Friday, August 16, 2013

ක්‍රෙඩිට් කාඩ් වල තියෙන CVC / CVV / CVV2 මොනවාද ? මොනවටද ?

අද කාලේ රැකියාවක්, ව්‍යාපාරයක් කරන බොහෝ දෙනෙක් අතේ තියෙනවා අනිවාර්ය මෙවලමක් තමයි ක්‍රෙඩිට් කාඩ් එක. ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන ඕනෑම කෙනෙක් ගාව කාඩ් දෙකක් වත් තියෙනවා කියන එක තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න විද්වතුන්ගේ පිළිගැනීම. ඉතිං තියෙනවා වගේම තමයි පාවිච්චියත්. විශේෂයෙන්ම අන්තර්ජාල භාවිතාව. 2005 ඉඳලා 2010 දක්වා අන්තර්ජාල භාවිතාවට සාපේෂව පහුගිය අවුරුදු දෙකහමාර තුල ඉතාමත් ඉහල ගිහිං. ප්‍රධාන හේතුව තමයි ඊ-බේ ආකෘතියේ ඊ-වෙළඳාම් කරන වෙබ් අඩවි. 

අන්තර්ජාල ගනුදෙනු වලදී වංචා(Fraud) සහ අවභාවිතාවන්(misuse) වැඩි නිසාම ඇති වෙන ගැටලුත් වැඩියි. ඕනෑම කෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ් පතේ අංකය තුන්වෙනි පාර්ශවයකට දැන ගන්න තියෙන ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා. මාසිකව ඔබේ නිවසට ලැබෙන ප්‍රකාශනයෙන් වුනත් මේ අංකය පහසුවෙන් දැන ගන්න පුළුවන්. ඔබ කාඩ් පත භාවිතා කරමින් ගනු දෙනු කල රිසිට් පත්‍රය, ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගත් විට දෙනු ලබන මුද්‍රිතයේ මේවා දකින්න පුළුවන්. හැබැයි දැන් සම්පූර්ණ කාඩ් අංකය ඉහතින් දක්වපු රිසිට් පත්‍ර වල සටහන් වෙන්නේ නෑ. ඒක වෙනමම මාතෘකාවක් ඔස්සේ කථා කරන්න ඕනේ මාතෘකාවක්. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතා කරමින්, සන්නිවේදන සබඳතා වලට සම්බන්ධ වීමෙන් කාඩ් අංක උකහා ගත්තු අවස්ථා එමටයි. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන විටදී විවිධ උපක්‍රම යොදමින් කාඩ් අංක සොරා ගන්නා අවස්ථාත් එමටයි. 

ගනුදෙනුකරුවෙක් අන්තර්ජාලය ඉදිරියේ ඉඳගෙන භාවිතා කරන්නේ නියම කාඩ්පතද කියල දැන ගන්න තමයි සීවීසී (CVC) අංකය කරලියට එන්නේ. CVC කියන්නේ Card Verfication Code සමහර අවස්ථා වල මේක CSC - Card Security Code විදියටත් ආමන්ත්‍රණය කරනවා. මාස්ටර්කාඩ් ආයතනය තමයි මේක මුලින්ම භාවිතා කලේ, ඒ 1997 දී. වීසා ආයතනය එය භාවිතා කරන්නේ 2001 දී. අපි මේ CVC, CVV, CVV2 ගැන කථා කලාට, බොහෝ දෙනෙක් ළඟ කාඩ් පත් තිබුණාට, මේ අංකය සටහන් වෙලා තියෙන්නේ කොහේද කියලා බොහෝ දෙනෙක්ට අවුබෝධයක් නෑ. මම එහෙම කියන්නේ අන්තර්ජාල ගනුදෙනු අතරමැද්දේ ඉඳගෙන මේ අංකය හොයා ගන්න ලැබෙන ඇමතුම් නිසා. හරි අපි මේක පින්තූරයකින්ම බලා ගමු. 


