මහත්මයාණෙනි/ගරුතර ස්වාමීන් වහන්ස
2012 සැප්තැම්බර 25 දිනැති යොමු අංක මා.හෝ/ප.දි/ති.තු.කු./670 හා පන්සලට ආ බාප්පාගේ කතා වස්තුව හිසින් පළවූ ඔබේ ලිපිය හා බැඳේ.
එම ලිපියෙහි සඳහන් ආකාරයට ****ගේ බාප්පා ඔබට හොඳටම කරදරයක් වී ඇත්තේ ඔබගේ විවේක සුවයට හා අධ්‍යයන කටයුතු වලට බාදා ගෙනදෙමින් නොනවත්වා කරන ලද "කිසි කමකට" නැති දීර්ඝ විස්තර අසා සිටීමට සිදු වී ඇති බැවින් බව පැහැදිලිය. ඇත්ත වශයෙන්ම ඔබ (වහන්සේ - එවකට) මුහුණ දුන් අපහසුතාවය ගැන අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර එවැනි තත්ත්වයන් ඇති වීම ස්වභාවික බව මා කරන ලද නිරීක්ෂණ තහවුරු වී ඇත. ඇත්ත වශයෙන්ම එසේ කරගෙන යන කථා ඔබට බාදාවක් වූ විට ගත හැකි පියවර පහත දැක්වෙන මා මුහුණ දුන් හා නිරීක්ෂණය කල දේ ඇසුරින් පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
අවස්ථාව 1
ඒ මා මිරිහානේ අමරපාල මහතාගේ නිවසේ නවාතැන් ගෙන සිටි කාලයයි. හරියටම වසර මතක නැතත්. එය 1998 හෝ 1999 වසර විය යුතු බව මගේ විශ්වාසයයි. යාබද නිවසේ විසු මගේ ඥාතීන් වූ චන්ද්‍රිකා/පියසේන යුවලගේ නිවසේ පවත්වන ලද දානයට සහභාගී වීමට මා එහි ගොස් සිටි අතර, ස්වාමීන් වහන්සේලා දන් වළඳා අවසන් වූ පසු ඉහල මාලයට වී අප දිවා අහාරයට කැඳවන තුරු මමත්, තවත් අසල්වැසි තරුණයකු වූ "කුක්කු සන්" සමග යම් කතාවක යෙදී සිටි වෙලාවක, කොහොන්දෝ දුව ආ කෙලි සිඟිත්තියක් ඇයව බිත්ති කන්ඩිය උඩින් වාඩි කරවන ලෙස මගෙන් ඉල්ලා සිටින ලදී. මමද මේ හුරතල් කෙල්ලව උස්සා අර කෙටි බැම්ම උඩ තැබුවා. ඊට පස්සේ ඈ එක දිගට කථා කරන්න පටන් ගත්තා
"අන්කල්, මේ බලන්න මගේ කකුල් පැලිලා තියෙන්නේ ඇයි කියල දන්නවද ? මම අපේ ගෙදර සිමෙන්ති හදන තැනට ස්ලිපර්ස් දාන්නැතුව ගිහින්. මට අම්මි බැන්න ස්ලිපර්ස් දාන්නා කියල. මගේ නම සුජානි. අන්කල්ගේ නම මොකක්ද? අපේ අම්ම ඩොක්ට."
