Wednesday, October 3, 2012

ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීමට ප්‍රථම ....

අද මම හිතුව විශේෂ මාතෘකාවක් ඔස්සේ තොරතුරැ ටිකක් ඉදිරිපත් කරන්න. මේ වනවිට ඔබ අතේ ක්‍රෙඩිට් කාඩ් පත් කිහිපයක්ම තිබෙන්න පුළුවන්. සමහරවිට ඔබ අලුතෙන් කාඩ් පතක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මට හිතුන ඔබට කාඩ් පතක් තිබුනත් නැතත් පහලින් තියෙන ලංකාවේ තිබෙන ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ් පත් සමාගම් වල ගාස්තු පිලිබඳ සංසන්දනයක් ඉදිරිපත් කරන්න. ඔබ මේ වන විටත් දන්නවා ඇති මම මහජන බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන බව. මොනවා උනත් මේ ගාස්තු වල සංසන්දනයක් පමණයි. ක්‍රෙඩිට් කාඩ් පතක් ගන්නට පෙර ඔබ සැලකිය යුතු තව කරුණු බොහොමයක් තිබෙනවා. ඔබගේ පහසුව සඳහා එක් එක් ආයතන වල ගාස්තු මෙසේ වගුවග් ලෙසේ පිළියෙළ කළා(හරිම අමාරුවෙන්). එහෙනං බලා ගන්න



වගුව මත ක්ලික් කිරීමෙන් සම්පුර්ණ වගුව බලා ගන්න පුළුවන්

ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් පතක් තෝරා ගන්න එම ආයතනය අය කරන ගාස්තු පමණක් මදි. ඔවුන් ලබා දෙන ගනුදෙනුකාර සේවයේ කාර්යක්ෂමතාව. ඔබ ගැටලුවකට මුහුණ දුන් විට ඔවුන් ක්‍රියා කරන ආකාරය. ඔවුන් ලබා දෙන පහසුකම්. අස්තානගත වූ විට, සොරා ගත් පසු සිදු වන දේ වගේ කාරණා ගොඩක් සලකා බලන්න වෙනවා. මෙන්න මේ කාඩ් පත හොඳයි කියා මා පවසන්නේ නෑ. නමුත් ඔබ ලබා ගත යුත්තේ කුමන කාඩ් පත දැයි ඔබටම තීරණය කිරීමට හැකි වන අයුරින් තොරතුරැ ඉදිරිපත් කරන්නම්. 

ඉදිරියේදී ලිපි කිහිපයකින් ක්‍රෙඩිට් කාඩ් ගැන ඔබ දත යුතු බොහෝ දේ ගැන මා දන්නා දේ අකුරු කරන්නම්. 

තොරතුරු මුලාශ


පබ්ලිෂ් කරන වෙලාව රාත්‍රී 1.05යි.




54 comments:

  1. ක්‍රෙඩිට් කාඩ් වල පොලිය අය වෙන ආකාර සහ කොන්දේසි ගැන විස්තර කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

    ReplyDelete
  2. හප්පා... මට තේරෙන්නෙම නැති ජාතියක් තමයි ක්‍රෙඩිට් කාඩ් නම්..... බැංකුත් ඉතිං ඒ වගේම මඤඤං.... හි හි

    ReplyDelete
  3. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    ඊළඟ ලිපියකින් ඒ ගැන විස්තරයක් කරන්නම්.

    ReplyDelete
  4. @හිරු
    ඒ කියන්නේ වතු පිටි ආදායම් වලින් ජීවත් වෙනවා වෙන්න ඕනේ.

    ReplyDelete
  5. මගේ කාඩ් ඒක මම කැන්සල් කරලා දැම්මා...ඒක අනවශ්‍ය කරදරයක් වෙනවා සමහර වෙලාවට..

    ReplyDelete
  6. මොනා උනත් හරියට මැනෙජ් කරගන්නවනම් ඔය කාඩ් එක හදිස්සියට අසල්වැසියෙක් නැත්නම් ඉතින් නෑයෙක් වේයෙක් වගේ කාබාසිනියා වෙලා යනකං දන්නේම නෑ...

    ReplyDelete
  7. මේක නම් ලොකු දෙයක් දැම්ම එක... කාටත් වැදගත් වෙයි...

    ReplyDelete
  8. ‍නියමයි! ගොඩක් වැදගත් දෙයක්!!

