මේ දවස් වල ඩිස්කවරි නාලිකාවේ යන "මෑන් වර්සස් වයිල්ඩ්" (Man vs Wild) ඒ කියන්නේ වනයට එදිරිව මිනිසා යන තේරුම. බෙයාර් ග්‍රිල්ස් (Bear Grylls)කියන ඉංග්‍රීසි ජාතිකයා ලෝකයේ අමාරුම ස්ථාන වලට ගුවනින් බැස රාත්‍රියක් හෝ කිහිපයක් ගත කරන අත්දැකීම බෙදා හදා ගන්න වැඩසටහනක් මේක. බෙයාර් මෙ ස්ථාන සියල්ලටම වාගේ ලඟා වන්නේ ගුවනින්. පැරචුට් එකක් මගින්. මේ ගුවනින් ඔහු බසින හැම වෙලාවකම මට ගුවන් කරණම් මතක් වෙනවා. ඒ එක්කම මම ගුවන් කරණම් කරපු ආකාරයත් මතක් වෙනව. ඔව් ඔබට බ්ලොග් ලියන සුදීකයා එකම එක වතාවක් ගුවන් කරණමක් සඳහා ඉදිරිපත් වෙලා තියෙනව. ඔබට පුදුම හිතෙනවද ? නැත්නම් මේ යකා නොකරන මගුලක් නෑනේ කියල හිතෙනවද ? හොඳයි දැන් දිග හැරෙන්නේ සුදීකගේ ගුවන් කරණම ගැන මතකය.
ඒ 1983 වර්ෂයයි. අප්‍රේල් සිංහල අවුරුදු නිවාඩුවට අපේ පුරුද්දක් තිබ්බා බයිසිකල් වලින් තරමක් ඈත ඉන්න මිතුරන්ගේ නිවෙස් වලට යන. ඉස්සරම නම් ගියේ පයින්. ඒත් දනුෂට හා ජගත්ට බයිසිකල් දෙකක් එයාලගේ දෙමව්පියෝ අරන් දීල තිබ්බ. ජගත්ට තිබ්බේ චොපර් එකක්. ඒ ශිෂ්‍යත්වය සමත් වීම වෙනුවෙන්. දනුෂට තිබ්බේ ඒෂියා බයික් කියන ස්ටෑන්ඩඩ් බයිසිකලයක්. වෙන විදියකට කිව්වොත් නිකං බයිසිකලයක්. ජගත් ඉන්නේ තරමක් ඈතින්. ඒත් දනුෂගේ ගෙදරට අපේ ගෙදර ඉඳල තිබ්බෙ මීටර් දෙසීයක් විතර. හැබැයි අපි පරන පාර කියන අතුරු පාරේ හිටියට දනුෂ හිටියේ ගාළු පාරේ. මට ඒ කාලේ ගෙවල් කිහිපයකට යන්න පූර්ව අවසරය තිබ්බ. ඒ සම්පත්, දනූෂ සහ ජගත්ගේ නිවෙස් වලට. දනූෂ කියන්නේ සම්පත්ලගේ ලොකු තාත්තගේ පුතා. සම්පත් කිව්වේ පාරේ ගෙදර මල්ලී කියලා. අපි දෙන්නා බොහේ දිනවල හවස් වරුවේ දනුෂලාගේ ගෙදර යනව. එහේ කැරම් බෝඩ් එකක් තියෙනවා. අපි හැමදාම සෙල්ලම් කරනවා.
