"මුහුද යට දිවයින" ඇසූ පමණින් ඕනෑම කෙනෙකුගේ සිතට එන්නේ, මෙය මුහුදින් යට වූ දුපතක් පිලිබඳ කතාවක් කියාය. මේ පොත පසුගිය වර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත් මොහොතේ මගේ සිතට ඇති වුයේද, එම අදහසයි. නමුත් එම පොත කියවීමට පෙර එහි කවරය දෙස බොහෝ වේලාවක් බලා සිටි මට ඒ ගැන කිසිදු අදහසක් ලබා ගත නොහැකි වුයේ "පොතක කවරයකින් - ඒ ගැන අදහසක් ගත නොහැකිය" යන කියමන තවත් වරක් පසක් කරමිණි. පොත් පිලිබඳ කෑදර කමක් දක්වන්නෙකුට නම් එය තම අතට පත් වූ මොහොතේ පටන්, එය කියවන්නේ කොයි මොහොතේ දැයි යන ඉස්පාසුව නැති හැඟීම ඇති වීම මිස, කවරය දෙස බලා බවුන් වඩන්නට පටන් ගන්නේ කුමන ආකාරයේ පිස්සුවක් නිසාදැයි යන කුකුස ඔබට ඇති වන්නට ඇත. කුඩාකල පටන් මගේ තිබූ එක් හොඳ හෝ නරක පුරුද්දක් වුයේ, පොතක් කියවනවා නම එය සැදී-පැහැදී කියවීමයි. කාර්යාලයේදී මේ පොත අතට ගත් මොහොතක, තවත් දෙදෙනකුගේ කතාව කියවීමට නොහැකි තත්වයකට පත් කරයි නම්, එය හකුලා තබා, වෙනත් කාර්යයක් කළ වාර ගණන මෙතැකැයි ගැණිය නොහැකිය. ඒ මගේ ක්‍රමයයි. ඔබට යමක් රස විඳින්නට අවශ්‍ය නම්, ඊට අවශ්‍ය වටපිටාවදඅවශ්‍ය ලෙස සකසා ගත යුතුයි. කාර්යාලය වැනිපාළනය කළ නොහැකි ස්ථානයක වෙනත් විකල්පයක් නොමැත.
මේ පොත මිලදී ගන්නට මට විශේෂ හේතුවක් තිබිණි. ඒ සහෝදර බ්ලොග් කරුවෙකු වූ නිලුක කදුරුගමුව මහතා විසින් එය පරිවර්තනය කර තිබීමයි. සහෝදර බ්ලොග් කරුවකු යනුවෙන් මා ඔහු ඇමතීම ඔහුට කරන නිගාවක් ලෙස නොසිතන්න. ඒ මා ඔහු හඳුනා ගත් මාර්ගයයි. ඉන්පසුව මුහුණු පොතෙන් ඔහු හා මිතුදමක් ගොඩ නගා ගන්නට හැකිවීය. මා ඔහු සමග මිතුරු වන්නට විශේෂ හේතුවක්ද විය. ඒ මා පරිවර්තන සහ පරිවර්තනයට දක්වන උනන්දුවයි. ඔහු වැනි පුද්ගලයෙකුගෙන් මා වැනි නවකයෙකුට ගුරු-හරුකම් ලබාගත හැකිය යන විශ්වාසය මා තුළ තිබිණි. ඉදින් මා පොතෙහි කවර දෙස බලා සිටියේ, එය කියවීමට සුදුසු කාළය එය නොවූ නිසාය. බොහෝවිට ප්‍රදර්ශනයේ සිට පැමිණි ගමන් විඩාව සමගය. මේ පොත මා ප්‍රදර්ශනයට ගිය මුල් දිනයේම මිලදී ගැනීමට නොහැකි විය. ඒ
ඒවනවිටත් එහි සියලු පිටපත් විකිණී හමාර වී තිබු නිසාය. මා ඉන් පසුබට වුයේ
නැත, ප්‍රදර්ශනය නිම වීමට තවත් දින දෙකක් තිබේ. පසුදින උදෑසනින්ම එහි ගිය
මට එය මිලදී ගැනීමට හැකි විය. විදර්ශන ප්‍රකාශණයක් නිසා මා හට කිසි විටෙකත්
බියක් ඇති නොවීය. ඒ මා එවකට විසු කළුබෝවිල නිවසට විදර්ශනා පොත් ගෙදර
ඇවිදින දුරකින් පිහිටා තිබීමය. එනිසාම ජනක ඉනිමංකඩ මහතා සමග හඳුනුම්කමක්
ඇති කර ගැනීමට හැකි වී තිබ්නුනු නිසාය. කවරය දෙසා බලා විඩාපත් වූ මා එහි පසු පිට කියවා බැලීමි. එහි මෙසේ සඳහන්ව තිබේ.