    ReplyDelete
  9. මමත් හොය හොය හිටපු දෙයක්. හරිම වැදගත්!

    ReplyDelete
  10. HSBC Advance Visa Platinum Credit Card has no fee.

    - Annual and joining fee waived off for life.....

    If you pay the (full amount) statement balance on due date. you will never have problems. Thats what I do.


    http://www.hsbc.lk/1/2/hsbc.advance/products/credit-cards

    ReplyDelete
  11. @චමී4යූ~chami4u
    හැබැයි ඔය දරුවෝ ඉන්න දෙමව්පියන්ට මේ වගේ දෙයක් සම්පතක් වෙනවා හදිසි ලෙඩකදී වගේ.

    ReplyDelete
  12. @Raj
    ඔය කියන දෙකම මට වෙලා තියෙනවා. සමහර වෙලාවට කල යුතු දේ වැදගත්. ඒත් වැදගත් වුනත් කාඩ් එක නැත්නම් නිකං ඉන්නවා.

    ReplyDelete
  13. @අළුත් මල්ලි : Shan Dissanayake
    එක තමයි මම පැය ගානක් මහන්සි වුනේ. ඒත් තවත් දේවල් තියෙනවා හැම කාඩ් දෙකටම පොදු නැති. අනිත් එක මේ වගේ පොඩි ඉඩක ගොඩක් දේවල් දාන්න අමාරුයි. ඉදිරියේදී වෙනම පොස්ට් එකක් ලියන්නම්.

    ReplyDelete
  14. වැදගත් ....
    -ඔබ මේ වන විටත් දන්නවා ඇති මම මහජන බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන බව.-
    ....නැ අපි දන්නේ නෑ. සුදීකගෙ වගකීම අපිව දැනුවත් කරන එක.--ජය

    ReplyDelete
  15. බැංකුවල දාන්න සල්ලි නැති කොට මම බැංකු එක්ක මක් කොරන්නද....? හි හි...
    ඇත්තම කිව්වොත් මම ජීවිතෙටම බැංකුවකට ගිහින් තියෙන්නේ දෙපාරයි... හි හි.. ඔෆිස් එකෙන් දුන්න වීසා කාඩ් එක ගන්න සහ කාඩ් එක හිරඋන වෙලාවක ඒක ගන්න...

    ReplyDelete
  16. ඇතුවත් බැරි නැතුවත් බැරි

    ReplyDelete
  17. @රතු රජරට
    බොහෝ අය දන්නවා. අනිවාර්යෙන්ම රහසිගත නොවන හැම දෙයක්ම කියනවා.

    ReplyDelete
  18. @හිරු
    දියුණුවේ ලක්ෂණ.

    ReplyDelete
  19. @සිතුවිලි සිතූ
    මේවා නිතරම යාවත්කාලීන කරලා තියාගෙන හිටියොත් "දැන ගියොත් කතරගම" වගේ තමයි.

    ReplyDelete
  20. @ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.
    Akka : the thing is no. of people who will offered that kind of cards are minimum. They provides such facilities to account holders with good deposits, I suppose.
    Recently CBSL streamlined interest rates of all Card Centres. In fact we were the Centre who offered lowest interest of 33.6% p.a. We lost only 5.2% but some banks who had interests as high as 48% faced huge loss of their interest based income. Then they had no option other than increasing these charges. What happen if CBSL ask them to reduce them too ? Do you know the way your Bank charge interest ? I will explain that in next post.

    ReplyDelete
  21. සෑහෙන්න මහන්සිවෙලා වැඩේට..වටින විස්තරයක්....

    ReplyDelete
  22. වටින ලිපියක්.
    ඩෙබිට් කාඩ් ගැනත් පොඩි විස්තරයක් ලියන්න බැරි වෙයිද?

    ReplyDelete
  23. ඉස්සරහට පාවිච්චි කරන එව්වා නොවැ :)

    ReplyDelete
  24. එල ලිපියක් මමත් ඔය ‍අන්තර්ජාලයේ ගනු දෙනු කරන්න. තවම කාඩ් එකක් සොයමින් සිටිනවා. මම ලග තියෙන්නේ ගෙදරටම Free එවන payoneer කාඩ් එකක්. http://payoneer.com/ :)

    ReplyDelete
  25. @ඔබ නොදු‍ටු ලොවක්
    මහන්සි වුන එකට ප්‍රථිපල තියෙනවා කියල හිතෙනවා කමෙන්ට් දැක්කාම.

