අද බ්ලොග්කරණයේ හෝ මුහුණුපොත් සටහන්කරණයේ යෙදෙන යෙදෙන බොහෝ දෙනෙකු තම ළමා කාළයේ කියවීමේ පිපාසයෙන් පෙළුණු අය බව නොකිවමනාය. මන්ද අන්තර්ජාල ව්‍යාප්තිය ලොව පුරා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිදු වන්නේ 1995 න් පසුව වීම එයට ප්‍රධාන සාධකයකි. අනෙක ඊ කියවීම් උපාංග බිහි වන්නේදේ, පසුගිය දශකය හෝ ඉන් මෑතකදී සිට බව නොරහසකි. ඉදින් අප කුඩා කාළයේ පිපාසය නිවා සනහා ගන්නට තිබූ මාර්ග බොහෝ ස්වල්ප මෙන්ම, සියල්ලන්ටම පොදු ආකාරයේ ඒවා වීමය. අපේ යුගයේ ප්‍රධාන කියවීම් මාධ්‍යයන් ලෙස සැලකිල්ලට ගත හැක්කේ, පොත්, පුවත්පත්, සඟරා, සංගම් වාර ප්‍රකාශන යන දේය. ඒ වනවිටත් පුස්කොලපොත් පරිහණය සංගයා වහන්සේලාට සහ පාරම්පරික වෙද පවුල් වලට සීමා වී තිබීම නිසා, අපගේ පරම්පරාව නියෝජනය කරන කෙනෙකුට එම අවස්ථාව උදා වුවා නම්, ඒ ඉතා විරල ගණයේ එකකි.
එනිසා අපේ පරම්පරාවේ කෙනෙකුට අතට අහුවෙන ඕනෑම ලියවිල්ලක් කියවීම නිරායාසයෙන් සිදු වූ දෙයක්. විශේෂයෙන්ම චිත්‍රකතා, අපේ කාළයේ තරුණ පරම්පරාව අතර බොහෝ ජනප්‍රිය මාධ්‍යයක් වී තිබුණා. ඒ ගැන සඳහන් කරනවිට මින්පෙර සටහන් වල මා සඳහන් කර ඇතිද යන්න නිසැක මතකයක් නැතත් මේ අවස්ථාසම්බන්ධය මෙහි සටහන් නොකළහොත්, මෙය මුළින්ම කියවන කෙනෙකුට සිදු කරන අසාධාරණයකි. මගේ ගමේ ඉදිරිපිට එකළ පැරණි ආකාරයේ නිවසක් සහ ඉන් පිටුපස තවත් එවැනිම නිවසකින් සමන්විත, පැරණි, සිංහල උළු හෙවිලි කළ නිවසක් විය. ගුණසේකර වලව්වට අයත් මේ නිවසේ, අප දන්නා කාලයේ පටන් ජීවත් වුයේ කුලී නිවැසියන්ය. මා මේ කියන කාළයේ ජීවත් වූයේ බෙන්තොට සමූපකාරයේ කලමනාකාරිනියක් වූ හැරියට් ඇන්ටී යනුවෙන් අප ඇමතු කාන්තාව සහ ඇයගේ පවුලේ සෙසු කිහිප දෙනාය. නමුත් ඇයගේ මහළු මව්පිය ජෝඩුව ළඟ, ලග මාස දෙකක, මියපරලොව පත් වූයේ, ළමා කාළයේ විසූ, අපටනම් ඉබ්බා දියේ දැම්මා වැනි අවස්තාවක් උදා කරමිණි. එකළ අපේ ගමේ මලගමක් සිදු වූවානම්, එය සම්ප්‍රදායික ගම්වැසියන්ගේ නිවසක සිදු වුවාද, නැතිනම් පිටස්තර කුළී නිවැසියන්ගේ නිවසක සිදු වූවාදැයි, නොසොයා රෑ දිවා වෙහෙසෙන, වැඩිහිටි පරම්පරාවක් අපේ ගමේ කවදත් ජීවත් විය. අද තත්වයද වැඩි වෙනසක් නැති බව මගේ විශ්වාසයයි.
