Sunday, December 23, 2012

ලෝකය 2012 දෙසැම්බර් 21 අවසාන නොවුයේ මන්ද ? නාසා ආයතන විස්තර කරයි.



දෙදහස් දොළහක් වූ දෙසැම්බර් මස විසි දෙවන දින වන අද ඔබ මෙම වීඩියෝව බලනවා නම් ඉන් එක දෙයක් තේරුම් යයි. ඒ ඊයේ ලෝක විනාශය සිදු නොවූ බවයි. මාධ්‍ය වාර්තා වලට අනුව ඉපැරණි මායා මිත්‍යාවන් කියන්නේ ලෝකය 2012 දෙසැම්බර් 21න් පසුව විනාශ වීමට නියමිතව තිබුණි. එහෙත් මේ දෙස  බලන්න. නාසා ආයතනයේ පුරාවිද්‍යාත්මක-තාරකාවිද්‍යා මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂක ආචාර්ය ජෝන් කාසන් මහතා පවසන්නේ මුළු සිද්දි දාමය ආරම්භයේ සිටම වැරදි වැටහීමක් බවයි. මායා කැලැන්ඩරය 2012 දෙසැම්බර් 21 දින අවසන් වුයේ නැති අතර එදින ලෝක  විනාශයක් පිලිබඳ කියැවෙන මිත්‍යා මතයක්ද මේ දක්වා නැත.  ඔහු පවසන්නේ සත්‍යය මේ මිත්‍යාවට වඩා සිත්ගන්නා බවයි. කාසන්ස් මහතා ඉතා ගැඹුරු පුරාවිධ්‍යත්මක තාරකා විද්‍යාඥයෙකි. ඈත මන්දාකිණි පිලිබඳ අධ්‍යාන සඳහා උපාධි කිහිපයක හිමිකරුවෙකි.

ඔහු මේ සිද්ධීන් පිලිබඳ ඇල්මක් දක්වන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 35කට පමණ පෙර සිටය. ඒ ඔහු සහභාගී වූ ඇමරිකානු විද්යාහිවර්ධන සංගමය මගින් පවත්වන ලද හමුවකට සහභාගී වූ අවස්ථාවකදීය. මායා පිලිබඳ ඔහු දැන ගන්නේ එහිදීය.

File:Maya civilization location map-blank.svg
www.wikipedia.org
මැසෝ ඇමෙරිකානු වැහි වනාන්තර එක් යුගයකදී විශාල සමෘද්ධිමත් ශිෂ්ඨාචාරයකට හිමිකම් කීවේය. මායා සමාජයේ ජනතාව ගොඩ නැගු දැවැන්ත නගරයන්ගේ ජන ඝනත්වය ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය හා සැසඳිය හැකි මට්ටමක පැවතිනි. ඔවුන් ජෝතිෂයෙහි කෙල පැමිණි අතර රූපමය ලිඛිත භාෂාවක්  දියුණු කරන ලදී. ඔහු විස්තර කරන අන්දමට වර්තමාන තාරකාවිද්යාඥයන් ඔවුන් භාවිතා කරන ලද කාල ගණනයන් භාවිතා කරයි.

අපේ විද්‍යාවට අනුව මීට වසර බිලියන් 13.7කට පෙර විශාල පිපිරීම සිදු විය. එය මායා නටඹුන් බිලියන බිලියන වතාවක් දිග හරුමක් වුවත් ඊට වඩා වැඩිය.  මායා වරුන්ගේ දිගු ගණන කැලැන්ඩරය දිගු විරාමයන් තුල පවත්වාගෙන යයි. මෙය මිහිපිට සෑදු සංකීර්ණම කැලැන්ඩර් පද්දතියයි.  මෙය ලියා ඇත්තේ නවමු කාල විකාසන භාශාවකිනි. මෙය සිහිගන්වන්නේ කාරයක ඇති ඕඩෝමීටරය නොහොත් සතපුම්මානයකි. මන්ද එහි
අංක කරකැවෙන අතර කැලැන්ඩරයද මේ ආකාරයෙන් කැරකි නැවතත් මුලටම පැමිණේ. එය  නැවත නැවතත් සිදු වේ. මෙම නැවත කැරකීම 2012 සිද්ධියට පාදක වූ කාරණයයි.