    ReplyDelete
  26. @පරිකල්පන
    බොහොම ස්තුතියි. ඔය කියන හින්ද මම ඩෙබිට් කාඩ් ගැනත් ලියන්නම්. සුළු වෙනස්කමක් තියෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් කියන්නේ අපට ලබා දෙන ණය පහසුකමක්. ඒ සඳහා සාමාන්‍ය ණයක් දෙනවිට වගේම ආපසු ගෙවීමේ හැකියාව විමසා බැලෙනවා. ඒත් ගෙවීමේ හැකියාව තිබෙන ස්ථිර ආදායම නැති යට එම අවස්තාව අහිමි වන්නේ ඔවුන්ට පැහැදිලි ආදායම් මාර්ගයක් නැති නිසා. ඒ කියන්නේ ලිඛිත සාක්ෂි සහිත ආදායමක්. හොඳ උදාහරණය ත්‍රී-රෝධ රථ රියදුරන්. තවමත් අධ්‍යාපනයේ යෙදෙන අය, කැසිනෝ, හෝටල් වගේ ස්ථිර නැති එහෙත් ආදායම් තිබෙන අය මේ ගණයට වැටෙනවා. එවැනි යට හොඳම දේ තමයි ඕනෑම් (බොහෝවිට) බැංකුවක ගිණුමක් අරඹලා ඩෙබිට්(හර) කාඩ් පතක් ඉල්ලා සිටින එක. ඒ වගේ වේලාවකදී ණය සීමාව තමයි ගිණුමේ ශේෂය. වෙනත් අමතර ගාස්තු නෑ. ඒත් පිටස්තර ඒ.ටී.ම්. ජාලය භාවිතා කිරීමේදී යම් මුදලක්(ගාස්තුවක්) අය කෙරෙනවා. සමහරවිට අපිට හමු වෙලා තියෙනවා මුදල් තියෙන අය තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් ගිණුමට අධික ලෙස මුදල් එකතු කර වියදම් කරන. එහෙම අය නිසා කාඩ් මධ්‍යස්ථානයට කිසි වාසියක් නෑ. එවැනි අය හමුවුනොත් කරන්නේ ඩෙබිට් කාඩ් පත් බාවිතාවට උනන්දු කරවන එක. අපේ මහදුරු බිරිඳ ඉහතින් විස්තර කරලා තියෙන ආකාරයට එතුමියටත් ගැලපෙන්නේ ඩෙබිට් කාඩ් එකක්. ප්‍රධාන වෙනස් කම් වෙන්නේ
    - මාසික හෝ වාර්ෂික ගාස්තු නැති වීම(සමහර බැංකු වාර්ෂික සාමාජික ගාස්තු වන මුදලක් අය කරනවා.
    - දෛනික මුදල් ගනුදෙනු සීමාවක් පනවා තිබීම(බැංකුව සමග සාකච්චා කිරීමෙන් පසු එම අගය එදිනට පමණක් ඉහල නංවා ගැනීමට හැක).
    - සමහර බැංකු අන්තර්ජාල ගණුදෙනු අවහිර කොට තැබීම
    - ඉලෙක්ට්‍රොනික් භාවිතාවට පමණක් සීමා වීම(අත්හුරු ඉම්ප්රින්ටර් ක්‍රමය භාවිතා කිරීමට නොහැකි වීම, හේතුව කාඩ්පත එම්බොස් නොකර තිබීම)
    - මාසික වාර්තාවක් වෙනුවට තමන්ගේ බැංකු පොත සමග සැසඳුම් කලයුතු වීම.
    වගේ කාරණා.

    හැබැයි මෙමගින් කෙනෙකුට කිසිම ණය වීමකින් තොරව තමන්ගේ ආර්ථිකය පවත්වා ගෙන යන්න පුළුවන්. මෙහි වටිනාම වාසිය වන්නේ මුදල් වෙනුවට භාවිතා කිරීමෙන් නාස්තිය වලකා ගැනීමේ හැකියාව.

    ReplyDelete
  27. @Hasitha
    ඔබගේ ප්‍රකාශයේ යටි අරමුණ එක්කෝ ළඟදී විවාහ වන බව නැත්නම් ළඟදී දරු සම්පතක ලැබෙන බව ?

