Monday, December 17, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 25 - දැන් ඔතනින් එලියට පලයන්

පින්තූරය ගත්තේ : article.wn.com
මේ කතාව එක්දහස් නවසිය අනු ගණන් වලට දිව යන එකක්.  මම වැඩ කරන්නේ මහජන බැංකුවේ පරිඝනක අංශයේ කියල කව්රුත් දන්නවනේ. ඉතිං මේ ශාඛා ජාලය පරිඝනක ගත කරන්න ගිහින් අපේ කණ්ඩායම මුහුණ දුන් රසවත් සිදු වීම් වලින් එකක්. හැබැයි මම මුහුණ දීපු එකක් නොවුනත්, අදාළ පුද්ගලයා වන සිල්වා මහත්මයාගේ කටින්ම අහ ගත්ත කතාවක්.

කතාවට එන්න කලින් සිල්වා මහත්තයා කවුද කියල කියන්න ඕනේ. මුළු මහජන බැංකුවේම ඒ කාලේ ප්‍රසිද්ධ නමක් තමයි එම්. කේ. සිල්වා කිව්වහම. ඕනනම් ගිහින් ඕනෑම මහජන බැංකුවක සේවකයකුගෙන් අහල බලන්න සිල්වා මහත්තය කියන්නේ කවුද කියල. හැබැයි ඔහු වැඩියෙන් ප්‍රසිද්ධ එම්. කේ. කියන නමින්. ඔහු බැංකුව පටන් ගත්ත කාලෙම සරසවිය වෙනුවට බැංකුව තෝර ගත්ත කෙනෙක්. ඉතින් ඔහුගේ මුළු ජීවිත කාලයම බැංකුව වෙනුවෙන් ගත කරා. මුලින්ම බැංකුවේ අත්හුරු ක්‍රමයට තිබ්බ කටයුතු පසුකාලීනව ක්‍රම-ක්‍රමයෙන්(ග්රැජු - ග්රැජුවලි ..D) යන්ත්‍ර සුත්‍ර මගින් කරන තත්වයකට ආවා. මුලින්ම හඳුන්වා දුන්න යන්ත්‍ර කැඩුනම හදන්න එම්. කේ. අදාළ කොම්පැනි වල සේවකයන්ටත් වඩා නිපුණතාවක් දැක්වුවා. ඒ කාලේ තිබ්බ බොහෝ යන්ත්‍ර යාන්ත්‍රික(Michanical) ඒවා. මහා සද්දයකුත් එක්ක තමයි මේ යන්ත්‍ර ක්‍රියාත්මක වුනේ. පසුකාලීනව 1987 දී පමණ බැංකුවට පරිඝනක හඳුන්වා දුන්නා. ඉතිං බැංකුවේ තොරතුරැ තාක්ෂණ දෙපාර්තමේන්තුවක් පටන් ගන්නකොට ඒ සඳහා එකතු කර ගත්ත පුරෝගාමී සේවකයෙක් තමයි අපේ එම්. කේ. 

එම්.කේ. කියන ඔහුගේ මුලකුරු වලට, ඒ කාලේ "මැෂින් - කඩන" කියන වදන් එකතු කලේ එතුමාට හිතවත් කමටද නැත්නම් අහිතවත් කමටද කියන එක මට තාමත් ගැටළුවක්. අත්හුරු ක්‍රමයට වැඩ කල කෙනෙක්ට පරිඝණකයෙන් වැඩ කරවන්න තියෙන අපහසුව, පහුකාලීනව මේ සේවක පුහුණුවට එකතු වෙච්ච මම අත්දැකීමෙන් දන්නවා. අද සියලුම කටයුතු මවුස් ක්ලික් වලින් සිදු වුවත්, ඒ කාලේ සියලුම කටයුතු යතුරුපුවරුව මගින් ලබා දෙන විධානයන්ට අනුව සිදු වුනා. මුලින්ම හඳුන්වා දුන් නිකස්ඩෝෆ් පරිඝණකයත් මේ යතුරු පුවරු විධානයන් මගින් ක්‍රියාත්මක වුනේ.