මායා පුරාවිද්‍යාවට අනුව ලෝකය නිර්මාණය වී ඇත්තේ අදින් වසර  5125කට පෙර අතුවය.           මෙවැනි ගමනකදී ක්‍රිස්තු වර්ෂ 3114 අගෝස්තු 11 දිනදීද මෙම කැලැන්ඩරය මේ වාගේමය. 2012 දෙසැම්බර් 21 වනදා වුයේද මේ සිද්දීයමය. මායා වරුන්ගේ භාෂාවෙන් "බක්ටියුන්" 13ක් මේ දින දෙක අතර ගෙවී යයි. මෙය මායා පුරාවිද්‍යාව සමග සම්බන්ධ වේ. නමුත් මෙය විනාශකාරී දෙයක් නොවන බව කාසන් අවධාරණය කරයි.

පුරාවිද්‍යාඥයන්ගේ පරීක්ෂණයන්ට භාජනය දහස් ගණනක් වන පුරා වස්තු, ටැඩ්ලට් හෝ හිටිපිලිම කිසිවක් මෙවැන්නක් නොපවසයි. ගූගල් හැන්ගවුට් මගින් එක්වූ නාසා විද්‍යාඥයින් මේ වර්තමාන විද්‍යාත්මක එකඟතා බෙදා ගත්තා.

නාසාහි පෘතුවි ආසන්න අකාෂ වස්තු වැඩසටහනේ ප්‍රධානී දොන් යේමන් මහතාට අනුව දන්නා ඇස්ට්‍රොයිඩයක් හෝ උල්කාපාතයක් පෘතුවිය වෙත ගැටීමට නොපැමිණෙන බවයි.
වෙනත් ඉබාගාතේ යන ග්‍රහලොවක් හෝ අප හා ගැටී විනාශ නොකරන බවයි. නාසාහී ගඟන-ජීවවිද්‍යාඥ ඩේවිඩ් මොරිසන් පවසන්නේ එවැනි ග්‍රහ වස්තුවක් පෘතුවිය දෙසට ගමන් ගන්නේ නම් එයා වඩා දීප්තිමත්ව අහසේ දැක ගත හැකි බවයි. පොළොවේ සිටින සැමට එය දකින්නට හැකියි. ඔබට රජයට කියා සිටින්නට අවශ්‍ය වන්නේ නෑ එළිමහනට ගොස් බලන ලෙස.





 එහෙම දෙයක් නෑ. නාසාහී තරුත් සමහ ජීවය වැඩසටහනේ ප්‍රධානී කිකා ගුහාතකුර්ටා මහත්මිය පවසනවා. හිරුවත් එහෙම තර්ජනාත්මක නෑ. වසර බිලියන ගණනාවක් හිරු දැල් විහිදවමින් සිටිනවා මායා ශිෂ්ටාචාරය ආරම්භයටත් පෙර සිට. මෙතරම් කලක් ඔහුට අප විනාශ කරන්න අවශ්‍ය නොවුනා නම් ?

 මේ මොහොතේදී අවුරුදු එකොළහක් වන හිරුගේ ක්‍රියාකාරීත්ව චක්‍රය වෙත ලඟා වෙමින් සිටිනවා ඇය තවදුරටත් පවසා සිටිනවා.  මෙය හිරුගේ වී.පී.එස්. චක්‍රය . පහුගිය වසර 50කට එය අහිතකර හෝ සංතෘප්ත වූ බව වාර්තා වන්නේ නෑ. 