    ReplyDelete
  28. පේඔනියර් කියන්නේ යම්කිසි සමාගමකට තමන්ගේ ගණුදෙනු කරුවන්ට සන්තෝසම් වශයෙන් මුදල් දිය හැකි ආකාරයේ කාඩ් පත් නිකුත් කරන ආයතනයක්. එයට සමාන කාඩ්පත් දැනට ලංකාවේද නිකුත් වනවා. එයාර්ලංකා, නාලන්ද, රෝයල් වගේ ආයතන කාඩ් මධ්‍යස්ථාන සමග එක් වී තමන්ගේ ආයතනයට අනන්‍ය කාඩ් පත් නිකුත් කොට තිබෙනවා. ලොකු වෙනසක් නෑ. හැබැයි ඔබ කියන ක්‍රමය කළු සල්ලි නීත්‍යානුකූල බවට පත් කරන්න භාවිත කල හැකියි.

    ReplyDelete
  29. තව ටිකක් පෑදිලි කරලා දෙන්නකෝ සුදීකයියේ...
    තේරෙන්නෑ අප්පා..

    ReplyDelete
  30. @සුදීක

    http://www.hsbc.lk/1/2/hsbc.advance/products/credit-cards

    ඒ උනාට මල්ලි මේ ලින්ක් එකෙ තියන කාඩ් වර්ගෙට අය කිරීම් නැහැ. සප්ලිමෙන්ට්‍රි කාඩ් වලටත් අයකරන්නෙ නැහැ. ඒ මදිවට ගුවන් ටිකට් ගත්තම රක්ෂන නොමිලේ. පොල්ලෙං ගහනව වගේ මේකාලෙ සිරි ලන්කන් එයා ලයින් එක 15% වට්ටමකුත් දෙනවා

    ReplyDelete
  31. @සුදීක

    ඔය පොලී ගෙවන්ට වෙන්නෙ වෙලාවට මුලු මුදල නොගෙවුවොත් නේ. මම වගබලාගන්නවා වෙලාවට එය ගෙවා දමන්ට. කවදාවත් මුදල නම් අරන් නැහැ ක්‍රෙඩිට් කාඩ් පතෙන්. එහෙම ගත්ත මල්ලි කෙනෙක් වැල් පොලියට අහු උනා.

    නුවණින් සිහි බුද්ධියෙන් මේක පාවිච්චි කරනවානම් මේක සම්පතක්. නැතිනම් විනාශයක්

    ReplyDelete
  32. @ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.
    මට මේකෙන් තේරුම් යන්නේ ඔයාගේ ආර්ථික තත්වෙට කාඩ් එකක් අවශ්‍ය නෑ වගේ. මම මේ ගැන මගේ මිතුරන්ගෙන් අහල බැලුව. එවැනි කාඩ් පත් ඔවුන් ලබා දෙන්නේ ඔවුන්ගේ ප්‍රමුඛ බැංකු ගනුදෙනු කරුවන්ට. පසුව ඔන්ලයින් ඉල්ලුම් කරන්න දාල තිබුනත් ඔවුන් සලකා බැලීමෙන් අණතුරුව තමයි ගණුදෙනු කරුවාට කාඩ් පතක් ලබා දෙනවාද යන්න ඔවුන් තීරණය කරන්නේ. ඔය ලබා දෙන දේවල් ඔය කියන ගණුදෙනු කරුවන්ට දැනෙන්නති බව ඒ අය දන්නවා. ඒ වගේම තමයි ඔවුන්ට වැදගත් ගණුදෙනුකරුවන් වෙනත් බැංකු වෙත ආකර්ෂණය වීම වැලක්වීමට මේ උපක්‍රම යොදාගන්නවා වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  33. ණය පත් අරන් ඕනෙ එකයි එපා එකයි අරන් ණය කාරයා වෙලා මාසෙ අන්තිමට ගිණුම් වාර්තාව එද්දි ආතල් කෝටියයි. මටත් කාලයක් ඔය වැඩේ උනා... දැන් නම් එහෙම නෑ...

    ක්‍රෙඩිට් කාඩ් ගිණුම් විස්තරේ තියෙන මුද්දර ගාස්තු (Stamp Duty) කියන එකෙන් අදහස් වෙන්නෙ මොක්කද ?

    ReplyDelete
  34. @තරියා අබේ
    මොන කොටසද දැන් පැහැදිලි නැත්තේ.