ඒ කාලේ මෙනු වලින් තමයි බොහෝ දේ කෙටි කරලා තිබුනේ. Menu-Driven System කියලා තමයි මේවා හැඳින්වූවේ. 
පින්තුරය ගත්තේ : dbfeeder.sourceforge.net



ඉහතින් තියෙන පින්තුරය අපේ තිබ්බ මෙනු වලට හරියටම සමාන නොවුනත්. මේ වගේ එකක්. එත් මෙනු එකක 50 කට වඩා අයිතමයන් තියෙනවා. ඕනෑම මෙනු එකක පිට වීමේ මෙනු අංකයකුත් තියෙනවා. ඉතිං එතනින් ඉවත් වෙනවනම් ඒ අංකය ගහල තමයි ඉවත් වෙන්න ඕනේ.

කොළඹින් පිටත් ශාඛා වල යට යම් ගැටළුවක් ඇති වුනාම ඒ අය සහය ගන්න කතා කරන්නේ සිල්වා මහත්තයට. එහම කතා කරන අයට කුනුහර්පයෙන් බනින අවස්ථාත් අපි දැකල තියෙනවා. ඒත් සිල්වා උන්නැහේ බැංකුවේ සේවකයන්ට සැලකුවේ තමන්ගේ දරුවන්ට වගේ. ඒ ආදරේ හින්දම වෙන්න ඇති එහෙම බනින්න ඇත්තේ. සිල්වා මහත්තයා නිකන් කතා කලත් කුණුහරපයක් දෙකක් කියවෙනවා. ඒකට එරෙහි වෙන්න ඒ කාලේ කාටවත් හයියක් තිබ්බේ නෑ. බැංකුවේ සභාපතිවරුන් ඉදිරියේ පවා කෙලින් කතා කරපු මිනිහෙක් තමයි සිල්වා මහත්තයා. දවසක් මෙන්න මේ වගේ දුරකථන සංවාදයක් ඇති වෙලා

අපි හිතමු කතා කල පුද්ගලයා දිසානායක කියලා(මගේ විශ්වසේ අනුව නම් අපේ බැංකුවේ වැඩියෙන්ම ඉන්නේ දිසානායකලා හෝ රත්නායකලා)

දිසා : සර් හරි වැඩේ මට අද උදේ ඉන්ටර්ස්ට් රිපෝර්ට් එක අදින්න බැරි වුනා (අදින්න කියන්නේ ප්‍රින්ට් කරන්න)

එම්.කේ. : තොගේ අම්#### $^&^&*& පුතෝ මෙච්චර වෙලා? දැන් යූ.ආර්. 49 ගනින්. (ඒ කියන්නේ මේ  පද්දතියේ තිබ්බ මෙනු එකක්)

දිසා : හරි සර්.

එම්.කේ. : දැන් 13 එන්ටර් 5 එන්ටර් 7 එන්ටර්.  දෙවෙනි යතුර එස් 2 ට කරකවලා එස් එන්ටර්. 

දිසා : හ...හා... හරි සර්. 

එම්.කේ. : මොකද උඹ තටමන්නේ? දැන් ඔතනින් එලියට පලයන්. ඊට පස්සේ දෙවෙනි යතුර ටී1 ට කරවපන්.

එම්.කේ. : හලෝ . හලෝ.. හලෝ...තෝ කොහේ මක බෑවුනාද ?
කියල සිල්වා මහත්තය කියාගෙන යන අතරේ මිනිහට තේරුනා ටෙලිෆෝන් එක පැත්තක් තියනවා. ඒ එක්කම පද්දති කාමරයේ දොර ඇරෙන වැහෙන සද්දේ. යකා නැග්ග සිල්වා මහත්තය දුරකථනය විසන්දි කරලා. අමු තිත්ත කුණුහරප පේලියක් කියාගෙන ගියා.  මෙහෙම ඉන්නකොට ආයෙත් දුරකථනය නාද වුනා. නැවතත් අමු සිංහල පද පේලියක් කියාගෙන ගිය සිල්වා මහත්තය.

