මේ සාහිත්‍ය මාසයයි. දැන් අවුරුදු කීපයක සෑම වරසකම සැප්තැම්බර් මාසය කේන්ද්‍ර කොට ගනිමින් "කොළඹ පොත් ප්‍රදර්ශනය" නමින් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ විශාල පොත් ප්‍රදර්ශනයක් පවත්වයි. මෙහිදී සියලුම පොත් ප්‍රකාශකයන් තමන් සතු සියලුම අලුත්/පරණ පොත් තොග මෙම ස්ථානයේ ගෙනවිත් ගොඩ ගසයි. මෙය නැරඹීමට අතුරු සිදුරු නැතිව සෙනගද එයි. මීට සමගාමීව පොත් ලියන්නන් ඇගයීම සඳහා සම්මාන උළෙලක්ද පවත්වයි. පසුගිය දෙවසරක සිට මාද මේ පොත් ප්‍රදර්ශනයේ නරඹන්නෙකු හා මිලදී ගන්නෙකු බවට පත් විය. ඇත්තටම මේ පොත් ප්‍රදර්ශනය නැරඹීම දැන් විලාසිතාවක් බවට පත් වී අත.
"අපි ඊයේ ගියානේ පොත් ප්‍රදර්ශනේ බලන්න BMICH. හරියට සෙනග අනේ, කා ඒක පාර්ක් කර ගත්තෙත් හරි අමාරුවෙන්"
"අපෝ පිස්සු හැදෙනවා අපි දෙන්නයි පොඩි දෙන්නයි එලියට ආවේ මාර සටනක් දීල, හස්බන්ඩ් ගත්ත පොත් තොගේ ගෙනියන්න ලොරියක් ඕනේ. එය හරියට කියවනවා මෙයා"
"ටිකක් රෑ වෙලා ගියොත් නම් සෙනග අඩුයි"
මේ අපේ කාර්යාලයේ පසුගිය වසරක පොත් ප්‍රදර්ශනයට පසුව අසන්නට ලැබුණු සංවාදයකි. මා ඉහතින් කී වාක්‍යා වඩ-වඩාත් නිවැරදි බවට පසක් කරවන්නට මේ සංවාදය සමත් වන්නේ බොහෝ දෙනා එහි යන්නේ පොත් පිලිබඳ හෝ කියවීම පිලිබඳ දක්වන ඇල්ම හෝ කෑදර කමට නොව, ශ්‍රී ලාංකිකයන් කොයි දේටත් දක්වන තරඟකාරීත්වය නිසා බව පැහැදිලි වන නිසාය. නැත්නම් රැල්ලයි, කව්රුත් යන නිසා කැපෙන්නට බැරි නිසා යාමයි. කොල්ලන් මෙහි යන්නේ ගෙවල් වලට හිර වී සිටි කෙල්ලන් එලියට බහින විරල කාලපරිච්චේදයක් වන නිසාය. එක්-එක් අයට එක්-එක් බලාපොරොත්තු ඇත. එහි ඒ තරම් අරුමයක් නැත. අද කොල්ලන් පන්සල් යන්නේ කෙල්ලන් දකින්නය. කෙල්ලන්ගේද වැඩි වෙනසක් නැත. පසුගිය වසර වල පවත්වන ලද පොත් ප්‍රදර්ශන හෝ සාහිත්‍ය උළෙලවල් නිසා නැත්නම් සාහිත්‍ය මාසය නිසා සිරිලක ජනතාවගේ රසඥතාව වර්ධනය වුවා යයි කාටවත් කිව හැකිද ? මගේ විශ්වාසය නම් කියවන්නෝ කියවති, නැත්තෝ ඔහේ දේශනා කරති.
කියවීම පමණක්ම ප්‍රමාණවත්ද ?
ඔබ මැක්සිම් ගෝර්කිගේ "අම්මා" කියව ඇත්දැයි ප්‍රශ්ණ කළහොත් 80% දෙනා එය කියවා ඇති බවට සහතික කරයි. එහි එන චරිත මොනවාදැයි ඔබ අසා සිටියහොත් එයට හරි උත්තරය දෙන්නට සමත් වන කී දෙනෙක් ඇත්ද ? එම කතාවෙන් කියවෙන්නේ කුමක්දැයි ඇසුවහොත් පිළිතුරු දෙන්නට සමත් කී දෙනෙක් වෙත්ද? ඔබ කියවුයේ එහි කීවන මුද්‍රණය දැයි ඇසූවොත් දෙදෙනෙක් වත් පිළිතුරු දෙයිද? ඔබට එම පොත ලැබුනේ කෙසේදැයි ප්‍රශ්ණ කළහොත් එයට උත්තර දන්නේ කීයෙන් කී දෙනාද? හොඳයි ඔය කියන ප්‍රශ්ණ ටික ඔබ ඔබෙන්ම අසා බලන්න, මමද මගෙන් අසා බැලීමි. මටද මෙහි ගොඩාක් ප්‍රශ්ණ වලට පිළිතුරු නැත. නමුත් ශාරුක් කාන්ගේ වයස කීයද ? ඔහු රඟපෑ ඇති චිත්‍රපටි ගණන කීයද ? ඔහුට ළමයි කී දෙනෙක් ඇත්ද? ඔහු අහවල් ෆිල්ම් එකේ රඟපෑ චරිතක්ය කුමද ? ඔහුට ෆිල්ම්ෆෙයාර් සම්මාන කීයක් ලැබී ඇත්දැයි මේ අයගෙන්ම ප්‍රශ්ණ කළහොත් හරි අපුරුවට උත්තර දෙනු ඇත.
එසේ වීමට හේතුව කුමක්ද ?