ඒ කියාගෙන ගිය හෑල්ල මට සම්පූර්ණයෙන් මතක නැතත් ඇය දෙනෝ දාහක් සිටින තැනක මා තෝරා ගත්තේ ඇයි ? මුලින්ම මට හිතුනේ ඇය කියවන්නේ පුනරුප්පත්ති කතාවක් කියයි. එහෙත් අයගේ පුංචි අම්මා පැමිණ "මොනාද අන්කල්ලට කියන්නේ" කියමින් ඈ කුදලාගෙන ගිය පසුත්, ඈ කියූ දේවල මගේ සිතේ දෝංකාර දෙන්නට වුනා. ඇය මටද යම් හුරුවක් ඇතැයි දැනුනා. (පසුව මා මගේ හිතට වද දුන් සියලු කාරණා ලේඛන ගත කලත්, ඒ පොත අන්ත්රස්දදාන වෙලා. එකල බ්ලොග් තිබුණා නම් මේවායින් පුරවන්න තිබුණා). මා මෙවැනි හමු වීම් නම් කරන්නේ ආත්මගත බැඳීම් ලෙසයි. එක පාරටම හමු වූ මොහොතේ සිටම සමීප හිතවතුන් ලෙස කථා කරන්නේ ගිය ආත්ම වල අප සමග සමීප ඇසුරකින් සිටි අය බව මගේ විශ්වාසයයි. මෙවැනිම තවත් තරුණියක් මට හමු වුයේ වියලුව ප්‍රදේශයේ ඇති කන්දකැටිය මහජන බැංකුව පරිඝනකගත කරන්න ගොස් සිටි අවස්ථාවෙදීයි. ඇයද මිනිත්තු කිහිපයකින් මගේ සමීප හිතවතියක් වුණා. අදද නිතර කතාබස් නොකලද අප දෙදෙනා හොඳ මිතුරන්ය.
අවස්ථාව 2
සාමාන්‍ය දැන හැඳිනීමක් තිබෙන අය තමන්ගේ පුද්ගලික අත්දැකීම් හෝ දුක්ගැනවිලි කියාගෙන යන්නේ අප ඒවාට සවන් දෙන අය බව ඔවුන් ඉවෙන් අඳුනා ගන්නා නිසාය. හැම කෙනාටම හැම කෙනෙක්ම මෙසේ දුක් ගැනවිලි හෝ අත්දැකීම් විස්තර කරන්න යන්නේ නෑ. අද උදේ කාලෙකට පසු කොළ කැඳ කෝප්පයක් බොන්නට ලැබුනේ, ටික කාලයක් දකින්නට නැතුව සිට අප කාර්යාලය අසලට (චැතම් වීදියේ) ගෙනෙන තමන්ගේ වාහනයේ තබාගෙන ඉතා පිරිසිදු ලෙස රැගෙන එන කොළ කැඳ වෙළෙන්දා නැවතත් දකින්නට ලැබුන නිසාය. මා එම කැඳ කෝප්පය බොන තුරුත් ඉන් පසුවත් විනාඩි පහලවක් පමණ තමාගේ දුවට ඩෙංගු වැළඳුන ආකාරයත්. ඇය කොහොමත් සෙම අමාරුවකින් පෙලෙන අයෙක් බවත්, කෑම කෑමට හොර බවත්, තමා ඉතා මිල අධික පිටි වර්ගයක් පවා ගෙන ගොස් දුන්නද ඇය ඒවා පානය කරන්නේ නැති බවත්, කිසි දිනක ගවමස් අනුභව නොකළ තමාගේ නිවසට ගවමස් ගෙනගියේ තම දියණියගේ රෝගී තත්වය සමනය කර ගැනීමට බවත්, මීට කලින් තමා කුකුල් පීකුදු ගෙන ගියද, පාමසියේ නෝනා තමන්ගේ ගෙදර ඇති කල හුරතල් බල්ලා මියෑදීමට හේතුව කුකුල් පීකුදු බව පැවසු අතර, තමන්ගේ දැරියට ඒවා නොදෙන ලෙස අවවාද කල බවත්, තමා දැන් ගෙනගොස් දෙන්නේ එළුමස් බවත් ඉතා ශෝකීව පවසන ලදී. මා ඉතා උනන්දුවෙන් එම කතාව අසා සිටියා පමණක් නොව මා දන්නා දේවල්ද ඔහුට කියා ඔහු අස්වසලන්නට උත්සාහ කළා. මෙවැනි අය අප සොයාගෙන විත් මේවා පවසන්නේ අප ඒවා අසා සිටින බවට ඔවුන්ට ඉඟි දැනෙන නිසාය.