කාසන්ට නම් දෙසැම්බර් 21 බියකරු දිනයක් නොවේ. ලෝක විනාශය ගැන ඔහු පවසන්නේ මේ දිනය ලඟා වනතුරු තමා වසර 30 පුල පුලා බලා සිටි බවයි. දෙසැම්බර් 21 අත්දැකීම ඔහුට නම් යුකාටන් හී මායා ශිෂ්ටාචාරය වෙත යලි සිතින් පියනගීමකි.  ආදී මිනිසා වත්මනට සාපේක්ෂ කාලය විශිෂ්ට ලෙස ගණනය කිරීම් සඳහා යොදාගෙන ඇත. ඇත්ත වශයෙන්ම ඊයේ ලෝක විනාශය සිදු නොවීම ගැන අගය  යුතුය. 








ප.ලි. මෙය නාසා ආයතනය මගින් දෙසැම්බර් 22 වන දා නිකුත් කරන ලද වීඩියෝවකි. මෙම විනාඩි හතරකුත් තතත්පර 21 ක් තුල එම නිවේදකයා වචන 607ක් මේ සිදුවීම ගැන පවසා ඇත. මෙය සිය වාරයකට වඩා නැවත නැවතත් ශ්‍රවනය කර මුලින්ම එය ඉංග්‍රීසියෙන යතුරු ලියනය කර පසුව සිංහලට පරිවර්තනය කරන ලදී. මේ සඳහා මට වච 561ක් අවශ්‍ය විය.

එම වීඩියෝව මෙතනින් නරඹන්න

දෙසැම්බර් ලෝක විනාශය නොවුනේ මන්ද ? නාසා ආයතනය විස්තර කරයි.










27 comments:

  1. හොඳ වැඩක්. ඕක වෙනවයි කියපු අය මේ සිරි ලංකාවෙත් හිටියනේ

    ReplyDelete
    Replies
    1. වැඩිහරියක් හිටියේ එහෙම හිතන් තමයි.

      Delete
  2. ලෝකෙ කොහොම වෙතත් අපේ එවුවො නිකං විනාස වෙනව තව ඩිංගෙං.

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් හිසේරදයක් හරි පිටරටින් එනවා නම් හිස් මුදුනින් බාර ගන්නවනේ.

      Delete
  3. අපේ ජෝතිශ වේදින් නම් ඔච්චර මහන්සි වෙන්නෙ නැහැ..මොක්ක හරි බොරුවක් පත බාල පස්සෙ ඒක සාධාරන කරනවාත....

    ReplyDelete
    Replies
    1. මේ ළඟදී මං එහෙම කිව්වේ නෑ කියලා එක්කෙනක් පර සක්වල ගහල කිව්වා නේද?

      Delete
  4. අපේ සාත්තර කාරයෝ පට්ටොඅල් බොරු කෙලිය මම බලාගෙන

    ReplyDelete
    Replies
    1. ඔවුන් දඬුකඳේ ගහන්න ඕනෑ කෝරලේ ඇත්තෝ.

      Delete
  5. ලෝකේ විනාශේ ගැන මාත් වැඩි ගාණකට ගත්තේ නැහැ...

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුව හසිත් කෝ කියල.

      Delete
  6. //මෙය සිය වාරයකට වඩා නැවත නැවතත් ශ්‍රවනය කර මුලින්ම එය ඉංග්‍රීසියෙන යතුරු ලියනය කර පසුව සිංහලට පරිවර්තනය කරන ලදී.//

    මහන්සිය අගය කරමි! එය අපතේ යාමක් නොව්න්නේ වැදගත් තොරතුරු රාශියක් ඇති නිසා:)

    ReplyDelete
  7. ලිපිය ඉතා වටිනවා.2012/12/21 ගැන හොලිවුඩයෙන් පිචර් එහෙකුත් පෙන්නුව නේද,දැනට අව්රුද්දකට හමාරකට ඉස්සෙල්ල.ඒක බලපු ඒ රටේ ඉන්න අපේ අය කිව්වෙත් ලෙසටම වෙනවයි කියල.කොහොම උනත් 12/21 ක ගැන හිතපු අපි ගොඩායියියියි!!!! 12/21 ක අලවි කරපු,මිලියන් ගණන් හම්බ කරපු එව්වො පොඩ්ඩයියියියි !!!!

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ උන් ඒකෙනුත් ගානක් හොයා ගත්තා.