කෙටියෙන් පිළිතුරක් දෙනවානම් මනුෂ්‍ය ස්වභාවයයි. ඔබගේ මතකය පොදුවේ භාවිතාවට ඇති පරිඝණකයක හාර්ඩ් ඩිස්ක් එකකට සමාන යයි මා පැවසුවොත් ඔබ මා සමග උරණ වණු ඇත. පොදුවේ භාවිතා කරන පරිඝණකයක ලෝකයේ තිබෙන සියලුම මෘදුකාංගද, බාගත කරන ලද පින්තූර, වෙනත් වයිරස් අඩංගු මෘදුකාංග සහ මෙකී නොකී සියලුම වර්ග වලට අයිති දේ වලින් පුරවා ඇත. ඒත් මේ තිබෙන දේ වලින් ඔබ ප්‍රයෝජනයක් ගන්නවාද?, එක් වතාවක් භාවිතා කල දෙයක් නැවත ප්‍රයෝජනයට ගන්නවද? එහි තිබෙන දේවල් නිසි කළමනාකරණයකින් භාවිතා නොවේ. එයට බොහෝ දේ පිරවීමට අය උන්නත් අනවශ්‍ය දෑ ඉවත් කරන්නට කිසිවෙකු නැත. ඒ කාරණය නිසාම අත්‍ය අවශ්‍ය දෙයක්වත් ඇතුලත් කර ගැනීමට වත් ඉඩක් නැත. ඔබේ මතකයද හර්ඩ් ඩිස්ක් එකක මෙන් සීමාසහිත ඉඩ කඩක් පවතී. එය අනවශ්‍ය වල් පල වලින් පුරවා ඇත්නම්, ඔබට අත්‍ය අවශ්‍ය දෙයක්වත් ඇතුලත් කරගැනීමට ඉඩ කඩ නැත. හාර්ඩ් ඩිස්ක් එකකට වරක් ඇතුලත් කරන ලද දේ නැති වන්නේ කලාතුරකින් වුවත්, ඔබේ මොළයේ මුලින් ඇතුලත් කලදේ කාලයත් සමග ඉන් ඉවත් වේ. අවාසනාවකට ඉන් ඉවත් වන්නේ වැදගත් දේමය. ඔබට කියවූ පොත් වල ඇති දේ අමතක වන්නේ එනිසාය. අනෙක් අතට ඔබේ මතකයේ රඳවාගෙන තිබෙන දේ ඉතා ආකර්ශනීය ලෙස ඔබන ලද දේවල්ය. උදාහරණයකට හින්දි චිත්‍රපටයක එන දේ වර්ණවත්ව ඔබේ මතකයේ ලියා ඇත්තේ ගලේ කෙටූ අකුරු මෙනි. එහෙත් ඔබ පොතක්, සඟරාවක් කියවද්දී ඔබේ හිතේ මැවෙන චිත්‍රය එය කෙතරම් කාලයක් රඳා පවතීද යන්න තීරණය කරයි.
මගේ කියවීම
2010 වසරේදී පමණක් මා රුපියල් පන්දාහක පොත් මිලදී ගන්නා ලද අතර ඉන් කිහිපය හැර අනෙකුත් ඒවා තාම කියවා නැත. එක පොතක් රුපියල් පන්සීයක් වුවහොත් මා අවම වශයෙන් පොත් 10ක් මිලදී ගෙන ඇත. ඒත් තවම කියවා ඇත්තේ පොත් දෙකක් හෝ තුනකි. මිලදී ගත මුල් දින කීපයේදී ඉතා උනන්දුවෙන් කියවාගෙන ගියත් පසුව ඒ උනන්දුව හීන වන්නේ ඇයිදැයි මා මගෙන්ම ප්‍රශ්ණ කරගත් වාර අනන්තය. එහෙත් පසුගිය අවුරුද්දේද මා මෙම පොත් තොගයට අලුතෙන් තවත් පොත් ගොන්නක් එකතු කරන ලද අතර ඉන් කිහිපයක් පමණක් කියවා අවසන් කර ඇත. මෙය මට පමණක් විශේෂ තත්වයක් නොවේ.
හේතුව කුමක්ද ?
මෑත දිනකදී මගේ මතකය කුඩා කල අපගේ කියවීම් වෙත ඇදගෙන ගියේ නව බ්ලොග් පොස්ට් එකක් ලියන අතරතුරදීය. කුඩා කාලයේ කඩයකින් ගෙන එන කඩදාසි ගොට්ට ලිහා කියවීමේ විනෝදාංශයක් අප අතර විය. ඒ ආකාරයෙන්ම කිසියම් මුද්‍රණයක් තිබෙන ඕනෑම කඩදාසි කවරයක් ගැලව බැලීමද අපගේතවත් පුරුද්දකි. අපට එකල තිබු එකම සන්නිවේදන හෝ සාහිත්‍ය මාධ්‍ය වුයේ කියවීමය. එහෙත් මුද්‍රිත මාධ්‍ය කියවීම හැරෙන්නට වෙනත් විකල්පයක් අප සතුව නොවිනි. එකල නොමිලයේ ලබා දෙන පාසල් පොත් නිවාඩු කාලය අවසන් වන්නට මත්තෙන් කියවා නිම කිරීම මගේ පුරුද්දය. මීට අමතරව නිවාස අසල පත්තර බෙදා හරින ඒජන්සියට ගොස් එහි තිබෙන බහුතරක් පත්තර කියවන්නට ඇබ්බැහි වී සිටියා මට මතකය. ඇත්තටම මේ ආභාෂය මට ලැබුනේ මගේ පියාගෙනි. බොහෝ දිනවල පියාත් මමත් දෙදෙනාම මේ පත්තර බැලිල්ලට යන්නේ එකටය. පසුව පුස්තකාල වල පොත්ද. මිතුරන්ගේ නිවසේ තිබෙන පොත්ද කියවීමට අවස්ථාව ලැබිණි.