"තෝ තටමනකොට මම දැන ගත්තා තොට රෙ** බරක් හැදිලා ඇති කියලා. තෝ කොහෙද ප* ගියේ?"

දිසා : සර් කිව්වනේ ඔතනින් එලියට යන්න කියලා. ඒක නිසයි මම එලියට ගියේ. (අපේ යාලුවට අමතක වෙලා මෙනු එකෙන් එලියට යන්න කිව්ව වග).

41 comments:

  1. හි හී නියම කතාව

    අම්මෝ ඔහොම කොළ පාටින් අකුරු තියන කොම්පුටර් ටිකක් ඉස්සර අපේ ඉස්කෝලේ තිබ්බා. අම්මෝ ඒවාට තිබ්බ සැලකිලි. ළමයින්ට ඒ කාමරේ දිහා බැලීම පවා තහනම්. ගුරුවරු කීප දෙනෙක් විතරක් ඒ කාමරේට ගියේ.

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම ඒ ජාතියේ කම්පියුටර් එකක් දැක්කේ NIBM එකේදී. ජරමර ගොඩකට මුහුණ දුන්නා. ඒවත් පස්සේ වෙලාවක දාන්නනම්.

      Delete
  2. මේ කතාව වගේම කතාවක් මතක්වුනා මට වෙච්ච.. ලියලම දාන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් ... හෙහ් ලියපං බලන්න.

      Delete
  3. හත් ඉලව්වයි ඒ උනාට ඔය විදියට තමන් යටතේ වැඩ කරන යට කුණු හර්පෙන් බනින එකනම් අනුමත කරන්න බැහැ සුදීක අයියේ. මට වගේ උනානම් රස්සාවට ඕනේ දෙයක් වෙද්දෙන් කියල උගන්වනවා මුලින් කතාකරන්න :@
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලා තියෙනවා සිල්වා මහත්තයට. තොගේ අම*** කිව්වහම උත්තර දීපු කෙනත් කියල තොගේත් අම්ම** කියල.

      Delete
  4. අපිත් ඉගෙනගන්න කාලෙ ඔය වගේ ‍කී බෝඩ් එකෙං තමයි ඔක්කොම කළේ. මවුස් එකක් දැක්කෙ අන්තිම කාලෙදි.

    අර දිසා එලියට ගිහිල්ල මොනව කළාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. සිල්වා මහත්තයා ආවද කියල බලන්න පාරට යන්න ඇති. ඒ වුනාට මවුස් එක ගැන මුලින්ම අදහස ඉදිරිපත් වෙලා තියෙන්නේ 1969.

      Delete
  5. සිල්වා තමයි සිල්වා...අන්න එළ කොල්ලෙක්.... කුණු හබ්බ ටිකත් හරිම සෝයි...

    ReplyDelete
  6. අර කවුද සම්මුක පරික්ෂණයකට ගියාම, Interview කරණ එකා මොකක්ද තේරුන්නැති වුනාම Come again කිව්වලු. මේ යකා නැගිටලා එළියට ගිහින් ආයෙ ආවලු.. හෙහ් හෙහ් මේකත් ඊට දෙවෙනි නෑ.. ලොල්ම තමා..

