Monday, June 24, 2013

ලොල්ද මන්දා 2 - සුරක්ෂා ඉන්දීවරී

මං මුලින්ම අවස්ථාවක කර ගන්නවා මගේ 200 වෙනි පොස්ට් එකට සුබ පැතුම් එක් කල සියලු හිතවතුන්ට ස්තුතිය පුද කරන්න. 201 වෙනි පොස්ට් එක ටිකක් විනොදාස්වාදයට බර එකක් ලියන්න කියල හිතා ගත්තා. මේකත් කෙලින්ම ලොල් මට්ටමට නැති නිසා "කෙටිම කෙටි ලොල් කතා" යටතට දාන්න බෑ. එනිසා "ලොල්ද මන්දා" වලින් දෙන්න හිතුවා. "ලොල්ද මන්දා" එකත් හිතුවට වඩා ජනප්‍රිය වුණා. 

අපේ ඔෆිස් එකට අලුතෙන් ආපු සුරක්ෂා ඉන්දීවරී නංගි ඉස්සර වැඩ කරලා තිබුනේ නළු නිළියන්ගේ සම්බන්ධීකාරක කාර්යාලයක පුහුනුවන්නියක් විදියට. බොහොමයක් නළු නිලියෝ අලුත් චිත්‍රපට වලට අවස්ථාව උදා කර ගන්නේ මේ සමාගම හරහා. එහෙම කරන එක නිෂ්පාදක/අධ්‍යක්ෂක වරුන්ට වගේම නළු නිළියන්ටත් වාසිදායක වුණා. 

ලංකාවෙන් අවුරුදු විසි ගණනක් ඈත් වෙලා හිටිය පැරණි චිත්‍රපට නිෂ්පාදක වරයෙක් ලංකාවට ආවේ එයා අලුතෙන් හදන්න යන චිත්‍රපටියට නළු නිලියන් ටිකක් තෝරා ගන්න. ඉතිං ලංකාවේ ඉන්න තමන්ගේ හිතවතුන්ගෙන් එයා දැන ගත්තා මේ සමාගම ගැන. ඉතිං ලංකාවට ආව ගමන්ම තමන්ට ඕන කරන නළු නිළියන්ව තෝරා ගන්න. ඉතින් මෙයා අර සමාගමට ඇපොයින්මන්ට් එකක් දා ගත්තා. 

පිටරටක වැඩ කරපු මේ නිෂ්පාදකයා පිටරටම ඉන්න තමන්ගේ අධ්‍යක්ෂක වරයාත් සමගම නියමිත වෙලාවට අර කාර්‍යාලයට ආවා. නමුත් මේ සමාගමේ හිමිකරුගේ නැගණියත් රට ඉඳලා එන හින්දා ඔහුට සිදු වෙලා ගුවන්තොටුපලට යන්න. එයා යන්න කලින් එතන ඉන්න අයට මෙහෙම කියලා

"මම එන්න පරක්කු වුණොත් ඔයාලගෙන් කවුරු හරි කෙනෙක් නළු නිලියන් ටික ධර්මවර්ධන මහත්තයාට අඳුන්වලා දෙන්න. මම ට්‍රයි කරනවා විනාඩි පහක් දහයක් පරක්කු වෙලා හරි එන්න"
දැන් නළු නිලියෝ ටිකත් කියපු වෙලාවට ආවා. දෙගොල්ලොම හරි නමුත් සමාගමේ හිමිකරු නැති නිසා අපේ මිතුරියට තමයි මේ අය අඳුන්වලා දෙන්න සිදු වුණේ. අනිත් අය කර ඇරිය නිසා සුරක්ෂාටත් කරන්න දෙයක් නෑ. කවදාවත් මේ වගේ වැඩක් කරලා නැති නිසා සුරක්ෂාව ගැහෙන්න ගත්තා. අන්තිමට මේ දෙගොල්ලෝ මැද්දට සුරක්ෂා යනකොටත් අපේ පරණ නළු නිලියන් වන රවීන්ද, මාලනී, සබීතා වගේ අය එක්ක අර නිෂ්පාදකයා කථාව. 