පින්තූරය ගත්තේ : www.iweb2cell.com
වීසා හා මාස්ටර් ආයතන මේක මුද්‍රණය(engrave) කරන්නේ කාඩ්පත පිටුපස. ඇමෙරිකන් එක්ස්ප්‍රස් ආයතනය මේක ඉදිරිපසම මුද්‍රණය කරනවා. මෙතන අමෙක්ස් ආයතනය පොඩි ප්‍රයෝගයක් කරනවා. ඔවුන් කාඩ්පත පිටුපස වීසා හා මාස්ටර් ආයතන මුද්‍රණය කරන තැනම ඉලක්කම් තුනේ අංකයක් මුද්‍රණය කර තිබෙනවා. නමුත් නිවැරදි අංකය ඉදිරිපස තිබෙන ඉලක්කම් හතරකින් යුත් අංකයයි. 

වර්තමානයේ ඔබේ කාඩ්පතේ පිටුපස තිබෙන අංකය CVV2 වශයෙන් හඳුන්වනවා. මෙහිදී පෙර පැවති CVV අගය හා මෙහි ඇති එකම වෙනස නම් මෙම CVV2 අංකය අනුමාන කිරීමට අපහසු එකක් වීමයි. එහෙම කියන්නේ මේ ආයතන දෙකමයි. එය දෙවන පරම්පරාවේ (2nd Generation) අංකයක් ලෙසයි හඳුන්වන්නේ. එහෙත් ඉලක්කම් තුනක, අහඹු ලෙස තෝරාගත් අංකයක් අනුමාන කිරීම අපහසු වුවද, මතක තබා ගැනීමේ කිසි ගැටළුවක් නැත. අද දින ඔබට මෙන්ම මටද තිබෙන ගැටලුව එයයි. 

මෙම අංක සහ රහස් අංක කිසිදු විටෙක පටලවා නොගෙන භාවිතා කිරීම ඉතා වැදගත්. දුරකථනය මගින් ඔබේ කාඩ් අංකය සහ CVC අංකය ලබා දුන්නත්, රහස් අංකය කිසිවෙකුට හෙළි නොකිරීමට ඔබ වග බලා ගත යුතුයි. 

57 comments:

  1. තාම ඩෙබිට් කාඩ් එකක් විතරනෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙනවා අයට ක්‍රෙඩිට් කාඩ් මොකටද ? ඒත් ඔන්ලයින් ගනුදෙනුවක් කරන්න ඕන වුනොත් ?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. Replies
    1. හරි ප්‍රශ්නයක් නෑ.

      Delete
  3. ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවලම ඉවරයක් නැති නිසා අපේ තාත්තා කාඩ් දෙකම කැන්සල් කරල දැම්මට පස්සේ මටත් ක්‍රෙඩිට් කාඩ් ගැන නං මහ විකාර බයක් තියෙනව... ඒක නිසා ඩෙබිට් කාඩ් එක විතරයි තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අඩුවෙන් පාවිච්චි කරන තරමට හොඳයි. ඒත් ඔන්ලයින් පේමන්ට් කරන්න අවශ්‍ය වුනාම නැතුවත් බෑ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  4. දැනුවත් කලාට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. සාගර ඔන්ලයින් පේ කරනවා නේද ?

      Delete
  5. හොද වෙලාවට ක්‍රෙඩිට් කාඩ් භාවිතයක් නෑ...
    හැබැයි ගත්තු දවසක මේවා වැදගත් වෙයි...

    ReplyDelete
  6. අත්‍යවශ්‍යම වෙලාවක හැර මම කාඩ් පත භාවිතා කරන්නෙ නෑ . ඒත් මටනම් බොහොම ප්‍රයෝජනයි . තාම අන්තර්ජාලයෙන් ගෙවීම් කටයුතු කරල නෑ . වැදගත් තොරතුරු ටිකක් .

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රවේසමෙන් භාවිතා කරන එක තමයි නුවණක්කාර වැඩේ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  7. CVV2 කොඩ් එක ගැන දැනුවත් කලාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මේක තේරෙන භාෂාවෙන් කරපු සරල විග්‍රහයක්.

      Delete
  8. //මෙම අංක සහ රහස් අංක කිසිදු විටෙක පටලවා නොගෙන භාවිතා කිරීම ඉතා වැදගත්.//

    මොනාද මේ රහස් අංක කියන්නේ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩියො මෙතන රහස් අංක කියලා අදහස් කරලා ලියෙන්නේ පාස්වර්ඩ් එකට වෙන්නෑ. ඒක දුන්නොත් වැඩේ දෙල්.

