Monday, September 3, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 18 - ලීටර් 12 ඔටුවා

ඔටුවා කියන්න පුදුම පවක් ගෙවන සතෙක්. එහෙම හිතෙන්නේ මේ ලඟදි දැක්ක ඔටුවෙක් මරණ අරාබි වීඩියෝව දැකල පමණක් නොවෙයි. කාන්තාරයේ උපදින්න, අනිත් මිනිසුන්ගේ බර අදින්න. විශේෂයෙන්ම අරාබි කාරයෝ වගේ අණක්-ගුණක් නැති මිනිසුන් අතරේ ඉපදෙන්නේ එහෙමත් කරුමයක් කරපු කෙනෙක් තමයි. මේ ලඟදි දැක්ක ඔටු බුරියානි එකකුත් තනි ඔටුවෙක් රෝස කරලා දාල හදපු.  ඒ කතා කොයි හැටි වුනත් මේක කෙටිම කෙටි ලොල් කතාවක් නිසා වැඩිය අටුවා-ටීකා නැතුව ඇත්ත කතාන්දරය කියන්නම්.

ඔටුවා කියන්නේ කාන්තාර සත්වයෙක්. ඔටුවගේ විශේෂය තමයි සති ගානක් වතුර නැතිව ජීවත් වෙන්න පුළුවන් එක. බොහෝ දෙනෙක් උගේ පිටේ තියෙන මොල්ලියේ තියෙන්නේ වතුර කිව්වට, එකේ තියෙන්නේ තෙල් නිධියක්. තෙල් නිධියක් කියන්නේ අරාබියේ තියෙන තෙල් ලිඳක් නොවෙයි, අර කොලෙස්ටරෝල් වගේ ජාතිය. 

මගේ එක්තාර යාලුවෙක් බොහොම අමාරුවෙන් ඔටුවන් හතර පස් දෙනෙක් අතර වෙච්ච සකාච්චවක් පටිගත කර ගන්න සමත් වෙලා. දැන් අහන්න එපා ඔටුවෝ කතා කරන්නේ අරාබිද, සිංහලද, උර්දුද කියල. එහෙනම් ඊට කලින් අහන්න ඕනේ අර ආවේස වෙන අය දෙමළෙන් කතා කරන්නේ ඇයි කියල.  එක්තරා ඔටු යාඩ් එකක ඉන්න ඔටුවන්ගෙන් එක විශේෂ ඔටුවෙක් ඉන්නවා ඌට ලීටර් 12ක් වතුර බොන්න පුළුවන්.  මොකක්ද ගොඩක් වතුර බොන්න පුළුවන් එකේ වැදගත් කම ? ගොඩක් බොන්න පුළුවන් එකාට ගොඩක් දවස් කාන්තාරේ ඉන්න පුළුවන්. හරියට ගොඩක් පෙට්‍රල් ගහන්න පුළුවන් ටැංකියක් වගේ. ඉතිං එතන ඉන්න අනිත් කිසිම ඔටුවෙකුට ඒ කිට්ටුවට එන්න බොන්න බෑ. 12ක් ට්‍රයි කරන්න ගිහින් අනිත් ඔටුවෝ ඇනගත් වාර අනන්තයි. ඔක්කොම ඉන්නේ ලීටර් 6 සිට 10 දක්වා බොන අය. ඉතිං අර ඔටුවාට මාර ඉල්ලුමක් තියෙන්නේ. අයිතිකාරයාගේ කල්ල මරේ.  එකක් ඉවර වෙනකොට එකක් ටුවර්. අනිත් අයිතිකාරයන්ටත් මේකට හෙන මල. හැබැයි අර ලීටර් 12 ඔටුවගේ අයිති කාරය ඒ ඔටුවව බොහොම පරිස්සම් කරා.

සිංහලට පරිවර්තනය කල(බොහොම අමාරුවෙන් - ඔටු ඩික්ෂනරිය ආශ්‍රයෙන්) ඒ ඔටු සාකච්ඡාව මෙන්න.