අවස්ථාව 3
2003 වසරේදී මා ඉමදූව මහජන බැංකුව පරිඝනකගත කරන්න ගොස් නවාතැන් ගත්තේ අසල නිවසකය. එම නිවසේ විශ්‍රාමික ගුරු මහත්මියකගේය. ඇයට අමතරව ඇගේ දුව සහ සේවිකාවක් එම නිවසේ වෙසෙයි . ඔවුන්ගේ ආගන්තුක සත්කාර අපට දරා ගන්නට බැරි තරමට වැඩි විය. රාත්‍රිය සහ උදෑසන ආහාරය එම නිවසින් අපට සැපයුවේ අපගේ හෝ බැංකුවේ ඉල්ලීමකට නොව ඔවුන්ගේ කැමැත්තෙන්මය. කෑමට පෙර චාරිත්‍රානුකුලව වතුරද අල්ලා අංග සම්පුර්ණ ලෙස අපිට උපරිම ආගන්තුක සත්කාර කරන්නට ඔවුන් වග බලා ගත්තා. එහෙත් අපට ඉවසන්නට බැරිම දෙය වූවේ මේ ගුරු මහත්මිය කෑම ගන්නා අතරේදී අප සමග කයියට සෙට් වන්නට වීම නිසාය. අපට අවශ්‍ය විහිළුවක් වත් කර ගන්නට බැරි වන්නේ ඇයගේ මේ මැද්දට පැනීම නිසාය. විටෙක එම ප්‍රදේශයේ ඉඩම් ගාලු-කොළඹ යා කරන මාර්ඝයට අත්පත් කර ගන්න නිසා පොහොසත් වූ අය ගැනද, තමාට ලැබුන වන්දිය ගැනද, තම ඉගැන්වූ කාලයේ දේවල්ද අපේ ඉල්ලීමකින් තොරවම අපට බෙදපු නිසා ආහාරයත් සමග ගිල දමන්නට සිදු විය. එම නිවසේ ලිඳෙන් වතුර ඇද නාන්නට මට අරගයලක යෙදීමට වුවේ ක්‍රිකට් ගසන්න ගොස් මගේ අතේ සිදු වී තිබු ඇදීමක් නිසාය. තනි අතින් වතුර අදින්නට ගොස් පනිට්ටුව එහෙ මෙහෙ වදින දෙස බලා සිටි මේ ගුරු මහත්මිය
"සර්ට මං වතුර ඇදලා දෙන්නද ? " යි අසු විටම් මට අප්‍රමාණ ලැජ්ජාවක් ඇති වුනා. අවුරුදු හැට හැත්තෑවක ආත්තම්මා කෙනෙක් ලවා වතුර ඇද ගන්න?
"සර්ගේ අතට පත්තුවක් බඳින්න හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා උළු පට්ටලේ ගෙදර" මේ කතා වලට කණින් කොණින් ඇහුම්කන් දෙන අප පිළිතුරු බඳින්නේම නැත. එහෙත් ඉන් පසුව ඒ නිවසට උළු පට්ටලේ ගෙදර යනුවෙන් පවසන්න අප පුරුදු වුනා.
නාන තැනටත් ඇවිත් කරදයක් වන්නට වූ තැන මෙයට කල හැකි දෙයක් අප යන එන අතර සාකච්චා කළා. ඒත් අපට හරි පිළිතුරක් සොයා ගන්නට නොහැකි වී සිටියා. එක් දිනක් රාත්‍රී ආහාරය ගන්න අතර සුපුරුදු පරිදි ඇය අපගේ මේසය වටේ ඇවිදිමින්, පිඟන් වලට මාළු පිනි බෙදමින් කතාවට අර අඳින විට.
"අද හරියට දාඩිය දානවා. හියුමිඩිටි එක හොඳටම වැඩි වෙලාද කොහෙද ? නේද ඇන්ටි" කියා මා ඉස්සර වුනා.
"ඒ මොකක්ද සර් ඒ ?" කියා ඈ අසු විට මා කියා සිටියේ සාපේක්ෂ ආර්ද්‍රතාවය බවයි. ඇය තේරුණා වගේ හිනා වුනත් එක පාරටම අන්තරස්දාන වී ගියා. ඉන්පසුව ඈ අපේ කතාවට හොට දාන්න ආවේ නෑ. ඒ කාලයේ හියුමිඩිටි එක අපේ කටවල නිතර කියවෙන වදනක් වුනා.