    ReplyDelete
  7. තව එකෙක් ටේක් අ සීට් කියනකොට පුටුව කරට ගත්තලු

    ReplyDelete
  8. ඔය කොළ පාටන්, කහ පාටින් අකුරු තියෙන කලු පාට DOS සිස්ටම් එකක් තමයි Freight Information System ( FIS) අපේ ෂිපිං කම්පැණීයේ 2004 වෙනකොටත් තිබ්බේ... මවුස් එකෙන් මේලෝකේ වැඩක් නෑ... ඒත් ඇත්තටම ඕක හරි ලේසි වැඩක්... මම නම් මාස දෙකෙන් වැඩේ අල්ලගත්තා.. කොහෙවත් ට්‍රේනිං ගිහින් නෙවෙයි.. ඕක එහෙට මෙහෙට කරකවලම.. ( බැංකුවල වගේ තමා.. ඕකේ පිස්සු නටන්න බෑ... මොනා හරි වැරැද්දක් උනොත් ඉතිං රටවල් කීපෙකට ඉඳලා කේස් ..) ඔය කාලේ අපේ සෙක්ෂන් එකේ ලොකුම කෙනෙක් අයින් වෙලා ගියා... එයා ගියාට පස්සේ ආපු කෙනා ඔය සිස්ටම් එකේ මෙලෝ දෙයක් දන්නේ නෑ... අපේ සෙක්ෂන් එකේ වෙන කෙනෙක් හිටියෙත් නෑ ඒක දන්න මම ඇරෙන්න.. මම නිකම්ම නිකම් ප්‍රොබේෂන් ඩොක්ස් ක්ලාක්... අලුත් එකා මැනේජර්...

    ගොඩක් වැඩ කරන්නේ රෑ වෙලා තමයි.. සෙනඟ අඩු උනාම... ඉතිං මං 6ට විතර ඔෆිස් එකෙන් ඇවිත් ගෙදර එනකොට 8.30 විතර වෙනවා.. ආවට පස්සේ ඔෆිස් එකට කෝල් එකක් දෙනවා.. අරයා එතකොටත් වැඩ.. එයා ගන්නවා අපේ ගෙදරට කෝල් එකක්.. මං ගෙදර ඉඳලා එයාට ෆිස් එක උගන්නනවා කට පාඩමෙන්... තාමා ඒවා මතකයි අප්පා.. හි හි

    අපේ තාත්තායි අනිත් සෙට් එකයි තාම ඕක කිය කිය හිනාවෙනවා.. මෙයා ඉස්සර රෑ එළිවෙනකම් ෆිස් ටියුෂන් දුන්නා කියලා... හැබැයි මං එහෙම කියලා දුන්න කෙනා මං එයාට වඩා වයසින් පොඩි උනත්, ජොබ් එකෙන් පහල උනත් හැමතිස්සෙම මගේ පස්සෙන් ඉඳගෙන මට උදවු කළා ඒ ඔෆිස් එකේදි... මම ෂිපිං වල ගොඩක් දේවල් අල්ලගත්තේ එයා එක්ක වැඩ කරලා...

    ReplyDelete
    Replies
    1. ඔයා මොන ෂිපින් කම්පැනියෙද හිටියෙ ඈ ? මම එහෙනම් උඹව දන්නවත් ඇති..

      Delete
    2. විනාසයි.... සෙන්නො. මම මේන් ලයින් එකක හිටියේ... Hapag lloyd එකේ... හැබැයි කම්පැණිය හැරී ගන්න කලින්...

      Delete
    3. මගේ මේ පොස්ට් එකෙන් යටවෙලා තිබ්බ නියම කතාවක් එලියට ආවා. ඒ ගැන මට සන්තෝසයි. මම 3 mistakes of my life කියවන ගමන්.

      Delete
    4. එහෙනම් මම නොදනී.. අපිට ඒගොල්ලො එක්ක ගනු දෙනුවක් තිබුනෙම නෑ..

      Delete
  9. silva ගාල්ලේද? මන් දන්නා සිල්වා කෙනෙක් ඉන්නවා මහමෝදර ගාල්ලේ, මිනිහත් මහජරා බැංකුවේ තමයි වැඩකරේ

    ReplyDelete
    Replies
    1. අපේ බැංකුවේ දිස්සානයකලා, රත්නායකලා ලඟට ඉන්නේ සිල්වලා. මේ කියන සිල්වාට දැන් 70ක් විතර වෙනවා.