එකල අපගේ ජනප්‍රියම පත්තර වූවේ චිත්‍රකතා පත්තරය. සිත්තර, සතුට (පසුව මධුර) පත්තර දෙක නිති පතා ගන්නා ගෙවල් වලට ගොස ඉන් කොටසක් ඉල්ලගෙන කියවන්නට අප දින ගැන ගැන උන් ආකාරය තවමත් සිහි වේ. සමහර විට මේවා බලන්නට ගොස් අඩ්දබර ඇති වන අවස්ථාද විය. කුඩා කල මා මේ පත්තර වලට කෙතරම් ඇබ්බැහි වී සිටියද කියන්නට මා එකල මුහුණ දුන් ඇබැද්දියක් කදිමට සාක්ෂි සපයයි
එදා අපේ ගෙදරට ඉදිරපස නිවසේ බණක් කියන දිනයකි. එයට වැඩම කර තිබුණේ ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ බෙන්තොට උඩ කොටුව විහාරයේ විහාරාධිපති බෙන්තොට සෝමසිරි හිමියන්ය. බණ අතර ඇති ගිලන්පස විවේකයේදී උන් වහන්සේ ගිලන්පස ගන්නා අතර සාක්කුවේ තිබු සිත්තර පත්තර කැල්ල අතට ගෙන කියවන්නට පටන් ගතිමි. මෙය දුටු සෝමසිරි ස්වාමීන් වහන්සේ මට අමතක නොවන දේශනාවක් කරන ලදී.
"ඉස්කෝලේ මහත්තයාගේ පුතා, ඔය චිත්‍ර කතා කියවිල්ල නම් එච්චර හොඳ එකක් නෙවයි. මම දැක්ක දවස් කීපයක්ම අපේ සාමණේර හාමුදුර්වන්ගෙන් පත්තර ඉල්ලගෙන යනවා. ඕවාට ඇබ්බැහි වුන අය අධ්‍යාපනේ කඩාකප්පල් කර ගත්ත. මම මේ වගේ දුන්න අවවාද පිළිපැද්දේ නැති කීප දෙනෙක්ම දැන් නොමග ගිහින් තියෙනවා. ඒ නිසා අඩ ඉඳල ඔය පත්තර බැලිල්ල නැත කරන්න ඕනා. මට පෙන්න ආයේ පන්සල පැත්තේ එනවා එහෙම නෙවෙයි ඔය චිත්‍රකතා පත්තර ගෙනියන්න". [එතකොට සාමණේර කට්ටියට මේවා හොඳයි. :p]
ඇයි මෙහෙම වුනේ ?
හොඳයි දැන් අපට කියවීම මේ හැටි එපා වන්නට හේතු සොයා බලමු. ඇත්තටම අපට කියවීම එපා වී නැත. තිබෙන ප්‍රශ්ණය කියවීමට කාලයක් නැති වීම හා කියවන්නට තිබෙන දේ බහුල වීමයි. කාලය නොමැති වී තිබෙන්නේ අපට කරන්න තිබෙන වෙනත් කටයුතු නිසාය. අප දවසේ වැඩිපුරම කාලය ගෙවා දමන්නේ රූපවාහිනිය සහ අන්තර්ජාලය ඉදිරියේය. ඇත්තටම අන්තර්ජාලය යනු සියළු දේ එකතැන් වූ කප්රුකක් වැනි තැනක්ය. එයටකප්රුකක් යයි කීම ගැලපෙන්නේ නැත. කුණු ගොඩක් යයි කීම වඩාත් ගැලපේ. මෙය අවශ්‍ය දේ හා අනවශ්‍ය සියළු දේ ඇත. කියවන්න අවශ්‍ය ඕනෑම දෙයක්. සමහර පොත් පවා අන්තර්ජාලය සපයයි. ඉතින් කුමකටද මුද්‍රිත මාධ්‍යක් ?
අනෙක තිබෙන පත්තර ප්‍රමාණය, සඟරා, නොමිලයේ ලබා දෙන පත්‍රිකා, අතිරේක එක සතියකදී අපගේ නිවසේ කොතරම ගොඩගසේනවාද ? එක් සති අන්තයක මිලදී ගන්නා පත්තර මාසයක් පමණ කියවන්නට ප්‍රමාණවත්ය. එසේනම තිබෙන සම්පත් ප්‍රමාණයේ අතිරික්තය මේ ගැටලුවට ප්‍රධාන හේතුව බව දැන් පැහැදිලිය. ඇත්තටම අප අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ ගොඩ ගසා ගන්නා නිසා කියවන්නට වෙන් කරන කාලය වැදගත් යමක් වෙනුවෙන් මිඩංගු කිරීමට නොහැක්කේද මේ "කුණු අතිරික්තය" නිසාය. අප බ්ලොග් කියවීමට ඇබ්බැහි වී තිබෙන්නේද එයට ලඟා වීමේ පහසුව හා සමහර පත්තර ලිපි වලට වඩා ඒවා සාරවත් මෙන්ම සරල ඒවා බැවිනි. අනෙක දැන් ජංගම දුරකථනයේ සිට අයිපෑඩ්ය දක්වා සියලුම උපකරණ කියවීමේ මධ්‍යා බවට පත් වී ඇත. කෙටි පණිවුඩ මගින්ද සියලුම ප්‍රවෘති ඔබ වෙත ලඟා වේ. මේවා කියවා හෙම්බත් වූ පසු වැදගත් දෙයක් කියවීමට හිත එකලස් කර ගැනීමට නොහැක. මන්ද මේ වනවිටත් ඔබගේ මොලය මෙකී-නොකී ආරළු-බුරළු වලින් හෙම්බත් වී හමාර බැවිනි.