මෙහෙම ගිය දවස් වලට අපි ගෙදර එන්න රෑ පිටත් වෙන්නේ. එදා අපි යන ගමන් හොඳ වැඩක් සෙට් කරගෙන ගියේ. ඒ හඳුන්කූරක රතිඤ්ඤයක් ගැට ගහල හඳුන් කූර පත්තු කරගෙන. එහෙම ගෙනිහින් දනුෂලාගේ තාප්පේ අයිනෙන් තියලා අපි කැරම් ගහන්න පටන් ගත්තේ. අපි කැරම් ගහන තැනට දනුෂලාගේ අක්කල දෙන්නත්, අමම් තාත්තත් එනවා. ඔහොම කැරම් ගගහා ඉන්නකොට අපි අටවපු උගුල වැඩ කරා. අපි දෙන්නා හොඳටම හිනා. අක්කල දෙන්නා පාපුවේ අත තියාගෙන. මේක අපේ වැඩක් කියල නිකංම මාට්ටු. එදා අපි හිටියේ හරිම සංන්තෝෂයකින්. හවසට තේ බීලා ඉවර වෙලා අපි එන්න ලෑස්ති වුනා. දනුෂ කවදත් වගේ ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනා අපිව ඇරලන්න. පාරෙන් අනිත් පැත්තට බයිසිකලය දාලා, ඉස්පිරිතාලෙට යන පාර ගාවදි තමයි අපි දෙන්න නැගේ. සම්පත් පොල්ලේ, මම හැඬල් එක උඩ. එහෙම හැඩල් එක උඩ යන්න ඒ කාලේ අපේ පළාතෙම හිටිය දක්ෂයා මම කිව්වොත් හරි. මොකද මම ඒ කාලේ බොහොම කෙසඟයි. පොඩියි. ඕන කෙනෙක්ට මාව තියාගෙන පදින්න පුළුවන්. අපේ පාරට හරවන්න යන්න තියෙන්නේ මීටර් අසූවකට වගේ දුරක්. ඒ වුනාට දනුෂ හරීම වේගෙන් පැද්ද. අපිටත් හරි සතුටුයි. වමට හරවනවාත් එක්කම මට දැනුනා මාව උඩු ගුවනේ පා වෙලා යනවා. ඇත්තටම මම අඩි තුනහමාරක් විතර උඩින් ගිහින් පාරට වැටෙනවාත් එක්කම අත් දෙක බිමට තියලා ඔළුව වදින එක බේර ගත්තා. ඒත් මට දැනුනා මගේ නලලේ වම් පැත්තයි, වම් උරහිසයි පාරේ ඇතිල්ලීගෙන යනවා. මම නැගිට්ට. එතනට කට්ටිය වට වුනා. සම්පතුයි දනුෂයි දුවගෙන ආවා. ගුණදාස මුදලාලි ඇතුළු පවුලේ සියළු දෙනා ආවේ.
"මෙහෙම හයියෙන් යන්වද ළමයෝ" කියාගෙන.
"අපි හිතුවේ ඉස්කෝලෙ මහත්තයගෙ පුතා ඉවරයි කියලා. හොඳ වෙලාවට හීරිලා විතරයි ඒත් ලේ ගලනව නේද ? යමු ඉස්පිරිතාලෙට"
එතකොටම දනුෂ ඉදිරිපත් වුනා
"නෑ මම අපේ අම්මට කියල බෙහෙත් ටිඅකක් දම්මන්නම්"
දනුෂලාගේ අම්ම වැඩ කලේ නර්ස් කෙනෙක් විදියට. මගේ මුළු ඇන්ඟේම වැලි, කටෙත් එක්ක. අනේ මගේ අලුත් ටී ෂර්ට් එක. ඒකත් ඉරාගෙනම තමයි මගේ කර හීරිලා තියෙන්නේ. මුනේ පැත්තක් නෑ වගේ තමයි මට දැනුනේ. ඒත් මම අඬන්නෙ නැතුව ඉවසගෙන හිටිය. ඒත් අද ගෙදර ගියාම කන් දෙක පිරෙන්න හම්බවෙයි. මේ වෙනකොටත් ගමේ බොහෝ පිරිසක් දනුෂලාගෙ ගෙදර ගාවට වට වෙලා. ඒ සෙනග පීරගෙන ආපු අපේ අක්කා මගේ අතින් අල්ල ගත්තා. ඒ වෙද්දි මගෙ තුවාල වලට බෙහෙත් දාල ඉවරයි. සර්ජිකල් ස්පිරිට් දාද්දි මට චූ යන්න ආව, කාගෙන හිටිය. හෙට ඉඳල ඉතිං පාරෙ ගිහින් ඉවරයි. දනුෂලාගෙ ගෙදර දැන් ගමේ කට්ටියගෙන් පිරිලා. අක්ක මගේ අතින් අල්ලගෙන ගෙදර අරන් ගියා. අම්ම මොනවත් නොකියාම මගේ ඔළුව අත ගාලා කුස්සිය පැත්තට ගියා. දැන් අර වට වෙලා හිටිය සෙනග අපේ ගෙදරට පෙරහැරක් වගේ ඇවිත් මට හොඳටම දාඩියත් දාලා. ඇඳේ හාන්සි කරල ඉන්නවා. මගේ නංගියි මල්ලිලා දෙන්නයිත් මගේ කකුළ් දෙක ගාව. මගේ කටේ තියෙන වැලි ටික තමයි ලොකුම ප්‍රශ්ණේ. එතන විස්සකට වඩා වැඩි පිරිසක් හිටියා. මට ඕන වෙලා තිබ්බේ මම ඇඳන් හිටිය කොට කලිසම ගලවල සැහැල්ලු ඇඳුමක් දා ගන්න. මේ ඉන්න සේනාවටයි වටවෙලා අහන ප්‍රශ්ණයි, දෙන උපදෙසුයි මට මහ වදයක් වෙලා තිබුනේ.