මළගමෙහි කටයුතු අවසන්වී දෙදිනකින් පමණ, හත්දවසේ බණ කියන දින උදා වන්නේ, එකළ මෘත ශරීරයක් නිවසක තබා ගන්නා කාළය ගැන ඉඟියක් ලබා දෙමිනි. එවැනි අවස්ථාවක මළගම, ඇති නිවසේ බතක් ඉදෙන්නේ නැති වුවද, අසල්වැසි නිවෙස් තුන්වෙල් වෙන් කරගනිමින්, පැමිණෙන සියල්ලට ආහාර පාන මෙන්ම තේ වේල් කිහිපයක්ද ලබා දෙන්නේ කිසිදු අහිතක් නැතිවය. සමහරවිටෙක මේවා බෙදා ගන්නට තරගයක, යෙදෙන අවස්ථාද විරළ නොවේ. මෙකී බණ පැවති දිනයේ, පැට්‍රෝමැක්ස් ලාම්පුවකින් එලිය කළ එම නිවසේ බණ දේශනාව සිදු කරන ලද්දේ, බෙන්තොට උඩකොටුව රජ මහ විහාරාධිපති බෙන්තර සෝමසිරි හිමියන් විසිණි. ඒ කාළයේ අප උන් වහන්සේට පෙනෙන්නට පන්සල් භූමිය පැත්තේ සැරිසරන්නට කුඩා මෙන්ම වැඩිහිටි කවුරුත් භියක් දැක්වීය. උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙකුට ආවේනික කරුණාවන්ත භාවයෙන් මදක් ඔබ්බට ගොස්, ආවේණික දුෂ්ඨ ස්වභාවයක් ඉසිලීය. ඒ එකල අප උන් වහන්සේ දුටු ආකාරයය. උන් වහන්සේගේ ඒ හැසිරීමට හේතුව, දැඩි නීති රීති සහිතව පන්සල පරිපාලනය කිරීම බව අද මගේ විශ්වාසයයි. එකළ අපට තිබූ ප්‍රධාන ගැටළුව වුයේ පන්සල වත්තේ ඇති පලතුරු ගස්වල තිබෙන ගෙඩි-කරල් තබා, බිම වැටී තිබෙන එකක් වත් අහුලා ගැනීමට උන් වහන්සේගේ දෑසට හොරෙන් කළ නොහැකි වීමය. නැතිනම් අපට පන්සලේ තිබූ විශේෂයක් නැත. යන්නම් වාලේ එහි බඩගාන අපට ගෙදර එන්නට පෙර සෝමසිරි ලොකු හාමුදුරුවන්ගේ, වේවැල් පහරක් හෝ අවුවේ දණගසා සිටින දඬුවමක් නොලැබ පැමිණෙන්නට නම් උගහට කරුණකි.
නමුත් අප පන්සලේ දෙවනියා වූඕපාත විමලසිරි ස්වාමීන් වහන්සේ සහ ඉන් පහළ දෙනම(දෙදෙනාම අද ගිහියන් වී ඇත).සාමනේර වයසේ පසුවූ හිමිගේ නම මට නිශ්චිතවම අද මතකයක් නැතත්, එකළ අප දෙදෙනාගේ ඉතා සමීප මිත්‍රත්වයක් විය. උන් වහන්සේ සතිපතා මිලදී ගන්නා සිත්තර පත්තරේ, පන්සලේ වැට මායිමට ගොස් ඉල්ලාගෙන, මිටින් මුදාහල කුරුල්ලෙකු සේ, පන්සල කන්දේ සිට, එය ආසන්නයේ සිටි අපගේ නිවසට දිව එන්නේ, කියවීම පිළිබඳ අපතුල තිබූ පිපාසාව මොනවට පැහැදිලි කරමිණි. මගේ පැමිණීම අපේක්ෂාවෙන් පසුවෙන අපේ අක්කා සහ ලොකු අම්මාගේ දුව වූ චූටි අක්කා බලා සිටින්නෝය. මොහොතකින් එහි කෑලි කඩාගෙන අපේ රුචිකත්වය අනුව කියවන්නට පටන් ගනිමු. ආ මුලින්ම ටෝගා, යුනිකෝ, කියවන අතර ඉන්පසු කියවන්නේ කැමිලස්ගේ ගජමෑන් කියවීමෙන් අනතුරුව එහි තිබෙන, ඉතිං ඊට පස්සේ සිට සියලු කථා කියවන්නෙමු. ඉන් පස්සේ සතියක් බලා සිටිමු. තාත්තා ගෙනෙන පත්තර සියල්ලද අප කියවා දමමු. අහුවෙන සියල්ල කියවා ඔහේ බලා සිටිමු. රූපවාහිනියක් නිවසක නැති එකළ, සවස පහට තම දෙවෙනි විකාශන කාළය ආරම්භ කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සහ සිංහල දෙවෙනි සේවය වටා අප එකතු වන්නේ සවන් දිය හැකි සියල්ලට සවන් දෙන්නය. ඒ සියල්ල අවසන් කළද අපේ පිපාසාව සංසිදෙන්නේ නැත.
