේ නම වගේ එකක් තියෙනවා දැක්කා ලාවට ..........
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මල්ලියේ උඹේ පොස්ට් ටික කියවන ගමන්.

      Delete
    2. රාළේ උඹේ පොස්ට් මේ කොල්ලා කියෝනවා.

      Delete
  6. එහෙම කිව්වාට සුදීක මෙය ප්‍රබන්ධයක් නොව සත්‍යයි ...

    ReplyDelete
  7. ලංකාවෙ කේඩෑරි වැස්සියන්ට වඩා නිවුසීලන්ඩ් ඔසී ඔස්ට්‍රියන් යුරෝප් පැත්තෙ කේප්ප වැස්සියන්ට නම් මාත් ආසයි..ඒත් ඉතිං අපි වගේ පොඩි කොල්ලන්ට ඔය කේප්ප වැස්සියන්ගේ කිරි දිරවයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. වැස්සියන්ට දිග පොඩි දෙයක් නැ. ඕනම දෙයක් දිරවනවා

      Delete
  8. අපරාදෙ, හීනෙ හොඳම හරියෙදිනෙ ඇහැරිලා තියෙන්නෙ.

    ඇත්තටම මොනවද ඔය ඩී.සී.ඩී කියන්නෙ. මට මතක නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මේකයි ප්‍රසා ඩී.වී.ඩී. කියලා ටයිප් කරනකොට වැරදිලා ඩී.සී.ඩී. කියල වැදිලා.

      Delete
    2. අර පෙති ජාතියක්නේ ත්‍රිභාෂා

      Delete
  9. පහුගිය දවස් ටිකේ යෝගට් කාපු විදියට මට පපුව අමාරුවක් හැදුනේ නැතුවා පුදුම යි!

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. මාත් එහෙමයි.. මේ ටිකේම බඩේ දැවිල්ලක් හින්ද හැමදාම කෑවා :p

      Delete
    2. කියන තරම්ම යකා කළුත් නෑ වගෙයි.

      Delete
  10. එහෙනම් කමක් නෑ, නමුත් ඕකත් වෙන්න බැරි දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. විය නොහැක්කක් නොමැත.

      Delete
  11. //"ෆොන්ටෙරා සමාගම හයිලන්ඩ් මිලදී ගනී" //

    පස්සෙනෙ දැක්කෙ හීනයක් කියල.තව පොඩ්ඩෙන් උදේ බීපු කිරි ටිකත් වමනෙ කරනවා :O

    ReplyDelete
    Replies
    1. මට මේක දාන්න තිබ්බේ ටිකක් පරක්කු වෙලා.

      Delete
  12. අප්පොච්චියේ මමත් බයවුනානේ. මොකද කඩේ මුදලාලි කාට නොදුන්නත් මාසෙකට හයිලන්ඩ් පැකට් 5ක් අරන් තියනවා අපේ ගෙදර අය වෙනුවෙන්. හැබැයි පැලවත්ත කිරිත් ඒ වගේම හොඳයි. ඇත්තටම ෆොන්ටෙරා කාරයා අපි නොහිතන පැත්තකින් අපේ වෙළඳපොල ආක්‍රමණය කරන්න ඉඩ තියනවා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා.

      Delete
  13. "ෆොන්ටෙරා සමාගම හයිලන්ඩ් මිලදී ගනී"

    ඒක හීනයක්ද? වෙලාවට හීනයක් උනේ තව පොඩ්ඩෙන් උදේ බීපු කිරි ටිකත් වමන් යනවා

    ReplyDelete
    Replies
    1. මම දන්නවා නම් ටිකක් පරක්කු වෙලා පබ්ලිෂ් කරනවා.

      Delete
  14. පැලවත්ත අයියලත් මරු වැඩ කරනවා.. ගිය මාසේ අපේ මස්සිනා පැලවත්ත ඒජන්ට්ගෙන්ම පිටි පැකට් දෙකක් ගෙනල්ලා බැලුවම දෙකම නරක් වෙලා.. එහෙම්ම අරන් ගිහින් ලෝ ටෝක් දෙක තුනක් දුන්නම සල්ලි දීලා ආපහු...