මේ අතරේ කොහෙන්දෝ සමාගමේ අයිතිකරු කඩා පාත් වුණා. එතකොට තමයි සුරක්ෂාගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. වෙන දේ බලා ගන්නත් එක්ක සුරක්ෂාත් එතටම වෙලා හිටියා. සමාගමේ  හිමිකරුවා මොහොතක් වත් ප්‍රමාද නොකර වැඩේ පටන් ගත්තා. මේ කට්ටියත් එක්ක මේ වෙත්දී කථා කරන්න ඉදිරිපත් වෙච්ච සුරක්ෂා ගැනත් ඔහුගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා.

"ඕකේ. ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන් හිය(ර්) වී ආ(ර්). මිස්ට(ර්) ධර්මවර්ධාන හව් ඩූ යූ ඩූ ?"
"අයිම් ෆයින්. අයි නෝ ඔල් මෝස්ට් එව්රි වන්. බට් හූ ඉස් දිස් ලව්ලි ලිට්ල් ගර්ල්?"
"දිස් ඉස් සුරක්ෂා ඉන්දීවරී"
"ඔහ්! සුරක්ෂා, ධීවරී මස්ට් බී අ ගූඩ් මූවී. අයි ලයික් දැට් කයින්ඩ් ඔෆ් මූවීස් වෙරි මච්. මූවීස් එබවුට් සෆරින්(ග්) පීපල්. හෑව් යූ වොන් එනි එවො(ර්)ඩ්ස් ෆො(ර්) දැට් ?. මිස්ට(ර්) රත්නායක ෂී මස්ට් බී ඉන් ද ඒජ් ඔෆ් මයි ඩෝට(ර්). ෂී සීම්ස් ටු හෑව් අ බ්‍රයිට් ෆියුච(ර්)"
අවුරුදු ගානක් පිටරට හිටිය නිෂ්පාදකවරයාට ලංකාවේ වෙන දේවල් ගැන ඒ හැටි දැනුමක් තිබිලා නෑ. සුරක්ෂාටත් මේ කියපු ටික කේකුයි-පපඩනුයි වගේ හින්දා හී .. හී.. මුණක් දාගෙන ලජ්ජාවෙන් ඇඹරිලා බිම බලා ගත්තා.  

ඇත්තටම වෙලා තියෙන්නේ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්. සුරක්ෂා ඉන්දීවරී කියන එක ධර්මවර්ධන මහත්තයට ලැපටිලා. ඉන්දීවරී කියන එක ඉන් ධීවරී කියලා අර පද නිරුක්තියට කඩලා තමයි අරන් තියෙන්නේ. දැන් මගෙන් අහන්න එපා ධීවරී කියන්නේ කවුද කියලා :)

සැ.යු : අගති විරහිතයි. මේක ගොතපු කතාවක් ඈ.

40 comments:

  1. කෙල්ල මේක දැකලා වහ බිව්වොත් හෙම විනාසයි...
    නියම ප්‍රැක්ටිකල් ජෝක් එකක්...

    ReplyDelete
    Replies
    1. මේකේ ලින්ක් එක එයාටත් යැව්වා. නම පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ.

      Delete
  2. Replies
    1. සිංග්ලිෂ් ලියලා සරත් අය්යට සන්න ටයි අහුවෙනන් එපා.කොහමහරි සිංහල කොටන්න ඉගෙන්න ගනින්
      (විහිලුවට )

      Delete
  3. කථාව නම් හිනා.ඉන්දිවරි කිව්වම මතක් උනේ නවකතාවකුත් තියෙනවා නේද?.

    ReplyDelete
    Replies
    1. මම බලපු එකක් නෙවේ.

      Delete
  4. Mr Kannangaaraa, Dheevari is fantastic movie about a fisherman's wife. Oh yeah!

    ReplyDelete
  5. සුබපැතුම් එක්කරමි 200 වැනි පෝස්ට් එකට ඔබේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැව් ඉස්මත්ත.

      Delete
  6. අපේ ඔපීසියෙත් ඉන්නවා ඉන් දීවරී කෙනෙක්. මං මේක එයාටත් පෙන්නලා ඒකිටත් පොඩි මඩක් ගැහුවා. ලොල් නැත්තෙමත් නෑ. මන්දා කෑල්ල අද නැතත් කමක් නෑ.