ඒ අඩුව පුරවා ගන්නට අප කළ දෙවෙනි කාර්යය පොත් හුවමාරු කරගෙන කියවීමය. තාත්තගේ පාසලෙන් ගෙනෙන පොත් සහ ගමේ පුස්තකාලයෙන් ගෙනන පොත් කියවීමය. මාගේ තවත් පුරුද්දක් වුයේ, ගාලු පාරේ අපේ නිවසට හැරෙන හන්දියේ තිබෙන සුහද කැෆේ නම් පත්තර කඩයට පාසල් කාලයෙන් පසු ගොස් තිබෙන පත්තර ඉල්ලගෙන කියවීමය. එකළ අපට ඉංග්‍රීසි කියවීමේ හැකියාවක් නැති නිසා, සියළු සිංහල පත්තර, හානියක් නොවන ලෙස ප්‍රවේසමෙන් කියවා ආපසු භාර දී ගෙදර එමු. ඉන්පසු ප්ට්ටනියේ කාළය ගත කළෙමු. බොහෝ දෙනෙකුට නැති, මා තවමත් කරන, තවත් එක්තරා පුරුද්දක් ගැන සටහන් කිරීමට මා තීරණය කළේ, මේ චේන් චැලේන්ජ් මාලාවට තවත් එකක් එකතු කිරීමේ අදහසිනි. මට අමතරව මෙය කියවන ඔබටද එවැනි පුරුදු තිබෙන්නට හැක.
මා එදා සිට අද දක්වා කරන, මේ පුරුද්ද විවිද දේ නිවසට ගෙන එන කඩදාසි කවර ප්‍රවේසමෙන් දිග හැර කියවීමයි. මේ පුරුද්ද කුඩා කළ සිට අද දක්වා කරගෙන එන්නකි. ඒ මගින් රටේ තිබෙන විවිධ දේ පිලිබඳ අවුබෝධයක් ලබා ගත හැකිය. විශේෂයෙන්ම මා පරිගණක පාඨමාලාවන් හදාරන යුගයේ මුද්‍රිත සැලසුම් කිරීමට මෙසේ එකතු කරගත් විවිධ ආයතන වල ඉන්වොයිස්, වාර්තා සහ බිල්පත් උපයෝගී කර ගතිමි. අදද මා මේ තුලින් පෝෂණය ලබා ගනිමි. මේවා නැවත කරළියට එන්නේ ෂොපින් බෑග් තහනමත් සමගය. මට ඊයේ එවැනි ඉතා වැදගත් ලියවිල්ලක් හමු විය. එහි පින්තූර මෙසේ එකතු කරමි. ඔබට මා දෙන චැලේන්ජ් එක අද සිට මේ මාසය තුළ ඔබට ලැබෙන කඩදාසි කවර වල පින්තූරයක් වත් ඔබගේ බ්ලොග් අඩවියේ පළ කරන ලෙසය. සාහිත්‍ය මාසයේ කියවන්නාට අලුත් යමක් දීම මින් සිදු කළ හැක.
මේ වගේ පුරුද්දක් තිබුනද ? නැතිනම් මේ වගේ කවරයක් කියවලා තියෙනවද ? දැන් ඔයාගේ වාරේ. ලියන්න ඒ වගේ එකක් ගැන.
ReplyDeleteකාලෙකින් එහෙම කොලයක් අතට අහු වුනේ නෑ සුධීක. බලමු, එකක් අහු වුනොත් අනිවා දානවා...
ReplyDeleteමේකෙන් අනවශ්‍ය බිස්නස් ප්‍රොමෝෂන් එකක් වෙනවද කියළා මම කල්පනා කළේ. මගේ යාලුවෙක්ගෙ නැන්දම්මා තමයි එයාට බත් ඔතන්නේ. දුවට අසනීප දවසට බත් ඔතන්නේ වෙළඳ දැන්වීම් තියෙන ඒවා. හැබැයි මංගල යෝජනා පිටුව නම් නෑ. අනික් දවස් වලට රූමතියෝ ඉන්න ඒවා. ඒකෙන් මිතුරා සෙන්ස් කරනවා ගෙදර තත්වේ.