පොත් පත් කෙතරම් මිලදී ගත්තද, ඒවා කියවන්නට වෙලාවක් නැත්නම් ඇති පළේ කුමක්ද ? අවම වශයෙන් මසකට ඒක පොතක් වත් කියවන්න හැකි නම් කෙතරම් අගනේද ? අප නැවතත් කැරකී ආ යුත්තේ මෙතනට නොවේද? එසේනම බ්ලොග් කියවන ඔබ සැමගෙන් මා ඉල්ලන්නේ සාරවත් යමක් කියවන්නට කාලයක් වෙන් කර ගන්නා ලෙසයි. ඔබේ දරුවා පොත් පත් කියවන්නට යොමු කරවන්න. එය යහපත් හෙට දවසක් වෙනුවෙන් කරනා ආයෝජනයක් වනු ඇත.
පින්තුරය ගත්තේ : http://www.freyawest.com

බොහෝ කරුණු වලට එකඟ නොවෙමි.
ReplyDelete1. මමත් මගේ පුතා සමග පසුගිය අවුරුදු කීපයේදීම පොත් ප්‍රදර්ශනයට ගිය අතර බොහෝ විට රුපියල් 5000 ක පමන පොත් පුතා විසින්ද, රුපියල් 3000 ක පමණ පොත් මා විසින්ද මිලදී ගනිමි. අප දෙදෙනාට ඉතා නරක පුරුක්දක් වූ රෑට ඇදට වී පැයක්, දෙකක් කියවීමේ පුරද්ද ඇති බැවින් බොහෝවිට මේ පොත් මාස දෙකක් තුනක් ඇතුලත කියව ඉවරවෙ.
2. පාසල් කාලයේ කියවූ පොත් වල චරිත මතක නැතිබව පිළිගන්න අතර, පහුගිය කාලයේ කියවූ පොත් වල චරිත හොදින් මතක තිබේ. නමුත් කියවා ඇති බොහෝ පොත් වල කතා සාරාංශය මතක ඇත. (හොඳම උදාහරණය අපේ "නර්මදා")
3. මීට අමතරව හැම සිකුරාදාම අලුත් පොතක් මිලදී ගැනීමේ පුරුද්ද අපේ පුතාට ඇත.
මෙය අපේ යහළුවන් කිහිප දෙනෙකුට පොදු බැවින් (නර්මදා, ධම්මික, ප්‍රියන්ති, හර්ෂ, අර්ජුන, අජිත් ආදීන්) ඔබගේ "පොදුවේ" කියන කතාව පිළිගත නොහැක.
ප්‍රසාද්
@ප්‍රසාද් : කුමක් හෝ එක් මාතෘකාවක් ඔස්සේ (නවකතා) කියවීම කරනවා නම් ඇබ්බැහියට එසේ කරගෙන යාම සාමාන්‍යයි. මගේ පාසලේ ජෙෂ්ටයකු වන ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී රංජන් පරණවිතාන මහතා සමග මම වරක් කියවීම/නැරබීම කෙසේ කල යුතු දැයි සාකච්චා කලෙමි. ඔහු පවසා සිටියේ අවම වශයෙන් සාහිත්‍ය, ප්‍රවෘත්ති, විද්‍යා, ක්‍රීඩා යන අංශ වලින් වත් කියවීම/නැරඹීම කලයුතු බවයි. ඔබගේ පුතාගේ පුරුද්ද අසා මවිතයට පත් වීමි. අපගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් සමස්ථ සමාජය පිලිබඳ තීරණයකට එළඹෙන්න බෑ නේද?
ReplyDeleteපොත්වල ගණන් හැටියට සතියකට පොතක් ගන්නවා කිව්වාම මට නම් මොකක්ද වගේ?
ReplyDeleteමමත් පොත් කියෙව්වා.. ඒත් බ්ලොග් පටන්ගනීමත් එක්ක නම් පොත් කියවීම මහා කම්මලි දෙයක් වෙලා.. බ්ලොග් එක කෙටියි වගේම සරලයි.. ඒ මදිවාට කතෘගෙන් එවලෙම ප්‍රශ්න අහන්නත් අපේ අදහස ප්‍රකාශ කරන්නත් පුලුවන්නෙ..
@හරි : අනිත් ඒක තමයි තමන්ගේ හිතට එන දේ ලියන්න අවස්තාවක් ලැබෙන එක.
ReplyDeleteලොක්කා මම නම් ඔය මැස්කිම් උන්නැහේගේ අම්මා පොත කියවා නැත අපෝ එක හෙන තඩි කම්මැලි එකක් නේව ඒ මගේ රුචියේ හැටිය එක එකාගේ රුචිය විවිධාකාරය එකට කම් නැත අර අම්පාර ගලහිටියාගොඩ පාසැලට පොත් දෙන වැඩසටහනට පොතක් දිපං මචන් ඒ හොඳටම ඇති ස්තුතී http://cyberfestival.blogspot.com/2012/08/2012.html
ReplyDeleteහ්ම්ම්..ඔබ කියන දේ ඇත්තම ඇත්ත.
ReplyDeleteඅගනා ලිපියක්!
ජය!
@Raj : දෙනවා අනිවාර්යෙන්ම. උඹගේ අතටම දෙන්නම්කො. :D. පුළුවන් වුනොත් එන්නත් බලන්නම්.