වහලියක ලෙස විකුණා දමන්නට අප්‍රිකාවේ සිට ගෙන එනු ලැබූ තරුණියකගේ කුසෙන්, නැව් ගමනේදී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයෙකුට දාව සැන් දොමෑං දිවයිනේදී උපන් තෙතේ හෙවත් සරිතේ බිලිඳි වියේ පටන්ම වහල් බවේ බැම්මෙන් බැඳී සිටින්නීය.
ප්‍රංශ යටත් විජිතයක් වූ සැන් දොමෑංහී සිය පියා විසින් පවත්වාගෙන යනු ලැබූ උක් වතුයායෙහි පාළනය භාරගන්නට පැරීසියේ සිට යොවුන් වියේදීම එහි යන තුලුස් වලමොරෑං, තම පරමාදර්ශී සහ ප්‍රගතිශීලී අදහස් පසෙක ලා යතාර්ථය අත් විඳින්නට පටන් ගනියි.
දහඅටවැනි ශතවර්ෂයේ අගභාගය වන විට සැන් දොමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ නිහීනත්වය සහ ඊට එරෙහි අරගලය පසුබිම් කොටගෙන ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛවෝපගත ලෙස එකිනෙක හා සම්බන්ධ වන්නේ ආදරය, කරුණාව මෙන්ව වයිරය, රාගය හා තිරිසන්බව ආදිය එකට කැටි වූ මනස්කාන්ත කතාන්තරයක් පාඨකයා හමුවේ දිග හරිමිනි.
එය කියවා ඒ හෝ එම පොත වැඩි තේරුමක් ගත නොහැකි විය. මා මෙය කළයුතුව තිබුණේ, ප්‍රදර්ශන කුටියේ පසෙකට වී නොවේදැයි ඔබට සිතෙනු ඇත. වෙනත් දිනයක නම් මා කරන්නේද එයමය. නමුත්, පරිවර්තකයාගේ වෙනත් පරිවර්තන ඔහුගේ බ්ලොග් අඩවියෙන් ඒ වනවිටත් කියවා තිබු නිසා ඔහු තෝරාගෙන ඇති මෙම කෘතිය පිලිබඳ මට සැකයක් නොවිණි. ඉසබෙල් අයියන්දේ ද එවැනිම විශ්වාසයක් තැබිය හැකි රචිකාවියකි. ඇයගේ කතාව වෙනමම මෙහි සටහනක් පසුව තැබිය යුතුයැයි මට හැඟේ. එය ඒ තරම්ම විශ්මිත ජීවන සවාරියකි. මේ පොත කියවා අවසන් කළ පසු, එය සංක්ෂිප්ත කළහැකි හොඳම වදන් පෙළ ඊට එක් කොට ඇතිබව සහතිකය. පිටු 644 ක කතාවක්, පිටුවක අඩක් තුළින් ප්‍රකාශ කිරීම ප්‍රායෝගික නොවේ. ඇත්ත වශයෙන්ම එය පොත නොකියවූ කෙනෙකුට, පොත ගැන සම්පූර්ණ අදහසක් ගත හැකි රෙකමදාරුවක්ද නොවේ. නමුත් එහි ඇති ප්‍රංශ-අප්‍රිකානු වහල් ඝට්ටණය එහි රසවත් බව කරන ඉඟියන් වේ.