Deleteචිත්‍ර කතා නම් බැලුවා ඉස්සර ඔය වගේම පිටු බෙදාගෙන... කඩදාසි කවර නම් මෙහෙ හොයන්න නෑ.. හෙහ් හෙහ්
ReplyDeleteමගේ නිරීක්ෂණයට අනුව මැලේසියාවේ කෑම දෙන්නේ, එක පැත්තක් ඊයම් කොළේ වගේ තියෙන, අනිත් පැත්ත සිමෙන්ති කොළේ වගේ තියෙන කඩදාසි වල. ඊයම් පැත්ත පෙෙඟෙන්නේ නෑ. ඒක අල්ල උඩ තියාගෙන ඒ අය කනවා, හැන්දෙන්. බීම වර්ග නම් ෂොපින් බෑග්, වලට බටයක් දාලා, හරි අපූරුවට, ඉක්මනට ඔතලා දෙනවා යන ගමන් බොන්න. මැලේසියන් කාරයෝ පැණි බීම මරුවෝ. පත්තර භාවිතාව නම් ලංකාවෙත් දැන් තහනම්.
Deleteමට පේන විදිහට මේ තියෙන කොලේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්කියක් නඩු වාර්තාවකට එකතු වෙච්චි වෙලාවක්.
ReplyDeleteඉස්සර ඔය කොළ කියවන පුරුද්ද සැරටම තිබ්බා. අපේ හන්දියේ කඩයක සීනි එහෙම ඔතලා දෙන කොළ ඔක්කොම අරාබි පත්තර. කියවීමේ මේනියාව කොච්චරද කිව්වොත් ඔය පත්තර කෑලි අරගෙන එව්වගේ පින්තුර ටික හරි බලනවා.
දැන් ටිකක් ඒ ගතිය අඩු වෙලා. වැඩි වෙලාවක් කොම්පිතරේ එක්ක ගනුදෙනු නිසා වෙන්නැති.
නාඩියා උඹේ මේ කතාවයි. කලින් පොස්ට් එකක තිබුණ "අද" පත්තරේ විකුණන කොල්ලෙකුගේ කතාවයි එක්ක මට මගේ යාලුවෙක් කියපු කතාවක් මතක් වුණා. විශ්‍රාම ගත්තට පස්සේ සිල්ලර කඩයක් දා ගත්ත මේ කියන යාළුවගේ තාත්තා පත්තර කියවන්න, ටී.වී. බලන්න බොහොම ඇබ්බැහි වෙච්ච කෙනෙක්. කඩේ ඩීප් ෆරීසර් එක උඩ තියාගෙන තමයි පත්තර බලන්නේ. ඒ වෙලාවට කවුරු හරි ඇවිත් මොනවා හරි ඉල්ලුවොත් නෑ, ඒවා නෑ. කියළා පුරුද්දක් විදියටම කියනවලු. දවසක් කෙනෙක් කඩේ තියෙන දෙයක් පෙන්නලා, අර තියෙන්නේ, ඇයි නෑ කියන්නේ කියළා අහලා තියෙනවා. එතකොට අය පියා උත්තර දීලා තියෙන්නේ. ඒවායේ එක්ස්පයර් ඩෙට් පැනලා කියළා මග ඇරියලු. කියවීමට ඒ තරම්ම එයා ඇබ්බැහි වෙලා.
Deleteඅපෙත් කියවීම ඒ කාලෙ ඔහොම තමයි. කඩේට බඩු ඔතන්න කිලෝ ගානට ගේන පත්තර හැම එකක්ම වගේ කියෝනව. පිටරට ඒව උනත් අඩුමගානෙ රූප බලන්න හරි පෙරලනව.
ReplyDeleteමේ පැත්තෙනං ඔය වගේ කවර හැදෙන්නෙ ගොඩක් වෙලාවට කොපි පොත් වලින් තමයි.