තමන්ට අනවශ්‍ය කතාවක් මෙල්ල කරන්න ඒ ක්‍රමයත් නරක නෑ. ඒ අමාරු වචන වලින් දමා ගැසීමෙන්.
අවස්ථාව 4
සිරස සුපර්ස්ටා මුලින්ම පටන් ගත් විට එය මං හිතන්නේ හැම කෙනෙක්ම නැරඹුවා. අපද ඒ කාලයේ අර මලිත්ට වූ අකරතැබ්බය ගැන නිතර කතා බහ කරන්න වුනා. කෙනෙක් කියා සිටියේ ඇමරිකන් අයිඩල් වැඩසටහනේ කොපියක් නිසා එම තරගයේ ආකාරයටම රිය අණතුරක් සංවිධායකයින්ම කර ඇති බවයි. මේ කාලයේ අපේ කාර්යාලයේ කාන්තාවක් (අවිවාහක තරමක වයස) මේ ගැන ඇඬු කඳුලින් සිටිය පමණක් නොව, රෝහලට මල්ද රැගෙන ගොස් ඔහු සමග මිතුරු කමක් ගොඩ නගා ගත්තා. ඒ කාලයේ මෙම කාන්තාව අපට මහත් හිරිහැරයක් වුනා. හැම වෙලාවේම මලිත්ට වූ අලකලන්චියද, ඔහුට ගැසූ එස්.එම.එස්. ගණන්ද, ඔහුගේ පවුලේ අය තමාද පවුලේ කෙනෙකු ලෙස සලකන අකාරයද අපට විස්තර කරන්න තියා ගත්තා. මෙය ඇණයක් බවට පත් වූ කල, අප කලේ ඇය කථා කරන්න ගත විට එයට හුමිටි තබමින් ඇය හොඳටම නැග්ගීමය. දැන් ඇය සිත සිටින්නේ අපිද මලිත්ගේ රසිකයන් බවයි. මේ උණුසුම අවසන් වී ටික දිනකින් ඇය හති දාගෙන විත් දිගටම කියාගෙන කියාගෙන යන්නට පටන් ගත්තා
"ඔයාලට මතකද මම කිව්වා මම මලිත්ව ඔෆිස් එකට එක්කන් එනවා කියල. ඔන්න මම එක්කන් ආවා. එන්න යන්න ගිහින් කථා කරන්න."
කාගෙවත් ප්‍රතිචාරයක් නැති තැන ඇය යන්න ගියා. ටික වෙලාවකට පස්සේ මූණ කළු කරගෙන ඇය ආ විට අප විමසා සිටියේ "කෝ මලිත්" කියාය.
"අනේ බලන්න වෙච්ච දෙයක් ලැජ්ජාවේ බෑ. මම එක්කන් ගියා නිමල් මහත්තයා ගාවට. එයානේ මෙතන ලොක්ක. මලිත්ට පුටුවේ වාඩි වෙන්න කියල ඇහුවනෙ මොන කැම්පස් එකෙන්ද ආවේ කියල. මම කිව්වා මේ අර මලිත් දන්නේ නැද්ද කියල. ආ පුතාගේ නම මලිත්ද? මොකක්ද කරන්න යන ප්‍රොජෙක්ට් එක කියල ඇහුවනේ. මම කිව්වා අර සිරස සුපර් ස්ටාර් එකේ මලිත් කියල. එතකොට නිමල් මහත්තය ආ මට මතකයි පුතා හොඳට නිවුස් කියනවා." කියල
ඔන්න තවත් ක්‍රමයක්. දැනගෙන වුනත් ඒ වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දුන්නම මේ වගේ ඇණ නිකන්ම ගලවන්න පුළුවන්. මාරයට ඉතින් මම මේවා කියා දෙන්න ඕන නෑ. ඔය බාප්පට කොරල තියෙන හරියත් මදි නෑ.
දැන් වෙලාව උදෑසන 2.00 යි.
මේ තියෙන්නේත් එහෙම ගේමක් තමා...
ReplyDeleteකියෝලම බලමු...