ඩබල් මොල්ලියා(පළමු ඔටුවා) : මම මේ උඹගෙන් අහන්නම කියල හිටියේ මට බොන්න පුළුවන් ලීටර් 8යි, එතකොට කකුල් නොන්ඩියාට (තවත් ඔටුවෙක්) බොන්න පුළුවන් ලීටර් 7යි,  අර බෙල්ලේ මයිල්ට බොන්න පුළුවන් ලීටර් 10ක්, උඹ කොහොමද ලීටර් දොළහක් බොන්නේ ?

කල්දේරමා(ලීටර් 12 ඔටුවා) : අනේ බං ඩබලෝ, මම සසර කලකිරිලා ඉන්නේ, අපේ මේ අයිතිකාරය කරන නරුම වැඩේට, මටත් බොන්න පුළුවන් ලීටර් අටයි.

නොන්ඩියා(තෙවන ඔටුවා) : හෑක් ! මොකක් ? උඹටත් පුළුවන් අටයි, එතකොට උඹ කොහොමද ලීටර් අටක් බීලා සති දෙකක් ඉන්නේ ?

බෙල්ලේ මයිල් (සිව්වන ඔටුවා) : මට නිකමට හිතුනා, මේක උඹලගේ අයිතිකාරයාගේ ටොම් පචයක් කියල. අපිත් ඔටුවොනේ, ඔටුවෙක් කොහොමද ලීටර් 10කට වඩා වතුර බොන්නේ ? 

කල්දේරමා(ලීටර් 12 ඔටුවා) : නැ මචං, මම කිව්වේ සසර කල කිරිල ඉන්නේ කියල. අපේ අයිතිකාරයා ලීටර් 15ක් විතර ටැංකියට පුරවලා, මම බීගෙන බීගෙන ගිහින් ඇති වෙනකොට වගේ වෙලාවට, ගඩොල් කැට දෙකක් අරගෙන මගේ ඇ* දෙකට ගහනවා. එතකොට මට එක පාරටම හුඋහ්ක් (^%^&*$#) ගෑවෙනවා. එහෙම හුඋහ්ක් ගෑවුනාම තමයි ඉතුරු ලීටර් හතර ඇතුලට යන්නේ. දවස් ගානක්ම ඉස්පොල්ලෙත් ගියා.

අවවාදයයි : අවිවාහක කාන්තාවන්ට තේරුම් ගැනීමට අපහසු විය හැක.

පින්තුරය ගත්තේ : michaelweening.com 


29 comments:

  1. අප්පට සිරි.. ඒකත් හොද ක්‍රමයක් බලාගෙන ගියාම..

    ReplyDelete
  2. එතකොට එතැන ධාරිතාව ලීටර් 4ද? 8ද?

    ReplyDelete
  3. @චමී4යූ~chami4u : අර ඔටුවා දැන ගත්තොත් උඹව මරයි.

    @sAm (සෑම්) : වතුර ටික එතනටම යන්නේ නැතිව ඇති. මේකෙන් වෙන්නේ උදාර කුහර ඇකිලෙන එක වෙන්න්නැති.

    ReplyDelete
  4. @ළහිරු හිමේෂ් : හ්ම්, ඊළඟ පරම්පරාව.

    ReplyDelete
  5. ඔටුවන්ගේ දුර්වලකම
    එතකොට කසාද බැඳපු අය බේබද්දෝ වෙන්නෙත් ඔය සීන් එක හින්දද

    ReplyDelete
  6. තේරුනේ නැත.

    ReplyDelete
  7. මටත් ඉස්පොල්ලෙ ගියා හිනාවෙලා

    ReplyDelete
  8. @අවතාර් : ඔය කියන්නේ බාර් එකේ ගඩොල් තියෙනවා කියලද, නැත්නම් නෝනා ගඩොල් තියාගෙන ඉන්නවා කියලද ?

    @ඇනෝ : වයස/ස්ත්‍රී-පුරුෂ භාවය/පළාත ? (A/S/L)

    ReplyDelete
  9. නරක නෑ ක්‍රමේ!

    ReplyDelete
  10. @Loku John : වතුර බොන ගමන්ද බැලුවේ ? (කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුණා)

    @රාජ් : බලාගෙන වයිෆ්ට දැන ගන්න තියන්න එපා.