ReplyDelete@හිරුහිමාවී : බොහොම ස්තුතියි.
මම නම් මහා බරසාර පොත් වලට කැමති නෑ .. ඉස්කෝලේ පොත් ප්‍රදර්ශනයක් තිබුනාම ඉස්සර මම තමා වැඩියෙන්ම පොත් අරගත්තේ . ඒකටත් එක්ක දැන් පොතක් තියා පත්තරයක් වත් ගන්න හිත දෙන්නේ නෑ .. ඕනෙ එකක් කියලා ආයේ බ්ලොග් කියවන්න ආවා ..
ReplyDeleteමම නම් වැඩි හරියක් කියවන්නේ නෙට් එකෙන්ම තමයි. ඉස්සරනම් පුස්තකලෙකින් අරගෙන කියෙව්වා ...
ReplyDeleteඅම්මා " කථාවේ නම් මතක තියාගන්න එකනම් මට පොත කියවන අතරෙත් තිබුණු ලොකුම ගැටළුවක් උනා.. මොකද ඔක්කොම නම් ඒක සමානයි ඒ වගේම හරි අමුතු මතක නොහිටිනා නම්නෙ..
හොද පැහැදිලි කිරීමක්..
ජය ___
@ raj,
ReplyDeleteඅම්මා කතාව නම් මටත් මෙලෝ රහක් නෑ.. හැබැයි නම් ගම් කතාව නම් මතකයි..
පොත් වල ගනං හැටියට දැං පොතක් කියවන එකත් ලේසි වැඩක් නෙමේ...
ReplyDeleteහැබැයි මමනං පොතක් ගත්තොත් කියවලා මිසක් නිකං ඉන්නෑ...
හරවත් පෝස්ටුවක්... මමද සිරිලංකාවේ ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතකට සම්බන්ධය... ඉදිරි අනාගතයේ කඩදාසියේ මුද්‍රණය කර ඔබ අතට එන පත්තරය වෙනුවට ඊ පුවත්පත් ඒ කාරිය කරනු ඇත. ඔබේ දුරබණුවෙන් හෝ අතේ ඇති ටැබ් එකෙන් ඔබ දිනපතා පුවත් කියවනු ඇත.
ReplyDeleteඔය කියන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ එක් වසරක ඇතුල්වීමේ සිට පිටවීම දක්වා පුවරු නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුනා....
මමද පාසල් කාලයේ සෑහෙන්න කියවපු චරිතයක්... ඒ මතකයන් තවමත් තියෙනවා... එහෙත් අද පරපුර කාඩ්බෝඩ් වීරයන් අනුගමනය කරනු මිස කියවීමට එතරම් ලැදි නැති බවයි මගේ වැටහීම.
වටිනා ලිපියක්...
ReplyDelete@සඳරු : පොත බලන්න කලින්ම එහි පිටු ගණනට හෝ කතෘ තුමාගේ නමට බිය විය යුතු නෑ. මමත් පිලි ගන්නවා බොහෝ රුසියන් පොත් වල තියෙන නම් ටිකක් බරසාරයි කියල. මම ඒ වගේ වෙලාවට කරන්නේ මටම ආවේනික නම් වලින් කියවීම. ඕනෑම පොතක් කියවද්දී ඒ පොතට පාදක වෙච්ච ප්‍රදේශය ගැන දැනුමක් තියෙනවනම් පහසුයි. අපට තියෙන ප්‍රශ්නේ අපි ඔය රුසියාව තියා ලන්කාවවත් හරියට දන්නැති කම. ඔයාගේ රැජින පත්තරේට ලියපු ලිපියක් කියවන්න ලැබුණා අහම්බෙන්.
ReplyDeleteමටත් සමහර පොත් මාතකදි කියෙව්වත් මතක හිටින්නේ නෑ. ඒත් සමහර පොත් පුංචි කාලේ බලපුවත් තාම මතකයි...
ReplyDeleteඔයා පොත් ගුල්ලෙක් නෙවෙයි. පොත් ප්‍රදර්ෂකයෙක්. :) :) :)
ReplyDeleteමම පොත් කියවන්න බොහෝම ලැදියාවක් දක්වන කෙනෙක්. " අම්මා " පොත මොනතරම් හොඳ පොතක් උනත්, එහි තිබෙන ගැඹුරු බව හන්දාම සමහර අයට ඒක තේරුම් ගන්න අමාරුයි. උදා : " ගුරු ගෙදර පොත. ඒකේ තියෙන චරිත කාටද අමතක ? කවුද ඒ චරිත වලට ආස නැත්තේ ?
ReplyDeleteඅන්න ඒ වගේ. පොතක් උනත් තියෙන්න ඕනෙ සරළව...( බොළඳව නෙමේ ) සරළව තිබ්බාම කියවන්න ආස හිතෙනවා වගේම රස විඳින්න මනස දිග හැරෙනවා...පොතකින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා නේද ?