//එම නිවසේ විශ්‍රාමික ගුරු මහත්මියකගේය. ඇයට අමතරව ඇගේ දුව//
ReplyDeleteඑයා උඹලට රැට කරදර කලේ නැද්ද
:)
ReplyDelete@lakmal kandevidane
ReplyDeleteඅනේ නෑ. එයාගේ දුව කිව්වට අවුරුදු 45ක විතර කෙනෙක්. එයත් නොබැඳ වයසට ගිය කෙනෙක් වගේ. මහන එකමයි වගේ. ජේ.වී.පී. සාමාජිකාවක්. ඔන්න උඹ ගියානම් ඉතින් මැෂිම අල්ලගෙන කතාවට සෙට් වෙයි.
@මාරයාගේ හෝරාව
ReplyDeleteහොඳයි කියවලා කමෙන්ට් කරන්නකෝ.
@Tiraj Adikari
ReplyDeleteබොහොම ස්තූතියි.
ඇණ ගලවන්න නියම තියරිය.....
ReplyDeleteමේ "ප්‍රතිචාර" වලින් ප්‍රතිචාරයක් නෑනෙ....
@Sumith Niriella
ReplyDeleteමේ ප්‍රතිචාර දාන් හැටි දුන්නේ අපේ චමී මල්ලි. මේක හරියටම වැඩ කරන්නේ නෑ.
හි හි...
ReplyDeleteඉදිරියේදී අත්හදා බැලිය යුතුයි...
මිනිස්සු අපිට වදයක් වෙන්නේ අපිට ගොඩක් ලංවුනාම එහෙම අයගේ හිත නොරිද්දා මේ වගේ මොනවා හරි කරාම ඉවරයිනේ.
ReplyDeleteඅපිත් කරන තියරි.
ReplyDeleteඅමාරු වචන වලින් දමා ගැසීම.
ඌත් දන්නේ නැති ප්‍රශ්ණ ඇසීම.
කට වහගනින් කියලා කෙලින්ම කීම.
අද ගොඩක් අය ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා. කියන්න දේවල් ගොඩක් තිබුනත් අහන්න අය නෑ. ඉතින් අහයි කියලා හිතෙන කෙනෙක් එක්ක හරි කතාවට යන එක ඒ අයගේ හැටියක්.
ReplyDeleteහුහ්... බරසාර විදියට ලිව්වට මටත් ඔය වගේ කෝච්චි සෙට් වෙලා තියෙනවා.
@තරියා අබේ
ReplyDeleteගෙදරම අත්හදා බලන්න වගේ සුදානම.
@මඩිස්සලේ නිශාන්
ReplyDeleteඅර නිදිමතෙන් වගේ උත්තර දීමත් හරි.
@ළහිරු හිමේෂ්
ReplyDeleteදන්නැති ප්‍රශ්න අහන එක තමා වඩා රසවත් වගේම අර කියවන මිනිහට දන්වන්න පුළුවන් චන්ඩියා වගේ කියෝගෙන ගියාට නොදන්නා දේවලුත් තියෙන බව.
@AKM
ReplyDeleteකෙනෙකුගේ හිත නිදහස් කර ගැනීනට උදව් දීමත් එක්තර පිනක්.
වදයක්ම වෙනවනං කරන්න තව වැඩක් තියෙනව. එකපාරක් දෙපාරක් හූමිටි තියල පස්සෙ කතා කෙරිල්ල ඉවර වෙනකං වෙන කල්පනාවක ඉන්නව වගේ ඉන්න එක.
ReplyDeleteමලිත්ගෙ සිද්ධිය තමා පස්ට... ඌට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති...
ReplyDeleteමාලි වෙනුවෙන් අත්සන් කලේ නැත්නම් එන්න
@පරිකල්පන
ReplyDeleteකෙනෙකුට කෙලින්ම කියනවට වඩා හෙමිහිට ලිස්සලා යාම හොඳයි.
@සිරාගෙ කාමරේ
ReplyDeleteඌ පව්. අර ගෑනි තමයි මෝඩ වැඩේ කලේ.
වටිනා කියන තියරි කීපයක් ඉගෙන ගත්තා. දැන් තියෙන්නේ අවස්ථාවක් බලලා ඇප්ලයි කරන එක :)
ReplyDelete@Hasitha
ReplyDeleteමොනවා වුනත් "තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගන්න ඕනේ.