      Delete
  10. හික්ස්
    බැංකු වලත් ඔහොම අය ඉන්නවනේ.

    ReplyDelete
  11. ඒ කාලේ ඉඳලම 'සිල්වලා' නම තියලා තියනවා වගේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ සිල්-වලා කියලද ?

      Delete
  12. අහා.. සෞම්‍ය වාග් විලාසයක් නේ.. :D නියම කතාව..

    අවසානෙ ට එනකල් මොකක් ද සීන් එක කියල හිතා ගන්න බැරුව ගියා.. සිල්වා එක්ක වැඩ කරපු අයට ඉවසීම නම් පුරුදු වෙන්න ඇති නියමෙට ම.

    ReplyDelete
    Replies
    1. මිනිහා සමහරවිට බක බක ගාලා හිනා වෙවීත් කුණුහර්ප කියනවා.

      මිනිහා නියෝජනය කරපු පරපුරට බොහෝ දෙනෙක් ගරු කරා.

      Delete
  13. හැම සිල්වාම එකයි වගේ බං ;)

    ReplyDelete
    Replies
    1. හැම සිල්වම(යාළුවම) වැදගත් මචං.

      Delete
  14. විස්වාස කරනවනම් විස්වාස කරපන් අපි අදත් ඔය වගේ සිස්ටම් විකුනනවා cobol වලින් ලියලා තියෙන්න Payroll system, Inventory system & General Ledger system තනිකරම තියෙන්නේ ඔය මෙනු සිස්ටම් එකට.
    හැබැයි අපි ඕන කෙනෙකුට චැලෙන්ජ් කරනවා අපේ සිස්ටම් එක තරම් Reliable Fast data entry Windows ඇප්ලිකේශන් තියනවනම්.

    …එක කොම්පැනියක ගෑනු ළමයි සෙට් එකක් ඉන්නවා උන් අපිට error report කරන්නෙ 3-4-2-1 කියලා ඒ කියන්නේ තුන්වන මෙනුවේ හතරවන item එකේ දෙවන report එකේ පලවන ඔප්ශන් එක. අපට රිපොර්ට් එක නම කියුවම ඇති. ඒත් උන් කියන්නෙ එහෙමයි. මෙහම කට පාඩමේ අවුරුදු ගානක් ඉන්න අය හන්දා අපිට සමහර රිපොර්ට් වෙනස් කරන්න විදියක් නෑ. අර සිල්වා කට පාඩමින් කියුවා වගේ.


    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. 100% එකයි. අද තියෙන Client/Server Architecture එකට වඩා Efficient කියලා. සමහර සමාගම් නිසාම තමයි අපිට අලුත් ඒවාට යන්න වුනේ. ඒ වුනාට තාමත් cobol පද්දති හොඳින් වැඩ කරනවා. අර ලියන්න ගියාම වට්ටෝරුව වගේ ලියාගෙන යන්න වෙන්නේ නැත්නම් පංකාදුයි.

      Delete
    2. ඒකනම් සහතික ඇත්ත

      Delete
  15. ඇයි සුදීක මිනිහගේ යාලුවා මහින්දත් එහෙම නේද ?මොකක් හරි ඇහුවොත් කුණුහරුප දෙකක්වත් කියනවා ,මිනිහා ඒක දන්නේ නැත්නම් කුණුහරුප අනුපාතය 100 % දක්වා ඉහල යනවා

    ReplyDelete
    Replies
    1. මහින්ද ගැන කතා කරලා වැඩක් නෑ.

      Delete
  16. ලොල් සහගතයි නේන්නං හෙහ් හෙහ් :D

    ReplyDelete
  17. මැෂින් කඩන සිල්වාගේ තව කතා නැද්ද ??

    ReplyDelete
  18. ඉතිං එලියට යන්න කිව්වාම නොගිහින් කෝමද . . හික්z

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...