      Delete
  9. සුදීක මේ දාලා තියෙන්නේ ඔයාගේ කාර්ඩ්ස් එහෙම නෙමේ නේද? ඔක්කොම හොඳට කියෙව්ව හැකි. :D

    ReplyDelete
  10. ස්තුතියි දෑනුවත් කලාට.ගොඩාක් දෙනෙක් බෑන්නට මටනම් ක්‍රෙඩිට් කාර්ඩ් මාර ප්‍රයොජනවත්.මම කාර්ඩ් 4 ක් යුස් කරනව.හෑබෑයි සෑහෙන්න කල්පනාවෙන්

    ReplyDelete
    Replies
    1. කාර්ඩ් එකක් තියන එක නම් හොදයි තමා.හැබැයි පොලි ගෙවන්නේ නැතුව පාවිච්චි කරනවා නම්.එහෙන නොවුනොත් ගත්ත බඩුවේ ගානට වැඩ අපි ගෙවනවා.

      Delete
  11. දැනුවත් කිරීම මාර වටිනව සුදික. ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙදි ප්‍රයෝජනවත් ටිප් එහෙම තියේද?

    ReplyDelete
  12. සමහර රටවල බැංකු වලින් පෙර ගෙවුම් ක්‍රෙඩිට් කාඩ් පත් ගන්න පුළුවන් බවක් ඔබ අසා තිබෙනවාද සුදික?
    ඇමරිකාවෙ එහෙම තිබෙනව කියල අහල තිබෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව්. ලංකාවෙත් තියෙනවා. මගේ මතකය නිවැරදි නම් සම්පත් බැංකුව දැනට එවැනි කාඩ්පතක් නිකුත් කරනවා.

      Delete
    2. pre-paid, credit card , මෙහෙත් තියෙනවා මෙහෙට අපු ගමන් මමය්හ් ගත්ත එකක් අවශ්‍යම දේවල් ටිකක් අන්තර්ජාලය හරහා මිලදී හනිම සදහා ...

      Delete
  13. අන්තර් ජාලයේ ගනු දෙනු කරද්දී අවශ්‍ය මුදලට සරිලන කාඩ් පතක් මිලට ගෙන,ගනු දෙනු කලාම වංචාවල් වෙන්නෙ නැහැ නේද?
    ලංකාවෙ අය ඔය ගැන දැනුවත් නැද්ද?
    ඒ ගැන විස්තරයක් දැම්මොත් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. නමුත් මේ ආයතන වලටත් කාඩ් නිකුත් කිරීමේ සීමාවන් තියෙනවා. නැත්නම් ෆෝන් කාඩ් වගේ කඩවල්, සුපර් මාර්කට් වල තියලා විකුනන්න පුළුවන්. ඒ නිසා ඉල්ලන කෙනෙකුට දෙනවා ඇරෙන්න, ප්‍රමෝට් කරන්න යන්නේ නෑ.

      Delete
  14. සෑහෙන්න වටිනවා තොරතුරු ටිකනං.. ඒ කියන්නේ මම එක කාඩ් එකක්වත් පාවිච්චි නොකරන හින්දා.. හැක්.. (කාඩ් ටික ඔක්කෝමටම බඩු හම්බවෙලයි තියෙන්නේ)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  15. මම කිසිම ක්‍රෙඩිට් කාඩ් එකක භාවිතා කරන්නේ නැත. ඩෙබිට් කාඩ් පතක් පමණයි. ණය ගනු දෙණු නැත.

    ReplyDelete
    Replies
    1. හදිසියකට යාලුවෙක්ට අතමාරුවක් වත් දෙන්නේ නැද්ද ? :)

      Delete
    2. අපොයි දෙයි.. කුම්මැහියා..හැක්..

      Delete
    3. ක්‍රෙඩිට් කාඩ් වලින් යාලුවන්ට අතමාරු දෙන්න පුවන්ද සුදික? එහෙම ක්‍රමයක් තියෙනවානම් ඔයාගේ බැංකුවෙන් කාඩ් එකක් දෙන්න.

      Delete
    4. //ණය ගනු දෙනු නැත// කිව්ව නිසයි මම එහෙම කිව්වේ.