මට නම් පොත් ගන්න එකේ සීමාවක් නෑ. හැබැයි දැන් පොත් ගැනිල්ලත් ලේසි නෑ. මාර ගණන්නෙ
ගෝර්කිගේ අම්මා නිදසුනට ගෙන පොත්වල නම් ගම් මතක තබා ගැනීම පිළිබදව දක්වා ඇති උදාහරණය ටිකක් විතර දුර්වල බව මගේ හැගීමයි. මමද එම කෘතිය කියවා ඇති නමුත් ඔබ කියූ පරිදිම එහි වග වාසගම් මතකයෙන් බොහෝ දුරස් ය ..එයට හේතුව වන්නේ ගෝර්කිගේ වෙනත් කෘතීන්ට සාපේක්ෂව අම්මා නීරස කෘතියක් වීමයි. විශේෂයෙන්ම එය පියදාස සිරිසේන පන්නයේ ප්‍රචාරකවාදී කෘතියකි. අනෙක් අතට ගෝර්කි අති දක්ෂ කෙටිකතාකරුවෙක් මිස නවකතා රචකයෙක් නොවන බැව් මාගේ හැගීමයි. ඔහුගේ චෙල්කාශ්, විසිහය දෙනෙක් සහ තරුනියක්, ඉසේර්ගීල් මැහැල්ල, පර්මාවේ ළමයි ආදී විශිෂ්ට, ඒ තරමටම රසවත් කෙටිකතා තවමත් මාගේ මතකයේ රැදී පවතියි. අනෙක් අතට රුසියානු වාසගම් දිගු මතක තබා ගැනීමට අපහසු ඒවා වුවත් ඇතැම් සෝවියට් චරිත මතකයෙන් පසුවෙන් මැකී නොයන තරමට සිහියේ තිබේ ..ගුරු ගීතයේ අල්තීනායි මෙන්ම දුයිෂෙන්, ආර්. කුස්නෙට්සොව් ගේ ග්‍රහ ලෝකයක විනාශය කෘතියේ අවේ කුජ, මදා ගුරු, ගිරි පටවි, ජමීල කෘතියේ ජමීලා සහ දනියාර් ,,බොරිස් ප්ලෙවොයි ගේ සැබෑ මිනිස්කුගේ කතාවේ ඇලෙක්සි පෙෂ්කොව් සහ තවත් බොහෝ චරිත එම සාහිත්‍ය කෘතීන් පරිශීලනය කළ වුන්ගේ මතකයෙන් පහසුවෙන් මැකී නොයන චරිත බව මාගේ විශ්වාසයයි.
ReplyDeleteඅමතක වුනා කියන්න ,,ඔබේ පෝස්ටුවත් ඉතාම කාලෝචිත වටිනා එකක්. ජය...
ReplyDelete@චමී : අපි නියෝජනය කරන යුගය හොඳයි. අපි පොත් පත්තර කියවා පසුව ඉලෙක්ට්‍රොනික් මාර්ගයෙන් කියවන්නන් වුනේ. ඒත් අපේ දරුවන් කෙලින්ම ඉලෙක්ට්‍රොනික් මාධ්‍යය තුල වල්මත් වෙනවා.
ReplyDelete@අබේ : එක පොතක් ගත්තොත් නම් කියවනවා. උදාහරණයකට කතන්දර හඳුන්වාදීපු එළියකන්ද සිර කඳවුර මා ඉතා උනන්දුවෙන් කියෙව්වා. ඒත් පොත් ප්‍රදර්ශනයේදී වුනේ යකා දොඩම් ගොඩ බදා ගත්ත වගේ ආශාවට ගත්තට තවමත් කියවා නිම කරන්න බැරි වුනා.
@සයුරි : එකට හේතුව පොතේ රසවත් බව හැරෙන්න වෙන මොනවද?
@මාතලන් : කතාව ඇත්ත වෙලාවකට.
@ලිහිණි : අම්මා පොත ඉතා පුළුල් පරාසයක චරිත බොහොමයක් වටා ගෙතිච්ච දීර්ඝ එකක් නමුත් සාපේක්ෂව ගුරු ගෙදර පොත ඉතාම සරල කුඩා ප්‍රදේශයක් ආවරණය වන කෙටි ඒ වාගේම සරල කතාවක්. මම කියවලා තියෙන අමාරුම පොත් ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කෙස්ගේ ඒවා. හුදකලාවේ සියවසරක් කියන පොතේ තියෙන දේවල් වලට හිනහත් යනවා. එකේ මාළු පියාඹන කතාත් තියෙනවානේ.
@රතුරජරට : ඇත්තටම අම්මා විශිෂ්ට කෘතියක් ලෙස හඳුන්වන්නේ මා විසින් නොවේ. එය ලංකාවේ බොහෝ ආචාර්ය මහාචාර්ය වරුන්ගේ මතය. ඇත්තටම මා කියවූ එක් බැරෑරුම් කෘතියක්. එය මෙතරම් මගේ හිතේ කා වදින්න හේතුව තමයි නවය වසරේදී විදුහල්පති තුමා පන්තියට ඇවිත් අම්මා කියවූ අය ඇත උස්සන්න කිව්වාම එය කියවූ එකම කෙනා මා වීම. ඇත්තටම මෙයට වඩා මතක හිටින බොහෝ පරිවර්තන කතා තිබෙනවා. මනුතාපය හොඳ උදාහරණයක්. මම පෙන්වා දෙන්න උත්සාහ කලේ හරසුන් දේ අපේ හිත ආක්‍රමණය කරන ආකාරය. ඔබගේ දීර්ඝ විග්‍රහයට ස්තුතියි.
@සිරා :
ReplyDelete//එහෙත් අද පරපුර කාඩ්බෝඩ් වීරයන් අනුගමනය කරනු මිස කියවීමට එතරම් ලැදි නැති බවයි මගේ වැටහීම.//
අද පරපුර පමණක් නොවෙයි, සමහර පැරැන්නන් පවා හින්දි චිත්‍රපට සහ රූපවාහිනියට, අන්තර්ජාලයට කොටු වෙලා. වෙනදා බස් රථයකදී දකින්නට ලැබෙන්නේ පොතක්, පත්තරයක් කියවාගෙන යන අය. ඒත් අද වැඩියෙන්ම ජංගම උපකරණ අතට ගෙන් එහාට මෙහාට ටච් කරන අය සහ ගීත වලට සවන් දීම නිකන් රැල්ලක් වගේ වෙලා.