    ReplyDelete
  35. @සිරාගෙ කාමරේ
    නය කාඩ් පත් වලින්ම ජීවිතේ ගෙනියන අයත් ඉන්නවා.
    රට තුල සිදුවන ඕනෑම මුදල් ගනුදෙනුවක් සඳහා රජයේ මුද්දර ගාස්තු අය කිරීම සාමාන්‍ය දෙයක්. කාඩ් මධ්‍යස්ථානය ඒ මුදල රජයට මාසිකව ගෙවිය යුතුයි.

    ReplyDelete
  36. කල්පනාවෙන් use කරොත් අවුලක් වෙන්නෙ නෑ, ඒවාගෙම හදිස්සියකදි Credit card එක මාර වටිනවා.ඒ වාගෙම හොද Discounts එහෙමත් සෙට් වෙනවා.Jetwing වල 50% හම්බ වුනා August වලදි,Hunnas falls එකේ full board දවස් 2 ක් 20,500/- යි, මාරයි.

    ReplyDelete
  37. @Ganesh
    ඔය offers වුනත් හොඳට කියවල බලල ගන්න ඕනේ. සමහර ඒවා ෆ්‍රී කියල ලොකුවට ගහනවා අයිනෙන් දානවා ෆ්‍රී තනි අයිටම් එකක් කියල. පස්සේ මාසික වාර්තාවේ අවාම තමයි දන්නේ.

    ReplyDelete
  38. මාත් දැං සෑහෙන කාලයක් තිස්සේ ඔය පොඩි කාඩ් කෑල්ලක් නං තියං ඉන්නවා.. පොලී වැදිල නැත්තෙත් නෑ..
    ඒත් මෙතන ප්‍රශ්ණෙ තියෙන්නේ මේ ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය හින්ද අපට ක්‍රය ශක්තිය වැඩි වෙනවා.. මේක හරියට පාලනයක් ඇතුව කරනවා නම් අපිට මේ කාඩ් සපයන ආයතන හරහා උපරිම ප්‍රයොජන ලබා ගන්න පුළුවං වෙනවා කියලයි මං හිතන්නේ..

    ReplyDelete
  39. @සුදීක //මට මේකෙන් තේරුම් යන්නේ ඔයාගේ ආර්ථික තත්වෙට කාඩ් එකක් අවශ්‍ය නෑ වගේ.//prejudice .............???

    prejudice ද මංදා..........හැබැයි අවකාසෙ කට්ටිය නමෙන් නොකිව්වට ඇනෝ හැටියට තැං තැං වල ලියන්නෙ ඔය prejudice නිසා තමා.......

    ReplyDelete
  40. අදයි ආවේ.. හිමීට කියවන්නම් ඔක්කොම..

    ReplyDelete
  41. @සුදීක

    ඉස්සරහට කිව්වේ ඉස්සරහටම තමා අයියා. අයියා කිව්ව කාරණා දෙකම වෙන්න තව අවුරුදු 6 ක් 7 ක් වත් යන්න ඕනේ :D

    ReplyDelete
  42. @රස්තියාදුකාරයාගේ දිනපොත
    ඔබේ අවශ්‍යතාවය හා ඔබේ ගෙවීමේ හැකියාව පිලිබඳ හොඳ අවුබෝදයක් ඇත්නම් ගැටලුවක් නැත.

    ReplyDelete
  43. @ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.
    මහැදුරු වරුන්ගේ පඩි පත ගැන ඇමති තුමා කිව්වහම මේ වගේ ඒවා නොලිය මොනවා ලියන්නද ? ඈ :)

    ReplyDelete
  44. @සරත් ලංකාප්‍රිය
    හොඳයි සලං මහත්මයා. දිගටම කියවන්න.

    ReplyDelete
  45. @Hasitha
    හා. හා. කොල්ලෝ කට පරිස්සම් කර ගනින්. කෙල්ලොත් මේක බලනවා නෙව. උන්ගේ හිත බිඳෙයි.

    ReplyDelete
  46. Financial charges kiyala kapenne monawada??

    ReplyDelete
  47. @Anonymous
    Financial Charges කියන වචනය මට හිතෙන විදියට යොදාගෙන තියෙන්නේ නීතිමය පදනමකින්. මොකද ඔබ විමසා සිටියොත් ඔබගේ පොලිය ආවේ කොහොමද කියල නීතිමය විදියට, ඔවුන්ට කියන්න පුළුවන් පොලිය අඩංගු වෙන්නේ Financial Charges ඇතුලේ කියල. මේක එක්තර විදියක වෙස් මුණක් :)

    ReplyDelete
  48. @සුදීක
    mage statement eke samahara masa wala "Financial Charges" kiyala ganak kapala thiyenawa. ekata 2000 wage kapenawa.Samahara masa wala ehema ekak kapala na.