අප්‍රිකානු වහලුන් පිලිබඳ මා මුලින්ම දැන ගත්තේ අප ගම් ප්‍රදේශයට සංචාරකයෙකු ලෙස පැමිණි බ්‍රිතාන්‍ය ජාතික බ්‍රයන් මතාගෙනි. එකළ මට ඉංග්‍රීසි ගීත පිස්සුවක් පැවතිණි. විශේෂයෙන්ම රෙගේ සංගීතයටත්, එහි පියා වූ බොබ් මාලේ ගයන බෆලෝ සොල්ජා (Buffalo Soldier) ගීතයටත් මා විශේෂ ඇල්මක් දැක්වීය. එනිසාම මා ඔහු ලවා එහි වචන කාණ්ඩය ලියවා ගතිමි. පසුව එය දිව මතුරක් මෙන් මගේ දිවග පැවතිණි. ඔහු ඒ ගීතය ලියා දුන්නා පමණක් නොව, බටහිර ඉන්දීය දුපත් වල සංචාරය කළ ඔහුගේ අත්දැකීම් සහ වහල් භාවය පිලිබඳ කෙටි විස්තරයක් කළේය. බොබ් මාලේගේ අකල් මරණය ඔහු අදහන පිරිසට අදටත් අභිරහසකි. නමුත් ඔහු පවසන්නේ, බොබ් මතට ලොල් කරවූයේ ඇමරිකන් හමුදාව බවය. ඒ ඔහු තුවක්කුවෙන් නොවෙන ආකාරයකට විනාශ කිරීමේ අභිලාශයකිනි. එසේ නොවිණි නම් ඔහු තවත් චේ කෙනෙකු හෝ කැස්ත්‍රෝ කෙනෙකු වනු ඇති බව ඔවුන් කළ පූර්ව විනිශ්චය නිසා වන්නට හැක.
මේ පොත කියවාගෙන යත්දී එහි තිබූ සමහර ආගන්තුක වචන පිලිබඳ මා කෙළින්ම පරිවර්තකයා සමග සංවාදයේ යෙදිණි. ඇත්ත වශයෙන්ම පාඨකයෙකු ලබන දුර්වල අවස්ථාවකි. එම පොතෙහි එන එක් තැනක "තෙතේ තත්පර වුවාය" කියන වදන මා තුළ කුකුසක් ඇති කළේය. මා සිතුවේ ඔහුට යම් වැරදීමක් සිදු වී ඇති බවය. ඉතිං මා ඔහුට එය ඉක්මනින්ම දැනුම් දියයුතුය. මා මුහුණුපොත හරහා ඔහුට පණිවුඩයක් යැවීය. පිළිතුරු නොපමාව ලැබිණි.
මෙම බ්ලොග් අඩවිය හරහා කුඩා ලිපි සහ කෙටි කතා පරිවර්තනය කළ මා වැන්නෙකුට ඔහු යෝධයෙකි අනෙක් අතින් ගුරුවරයෙකි. ඉතා නිහතමානී පුද්ගලයෙකු වන ඔහුගෙන් ගුරුහරුකමක් ලබා ගැනීමට කිසිදු මාර්ග බාධකයක් නැත. මා ඔහු හඳුනා ගත්තේ ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් කියවීමෙන් අනතුරුවය. ඒ මගේ බ්ලොග් අඩවිය කියවන මර්සිගේ ඉංග්‍රීසි බ්ලොග් අඩවිය කියවූ අවස්ථාවකය. එයට ඔහු අදහස් ඉදිපත් පර තිබුණි. මේ පොත කියවූ පසු ඔහු කෙතරම් පරිපූර්ණ පරිවර්තකයෙකුදැයි ඔබට පැහැදිලි වනු ඇත. මේ පොතෙහි එන කොටස් මෙහි උපුටා දක්වා ඔබේ රසඥතාවට හානි කිරීම හෝ ඔහුගේ කෘතියට හානි කිරීම මාගේ අරමුණ නොවේ. මේ පොත ගැන බ්ලොග් සටහනක් තැබීමට මා ඔහුට පොරොන්දු වුයේ එය කියවන අතරතුරය. නමුත් මෙවර සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම පරිවර්තනය සඳහා සම්මානයටපාත්‍ර වී ඇති බව ජනක ඉනිමංකඩ මහතා ඔහුගේ මුහුණුපොතේ සටහන් කරනතුරුම අමතක වීම බලවත් වැරැද්දකි. නමුත් මා කැමතිම ඉංග්‍රීසි කියමනක් වන Better Late than Never (අතපසු කිරීමට වඩා ප්‍රමාදය හොඳයි) අනුව යමින් මේ සටහන තබමි. එය මගේ යුතුකමයි. එය ඔහු වෙනුවෙන් නොව, පොත් කියවන ඔබ වෙනුවෙනි. මේ පොත වෙනුවෙන් ඔබ වැය කරන හැම සතයක්ම අපතේ නොයන බවට මට සහතික විය හැකිය. මෙය හයිටිය පිලිබඳ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස සටහන් කිරීම වඩා උචිත බව මගේ හැඟීමයි. එහිදී ඉසබෙල් අයියන්දේගේ පරිකල්පනය ගැන ඇති වන විශ්මය මෙහිලා සටහන් කළ යුතුමය. කතාවක් තුළින් ප්‍රකාශ කිරීමට ඉතිහාස කරුණු සම්බාරයක් ඇය එකතු කරගෙන ඇත. නැතහොත් ඇයගේ පරිකප්ලනය තුළ ප්‍රබන්ධ කර ඇත. නමුත් වඩා පහසු ඉතිහාස කරුණු සම්පිණ්ඩනය කිරීම බව මගේ පුද්ගලික අදහසයි.
මේ පොත තුළින් ලොව පුරා රටවල් ආක්‍රමණය කළ ප්‍රංශ, ස්පාඥ්ඥ, පෘතුගාල්, ඕලන්ද, ඉංග්‍රීසි ජාතීන් ගෙන ගිය කෘර පාලනයන්, ඔවුන් හා සම්මිශ්‍ර වන ස්වදේශිකයින්, වහල් අරගලය, ඇමෙරිකානුවන්ගේ ආර්ථික වර්ධනයට කළු වහලුන්ගෙන් ලැබන පිටුවහල ආදී බොහෝ කරුණු ඔබට කියවිය හැකිය. මෙයට අමතරව ආගමික, සංස්කෘතික සහ සමාජීය සම්මිශ්‍රනය් සහ අරගල ගැන ඔබට දැන ගත හැකිය. කොටින්ම නිවහල් ජීවිතයක වටිනාකම ඔබට අවුබෝධ කර ගත හැකිය.
ඔහු රාජතාන්ත්‍රික නිලධාරියෙකි. පරිවර්තනය පිලිබඳ කැලණිය සරවියේ ආරාධිත ආචාර්ය වරයෙකි. ලක්බිම පත්‍රයේ හිටපු සහකාර පුවත් සංස්කාරක වරයෙකි. මා දන්නා තරමින් ඔහුට භාෂා කිහිපයක් පිළිබඳව මනා අවුබෝධයක් ඇත්තෙකි. වරක් හින්දි ගීත කිහිපයක් සිංහලට පරිවර්තනය කර තිබෙනු දකින්නට ලැබිණි. ඔහු ඉතාම සුහදශීලී පුද්ගලයෙකි බව ඔහු ඇසුරු කළ බොහෝ දෙනා පවසයි. මේ සියල්ලටම වඩා ඔහු බ්ලොග් කරුවෙකි.
ඔහුට මෙම සම්මානය ලැබිය යුතු බව පොත කියවන මොහොතේම මගේ සිතට ආ සිතුවිල්ල වුවද, කෙසේ සාධාරණය ඉටු වේදැයි මා තුළ සැකයක් පැවතිණි. සුදුස්සාට සුදුසු තැන ලැබී ඇති නිසා, ඒ ගැන වැඩි යමක් සටහන් නොකර, ඔහුට සුබ පතන්නට මෙය අවස්තාවක් කර ගනිමි. පුංචි හෝ දෙයක් ඔහුගෙන් මා උගෙන ඇත. එනිසා මට ඔහු ගුරුවරයෙකි.
නිලුක කදුරුගමුව මහතාට උණුසුම් සුබ පැතුම් !!!!