සුදික මේක ටිකක් උත්සහ කරලා බලපන්..
ReplyDeleteComment එකකට Reply Button එකක් Add කරන හැටි
පෝස්ටුව බොහොම වටින එකක්, කාලෝචිතයි....
ReplyDeleteමට නම් අම්මා නව කතාව ඔය කියන තරම් ගැඹුරු එකක් නෙවෙයි. සරල; උද්යෝගය වඩවනසුළු එකක්. හැබැයි විප්ලවය සාහිත්‍යමය ලෙස රසවිදීමට මිස භාවිතයට ගතයුතු නැහැ කියා හිතන අයටනම් ඒක නීරස විය හැකියි.
රුසියානු නවකතා වලින් අපරාධය සහ දඩුවම නම් ගැඹුරු කෘතියක්.ඒ වගේම බුදුදහම සමග යම් නෑකමක් ඇතිබවකුත් දැනෙනවා.
අයිත්මාතව්ගේ ඔනෑම කෘතියක් ආසාවෙන් කියවන්න පුළුවන්, කවුරු පරිවර්ථනය කළත්. ඒ ඔහුගේ භාෂාවේ ඇති කෘව්‍යාත්මක බව නිසයි.
ගාර්ෂියා මාර්කේස්ගේ හා ඉසබෙලා අයියන්දේගේ පොත් මට නම් එක දිගයට කියවන්න පුළුවන්, එතරම්ම ඒවා රසවත්.(ඒකට පරිවර්ථකයාත් හේතුවෙන්න ඇති, විශේෂයෙන්ම ගාමිණි වියන්ගොඩ-ඔහු තමා මගේ ප්‍රියතම පරිවර්ථකයා).
කොමෙන්ටුව දිග්ගැස්සෙන නිසා දැනට ඇති. (කොහොමත් මේ ටෙම්ප්ලෙට් එකේදි දීර්ඝ කමෙන්ටු දාලා වැඩක් නෑ. සංවාදයට පහසුකම් නැති හින්දා, අනිත් එක මේක ලෝඩ් වෙන්නත් පරක්කුයි. )
@Sumith Niriella
ReplyDeleteබොහොම ස්තූතියි. ඔබ කියන කතාව ඇත්ත. ඕනෑම දෙයක් සඳහා දක්වන ඇල්ම ඒ කරන කාර්ය රසවත් කරනවා. අපරාධය කෘතියේ විස්තර කෙරෙන්නේ කර්මය නේද?
@චමී4යූ~chami4u
ReplyDeleteමචං දැම්ම. ප්‍රතිචාර කියලා. වැඩේ තියෙන්නේ සියලුම කමෙන්ට් යටට වැටෙන එක අදාළ ස්ථානයේ වැටෙන්නතුව.
සාහිත්‍යය මාසය කියන්නේ පොත් කියවන්නන්ගේවත් ලියන්නන්ගේවත් මාසය නොව පොත් ප්‍රකාශකයන්ගේ මාසයයි ...
ReplyDelete@සුදීක
ReplyDeleteඑහෙමද ..
@රොබින්
ReplyDeleteඉතාම වටිනා අදහසක්. ඔවුන්ගේ කාර්යය කර ගන්නා අතරේ එකෙක් දෙන්නෙක් හරි කියවන්න උනන්දු වුනොත් ලොකු දෙයක්.
එකඟයි පොත් ගෙනල්ලා රාක්ක පිරෙව්වත් වැඩක් වෙන්නේ නැහැ ඒවා කියවන්නේ නැත්නම්. ඒ වගේමයි ඒ පොත්වලින් මොකක් හරි යමක් තමන් ජීවිතේට, දැනුමට එකතු කරගත්තේ නැත්නම් ඒත් වැඩක් නැහැ
ReplyDeleteඑකඟයි.. පොඩි අදහසක්.. පොත් සාප්පුවලත් ඕන තරම් කුණු, ඒ කියන්නේ පලක් නැති පොත් තියෙනවා නේ.. කොතනත් එහෙමයි. වටින දේ හඳුනා ගන්නට අපිට පුළුවන් වෙන්න ඕනේ...
ReplyDelete@Hasitha
ReplyDeleteහරියට අර උපාදි චායාරූපය විශාල පොත් ගොඩක් පිටුපස තියෙනවා වගේ තියෙන චිත්‍රයක් ඉදිරියේ ගන්නවා වගේ.
@Chamara Sumanapala
ReplyDeleteඒ ගැන නම් මට ආවේනික හුරුවක් තියෙනවා. උදාහරණයකට මම හොඳ චිත්‍රපටි තෝරා ගන්නේ එහි වර්ණ අනුව. ලා පාට තිබෙන චිත්‍රපටි තද වර්ණ තිබෙන චිත්‍රපටි වලට වඩා හොඳයි.
සුදීක, මම නම් ගන්න පොත් කියවනවා. මම නිදාගන්නෙ පොතක් කියවමින් ඉඳලා. ඒ වගෙම ඔය මිනිස්සු කියවලා තිබිය යුතු යැයි සම්මත පොත් තියෙනවා නේද? මට වැඩිය හිතට අල්ලලා ගියෙ නැත්නම් මම ඒක කියවන්න කාලෙ නාස්ති කරන්නෙ නෑ. උදාහරණ Mein Campf, , Catch 22, etc.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
@Dude
ReplyDeleteමම කියන කථාව මේකයි. මෙතනට පොත් විතරක් නෙවෙයි අදාළ වෙන්නේ, අපිට් දැන් කියවන්න තියෙන ජාති කීයක්ද? ඒ මදිවට රුපවාහිනී චැනල්, අන්තර්ජාලය. මේවා සමබර කර ගැනීමක් අවශ්‍යයි කියල මට හිතෙන්නේ.
