Sunday, April 21, 2013

බ්ලොග් කරුවන්ට RedBull සත්කාරයක්.....

සයිබරයේ සිහින බක් මහ උළෙල පටන් ගන්න තව ඇත්තේ පැයකුත් මිනිත්තු කිහිපයක්. රෙඩ්බුල් කියන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. ඔයාලා දන්නවා ඇති මම පහුගිය ටිකේ රෙඩ්බුල් කැම්පස් ලෝක ක්‍රිකට් තරගාවලියට සහභාගී වුන බව. එතනදී මම රෙඩ්බුල් ප්‍රවර්ධනයට සම්බන්ධ නදීර උඩවත්ත කියන මගේ මිතුරාට කිව්වා අපේ අවුරුදු උත්සවය මේ මාසේ 21 තියෙනවා කියලා. එතනදී එන හැමෝටම රෙඩ්බුල් එකක් දුන්නොත් කොහොමද කියලා නදීර මගෙන් ඇහුවා. මමත් අපේ රාජ් මල්ලිට කථා කරලා, පස්සේ ප්‍රදීප්ටත් කතා කරලා විනාඩි ගණනකින් මේක සුදානම් කර ගත්තා. 

සිංහලෙන් බ්ලොග් ලියන අපිට මේ වගේ සත්කාරයක් කරන්න එයාල ඉදිරිපත් වෙච්ච් එක ගැන මට වගේම ඔබටත් ආඩම්බරයක් ඇති. එයාලා මේ වෙනුවෙන් අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවන නිසා. මට අර තරගාවලියේදී තේරුණා දෙයක් තමයි ඔවුන් බ්ලොග් කරුවන්ට දක්වන කැමැත්ත. ඒ තරගාවලියේදී ඕනෑම ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් හෝ හිටපු ක්‍රීඩකයෙක් ආවා නම් එයාලත් සමග  මුලින්ම පිළිසඳරට අවස්ථාව දුන්නේ සුදීකට. ඒ කියන්නේ සිංහල බ්ලොග් කරුවට. මට ඒකෙන් තේරුනා එයාලා බ්ලොග් කරුවන් එක්ක සමීපව කටයුතු කරන්න කැමතියි කියලා. අනෙක් රටවලත් බ්ලොග් කරුවන් එයාලා එක්ක එකතු වෙන බව දැන ගන්න ලැබුණා.

ඉතිං අපිට දීපු මේ පිළිගැනීමට නදීර උඩවත්ත මගේ මිතුරාටත්, රෙඩ්බුල් ආයතනයේ ශොභානා කැගූ මහත්මියටත් මා ස්තුති වන්ත වෙනවා. 

එහෙනං තව සුළු මොහොතකින් ඔබ - අප එක් කරන සයිබරයේ සිහින බක් මහ උළෙලේදී හමු වෙමු. 
ඇත්තටම ඒ අවස්ථාවට එකතු වෙච්ච රෙඩ්බුල් ටීම් එක එහි පැමිණි සියලු දෙනා අත රෙඩ්බුල් කෑන් එකක් තැබුවා.

එයාලා අඩුම වශයෙන් එතැන රෙඩ්බුල් කෑන් 200 ක් වත් බෙදා දුන්නා. එකක් රුපියල් 295ක් වෙනවා ඉතිං එයාලා අපි වෙනුවෙන් රුපියල් 59000 ක් වියදම් කරලා. කාට හරි හිතෙන්න පුළුවන් එයාලට යන්නේ කෝස්ට් එක විතරයි කියලා. ඒත් ලාභය රුපියල් 100ක් කියලා හිතුවත් රුපියල් විසිදාහක් අපි වෙනුවෙන් වැය කරලා. 

66 comments:

  1. Replies
    1. ඒ කියන්නේ උදේ 7.25 ටත් සමියා එන්න හිතලා නෑ.

      Delete
  2. ඔබ මෙම සිංහල බ්ලොග් අවකාශයට කරන නිහඩ මෙහෙය ඉතාම අගය කරනවා.
    මෙලෙස අප එකාවන් ව එකතු වුවහොත් නොදුරු දිනක විශාල සමාජ මෙහෙවරක් කල හැකි වන බව මගේ විස්වාශයයි.
    සයිබරයේ සිහින බක් මහ උළෙල අති සාර්ථක උළෙලක් වේවායි පතමි...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි. සිංහලෙන් බ්ලොග් ලියන අයගේ වටිනාකම ඒ ආයතනය ඇගයීමට ලක් කිරීමක් ලෙසයි මම දකින්නේ. මම කලේ පුංචි සම්බන්ධීකරණයක්.