පොත ගැනත් පොතේ පරිවර්තකයා ගැනත් අගනා විස්තරයක්.
ReplyDeleteපොතේ තේරුං ගන්න බැරි දේවල් ගැන කතුවරයා එක්ක ඔන්ලයින් සාකච්ඡා කරනව කියන එකත් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.
බොහොම ස්තුතියි ප්‍රසන්න. එතුමා හිතා ගන්න බැරි තරම් නිහතමානී පුද්ගලයෙක්. හැබැයි ළඟදී බණකට කිවුවා, කිසිම පෘතග්ජනයෙක් නිහතමානී නෑ කියළා
Delete++++++++++++++++++
ReplyDeleteපොත බලන්න ප්‍රදීප්. මාර ලස්සනයි. චිත්ත රූප මැවෙනවා.
Deleteඅපෝ බං අපේ නිතික්ච තුමා චීත්ත රූප දිහා බලන්නේ නෑ.. හැක්
Deleteඋඹ කියන්නේ බැලෙනවා කියලද ?
Deleteකරන කියන දෑ අතින් යෝධයෙක් වුවද නිලුක කදුරුගමුව මහතා ඉතා නිහතමානී පුද්ගලයෙකි. ඔහුට සුබ පතන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.
ReplyDeleteසමහරවිට හැලපේ අයියා දන්නවත් ඇති.
Deleteලඟම හිතවතෙකි.
Deleteනිලූකට පිස්සුද මේ හැලපේ වගේ එකෙක් හිතවත් කරගන්න.. හැක්
Deleteඑහෙම තමා. රට රටවල සේවයේ යෙදුනු උදවිය.
Deleteමෙම සටහන මගිනුයි මා දැනගත්තේ නිලූක ජයග්‍රහණය කරඇති බව. ඒ කාලේ ආසාවෙන් කියවූ බ්ලොගක් නිලූකගේ බ්ලොගය. හුග කාලෙකින් ඒකනං අප්ඩේට් උනේ නෑ මට මතක විදියට. නීලූකට උණූසුම් සුභ පැතුම්. තව එකක් බ්ලොගයේ ඕනෑම කමෙන්ටුවකට උත්තර දීමටත් ඔහු නොපැකිළිව කටයුතු කරනවා.
ReplyDeleteඑතනදී ඔහු හැසිරෙන්නේ බ්ලොග් කරුවෙක් විදියට. තමන්ගේ අනං-මනං තාන්න-මාන්න අදාලා කර ගන්නේ නෑ.
Deleteමගෙත් සුබ පැතුම් ඔහුට.!
ReplyDeleteමාත් ඔහු දැනගත්තේ ඔහුගේ බ්ලොග් අඩවියෙන්.ඔහු පරිවර්තනය කල එක කෘතියක් මා සතුයි.ඒ විදර්ශන ප්‍රකාශනයක්ම වෙච්චි "වධකයන් ලුහු බැඳ මියුනික් කරා" යන පරිවර්තන කෘතියයි.
හොඳ ඔත්තුවක්. ඒකත් අරං බලන්න ඕනේ.
Delete"තත්ත්පර" කියලා සිංහල වචනයක් ඇහුවමයි...
ReplyDeleteමම නම් නිලූකගේ බ්ලොග් එක කියවලා නෑ.. ඔහුට ජය පතමි !
අප්‍රිකාණු කතා වල අමුතු ගතියක් තියනවා තමා.. පරිවර්තනය හොඳනම් ඒ ගතිය දැනෙනවා වැඩියි..
alert කියන වචනයට තමයි තත්පර කියන සිංහල යෙදුම භාවිතා කරලා තිබුණේ. මට හිතෙනවා යුහුසුළු වගේ වචනයක් වුණත් එතැනට ගැලපෙනවා කියළා.