මේක එක අතකින් දැනුම හුවමාරුවක් වෙනවා වගේම. තව පැත්තකින් හොඳ දේ විනාශ වීමක්. අර ඇසෙට් ලයින් ඇඩ් එකේ තියෙන්නේ. පොත් එකතු කරන කොළු පැටියෙක් පසුව වෙලා, ඒ පොත් දීපු කඩේ තරුණ මුදලාලිට ඉංග්‍රීසි උගන්වන දර්ශනයක්. අපි හොටෙල් වල වැඩ කරන කාලේ නම්, විවිධ වර්ග වල මැගසින් අපි අතරේ හුවමාරු වුණා. දැන් වගේ වීඩියෝ නොතිබුණ, ඒ කාලේ ඒවා මහර්ඝ වස්තු වුණා.
Delete+++++++++++++++++++++++++++++++
ReplyDeleteඇහුවට සමා වෙන්ඩ ආයිබොවන්ඩ, ඔහේද අර අලි වැටවල් ගහන කොන්ත්‍රාත් එක භාර ගත්තේ?
Deleteඑළකිරි! මම මේ කල්පනා කරේ දැන් මොනවගේ අයිටම් එකක් ගත්තොත් ද ප්රින්ටඩ් කඩදාසි කවරයක දාලා හම්බ වෙන්නේ කියල.. මතක විදියට වඩේ, ටෙස්ට් කඩල, මුරුක්කු වගේ ඒවා තාම ඔහොම කඩදාසි කවර වල දාලා දෙනවා. මේ චැලේන්ජ් එකටනම් අනිවා සෙට් වෙනවා. :)
ReplyDeleteමට නම් දුන්නේ හොදි පාර්සලයක්. බොරැල්ලේ සිරි රම්‍ය හෝටලයෙන්. අහන්න සන්තෝෂයි. මේ වගේ ඒවා දෙන තවත් තැනක් තමයි, රෙදි කඩ. ඒ කියන්නේ රේන්ද, නූල් එහෙම විකුණන, පරණ මාදිලියේ කඩ.
Deleteඔක්කොම කවර කියෙව්වා. ඉස්සර කඩල, රට කජු දෙන්නේ පරණ පාසැල් පොත් වලින් ගත්ත කොල වල. ඒවයේ ලියල තියෙන රචනා කෑලි එහෙමත් කියවනවා. බත් ඔතාගෙන යන පත්තර කොල කියවීමත් මරු. බත් කනවට වඩා ජොලි.
ReplyDeleteමම නං කවරෙ ගලවලත් කියවනවා. බලමු හමුඋනාම දාන්නං ඒත් හෑල්ලක් ලියන එක නෙව එපා වෙන්නෙ
ReplyDeleteකුතුහලයක් තියෙන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම ඉරලා බලනවා. මට හමු වෙච්ච ලස්සන කවි පන්තියක්, මම කොහේ හෝ අරං තිබ්බා. අපේ ඔෆිස් එකට ISO ගන්න ගිය වෙලාවේ මේවා අස්ථාන ගත වුණා. හෑල්ලක් ඕනේ නෑ, දැන් චැලේන්ජ් එක දීල තියෙන නිසා ඒ ගැන ලියලා ෆොටෝ එක දාමු. එහෙනං උපකාරයක් විදියට ඒ intro පාර්ට් එකත් මමම (සිංහල භාෂාවේ තියෙන අපූරුම වචනයක්, එකම අකුර තුන්පාරක් ලියලා හදන්න පුළුවන් වචනයක්) ලියන්නම්. කොපි පේස්ට් කරළා දාපං.
Deleteඇවිද්ද පය ...... ලියන සුදීක එයාගේ බ්ලොග් එකේ කරපු කඩදාසි කවර චැලේන්ජ් එකෙන් මාවත් ඒකට ඈඳලා තිබුණ නිසා මේ පොස්ට් එක ලියන්න හිතුවා. චැලේන්ජ් එක තමයි අපිට එදිනෙදා, කඩ සාප්පු වලින් දෙන කඩදාසි කවර වල තියෙන, හිත් ගන්නාසුළු දේවල් තියෙන එකක් තෝරාගෙන, ඒකෙ චායාරූපයක් එක්ක මේ කොටසත් කොපි කරළා, තමන් මේකට එකතු කරගන්න කැමති අයත් එක්කාසු කරගෙන තමන්ගේ බ්ලොග් එකේ ඵල කරන එක. ඔන්න ඉතිං මමත් ඒ චැලේන්ජ් එක භාර ගත්තා. මම ඒකට මෙන්න මේ අයව එකතු කර ගන්නවා. ඔයාලත් කැමති නම් එකතු වෙන්න. මේක හරි අපූරු අත්දැකීමක් වෙයි.