      Delete
    2. මෙන්න මේ කතාවට මම එකඟයි කෙන්ජි. සිංහල බ්ලොග් අවකාශය කියන්නෙ බොහොම බලගතු එකතුවක්.. මීට වැඩිය අර්ථවත් යමකට පෙළගැහුනම් වටිනවා..

      Delete
    3. අනිවාර්යෙන්ම.

      Delete
  3. එන්න නොඋනත් සිහින බක් මහා උළෙලට ජය පතමි.....!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ්. ඇත්තටම රට ඉන්න අයටයි, අද එන්න බැරි වුන අයටයි පොඩි දුකක් තියෙනවා.

      Delete
  4. Replies
    1. බොහොම ස්තුතියි සාගර. මම දන්නවා ඔයාට සනීප තිබුනා නම් එනවා කියාලා.

      Delete
  5. චැක්, ඒකත් මිස් උනානෙ. කලුමෙ කලුමෙ

    ReplyDelete
    Replies
    1. මම දේශ්ව බලාපොරොත්තුවෙන් හිටියේ.

      Delete
  6. Gives you Wiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiings!

    ReplyDelete
    Replies
    1. If you see the guys running 100 meters !!! Even Tyson Gay will surprise.

      Delete
  7. Replies
    1. සබිත් මෙහෙ හිටියනම් එනවා කියලා මම දන්නවා.

      Delete
  8. රෙඩ් බුල් එකක් ගහන්න මට එන්න බැරි උනානේ .. ආයේ ඉතින් අවුරුද්දක් බලාගෙන ඉන්න එපැයි ...

    ReplyDelete
    Replies
    1. ඇයි යකඩෝ කාගිල්ස් එකේ නේද වැඩ කරන්නේ ?

      Delete
  9. රෙඩ් බුල් වලට ස්තූතියි

    ReplyDelete
  10. එල ඈ.. බීල තාමත් වෙරි !

    ReplyDelete
    Replies
    1. මම ඇහුවමයි රෙඩ්බුල් බීලා වෙරි වෙච්ච් කෙනෙක්.

      Delete
  11. බිව්වා මචන් නිකන් රෙඩ්බුල් දුන්නට එම ආයතනයට ස්තුතීයි....!

    ReplyDelete
    Replies
    1. මම එයාලට පණිවිඩේ යවන්න්ම්.

      Delete
  12. ඒකනම් බොහොම පින් වැඩක්.තරඟ කරලා මහන්සියෙන් ආපුවම කූල් රෙඩ්බුල් එකක් හම්බ වෙද්දී නිවන් දැක්කා වගේ තමා.අයියටත් ස්තුතියි අපිට එහෙම අවස්තාවක් ලබාදුන්නට!

    ReplyDelete
  13. පළමුව අගය කරන්නේ අයියව.ඒ අවස්ථාව ලබා දුන්නට.

    ReplyDelete
  14. නියමයි සුධීක අයියේ..
    රෙඩ්බුල් ඔෆර් එක නැගලා ගියා..
    අර අක්කලා දෙන්නත් නරකම නෑනේ ඉතිං..
    හැබැයි තව ටිකක් දවල් වෙලා බෙදුවනං ආයේ වචන දෙකක් නෑ.. පට්ටම සිරා....
    තැංකියු රෙඩ්බුල්..
    තැංකියු සුධීක අයියේ!!!!

    ReplyDelete
    Replies
    1. මම රෙඩ්බුල් අයටත් මේක පෙන්වන්නම්.

      Delete
  15. ena bari unata hitin hadamat Blog eka.
    Thanks..Red Bull..Thanks..Sudeeka Ayya.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ රාජකාරියට තියෙන කැපවීම අගේ කරනවා.

      Delete
  16. ena bari unta hamdamt Blog eka inwa.
    Thanks..Sudeeka Ayya...Thanks..Red Bull.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඔයාගේ දිරි ගැන්වීම හැමදාමත් වටිනවා.

      Delete
  17. අන්න කරනව නං වැඩ. මේවගේ කස්ටිය දිගටම සෙට් වේවා කියල පතනව.
    (ඩීසීඑස්එල් එකේ කට්ටිය බ්ලොග්කරුවන්ට කැමතිද කියල පොඩ්ඩක් හොයන්න බැරිද:)

    ReplyDelete
    Replies
    1. කැමති ඇති ඒත් මොන පදනමෙන් බෙදන්න වෙයිද කියලා හිතන්න අමාරුයි. මේක කිව්වම මතක් වුනේ අපේ ගමේ තිබුණ අරක්කු දන්සැලක්. පැය භාගයයි. දන්සල ඉවරයි.