"පලයව් සේරම මෙතනිං"
කියල මම කෝපයෙන් කියන ගමන් පයින් ගැහුවා. ඒක වැදුනේ අපේ නංගිගේ යටි බඩට. කෙල්ල අඬාගෙන යද්දි මට මාර දුකක් ඇති වුනා. අදටත් ඒ සිද්දිය මතක් වෙද්දි මට දුකයි. මම අක්ක එක්ක රංඩු සරුවල් වුනාට නංගිටයි, මල්ලිලා දෙන්නටයි ගහන්නේ කලාතුරකින්. එහෙම ගහපු සිද්දිත් මතක් වෙනවා. එතකොට මට මාර දුකක් ඇති වෙනවා.
ප.ලි.: නරක නෑ නේද මම ගහපු ගුවන් කරණම. එතනදි ඇති වෙච්ච වේදනාවට වඩා මගේ හිතේ ඇති වෙච්ච වේදනාව තවමත් තීනවා නංගිට ගහපු එක ගැන. එම ගුවන් කරණම් දර්ශණය ඇසින් දුටුවෙකු පසුව පැවසූවේ "සුදීකයා දිවි ගලවාගෙන ඇත්තේ පූරුවේ වාසනාවකට" බවයි. එහෙනම් ඉතිං ඇවිද්ද පය ...... එහෙම එකක් අද දකින්න නැති වෙයි.
පසුදින ඵලවූ පුවතක් : පසුව කල විශ්ලේශණයකින් පැහැදි ලි වූ ආකාරයට, සුදීක අහසට විසි වී ඇත්තේ බයිසිකලයේ බ්‍රේක් පද්දති ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමෙනි. එසේ වන්නට හේතු වශයෙන් දක්වා ඇත්තේ, බයිසිකල් වල බ්‍රේක් ඉතා තදට තිබෙන විට, හැරවීමේදී බ්‍රේක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවයි. සිද්දිය සිදු වූ ස්ථානයේ තිබී සොයා ගන්නා ලද කළු පෙට්ටියෙහි පටිගත් වී තිබූ දසුන් මගින් මෙය වඩාත් තහවුරු වන බවද, සාමාන්‍යෙන් කෙරෙන්නේ අහසේ සිට පහලට වැටෙන ගමන් ගුවන් කරණම් ඉදිරිපත් කිරීම වුවද, සුදීකගේ ගුවන් කරණම පහල සිට ඉහලට ක්‍රියාත්මක වූවක් බැවින් මෙය වඩාත් සුවිශේෂී වන බවද ගිනස් වාර්තා උපුටා දක්වන ලංකා පුවත් සේවය සඳහන් කරනවා.
පින්තූරය ගත්තේ : http://sherrymeneley.com
හික්ස් පට්ට සිද්දියක් නොවැ වෙලා තියෙන්නේ.ඔහොම දේවල් වුනාම විලි ලැජ්ජාවේ සන්තොශේ බැහැ.ඔය විදියට මාත් ගුවන් කරණම් ගහලා තියෙනවා ඈ.