    ReplyDelete
  49. මමත් HSBC කාඩ් එකක් තමයි පාවිච්චි කරන්නෙ... ඒකත් සල්ලි අරගෙන එහෙ මෙහෙ යන්න තියෙන කරදරය නිසා පාවිච්චි කරන එකක්... මාසෙ අන්තිමට ඔක්කොම ගෙවනව, ඒ නිසා පොලී නම් ගෙවල නැහැ මේ තාක් කාලයක්...
    පහුගිය ජූනි මාසෙ වගේ අලුත් කාඩ් එකක් ගෙදරට එවල තිබුන, එයාල මාස්ටර් කාඩ් වීසා කාඩ් වලට හරවනව, ඒක ෆ්‍රී කරන්නෙ, හේතුව එයාල මාස්ටර් කාඩ් නවත්තන්න යනව කියල... මාත් ඉතින් අලුත් කාඩ් එක activate කලා... ඊලඟ මාසෙ කාඩ් ස්ටේට්මන්ට් එකේ joining fee එකක් තිබිල, තාත්ත ඒක ගෙවල (මං ලංකාවෙ නැති නිසා තාත්ත තමයි බිල් ගෙවන්නෙ)... මට මෙහෙම ෆී එකක් ගෙව්ව කිව්වම, මං HSBC එකට ඊමේල් එකක් දැම්ම, මගෙන් මෙහෙම චාර්ජ් කරල තියෙනව, ඒක ආපහු දෙන්න කියල... දවස් 3ක් ගිහින් reply කලා, ඒක ආපහු දැම්ම කියල... මං බලන් ඉන්නෙ ඊලඟ ස්ටේට්මෙන්ට් එක එනකල්... :)

    ReplyDelete
  50. මම අදයි මේ ලිපිය දැක්කෙ. ගොඩක් ස්තුතියි වටිනා තොරතුරු වලට.
    මම නම් පෞද්ගලිකව කැමති නැහැ ක්‍රෙඩිට් කාඩ් ක්‍රමයට.තමන්ට ගැලපෙන විදියට වියදම් කරනව නම් ක්‍රෙඩිට් කාඩ් ඕන නෑ මට හිතෙන්නෙ(විශේශ අවස්ථාවක දි හැර).
    මට හිතෙන්නෙ ඩෙබිට් කාඩ් හොදයි කියල. HNB debit card එකේ international visa පහසුකමකුත් තියන නිසා මම ඒකට යොමුවුනා. :)

    ReplyDelete
  51. සුබ දවසක්,

    ඔබ මූල්ය දුෂ්කරතා ගැන කිසිම ආකාරයක ද? ඔබ ඔබේ ණය ඉවත් කිරීමට ණය මුදලක් ඔබට අවශ්ය ද? ඔබ ඔබේ මුදල් වැඩි කිරීමට යන්නේ? ඔබ ඔහුගේ / ඇයගේ සමාගම පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින ව්යාපාරික පුද්ගලයා වේ. මෙයින් ඔබේ ණය සඳහා සැබෑ වීරයා, විශ්වාසය හා කාර්යක්ෂම ණය ණය සමාගමක් සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මම අපේ ඉමහත් ප්රසාදයට සඳහා පුද්ගලයින් සහ ආණ්ඩුව යන දෙපාර්ශ්වය විසින් පිළිගත් සිටිමි.


    සේවාවන් ඇතුළත්:
    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාරික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * මුල් පිටුව වැඩිදියුණු
    * නව නිපැයුම්කරු ණය
    * වාහන ණය
    ආදිය ..

    easyloanfirm2020@gmail.com හරහා උනන්දුවක් නම්, නැවත අප වෙත ලබා දෙන්න,

    අපි සහතික,
    විශ්වාසනීය, විශ්වාසනීය, කාර්යක්ෂම, වේගවත් සහ ගතික.

    සම්බන්ධයෙන්,
    ඩෙරෙක් ඩග්ලස්
    easyloanfirm2020@gmail.com

    3% ලබාගත හැකි සහ සහතික ණය ඉදිරිපත්

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...