      Delete
    5. මම මෙතන අදහස් කලේ බැංකු සමග. මම වරක් ඔබේ බැංකුවේන් නිවාස ණයක් අරගෙන, එය සම්පුර්ණයෙන්ම ගෙවා දැම්මා, මේ අවස්ථාවේදී මට විශාල වංචාවක් කරන්න (රු. 95000 පමණ) ලෑස්ති උනත් එය හරිගියේ නැහැ. එමෙන්ම තවත් ජාත්‍යන්තර බැංකුවක් නිසා බැංකු ගැන මගේ පැහැදීමක් නැහැ.

      Delete
    6. සමහර නිලධාරීන් නිසා එවැනි තත්ත්ව ඇති වෙනවා. හැම කෙනාම එක වගේ නෑ.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
  16. ලංකාවෙන් නිකුත් කල මගේ credit card තුනක්ම මම මෙහෙ අත්මෙහෙ අපු අලුත ගනුදෙනු වලට පාවිච්චි කර, ඇත මස 6කට විතර පස්සේ බැංකු 3න්ම ඒවා අවලොගු කරා මහා බැංකු නියෝගයක් මත කියල . මම ඉදිරියේදී ලංකාවට අපු වෙලාවක බැංකුවත් එක්ක ගේම ඉල්ලන්න ඉන්නේ .... ඔයා දන්නා විදියට බැංකුවට එහෙම කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඔව්. මෙහෙමයි ඒකට මාසෙකට එකතරා සීමාවක් දක්වා පමණයි නීතිය තියෙන්නේ. එයාලා ඒක ප්‍රයෝජනයට අරන් කාඩ් එක නවත්තන්න ඇත්තේ. මොකද රට ඉන්න කෙනෙක් පොල්ලක් තිබ්බොත් අල්ලන්න බැරි නිසා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  18. ගණුදෙනුවක් කරද්දි cvc අංකය වරද්දලා මොහොතකින් මට ඇමතුමක් ආවා කාඩ් එක බ්ලොක් කළා කියලා. එහෙම බැලුවම cvc අංකය ඉතාම වැදගත්.

    ReplyDelete
    Replies
    1. මේ හැමදේම කරන්නේ ගනුදෙනුකරුවා ආරක්ෂා කරන්න නේ.

      Delete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. ක්‍රෙඩිට් කාඩ් ඒකක් ගන්න සිතා සිටියත් තවම බැරි වුනා. දැනුවත් කිරීම ගොඩක් වටිනවා.

    මහජන බැංකුව අෑවර කරන්න යනවා කියන්නේ. අැත්තද?

    මොකද? චමියව පිස්සු බල්ලෙක්වත් කාලද?

    ReplyDelete
    Replies
    1. මේ අපි දන්නා චමියා නෙවෙයි.

      Delete
  21. ඔය ක්‍රෙඩිට් කාඩ් එකත් හොඳට හොඳයි නරකට අන්තිම නරකයි නේද? හරියට ගින්දර වගේ.

    ReplyDelete
  22. ක්‍රෙඩිට් කාඩ් නම් භාවිතයක් නෑ.. ඒත් පාවිච්චි කරන අයට වටින තොරතුරක්..

    ReplyDelete
  23. apo credit ganna 25000 ka basic ekak ona kiwwa mama ahuwahama api thama job ekak karannawath hithala ne

    online payment HNB debit ekan karanna puluwan ath epa wenna podi kese ekath block wenawa. unama banak eka fourm fill karala epa wenawa, itath payment refund unama mun oka 30days yanakan wath dan ne ekath ganna sathiyak wath me cou.care call karanna one.OKKOTAMA HAPAN EKA INNA GENU TIKA UN BAHUBUTH mama 2days munta benna

    ReplyDelete
  24. apo credit ganna 25000 ka basic ekak ona kiwwa mama ahuwahama api thama job ekak karannawath hithala ne

    online payment HNB debit ekan karanna puluwan ath epa wenna podi kese ekath block wenawa. unama banak eka fourm fill karala epa wenawa, itath payment refund unama mun oka 30days yanakan wath dan ne ekath ganna sathiyak wath me cou.care call karanna one.OKKOTAMA HAPAN EKA INNA GENU TIKA UN BAHUBUTH mama 2days munta benna

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...