    ඩීසීඩී නෑ කියලා ගහන්න බෑ නේ.. ඩීසීඩී අනිවාර්යයෙන්ම තියෙනව.. තියෙන ප්‍රතිශතය වැඩි උනොත් තමයි කේස් එක.. අනේ මන්දා... පිටිකිරි වලට පුරුදු වෙලා අනිත් වෙලාවට මොනවා බිව්වත් උදේට තේක නැත්තං දවසම හරි නෑ වගේ.. දියර කිරි වලට පුරුදු වෙන එකත් ලේසි නෑ අප්පා.. පුදුම කරුමයක් තමයි...

    ReplyDelete
    Replies
    1. පුරුදු තමයි මිනිස්සුන්ව නැති කරන්නේ.

      Delete
  15. මේ වගේ මිනිසුන්ට සිතන්නට පොළඹවන ලිපි මෙහෙම හරි පළවන එක වාසනාවක්. !

    ReplyDelete
  16. මිනිස්සුන්ට විචාරාත්මකව හිතන්නට පොළඹවන මෙවැනි ලිපි මෙහෙමවත් පළවන එක වාසනාවකි.

    ReplyDelete
    Replies
    1. මෙය බොහෝ විට විය හැකි දෙයක්.

      Delete
  17. කතාව කියවද්දී මටත් දාඩිය දැම්ම. ඇයි යකොව් ලංකාවේ එව්වත් උන් අරං ආක්‍රමණයක් වගේ.
    හැබැයි අයියේ ඔහොම දවසකුත් වැඩි ඈතක නම් නෙමේ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා.

      Delete
  18. අම්මෝ බං පපුව තාම රිදෙනවා. එක හුස්මට කියවා බැලුවා. මෙහෙම විහිළු කොරන්ඩ එපා අනේ...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියටත් බය හිතෙනවනම් ආයි කියල වැඩක් නෑ.

      Delete
  19. මහා භයානක හීනයක්නේ :D

    ReplyDelete
    Replies
    1. හ්ම් ... ඔයාලටනම් ඉතිං ෆ්‍රෙෂ් කිරි තියෙනවනේ.

      Delete
    2. ලොල් ද මංදා
      +++++++++

      Delete
    3. ලොල් ද මංදා
      ++++++++++

      Delete
    4. හෑ පොඩ්ඩි ගාව ඒවත් තියනවද?

      Delete
  20. අපේ ගෙදරට නම් ගෙනෙන්නේ හයිලන්ඩ් දියර කිරි.මිලිලීටර් 900 පැකට් එක රුපියල් 100යයි.දවස් 3 කට විතර සැරයක් ගෙදරටම ඒවා බෙදන ස්කුටර් වන එක ගෙදරටම එනවා.ගොවියොත් දැන් ගෙවල් ගානේ කිරි වෙළඳාමේ යන්න පුරුදු වෙලා.ඒ අයගේ කිරි ලීටර් එක රුපියල් 100යයි. කිරි කොම්පැනියට දුන්නම ෆැට් එක චෙක් කරලා හම්බවෙන්නේ ලීටරයට රුපියල් 50යි . ඉතින් කෙලින්ම ගෙවල් වලට කිරි දෙන එක ගොවියාට ලාබයි. (අපි ළඟ ෆැට් චෙක් කරන මැෂින් තියෙනවායැ) මේ ඇන්කර් කිරිපිටි ප්‍රශ්නයෙන් දේශීය දියර කිරි වලට අලුතෙන්ම වෙළඳ පලක් හැදිලා.

    ReplyDelete
    Replies
    1. මමත් දැන් ඔය ක්‍රමේට මාරු වුණා.

      Delete
  21. මගේ අම්මෝ.. හෙන ගහපං

    ReplyDelete
  22. ෆොන්ටෙරා එකෙන් හයිලන්ඩ් එක ගන්නවානම් මම කැමතියි.. ෆොන්ටෙරා එක්ක කිසිම අමනාපයක් මට නම් නැහැ...

    ReplyDelete
    Replies
    1. අපිටත් නෑ. හයිලන්ඩ් හයිලන්ඩ් විදියට කරනවා නම්.

      Delete
  23. නියමයි .
    කාලෙකට පස්සෙ කාලීන මාතෘකාවක් ප්‍රභන්ධයක් විදිහට සාර්ථකව ලියලා
    ස්තුතියි

    ReplyDelete
  24. භිතිය සාධාරණයි අයියේ.

    ReplyDelete
  25. හැක් , එකෙන්ම පට්ට සුදික අයිය කතාව :D

    ReplyDelete
    Replies
    1. හ්ම් ... එහෙනම් උඹත් ආවා.