    ReplyDelete
  11. හිකෑස්...
    ඔටුවා පව් ඈ...

    ReplyDelete
  12. පස්ට ලොල් කථාවක් නොවැ මේක... කියවද්දි මගෙත් ඇ_ උල් වුනා වගේ වුනා... ක්‍රිකට් ගහන කාලෙ බෝලෙ වැදිලා නැද්ද... කොහොමද එතකොට දැනෙන සනීපෙ... යූ ටියුබ් එකේ තියෙනවා වසීම් අක්රම් අපේ මහානාම අයියගෙ ඇ_ උල් වෙන්න දාපු බෝලයක්...ඒක දකිනකොට අපෙත් රිදෙනවා වගේ... මෙන්න මෙතනින් බලන්න.
    http://www.youtube.com/watch?v=r0UkzDtBZlw

    ReplyDelete
  13. අපේ අයටත් ඔයිට සමාන දෙවල් කළා,...අපිත් එතකොට ඔටුවො ද ...!?

    ReplyDelete
  14. @තරියා : ගඩොල් දෙක ගන්නකොටම ඌට වතුර හිර වෙනවා ඇති.

    @ඉන්ද්‍රජිත්: මේක ලොල් කතාවක් නෙව.

    @සිරා : අර කලින් පින්තූරේ අන්කල් කෙනෙක් වගේ පෙන හින්දද මෙහෙම දැම්මේ? එක පාරට හොයා ගන්න බැරි වුනා. අපොයි මොකද නැත්තේ ක්‍රිකට්,පාපන්දු දෙකම ගහද්දි වැදිලා තියෙනව. තරු පේනවා කියන්නේ, හක්ක පසාරු කරගෙන යන්නේ. ඒ වෙලාවට හොඳට හුස්මක් අල්ලාගෙන පහලට නැවෙන්න ඕනේ.

    @සුමිත් : පුෂි කරනවා කියන්නෙත් මේ වගේ වැඩක් නේද ? ඔටුවෝ නෙවෙයි වටුවෝ. වටු කුරුල්ලන්ගේ කතාව දන්නවනේ.

    ReplyDelete
  15. සෑ මට වැටහුනෙත් නෑ නෙව :(

    ReplyDelete
  16. @පුබුදු : අර සපෝර්ට් මීට් වල ආරම්බය දෙන්නේ ලී මෙවලමකින්. අන්න ඒ වගේ ගඩොල් දෙකෙන් තමයි මේ ආරම්බය දීල තියෙන්නේ.

    ReplyDelete
  17. අන්කල් කෙනෙක් වගේද පෙනුනෙ... ඒ උනාට තරුණ ගෑණු ළමයි අන්කල් කියන්නෙ ඔහේට නේද ? හි හි

    කාලීන වෙනසක් කලේ....ටොයිලට් මාක් එක ගැහුවෙ....

    ReplyDelete
  18. @සිරා: ඔව් ඔව් මට අන්කල් කිව්වා හිරු හිමාවී කෙල්ල, මොනවා කරන්නද ? ඕක ලෝක ස්වාභාවේ.

    වෙනස් වීම හොඳ දෙයක්.

    ReplyDelete
  19. මාත් මේ අහන්නමයි හිටියේ අයි බං හිරුවා බොට අංකල් කියන්නේ..

    ReplyDelete
  20. චමී4යූ~chami4u : කෙල්ලගේ ආසාවනේ. සමහරවිට මටත් දුවක් ඉන්න නිසා වෙන්න්නැති.

    ReplyDelete
  21. අයියෝ ඔටුවගේ ..ට දෙක ...

    ReplyDelete
  22. කතාව නම් ලොල් ගණයට දාන්න පුළුවන් :)

    ReplyDelete
  23. @රොබින් : උන් ඒවා කනවලු.

    @නිශාන් : කොහොමද අලුත් ජොබ් එක ? ලොල්

    ReplyDelete
  24. එතකොට අපි ඔටුවො නෙමෙයිද?

    ReplyDelete
  25. මචං ඇත්තමයි කලිනුත් බැලුවා මට තේරැන් නැ

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...