තව දෙයක් මතක් වුණා. අපිට උසස් පෙළ ගණිතය උගන්නපු සර් කෙනෙක් කිවුවා, එයාගේ ගණන් පොතක පිටුවක් රටකජු ගොට්ටක් විදියට එයාටා හම්බ වුණා කියළා. බිග් මැච් එක දවසේ ඒ සර්ව හම්බ වුණා. මගේ නම අහගත්තා , එයා කියනවා, බලපු හැම උත්තර පත්තරයකම ලකුණු එයා ගාව තියෙනවා කියළා. හරි අපූරු ගුරුතුමෙක්.
ReplyDeleteමමත් තවම ඔය කඩදාසි කවර ගලවල කියවන එක කරනවා. හරි අපූරු දේවල් කියවන්න ලැබෙනවා.
ReplyDeleteඑහෙම එකතුවක් එහෙම නැතෙයි ? මම හොඳ ඒවා සංරක්ෂණය කරනවා.
Deleteමේ සටහනට ප.ලි. කොටසක් එකතු කරන්න සිදු වුණා. මොකද සෝමසිරි හාමුදුරුවෝ මට දීපු අවවාදය සහ මම ගැන කරපු අනාවැකිය ලියන්න අමතක වුණා.
ReplyDeleteඑදා මට මේ වගේම හමු වුණු සිත්තර පත්තරේ පිටු දෙකක් හතට අටට නාවලා සාක්කුවේ දාගෙන හිටියේ. බණ කියන තැන තේ විවේකයට නවත්තපු වෙලාවේ, මම මේ පත්තර කෑල්ල අතට අරගෙන කියවන්න පටන් ගත්ත්තා. වටාපතින් පවන් ගහන අස්සෙන් සෝමසිරි ස්වාමීන් වහන්සේගේ උකුසු ඇසට මේක අහු වුණා. උන් වහන්සේ කාටත් ඇහෙන්න බණ කතාවේ ඉන්ටවල් කතාව මෙහෙම කිවුවා
"කන්නන්ගර ඉස්කෝලේ මහත්තයාගේ පුතා, හරි ෂෝක් විනෝදාංශයක් පටන් අරගෙන. චිත්‍රකතා පත්තර කියවන්න. මේවා කියවන උදවියට කවදාවත් ජීවිතේ ජය ගන්න ලැබෙන්නේ නෑ. මම දැකලා තියෙනව ඕවට ඇබ්බැහි වුණු අයගේ ජීවිත බොහොම අඳුරු වෙලා, අපි ලඟට අරගෙන එනවා උපදෙස් දෙන්න. මේ වයසට කියවන්න වැදගත් දේවල් තියෙනවා. මම දැකලා තියෙනවා මේ ළමයා අපේ පොඩි නමත් එක්කත් මේ පත්තර හුවමාරුව කරනවා. මීට පස්සේ ඔය වැඩ වලට පන්සලට එනවා එහෙම නෙවෙයි"
මේක අහලා ඒකෙ දෙවෙනි දේශනාව මට අපේ අම්මා දුන්නා. නමුත් ඒ පත්තර, මල් පත්තර, අස අර පත්තරත් බලලා මට ලොකුවට වැරදුනේ නම් නෑ. ලොකුවට හරි ගියෙත් නෑ :) . මට කොහොමත් ඔය අනික් අය පෙරලගෙන ලොකු ගමන් යන පුරුදුදක් නෑ. නමුත් මම මගේ පන්තියේ හිටපු මිල්රෝයිට, ඒ කාලේ පාඩම් කියවන්න බැරිව, ගුරුතුමාගෙන් දඬුවම් විඳිනවා බලන් ඉන්න බැරි වෙලා, එයාලගේ අම්මට කිවුවා චිත්‍රකතා පත්තරයක් ගන්න ගෙදරට, එතකොට එයා කියවන්න පුරුදු වෙයි කියළා. එතකොට අපි පහේ පන්තියේ. මාස දෙකක් යනකොට මෙන්න මේක හොඳට පාඩම් කියවනවා.