      Delete
    2. මේකා ආව එක හිනෙටත් වඩා පුදුමයි.

      Delete
  26. හීනෙන් හරි කිරි ,යෝගට් පේන එක හොඳයි සුදීක.....මේ ගනන්වල හැටියට

    ReplyDelete
    Replies
    1. හීනෙන් කිරි උතුරනවා දැක්කනම් කොහොමද ?

      Delete
  27. මම නම් පිටිකිරි බීම අත් ඇරියා.. අරක්කු නම් තවම බොනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒවායේ නෑනෙ ඊතයිල්, මීතයිල් ඇර වෙන කෙහෙම්මල්. බඩු කලවං කියලා මිනිස්සු මැරෙන්න හැදුවට.

      Delete
  28. බුදු සන්තෝ..!!! මං බය වෙච්චි තරං අයියෙ..!

    ReplyDelete
  29. ප්‍රබන්දයක් උනාට මේක ඇත්තටම වෙන්න පුළුවන් ඉඩත් වැඩ්යි..

    ReplyDelete
    Replies
    1. ඔව් එක අතකට මේක අනාවැකියක් වගේ.

      Delete
  30. Replies
    1. බොහොම ස්තුතියි සංජීව. මම දන්නවා ඔයා නොවරදවාම එනවා කියලා.

      Delete
  31. අපේ ඔෆිස් එකේ නංගි කෙනෙකුගේ තාත්තා අවුරුදු 32 වැඩ කරන්නේ ෆොන්ටෙරා එකේ.එයා කියන විදියට ෆොන්ටෙරා එක එකේ වැඩ කරන අයට උපරිමයෙන් සලකනවලු.700 වඩා වැඩියෙන් වැඩ කරන බහු ජාතික සමගමක්.මේතැන වඩාත් වැදගත් වෙන්නේ සමාගම තමන්ගේ මෙරට සේවකයින් වෙත දක්වන සුහදශීලි ආකල්පයයි.නමුත් සමාගම මිනිස්සුන්ට වස පොවනවනම් මම එක අනුමත කරන්නේ නැහැ.කොහොම වුනත් අපි එදා ඉදන්ම බීවේ ඔය ෆොන්ටෙරා එකේ ඒවා මේ වනකන් කිසිම හෙනයක්නම් නැහැ...:D

    ReplyDelete
    Replies
    1. ඔය ඩී.සී.ඩී. ප්‍රශ්නෙට වඩා ලොකුයි මේ වගේ කුඩා සමාගම් බහුජාතික සමාගම් ගිල ගැනීම.

      Delete
  32. //ඊට යටින් නවසීලන්ත කෙප්ප වැස්සියක් සිනාසී බලා සිටී.//

    සුදීක එතකොට ලන්කවෙ ඉන්න වැස්සියො "කෙප්ප" නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. අනික සුදීකය කිරි බොනව කියල දැන ගත්තෙ අදමනෙ..
      මම හිතුවෙ උදේට නැගිට්ට ගමන් "රෙඩ් බුල්" එකක් ඇදලා අරිනව ඇති කියල..

      Delete
    2. මම කෝටිපතියෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් :)

      Delete
    3. හයිලන්ඩ් පැකට් එකක් 286 ගත්තේ. රෙඩ්බුල් එකක් තුන්සිය ගානක්.

      Delete
  33. වෙලාවට දූ පැටියා පයින් ගැහුවේ තාත්තිට....!

    ReplyDelete
    Replies
    1. කෝල් එකක් ගන්නනේ හැදුවේ.

      Delete
  34. හත්තිලව්වේ ප්‍රබන්දයක් නම් පොස්ට් එකේ උඩින් දානවකෝ.මෙක කියෝගෙන යද්දිම දෙතුන් දෙනෙක්ට කිව්වා මම "ෆොන්ටෙරා සමාගම හයිලන්ඩ් එක අරන් කියලා". කියන්න බෑ නේ මේ රටේ වෙන දේ වල් හැටියට.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේක වියහැකියි කියන එක බොහොමයක් දෙනා විශ්වාස කරනවා. උඩින්ම දැම්ම නම් ගතියක් නෑ නේද ?

      Delete
  35. භයානක හීනයක්.. හැබැයි එහෙම උනොත් මොකද වෙන්නේ ෆොන්ටෙරා එකත් ඉවරයි.. පරිකල්පනය තමා අපිව අමුතු දේ වලට මෙහෙයවන්නේ. අපුරුයි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...