ReplyDeleteමම බයිසිකල් පදින්න පුරුදුවෙන දවස්වල තව කොල්ලෙක් මට වෙට්ටුවක් දාන්න ඇවිල්ල මගේ බයිසිකලේ වැදිලා ඔය ජාතියේ ගුවන් කරනමක් ගැහුවා.
ReplyDeleteපොරට සිහිය ආවෙ දවස් 3කට පස්සෙ.....හුග දෙනෙක් හිතුවෙ මිනිහට බඩු හරි කියලා මාව හොදටම බය කරල තිබුණෙ, වාසනාවට මොකුත් වුනේ නෑ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ReplyDelete@නිශාන් : අම්මපා එහෙනම් මං විතරක් නෙවෙයි ගුවන් කරනම් කාරයෙකුට් ඉන්නෙ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@සුමිත් : ඒක නිසා අපිටත් ටිකක් බයයි ඔයාගෙ බ්ලොග් එකට කමෙන්ට් දාන්න. මොකද ඔයත් එක්ක හැප්පුනොත් සිහිය එන්නේ දවස් 3-4කට පස්සෙනේ. ඔයාගේ "ප්‍රහාරය" ඒ තරමටම දරුණුයි වගේ. බලාගන්න බැරියැයි ඉස්සරහට කෙරුවාව.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හ්ම්ම් නියමයි ගුවන් කරණම් ..
ReplyDelete~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ReplyDelete@හිරුහිමාවි : නියමයි, නියමය දැනෙන්නේ පහුවදා උදේට.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ කථාව කියවපුවාම මට මතක් වුනේ සිරා වංගුවක් කෙලින් කරලා අලුත වපුරපු කුඹුරක් මතට බයිසිකලය සමග පත බෑවිච්ච සිද්ධිය... ඉස්සරහ දවසක පෝස්ටුවක් බවට පත්වේවි... එපේ දිහාටත් ගොඩවැදිලා යන්න එන්න වෙලාවක...
ReplyDelete~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ReplyDelete@සිරා : කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව එහෙනං ඕං :D එනවා අනිවාර්යෙන්ම.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හෙහ් හෙහ්... බ්‍රේක් හිරවුනොත් සොරි තමයි.
ReplyDelete~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ReplyDelete!@රාජ් : ඔයාටත් එහෙනම් එහෙම වෙලා තියෙනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මම මේ විදියේ ගුවන් කරණං ගොඩාක් ගහල තියෙනවා. මාත් එක්ක හිටපු එකා පාලමෙන් පහලටම එකක් ගැහුවා. මම පාලම ගැට්ටේ
ReplyDeleteoya wage guwan karanam apith ona tharam aniwa. !!! eth thama atha paya parissamata thiyan innawa.
ReplyDeletejaya..
mage illima paridi web lipina namawaliaya ekathu kala obata thuthi.
කරණං සුදීක
ReplyDelete~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ReplyDelete@අසරණයා: මේ පොස්ටුව දැමීමේ වටිනාකම මට දැන් තේරෙන්නේ. බැලුවාම හැමොම වගේ ගුවන් කරනම් ගහල තියෙනවනේ. එතකොට ඔයාගේ එක ගුවන් + නාවික කරනම්.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@rashod : එහෙමද ?
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@අටම්පහුර : මරණං ආසන්නං.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නියම කරනම. මම හිතන්නේ තව ටිකක් එහා මෙහා උනා නම් දත් සෙට් එකක් ගේන්න වෙනවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@Manoj Priyankara : අනිවා. සවලකින් තමයි එකතු කරන්න වෙන්නේ. අද නේද මුලින්ම ආවේ? ස
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහි හි මටත් ඔහොම සිද්දියක් නම් වෙලා තියෙනව.මමයි තව මගේ යාළුවෙකුයි අංශක 30ක පල්ලමක ආපු බයිසිකලේ, කන්ද පල්ලමේ නවත්වල තිබුන වෑන් එකක පාර පැත්තට ඇරිය දොරක වැදුන.මීටර් 3ක් හරි 4ක් විතර පිහෑබුව මතකයි.
ReplyDelete