හාමුදුරුවො දන්න බම්බුව.. අපිට කියවීමේ ඇබ්බැහිය ඇති කලේ චිත්‍ර කතා පත්තර.. ආයෙ දෙකක් නෑ..
Deleteඅපේ තාත්තා හැම සතියෙම සතුට පත්තරෙයි, සිත්තර පත්තරෙයි ගත්තා. ඒවා අපිටත් කියවන්න දුන්නා. මට මතක විධිහට අපි එකේ දෙකේ ඉන්න කාලේ ඉඳන් චිත්‍ර කතා පත්තර බැලුවා..
එතකොට අපි ඉංග්‍රීසි පංති ගියාම, ඒ ටීචර්ගෙ ගෙදර, තියන ඔක්කොම පත්තර ජාති ගත්තා.( කමියා දන්නවා මේ ටීචර්ගෙ පුතාව) සතුට, මධුර, සිත්තර, සත්සිරි, මිහිර, විජය... ඔය ඔක්කෝ අපිට කියවන්න ටීච්ර්ගෙන්වත් තහනමක් තිබුනේ නෑ. සමහර වෙලාවට අපි පන්ති ඉවර වෙලා, පත්තර ඔක්කොම කියවලා තමා ගෙදර යන්නේ...
ඒ වගේ පඬි රුවනක් කිවුවම ඉතිං අපේ දෙමවුපියන්ටත් හරි ලොකු වුණා. මොකද ඒගොල්ල කියපු කිසි දෙයක් වැරදිලා නැත කියළානේ විශ්වාසෙ. නමුත් මම හැමදාම උඩුගං බලා පීනපු කෙනෙක්. වැරදුණු අවස්ථා නැත්තේම නෑ. හාමුදුරුවෝ හිතං ඉන්න ඇත්තේ එයා දන්න දේ තමයි හරි කියළා.
Deleteමිල්රෝයිගෙ ට්‍රික් එක නියමයි. පට්ට ප්‍රායෝගිකයි.
Deleteඅයියො සංසාරෙ කියුව. ඉස්සරමම උදේ නැගිට්ට ගමන් අතට අහුවුන පත්තර කෑල්ලක් අරන් වොශ් රූම් යන්නෙ ආයෙ පැයකට එන්නෙ නෑ අම්මා තාමත් මතක් කර කර බනිනවා
ReplyDeleteඅප්පට සිරි. නරකම පුරුද්දක්. මොකද ඒ වැඩේ කරත්දී තමයි අයිඩියා එන්නේ. ඒ නිසා පත්තර බැලිල්ල හොඳ නෑ. අනික වැඩි වෙලා රැඳෙන්න හොඳ තැනක් නෙවෙයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඑක නම් සුපිරි විනෝදාංශයක් තමයි මචෝ.
ReplyDeleteඅපේ ගෙදරට ගෙන ගොඩක් දේවල් දැන් එන්නේ පොලිතින් කවර වල.
හැබැයි අර උද එකෙක් කියලා තියෙනවා වගේ ටේස් කඩල හෙම නම් තාමත් ඔතන්නේ පොත් පත්තර කොලවල.
අනිවා ට්‍රයි එකක් දෙන්නම් උඹේ චැලේන්ජ් එකට සැට් වෙන්න...
මේවායින් බොහෝ වැදගත් තොරතුරු ලැබිලා තියෙනවා. මේ පුරුද්ද නම් අත අර ගන්න බැරි වෙයි.
Deleteඅපි පොඩි කාලෙ කියවපු චිත්‍රකතා දාන බ්ලොග් එකක් තියෙනව https://slcomics.wordpress.com
ReplyDeleteමේක ගැන මම දැනගත්තෙ අජිත් කුමාරගෙ බ්ලොග් දර්ශකයෙන්
ඒක මම ෆලෝ කරනවා. මට ඒ ගැන කිව්වේ මෑතකදී අපි අතරින් වියෝ වුණු සරත් මධු මහත්මයා. එතුමාව මට අහම්බෙන් මුහුණුපොතෙන් හමු වුණා.
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDeleteබොහොම ස්තුතියි අනුරුද්ධ. ලිවීමේදී මම අකමැති අංශ තියෙන්නේ බොහොම ටිකයි. කවි ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. නමුත් උත්සාහ කර තිබෙනවා. නමුත් දෝෂ සහිතයි. වැඩියෙන්ම කැමති පරිවර්තන කරන්න.
Delete