Deleteඇත්ත සෙන්නා වගේම මමත් අප්‍රිකානු කතා වලට ප්‍රිය කරනවා. කල්ලන් අපි හිතන තරම් රෞද්‍ර නෑ. ඒක මේ කතාව කියෙව්වම තේරෙනවා. අවි ආයුධ ඉදිරියේ ඔවුන් කෙතරම් අහිංසකද කියළා. මේ කතාවේ හැබැයි රෞද්‍ර කෙනෙකුත් ඉන්නවා, මට මතක හැටියට කැම්බ්‍රේ. නිලුක කදුරුගමුවගේ පරිවර්තන ඉතා විශිෂ්ඨයි. මට ඒ ගැන භය නැතිව කියන්න පුළුවන්.
සිංහල පොත්පත් වල තත්පර වෙනවා කියන වචනය යෙදෙනවා මම දැකල තියෙනවා...
Deleteහැබැයි, ඒ යෙදිච්ච අවස්ථා මට මතක විදිහට යුහුසුළු වීමකට නෙමෙයි වගේ තමයි මතක. යුහුසුළු වෙනවා කියන එකේ විරුද්ධාර්ථය ඒ කියන්නේ කල් ගන්නවා වගේ ක්‍රියාවක් වෙනුවෙන් මේ වචනය යෙදෙනවා වගේ මතකයක් තමයි මට තියෙන්නේ...
නමුත් පැය වෙනවා කිව්වොත් නම් වෙලාව ගන්න අර්ථය එනවා නේද? මචං :), තත්පර කියන්නේ ශණයකින් වගේ තේරුමක් එනවා කියළා මට හිතෙනවා.
Deleteහොඳ ඔත්තුවක්. මම නම් පොත සහ පරිවර්තකයා ගැන දැන ගත්තෙත් අදමයි. ඔහුගේ බ්ලොග් අඩවිය මොකක් ද?
ReplyDeleteපැතුම්. අඩවියේ නම පරිවර්තන
Deletehttp://nilukakadurugamuwa.blogspot.com/
එත පාරක් කියවල අතාරින්න බැරි කෙටි කතා හෙම ඒකේ තියෙනවා
දේශා මට ඉස්සර වුණා. කොහොම හරි උත්තරේ ලැබුණානේ. ඔහුගේ වචන සම්භාරය(Vocabulary) ඉතා පෘතුල මට්ටමේ තිබෙන බව මට බය නැතිව කියන්න පුළුවන්. මේ පොතෙන් අඩුම වශයෙන් නව හෝ භාවිතයෙන් ඉවත් වීමට ආසන්න වචන 100 කට වඩා හොයා ගන්න පුළුවන්.
Deleteනිලුක කදුරුගමුව මහතාට උණුසුම් සුබ පැතුම් !!!!
ReplyDeleteමට මතක හැටියට ඔහුගේ පරිවර්තනයක් බ්ලොග් සම්මාන උළෙලකට නිර්දේශ වුණා. ඒ කී වැනි එකටද කියළා මතක නෑ. ඒ ගැන ප.ලි. එකක් ලියන්න හිතනකොටම හරි මිනිහගේ කමෙන්ට් එකක් වැටිලා. ඔන්න මම මෙතැනම ඒ අදහස අත හැරියා.
Deleteමට කොටු විතරයි පෙනේන්නේ
ReplyDeleteමේ ප්‍රශ්නේ කීප දෙනෙක්ම කිවුවා. බ්‍රවුසර් එක මාරු කරලා බලන්න. ෆයර්ෆොක්ස් භාවිතා කරලා බලන්න.
Deleteමේ බ්ලොගේ කිසිම දෙයක් මට කියවන්න බැහැ. අකුරු එන්නේ නැහැ. මොකක් හරි ෆන්ට් එකක් install කරන්න ඕනෙද ?
ReplyDeleteනෑ. මචං මේක බ්‍රවුසර් එකේ අවුලක් බව තමයි මතකය. ක්‍රෝම් වලට තමයි මගේ මතකය හැටියට ඔහොම වෙන්නේ. ෆයර්ෆොක්ස් පාවිච්චි කරලා බලන්න.
Deleteඒ බ්ලොග් එක කියවලා නැහැ, දුෂකයා දාපු ලින්ක් එකෙන් ගිහින් බලන්න ඕනේ...
ReplyDeleteපවු බං. දූෂකයා කියන්න එපා. ඌ ආසාවෙන් දාගෙන ඉන්න නමනේ.
Delete