    ReplyDelete
  7. ලස්සනයි. Suraksha in Dheewari තමයි වෙලා තියෙන්නේ. මේ වගේ කතා හරියට තියනවා. ඉස්සර එක වරක්, ගුවන්විදුලි සංස්ථාවේ කට්ටියක් පිටරට, ගියාම එහෙදි අහලා තියනවා, Are you Ceylonists? කියලා. අපේ කට්ටිය කිව්වලු, 'No no we are 'Radio Ceylonists' කියලා. මොකද එයාලා වැඩ කරන්නේ 'Radio Ceylon' එකේනේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ කොල්ලෝ කියන්නේ ඉන්දියාවේ සිලෝන් ටීම් එක. ඉන්දියාවේ රේඩියෝ සිලෝන් එක කියලා.

      Delete
    2. ඔය කතාවේම තව වර්ශන් එකක් තියෙනවානේද යු.එන්.පී ආණ්ඩු කාලේක රට ගිය කට්ටියකගෙන් ශ්‍රී ලංකාද? කියලා අහපු වේලාවක යු.එන්.පී කියලා උත්තර දුන්න..

      Delete
    3. මට පොඩි කාලේ තිබ්බ ප්‍රශ්ණයක් තමයි යු.ඇන්.පී. අයගේ ජාතික ගීය යූ.ඇන්.පී. මාතා ද කියලා.

      Delete
    4. එතකොට ශ්‍රී ලංකා මතා කියන්න ඕන ශ්‍රී.ල.නි.ප පාටි එකේ අය විතරද...?:D

      Delete
  8. ධීවරී සහ ධීවරයෝ පටලවගෙන වගේ! සුරක්ෂා ඉන් ධීවරී. මෑන් ඉන්ද හෝල් මෑන්හෝල් කිව්ව වගේ තමයි.

    ReplyDelete
  9. Replies
    1. පුදුම ලැපටිල්ලක් මලේ.

      Delete
  10. මදැයි ඔයින් ගියා. පැටළුම් ගැනනම් කියන්න කතා ගොඩක් මතක් වුනා මේක බලද්දී..

    ReplyDelete
  11. මට හිත ඇදිලා ගියේ 'හී හී' මූණට. :D

    ReplyDelete
  12. එන්ටද ඩර්ගන්, පාර්ට් 2... එන්ඩ එපාද ඩ්රැගෙන්
    හලලුයි බොලට් ඇනයි
    ගුයි ටකලි වගේ
    ජයවේව

    ReplyDelete
    Replies
    1. දැන් සිංහලෙන් කොටන නිසා වැරදුනා නෙමෙයි නේද ? :)

      Delete
  13. නැ නෑ අය්යන්ඩි..
    අපේ එකෙක් ෆිල්ම් එකකක් නමක් වරදල්ලා.
    කේක්-පපඩ්න් වගේ නොගේලපන කතාවක්
    නරක යමක් ලියුනානම් සමවේනන්

    ReplyDelete
    Replies
    1. උබ දන්න ඉංගිරිසියෙන්ම කොටහං

      Delete
    2. එහම කියන්න එපා අටමා
      තව ටික කාලයක් දෙනොකෝ හිමිහිට හදා ගන්න

      Delete
  14. හොඳ වෙලාවට ධීවරී තිබුණෙ. සුරක්ෂා ඉන් වෙන මොකවත් තිබුණනං තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යන් මොනවා වගේද ?

      Delete
  15. මේ දවස් වල මාර බිසී. කියවනවා මිසක් ලියන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ. ඒ අතරේ මේ ලොල් කතාව හරියට හිසරදේට පැනඩෝල් වගේ වටිනවා.

    ReplyDelete
  16. 201 වන පෝස්ටුවට සුබ පැතුම්. මුරලිගේ 800 රෙකෝඩ් එක කඩන්න ලැබේවා.
    //කේකුයි-පපඩනුයි වගේ// හොඳ කියමනක්.
    මට මතක් උනේ අපේ යාලුවෙක් ඉන්නව, ඌ නිතරම කියන්නේ
    "අහසයි වඩෙයි වගේ" කියල.

    ReplyDelete
    Replies
    1. අහසයි වඩේ - එකත් මරු.

      Delete
  17. මාත් හිනාවුනා

    ReplyDelete
  18. පහු වෙලා හරි..මගෙනුත් සුබ පැතුම්...
    තව තවත් ලියන්නට ඔබට දිරි සවි නිබඳවම ලැබේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අහලා නැද්ද Better Late than Never කියලා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...