පරක්කු වෙලානේ බොලේ මං ඇවිල්ලා තියෙන්නේ... දයල් බතී ගේ පොස්ට් එකේ දාලා තිබබ ලින්ක් එක දිගේ ආවේ... හි හි...
ReplyDeleteඔය අම්මා පොත ගැන නම් මටත් කියන්න දෙයක් තිබේ.. ඕක මම මුලින්ම කියෙව්වේ මට අවරුදු 10දි විතර... තාත්තාගේ පොත් ගොඩක තිබිලා.. අගක් මුලක් තිබ්නේ නෑ ඒකාලේ මේ මොකද්ද කියලා.. පස්‌ෙස් පස්සේ තමා තේරුනේ... ඕකේ කතාව කටපාඩම් උනත් මට පාවෙල් සහ අන්ද්රේ ගේ නම් දෙක හැරෙන්න යන්තම් හරි මතකේ තියෙන්නේ අම්මා කියන එක විතරයි... මොකද රුසියන් නම් වල තියෙන උච්ඡාරණයේ අපහසුතා නිසා..
පොත් ගෙනාවම ඒ ටික කියොලා ඉවර වෙනකම් නින්ද යන් නැති ගතියක් මට තියෙනවා.. එහෙම නොවෙන්නේ සිංහල නවකතා සම්බන්ධයෙන් විතරයි...
ඇත්ත, කියවනවා කියලා නවකතා කියෙව්වා කියලා නම් ඇති වැඩක් නෑ... මම කියෙව්ව ගොඩක් පොත් නවකතා. හැබැයි පරිවර්තන කෘති. වෙනත් රටවල සිද්ධි... රැසියන්, ඉංග්‍රීසි, ප්‍රංශ, ජපන්... පස්සේ කාලෙක මම අනිත් පොත් පත් කියවන්න පටන් ගත්තා... මොනවා උනත් මහාලොකුවට විචාරය කිරීමේ හැකියාවක් නැතත් බොහෝ පොත් කියවා රස විදීමේ සහ තේරුම් ගැනීමේ හැකියාවක් මට තියෙනවා කියලා මම හිතනවා... කවි පොත් ඇරෙන්න...
අපිට කියවන්න තියෙන අවස්ථා දැන් වැඩියි... කවුරු හරි කිව්වොත් බ්ලොග් ලියන එක ලිවිල්ලක්ද, කියවිල්ලක්ද කියලා ඒකත් මහ මෝඩ කතාවක්.... අපි පොඩි කාලේ අතට අහුවෙන පත්තර කෑල්ල හරි සීනී ගොට්ට හරි කඩල කවරේ හරි කියෙව්වා.. ඒකත් කියවීමක්.... ඒ වෙග් තමයි ...
පහු කාලෙක මම ඉංග්‍රීසි සහ අනිත් භාෂවල ( සිංහල නම් එච්චර ආසාවක් නෑ..) ෆිල්ම්ස් බලන්න පටන් ගත්තා.. පොත් ගැනීම නැවතුනා.. නමුත් පොත් කීයවීම තිබුනා.... මාද්‍ය ගොඩක් තියෙනකොට තෝරා ගන්න අමාරුයි.. ඒක ඇත්ත.. නමුත් එක මාධ්‍යයකට වඩා තවත් මාධ්‍යයක් ඉහලයි හෝ පහලයි කියලා වර්ග කරන්න බෑ... හැම දෙයකට හොද හා නරක දෙකම තියෙනවා... සමබර කරගැනීමක් තමයි අවශ්‍ය...
@හිරු
ReplyDeleteමම හිතන්නේ ඔය මගේ පොස්ට් එකකට දාන පලවෙනි කමෙන්ට් එක. ඔයාගේ දීර්ඝ විස්තර කිරීම මම අගය කරනවා. ඒ වගේම ඔය කියල තියෙන ගොඩක් දේවල් ඇත්ත. ගන්න දෙයක් තියෙන්නේ පරිවර්තන කතා වල තමා. අපේ ඒවා නරකයි කියනවා නෙවෙයි. ඒවගේ තියෙන දේවල් අපි දන්නා නිසා, අපිට අලුත් ගතියක් දැනෙන්නේ න. ඒත් පොප්ලර් ගස කිව්වත් එකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනව. දැන් නම් ගූගල් කරලා හොයා ගන්න පුළුවන් ඕනෑම විස්තරයක්.
මම නම් කියවන්න පොත් ගන්නවා. සමහර වෙලාවට කියවන්න වෙන්නේ නැහැ.නමුත් පහුගිය දවස් 3ක් කොම්පුටර් එකක්වත් ෆෝන් එකක්වත් නැතුව හිටිය. ඒ ටිකේ මම පාවිච්චි කල පොත් විකුණන තැනකින් කාලෙකට කලින් ගත්ත පොත් දෙකක් කියෙව්වා.වැඩේ තියෙන්නේ වෙන වැඩ වලට හිත යනවා කියවනවට වඩා...පොත් කියෙව්වේ නැති උනාට වෙලාවක් එනවා ඕන වෙන.එතකල් තිබිච්චවේ
ReplyDeleteඔව්. සමහරවිට අපි මෙහෙම ගොඩ ගහන ඒවා කියවන්න වෙලාවක් එයි. ඒ වගේමයි අපේ ගෙදර ඉන්න වෙනත් කෙනෙක් හෝ කියවාවි.
Delete