      Delete
    2. ගමේ ගෑනු ගැහුවද? පොලිසියෙන් වැහුවද?

      Delete
    3. දෙකම නෙවේ. බඩු ඉවර වුනා.

      Delete
  18. රෙඩ්බුල් ලබාදීම පිළිබඳව සූදීකට ස්තුතිය.

    අනිත් ඒව ගැන කියන්න ඕන නෑනෙ. :D

    ReplyDelete
    Replies
    1. මම දුන්න දෙයක් නෙවෙයි. ඒ ආයතනය තමයි ලබා දුන්නේ.

      Delete
  19. එතනදී වටින්නේ කොස්ට් එක නෙවෙයි, කරපු අනුග්‍රහය ,එක වටිනවා කෝටියකටත් වඩා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එයාලා අනුග්රයක් නෙවෙයි කරේ. අපිත් එක්ක අත්වැල් බැඳගනීමක්. එයාලා බ්ලොග්ස් ප්‍රබල මාධ්‍යක් විදියට සලකනවා.

      Delete
    2. Blog Reader kenak kiyanat Adambrayak (Proud).
      Jayawewa.

      Delete
    3. ඔව් අනිවාර්යයෙන්ම. ඔයා අපිට ඉන්න හොඳම කියවන කෙනෙක්.

      Delete
  20. ඔබ කළ නිහඬ මෙහෙයට බොහොම ස්තුතියි.. ඒ කට්ට අව්වේ රෙඩ් බුල් එද දිව ඔසුවක් වගේ වුණා.

    ReplyDelete
    Replies
    1. එය මට සතුටක්. මේ හැම දෙකටම මුල් වුනේ අර කැම්පස් ක්‍රිකට් තරගාවලිය හරහා ගොඩ නැගිච්ච සුහදත්වය.

      Delete
  21. මේ වැටෙන අවුවට සයිබර් සැනකෙලියට පොඩ් සේලයින් එකක්. නියමයි. අගය කළ යුත්තේ ඔබ මෙවන් සම්බන්ධීකරණයක් ඇති කළ එකටයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයා.

      Delete
  22. සුදික අයියේ , කියන්න දෙයක් නැහැනේ මම ආයේ ඉතින් අමුතුවෙන් ,
    කොඡාර වටිනවද කියල ඔයාගේ උදව්ව , වගේම රෙඩ්බුල් එකෙන් කරපු දේ ,
    බ්ලොග් කරුවන් වශයෙන් අපිට පුළුවන් දෙයක් එයාල වෙනුවෙන් කරන්න පුළුවන් නම් එක අපිටත් සතුටක් !

    ReplyDelete
    Replies
    1. හොඳයි අපි බලමු ඉදිරියට.

      Delete
  23. ගිය ගමන්ම රෙඩ් බුල් එක ලැබුනහම පුදුමත් හිතුනා. බොහොම ස්තුතියි සුදීක අයියා. රෙඩ් බුල් එක වගේම කට්ටිය ආපු අර ලස්සන දැරිවි ගැන තමා කතාව.

    ReplyDelete
  24. රෙඩ් බුල් මරෞ බෙදපු අයත් මරු ඇ :D

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලෝ එහෙම තමයි.

      Delete
  25. එන්න බැරි වුනා. සුදීකව නම් දැක්කා මුනුපොතේ පොටෝ වලින්.... ලබන පාරවත් රෙඩ්බුල් එකක් ගන්න පුලුවන් වෙයිද කියලා බලමු!

    ReplyDelete
    Replies
    1. මමත් ඔයාව මුණ ගැහෙන්නම බලාගෙන හිටියේ.

      Delete
  26. බොහොම ස්තූතියි රෙඩ්බුල් සත්කාරයට....!

    ReplyDelete
  27. දැන් නම් වෙරි හිදිලා ;)

    ReplyDelete
  28. දැක්ක කට්ටියගෙම අත් වල තියාගෙන හිටිය.

    ReplyDelete
  29. වටිනා කියන සම්බන්ධයක්. හොඳ වැඩක් සුදීක. රෙඩ්බුල් මේ වගේ දෙයක් වෙනුවෙන් පෙනී සිටීම අගය කරනවා.

    ReplyDelete
  30. අඩේ තැන්කියු ඈ....... :)

    අර අක්කලා දෙන්නට වෙනම ටැංකියු එකක් දෙන්න ඈ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...