      Delete
  8. සෑහෙන්න මහන්සි වෙලා ලියලා තියෙන ලියවිල්ලක් වගෙයි... මගේ විශ්වාසයට අනුව භෞතික සාධක වලට වඩා මිනිස් ගුණ ධර්ම පිරිහීමෙන් තමයි කවදා හරි දවසක ලෝක විනාශයක් වෙන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. හරියට හරි ගුණදම් අතින් අපි දැනටමත් විනාශය කරා ලඟා වෙලා. තව බොහොම කෙටි දුරක් තියෙන්නේ.

      Delete
  9. බොරුවට කෑගහපු එකෙක් නෑ දැන් බෙහෙතකට ගන්න. ටික දවසකින් එලියට එයි ඔය හොරු ටික. මිනිස්සුන්ට අමතකවෙනකම් ඉඳල, මම ලෝකේ විනාස වෙන්නේ නෑ කිව්වා කියා කියා. අනේ මුන්ට බුවල්ලෙන් තලන්න එකෙක් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඒ අය කියන්නේ පුත්තලම දිස්ත්‍රික්කේ ගං වතුරයි, බෝට්ටෝ පෙරලිච්ච එකයි, කහ වැස්සයි ඕවා තමයි.

      Delete
  10. වැදගත් ලිපියක්. ස්තුතියි.

    ReplyDelete
  11. මේ ලිපිය අද "අද" පත්තරේ තිබුනා. අර අත් තටු පොර වගේ අවුරුදු ගානක් පත්තර කොරපු එක්ස්පීරියන්ස් එකෙන් මේ ලිපියත් ගෙස් කරල ලිව්වද මන්ද.

    ලෝකෙ මොකා කොහොම හිතුවත් රාවණා රජ්ජුරුවො ලෝක විනාශයක් වෙනව කියල කියා නැති නිසා මමනම් ඕව විශ්වාස කළේ නෑ.

    මායා කැළැන්ඩරය හැදුවෙත් රාවණා කියනවනෙ.ඔය මායා කියන්නෙ සීතාගෙ යාළුවෙක් වෙන්නත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. මම සතුටු වෙනවා අද පත්‍රයට දිනක් කලින් මට මේක ඔබ වෙත ගෙන්න මට පුළුවන් වූ එක ගැන. මොබයිල්මාන්ට බොහොම ස්තුතියි එය සඳහන් කලාට.

      මායා - සීතා හෙහ් ... හෙහ්... වර්ගපුර්නිකාවට අපුරු ප්‍රවේශයක්.

      Delete
  12. බුදු දහම අනුව බැලුවත් තව අවුරුදු දෙදාස් ගානක් ලෝකය පවතිනව.
    ඒක් තාරකා විද්‍යාඥයෙක් කියා තිබෙනවා පෘථිවිය හා සමාන විශාලත්වයක් ඇති ග්‍රහලෝකයක් හා ගැටීමෙන් ලෝකය විනාශ වෙන බව. ඒත් තව අවුරුදු බිලියන ගනනකින්. ඔබගේ ලිපිය වැදගත්.

    ReplyDelete
    Replies
    1. මමත් විශ්වාස කලේ බුදු දහම.

      Delete
  13. මේ බ්ලොග් එකේ මෑත කාලයේ ලියවුන විටිනාම පෝස්ට එක....

    "ග්‍රහලෝකයක විනාශය" රුසියන් විද්‍යා ප්‍රබන්ධය කියවලා ඇති මම හිතන්නෙ....ඒ කතාවනම් විය හැකි තරමට සත්‍යාසන්නයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ආවාට සහ අදහස් වලට.

      Delete
  14. ලෝක විනාසේ කොයි තරම් අපි ට බලපෑවද කිව්වොත්..තව ටිකෙන් අපි උදේට වැඩට යන කෝච්චියේ මිනීමරුමකින් තමයි කෙලවර වෙන්නේ...කොටින්ම කිව්වොත් ඒක ගනු ළමයෙකුට නමකුත් වැටුනා...NASA මාරි කියලා....

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...